Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2089 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


කළුවර ඉරගල..

Share

descriptionකළුවර ඉරගල..

more_horiz
" />

Last edited by Tharuka Sithum on 2015-12-28, 10:53 pm; edited 1 time in total

descriptionපළමුවන දිගහැරුම..

more_horiz
කන්ද උඩරට මීදුම කොහොමටත් සීතල වැඩිය. වනය පිරී ඇත්තේ නොයෙක් කුරුල්ලන්ගේ සහ සතුන්ගේ ශබ්ද වලිනි. ඒවා එකිනෙකින් වෙන් කිරීමට ටිකිරා උත්සාහ ගනිමින් සිටියේය. කටු මැටි ගැසූ පිලේ වකුටු වී සිටි ඔහු උඩ ගොස් බිම වැටුණේ අප්පොච්චාගේ කෑ ගැසීමෙනි..

" ඈ යකෝ.. තෝ ඔහොම බුදිය බුදිය උන්නම අර හේන් යාය අස්වද්දන්නෙ මමද? බලාපල්ලකො කර දඬු උස් මාත් වෙච්චි ඉලන්දාරියෙක් පස්ස පැත්තට ඉර එළිය වැටෙනකල් බුදි ගන්න අපූරුව. නැගිටපන්. පයිණඩකාරයෙක් ඇවිල්ලලු ගම් මැද්දෑවට. පල. ගොහින් අහන් වර මොකෑ පයිණ්ඩෙ කියල.."

ටිකිරා මද්දුමයාගේ පොඩි පුතාය. මද්දුමයා හැම තැන ම කීවේ ටිකිරා රජ වෙන නැකතකින් උපන් එකෙකු බව ය. ගම්මුද ටිකිරාට දුන් අවධානය වැඩි වූයේ දිනක් හේනක් පාලු කරන්නට ආ කුලු මීමෙකු හා පොර බදා ඌ මෙල්ල කළ පසුය. ටිකිරා ශක්තිමත්ය.. යාන්තම් වයස විස්සක් පමණ වූවද ටිකිරාගේ පියාවත් මව වත් ටිකිරාගේ වයස කීමට නොදත්හ.. ටිකිරා උපන් පසු මද්දුමයා තම අඹුව සමග කායික සබඳතා පැවැත්වූයේ නැත. එයට හේතුව නම් ටිකිරා උපන් අවස්ථාවේ නැකැත් බැලීමට ගිය නැකැත් කරුවා සර්පයෙකු දෂ්ඨ කර මිය යාමත්, ටිකිරාගේ අම්මාට වින්නඹුකම් කළ අහළ ගම් හතට ම සිටි දක්ෂතම වින්නඹුව හේතුවක් නොමැතිව මියයාමත් , ටිකිරාගේ මව ඔහුගේ උපතින් පසු සත් මසක් සිහි නැතිව සිටීමත් නිසා, ටිකිරා ගමට සාපයක් වේ යැයි ගම්මු සිතූ නිසාය.

නමුත් කල් යත් ම ඔහු ගමේ අනෙක් තරුණයන්ගේ ඉරිසියාවට හේතුවක් වූයේ වාත්තු කළ දේව ප්‍රතිමාවක් වන් කඩවසම් ශරීරයත් කිසිවෙකු ඉදිරියේ නොනැමෙන මනා පෞරුෂත්වයත් එක්වර මද කිපුණු ඇතුන් සත් දෙනෙකු සමඟ වුව සටන් කොට දිනිය හැකි තරම් වූ කාය ශක්තියත් නිසාය. ගම්මුන්ට ඔහු ශාපයක් බව අමතක විය. ඉඳ හිට නිරුවතින් වැව් දියේ දිය කෙලින ටිකිරා දෙස යුවතියෝ සැඟවී බලා සිටියහ. උන්ගෙන් එකෙක්වත්, අඩු තරමේ විදානේ රාළගේ දුව වූ සුරූපී දෝන එමලිනා වත් ටිකිරා වසඟ කර ගැනීමට අපොහොසත් වූයේ ඇයි දැයි උනුන් ම කතිකා කළහ. ස්වභාවයෙන් ම උඩරට තරුණියන්ට උරුම සරාගී සුදරත්වය ඒ බොහෝ එකියන් තුල ඕනෑවටත් වඩා රැඳී තිබුණේය. ඒ නමුත් අනෙක් කොලු ගැටවුන්ට මෙන් ඒ යුවතියන් දිය කෙළිනු දුටු විට අමුතු හැඟීමක් ටිකිරාට ඇති වූයේ නැත.

එහෙත් ටිකිරා සමඟ එකට වැඩ කළ නාමලාගේ කාලවර්ණ ශරීරය දෙස ඇසි පිය නොහෙළා බලා ඉන්නට ටිකිරාට පුළුවන් විය. ඒ ඇයි දැයි කීමට ඔහු පොහොසත් නොවූවත් අමුඩය පිටින් නියරේ සිටගෙන වෙහෙස නිවන නාමලාගේ වැඩුනු නිරුවත් පපු පෙදෙසත් කලවා යුගලත් ටිකිරා තුළ ඇති කලේ අමුතු හැඟීමකි. "උඹ ඇයි ඔහොම බලන්නෙ?" නාමලා දිනක් ඇසූ විට ටිකිරා කල්පනා කරමින් සිටියේ ද එසේ සිතෙන්නේ ඇයිදැයි කියා ය. " උඹ ඔච්චර කලු වුණේ කොහොමද?" ටිකිරා ඇසුවේය.

ඇඟේ බර අනෙක් කකුළට දී ටිකිරා දෙසට හැරුණු නාමලා ඔහු දෙස බලා මෙසේ කීවේය " උඹ කිරි මැටි ගාල වගෙ... බණ්ඩාර හාන්දුරුවන්ගේ පොත්තෙ පාට උඹට තියෙන්නෙ. අපෙ අපොච්චගෙ කලු පාට තමා මට තියෙන්නෙ." ටිකිරා කිසිත් නොකියා හිනා වුණේය.

"උඹ කලු පාටට කැමතිදැ" යි නාමලා අසන විටත් ටිකිරා නියර දිගේ දුව යමින් උන්නේය.

descriptionRe: කළුවර ඉරගල..

more_horiz
thumbup

descriptionදෙවන දිගහැරුම..

more_horiz
ටිකිරා ගම්මැද්දට යන විටත් රජුගේ පණිවිඩකරු පැමිණ සිටියේ ය. ඔහු වටා ගැමියන් රැස් වී සිටියහ. ළමයින් වඩාගත් ගැහණු ද මඩ තවරා ගත් ගොවියෝ ද ඉඳ හිට ගමට පැමිණෙන වෙළඳුන් ද ඒ අතර විය. ටිකිරා සෙනග පිටුපසට වී සිටියේ ය. විදානේගේ දුව එමලිනා හදිසියේ පැමිණ ටිකිරා අසල සිටගත්තාය. ඈ හිතාමතාම ළැම මදක් නිරාවරණය වූ හැට්ටයක් ද වැඩ දැමූ පබළු මාලයක්ද පැළඳ සිටියාය. කිසිවක් නොවූ ගානට උකුසු බැල්මෙන් සෘජුව බලා සිටි ටිකිරාගේ අවධානය තිබුණේ පණිවිඩකරු වෙත ය. රජු අලුතෙන් හේවායන් බඳවා ගැනීමට තරඟයක් පවත්වන බවත් හොඳම හේවායන් තෝරාගන්න ගම් වලට විශේෂ වරප්‍රසාද හිමි වන බවත් පණිවිඩයෙන් කියැවිණි. ඒ වනවිට බටහිර ජාතික හමුදා වෙරළබඩ ප්‍රදේශ වල ආධිපත්‍ය ලබා ගැනීමට වෙහෙසෙමින් සිටියදී කන්ද උඩරටට ද හමුදා බලය තර කෙරෙමින් තිබිණි. පණිවිඩකරු පිට වීමත් සමඟ ගම්මු කතා වූයේ ටිකිරා ගැනය. නාමලා පැමිණ ටිකිරා සමඟ යන්නට ගියේය.
"විදානෙ රාළ උඹලැයි අපොච්චා මුණ ගැහෙන්ට ගියා. උඹව අපේ ගමන් හේවා තරඟෙට යවන්ට කතිකා කොරන හැඩයි " නියර බඳිමින් සිටි නාමලා එක්වර ම කීවේ ය. නගුල පසෙකින් තැබූ ටිකිරා නියර මත හිඳගත්තේය.
"මයෙ හිතේ කැමත්තක් නෑ බොල යන්ට. එහෙමයි කියල නොයන්ට හේතුවක් පෙන්නෙන්ට ඇත්තෙත් නෑ නෙව"
ටිකිරා මිමිණුවේය.
"මේ අහපන් ටිකිරෝ, ගමේ උන්දැල කියන්නෙ උඹ වාගෙ හයි හත්තිය තියෙන උන්ට බණ්ඩාර කුමාරයගෙ හමුදාවෙ විතරක් නෙවි, රාජ සබාවෙත් තැන තියෙනවලු. ඉතින් එහෙව් එකේ යන නොයන එක ගැන දෙතුන් පාරක් හිතන්ට ඕනැයි?"

ටිකිරා නැගී සිටියේය. ඔහු තනිව සී සෑ කෙත් යාය පේන තෙක් මානයේ විහිද පැවතිණි. අනෙක් ගැමි තරුණයින් කණ්ඩායම් ලෙස එක් වී සතියක් කරන වැඩ ප්‍රමාණය ටිකිරා තනිව එක දවසින් අවසන් කළේ ය. ඒ ශක්තිය, හීනටි හාලේ බත ඔහුට ලබා දුන් දෙයක් නොවීය. ඔහු උපතින් ගෙනා ශක්තියක් බව මද්දුමයා යළි යළිත් කීවේය.
පියාගේත් විදානේ රාළගේත් බලවත් ඉල්ලීම මත ටිකිරා රජ වාසලට යන්නට තීරණය කළේය. ටිකිරාගේ තීරණය දැනගත් ගම්මු ප්‍රීති වූ අතර වඩාත් සතුටු වූයේ ඔහු සමග ඉරිසියාවෙන් පසු වූ ගැමි තරුණයින් ය.
ටිකිරා සතුව අද්භූත ශක්තියක් ඇතැයි විශ්වාසක කළ බොහෝ ගම් වැස්සෝ වඩාත් කැළඹීමට පත් වූයේ ඔහු ගමින් පිට වූ දා ම ගමේ සිටි හොඳම එළ හරක් රංචුව අහේතුක ව අසනීප වීමත් දින කීපයකින් මිය යාමත් නිසාය.

descriptionRe: කළුවර ඉරගල..

more_horiz
(Y)

description තෙවන දිගහැරුම..

more_horiz
ගමන් මල්ල රැගත් ටිකිරා රජ වාසලට යන විටත් තරුණයින් රජ වාසල දොරකඩ රැස් කමින් සිටියෝය. පැරණි හේවායෝ නවකයින් දෙස උපහාසාත්මකව බැලූහ. උන්ගෙන් ඇතැමෙක් නවකයින්ට උසුළු විසුළු කළේ ඉතා නින්දිත ලෙසය. 
කවුරුත් ටිකිරා දෙස ඉතා ඕනෑකමින් බැලුවේ ටිකිරාගේ බාහිර ශරීරය සිතාගත නොහැකි තරම් ශක්තිමත් හා කඩවසම් බව වැටහුණු නිසාය. 
හේවායන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ කුසලතා සහ බුද්ධිමත් බව සලකා බැලුණේය. ටිකිරා සියල්ලෙන් ඉදිරියෙන් සිටියේය. 
මූලික වටයෙන් තෝරාගත් ජව සම්පන්න තරුණයින් කිහිප දෙනෙකු ශරීර පරික්ෂාවකට යොමු කෙරිණ. සියලු තරුණයින් නිරුවත් කොට එක් කූඩාරමකට ඇතුලු කෙරිණි. 
ටිකිරා පිරිමි නිරුවතට ආසා කළ තරමටම නිරුවත් පිරිමින් ඉදිරියේ සිටින්නට බියක් දැක්වූයේය. තවමත් හරි හැටි අවබීධ කොට නොගත් , පිරිමින් කෙරෙහි මෙම ජවසම්පන්න තරුණයාට ඇතින්වන හැඟීම් අනෙක් උන් දැනගනිතැයි ටිකිරා බිය වූයේය.

"උඹලා කොයි පළාතෙන් ද?" ළඟ සිටි තරුණයෙකු ඇසුවේ ටිකිරාගේ කල්පනාවට බාධා කරමිනි.
" කවුඩුලුගම" ටිකිරා අහක බලාගෙන උත්තර දුන්නේය.
"උඹල කලින් පුහුණු වෙලා තියෙන හැඩයි" තරුණයා එසේ කීවේ ටිකිරාගේ සිරුරේ ගෑවෙන නොගෑවෙන දුරින් හිඳ ගනිමිනි.
"අර මක්කැයි?"
"පළපුරුද්දැක් නැතුව කොහොමෙයි ඔහොම සිල්ප පෙන්නන්නෙ?"
"මං දන්නෑ.."

ටිකිරාගේ වාරය පැමිණියේය. ටිකිරාව උසස් නිලධාරීන් හා වෙදුන්ගෙන් සමන්විත මණ්ඩලය ඉදිරියට පමුණුවනු ලැබිණි. ඔවුන් ඉදිරියේ නිරුවතින් සිටීම ටිකිරාට මහත් අපහසුවක් විය. සියල්ල අවසානයේ ටිකිරා හමුදාවට තේරී පත් විය. ටිකිරා ඉතා හොඳින් පුහුණුව ලැබුවේය. ඔහුගේ බුද්ධියත් හැකියාවත් ශක්තියත් නිසා ඉතා ඉක්මනින් නවකයින් අතර මෙන්ම උසස් නිලධාරීන් අතරද ටිකිරා ජනප්‍රිය වූයේය.
යුධ පුහුණුව සඳහා වෙන් කල අංගම් පොර පිටියේ ටිකිරා ඇතුළු නවකයින් විවේක ගනිමින් සිටියහ. සියල්ලෝ ම එක වර නැගී සිටියේ කුමරුවෙකු එහි පැමිණි නිසාය. ඒ පොඩිබණ්ඩාර කුමරු ය. ඔහු කිරුළ හිමි යුව රජුගේ බාල සොහොයුරා විය. මාළිගාවේ කාගේත් අවධානය දිනාගත් පොඩි බණ්ඩාර ශක්තිමත් හා කඩවසම් තරුණයෙකු විය. නායක්කර් වංශිකයින් මෙන් කුඩා උඩු රැවුලක් වවා සිටියද හෙතෙම සිංහලයෙකු විය. පොඩිබණ්ඩාර කුමරුගේ පැමිණීමත් සමඟ යුද පුහුණු බිමේ ඇති වූයේ අමුතුම නිහඬතාවකි. සුදු අසු පිට නැගී චර පුරුෂයන් පිරි වරා කුමරු සක්මන් කළේය. හදිසියේ ගත් තීරණයක් මත රාජාභරණ උනා දැමූ කුමරු පොර පිටියේ සිට ගත්තේය. 
"පිය රජ්ජුරුවන්ගේ නාමෙන් අලුතෙන් ආපු එවුන් එනව හොඳයි ඉස්සරහට. බය නැති වග පෙන්නන්ට"
කුමරු කතා කලේ සාමාන්‍ය හඬින් වුවද අලුත් තරුණයෝ වෙවුලා ගියහ. 
හිස උදුම්මාගෙන සිටි බොහෝ තරුණයෝ කුමරුට පැරදුණහ. කුමරා තරුණ අශ්වයෙකුට වඩා ශක්තිමත් වූයේය. ඔහුගේ නිල් පැහැති ඇස් කියා සිටියේ ජයග්‍රහණය පමණි. තරුණයින් දස දෙනෙකු සමඟ පොර බැදුවද අබැටක තරමේ වෙහෙසකර බවක් ඔහුගේ මුහුණේ නොවීය. කුමරුන්ගේ පිම්බුණු මස් පිඬු තවත් සටන් කරුවන් බලාපොරොත්තු වූ බව පෙනුණි.

ටිකිරා ගේ වාරය පැමිණියේ මීළඟටය. සටන ඉතා දිගු වේලාවක් පැවතිය ද කිසිවෙකුත් පරාජය පිළි ගන්නා බවක් පෙනෙන්නට නොතිබුණි. රැස්ව සිටි සියල්ලෝ ඇසිපිය නොහෙලා බලා උන්හ
උන්ගෙන් ඇතැමෙකුට හුස්ම ගන්නට ද අමතක වී තිබිණි. 
කුමරා වේගවත් වන තරමට ම ටිකිරා ශක්ති සම්පන්න වූයේය. ටිකිරා එක්වරම කුමරා ඔසවා බිම අතහැරියේය. කකුල පැටලුණු හෙතෙම කුමරු මතට ම ඇදගෙන වැටුණේ ය. ටිකිරාට කුමරුගේ උණුසුම් හුස්ම දැනෙන්නට විය. කුමරා ද දාඩිය පෙරාගෙන සිටි මේ අපූරු තරුණයාගේ දිලිසෙන ඇස් තුළින් පෙනෙන තමන්ගේ ම ඡායාව දෙස බලා සිටියේ ය. කිසිවෙකුත් කිසි හඬක් නොනැගූහ. මෙතෙක් මේ පොර පිටියේදී ලොකු බණ්ඩාර කුමරුව පරදවන්නට යුවරජුටත් බැරි විය. කුමරා ඈතට පෙනවාට වඩා සිත්කලු යැයි ටිකිරාට සිතිණි.



"අහකට වෙයං." කුමරා සිනා සී කීවේය. රාජ පුරුෂයෝ පැමිණ ටිකිරා ඉවත් කරන්නට තැත් කළද කුමරා අතින් සන් කලේ කිසිවෙකුට ළං නොවන ලෙසය. ටිකිරා නැගී සිටියේය. කුමරු ටිකිරාගේ පිට ට තට්ටුවක් දමා යන්නට ගියේ ය. ටිකිරාගේ හිත විස්තර කළ නොහැකි අපූරු සිතුවිලි සමුදායකින් පිරී ගියේය.

descriptionRe: කළුවර ඉරගල..

more_horiz
congradulations tharuka sithum. lassana kathawaka arambaya wage. digatama liyanna. oyage hekiyawa gena kiyanna wachana nehe. yam dawasaka hondama writer kenek wena waga nam ekanthai. good work brother.

descriptionRe: කළුවර ඉරගල..

more_horiz
WOW!!! අපි කව්රුත් නොහිතන මානෙකින් ඉතිහාසය දිහා බලලා ගොතන්නට හදපු ලස්සන කතාවක් වගේ..තාත්වික භාෂා භාවිතයක් වගේම ගොඩක් දේවල් හරි අපූරුවට උපකල්පනය කරලත් තියෙනවා..හරිම නැවුම් අත්දැකීමක් අපිට..හැබැයි භාෂා ශෙයිලය නිසා වාක්‍යවල ටිකක් ඍජු හා කෙටි බවක් දැනෙනවා..හැඟීම් විස්තර කරන තැන්වල ටිකක් දිගට තිබුනා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ... pride

descriptionසිව්වන දිගහැරුම..

more_horiz
"රංගා, පොඩි බණ්ඩාර වාසල දොරටුවෙන් පිට වුණා මා දුටුවා. ඒ කොහි ද?"
නාදිනී ඇගේ සේවිකාවගෙන් ඇසුවාය.
"පොඩි බණ්ඩාර කුමාරයා දඩ කෙළියට යනවා වෙන්ටැති මයෙ හිතේ."
නාදිනී කවුලුව වසා දැමුවාය.

නාදනී උතුරු ඉන්දීය සම්භවයක් ඇති රජ කුමරියක් වූවාය. ලොකු බණ්ඩාර හෙවත් යුවරජු ඈ ගෙන්වා ගත්තේ පොඩි බණ්ඩාරට විවාහ කර දීමට වුවත් , ඇගේ හිතේ පොඩි බණ්ඩාර ගැන කැමැත්තක් ඇති වන තුරු ලොකු බණ්ඩාර බලා සිටියේය.
නාදනී පොඩි බණ්ඩාරට මහත් කැමැත්තක් දැක්වූවාය. නමුත් ඒ බව සියල්ලන්ගෙන් වසන් කළ ඈ උඩඟුකමේ රන් සළුව පමණක් පොරවාගෙන සිටියා ය. රජ වාසල සියල්ලෝ ම සිතුවේ ඇගේ උඩඟු කම සාධාරණ බව ය. අන්තඃපුර අඟනුන් සියල්ල පරදන ඇහේ රූපශ්‍රීය සහ ඇගේ පෙළපත නිසා ඈ උඩඟු විය යුතුයැයි ඔවුහු විශ්වාස කළහ.

නාදිනී පොඩි බණ්ඩාරට ආදරය කළේ නම් ඒ ඔහුට නොව, ඔහුගේ ශරීරය ට ය. ඈ කීප වරක් ම සිහිනයෙන් ඔහු හා රමණය කොට තිබුණි. එහෙත් ඇගේ උඩඟුකම විසින් ඒ සිහින, සිහින ම පමණක් බවට පත් කර තිබුණේ ය.
********
හේවායන් වෙනුවෙන් වෙන් කල ලැගුම්හල් තිබුණේ මාළිගා සංකීර්ණයේ බටහිර දෙසට වන්නට ය. උඩු මහලක කෙළවර කුටියක් ටිකිරා සහ ඔහුගේ මිතුරා වූ රනා වෙනුවෙන් වෙන් කර තිබුණේ ය. ටිකිරා කවුළුව අසලට වී කල්පනා කරමින් සිටියේ පොඩි බණ්ඩාර ගැන ය.ලේසියෙන් කිසිවෙකුට නොපැරදෙන පොඩි බණ්ඩාරව පරාජය කිරිමේ ආඩම්බරය යටපත් කරගෙන පොඩි බණ්ඩාර ගැන අමුතු හැඟීමක් ටිකිරාගේ සිත වටා කැරකෙමින් තිබිණි.

"උඹ හපනා. ළඟදිම ඉහල තානාන්තරේකට යාගන්ඩ පුළුවන් වෙයි මයෙ හිතේ. එහෙම වුණොත් ඉතින් බැරියැ අන්ත්ඃපුර කුමාරිකාවක් අල්ලගන්ඩ"
රනා කියාගෙන ගියේ ය.

"මට අහවල් එහෙකටද කුමාරිකාවො?"
ටිකිරා සයනය මත හිඳ ගනිමින් ඇසුවේ ය.

" ගම් පළාතෙ හිත ගත්තු එකියක් ඉන්නව නම් අමතක කොරල දාපං. උඹට යන්ඩ තියෙනව දුර ගමනක්."
ඒ රනා ය.

"උඹලට ඔල්මාදෙ"
"ටිකිරො මේ උඹට හින්ද කියන්නෙ. අර එහෙට මෙහෙට යන පරිවාර කුමාරිකාවො දැක්කම ඉන්ඩ බෑ බං අමුඩෙ නැත්තම් මේ යකා ඇවිත් වදිනව මගෙ නාහෙ. "
රනා සිය ලිඟුව අතින් පොඩි කරමින් තොල සපාගෙන කියාගෙන ගියේ ය.
"උඹලගෙ වලත්තකම් හොඳයි උඹලට. හැදියාවක් ඇතුව නොහිටියොත් උඹට පුලුවන් වෙන කුටියක් හොයාගෙන යන්ට. "
ටිකිරා කෝපයෙන් කීවේ ය.

කිසිවෙකු කුටියේ දොරට තඩිබානු ඇසුණෙන් රනා සරම හදාගත්තේ ය.
සුළු සේවකයෙකු හති ලමින් පැමිණියේය. " බණ්ඩාර කුමාරය දඩ කෙළියෙ යන්ඩ කියල. උන්නාන්සෙගෙන් පයිණ්ඩයක්." ඔහු කීවේ ය.
පොඩි බණ්ඩාර ලේසියෙන් කිසිවෙකු ගණන් ගන්නා චරිතයක් නොවන වග සියල්ලෝ ම දැන සිටියහ.
"උන්නාන්සෙ උඹලට එන්ඩැයිලු"
රනා ඉද්ද ගැසුවාක් මෙන් නැගිට සිටියේ ය.
"ආයෙත් කියාපිය. මන් අහල නෑනෙ බොල පොඩි බණ්ඩාර උත්තමය අලුත් හේවායොත් එක්ක දඩ කෙළින්ට යනව කියල. හනික යමං" රනාට ඉවසුම් නැති විය.

සේවකයා හඬ අවදි කළේ ය. "අවසර, එන්ඩැයි කියල තියෙන්නේ මේ උත්තමයන්ට විතරයි." ඔහු කීවේ ටිකිරා දෙස බලාගෙනයි.
"හොඳයි. උඹට යන්ඩ පුළුවන්." ටිකිරා වැඩි කලබලයක් නැතිව කීවේ ය.

සේවකයා අති මහත් ගරු සරු ඇතිව ටිකිරාට කතා කළ ආකාරය ගැන රනා විස්මයට පත් වූයේ ය. නවක යුධ සෙබලුන් අතරින් එකෙකු තෝරා ගෙන දඩ කෙළින්ට ගෙන යාමට තරම් පොඩි බණ්ඩාරගේ හිත දිනා ගන්නට ටිකිරාට හැකි වී ඇතැයි සිතූ රනා තුල ඊර්ෂ්‍යාවක් හට ගති.
ඔහු කිසිත් නොකියා කුටියෙන් පිට විය.

දිය නෑමෙන් පසු තවමත් තෙත බේරෙන කෙටි කෙස් වැටිය අමතක කළ ටිකිරා හැඳ සිටි සාලුව ගලවා ධෝතියක් හැඳගත්තේ ය. වෙනදා එක් උරහිසකින් අනෙක් ඇලයට යන දිලිසෙන පටිය පමණක් පළඳින ඔහු, මුළු උඩු කය ම ආවරණය වන හැට්ටය ඇඟලා ගත්තේ ය .
වාසල දොරටුව වෙත හනික පා නගන ටිකිරා පය ඉක්මන් කළේ පමා වී පැමිණීමේ රාජ උදහසට ලක් නොවීමේ අටියෙනි.
සියුම් චකිතයක් ඔහු වෙලාගෙන තිබුණේය. කුමරු පැරදවීම ගැන රජ වාසල පුරා කතා වන අතරවාරයේ කුමරුන් තමා ගැන උරණ වී ඇතැයි හෙතෙම සිතුවේ ය. එහෙත් ඔහු හිස කෙළින් තබාගෙන ඇවිද්දේ ය. සේවකයෝ පමණක් නොව, තරමක් උසස් නිල තල දරන්නෝද ඔහුට මග ඉඩ දුන්නේ මැද මිදුල් වල, දොරටු සහ සඳලු තල වල කෙළවරට වීමෙනි. ටිකිරා, තමා වාසල තුල ප්‍රසිද්ධ චරිතයක් වී ඇති බැව් දැන සිටි නමුත් ඒ පිළිබඳ අහංකාරයක් ඇති කර නොගත්තේය. ඇත්තෙන්න්ම, කුමරා ගන්නා මීළඟ පියවර පිළිබඳ ටිකිරාගේ සිතේ වූ දෙගිඩියාව නිසා ඔහුට අහංකාර වීමට අවස්ථාවක් නොලැබිණි..
විවර කර තිබූබූ වාසල කුඩා දොරටුව දුටු පමණින් ටිකිරාගේ බිය දෙගුණ තෙගුණ විය. පොඩි බණ්ඩාර කුමරු අසු පිට නැගී සිටි අතර කුමරුට දකුණින් තවත් අශ්වයෙකු සිටියේය.

මීට වඩා පරිවාර සේනාවක් ටිකිරා බලාපොරොත්තු විය. කුමරු සමඟ තනිව දඩ කෙළියේ යන්නට ටිකිරා බිය වූයේ පොඩි බණ්ඩාර හිතුවක්කාරයෙකු බව ඔහු අසා තිබුණු බැවිනි.

descriptionRe: කළුවර ඉරගල..

more_horiz
shoi. ada kotasath lassanai. tikak wedipura liuwanam thawa lassana wei mage hithe.

descriptionRe: කළුවර ඉරගල..

more_horiz
Mama me site ekata join wune langadi godaak lassana katha ekin eka kiyawanawa harima lassanai lassana rachakayo tikak bihi wena eka gena adambarai

descriptionපස්වැනි දිගහැරුම..

more_horiz
පොඩි බණ්ඩාර මේ ගමන සූදානම් කළේ පෙර දින රාත්‍රියේය. ඔහු ටිකිරා දැකීමේ අහේතුක ආශාවකින් පෙළෙමින් සිටියේ ය.
පොඩි බණ්ඩාර හුදෙකලාව ප්‍රිය කළ අයෙකු විය. එකම පිය රජුගේ දරුවන් වුවද පොඩි බණ්ඩාර සහ ලොකු බණ්ඩාර අහසට පොළොව මෙන් වෙනස් ගති පැවතුම් ඇත්තෝ වූහ.
කොතෙකුත් රාජාභරණ තිබුණද පොඩි බණ්ඩාර ඒවා පැළඳුවේ චාරිත්‍රානුකූල උත්සව අවස්ථා සඳහා පමණි. එහෙත් ලොකු බණ්ඩාර යුවරජු ලෙස කිරුළු පළඳන්නටත් පෙර සිටම මාළිගාව තුළ පවා ආභරණ පළඳින්නට ප්‍රිය කළේ ය. ලොකු බණ්ඩාර තම මලණුවන් පහත් කොට සැලකුවේය. රාජ උරුමය විසින් උදුම්මවන ලද ඔහුගේ හිස, පොඩි බණ්ඩාර කුමරුගේ චාම් ගති පැවතුම් වලට උපහාසයෙන් සිනාසුණු අතර, පොඩි බණ්ඩාරව ප්‍රාදේශීය පාලක තනතුරකට පත් කර දුර බැහැරක යවන්නට ඔහු සිතා සිටියේ ය. එහෙත් එයට පෙර නාදනී හා පොඩි බණ්ඩාර අතර විවාහය සිදුවනු දකින්නට ඔහුට අවශ්‍ය වුව ද ඒ සියල්ලටම පොඩි බණ්ඩාර තවම ලාබාල වැඩි යැයි අග බිසව මෙන් ම පිය රජුද උපදෙස් දුන් නිසා ලොකු බණ්ඩාර නිහඬව සිටියේ ය .
අතවැසි සේවකයින් පුදුමයට පත් කරමින් ගමනට පෙර දින සන්ධ්‍යාවේ සුවඳ දියේ නාන්නට අවශ්‍ය යැයි පොඩි බණ්ඩාර කියා සිටියේ ය. වෙනදා කෙතෙක් ඇවිටිලි කළද ඔහු තනිව රාජකීය පොකුණේ නාන්නේ ය. එහෙත් මෙදා ඔහු සිය පිරිවර ලවා සුවඳ දිය සාදවා ගත්තේය. හදිසියේ යන්නට අවශ්‍ය වූ ගමනක් මෙන් ඔහු දඩ කෙළි ගමන සූදානම් කළේ ය.
ටිකිරා පිටතට ගිය පසු වාසල කුඩා දොරටුව වසා දැමුණි. ඔහු පොඩි එකෙකු සේ අසු ළඟ සිටගෙන සිටියේ ය. ඒ වෙන තෙක් කුමරු ටිකිරාට පිටුපා ඈතින් පෙනෙන කඳු වළල්ල දෙස බලා සිටියේ ය. වෙනදා ඔහුගේ මුහුණේ තිබෙන බැරෑරුම්කම අතුරුදන් වී කෙළිලොල් සුන්දරත්වයක් පොඩි බණ්ඩාර තරුණයාගේ සරාගී මුහුණේ පිරී තිබුණේ ය.
"නගින්ට" කුමරු ශාන්ත ව කීවේ ය.
ටිකිරා යාන්තම් හිස ඔසවා කුමරු දෙස බැලුවේ එවිට ය.
"තොට මම බුලත් දීල නග්ගවන්ට ඕනෙද? "
කුමරා නැවතත් ඇසීය.
ටිකිරා අසු පිට නැංගේ ය.

එකෙණෙහි ම කුමරා ඊ හිසක් බඳු වේගයෙන් අසු පදවන්නට විය. ටිකිරා ද ඊට දෙවැනි නොවූව ද හැම විට ම කුමරා පිටුපසින් යන්නට උත්සාහ කළේ ය.
දඩ කෙළියට පැමිණෙන වන ලැහැබ් පසු කළ ඔවුහු ගල්තලාවකට ඇතුළු වූහ. උදෑසන හිරු එළිය වැදී දිලිසෙන කුඩා ඇළ පහරේ හඬ හැරෙන්නට වෙනත් ශබ්දයක් එහි නොවීය.
කුමරා වචනයක් වත් කතා නොකර හෝරාවක් පමණ පැමිණ සිටි අතර, දඩ කෙළියක් සිදු නොවන වග ටිකිරා තේරුම්ගෙන සිටියේය.
අසු නැවතූ කුමරු ටිකිරාට ද තමා පසුපස එන ලෙස සන් කළේ ය. ඔවුහු ගල් තලාවක් මත හිඳ ගත් හ.
"කතාව මම පටන් ගන්ටද උඹ පටන් ගන්නවද?" අසල තිබූ ගල් කැටයක් ඇළ පාරට විසි කරමින් බණ්ඩාර ඇසීය.
ටිකිරා බිම බලාගෙන ම සිටියේ ය.
" හොඳයි, උඹ මාව බිම දැම්ම එහෙනම්. උඹ දන්නවද දැන් කාලෙකින් මාව පරද්දන්‍ට කාටවත් බැරි වෙච්චි විත්තිය?"
"එහෙමයි හාන්දුරුවනේ. මට සමා.."
"නවත්තගන්ට. උඹ කියන්ට තනන්නෙ උඹ මේ ගැන නිනව්වක් නෑ.. උඹ ගැන මං උදහස් වෙලා නං දාස් වාරයක් සමා වෙන්ට කියල නෙව.?"
පොඩි බණ්ඩාර ටිකිරා දෙස එක එල්ලේ බලා කීවේය.
ටිකිරා කිසිවක් සිතා ගත නොහැකිව සිටියේ ය. ඔහු පොඩි බණ්ඩාරට බිය වූයේ මීට පෙර ය. එහෙත් පොඩි බණ්ඩාර කතා කරන ශාන්ත ලීලාව , ඔහු තුල ඇති කර ඇත්තේ බිය මුසු පහන් හැඟීමකි.
උඩු කයට කිසිත් නොමැතිව ගල් තලාවේ වාඩි වී සිටි මේ අපූරු තරුණයා දෙස කෙළින් බලන්නට ටිකිරා අපොහොසත් විය.
"උඹ හිතන්ට ඕනෙ නෑ මං උඹ ගැන අහිතක් හිතන වගක්. මට දැන ගන්ට ඕනෙ උඹ ගැන."
ටිකිරා තව දුරටත් නිහඬව සිටියේ ය.
"මේ අහන්ට. මා එක්ක කතිකා නොකර ඉන්ට තරම් මම උඹලට මුකුත් කළේ නෑ නෙව. මෙහෙම හමු වෙන්ට තීරණය කළේ හේතුවක් අතුව. දැන් කතා කොරන්ට. කියපිය මට උඹේ වග විස්තර. උඹ කාගෙ කවුද කොහෙ ද ඒ විස්තර කියන්ට"
ටිකිරා ඔහුගේ විස්තර කීවේ ය. ගමේ දී ඔහු කළ හපන්කම් ඔහු විස්තර කළේ ය. ටිකිරාගේ බිය මුලුමනින් ම පහව ගියේ ය. ඔහු තම මිතුරෙකු සමඟ සිටින්නාක් වැනි හැඟීමකින් කුමරු සමඟ කතා කලේ ය. කුමරු ඇතැම් විටක පොඩි දරුවෙක් සිය පියාගේ කතාවකට සවන් දෙන අයුරින් හූ මිටි තැබුවේ ය. විස්මිත දේ වල් අසන විට ඔහු කට ඇරගෙන සිටියේ ය. ටිකිරා සිනා සී කට වහගන්ටැයි කී විට කුමරා " එයින් කාරි නෑ කතාව කියන්ටැයි" කීවේ ය...
ඒ හෝරා කිහිපය ගත වූයේ ඈත ගම් දනව්වකින් පැමිණි ටිකිරාත් රජ වාසලේ හුදෙකලාවේ හැදී වැඩුණු පොඩි බණ්ඩාර කුමරුත් හොඳ ම මිතුරන් බවට පත් කරමිනි.
කතාව අවසන් වන විට පොඩි බණ්ඩාර පොඩි එකෙකු මෙන් සිනා සෙමින් හුන් අතර ටිකිරා වීරයෙකු වී සිටියේ ය.
කතාව අවසන් වූ පසු කුමරා කතා කළේය.
"උඹ හිතන්ට ඕනෙ නෑ මම කුමාරයෙක් ය කියල. මට උඹව බලන්ට කතා කොරන්ට ඕනෙ වුණා. ඒකයි මම ආවෙ මෙහෙම. "

ටිකිරා කුමරුන් දුටුවේ මීට දින කීපයකට පෙර අංගම් පොර පිටියේදී පමණි. ඒ දුටු දා සිට ම මීට පෙර හමු වූ අයෙකු දුටුවාක් මෙන් හැඟීමක් ඔහුට ඇති වී තිබුණු අතර කුමරා යළි දකින්නට ඇත්නම් යැයි ඔහු සිතූ වාර අනන්තය. මේ කවරාකාර අවශ්‍යතාවයක් දැයි සිතමින් ඔහු තැවුණේ ය. මාළිගයේ උතුරු කෙළවර වූ කුමාර අංගනයේ කුටියක සිටි තවත් තරුණයෙකු මෙබඳුම වෙහෙසකාරී සිතිවිල්ලකින් පෙළුණේ ය.
කාලය විසින් ඔවුන් දෙදෙනා එක් කළේ ය. ඔවුන් අතර පෙර නොවූ විරූ බැඳීමක් ගොඩ නැගුවේ ද කාලය ම විය.
සිරිලක වෙරළබඩ කලාපයට බටහිර විජාතිකයින්ගේ ආක්‍රමණ බිය තදින් ම දැනෙමින් තිබූ කාලයක තරුණයින් දෙදෙනෙකු කන්ද උඩරට වන ලැහැබක් වට කර ගත් ඇළ පහරක් අසල සිනා සෙමින් උන්හ. ඔවුන් අතර ඇති වෙමින් පැවැති අපූරු මිතු දමට බාධා කරන්නට ඉඳ හිට ඉහල අහසේ පිඅඹා ගිය උකුස්සෙකු දෙන්නෙකු හැරෙන්නට වෙනත් කිසිවෙකු වනයේ නම් නොවීය.

descriptionRe: කළුවර ඉරගල..

more_horiz
niyaaaammmmmaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiiiiiii.

descriptionRe: කළුවර ඉරගල..

more_horiz
ගොඩාක් ලස්සනයි කතාව නම්..අදත් එක හුස්මට කියවගෙන ගියා කොටස් දෙකම thumbup rocksss ..මේක අලුත්ම අත්දැකීමක් මට නම්...ඒත් කතාවේ සමහර තැන් ටිකක් වෙනස් උනා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ..මම ඔයාට personally msg කරන්නම් ඒ ගැන..කතාව දිගටම ලියන්න සහෝ..ජය වේවා!

descriptionRe: කළුවර ඉරගල..

more_horiz
mmm ada update karala ne neda?

descriptionRe: කළුවර ඉරගල..

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum