`•°ලෝහිත හාදුව°•´
+8
kasun.lakmal
new nickd
navod-induwara
IceCool
Tylor
Jith
Hitha Honda Kolla
jay.rishan
12 posters
Page 4 of 5 • 1, 2, 3, 4, 5
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03
Re: `•°ලෝහිත හාදුව°•´
2018-06-19, 10:21 pm
කිසිම අඩුපාඩුවක් නැතිව මේ කොටසත් ලියල තියෙනවා මල්ලි බබෝ. පාඩම් කරන අතරේත් ලොකු කොටසක් ලිව්වට තැන්කු. වරද්දන්නැතිව පාඩම් කරන්න ඕනා.
- upekusRegular Member
- Country : Sri Lanka
Posts : 33
GetReal Gold : 5316
Member Since : 2017-02-01
Re: `•°ලෝහිත හාදුව°•´
2018-06-19, 10:31 pm
Lassanai rishan malli kathawa..me mage first comment eka kathawakata dana..oyata suba pathanawa...exam eke wadath hodata kara ganna kiyalaa...jaya wewaa..
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03
Re: `•°ලෝහිත හාදුව°•´
2018-06-19, 10:36 pm
Welcome aboard upe malli.upekus wrote:Lassanai rishan malli kathawa..me mage first comment eka kathawakata dana..oyata suba pathanawa...exam eke wadath hodata kara ganna kiyalaa...jaya wewaa..
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5059
Member Since : 2018-01-24
Re: `•°ලෝහිත හාදුව°•´
2018-06-21, 9:49 pm
Me padam karanawa harida thawa dawas kiyada oya kathawa exam eken passe danna site ekata awata kamak na aparade kale
- J.rishanRegular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4491
Member Since : 2018-05-13
Re: `•°ලෝහිත හාදුව°•´
2018-06-21, 11:38 pm
ස්තූතියි හිත හොද අයියේ...ඔව් ඔව් ,,ආයෙත් විභාගෙන් පස්සෙ තමයි ලියන්නෙ..මේකෙන් කාලක් මං ගොඩක් කලින් ලියලයි තිබ්බේ.ඉතින් වෙලාව ලැබෙන විදියට ඉතුරු ටිකත් සම්පූර්ණ කලා..
- J.rishanRegular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4491
Member Since : 2018-05-13
Re: `•°ලෝහිත හාදුව°•´
2018-06-21, 11:40 pm
ස්තූතී උපේ අයියේ,ඔයාගේ පලවෙනි කමෙන්ට් එක මගේ කතාවට දැම්මට...
ඔයා දන්නවනෙ ඉතින් මං විභාගේ වැඩ කරනවා කියලා නේහ්.,ඔයාගෙත් අලුත් වැඩ හොදින් කරගන්න.ජය වේවා
ඔයා දන්නවනෙ ඉතින් මං විභාගේ වැඩ කරනවා කියලා නේහ්.,ඔයාගෙත් අලුත් වැඩ හොදින් කරගන්න.ජය වේවා
- J.rishanRegular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4491
Member Since : 2018-05-13
Re: `•°ලෝහිත හාදුව°•´
2018-06-21, 11:42 pm
අම්මෝ ටයිලර් ,,මං අල්ලගන්න තමයි හිටියෙ ගදයව,,,ඕන්ලයින් එනවා,සයිට් එකටත් එනවා...නිකන්වත් මැසේජ් එකක් දාන්න එපා...පස්සෙ අල්ලගන්නම්කො මං,ගෙදරටම ඇවිත් අල්ලගන්නේ ඕන්..
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5059
Member Since : 2018-01-24
Re: `•°ලෝහිත හාදුව°•´
2018-06-22, 8:24 am
Heeeeeeeee ai mama witharak oyath ehemane gandayoooo. Apooo mama owata baya na dannawane ithin mama yaka wage kiyala. He he me eka nemei padam karanawa harida nikan mati lanthayak wenna hadanna epa
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03
Re: `•°ලෝහිත හාදුව°•´
2018-06-29, 4:46 am
යුෂ්මතාලා දෙන්නම පාඩම් වැඩවලට යොමුවෙනවා හොඳයි.
- J.rishanRegular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4491
Member Since : 2018-05-13
Re: `•°ලෝහිත හාදුව°•´
2018-09-21, 11:24 pm
8 වන පරිච්ඡේදය
ජෝ මේ ගෙදරින් ගියාට පස්සෙ මං ආයෙමත් මගේම ලෝකෙක තනිවුණා.ජෝගේ පිටවීමේ ශෝකයත් කෲසෝගේ පැමිණීමේ භීතියත් හේතුවෙන් මගේ හුස්ම ගැනීම පවා අක්‍රමවත් වුණා.මොනයම් හෝ මොහ්තක මගේ පපුවේ ගැස්ම නැවතී මා මිය යනවා නම් කෙතරම් හොද ද? එසේ වන්නේත් නැත්තේ මගේම කරුමෙටයි.මා මියයන්න නියමව ඇත්තේ කෲසෝගේ අතින්ම පමණක් වෙන්නට ඇති.කෙනෙක්ගේ දයිවය හරිම පුදුම දෙයක්.මං වගේ අයට දයිවය කෲර විදියට සලකන්නේ ඇයි?මං මගේ දයිවයට වයිර කරනවා.මං අද මගේ දයිවය ලියනවා.
මං ඇද උඩට වෙලා ඉදගෙන කල්පනා කර්ද්දී කාමරේ තිබූ දොරවල් ජනේල සේරම මහා ශබ්දයක් නගමින් විවර වී නැවත වැසී ගියා.තවත් සුලු මොහොතකින් මා බලාපොරොත්තු වූ ඒ කෲර මූසල රූපය මා ඉදිරියේ මැවී පෙනුනා.මේ වන විට කෲසෝගේ රූපය නිසා මගේ සිතේ ඇති වූ බියට වඩා ඇති වුනේ පිලිකුලක්.අප්‍රසන්න බවක්.කෲසෝගේ කෲර හිනාව දසන් සරසද්දී මගේ මුහුන පුරා ඇදී ගියේ වේදනාත්මක කේන්තියක්.
"උඹට ඕනෙ දේ මං කලා කෲසෝ.මං ජෝ ඉස්සරහා ගණිකාවක් වුනා උඹ නිසා.මං ජෝව රවට්ටලා ගෙදරින් එලෝ ගත්තා උඹ නිසා.උඹට තවත් මොනවද ඕනේ කෲසෝ.උඹට තවත් මොනවද ඕනේ?උඹ මැලක්ව මගෙන් උදුර ගත්තා,මගේ සැනසීම මගෙන් උදුර ගත්තා,මගේ ජෝව මගෙන් උදුර ගත්තා.උඹට තවත් ඕනෙ මොනවද ඕනෙ?"මං මගේ හිතේ තිබුන කේන්තිය,තරහව සියල්ල මුසු කර කෲසෝගෙන් ඇසුවා.
"මට ඕනේ උඹව තීමස්.මට ඕනේ උඹේ ආත්මය. ජීවත් වෙලා ඉද්දි මට ගන්න බැරි වුන සැප මට උඹෙන් ඕනේ. උඹ ඉපදිලා තියෙන්නේ සැප දෙන්න කියලා මං දන්නවා තීමස්. උඹයි මැලකුයි ඇද උඩ දගලපුවා මං දැකලා තියෙනවා.උඹ කොච්චර ලස්සනද?එද උඹ මට කැමති වුණා නම් අද උඹට මෙහෙම වෙන්නෙ නෑ.මට දැන් ඕනෙ උඹේ ආත්මය උබෙන් වෙන් කරලා ගන්න.උබට තුවාලයක් ඉතුරු කරලා වේදනා විදලා මරවන්නයි මට ඕනෙ!"
මගේ මුහුනට වියරු හිනාවක් එක් වුනේ මං ඊලගට කරන්න ගිය දේ නිසයි."උඹට කවදාවත් එහෙම කරන්න වෙන්නෙ නෑ.මං උඹට ඒකට ඉඩ තියන්නෙ නෑ."කොට්ටෙ අස්සෙන් අරගත්ත පිහියෙන් මං මගේ පපුවට ඇනගත්තා.
"එපා...." පපුව ඇතුලට කිදා බහින පිහි තුඩෙන් දැනෙන වේදනාවට වඩා ,කෲසෝගේ බලාපොරොත්තු සුන් වූ පෙනුම නිසා මගේ හිත සතුටින් පිරුනා.පිහිය පපුව තුඩට ගිලා බසින අගලක් අගලක් පාසා මගේ හිත හිතාගන්න බැරි සතුටකින් පිරී ගියා.ජෝගේ මුහුන මගේ මගේ මතකය පුරා ඇදී යද්දී දරාගන්න බැරි දුකක් දැනුනත්,මගේ මැලක් මගේ ඉදිරියේ මා දෙසට දෑත් දිගු කරන් ඉන්නවා දකිද්දී මගේ හිත සැහැල්ලු වුනා.සියල්ල අවසාන කරමින් මං දෑස් පියගත්තා.මුහුනේ ඇදුන සිනාවත් එක්කම මං අවසන් හුස්ම හෙලුවා.
ඒත් ඒ මං මේ ලෝකේදි හෙලපු අවසන් හ්ස්ම විතරයි.ඉනපසුව මං ඇතුලු වුනේ ත්‍රිමාණ ලෝකෙන් මිදුන සිව්මාන ලෝකයකටයි.මගේ සිරුරට කිසිම බරක් දැනුනේ නෑ.මගේ සිරුර විනිවිද පෙනුනා.ආලෝකය එය හරහා කිසිදු බාධාවකින් තොරව ගලා ගියා.ගුරුත්වයෙන් මිදී විශාල සැහැල්ලුවකින් යුතුව මගේ සිරුර ඉහල අවකාශයේ පාවී ගියා.සිදුවන්නේ කුමක්ද කියා සිතාගන්නට මට ගොඩාක් අපහසු වුණා.මං සුලු මොහොතක් මගේ පාවෙන විනිවිද පෙනෙන දුහුවිලි වන් සිරුර අධ්‍යනය කලා.සුලු මොහොතක් ගතවෙද්දී සියල්ල මට පසක් වුණා.මං මියගොස් ඇති බව මට වැටහුණා.මං මගේ අවට අධ්‍යනය කලා.බිත්ති හතරකින් වට වූ කොටසක මං හිටියේ.එය මට ගොඩාක් හුරු පුරුදු ස්තානයක් කියලා මුල් බැල්මෙන්ම මට තේරුණා.තව සුලු මොහොතක් අවට බැලූ පසු මං පහල බැලුවා.පහල ඇදක් මත මිනිහෙක් උඩුබෙලි අතට වැතිරී සිටියා.ඔහුගේ මුහුනේ සාමකාමී සිනහවක් ඇදී ගොස් තිබුන බව මං දැක්කා.ඒ වගේම ඔහුගේ පපුව හරහා විනිවිද ගොස් තිබුන පිහියක් නිසා ඔහුගේ පපුව පුරාම ලෝහිත වර්ණයෙන් වර්ණ ගැන් වී තිබුනා.මේ කවුද?මං ටිකක් ලං වී ඔහුගේ මුහුනට එබුනා.දෙවියනේ මේ මමනේ,මගේ දුහුවිලි වන් වූ සිරුර ගැස්සී ගියේ මගේ ඉදිරියෙන් ඇසුන කුරිරු සිනහවක් නිසයි.මං සිනහව දෙස බැලුවා,ඒ කුරිරු මුහුන දුටු සැණින් මට සියල්ල සිහි වුනා.මං කවදාවත් නොසිතපු දෙයක් මට සිව්මාන ලෝකෙදී සිදුවුණා.
"ම්ම්ම්ම් මේ කව්ද බලන්නකෝ මේ.මට දැන් හිතෙනවා දෙවි කෙනෙක් ඇත්තටම ඉන්නවද කියලා.හ්හාහ්හ්....මොකද පෙට්,ඔච්චර දුක් විදලා මැරුනේ අපරාදේ කියලා හිතෙනවද?හ්හාහ්හ්...ඔයාගේ දයිවයේ ලියවිලා තියෙන්නෙ මගේ නම විතරයි පෙට්.මේ කෲසෝගේ නම විතරයි.අපි බලමු දැන් උඹ මගෙන් ගැලවිලා යන්නේ කොහොමද කියලා.."
එහෙම කියපු කෲසෝ දම්වැලක් මගේ දෙසට විසි කලා.ඒ දම්වැල තමයි තවමත් මගේ ඇගේ එතිලා තියෙන්නේ.එදා ඉදලා ආයෙත් සැරයක් මං කෲසෝගේ වහලා බවට පත් වුනා.ඔයාට හිතාගන්නවත් බෑ කේට්ලන් කෲසො මට දීපු වද හිංසා ගැන.ටික දවසක් යද්දී මගේ සිරුර සිව්මාන ලෝකයේ සාමාන්‍ය සිරුරක් බවට පරිවර්තනය වුණා.ඒ කියන්නෙ මේ දැන් තියෙන සිරුරට.ඊට පස්සෙ තමයි කෲසොට මාව අල්ලන්න පුලුවන් වුණේ.ඊට පස්සෙ කෲසෝ එයාගේ මාස්ටර් පෙට් සෙල්ලම ආයෙමත් පටන් ගත්තා.එයාට විනෝදයක් වුන දේවල් ගොඩාක් දරුණුයි කේට්ලන්.මැරිලා ඉන්න මාව නැවත නැවත මැරුවා කෲසෝ.මං ඉපදිලා තිබ්බෙත් දුක් විදින්න.මැරුනට පස්සෙත් මං දුක් විදිනවා කේට්ලන්.මං පිරිමි ලමයෙක් එක්ක සම්බන්ධකමක් පවත්තනවා කියලා දැනගත්තහම මගේම දෙමාපියො මාව දරුකමෙන් අයින් කලා.ඒ මට අවුරුදු 12දි.එදා ඉදන් මං දුක් වින්දා.ඉන්න තැනක් නැතිව,කන්න දෙයක් නැතිව මං අපා දුක් වින්දා.ඊට පස්සෙ තමයි මට දෙවි කෙනෙක් වගේ උන්න මැලක්ව හම්බුනේ.මං මැලක්ට ගොඩාක් ආදරය කලා.ඒ සතුටත් උදුරගන්න යක්ශයෙක් මගේ ජීවිතයට ආවා.මැලක් කියන කාලකණ්ණියා ඇවිත් මගේ ජීවිතේම විනාශ කලා.ඊට පස්සෙ ජෝවත් මගෙන් උදුරගත්තා.අන්තිමට මගේ ජිවිතේ,මැරුණට පස්සෙවත් මේ යක්ශයා මට ඉන්න දෙන්නෙ නෑනෙ."එසේ කිවූ තීමස් හෙමින් හෙමින් කදුලු හෙලන්නට වුනා.
"ඒත් තීමස් කෲසෝ දැන් ඉන්නෙ කොහේද?"
"කෲසෝ මේ දවස් ටිකේම පේන්න හිටියේ නෑ.මං දන්නෙ නෑ කොහේ ගිහින්ද කියලා.ඔයාව දැක්කම මට ඔයාට මගේ කතාව කියන්න ඕනෙමයි කියලා හිතුනා.මොකද මං මැරුනට පස්සෙ මේ ගෙදරට ආව එකම මනුශ්‍යා ඔයයි ඔයාගේ මහත්තයයි විතරයි.අනේ මට උදව කරන්න කේට්ලන්.කරුණාකරලා මට උදව් කරන්න කේට්ලන්."තීමස් මහේ ඉදිරියේ වැලපෙන්නට වුනා.
"මං ඔයාට උදව් කරන්නම් තීමස්."
"මොකක්ද,,මොකක්ද ඔයා කිව්වේ කේට්ලන්,,ඔයා ඇත්තමද ඔය කියන්නෙ කේට්ලන්."
"ඔව් තීමස්.මං ඇත්තමයි කියන්නෙ.ඒත් මට තේරෙන්නෙ නෑ මං කොහොමද ඔයාට උදව් කරන්න ඕනෙ කියලා."
"අපිට පියතුමාගේ උදව් ගන්න වෙනවා."
තීමස් එහෙම කියද්දිම වගේ නිවස කෙලවරින් ශබ්දයක් ඇසෙන්න පටන් ගත්තා.
"පෙට්,,ඔයා කොහෙද..ඔයාගේ මාස්ටර් ආවා.පෙට්...."
"දෙවියනේ කෲසෝ ඇවිත්..."තීමස්ගේ මුහින භීතියෙන් ඇලලී යනවා මං හොදින්ම දැක්කා.මගෙත් මුලු සිරුරම බයෙන් වෙව්ලන්න ගත්තා.තීමස්ගේ කතාවට අනුව කෲසෝ කියන්නේ භයානක කෙනෙක්.අපිව අහු වුනොත් මොනවයින් මොනවා කරයිද දන්නේ නෑ.
"දැන් අපි මොකද කරන්නෙ තීමස්."
"මං එයා ගාවට යන්නම්.ඔයා මාව පේන්නේ නෑ වගේ රගපාන්න."
"ඔයාට පිස්සුද තීමස්.මං කොහොමද ඔයාව ඒ නරුමයා ගාවට යවන්නේ."හැදිනගෙන පැය කිහිපයක් ගත වී තිබුනා වූ නමුත්,තීමස් මනුශ්‍යයෙක් නොවූ නමුත් ඔහු කෙරෙහි වූ අමුතුම ස්නේහයකින් මගේ හිත පිරී ගිහින් තිබුනා.එහෙම වෙද්දී මං කොහොමද තීමස්ව කෲසෝ වගේ රාක්ශයෙක් ලගට යවන්නෙ."මට ඊට වඩා හොද අදහසක් තියෙනවා.අපිට කොහොමහරි පියතුමාව ගෙන්න ගන්න වෙනවා."
"ඒත් කේට්ලන් අපි කොහොමද පියතුමාව ගෙන්න ගන්නෙ.කෲසෝ ඉන්නවා.එයා මටවත් ඔයාටවත් ගෙදරින් එලියට යන්න දෙන්නෙ නෑ කොහෙත්ම."
"අපි එලියට යන්න ඕනෙ නෑ."එහෙම කියපු මං මුලුතැන්ගෙයි පැන්ට්‍රිය උඩ තියලා තිබුන දුරකතනය ඇදලා ගත්තා.වෙව්ලන ඇගිලි වලින් නොම්මරය ගසා මං රිසීවරය කනේ තියාගත්තා.අනෙක් කෙලවරින් කතා කරපු ගමන් මං හෙමින් කතා කරන්න පටන් ගත්තා."හෙලෝ ජෝ,මං කේට්ලන් කතා කරන්නෙ.මං කියන දේ හොදින් අහගන්න.ප්‍රශ්න අහන්න එපා.මං කියන දේ ඒ විදියටම කරන්න.පුලුවන් තරම් ඉක්මනින් පල්ලියේ පියතුමාවත් එක්කන් අපේ ගෙදරට එන්න.පියතුමා මොනවා හරි ඇහුවොත් කියන්න ක්‍රිමසන් නිවසේ ලොකු ප්‍රශ්නයක්,එතුමාගේ උදව් අත්‍යවශ්‍යයි කියන්න.පුලුවන් තරම් ඉක්මනට එන්න ජෝ.ප්ලීස්,මං බලන් ඉන්නවා"එහෙම කියපු මං දුරකතනය නැවතත් පසෙකින් තිබ්බා.
"පෙට්...ඔයා කොහේද?මගේ තරහා අවුස්සන්නේ නැතිව ඉක්මනට එන්න."
කෲසෝගේ කටහඩ එන්න එන්නම ලං වුනා.මායි තීමසුයි බියෙන් ගැහි ගැහී පැන්ට්‍රියට හේත්තු වුනා.
"ඕහ් හෝ,,මේ ඉන්නේ මගේ පෙට්."කුරිරු මුහුනකින් යුක්ත වූ කෲස් අපගේ ඉදිරියේ ප්‍රාදුර්භූත වුණා.තීමස් පැහැදිලි කල ආකාරයටම ගැලපෙන මුහුනුවරක් ඔහු සතු වුනා.ඕනෑම කෙනෙක් දෙවරක් හැරී බලන්න තරම් වූ හැඩරුවක් ඔහුට තිබුනත් ඒ කඩවසම් බවත් එක්කම මතු වී පෙනුන කුරිරු බවකින් හා නපුරු බවකින් ඔහුගේ මුහුන පිරී තිබුනා.ඔහුගේ මුහුන දකින් ඕනෑම අයෙක් තැතිගන්න එක පුදුමයක් නෙවෙයි."මේ කව්ද පෙට්?"කුරිරු බැල්මක් කෲසෝ මා වෙත හෙලුවා."උඹ කවුරු වුනත් වැඩක් නෑ.මෙතනින් ඈත් වෙලා පලයන්.නැත්තන් උඹට සිද්ද වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි."
"උඹ සෙල්ලම් දාපු කාලය ඉවරයි කෲසෝ.උඹේ අවසානය ඇවිල්ලයි තියෙන්නෙ."කොහෙදෝ මංදා සිට පැමිණි ශක්‍තියකින් මං කෑගැහුවා.මගේ අනපේක්ෂිත හැසිරීම නිසා කෲසෝගේ මුහුන මදකට සලිත වුනත් ඊලග නිමේෂයේදී ඔහු කෲර ලෙස සිනහ වෙන්නට පටන් ගත්තා.
"උඹ කවුද ගෑනියේ මාව නවත්තන්න.මැරුම් නොකා පැත්තකට පලයන්.උඹ දන්නේ නෑ මේ කෲසො කියන්නෙ කව්ද කියලා.
එහෙම කිව්ව කෲසෝ ඔහුගේ දකුණු අත ඉදිරියට දිගු කලා.ඒත් එක්කම මාව ඉහලට පාවී යන්නට පටන් ගත්තා.මගේ දෙපතුල් වලින් පටන් ගත් සීතලක් හිස්මුදුන කරාම ඇදී ගියේ මුලු සිරුරම කලඹවමිනුයි.
"එයාට යන්න දෙන්න කෲසෝ.ඔයාට ඕනෙ මාවනෙ..මාව අරගන්න කෲසෝ.කේට්ලන්ට යන්න දෙන්න."තීමස් කෲසෝ ඉදිරියේ වැද වැටී බැගෑපත් වුනා.
"උබේ මහලොකු යාලුවට කියපන් අපේ දේවල් වලට ඇගිලි ගහන්න එපා කියලා.එහෙම වුනොත් උඹ දන්නවනේ මගේ හැටි පෙට්."එහෙම කිව්ව කෲසො මාව බිමට අත හැරියා."හෙටම උබලා මේ ගෙදරින් යන්න ඕනේ."එහෙම කියන ගමන් කෲසෝ ඔහුගේ අත් මගේ ගෙල දෙසට දිගු කලා.නමුත් කෲසෝ මගේ බෙල්ලට අත තබද්දීම කෑගසමින් පිටුපසට පැන්නා.මං මගේ ගෙල දෙස බැලුවම මගේ කරේ එල්ලෙමින් තිබූ රත්‍රන් කුරුසිය දැක්කා.දෙවියන්‍ට ස්තෝත්‍ර වේවා!කෲසෝගේ දුරවල කමක් මං දැනගත්තා.දෙවරක් හිතන්නේ නැතිව මං තීමස් ඉදිරියට පැන්නා.නමුත් තීමස්ව නොඇල්ලීමට වග බලා ගත්තේ එහෙම කලොත් ඔහුටත් කෲසෝට සිදුවූ දෙයම සිදුවන බව හිතුන නිසයි.
"කාටවත් බෑ දෙවියන්ට එරෙහි වෙන්බ.උබටවත් බෑ කෲසෝ අපි බලමුකො දැන් උඹ කොහොමද තීමස්ව අරං යන්නෙ කියලා.මේ ශුද්ධ වූ කුරුසියේ බලයෙන් උඹව අලු කරලා දානවා."මගේ හිතට මෙතරම් ශක්තියක් ලැබුනේ කොහෙන්ද කියා මටවත් හිතාගන්න බෑ.නමුත් ඒ මොහොතේ මගේ සිතේ ඉපදුන ඒ ශක්තිය ගැන මං සතුටු වුනා.
"එහාට වෙයන් ගෑනියේ."එහෙම කිව්ව කෲසෝ වියරුවෙන් වගේ කුස්සියේ තිබූ බඩු පෙරලන්නට වුනා.භාජන,වීදුරු බිදෙන සද්දෙන් මුලු නිවසම දෙව්නත් වුනා.ඊට සුලු මොහොතකට පස්සෙ මං මෙ මොහොතේ අහන්න අකමැති වූ කටහඩකින් මගේ හදවතම ඇවිලිලා ගියා.
"කේටලන්,ඔයා කොහේද.මොකක්ද ඒ සද්දේ?"එහෙම අහගෙන කුස්සියට ඇතුලු වුනේ මගේ ජේසන්.ජේසන්ව දුටු ගමන් කෲසෝගේ මුවගට ඇදුන කුරිරු සිනහවත් සමගම මගේ හදවත භීතියෙන් කිලිපොලා ගියා.
"ජේසන් දුවන්න..."මං පුලුවන් උපරිමයෙන් කෑ ගැසුවත් ඒ වනවිටත් මං ප්‍රමාදයි.කෲසෝ ජේසන්ගේ සිරුරට ඇතුලු වුනා.ජේසන්ව විසි වී ගොස් පිටුපස බිත්තියේ වැදුනා.ඔහුගේ දෑස් පිය්අවී තිබුනත් ඔහු කෙලින් සිටගෙනයි හිටියේ .ඊලග මොහොතේදී ඔහුගේ දෑස් විවර වුනා.නමුත් ඒ දෑස් වල තිබුනේ වෙබදා තිබූ පෙනුම නොවෙයි.මුලු අක්ශි බෝලයම කලු පැහැයෙන් පිරී තිබුනා.ඒත් එක්කම ජේසන්ගේ මුහුන වියරු සිනහවකින් පිරී ගියා.
"මං උඹට කිව්වා නේද මේ කෲසෝ එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.මෝඩ ගෑනි.දැන් විදවපන්."කෲසෝ ජේසන්ගේ සිරුර පාලනය කරන්නට පටන් ගත්තා.ඔහුගේ සිරුර ඉහලට එසවෙන්න ගත්තා .ජේසන් ගුවනේ පාවෙන්නට වුනා.ඔහුගේ මුහුනේ ඇදී තිබූ කුරිරු සිනහවේ නම් වෙනසක් තිබුනේ නෑ.
"එයාට යන්න දීපන් කෲසෝ මගේ ජේසන්ට යන්න දීපන්."මං කෑගැහුවා."ඔයාට ඕනෙ දෙයක් මට කරන්න.කරුණාකරලා මගේ ජේසන්ට යන්න දෙන්න."මං කෲසෝ ඉදිරියේ බැගෑපත් වුනා.නමුත් කිසිවක් නොකියා වියරු ලෙස හිනා වූ කෲසෝ ජේසන්ගේ නලල බිත්තියේ හප්පාගෙන හප්පාගෙන ගියා."එපා.... එපා කෲසො එපා අනේ එයාව අතඅරින්න..කරුණාකරලා කෲසෝ මගේ ජේසන්ව අත අරින්න."
"කෲසෝ මෙයාලට යන්න දෙන්න කෲසෝ.මං ඔයත් එක්ක එන්නම්,කරුණාකරලා මෙයාලව අත අරින්න කෲසෝ .."තීමස් මගේ පිටු පසින් ඈත් වී ඉදිරියට ගියා.
"තීමස්..."
"ඇති කේට්ලන්.මං නිසා ඔයාල දුක් විදින්බ ඕනෙ නෑ.මං මැරිලා,ඒත් ඔයා ජීවත් වෙනවා.මං නිසා තව කෙනෙක්ට ජීවිතයක් අහිමි වෙනවා දකින්න මං කැමති නෑ.කෲසෝ ජේසන්ව අතාරින්න,මාව ගන්න."ජේසන්ගේ සිරුර බිත්ති පුරා බඩගාමින් සිටියේ ඔහුගෙ පැලුන නලලතින් රුධිරය ගලා එමින් තිබුනා.ක්ටූසෝ වියරුවෙන් මෙන් කෑගසමින් ජේසන්ගේ සිරුර නිවසේ වහලය පුරා ගෙන ගියේ වවුලෙක් ඇවිදින්නා වගෙයි.
"අනෙ කෲසෝ ජේසන්ව අත අරින්න ..."දෑසින් කඩාහැලෙන කදුලැලි අතරින් මං බැගෑපත් වුනා.ඒත් සමගම නිවසේ ඉදිරි දොර විවෘත වෙන හඩත් ජෝගේ කටහඩේ ශබ්දයත් මට ඇසුනා.නැවතත් මගේ හිතට කොහේදෝ සිට පැමිනි ශක්තියක් දැනුනා.ඒත් සමගම මං තීමස්ට කතා කලා."තීමස් ඔයා මගේ ඇග ඇතුලට එන්න.එන්න තීමස්,ඉක්මනටම."
"ඒත් කේට්ලන්..."
"ඒත් මේත් කියන්න වෙලාවක් නෑ තීමස්.කෲසොට ජේසන්ගේ ඇගට යන්න පුලුවන් නම් ඔයාටත් මගෙ ඇගට යන්න පුලුවන්.ඔයාට තමයි දැන් කෲසෝව නවත්තන්න වෙන්නෙ තීමස්.කරුණාකරලා මගේ ඇගට ඇතුලු වෙන්න.ඊටපස්සෙ කරන්න ඕනෙ දේ ඔයා දන්නවනෙ."මං මගේ කරේ තිබූ කුරුසිය ගලවා විසි කලා.ඒ මොහොතේදීම මුලුතැන්ගෙට ඇතුලු වූ ජෝ තුෂ්ණිම්භූත වී තීමස් දෙස බලා සිටින්නට වුණා..ඔහුගේ දෙඇස් විශාල වෙනවා මට පෙනුනා.තීමස්ගෙත් දෙඇස් විශාල වී තිබූ අතර,ඔහුද ජෝ දෙසම බලා සිටින්නට වුණා."තීමස් ඉක්මනට..."තවත් ප්‍රමාද වීම අනුවණ බැවින් මං කෑ ගැසුවා.

2018-09-21, 11:53 pm
Ada mata godak happy mama ada ude mekata awith baluwa ai dan oya meka liyanne naththe kiyala. Adama oya meka update karala. Thank u gandayo issara wage dan oyagen msg nathi unath miss u so much. !!!! God bless you parissamen. Kathawa gana kiyanna one nane mara lassanai. He eh mama mama me ra meka kiyauwe aththatama mama tikak bayath una.
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29
Re: `•°ලෝහිත හාදුව°•´
2018-12-03, 1:31 pm
ලස්සනයි ඉතුරු ටිකත් ලියන්න
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03
Re: `•°ලෝහිත හාදුව°•´
2018-12-03, 10:43 pm
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29
Re: `•°ලෝහිත හාදුව°•´
2018-12-10, 11:48 am
ලස්සනයි
- J.rishanRegular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 78
GetReal Gold : 4491
Member Since : 2018-05-13
Re: `•°ලෝහිත හාදුව°•´
2019-03-20, 11:28 pm
9 වන පරිච්ඡේදය-
"ටි..ටිමී..."ජෝ ගේ විමතියට පත් වූ හඩත් සමගම තීමස්ගේ මුහුණ පුරා මට හොදින්ම තේරුම්ගන්නට හැගීමක් ඇදී ගියා.'ආදරය',,තිමස් ජෝ දෙස බලාගෙන හිටියෙත් මං ජේසන් දෙසත් ජේසන් මා දෙසත් බලන අයුරෙනුයි. ජෝ ගේ මුහුනේ තිබුනෙත් එම හැගීමමයි.
"ටිමී,ඔයා...මගේ ටිමී...ඒත්..මේ මොකද මේ ඔයාගේ ඇදුම්,,දම්වැල....."දෑසින් වැටෙන කදුලැලි සමගින් ජෝ තීමස් දෙසට ඇදී ආවා.
"කරුණාකරලා ජෝ,,දැන් ඒව ගැන කතා කරන්න වෙලාවක් නෑ.මෙතන අපේ සාමාන්‍ය ලෝකයෙන් බැහැරැ වුණ දෙයකුයි සිද්ද වෙන්නෙ..තීමස් ඉක්මනට මගේ ඇග ඇතුලට එන්න..ඉක්මනට.."මං තීමස්ව පියවි සිහියට ගෙන එමින් කෑ ගැහුවා. මගේ කෑගැසීමත් සමගම තවත් එක් වරක් ජෝ දෙස බැලූ තීමස් මගේ ශරීරයට ඇතුලු වුණා.ඒත් සමගම නිවසට ඇතුලු වූ පියතුමාගේ දෑස් දර්ශනයෙන් සුවිසල් වෙනවා වගේම ජෝගේ මුව බාගෙට විවර වී විමතියට පත් වනවා මං දුටුවා. මගේ සිරුර තුල යම් ප්‍රතික්‍රියාවක් වනවා මට දැනෙන්නට පටන් ගත්තා.මගේ ඓරුර පුරා ලේ ගමනාගමන්‍ය වේගවත් වන්නට පටන් ගත්තා.ශක්තිය දරාගන්නට නොහැකිව මගේ දෑස් පියවුන අතර මගේ මනස පුරා ඇදී ගියේ මගේ ආදරය,ජේසන්ගේ රුවයි. දැන් මට අවශ්‍ය කෙසේ හෝ මගේ ජේසන්ව බේරා ගැනීමට පමණයි.මගේ ජීවිතය නැති වුණත් ජේසන් ජීවත් විය යුතුය.කෲසෝ කියන නරුමයාගේ අතින් ජේසන්ගේ අහින්සක ජීවිතය නැතිවෙන්න මං ඉඩ තියන්නෙ නෑ.
තීමස්ගේ දෘෂ්ටි කෝණය-
නිවසේ දොර අතරින් මතු වු ඒ රුව දෙස මං ගල් ගැසී බලා සිටියා. නැවත දකින්නට දිවා රෑ පෙරුම් පිරූ ඒ රුව අද මගේ ඉස්සරහටම ඇවිත් හිටියත් මට කිසිවක් කරගන්නට බැහැ. ඔහුගේ මුහුණ ස්පර්ශ කරන්නට,ඔහුගේ දෙතොල් සිපගන්නට,ඔහුව වැලදගන්නට උවමනා වුවත් මට ඒ දේ අද කරගන්නට බැහැ.මං කොයි තරම් පව් කාරයෙක්ද. ඔහු මා දෙස පෙර තිබූ ආදරය පිරුණ ඒ බැල්මෙන්ම බලා සිටියා. ඔහුගේ දෑස් කදුලු වලින් පිරී යනවා මා බලා සිටියා,ඒ කදුලු පිසින්නට කෙතරම් උවමනා වුවත් මට එසේ කරන්නට බැහැ.මෙතරම් අසරණ වූ දවසක් මට මතක් කිරීමටවත් නොහැකි තරම්. ඔහු මගේ නම කියා තවත් මොන මොනාදෝ කිව්වා.නමුත් මට ඒ කිසිවක් ඇසුණේ නැහැ. මේ තරම් කාලයක් බලන්නට පෙරුම් පිරූ ඒ රුව දෙසම මං වශීකෘත වී බලා සිටියා. මගේ ජෝ,ආයෙත් වතාවක් මගේ ඉදිරියට ඇවිත්.මං ඔයාට කොයි තරම් නම් ආදරේද ජෝ.ඒත් මං අසරණයි.ඔයාගේ තුරුලට දුවන් ඇවිත් ඔයාගේ උණුසුම විදින්න කොයිතරම් නම් උවමනා වුණත් මට ඒක කරගන්න බැහැ.ඔයාහේ සුවද නැවත විදගන්න ඕනෙ වුණත් මට ඒක කරන්න බැහැ. දෙවියන් ඇයි මට මේ තරම් කුරිරුකම් කරන්නෙ. ලෝකේ තියෙන සේරම දුක් ඇයි මටම දෙන්නේ.මං මොන පවක් කලාටද මාව මෙතරම් අසරණ කරන්නේ. මට දැන් කෑ ගහලා අඩන්න ඕනෙ.මගේ හිතේ තියෙන දුක මුලු ලෝකෙටම කියන්න ඕනෙ. ඇති තරමට අඩලා අඩලා මට මේ දුක තුනී කරගන්නට ඕනෙ.ඒත් මට එහෙම කරන්න පුලුවන් වෙයිද?කෑ ගහලා ඇඩුවට,ලෝකෙටම මගේ දුක කිව්වට ,ඇත්තටම මගේ දුක අඩු වෙයිද? මං දන්නේ නෑ,මට මේ ක්සි දෙයක් තේරෙන්නෙ නෑ.මට කවුරුවත් නැති තැනකට දුවලා ගිහින් තනි වෙන්න හිතෙනවා.කාටවත්ම මාව පේන්නෙනැති,කාටවත්ම මාව ඇහෙන්නෙ නැති තැනකට ගිහින් හැංගෙන්න හිතෙනවා.ඒත් ප්‍රාණය නිරුද්ධ මගේ සිරුර තවත් කොහේට කියලා ගිහින් හැංගෙන්නද?දැනටමත් මං පියවි ලෝකයෙන් සැගවිලා අවසන්. මගේ ආත්මය විදින දුක කිසිම ආත්මයක් විදලා නැතිව ඇති.හදවතක් නැති මගේ පපුව මහ හයියෙන් ගැහෙන්නේ කොහොමද? හදවත නැති වුනාට ජෝ වෙනුවෙන් මගේ හදවතේ තිබ්බ ආදරය තවමත් මේ පපුවේ පැල පදියම් වෙලා තියෙනවා.ඒ ආදරය මගේ පපුව පුරා ගලා ගෙන යන්නේ මුලු පපුවම පුරවමිනුයි.
"...තීමස් ඉක්මනට මගේ ඇග ඇතුලට එන්න..ඉක්මනට.."කේට්ලන්ගේ ශබ්දයෙන් මං නැවතත් පියවි සිහියට ආවා.
මගේ ඉදිරියේ සිටින කේට්ලන්ගේ රුව දැක්කම මගේ මුලු සිරුරම අමුතුම ශක්තියකින් පිරී ගියා.මට මගේ මැලක්වවත්,මගේ ජීවිතයවත් කෲසෝ කියන නරුමයාගෙන් බේරාගන්නට නොහැකි වුණා.නමුත් මං කොහොම හරි කේට්ලන්වත්,ජේසන්වත් ඒ අමනුස්සයාගෙන් බේරාගන්නවා.තවත් අසරණ ජීවිත දෙකක් කෲසෝට බිලි වෙන්නට මං ඉඩ තියන්නේ නෑ.අද මං කෙසේ හෝ කෲසෝව විනාශ කරනවා.මගෙත්,මැලක්ගේත් ආත්ම වලට සැනසීමක් ලැබෙන්නේ එතකොටයි.මං අවසාන වතාවට ජෝ දෙස බලලා කේට්ලන්ගේ සිරුරට ඇතුලු වුණා.
මොහොතකින්.මං සිටියේ කේට්ලන්ගේ සිරුර ඇතුලේයි.කේට්ලන්ගේ සිරුර මෙන්ම මනසත් මගේ යටතට පත් වෙලායි තිබුනේ.මං දෑස් විවර කරලා ජෝ දෙස බැලුවා.ඔහිගේ දෑස් මෙන්ම මුවත් විශාල වී තිබුනා.ඔහුගේ දෑස් වලින් විමතිය දිස් වුණා.ඔහු පසෙකින් සිටගෙන සිටියේ පියතුමායි. එතුමා තම මල්ලෙන් මොනවාදෝ අදිමින් සිටියා.පියතුමාට තනිවම කෲසෝ හා සටන් වැදිය නොහැකියි.කෲසෝ ඒ තරමටම බලවත් වී තිබුනා.එම නිසා මා කෙසේ හෝ කෲසෝව අඩපණ කල යුතුයි.ජේසන්ගේ සිරුරෙන් කෲසෝවා ඉවතට ගත යුතුයි.ශරීරය තිබෙනා තාක් කල් ඔහු බලවත් වැඩියි නමුත් ශරීරය අහිමි වූ විටම ඔහුගේ බලය අඩු වෙනවා.එතකොට තමයි අපි ඔහුට පහර දිය යුතු වන්නේ.එවිට පියතුමාට කෲසෝව විනාශ කර දැමීම පහසු වෙනවා.
මං කෲසෝ දෙසට මගේ නෙත් යොමු කලා. ඔහු ජේසන්ගේ සිරුර විකෘති කර තිබුනා.ජේසන්ගේ තොල් හා නලල ඔඇලී ලේ ගලමින් තිබුනා.නමුත් කෲසෝ විසින් ඇති කරනු ලැබූ කෲර සිනහවකින් ඔහුගේ මුව සැරසිලායි තිබුනේ.
"ජේසන්ව අත ඇරපන් කෲසෝ."මං කෑගැසුවා.
"ඕහ් මගේ ආදරණීය පෙට්. ඔයා දන්නවා මේ කෲසෝ කවුද කියලා.ඉතින් එහෙම එකේ ඇයි ඔයා මගෙන් ඉටු නොවෙන දේවල් බලාපොරොත්තු වෙන්නෙ.ඒ වගේම පැටියෝ,ඔයාගේ මේ අලුත් පෙනුමට නම් මං එච්චර කැමති නෑ. මං කැමති මගේ පුංචි සරාගී ලස්සන පෙට්ගේ ස්වරූපයට.බයවෙන්න එපා.වැඩි වෙලාවක් ඔයාට ඔයා ගෑනු ශරීරයේ හොර වෙලා ඉන්න වෙන්නෙ නෑ."
"තමුසෙ නම් මහ නරුමයෙක්.මේ පාර නම් මං තමුසෙව ඉවරයක් කරලා දානව.මං මගේ පලිය ගන්නවා."මං කෑගසමින්ම කෲසෝ වෙතට ඇදී ගියා.නමුත් කෲසෝ මාව තල්ලු කරා.මාව ඇදිලා ගිහින් බිත්තියේ වැදී බිමට ඇද වැටුණා."ආහ්.."මං නැවතත් නැගිට කෲසෝ වෙතට ගියත් මේ වතාවේ මහේ හිතේ තිබුන දෙය කෲසෝට තේරුම්ගැනීමට අවස්තාවක් දෙන්නට මං සූදානම් වුණෙ නැහැ.මං බිමට වැටුන වෙලේ කේට්ලන් ගලවා විසි කල ඇගේ කුරුසිය සහිත මාලය මට අසු වුනා.කුරුසිය අල්ලදී මගේ මුලු සිරුරම දැවී ගියත් කෲසෝව විනාශ කිරීමේ දැඩි අරමුණ නිසා මට ඒ දැවී යාම එතරම් දැනුනේ නෑ.මං නැගිට ගත් වනම දුව ගොස් කෲසෝට පා පහරක් එල්ල කලා.අනපේක්ශිත පහරත් සමග බිම ඇද වැටුන කෲසෝ වෙතට පැන්න මං මෙතරම් වෙලා මගේ අතේ සිර කරන් තිබූ මාලය ඔහුගේ ගෙල වටා දැම්මා.
"ආහ්...මේ මොකක්ද උඹ කලේ තීමස්..මේක ගලෝපන්...ආහ්....මාව පිච්චෙනව...මේක ගලෝපන්.....ආහ්හ්හ්" කෲසෝ වියරුවෙන් මෙන් කෑ ගසමින් දගලන්නට වුණා.
"හහ් හහ්හ්හා උඹේ වේදනාව මට සතුටක් දෙන්නේ කෲසෝ...විදවපන්,,උඹ අපිට කරපු දේවල් වලට හරි යන්න විදවපන් තිරිසණා.උඹට ඕකෙන් ගැලවෙන්න ඕනෙ නම් ජේසන්ගේ සිරුරෙන් එලියට එන්න වෙනවා.ඒ ඒම උබේ අවසාන පැමිණීම වෙයි..හහ් හා"කෲසෝගේ වේදනාව මට සතුටක් ගෙන දුන්නත් කෲසෝගේ වේදනාවත් සමග ජේසන්ගේ ජීවිතයට සිදුවන හානිය මට බලා ඉන්නට බැහැ.කෙසේ හෝ කෲසෝව ජේසන්ගේ සිරුරෙන් එලියට ගන්න වෙනවා."පියතුමනි ඔබතුමා සූදානම් වන්න.කෲසෝගේ දුෂ්ට ආත්මය දැන් ජේසන්ගේ සිරුරෙන් ඉවත් වේවි."එසේ කියූ පසු මංනැවතත් කෲසෝ දෙසට හැරුණා.කෲසෝ වේදනාවෙන් ඇඹරී ඇබරී සිටියත් ජේසන්ගේ ශරීරයෙන් එලියට ආවේ නැහැ.මට තවත් යම් දෙයක් කරන්නට වෙනවා.ඔව්,ලුණු..මං ලුණු සොයාගත යුතුයි.කෝ මේ ලුණු බෝතලය..ආහ් අර තියෙන්නේ.මං ලුණු බෝතලය අතට අරගෙන කෲසෝ වෙතට ගියා.මගේ අතේ නොවදින්නට පරිස්සම් වෙමින් මං ලුණු ඔහු වෙතට හැලුවා.
"ආහ්....ආහ්හ්හ්හ්" කෑගසමින්ම කෲසෝ ජේසන්ගේ සිරුරෙන් ඉවත් වූවා.වහාම ක්‍රියාත්මක වූ පියතුමා මහ හඩින් යාච්චා කරමින් ආශිර්වාදිත ජලයෙන් කෲසෝගේ පව් කාර ආත්මය නැහැව්වා.
"ඉන් නොමිනේ පාත්‍රීස් එට් ෆීලී එට් ස්පිරිතූස් සාන්ක්තී ඒගෝ ටේ ,කෲසෝ කන්ඩෙම්නාබෝ අඩ් ඉන්ෆෙර්නුම්."( පිතාගෙත්,පුත්‍රයාගෙත්,ස්ප්‍රීතු සාන්තුගෙත් නාමයෙන් මම නුඹ,කෲසෝව නැවතත් නිරයට නියම කරමි.) ආවේ මරියා,ග්‍රාසියා ප්ලේනා.ඩෝමිනුස් ටේකුම්........."පියතුමා යාච්චා කියද්දී කෲසෝගේ මුවින් අමුතු අමුතු භයානක ශබ්ද රැසක් පිටව්න්නට වුණා.මං ඉක්මනින්ම ජේසන්ගේ සිහිසුන් සිරුර වෙතට දිව ගියා.ඔහුගේ සිරුරේ කිසිදු සෙලවීමක් තිබුනේ නැතත් ඔහුගේ සෙමින් වැටෙන හුස්මේ හඩ මට ඇසුණා.මං නැවතත් කෲසෝ දෙස බැලුවා.ඔහුගේ මුලු සිරුර වටාම ගිනි දැල් වලින් ඇවිලි තිබූ අතර ඊලග මොහොතේදි ඔහුගේ මුලු සිරුරම අලු වී අතුරුදහන් වී ගියා.මං නැවතත් ජේසන් දෙස බැලුවා.දැන් මං කෲසෝගෙන් නිදහස්.මෙපමණ කාලයක් ඔහුගේ යටතේ දුක් විදි කාලය අවසන්. මං මැලක්ට සාධාරණයක් ඉෂ්ට කලා වගේම කේට්ලන්වත්,ජේසන්වත් බේරාගත්තා.නමුත් කේට්ලන්ගේ උදව් නැතිව මට කිසිවක් කරගන්නට හමු වන්නෙ නෑ.ඒ නිසා මං සදහටම ඇයට ණය ගැතියි .මගේ සිතට කවදාවත් නොදැනුන තරමේ සහනයක් දැනුනා.කාලයකට පස්සේ මගේ සිත සතුටින් පිරී ගියා.මගේ මුවගට සිනහවක් පැමිණියා.ඊලග මොහොතේ මගේ අතෙහි යමක් දැවටෙනවා දැනුන බැවින් මං හිස ඔසවා සංවේදනය දෙස බැලුවා.ඒ අත මං හොදින්ම හදුනනවා.පෙර කලකදී ඒ අත මගේ අතත් සමග කෙතරම් නම් පැටලී තිබුනාද? මං කෙතරම් නම් ඒ අත සිපගෙන ඇතිද? මගේ දෑසට කදුලු ඉනුවේ මටත් නොදැනීමයි. මං ඇස් ඔසවා ඒ මුහුන දෙස බැලුවා. මගේ ජෝ මං දෙස බලා ඉන්නවා.ඒ ආදරය පිරුණ ඇස් දෙකෙන් මං දිහා බලා ඉන්නවා.මගේ දෑස් ඔහුගේ දෑස් හමු වී ඒ හා බැදී තිබුනා.කෙට්ජරම් කාලය ගත වුණාද කියලා මං දන්නේ නැ.නමුත් මං සෙමින් සෙමින් ඔහුගේ දෙතොල් වලට ලං වෙන මට දැනුනා.නමුත් මං තවත් ලං වන්නට මත්තෙන් ඔහු මාව වැලැක්වූවා.එවිට මගේ හිතේ දරාගත නොහැකි දුකක් ඉපදුනත් ඔහු ඊලග මොහොතේ පැවසූ දෙය නිසා මගේ දුක තුනී වී සිනහවක් ඉපදුනා.
"ඔයා තාමත් ඉන්නෙ මගේ අක්කගේ ඇග ඇතුලේ.ඉතින් ඔයා මාව සිපගත්තොත් මට ආයෙත් අක්කගෙ මූන බලන්න බැරි වෙනවා." ජෝ එහෙම කියද්දී මං හෙමින් සිනහ වුනා.ඔහුගේ දෙතොල් වලට නොයා මං ඔහුගේ කම්මුල සිප ගත්තා. ඉන්පසුව මං ඔහුගේ දෑස් දෙස බලා ඉන්නට වුණා.ඔහු යමක් කියන්නට කට ඇරියත් මං ඔහුව වැලැක්වූයේ ඔහු යමක් කියන්නට මත්තෙන් මං ඔහුට කිව යුතු දෙයක් තිබුන නිසයි.

Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|