Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2334 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share
Go down
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1472
GetReal Gold : 8878
Member Since : 2013-05-31

සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි ....................... Empty සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි .......................

on 2015-02-03, 11:26 pm
Message reputation : 100% (4 votes)
මම මෙහෙම දෙයක් දාන්න හිතුවේ මේ සම්බන්ධව කට්ටියගේ අවධානය යොමු කරවන්න ඕනේ නිසා .මම කෙලින්ම කාරණාවට බහින්නම් , කෙනෙකුගේ ජිවිතයට සම්බන්ධ කරනා ඒ කෙනාගේ හැඟීම් හා ප්‍රශ්න පිලිබඳ දල අවබෝදයක්වත් නැතිව තමන්ට ඕනේ විදිහට  කතාවක් හදල එක වටේ  යවන එක මම දකින ඉතාමත් පහත්ම ක්‍රියාවයි . එහෙම කියන්නේ ඒවගේ දේවලින් අසරණ වෙච්ච් අය අපි අතරම වේදනා විඳිමින් ඉන්න නිසා !


සමහර වෙලාවට තමන්ගේ අභිමතාර්ථයන් කෙනෙක් ගෙන් ඉටු කරගන්න බැරි උනහම ඒ කෙනත් එක්ක වයිර බැඳගෙන ඉතාම පහත් විදිහේ කතා හදනවා. කණගාටුවෙන් උනත් කියන්න ඕනේ ඒ වගේ කතා වලට තටු ලැබෙන්නේ බොහොම ඉක්මනින් , ඒ වගේම ඒ කතාවල බර තවත් වැඩිවෙනවා කාලයත් එක්කම !


හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැනේ , ඒවගේම ඒ දුම එන්න ගින්න ඇති උනේ කොහොමද කියලත් අපි දන්නේ නැනේ ! එක නිසා කෙනෙක් කිව්වා පලියට දෙයක් විශ්වාස කරන්න එපා ! මොකද ඒ කතවට ලක් වෙන කෙනා තමන්ගේ හොඳ යාලුවෙක් වෙන්න පුළුවන්නේ ! මොකද මට එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ද උනා ! මම ඔහුව අවිශ්වාස කළා . එත් අන්තිමට ඇත්ත එලියට අවහම මට ඒ මනුස්සයාගේ මුණ බලන්න ලජ්ජා හිතුන ! නමුත් ඔහු මව තේරුම් අරගෙන කතා කරපු නිසා ! අදටත් අපි හොඳ යාලුවෝ !



මම කැමතියි මේ සම්බන්ධයෙන් අනික් අයගේ අදහසුත් දැනගන්න !
Rashmika
Rashmika
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 28
GetReal Gold : 3515
Member Since : 2014-11-14

සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි ....................... Empty Re: සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි .......................

on 2015-02-04, 7:27 pm
Message reputation : 100% (4 votes)
මේ මට හිතෙන විදිය කසුන් අය්යෙ

මෙහෙම සිද්ධියකදි කථාවෙ කථානායක හැරුණම අදාළවන පාර්ශව දෙකයිනෙ.
 1. කථාවෙ නිර්මාතෘ  හෝ ප්‍රචාරක තැන
අනුකම්පාව හිමි විය යුතු කොටස​. ප්‍රචාරය කරන්නෙ ඇත්තක් උනත් බොරුවක් උනත් ඒ හැසිරීම පැහැදිලිවම මානසිකත්වයේ සහ පෞරුශත්වයේ දුර්වලකමක්.

  2. කථාව අසන්නා
කථාව අසන්නා තමයි වැදගත්ම. කෙනෙක් තව මනුස්සයෙක් ගැන ඔය විදියෙ කථාවක් අපි එක්ක කියද්දි ඒ කියන මනුස්සයට අපි ගැනත් කථාවක් තව කෙනෙක්ට කියන එක ලොකු දෙයක් නෙවෙයි කියලා මතකෙට එනවනම් ඒ දේ ගොඩක් වටිනවා. එහෙම උනාම කථානායකයාව විනිශ්චය නොකරන්න අපිට අමතර උත්සහයකින් තොරවම හැකියාව ලැබෙනවා.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 10156
Member Since : 2013-01-26

සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි ....................... Empty Re: සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි .......................

on 2015-02-05, 3:21 pm
thumbup thumbup


Last edited by Siyapath on 2015-02-05, 3:22 pm; edited 1 time in total (Reason for editing : repeating the content)
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 10156
Member Since : 2013-01-26

සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි ....................... Empty Re: සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි .......................

on 2015-02-05, 3:21 pm
Message reputation : 100% (5 votes)
මේ වගේ සිද්ධි සමකාමී සමාජයේ බහුලවම දකින්න ලැබෙන දෙයක් කසුන්.
මම නම් මේ වගේ සිද්ධි බර ගාණකට මුහුණදීල තියනවා.
1. අනිත් අය සම්බන්ධව කතාල තියනවා.
ගොඩක් වෙලාවට මේවා පෞද්ගලික හේතු උඩ​, තරහට වගේ දේවල් වලට වෙන්නේ. හොඳම දේ තමයි පිළිගන්නත් එපා, පිළිනොගන්නත් එපා. ඔයා ආශ්‍රය කරණ කෙනා ගැන ඔයාම තමයි ඉමේජ් එකක් හදාගන්න ඕනි. හැබැයි හොඳටම රඟපාන්න පුළුවන් අය අපි අතර නැතුවම නෙවි. ඒකයි කිව්වේ, පිළිගන්නත් එපා පිළිනොගන්නත් එපා කියලා.
පොඩි උදාහරණයක් දෙකක් දෙන්නම්.
i) මම දන්න කෙනෙක් දවසක් මැජෙස්ටික් සිටි එකේදී, ශොප් එකක් ලඟට මාව එක්ක ගිහින් ඒකේ වැඩ කරන කෙනෙක් පෙන්නල කිව්වා ඒ කෙනාට ඒඩ්‍ස් තියනවලු කියලා. වැඩේ කියන්නේ ඒ කෙනාව මම ලඟින්ම දන්න කෙනෙක්. මම අරූට කිව්වා මචං ඉතින් අපිට මොකද කියලා. පස්සේ බලපුවාම මේකුන් ගොඩක් එවුන්ට ඒ කථාව කියලා පතුරුවලා. පස්සෙ ඇත්ත සිද්ධිය හොයා ගත්තා අපි. ඒ ශොප් එකේ වැඩ කල අයියා ගෙන් කෙනෙක් යාළුවෙන්න අහල තියනවා. ඒකට එයා කැමතිවෙලා නැහැ. ඒකට ඒ ඇහුව කෙනාගේ යාළුවෙක් දුන්නු ඇටෑක් එක තමයි මේ, පස්සේ ඒ යාළුවෙන්න ඇහුව කෙනාමයි අපිට ඇත්ත විස්තරේ කිව්වෙ.

ii) අපි දන්න කෙනෙක් හිටියා. අපේ සෙට් එකේමයි හිටියේ. ගොඩක් අය එයා ගැන ගොඩක් කතා කිව්වා. අපි ඒ එකක් වත් විශ්වාස කලේ නැහැ. එයා යාළුවෙලා හිටියේ අපේ සෙට් එකේම කොල්ලෙක් එක්ක​. පස්සේ සමහර සිද්ධි අතටම මාට්ටු වෙද්දි තමයි එයා ගැන අනිත් අය කිව්ව හැම දෙයක්ම ඇත්ත කියල අපි දැන ගත්තේ.

ඒ නිසා මිනිස්සු ආශ්‍රය කරන එක බුද්ධිමත්ව කරන්න ඕනි. ආශ්‍රය කරන හැම කෙනෙක්ම යාළුවො කියන ගොඩට දාගන්න එපා. යාළුවො කියල එක කොටසකුත්, අඳුනන අය කියලා තව කොටසකුත් ඔයාගේ ජීවිතේ ඉන්න ඕනි. නැත්නම් ප්‍රශ්න ගොඩයි.

2. ඔයා ගැන පතුරුවන කතා. 



චුට්ටක් වත් කලබල වෙන්න එපා. කථාව ඇත්ත නම් ඔව් කියන්න මැලිවෙන්න එපා. ඔයා සමාජෙට බොරුකල කෙනෙක් නෙවි කියන අභිමානය ඔයාට තියනවා. කථාව බොරු නම් උත්තර දෙන්න මහන්සි වෙන්නත් එපා. ඔයාගේ යාළුවෙක් ඔයාට ඒක කිව්වොත් එයාත ඇත්ත පැහැදිලි කරල දෙන්න​. අනිත් අයට පැහැදිලි කරන්න මහන්සි වෙන්න එපා. මම නම් ඇති තරම් කථා අහගෙන තියනවා. එහෙම සිද්ධියකටත් පොඩි උදාහරණයක් දෙන්නම්.
මම මගේ ඒ කාලෙ හිටිය බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක එකතුවෙලා සමූහ ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙනවා කියලා තමයි ඒ පතුරුවල තිබුණු එක කටකථාවක්. සිද්ධියේ සුලමුල සහ හේතු කාරණා සියල්ල මම හොයා ගත්තා. ඒත් කොහෙවත් යන මිනිස්සුන්ට ඒ ඔක්කොම පැහැදිලි කරන්න තරම් අමාරුවක් මට තිබුණේ නැහැ.
ඉතින් මම හරිම සරල උත්තරයක් දුන්නා.
"හරි දැන් ඔය කථාව ඇත්තයි කියමුකෝ. මට හොඳයි නම්, මගෙ බෝය් ෆ්‍රෙන්ඩ් ට හොඳයි නම්, ඒ එනවා කියන එවුන්ටත් ප්‍රශ්නයක් නැත්නම් උඹලට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද​? මම උඹලට එහෙම ඒවට එන්න කිව්වේ නැහැනේ" කියලා.

හැම වෙලාවකම තමන්ට වටිනාකමක් දෙන්න කසුන්. ඔබ නිවැරදියි නම්, ඔබ ඒ සිද්ධිය සම්බන්ධව පිරිසිදුයි හෝ ඔබට සාධාරණ හේතු තියනවා නම්, ඔබේ යාළුවෙක් වුණත් ඔයාව පහත් කරනවා නම් හරි, ඔයා ගැන වැරදි ආරංචි පතුරවනව නම් එයාව ඈත් කරන්න මැලි වෙන්න එපා. මොකද එහෙම අය ලංකරගෙන ඉන්න එකෙන් ඔයාට හොඳක් වෙන්නේ නැහැ.
අනිත් ඔක්කොටම වඩා, සාමාන්‍ය මිනිස්සුන්ටත් වඩා ගේ අය අතර අනිත් අය ගැන බොරු කටකථා පැතිරවීම් බහුලයි. ඔබත් මමත් ඔහුත් ගේ වුණ පලියට ඒ කෙනාව එක සැරේටම තමන් ගේ ගොඩට දාගන්න එපා. ඕනවට වඩා විශ්වාස කරන්න එපා. මම උදාහරණ දුන්නේ ගේ රිලේටඩ් සිද්ධි අරගෙන වුණාට ගේ වේවා, ස්ට්‍රේට් වේවා ඕනිම සමාජයකට  මේක අදාලයි.
මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඕනි පරිස්සමින්. විශ්වාස කරන්නත් එපා, විශ්වාස නොකරන්නත් එපා
samitha
samitha
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 3608
Member Since : 2015-01-25

සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි ....................... Empty Re: සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි .......................

on 2015-02-06, 12:00 am
Message reputation : 100% (5 votes)
කසුන්, මමත් ඔයාට පුංචි අදහසක් දෙන්නම්...

කවදාවත් ඔයාගේ ජීවිතයේ වැදගත්ම, ඔයාගෙම කෙනෙක් හැර වෙන කිසිම කෙනෙක් කියන දෙයකට වටිනාම තැනක් දෙන්න එපා. කොහෙත්ම කිසි වටිනාකමක් දෙන්න එපා. හේතුවක් ඇතුව හෝ නැතුව සමහරු කරන්නේ අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලට බලපෑම් ඇති කරන එක. සමහරුන්ට එක විනෝදයක්, සමහරුන් ඒක ඒගොල්ලොන්ගේ මානසික අසහනය නැතිකරගන්න කරන දෙයක්. යම්කිසි කෙනෙක් ගැන මොකක්හරි කතාවක් පතුරුවලා හරිම මෝඩ වින්දනයක් ලබන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒක කතාව ඇත්තක් වෙන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන්, ඒක ඒ අයට වැඩක් නෑ.

ගොඩක් වෙලාවට කෙනෙක්ගේ පුංචි හරි දුර්වලකමකින් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු වගේම විනෝදයක් ලබන මිනිස්සු ගොඩක් අපි අතර ඉන්නවා, එක නිසා අපි කරන කියන හැම වැඩක්ම හොඳ කල්පනාවෙන් කරන්න ඕනේ. විශේෂයෙන්ම මිනිස්සු ආශ්‍රය කරද්දී අපිට කාල බලන්න බෑනේ කොහොම අයද කියල, ඒකනිසා කෙනෙක්ට විවෘත වෙන්න හදිස්සි වෙන්න එපා. ටිකක් කල් අරගෙන, මනුස්සයව තේරුම් අරන් ලංවෙන්න.

අනිත් දේ, ඔයාගේ ජීවිතයට කිසිම අයුරකින් වැදගැම්මකට නැති කිසිම කෙනෙක් කියන දෙයකින් වැටෙන්න එපා, ගණන් ගන්න වත් එපා. මොකද ඒ මනුස්සයට ඒක එක ආරංචියක් නැත්නම් කතාවක් විතරයි. නිහඬව ඉඳල කාලයට ඉඩ දෙන්න. අපි කලබල වෙලා විසඳන්න හදන ගොඩක් දේවල් වලට වඩා, නිශ්ශබ්දව ඉඳල විසඳෙන දේවල් වලින් අපිට ලැබෙන සැනසීම වැඩියි, මේක මම අත්දැකීමෙන් විඳපු දෙයක්. ඒක නිසා කලබල වෙන්නේ නැතුව හෙමින් සීරුවේ ඔයාගේ ජීවිතයට වැදගත් දේවල් තෝරලා බේරලා ලගින් තියාගන්න, අනිත් දේවල් දකුණු කනෙන් අහල වම් කනෙන් එලියට දාන්න. smile  


නිතරම හිතේ සතුටින් ඉන්න බලන්න, මොකද අපි හොඳට අපේ ජීවිත අධ්‍යනය කලොත් තේරෙනවා අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුටින් ඉන්න නේද කියලා. ඒක නිසා පුළුවන් හැම වෙලාවකම පුළුවන් විදිහට තවකෙනෙක්ට සතුටින් ඉන්න කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න, මොකද අපි කවද හරි තනි වුනු දවසක, අපේ ජීවිතය ගැන නැවත හිතල බලද්දී අපේ අත්මතෘප්තියට ඒක ලොකු රුකුලක් වෙනවා! smile


මට අන්තීමට කියන්න තියෙන්නේ... ඔයාට යමක් කරන්න ඕනේ කියල හිතුනොත්, ඒක හරි හෝ වැරදි හෝ කරන්නම ඕනේ කියල හිතෙනවනම් සහ ඒකෙන් ලැබෙන ප්‍රතිපලය මොකක් වුනත් බාරගන්න ලැස්තිනම්, ඒක කරන්න. මොකද ඕක ඔයාගේ ජීවිතය! හරිගියත් වැරදුනත් ඔයාට ඕනේ දේයි ඔයා කලේ කියන හැඟීම, ආත්මාභිමානය ඒකෙන් ඔයාට ලැබෙනවා...!  thumbup


Last edited by samitha on 2015-02-06, 12:18 am; edited 1 time in total (Reason for editing : Final, but most important bit... ;))
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 5996
Member Since : 2013-03-28

සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි ....................... Empty Re: සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි .......................

on 2015-02-06, 9:46 pm
Message reputation : 100% (4 votes)
හිතවත් කසුන් අයියේ,

ඇත්තටම මම මේ පෝස්ට් එක දැනුයි දැක්කේ...මම වැඩිය discussion වලට සම්බන්ධ නොවුනට මේක දාන්න හිතුවේ මමත් හොඳට මට්ටු වෙලා තියෙන නිසා ඔය වගෙ කතන්දර වලින්....මට හොඳනම් අනිත් උන්ට මොකද ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ...කාටවත් වැරැද්දක් කරන්නේ නැත්නම්,තමන්ගෙ හෘද සාක්ශියට එකඟව ජීවත් වෙනවානම් සහ තමන් විශ්වාස කරන අය තමන්ව විශ්වාස කරනවානම් ඒ හොඳටම ඇති අයියේ.
තමන්ට අවශ්‍ය දෙයක් කෙනෙක්ගෙන් ලබා ගන්න බැරි උනාම පෙලක් අය ඔහොම කතන්දර හදනවා,තවත් අය ඊර්ශ්‍යාවට කතන්දර හදනවා,ඒකෙන් වෙන්නේ කතන්දරේට අදාල පුද්ගලයාට ප්‍රශ්න ගොඩක් ඇති වෙන එක විතරයි.

හැබැයි ඒවා ඇත්තටම ප්‍රශ්න බවට පත් වෙන්නේ ඒකට අදාල කෙනා ලඟින් ඉන්න අයට,විශ්වාසය සම්බන්ධ ප්‍රශ්නයක් ඒක.තමන් වටේ ඉන්න අය තමන්ව විශ්වාස කරනනවනම් සහ තමන් ඒ අයට අවංකව ඉන්නවානම් ඊට වඩා දෙයක් අවශ්‍ය නැහැ අයියේ..අත්දැකීමෙන් කියන්නේ...තටු ආපු කතන්දර ගොඩාක් මගෙ ගැනත් ගොඩක් අය අහලා ඇති.අදාල කෙනාගෙ නම කැත වෙනවා,එයාට අපහාස වෙනවා...ඒව ඉතින් අයියේ මනුස්ස ජීවිතේ අපිට අඩුවක් නතිව ලැබෙන දෙයක්නේ....මට වටින මිනිස්සු මාව විශ්වාස කරා නම් ඒ ඇති...පවු ඉතින් එහෙම කතන්දර හදපු අය...හොඳවිදියට අපි ජීවත් වෙනවානම් කැලෑ පත්තර ගැහුවත් මිනිස්සුන්ගෙ ජීවිත අවුල් කරන්න බැහැ කාටවත්...කොහොම උනත් ගොඩක් වටිනවා ඔය මේ වගෙ දෙයක් කියපු එකත් ...මොකද ගොඩක් අයට ජීවිතේ විඳින්නවෙන අමිහිරි අත්දැකීමක් ඔයා මාතෘකාවට ගත්තේ....
Anonymous
Guest
Guest

සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි ....................... Empty Re: සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි .......................

on 2015-02-07, 6:09 pm
ඔක්කොම ගොඩක් දෙවල් කියලා තියෙනවා නෙ කස්සො .. මාත් පොඩ්ඩක් කියන්නම් !


සියා කියපු දෙටයි ජිත් කියපු දෙටයි මන් එකගයි..අපි දෙයක් කරානම් කෙලින් පිළිගත්තම අපිට ලැබේන්නෙ අත්ම අභිමානයක් .. එ වගෙම තම සැනසිමක් .. එ වගෙම තාම අපි නොකරපු වරදක් හරි කරපු දෙයක් වෙන විදියකට හරි පතුරනවා නම් අපි එච්ච්ර කලබල වෙන්න ඔනි නැහැ ...( අදළ දෙ පැතිරවිම තුළ මුල් දවස් වල මොන සක්කරය කිව්වත් හිතට කලබලයි hello  ) .. එ වගෙම කිසිම කෙනෙක්ට බලෙන් තමන් හරිද වැරදිද කියල දෙන්න යන්න ඔනි නැහැ .. මොකද අපි කොච්චර නොහිතුවත් ඇත්තටම කාලය කියන සෙක්සි කොල්ලා හැමදෙම නියම විදියට විසදනවා ... 




(ජිවිත අත්දැකිම් තුලින් දුන් ඔවදන් කිහිපයකි !)
(පිස්සු කෙලින්න හොද තැනක් නෙවෙයි .. එහෙත් මේ සියා මගෙ පාට ගන්න එපා හරිද curse )
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 414
GetReal Gold : 5304
Member Since : 2013-10-18

සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි ....................... Empty Re: සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි .......................

on 2015-02-13, 5:50 pm
Message reputation : 100% (3 votes)
මුලින්ම කසුන් අයියාගෙන් සහ කියවන අයගෙන් අවසරයක් ඉල්ලන්න කැමතියි. කසුන් අයියා සීරියස් විදිහට දාලා තියෙන මේ සීරියස් මාතෘකාවට මම පිස්සුවෙන් වගේ මෙතන උත්තරයක් ලියයි. ඒක ගැන සීරියස් විදිහට නොහිතා අන්තර්ගතය පමණක් සැළකිල්ලට ගන්න විදිහට ඉල්ලනවා. 


මේකට මුකුත් කියන එක මම වුවමනාවෙන්ම දවස් කීපයක් පහු කළා. ඒ මොකද මේක දැක්කහම හිතේ කොහෙ හරි තැනක මේ ගැන ‍රැඳිලා තියෙනවා. එතකොට මේ ආශ්‍රිත දේවල් මට අහන්න ලැබෙනවා වැඩියි.


මේක නම් ඉතාමත් පොදුවේ දකින්නට ලැබෙන නමුත් එක විදිහට ගත්තොත් දරුණු ප්‍රශ්නයක්. එහෙම නේද?


හරියට එක වතාවක් බස් එකේ එනකොට මම කෙල්ලෙක්ට අත වනලා වුණා වගේ වැඩක්. hand  මගෙත් එක්ක යාළු වෙන්න ආපු (අනේ මම දන්නෙ නැහැ මේ කෙල්ලො කියන්නෙ thumbdown ) වෙන කෙල්ලෙක් ඒ කෙල්ලගෙ ගෙදර ගිහින් කියලා තියෙනවා ජයටම මඟුලක් යනවා කියලා. ඒ කෙල්ලගෙ අම්මා ගම වටේ කියලා මම කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් යනවා කියලා. ඉතින්.... කාලා හමාරයිනෙ.  help


හැමෝම වගේ කිව්ව විදිහට, අපි ගැන විශ්වාස කරන අය, අපි ගැන දන්න අය ඉන්නවා නම් ඒ වගේ කතා වලට වැඩි ආයුෂ නම් නැහැ. මගේ සිද්ධියත් අවසානයක් දැක්කෙ අන්න ඒ විදිහට.  hello


හැබැයි ඉතින් කොච්චර දැනගත්ත කෙනෙක් වුණත් එයාගෙ හිත ඇතුළේ තියෙන දේවල් කොහොමද කියලා කියන්න නම් අපිට බැරි වෙන එක ඇත්තටම මහා අවාසනාවක්. නැත්නම් ඉතින් මමත් දන්නවනේ දත් 32 කම පෙන්නගෙන මගේ ළඟින් අර කෙල්ලත් ඉන්නෙ මාත් එක්ක යාළු වෙන්න කියලා.  noidea


ඒත් මම ඒ ගෑණු ළමයාව තේරුම් ගත්තා. මගෙ හිතේ එයාට ඉඩක් නැත්තෙ ඇයි කියන එකවත් මම එයාට අකමැති කියන එකක්වත් මම පෙන්නන්න ගියෙ නම් නැහැ. තවත් යාළුවෙක් විදිහටම ළං වුණා. ඇත්තටම අර අත වනපු කෙල්ලටත් වඩා දැන් හොඳ යාළුවෙක්. (ළඟදි වහිනකොට කුඩේ යටින් එන්න කියලත් කිව්වා. thumbup )


අපි කරපු දේවල් කියපු දේවල් පිළිගන්න එක නම් ඇත්තටම හොඳ දෙයක් තමයි. ගොඩාක් ඉස්සරහට වෙන්න පුළුවන් අනවශ්‍ය දේවල් ඒකෙන් වළක්වගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි යාළුවො කට්ටියක් සෙට් වෙලා ‍ෆිල්ම් එකක් බලන්න රෙඩි වෙනකොට මට තිබුණේ කෙල්ලෙක්ට කතා කරගන්න. ඉතින් මගෙ කතා බහ අම්මාට ඇහිලා ඒක ගැන ඇහුවම ඇත්තටම මම නම් කෙළින්ම කිව්වා. මම කෙළින්ම කිව්වෙ, "ඔව් අම්මා ළඟම වාඩි කරවගෙන බලන්නෙ" කියලා. (බොරුවට නෙවෙයි. එහෙමම තමයි බලන්න වුණේ. lmao ) ඉතින් අදටත් ‍ෆිල්ම් එකක් බලන්න යනකොට අම්මා අහනවා අරයත් එනවද කියලා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ.


මේ වගේ ප්‍රශ්නෙකදි ඇත්තටම අපි කලබල නොවෙනවා නම් ඇත්තටම අපි ඉන්නෙ ඉතාමත් ඉහළ මානසික මට්ටමක වෙන්න ඕනෙ. ඇත්තම කියනවා නම් අපි ඕනෙම කෙනෙක් තරමක් හරි කලබල වෙනවා. ඒක ඇත්ත. (හොඳයි කලබල වෙනවා කියන එක නොගැලපෙනවා නම් ' ඩිම් ' වෙනවා කියන්නම්කො.) ඒත් අපි ඒ දේ ක්‍රියාවට නංවනකොට තමයි කලබල වෙන්න හොඳ නැත්තෙ. මොකද අපි ඇතුළු තවත් කීප දෙනෙක්ගෙ අනාගතය ඒ මත ‍රැ‍ඳෙන්න පුළුවන් නිසා.  bow


හැම වෙලාවකම ඔයාව විශ්වාස කරන්න. ඔයාගෙ හිත තරමක් පසුගාමී වෙනවා නම් දෙයක් හිතන්න, ඒ වෙලාවෙදි ඒ වගේ මානසිකත්වයක් යටතේ තීරණ ගන්න එපා. ටික කාලයක් අරන් හොයන්න. ඒ හොයන්න ගන්න ටික කාලය, දිග කාලයක හොඳ ප්‍රථිඵලයක් ගෙනත් දෙයි.  like


මට හොඳටම හයිලයිට් වුණ සියාගෙ පොඩි කෑල්ලකින් මම ඉවර කරන්නම්.


"මිනිස්සු ආශ්‍රය කරන එක බුද්ධිමත්ව කරන්න ඕනි. ආශ්‍රය කරන හැම කෙනෙක්ම යාළුවො කියන ගොඩට දාගන්න එපා. යාළුවො කියල එක කොටසකුත්, අඳුනන අය කියලා තව කොටසකුත් ඔයාගේ ජීවිතේ ඉන්න ඕනි. නැත්නම් ප්‍රශ්න ගොඩයි. "


(ඔව්. ඒක වැදගත්. Thank you )
Sponsored content

සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි ....................... Empty Re: සියල්ලන්ගේම අවධානය සඳහා කනගාටුවෙන් ලියමි .......................

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum