Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2453 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share
Go down
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 61
GetReal Gold : 1165
Member Since : 2018-05-13

`•°ලෝහිත හාදුව°•´ - Page 5 Empty Re: `•°ලෝහිත හාදුව°•´

on 2019-03-20, 11:30 pm
සමාවෙන්න.කලබලෙන් ලියපු කොටසක්..ඊටත් වඩා මං මාස ගානක් තිස්සෙ චුට්ට චුට්ට ලියපු කොටසක්.නොගැලපීම් වගේම විකාරයක් වගේ දැනෙන තැන් තියෙයි.ඒකට සමා වෙන්න.
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 61
GetReal Gold : 1165
Member Since : 2018-05-13

`•°ලෝහිත හාදුව°•´ - Page 5 Empty Re: `•°ලෝහිත හාදුව°•´

on 2019-03-20, 11:50 pm
[You must be registered and logged in to see this link.]

අවසාන කොටසින් නැවත හමුවෙමු...
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 61
GetReal Gold : 1165
Member Since : 2018-05-13

`•°ලෝහිත හාදුව°•´ - Page 5 Empty Re: `•°ලෝහිත හාදුව°•´

on 2019-03-21, 12:16 am
I carry with me all the love that you give
You brought me serenity, a reason to live
Our life is a journey
That we took from the start
We made all these memories together

I can remember
The first time that we met
The feelings you gave to me, I'll never forget
I knew from that moment
When our love first began
We'd last till the end of time forever

And though there were bad times
We stood by each other
And did what we had to get through

You live in my heart, when you're far away
I see you in dreams where I hear you say
I'm with you forever, in true love
By light of the day and stars above

And when there were bad times
We held on each other
To face what we had to get through

You live in my heart, when you're far away
I see you in dreams, when I hear you say
Look up to heaven, and I'll be there
Still guiding my heart
Still saying our prayer

Lost Love by Judas Priest
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 119
GetReal Gold : 1597
Member Since : 2018-01-24

`•°ලෝහිත හාදුව°•´ - Page 5 Empty Re: `•°ලෝහිත හාදුව°•´

on 2019-03-21, 11:08 pm
Lassanaiiiiiii thadissss he he me katha nemei padan karapiya alaya
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 61
GetReal Gold : 1165
Member Since : 2018-05-13

`•°ලෝහිත හාදුව°•´ - Page 5 Empty Re: `•°ලෝහිත හාදුව°•´

on 2019-03-25, 6:05 am
[You must be registered and logged in to see this link.] wrote:Lassanaiiiiiii thadissss he he me katha nemei padan karapiya alaya
smile smile smile
upekus
upekus
Regular Member
Country : Sri Lanka
Posts : 17
GetReal Gold : 2005
Member Since : 2017-02-01

`•°ලෝහිත හාදුව°•´ - Page 5 Empty Re: `•°ලෝහිත හාදුව°•´

on 2019-03-26, 7:14 pm
[You must be registered and logged in to see this link.] wrote:සමාවෙන්න.කලබලෙන් ලියපු කොටසක්..ඊටත් වඩා මං මාස ගානක් තිස්සෙ චුට්ට චුට්ට ලියපු කොටසක්.නොගැලපීම් වගේම විකාරයක් වගේ දැනෙන තැන් තියෙයි.ඒකට සමා වෙන්න.
Kalabalen hari mehema liyana ekama made malliyaa....lassanaii thumbup thumbup ,puluwan welawata liyanna...padam wadath karana gaman habai aaaa....jaya wewaa.... pride pride
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 61
GetReal Gold : 1165
Member Since : 2018-05-13

`•°ලෝහිත හාදුව°•´ - Page 5 Empty Re: `•°ලෝහිත හාදුව°•´

on 2019-08-22, 11:22 am
[You must be registered and logged in to see this link.]





අවසාන පරිච්ඡේදය


"ජෝ...."මගේ මුවින් ජෝ ඉදිරියේ කාලෙකට පසුව කියවුණ පලවෙනි වචනය ඔහුගේ නමයි. මගේ ආදරණීය ජෝ.නමුත් එය මගේ සිතේ මහ හඩින් මොරදුන්නා පමණයි. මගේ මුව ගොලු වී ගියේ උගුරේ යමක් සිර වූ පරිද්දෙනුයි. මගේ ජෝ මගේ ඉදිරියේ ඉන්නවා. ඔහුගේ දෑත මගේ දෑතේ ස්පර්ශ වෙනවා. මේ වගේ මොහොතක් එනකන් මං කොච්චර කල් බලන් හිටියද!! අවසානයේ ඒ මොහොත ආවාම මාව ගොලු වෙලා. අති විශ්ෂටයි. මං නැවත ජෝගේ දෑස් දෙස බැලුවා. කෙසේ හෝ යමක් පිට කරගන්නට මුව විවර කරද්දීම පියතුමාගේ කටහඩ මාව නැවැත්තුවා.

"දරුවා,දැන් ඉර පායන්නටත් ලගයි. ඔබගේ අවසන් කටයුතු ඊට පෙරාතුව සිදුකිරීම සුදුසුයි." එය ඇසීමෙන් මගේ මුලු සිරුරම වෙව්ලා ගියා. තවත් සුදුමැලි වීමට හැකියාවක් තිබුනා නම් එයද සිදු වූවා. මං නැවත ජෝ දෙස බැලුවා.

"ජෝ,,මං කලින් කරපු හැම දෙයක්ම කලේ ඔයා වෙනුවෙනුයි ජෝ. ඔයාගේ හිත රිද්දන්න උනෙත් ඔයාගේ හොදටම විතරයි. මට සමාවෙන්න ජෝ,මට සමාවෙන්න. මේ මොහොත එනකන් මං ගොඩක් කල් බලන් හිටියා.සමහර විට මගේ ආත්මය මෙච්චර කල් හිර වෙලා තිබ්බෙත් ඒක නිසාම වෙන්න ඇති. මට අවසානයට කියන්න තියෙන්නෙ, මං ඔයාට ගොඩාක් ආදරෙයි ජෝ. ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන ආදරය අසීමිතයි,අමරණීයයි. මගේ පිනක් තියෙනවා නම්,නැවත ඉපදීමක් තියෙනවානම් ආයෙත් ඔයාව මට හම්බවේවි. සතුටින් ඉන්න ජෝ මං ඔයා දිහා බලාගෙනයි ඉන්නෙ." එහෙම කිව්ව මං කේට්ලන්ගේ සිරුරින් එලියට ආවා. මගේ නියම ස්වරූපයෙන් නැවත වරක් ජෝ දෙස බැලූ මම පියතුමා දෙසට හැරී මුව සෙලවූවා. මගේ ඇගිලි එකිනෙක ගැටී ශබ්දයක් නිකුත් වූ අතරතුර මා ඉදිරියේ ප්‍රාදුර්භූත වුනේ මගේ ප්‍රාණය නිරුද්ධ ශරීරයයි. මං නැවත ජෝ ඩ්ජෙස බැලුවේ නෑ. ඔහුගේ මුහුන මං බලන්නේ කෙසේද? ඔහුගේ ඒ වේදනාබර මුහුන මට බලන්න බැහැ.

ජෝ කියන්නේ මේ ලෝකෙට පහල වුන සුරදූතයෙක්. එවන් පුද්ගලයෙක්ව සිතින් රිදෙව්ව පාපයම මට ඇති නිරය හිමිවෙන්න. නමුත් ජෝ වෙනුවෙන් මගේ හිතේ තියෙන ආදරය,මං වෙනුවෙන් ඔහුගේ හිතේ තියෙන ආදරය මාව බේරාගන්න බව මං දන්නවා. නැවත කවදා කොහේදී හෝ ඔහුව හමුවීමයි මගේ අවසාන ප්‍රාර්ථනාව. දැන් මේ ලෝකෙට සමුදෙන්නට කාලය පැමිණිලා. පියතුමා යාච්චා කරනවා මට ඈතින් වගේ ඇසෙනවා. මං නැවත වරක් තෝන්තුවෙන් මෙන් මා දෙස බලා සිටිනා ජේසන්,කේට්ලන් දෙස පිලිවෙලින් බලලා කෘතච්චපූර්වක සිනහවක් පිදුවා. මගේ දෑස් ඊලගය යොමු වුනේ කදුලින් සහ මා වෙනුවෙන්ම උපන් ආදරයෙන් පිරී තිබුන ඒ දෑස් වෙතටයි. මොහොතක් අපගේ දෑස් හමු වූවා. පියතුමාගේ යාතිකාව අවසාන වෙන්නා හාම මගේ විනිවිද පෙනෙනා සිරුර මදින් මද ක්ශය වෙන්නට පටන් ගත්තා. ජෝ දෙස බලාගෙනම මං වාතලයට මුසු වී මේ ලෝකෙන් සදහටම නැති වී යන්නට ගියා.

*******************************************


ජෝ ගේ දෘෂ්ටි කෝණය


මං සාමාන්‍ය පිරිමි ලමයෙක්. අනිත් අය වගේම පාසල් ගියා,විශ්ව විද්‍යාලයට ගියා,රැකියාවකුත් කරනවා. මගේ අක්ක එක්ක රණ්ඩු කරනවා,තරහා වෙනවා,ආයෙත් යාලු වෙනවා. ගෙදර අයත් එක්කත් ගොඩාක් ආදරෙන් හිටියා. යාලුවෝ එක්ක පාපන්දු සෙල්ලම් කරනවා,ලැක්‍රොස් සෙල්ලම් කරනවා. හැමදේම හොදින් තිබුනා. නමුත් එක දෙයක් හැර. ඒ තමයි මං කාටවත්ම නොකියපු මගේ සිතේ හන්ගන් හිටපු මගේ රහස. මගේ ආදරණීයයන්ට කියන්නට නොහැකිව ඔවුන්ට බොරුකාරයෙක් ලෙස බොරු කරමින් මගේ හිතට වද දුන් ඒ රහස තමයි,මං සමරිසි පුද්ගලයෙක්. පුද්ගලිකව මං මගේ ජීවිතය ලේබල් කරගන්නට අකමැති වුනත් ඒ වෙනුවෙන් කියන්නට සුදුසු වෙනත් වචනයකුත් මා සතුව නැහැ. සමරිස්සෙකු වීම කෙදිනක්වත් මගේ හදවතට බරක් වුණේ නෑ,නමුත් ඒ පිලිබදව සගවාගෙන සිටීම මට ලොකු වේදනාවක් ගෙන දුන්නා. මගේ ආදරණීය අම්මාට,තාත්තාට ,හැමදේටම මාත් එක්ක ඉන්න අක්කාට බොරු කිරීම මගේ හදවතට වාවගන්න බැරි ලොකු දුකක් එක් කලා.නමුත් මට ඔවුන් සමග සතුටින් සිටින්නට නම් මේ බොරුවත් සමගම ජීවත් වෙන්නට සිදු වුණා. මොකද සමරිස්සන්ට මේ සමාජය තුල කුඩා ඉඩක්වත් අත් වුණේ නෑ.ඔවුන්ව මිනිස්සු පිලිකුල් කලේ හරියට නිකන් ඉවතලන කුණු වූ මස් කැබැලි අප්‍රිය කරන්නා වගෙයි. අපව මිනිස් සංහතියෙන් බැහැර කරපු අමුතුම ජාතියේ සත්තුන්ගේ මට්ටමකට අපව ඇද දමා තිබුනා. ඒවා ගැන සිතේ කේන්තියක් උපන්නත් අප මොනවා කරන්නද? මුලු සමාජයක්ම වෙනස් කිරීම අපහසුයි. නමුත් එය කල නොහැක්කක් නොවන බව මගේ හිත තදින්ම කිව්ව. අවශ්‍ය වන්නේ හිතේ ධයිර්‍යය තමයි.

නමුත් මං එතරම් ශක්තිමත් පුද්ගලයෙක් නොවෙයි. ඒ නිසාම වෙන්න ඇති මෙතරම් කාලයකට මගේ හිතේ කිසි කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා නැත්තේ. මං තවත් පිරිමි ලමයෙකුව තවම සිපගෙනවත් නැහැ. යාලුවන්ගේ කීමට සහ ඔවුන්ගේ සැකයෙන් බේරීමට ගැහැනු ලමුන් කීප දෙනෙක් ඇසුරු කර තිබුනද ඔවුන්ගේ දෙතොල් වලින් මගේ සිත ව්‍යාකූල කරනවා හැර පිනවීමක් සිදු වූයේ නැහැ. නමුත් එක් දිනක් මං නොසිතූ ලෙස සියල්ලම වෙනස් වුණා.

එදා පල්ලියේදී මං මෙතෙක් දැකපු ලස්සනම රුව දැක්කා. දේවදූතයෙක් වගේ සංයමයෙන් අල්තාරය දිහා බලාගෙන ඉන්නවා. ඔහුටත් නොදැනෙන්න මං ඔහු දෙස සෑහෙන්න වෙලා බලන් හිටියා. කෙසේ හෝ ඔහුව හදුනාගන්න ඕනෙ කියල මං අදිටන් කරගත්තේ ඔහු දෙස බලා සිටිද්දීමයි.ඔහු මෙන් කිසිවෙකුත් මගේ සිත සසල කරන්නට සමත් වී තිබුනේ නෑ. දෙවියන්ගේද ආශිර්වාදය ඉල්ලාගෙන මං ඔහුට ලං වුණා. ඔහු නමින් තීමස්,ඔහුගේ කටහඩ මගේ සවන් පුරා දෝංකාර දෙන්නට පටන්ගත්තේ මාව පිස්සෙක් කරමිනුයි. අපි නැවත නැවත හමුවුණා. ටිකෙන් ටික අපි ලංවුණා. මං ඔහුට ආදරය කරන්නට පටන් ගත්තා. ඔහුත් මට ආදරය කරන වගෙ මට වැටහුණා. අපි අපේ කතාව එකිනෙකාට කිව්වා. ඔහුගේ අතීතය මටවත්,මගේ අතීතය ඔහුටවත් අදාල වුණේ නැහැ. අපි දෙන්නටම තිබුනේ එකම බලාපොරොත්තුවක් පමනයි. ඒ අපේ වර්තමානයත් ,අනාගතයත් අපේම කරගන්න එක. මං රැකියාවේ මාර්ගයෙන් ඔහුත් සමග නිවසේ පදිංචියට ගියා. අපි ගොඩක් සතුටින් හිටියා. හරිම ආදරයෙන් අපේ කාලය ගෙවී ගියා. නමුත් ටික කාලෙකින් අපේ ජිවිත වලට හෙනහුරා කඩා පාත් වුණා. තීමස් මාව රැවැට්ටුවා. ඔහු මං නැති අතරතුර වෙනත් පුද්ගලයෙක් හා යහන් ගත වෙලා සිටිනවා මගේ දෑසිනිම දුටුවා. එදා අපි අතර ලොකු රණ්ඩුවක් ඇති වුණත් මං ඔහුට සමාව දෙන්න හිත හදාගත්තා. මොකද ඔහුගේ වැරැද්දට වඩා මගේ ආදරය බලවත්. නමුත් ඔහු මගේ සමාව භාරගන්න කැමති වුණේ නැහැ. එලෙස අපි වෙන් වුනා. මට ආයෙත් ඔහු ගැන කිසිවක් අසන්නට ලැබුනේ නැහැ. ඔහුසිටි නිවසත් පාලුවට ගිය නිසා මං හිතුවේ ඔහු නිවස අත් හැර ගිහින් කියලයි. නැවතත් මගේ හිතට කිසිවෙකුගේ ආදරයක් දැනුනේ නැහැ. මං ගොඩාක් තනි වුනා. මගේ ජීවිතය මගේ රැකියා ස්ථානයත් නිවසේ කාමරයටත් කොටු වුනා

නමුත් අවුරුදු ගානකට පස්සේ තීමස් නැවත වරක් මගේ ඉදිරියට පැමිණියාම මගේ මුලු ගතම සසල වුනා. ඔහු ඔහුගේ ස්වරූපයෙන් බැහැර වෙලා හිටියා. ඔහු ආත්මයක් බවට පත් වෙලා. ඔහු මං වෙනුවෙන්,මාව බේරගන්න කරපු සියල්ල මට කිව්වා. මගේ හිත පිරී ගිය ශෝකය මට කියලා නිමකරන්නට බැහැ. තමන්ගේ ආදරවන්තයා තමා ඉදිරියේ දෙවරක් නැති වී යාම කෙසේ බලාසිටින්නද...මං හිතුවේ මට තීමස්ව නැවත ලැබුනා කියලයි,ඔහුගේ දෙතොලෙ පහස ලබන්නට මගේ හිතෙ නැවත ආශාවෙන් පිරී ගියා. නමුත් ඒ සියල්ල සුන් වෙන්න ගත වුනේ නිමේශයක් පමණයි. ඒ සියල්ලම තීමස් හාම වාතලයට මුසු වී ගියේ මගේ දෑස් අදුරු පටලයකින් වසාලමිනුයි.

*******************************************

දැන් ඒ සියල්ල සිදු වී වසර දෙකකටත් ආසන්න වෙනවා. තීමස් සදහටම මගෙන් යන්නට ගියා. කේට්ලන්ලා ඒ නිවස අත හැර වෙනත් නිවසකට පදිංචියට ගියා. මං තවමත් තනිකඩව මගේ ජීවිතය ගෙවා දමනවා.


අද කේට්ලන්ගේ පලමු දරුවාගේ ප්‍රසාද ස්නාපන දිනය. ඔවුන් මාව දරුවාගේ සුරැකි පියා ලෙස තෝරාගෙන තිබුණා. හරිම ලස්සන චූටි පිරිමි දරුවෙක්. කේට්ලන් ඔහුට නම තැබුවේ තිමති ලෙසයි. ඒ තීමස්ගේ මතකයන් වෙනුවෙනුයි. අපි පල්ලියෙන් පිට වෙලා කේට්ලන්ගෙ ගෙදරට එනකොට මා නොදන්නා ආගන්තුක වාහනයක් ගෙදර ඉදිරියේ නවතා තිබුණා. කොසිවක් නොකියාම මං මගේ වාහනය නිවස ඉදියේ නතර කල අතර මාත් සමගම කේට්ලන්ගේ වාහනයත් නතර කලා. මගේ වාහනයේ සිටි අම්මා සහ තාත්තා නිවස දෙස පියමන් කරන්නට වූ අතර මං කේට්ලන්ලා දෙසට පියමං කලා. ඉන්පසුව අප සියල්ලෝම නිවස දෙසට යද්දී නිවස දෙසින් මතු වූ රුවක් හමුවේ මගේ දෑස් නතර වුණා.

අඩි හයක පමණ උසකට හිමිකම් කී ඔහුගේ දෑස් සාගර කොල පැහැයකින් දිලිසුනා. කැරලි ගැසුණු තද කලු පැහැ කොණ්ඩයත් ,මුහුණෙ යන්තමින් වැවුණු රැවුලත් ඔහුගේ සුදුවන් මුහුණ තවත් ඔපමට්ටම් කලා. රතුවන් දෙතොල ඇදී අප වෙත සිනහවක් සංග්‍රහ කල ඔහු හෙමින් සීරුවේ අප වෙත ඇවිද ආවා. ඔහුගේ ගමන ඉතාම ආකර්ෂණීයයි. ඔහු ගමන් කරද්දී ඔහුගේ උරහිසට මදක් ඉහලින් අවසන් වූ කෙස් කලඹ සෙමින් ගැස්සුනා. ඔහු අප ඉදිරියට ඇවිත් නතර වුණා.

"කේට්ලන් මේ තමයි මං අර කිව්වෙ මගේ ස්කොට්ලන්තයේ ඉන්න නැන්දාගේ පුතා,මගේ මල්ලි කෙනෙක් වෙන ආ...."ජේසන්ගේ කතාව නැවතුණේ තවත් කෙනෙකුගේ කටහඩ නිසයි. මං ඔහුගේ දෙතොල් සෙලවෙන දෙස බලාගෙන හිටියේ වශී වූවෙකු පරිද්දෙනුයි.

"ආතර්,, මගේ නම ආතර්.ආතර් වේෆෙයාරර්." මගේ දෑස් ඔහුගේ දිගු වූ අත වෙතට යොමු වුණා.නැවතත් ඔහුගේ මුහුණ දෙස සෙමින් බැලූ මං හෙමින් ඔහුගේ අත අල්ලා ගත්තා. මගේ කම්මුල් රත් වෙනවා වගේ මට දැනුණා. දෙවියනේ,මගේ කම්මුල් රතු වෙලාද දන්නේ නෑ. කවුරුත් දකීන්න නම් එපා. මං නැවතත් ඒ දෑස් දෙස බැලුවා. ඒ දෑස් මාව අතරමං කරන්නා වගෙයි මට දැනුනේ. ඒවා දිලිසෙමින් නටනවා වගේ මට පෙනුනා. මට පිස්සු හැදීගෙන එනවා වත්ද? මං අපහසුවෙන වචන ගැටගහගත්තා.

"ම..මංං..ජෝ...ජෝනස් ඕ'බ්‍රයන්." මගේ එසේ කියදිදී මගේ කටහඩේ සුලු වෙව්ලීමක් හටගත්තත් එය මගේ හදවතේ ගැස්ම තරම් වේගවත් වුණේ නෑ. මං සෙමින් කේට්ලන් දෙසත් ජේසන් දෙසත් බැලුවා. ඔවුන්ගේ මුවෙහි සිනහවක් මෙන්ම දෑස්ද සතුටින් දිලිසෙනවා මට පෙනුනා. මගේ හිතෙත් මහා අමුතුම පෙරලියක් සිදු වෙමින් පැවතියා.

"ජෝනාස්,,මං ජෝශ් කියන්නම්,කමක් නෑනෙ. ඒක ලස්සනයි. ඉතින් ජෝශ් හදුනාගැනීම සතුටක්. මං ඔයාව තත් හොදින් අදුනාගන්න බලාපොරොත්තු වෙනවා,ඔයා කැමතියි නම්." මං තවමත් වෙන් නොවූ අපගේ අත් දෙස බැලුවා. මගේ හදවත නැවත වරක් සතුටින් උද්දාමයට පත් වෙනවා මට දැනුනා. උදේ වරුව පුරාවටම අහස වසා තිබූ කලු වලා අතරින් හිරු එලිය පොලොවට පතිත වන්න හාම මං ආතර් දෙස බැලුවා.

""මාත් එහෙමයි ආතර්,ඔයාව හදුනාගැනීම සතුටක් වගේම තවත් හොදින් හදුනාගන්න කැමතියි."අප දෙදෙනා අපගේ දෑස් අතර අතරම්ං වෙන්න මහ වෙලාවක් ගියේ නැහැ. මං හිතන්නේ මගේ ජීවිතයට නැවත ආලෝකය උදාවෙන්නටයි හදන්නේ. මේ පාලු ජීවිතයට නැවත සතුටක් උදා වෙනවා. එය දෙස උපේක්ෂාවෙන් බලා සිටිනවා හැර වෙන කරන්නට දෙයක් මට නැහැ. අනවශ්‍ය බලාපොරොත්තු තබාගන්න මට බයයි.නමුත් ආතර් දෙස බැලුවාම මට ඒ බය නැති වී ගියා. ඔහුගේ දෑස් මගේ බිය සම්පූර්ණයෙන්ම නැති කලා. මං හිතන්නේ මගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන්නට දැන් කාලය ඇවිත්.






-අවසානයි-
J.rishan
J.rishan
Regular Member
Mood : Flirty

City : Colombo
Country : Sri Lanka
Posts : 61
GetReal Gold : 1165
Member Since : 2018-05-13

`•°ලෝහිත හාදුව°•´ - Page 5 Empty Re: `•°ලෝහිත හාදුව°•´

on 2019-08-22, 11:25 am
[You must be registered and logged in to see this link.]




One look at you,
My whole life falls in line.
I prayed for you
Before I called you mine.
Oh I can't believe it's true sometimes.
Oh I can't believe it's true.

I get to love you.
It's the best thing that I'll ever do.
I get to love you.
It's a promise I'm making to you:
Whatever may come your heart I will choose
Forever I'm yours, Forever i do.

I get to love you
I get to love you

The way you love,
It changes who i am.
I am undone.
I thank god once again.

Oh I can't believe it's true sometimes.
Oh I can't believe it's true.

I get to love you.
It's the best thing that I'll ever do.
I get to love you.
It's a promise I'm making to you:
Whatever may come your heart I will choose.
Forever I'm yours, Forever I do.

I get to love you
I get to love you
I get to love you
I get to love you

And they say love is a journey.
I promise that I'll never leave.
When it's too heavy to carry
Remember this moment with me.

I get to love you
I get to love you
I get to love you

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 119
GetReal Gold : 1597
Member Since : 2018-01-24

`•°ලෝහිත හාදුව°•´ - Page 5 Empty Re: `•°ලෝහිත හාදුව°•´

on 2019-08-28, 11:38 pm
Wow bbz it's amazing ahhh me ko me yodaya exam iwara una unamai msg naaa mails naaa koooo ahhh
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2351
GetReal Gold : 6364
Member Since : 2015-05-03

`•°ලෝහිත හාදුව°•´ - Page 5 Empty Re: `•°ලෝහිත හාදුව°•´

on 2019-08-30, 5:09 am
[You must be registered and logged in to see this link.] wrote:Wow bbz it's amazing ahhh me ko me yodaya exam iwara una unamai msg naaa mails naaa koooo ahhh
මෙයා දැන් පේනනත් නැහැ. හරි ගිහිල්ල වගෙ. මේ ඒක නෙමේ අලුත් කතාව බලන්නෙ නැද්ද​? වැහි කඩතුරා කියලා නියම කතාවක් අලුතින් ලියවෙනවා. ඉක්මණට බලන්න​.
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 119
GetReal Gold : 1597
Member Since : 2018-01-24

`•°ලෝහිත හාදුව°•´ - Page 5 Empty Re: `•°ලෝහිත හාදුව°•´

on 2019-09-08, 3:58 pm
Ehema ekak na aiye mama wadiya enne na social media pawa ain karala thiyenne indala hitala fb yanawa heeee
Sponsored content

`•°ලෝහිත හාදුව°•´ - Page 5 Empty Re: `•°ලෝහිත හාදුව°•´

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum