Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2186 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මතකයේ කතාවක්...

Share

descriptionමතකයේ කතාවක්...

more_horiz
එදා ගෙදර හිටියේ මම විතරයි. විභාගයට තිබුණේ පොඩි කාලයක් නිසා මට ගොඩක් මහන්සි වෙන්න වුණා. ගෙදර හැමෝම කොහේ හරි ගිහින් හිටියේ. ඒ කොහේද කියල කියන මතකයක් මගේ ළඟ දැන් නැහැ. ඒ රෑත් අද වගේමයි. හරිම නිශ්ශබ්දයි. ඒ නිශ්ශබ්දතාවට මගේ තියෙන ආදරේ අදත් එදා වගේමයි. රැහැයියන්ගේ සද්ද හැමතැනින්ම ඇහුනා. එත් පරිසරයේ සිද්දවෙන සියුම් ම හරි සද්දයක් ඇහෙන දෙයට ඒක බාධාවක් වුණේ නැහැ කිව්වොත් මම හරි.

පාඩම් පොත මගෙ මේසය උඩ තිබුනා. ඒත් මම හිටියෙ ලොකුම ගැඹුරු කල්පනාවක. ඒ ගැඹුරු කල්පනාවට හේතුව වුනු දේ මොකක්ද ඇහුවොත් අදටත් මට කියන්න තියෙන්නෙ මට මතක නැහැ කියන දේ විතරයි. 

රැහැයියන්ගෙ හඬට මම හොඳින් කන් දීගෙන හිටියෙ භාවනාවකින් වගේ. ඉඳලා හිටලා හෙළවෙන ගස් වල කොළ වල සද්දෙ පවා මට ඇහුනා. හිමින් අතරින් පතර ආපු හුලඟ ඒ හැම දෙයක්ම මැද්දෙන් හමා ගෙන යනවා. ඒත් කියන්න අමාරු හැඟීමක් ඇයි මගෙ හිතට එන්නෙ? තේරුම් කර ගන්න අමාරු ශබ්දයක් ඇයි මට ඒ දේවල් වලින් ඇහෙන්නෙ? මට ඇහෙන්නෙ මහා ගංඟාවක ජල බිඳෙන හඬක්. ඒත් මහ ගංඟාවක් අහලකටවත් අවුරුදු ගානකින් මම නොගිය තරම්. මහා ගංඟාවක ඉවුරකට වෙලා රෑ අහසෙ තරු ගනිනකොට එන හැඟීම මට ඒ තුලින් දැනෙනවා. 

ඒත් දෙවියනේ? ඒ හැඟීම එහෙම වෙලාවක දැනෙන දෙයක් කියලා මම කියන්න දන්නෙ කොහොමද? ඒ වගෙ අත්දැකීමක් මගෙ ජීවිතේ කවදාවත් මම විඳලා තිබුනෙ නැහැ. එහෙනම් ඒ දේ මට මේ විදිහට දැනෙන්නෙ ඇයි? 

කොහොම වුණත් ඒ දේ මගෙ හිතට වධ දුන්න කාරණාවක් වුණේ නැහැ කිව්වොත් මම හරි. ඒ හැඟීමෙන් හිතට දැනුණෙ පුදුමාකාර සැහැල්ලුවක්. නමුත් ගැඹුරක්. හරියට මහා නදියෙ පාවෙන අර නැව වගේ. ලොකුම බරක් දරාගෙන වුණත් ඒක හුළඟත් එක්ක පා වෙලා ගියෙ මොන තරම් සැහැල්ලුවකින්ද? ඒත් දෙවියනේ! ඒ කියන නැව මොකක්ද? ඒ කියන ගඟ මොකක්ද? මේ හැම දෙයක්ම කළින් දවසක මගෙ හිතට ආව අදහස් වගේ මට සමීපයි කියන දේ මට හොඳින්ම දැනෙනවා. 

සමහරවිට මම මේ හිතන්නෙ මම කොහෙ හරි කියවපු දෙයක් වෙන්නැති. සමහරවිට පොතකින්. ඔව්. වෙන්න පුළුවන්. ඒත් මේ හැඟීම්? මට මේ කිසිම දෙයක් තේරුණේ නැහැ. 

සමහරවිට මට ඕනෙ විවේකයක් වෙන්න ඕනෙ. පිස්සුම පිස්සු අදහස් තිබුණ මට මේ වගේ දාර්ශනික අදහස් කොහෙන් ආවද කියන එක ගැන මටම පුදුමත් හිතුණා. 

ඇඟේ හිරිකඩලා පුටුවෙ කෙළින් වෙලා මම ඉඳ ගත්තෙ ආයෙමත් පාඩම් කරන කල්පනාවෙන්. මම වෙලාව දැක්කෙ ඒ මොහොතෙ වෙන්න ඕනෙ.

"1 ට විනාඩියයි. දැන් නම් ඇති."  

ඇඟට දැණුන මහන්සිය එක්ක වගේම ඔළුව ආපහු එක තැනකට ගන්න බැරි තරමෙ සිතුවිලි ගොඩක මම හිර වෙලා හිටියෙ. දැන් නම් ඕනෙ කරන්නෙ හොඳ නින්දක්. 

මම එහෙ මෙහෙ තිබුණ පොත් ටික ආයෙමත් තිබුණ තැන් වලින් තියලා ආයෙමත් පුටුවෙ පස්සටම බර වෙලා ඇස් දෙක වහ ගත්තා. මම ඒ විදිහට තත්පර කීපයක් ඉන්න ඇති.

හැමදේම පටන් ගත්තෙ අන්න ඒ විදිහට. 

කොහෙදෝ ඉඳන් කියන කාගෙ හරි ගීතයක් මට ඇහුණා. ඒක ඇහෙන්නෙ හරිම දුරකින් වගේ. ඒත් හරිම පැහැදිලියි. කිසිම සංගීතයක් නැතිව පිරිමි කටහඬකින් කිව්ව ඒ ගීතයට මම හොඳින් ඇහුම් කන් දුන්නා. මට තේරුණ විදිහද කියන්න අමාරුයි. ඒත් මගෙ හැම ඉන්ද්‍රියක්ම යොමු වෙලා තිබුණෙ ඒ ගීතය ළඟට. 

“සඳ රැස් වැටුණු ගං තෙරේ
සිප දිවෙන රැළි තලා මෙන්
එන්න මා වෙත සොඳුර
සිප ගන්න නැවත මා
ඔබෙ සුසුම් රඳවමින්”

ඒ තරම් ලස්සන කටහඬක්! දෙවියනේ! මට හිතා ගන්න කවදාවත් බැරි තරම් ලස්සන කටහඬකින් ඒ කියන ගීතයට මම වශී වුණා කිව්වොත් වැරදි නැහැ. ඒ පද ගලපන විදිහටත් ඒ තාලයෙනුත් මට මිදෙන්න වුවමනාවක් තිබුණෙ නැහැ. මම මගෙ ඉරියව්වක් වත් වෙනස් නොකරන්න තරම් වග බලා ගත්තා. මම බය වුණා. ඔව්. මම බය වුණා, ඒ ගීතය මට ඇහෙන්නෙ නැතුව යයි කියලා. මේ ආයෙමත් මට දැනෙන්න පටන් අරන් තිබුණෙ මට කළින් දැනුණ හැඟීමම නේද? ඇයි මට මේ ගීතය මේ තරම් හුරු පුරුදු? ඒත් මට ඕනෙම තැනක දිවුරන්න පුළුවන්. ඔව්, මට දිවුරන්න පුළුවන් මේක මම කිසි  තැනකින් අහලා තියෙන ගීතයක් නෙවෙයි කියන දෙය.

මේ සිතුවිලි අතරෙ එක පාරම ඒ ගීතය අතුරුදහන් වුණා. මම කොයි තරම් උත්සාහ කළත් ඒ ගීතය මට ආයෙමත් ඇහුණෙ නැහැ. මගෙ හිතේ ඇති වුණේ ජීවිතේ ආදරණීයම කෙනෙක් අපෙන් ඈතට යන කොට දැනෙන හැඟීමක්. ආයෙමත් පුරුදු තත්ත්වෙට එන්න මට පොඩි වෙලාවක් යන්න ඇති. ජනෙල් වල කවුළු අස්සෙන් පේන හඳ දිහා මම ඔහේ බලන් හිටියා.

"සඳ රැස් වැටුණු ගං තෙරේ........" 

දෙවියනේ! ආයෙමත් ඒ ගීතය අහන්න තරම් මම වාසනාවන්ත වුණා. ඒත් ආයෙමත් පාරක් එක මොහොතකටවත් ඒ ගීතය අහන එක නැති කර ගන්න මට වුවමනාවක් තිබුණේ නැහැ. මට තවත් හොඳට ඒ ගීතය අහගන්න ඕනෙ වුණා. මම හිමින් පුටුවෙන් නැගිටලා කාමරෙන් එළියට ආවෙ එහෙම හිතාගෙන. ඒත් අද වෙනකොට මට හිතෙනවා, මම ඇත්තටම ඒ ගීතය දිහාවට ඇදිලා ගිය එක නෙවේද වුණේ කියලා.

කාමරෙන් එළියට ඇවිත් කොරිඩෝව දිගේ මම ආවෙ ඒ ගීතයෙන් අවධානය අයින් කර ගන්නෙම නැතුව. ඇත්තම කියනවා නම් මට දැනුණෙ මම ඒ ගීතය ඇහෙන තැනට ළං වෙනවා වගේ හැඟීමක්. දන්නෙම නැතුව මම නැවතිලා හිටියෙ ඉස්සරහ දොර ළඟ. මම දොරට කණ තියාගෙන හොඳට ඇහුම්කන් දුන්නා. මට ඕනෙම තැනක දිවුරන්න පුළුවන්. ඒ ගීතය ඇහුණෙ? ඔව්. අපේ වත්තෙන්!

ඒත් ඒ දේ වෙන්නෙ කොහොමද? නැහැ නැහැ. ඒක ගැන හිතන්න දැන් කාලය නෙවෙයි. ඒත් නොහිතන්නෙ කොහොමද? මේ තරම් ලස්සන ගීතයක් කියන කෙනෙක්, මගේම ළඟක ඉඳන්? කාටද මේක කියන්නෙ? 

දොර අගුල ළඟට මගෙ අත කීප වතාවක්ම ළං වුණත් දොර අරින්න තරම් ධෛර්යයක් මට තිබුණෙ නැහැ. බය මිශ්‍ර වෙච්ච කුතුහලයක් මගෙ හිතේ තිබුණා. ඒත් මේකෙන් එකක් විසඳෙන්න ඕනෙ. 

මම දොර අගුල ඇරගෙන එළියට ආවෙ කිසිම සද්දයක් නැතුව. එළියෙ තිබුණ ඒ කළුවරට මම එකතු වුණා. හදිස්සියට වගේම කලබලේට කිසිම ලයිට් එකක් දාන්න මට අමතක වෙන්න ඇති. නැත්නම් මට ඕනෙ වුණේ සද්ද නැතුව ඇවිත් බලන්න වෙන්න ඇති. කොහොම වුණත් මම එළියෙ කළුවරේ හිටගෙන හිටියා. හිතේ තිබුණ චකිතය අමතක වෙලා යනකොට මම ආයෙමත් අතරමං වුණේ අර ගීතය ළඟ.

ළඟ ඉන්න කෙනෙක් කතා කරනවා වගේම ඒ කටහඬ පැහැදිලියි. ඒත් ඒ ගීතයෙ ලස්සන නම් පොඩ්ඩක්වත් ඒ නිසා අඩු වුණේ නැහැ. ඒ මොහොතේ තමයි මම ඒ හැමදෙයක්ම දැක්කෙ. 

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
මතකයේ කතාවක් එක්ක අලුත් මතකයේ මතකයනුත් අවදි වුණා වගේ,,ඒක නිසාම ඒකත් ආයෙ කියෙව්වා.ඔයා වගේ ලේකකයන්ගේ කතා වලට විචාර දෙන්න තරම් අපි කවුරුන්ද ජීත් අයියේ..ඒක නිසා නියමයි,පට්ට,ලස්සනයි...ඉතිරි කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා.තව කොටස් තියෙනවා නේහ්..

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
මතකයේ කතාවක් එක්ක අලුත් මතකයේ මතකයනුත් අවදි වුණා වගේ,,ඒක නිසාම ඒකත් ආයෙ කියෙව්වා.ඔයා වගේ ලේකකයන්ගේ කතා වලට විචාර දෙන්න තරම් අපි කවුරුන්ද ජීත් අයියේ..ඒක නිසා නියමයි,පට්ට,ලස්සනයි...ඉතිරි කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා.තව කොටස් තියෙනවා නේහ්..


Thanks මල්ලි. kiss මම මේ හිතට එන දේ ලියන කෙනෙක්. ඒ නිසා ඔයත් හිතට එන දේ කියන්න. මට නම්, අපි ඔක්කොම එකයි වෙනසක් නැහැ.  hello


තව කොටස් නම්.......................  hehe තියෙනවා තියෙනවා

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:
මතකයේ කතාවක් එක්ක අලුත් මතකයේ මතකයනුත් අවදි වුණා වගේ,,ඒක නිසාම ඒකත් ආයෙ කියෙව්වා.ඔයා වගේ ලේකකයන්ගේ කතා වලට විචාර දෙන්න තරම් අපි කවුරුන්ද ජීත් අයියේ..ඒක නිසා නියමයි,පට්ට,ලස්සනයි...ඉතිරි කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා.තව කොටස් තියෙනවා නේහ්..


Thanks මල්ලි. kiss මම මේ හිතට එන දේ ලියන කෙනෙක්. ඒ නිසා ඔයත් හිතට එන දේ කියන්න. මට නම්, අපි ඔක්කොම එකයි වෙනසක් නැහැ.  hello


තව කොටස් නම්.......................  hehe තියෙනවා තියෙනවා



තියෙන ඒවා අපිත් එක්ක බෙදා ගත්තනම නරකද  lmao lmao

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:
මතකයේ කතාවක් එක්ක අලුත් මතකයේ මතකයනුත් අවදි වුණා වගේ,,ඒක නිසාම ඒකත් ආයෙ කියෙව්වා.ඔයා වගේ ලේකකයන්ගේ කතා වලට විචාර දෙන්න තරම් අපි කවුරුන්ද ජීත් අයියේ..ඒක නිසා නියමයි,පට්ට,ලස්සනයි...ඉතිරි කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා.තව කොටස් තියෙනවා නේහ්..


Thanks මල්ලි. kiss මම මේ හිතට එන දේ ලියන කෙනෙක්. ඒ නිසා ඔයත් හිතට එන දේ කියන්න. මට නම්, අපි ඔක්කොම එකයි වෙනසක් නැහැ.  hello


තව කොටස් නම්.......................  hehe තියෙනවා තියෙනවා



තියෙන ඒවා අපිත් එක්ක බෙදා ගත්තනම නරකද  lmao lmao


lmao lmao lmao lmao

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
හඳේ එළිය වෙනදටත් වඩා වැඩිද කියලා මට හිතුණා. ඒ එළිය වැටිලා තිබුණෙ වත්ත කෙළවරේ තිබුණ මගෙ කඩුපුල් ගහ ළඟට. අළුතින් පිපුණ කඩුපුල් මලක සුවඳ මට දැනුණෙ ඒ වෙලාවෙ. කඩුපුල් ගහ ගැන සම්පූර්ණෙන්ම අමතක වෙලා තිබුණා නේද කියලා මට මතක් වුණා. මම ටිකක් දුරකින් හිටියා වුණත් හඳ එළියෙන් එතන හැම දෙයක්ම පැහැදිලිවම පෙනුණා. ඒ ගීතයෙ නිර්මාණකරුවා මම දැක්කෙ ඒ වෙලාවෙයි.
 
ඔහු හිටියෙ මට පිටිපස්ස හරවගෙන. අමුතුම විදිහෙ ඇඳුමක් තිබුණ ඔහු කඩුපුල් ගහ දිහා ඕනෙ කමකින් බලාගෙන ඉන්නවා වගේ කියලා මට හිතුණා. ඒත් ඔහුගෙ ගායනයෙ අවසානයක් තිබුනෙ නැහැ. ඒ වගේම ඒ ගායනයෙ ලස්සනේ අඩුවක් තිබුණෙත් නැහැ.
 
මේ වගේ වෙලාවක බය වෙන්න ඕනෙ එක නෙවේද වෙන්න ඕනෙ? ඒත් එහෙම කිසිම දෙයක් මට දැනෙන්නෙ නැත්තෙ ඇයි? කොහොම වුණත් එතනට ඇවිදගෙන යන්න මම පටන් අරගෙන ඉවරයි. අඩියෙන් අඩිය මම ඔහුට ළං වුණේ පුරුද්දකින් වගේ. ඒත්, චකිතය ආයෙමත් වතාවක් මාව නතර කළා. ඔහුගෙ ගායනය එක්වරම නතර වුණේ ඒ වෙලාවෙදියි.
 
"ගොඩ කාලයක් ගිහින්. ගණන් කරන්න බැරි තරමෙ දිග කාලයක්. හැමදෙයක්ම වෙනස් වෙලා. ඒත් හඳ නම් තවමත් එදා වගේමයි. හරියට මම වගේ."
 
ඔහු මගෙ පැත්තට හැරුණෙ නැහැ. හඳ දිහා බලන ගමන් ඔහු සුසුමක් හෙළුවා. ඉස්සරහට නැමිලා තිබුණ කඩුපුල් මල හිමින් අත ගාපු ඔහු හිමින් හුස්මක් ඉහළට ඇද ගත්ත විදිහ මට ඇහුණා.
 
"මේ මලේ සුවඳත් පොඩ්ඩක් වෙනස් වෙලා. ඒත් ඒ ඔයා වගේද?"
 
ඔහුගෙ කටහඬේ තිබුණ කණගාටුව මට තේරුම් ගන්න පුළුවන් වුණත් ඒ කතාවෙ තේරුමක් තේරුම් ගන්න මට බැරි වුණා.
 
"ඔයා කවුද? මොනවද මෙතන කරන්නෙ?"  මම ඇහුවෙ ඔහුට ළං වෙන ගමන්. ”ඒත්.............. ඒත්, ඔයා මට පුරුදු කෙනෙක් වගේ?"
 
මට ඒ කියවුණේ බොරුවක් නෙවෙයි. ඇත්තටම මේ කෙනා මට මේ තරම් දැනෙන්නෙ ඇයි?
 
ඔහු හිමින් මගෙ පැත්තට හැරුණා. ඔහුගෙ මුහුණේ රැඳිලා තිබුණෙ ලා හිනාවක්. කළු පාට ඇස් වල දිලිසීම හඳ එළියෙන් තවත් වැඩි වුණා. කොණ්ඩය සම්පූර්ණයෙන්ම කොට කරලා තිබුණ නිසා ඔහුගෙ මුහුණ හොඳින්ම පැහැදිලි වුණා. එතන තිබුණ කඩවසම් බවට මම පුදුම වුණා නම් ඒක පුදුමයක් නෙවෙයි. ඒත් මම ඒ ගැන ආඩම්බර වුණා. ඇයි ඒත් මම පුදුම වෙන්න ඕනෙ දේකට ආඩම්බර වෙන්නෙ? ඇයි මේ මගේම කෙනෙක් කියලා මට හිතෙන්නෙ?
 
ඔහු හිනා වුණේ ඔළුව දෙපැත්තට වනන ගමන්. ඔහුගෙ තිබුණෙ අමුතු පෙනුමක්. මම ඒ පෙනුම ගලපගන්න උත්සාහ කරන අතරෙම ඔහුව නිරීක්ෂණය කළා. උඩු කය නිරුවත් වුණ ඔහු ඇඳගෙන හිටියෙ මට නුහුරු කොට සරමක් වගේ දෙයක්. දණිස් වෙනකම් දික් වුණ ඒ ඇඳුම කොහෙ හරි තැනක මම දැකලා තිබුණා කියලා මට හිතුණා. ඔහුගෙ ඉණේ තිබුණෙ නිල්, කහ ඉරි තිබුණු අමුතු පළඳනාවක්. ඒ පළඳනාවෙ රැඳිලා තිබුණ කිණිස්සක් හඳ එළියෙන් දිලිසුණා. මේ ඇඳුම? නැහැ නැහැ, වෙන්න බැහැ.
 
තවමත් ලා හිනාවකින් ඔහු හිටියෙ මගෙ දිහාම බලාගෙන. මගෙ නිරීක්ෂණය ඔහුට පෙනෙන්න ඇති. ඒ නිරුවත් උඩුකය මාව ලොකු අපහසුතාවකට පත් කළා කියන එක මගෙන්ම හංඟන්න මට ඕනෙ කමක් නැහැ.
 
"ඇයි දකින දේ කියන්නෙ නැත්තෙ? ඔයාගෙ කටහඬ වැඩිපුර අහන්න මම ආසයි." ඔහු කතා කරනකොට ඇස් වල තිබුණ දීප්තිය තවත් වැඩි වුණා.
 
"ඔයා මෙහෙ කෙනෙක් නෙවෙයි." මගෙන් ගැලපුණ පළවෙනිම ප්‍රශ්නය වුණේ ඒක.
 
"ඔව්. ඒත් අපි දෙන්නම දැන් මෙතන."
 
"ඔයා කවුද? මෙතන මොනවද කරන්නෙ?" මම ඇහුවෙ මගෙ ඔළුවෙ හිරවෙන ප්‍රශ්න. මට තේරුනේ නැහැ ඇයි කියලා. ඒත් මට හිතුණෙ මගෙ මතකය මේ උත්තර හැම එකක්ම ළඟ තියාගෙන ඒ කිසිම දෙයක් මට දෙන්නෙ නැහැයි වගේ හැඟීමක්.  ඒ වෙලාවෙ ඔහුගෙ හිනාව මුහුණෙන් අතුරුදහන් වෙලා ආවෙ බැරෑරුම් පෙනුමක්. අඩියෙන් අඩිය ඔහු මට ළං වුණා.
 
"මම ඔයාගෙ. මම මෙතන හිටියෙ ඔයා වෙනුවෙන්."
 
ඔහුගෙ ඇස් දෙක එක මොහොතකටවත් මගෙ ඇස් වලින් අයින් වුණේ නැහැ. ඒත් ඒ දෙයින් මට අපහසුතාවක් දැනුණෙ නැහැ. ඒ ඇස් වලින් කියන තව කතාවක් මට ඇහුණා.
 
"අද දවස එනකම් මම කොයිතරම් කාලයක් බලාගෙන හිටියද" ඒ ඇස් කෑ ගහලා කිව්වෙ ඒ දේම තමයි.
 
මගෙ පපුවෙ ගැහෙන සද්දය මටම හොඳින් ඇහුණා. මම බය වෙලා නෙවෙයි. ඒත් හරිම නොසන්සුන් වෙලා නෙවේද මම ඉන්නෙ? මාව සම්පූර්ණයෙන්ම ගල් ගැහිලා වගේ හැඟීමක් මට දැනුණා.
 
"ඔයාට මාව මතක නැහැ. මම දන්නවා ඒක. ඒත්, ඒත් ඔයා වෙනුවෙන් මම බලන් හිටපු කාලෙ ගැන කොන්සු ඕනෙම වෙලාවක සාක්කි දෙයි. මගෙ පපුවට අත තියලා බලන්න මම කියන්නෙ බොරුවක්ද කියලා."
 
මගෙ අත අරගෙන ඔහු ඔහුගෙ පපුවෙන් තියාගත්තා. ඔහු භූතයෙක් නොවුණ එකට එක් ක්ෂණයක සතුටක් මගෙ හිතේ දුවන්න ඇති. ඔලිව් පාට හමක් තිබුණු ඔහුගෙ ඇඟේ තිබුණෙ හරිම සිනිඳු බවක්. ඒ ස්පර්ශය විඳගන්න මම හිටියෙ නොඉවසිල්ලෙන් කිව්වොත් ඒක ඇත්ත. මම මේ ඔහුව අල්ලන පළවෙනිම වතාව කියන එක මට හොඳටම විශ්වාසයි. ඒත්, ඒ ස්පර්ශයේ මට තිබුණෙ පුදුමාකාර හුරුවක් නෙවෙයිද? ඒ වගේම ඔහුගෙ හදවත ගැහෙන රිද්මය? දෙවියනේ ඒ රිද්මය මට මීට කළින් දැනිලා තියෙනවා නෙවෙයිද? ඒ පුදුමයෙන්ම මම ඔහුගෙ මුහුණ දිහා බැලුවා. ඔහුගෙ මුහුණෙ තිබුණෙ හරිම අමුතු පෙනුමක්.
 
"සමහර දේවල් අපෙන් අමතක වෙන්නෙ නැහැ කියන එක ඇත්ත. ඔයාටත් ඒක පොදුයි. කොච්චර කාලයක් ගියත්." ඔහු මගෙ කම්මුලකට අතක් තිබ්බෙ හරිම සියුම් විදිහකට.
 
"ඔයා තවමත් ඒ විදිහමයි. ඔයාගෙ නමේ විදිහටම."
 
ඔහු මගෙ දිහා බලන් හිටියෙ කොයි තරම් ආදරයකින්ද කියලා මට තේරෙන්න ටික වෙලාවක් ගියා. මොකද ඒ කිසිම හැඟීමකට මම මේ තරම් කාලයක් පුරුදු වෙලා තිබුණෙ නැති නිසා. ඒත් මේ හැම දෙයක්ම මට ප්‍රහේලිකාවක් වුණා.
 
"මගෙ නම? මගෙ විදිහ? මට තේරෙන්නෙ නෑ. ඔයාගෙ නම මොකක්ද?" ඔහුගෙ පපුවෙ තවමත් තිබුණ මගෙ ඇඟිලිවලින් මම හිමින් ඔහුව ස්පර්ශ කළා.
 
"ඒක ඔයා තේරුම් ගනී. ඉක්මණටම. මට ඔයාව විශ්වාසයි. මට තව වැඩි කාලයක් නැහැ. ඒත් ඔයාව දාලා යන්න මට බැහැ. ඔයාව හම්බුණා විතරයි." මගෙ අත අරන් ඔහුගෙ කම්මුලකින් තියාගෙන ඔහු අත් දෙකෙන්ම තද කර ගත්තා.
 
"යනවා? කොහෙද? ඇයි ඔයාට තව වෙලාව නැත්තෙ?"
 
ඒක ඇහෙද්දිම මගෙ හිත කලබල වුණු තරම් මට හිතා ගන්නවත් බැරි වුණා. ඔහුගෙ අත් දෙක අල්ල ගත්ත මම මට පුළුවන් තරම් තදින් අල්ල ගන්න ඇති. ඔහුට යන්න දෙන්න මට උවමනාවක් තිබුනෙ නැහැ. "අනේ අනික මට ඔයාව හම්බවුණා විතරයි."
 
ඔහුගෙ ඇස් දෙකේ කළින් තිබුණ දීප්තිය වැඩි වෙන විදිහ හඳ එළියෙන් වුණත් මම දැක්කා. හරියට.... හරියට නිකන් බලාපොරොත්තුවක් ආයෙමත් වතාවක් ඇති වුණ කෙනෙකුගෙ වගේ. ජීවිතයෙ අන්තිම බලාපොරොත්තුව ගැනත් ඇති වුණ ලොකුම විශ්වාසය වගේ.
 
"මට ඔයා ගැන විශ්වාසයි. මට තව එක වතාවක් විතරයි ඔයාව හම්බවෙන්න පුළුවන්. මට අවසර තියෙන්නෙ එහෙම විතරයි. මට විශ්වාසයි ඔයා මාව..................." ඔහු කියන්න ආපු දේ ගිලගත්තෙ එක් ක්ෂණයකින්. "ඔව්. මට ඒක කියන්න අවසර නැහැ."
 
"කියන්න මම මොනවද කරන්න ඕනෙ?" මම ඔහුගෙ ඇස් දෙක දිහා ආයෙමත් වතාවක් බැලුවා. ඒ ඇස් වල තිබුණෙ ලොකුම අසරණකමක්. ඒත් ඒ අසරණකම මැදින් ඔහු හිනා වුණා.
 
"ඔයා ඒක හොයා ගනී. මම දන්නවා. ඒත් එහෙම බැරි වුණත් මම ඔයා එක්ක තරහා නැහැ. මට ඒ දේ කවදාවත් කරන්නත් බැහැ."
 
මගෙ නළලට ඔහුගෙ නළල තියාගෙන ඔහු හිමින් කිව්වෙ ලොකුම ආදරේකින්. "මම දැන් යන්න ඕනෙ."
 
"අනේ එපා. තව පොඩි වෙලාවක් ඉන්න. අනේ කරුණාකරලා. මට ඔයාට යන්න දෙන්න බැහැ." මම කලබලෙන් කියනකොට ඔහු මගෙ කම්මුල් වලින් අල්ල ගත්තෙ මාව සන්සුන් කරන්න වගේ.
 
"ඉක්මණටම. මම හැමදාටම ඔයා ළඟටම එනවා. ඒ වෙනකම් ඉන්නවා නේද?"
 
මම හිමින් ඔළුව හෙලෙව්වා. ඔහුගෙ ඇස් දිහා බලන් ඉන්නකොට මගෙ ඇස් වල කඳුළු රැඳිලා තියෙන්න ඇති. ඔහු හිමින් හිනා වුණා.
 
"සූතෙන් සේ  රා."
 
ඔහු අන්තිමට කිව්වෙ ඒ දේ. ඔහු මගෙ නළල සිප ගන්නකොට මම මගෙ ඇස් දෙක වහ ගත්තෙ ඒ හැඟීම විඳගන්න. ඒ උණුසුම මම මොහොතකට විඳ ගත්තා. ඒත්................ ඒත් එක් ක්ෂණයකින් මගෙ ළඟ ඉතුරු වුණේ තදින්ම ආපු හුළඟෙ සීතල විතරයි.
 
මම හිමින් ඇස් ඇරලා බැලුවා. ඔව්. ඔහු ගිහින් තිබුණා! හරියට ඔහු මෙතන කවමදාකවත් හිටියෙ නැහැ වගේ. ඔහුට කෑ ගහලා කතා කරන්න මට වුවමනාවක් තිබුණා. ඒත් කෑ ගහන්නෙ මොකක් කියලද? අඩුම තරමෙ ඔහුගෙ නමවත් මම දැනගෙන හිටියෙ නැහැ. මට මං ගැනම ඇති වුණේ තරහක්. ඒ වගේම මට හයියෙන් කෑ ගහලා අඬන්න හිතුණා.
 
හරියට.......... හරියට, මම ආදරේ කරන කෙනා ආයෙමත් කවදාකවත් දකින්න වෙන්නෙ නැති වෙයි කියන හැඟීම මට දැනෙන්න පටන් ගත්ත නිසා. මේ වෙන දේවල් කිසිම දෙයක් මට තේරුම් ගන්න බැරි වුණා. තවත් විනාඩි කීපයක් මම ඒ විදිහටම ඉන්න ඇති.
 
"ඇත්තටම ඒ දේ වුණාද? ඇත්තටම මෙතන කෙනෙක් හිටියද? ඒක මනස්ගාතයක් වෙන්න ඇති." මගෙ හිත ඒ හැම මොහොතකම කිව්වා. ඒත් මම ඒ දේ පිළිගන්නෙ නැහැ. ඔව්. ඔහු මෙතන හිටියා. මෙතන, මගෙ ළඟ. ඒ උණුසුම, හද ගැස්ම මට තවමත් දැනෙනවා. ඒක ඇත්තක් කියන එක පිළිගන්න අමාරු වුණත් ඔහු මගෙ ළඟින්ම හිටියා.
 
හඳ තවමත් තිබුණෙ කළින් තිබුණ තැනමයි. ඒත් කළින් තිබුණ තරම් එළියක් දැන් තිබුණෙ නැහැ කියලයි මට හිතුණෙ. කඩුපුල් මලත් ඒ වගේමයි. කළින් තිබුන සුවඳ ඒ තරම් මට දැනෙන්නෙ නැහැ කියලා මට හිතුණා. මම කඩුපුල් මල හඳේ එළියෙන් දිලිසුණ විදිහ බලාගෙන හිටියා. තවත් දිලිසීමක් මම දැක්කෙ එතනම තිබුණ ගල් බංකුව උඩින්. මම ඒ දිලිසීම ළඟට ළං වුණා.
 
ගල් බංකුව උඩ තිබුණෙ අමුතු විදිහෙ මුද්දක්. මට හොඳටම විශ්වාසයි, මේක අපේ ගෙදර කෙනෙක්ගෙ නෙවේ. ඒ වගේම මේක මෙතන කළින් තිබුණෙත් නැහැ. මගෙ හිතට දැනුණ සතුට කියන්න මට වචන නැති තරම් වුණා. "මේක එයාගෙ. එයා ඇත්තටම මෙතනට ඇවිත්."
 
මම ඒ මුද්ද අතට ගත්තෙ හරිම පරිස්සමෙන්. ඒක ඇත්තෙන්ම වෙනස්ම මුද්දක් වුණා. ඒ මුද්දෙ ඉස්සරහින්ම තිබුණෙ මම බලාපොරොත්තු නොවුණ සලකුණක්. මට ඒක ඒත් අමුතු සලකුණක් වුණේ නැහැ.
 
"හෝරස් ගෙ ඇස!"
 
මුද්ද වටේටම කැටයම් කරලා තිබුණ දේවල් මම හොඳට බැලුවා. ඒවා මට අඳුර ගන්න අමාරු වුණේ නැහැ. ඊජිප්තු රූපාක්ෂර! ඕනෙම කෙනෙක්ට ඕනෙම තැනකදි අඳුර ගන්න පුළුවන්. නිකමට වගේ මම ඒ මුද්ද මගෙ වෙදැඟිල්ලට දාලා බැලුවා. ඒක නම් පුදුම අහම්බයක්! ඒ මුද්ද මගෙම ඇඟිල්ල බලලා හදපු එකක් වගේමයි.
 
ආයෙමත් ආව හුළඟකින් මාව වෙවුලලා ගියා. ඒ වෙනකොට මට තදටම සීතල දැනෙන්න පටන් අරගෙන තිබුණෙ. ආයෙමත් ඇතුළට යන්න ලොකු වුවමනාවක් තිබුණත් හිත එකඟ කරගන්න ගොඩක් අමාරු වුණේ ආයෙමත් ඔහු එයි කියන ලොකු බලාපොරොත්තුවක් තිබුණ නිසා. ඒත් ඒ දේ එහෙම වෙන්නෙ නැහැ කියලා මම තේරුම් ගත්තා. මම මගෙ ඇඳට එන්න හිතුවෙ ඒ නිසා.
 
ඇඳට ආවත් නින්දක් මගෙ අහලකවත් තිබුණෙ නැහැ. මම කල්පනා කළේ ටික වෙලාවකට කළින් වුණ දේ ගැන. ඒක ඇත්තටම හීනයක් නෙවේද? ඒ දේ මතක් වෙන හැම වෙලාවකම මම මගෙ අතේ තිබුණ මුද්ද අත ගාලා බැලුවා. ඒ දේ හීනයක් නම් මේ මුද්ද තව දුරටත් ඒ හීනයෙම මාව තියා ගත්තදෙන්.
 
මට ආයෙමත් දෙයක් එක පාරම කල්පනා වුණා.
 
"ඒ ඇඳුම! ඔව් ඔව් අනිවාර්යෙන්ම. ඒ ඇඳුමත් පරණම ඊජිප්තු පින්තූර වල තියෙනවා වගේ එකක් නෙවේද? ඒත් ඒ දේ වෙන්නෙ කොහොමද? ඒ දේයි මගෙයි අතර සම්බන්ධෙ මොකක්ද?"
 
ඒ සම්බන්ධය ගලපන්න මම දරපු උත්සාහය විතරක් මගෙ මතකෙ අන්තිමට තිබුණා.

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
Lassanai e unata hari amuthui
Ithuru tikath enakan balan innawa

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
නියමයි ජීත් අයියා...කාල තරණය සම්බන්ධවද,නැත්නම් පුනර්භවයක් සම්බන්ධවද නැත්නම් දෙකමද!!!ඉස්සරහට බලමු නේහ්.

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
"ඔයා හැමදාටම මගේ ලඟට එනකන් මම බලාගෙන ඉන්නවා" 
ලස්සනයි ජිත්

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
කතාව රචනා කරලා තියෙන විදිය නම් superb. කතාවක් වුණත් ඒ කතාව පුරාම ගලාගෙන යන ගීතමය බවක් තියෙනවා. ඒ වගේම වෙනස්ම විදියේ කතාවක්. නියමයි.

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
ලස්සනයි. වෙන දෙයක් කියන්න වචන ගලපාගන්න බැහැ.

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
Ikmanata aluth update ekak danna...... waiting

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
[You must be registered and logged in to see this link.] wrote:
නියමයි ජීත් අයියා...කාල තරණය සම්බන්ධවද,නැත්නම් පුනර්භවයක් සම්බන්ධවද නැත්නම් දෙකමද!!!ඉස්සරහට බලමු නේහ්.


අනේ මන්දා මේවා දැන්ම කියලත් බැහැ නොකියත් බැහැ. dance Thank you වේවා මල්ලි.  hello

[You must be registered and logged in to see this link.] wrote:
"ඔයා හැමදාටම මගේ ලඟට එනකන් මම බලාගෙන ඉන්නවා" 
ලස්සනයි ජිත්



අම්මෝහ් කාලෙකින් දැක්කෙ. Thanks වේවා සජිත් අයියා. jocolor

[You must be registered and logged in to see this link.] wrote:
කතාව රචනා කරලා තියෙන විදිය නම් superb. කතාවක් වුණත් ඒ කතාව පුරාම ගලාගෙන යන ගීතමය බවක් තියෙනවා. ඒ වගේම වෙනස්ම විදියේ කතාවක්. නියමයි.


Thanks very much Bro.  hello

[You must be registered and logged in to see this link.] wrote:
ලස්සනයි. වෙන දෙයක් කියන්න වචන ගලපාගන්න බැහැ.



බුහහහා. Thank you අයියා.  2boy  

[You must be registered and logged in to see this link.] wrote:
Ikmanata aluth update ekak danna...... waiting



හවසට හොඳේ. hello  නින්ද ගියොත් හැබැයි  lmao  හෙට තමයි. Thank you මල්ලි. 

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
මම ඉඳගෙන හිටියෙ රත්තරන් පාට පුටුවක. ඈතින් පේන මහා නදිය දිහා එක පාරක් මම හැරිලා බැලුවා. ඒ හුළඟෙ සීතල ආයෙමත් වතාවක් විඳගන්න යන්න ඕනෙ කියලා මම හිතා ගත්තා. මගෙ අතේ තිබුණ මුද්ද තවත් ටිකක් තද කර ගත්ත මම පුටුවෙ පැත්තකින් තිබුණ කැටයම උඩින් මගෙ අත තියා ගත්තා.
 
මගෙ ඉදිරියෙන් තිබුණ දොර ළඟ ඉඳන් තිබුණ රතු පාට ඇතිරිල්ල ඉවර වුණේ මගෙ කකුල් ළඟින් තිබුණු පඩි කීපයක පහළින්. එතනින් පහළ හිටපු මිනිස්සු විශාල ප්‍රමාණයක් බිම දිගා වෙලා වැතිරිලා හිටියෙ මට ආචාර කරන්න. ඒත් මම බලාපොරොත්තුවෙන් හිටියෙ යම් කෙනෙක්ව. ඔහු පරක්කුයි. ඒ නොඉවසිලිමත්කම මට තදින්ම දැනුණා.
 
දිලිසෙන බිත්ති තිබුණ මහා ශාලාව පුරාම පැතිරිලා තිබුණෙ ලොකු නිහඬතාවක්. ඒත් මගෙ ඇස් රැඳිලා තිබුණෙ දොර ළඟටම විතරයි.
 
එකපාරම දොර ළඟින් ආවෙ විශාල එළියක්. මහා ශාලාවම එළිය කරන්න ඒ එළියට යන්න ඇත්තෙ තත්පර කීපයක් විතරයි. මම එකපාරම පුටුවෙන් නැගිට්ටෙ ඒ ආලෝකයෙන් තරමක් බය වුණ නිසා. ඒ ආලෝකය මැද්දෙන් රතු පාට පලස දිගේ ඇවිදගෙන එන පුද්ගලයෙක් මට දැක ගන්න පුළුවන් වුණා. රත්තරන් පාට හමක් තිබුණ ඔහුට තිබුණෙ කඩවසම් පෙනුමක්. ඒත් මට ඔහුගෙ මුහුණ පැහැදිලි වුණේ නැත්තෙ ඒ ආලෝකය නිසා.
 
ඒත්, මම මගෙ ස්ථාවරය ඉක්මණින්ම ගොඩනගා ගත්තා. ඒ ස්ථාවරත්වය කිසිම දෙයක් ඉදිරියෙ නැති කර නොගන්න මම හිතා ගත්තෙ, මම කවුද කියන තත්ත්වය මත. මම ඔහුට මුහුණ දෙන්න ඕනෙ මම ඔහුට මුහුණ දිය යුතු විදිහට.
 
ඔහු ඇවිත් මගෙ ඉදිරියෙ නැවතුණා. ඔහු මගෙ දිහා බලාගෙන යම් වෙලාවක් හිටියෙ ඇයි කියලා මට තේරුණේ නැහැ. ඒත් මට දැනුනෙ අමුත්තක්. මම මගෙ ස්ථාවරය වෙනස් කළෙත් නැහැ. තවමත් අපැහැදිලි වුණු ඔහු දිහා මම බලාගෙන හිටියා.
 
එකපාරම ඔහුගෙ අත ගියෙ ඔහුගෙ කඩුවට. කඩුව එළියට ඇදලා ගත්ත ඔහු ඒත් ඒක මගෙ දිහාවට දික් කළේ නැහැ. රත්තරන් පාටින් දිලිසෙන ඒ කඩුව ඔහු අත් දෙකේ තියා ගත්තෙ මට ඒක පිරිනමන විදිහට. ඒ විදිහටම දණ ගසා ගත්ත ඔහු කඩුව මගෙ පහළින් තිබුන පඩිපෙළ ළඟින් තිබ්බා.
 
"සූතෙන් සේ රා!"
 
ඔහුගෙ කටහඬ මහා ශාලාව පුරාම විහිදෙද්දි තවත් සිය ගාණකගෙ කටහඬවල් ඒ කටහඬ අනුගමනය කළා.
 
"සූතෙන් සේ රා! සූතෙන් සේ රා!!" ආයෙ ආයෙමත් මිනිස්සු සිය ගණනකගෙ ඒ කෑ ගැසීම මහා ශාලාව දෙදුරුම් කෑවා. ඔහු මගෙ ඉදිරියෙ වැතිරිලා ආචාර කරනවා මම ඒ අතරෙන් දැක්කා.


 
**********************************************




 
මම ලොකුම ගැස්සීමක් එක්ක ඇහැරුණා. මම ඇඳේ ඉඳගෙන වටපිට බැලුවෙ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව. දැන් මොහොතකට කළින් ඒ දැක්ක දේ? ඒක මම මේ දැන් ඇත්තටම දැක්කා වගේ දෙයක් නෙවේද? ඔව්. මම එතන හිටියා කියලා, නැත්නම් එක මෙතන වුණා කියලා මට ඕනෙම තැනක දිවුරන්න පුළුවන්. ඒ මොහොතේ දැනුණු හැඟීම් පවා මට තවමත් දැනුණා.
 
මම ඇඳේ ඉඳගෙන ඇරලා තිබුණ ජනේලෙන් එළිය බලාගෙන කල්පනා කළා. මේ දේවල් කිසිම දෙයක තේරුමක් නැති වෙන්න බැහැ. ඒත් මම ඒ දේවල් වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද? එක පාරටම මේ දේවල් මේ විදිහට පටන් ගන්න හේතුව මොකක්ද? මට ඒ කිසිම දෙයක් ගලපගන්න බැරි වුණා. මම ඒ විදිහට ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා කුස්සිය පැත්තට ගියා. අම්මා කුස්සියෙ මොකක්ද වැඩක්. නිදාගත්තට පස්සෙ වෙන්න ඇති එන්න ඇත්තෙ.
 
"අහ් මේ නැගිටලා තියෙන්නෙ." මං දිහා බලලා අම්මා ආයෙමත් කළින් වැඩේම පටන් ගත්තා.
 
"හ්ම්ම්. කීයටද ආවෙ?"
 
"තුනට වගේ. ඉස්සරහා දොරත් නිකන්ම වහලා තිබුණෙ. හොඳ වෙලාවට ගේට්ටුව වහලා. හැමදාම කියනවා නිදාගද්දි පොඩ්ඩක් බලන්න කියලා."
 
ඒකට කිසි දෙයක් කියන්න මට හිතුණෙ නැහැ. මම ඔහෙ අහගෙන හිටියා.
 
"ඔයා නිකමටවත් මට කිව්වෙ නැහැනෙ කඩුපුල් ගහේ පොහොට්ටු තිබුණා කියලා. වෙනදට නම් කියනවනෙ."
 
මම අම්මට කිව්වෙ ඊයෙ සිද්ධිය මතක් වෙලා.
 
"පොහොට්ටු? පොහොට්ටු තිබුණෙ නැහැනෙ කියන්න." අම්මා හැරෙන්නෙ නැතුවම උත්තර දුන්නා.
 
"එහෙම වෙන්නෙ කොහොමද අනේ? ඊයෙ මලක් පිපිලා තිබ්බනෙ." සමහර විට එයාට මග ඇරෙන්න ඇති. ඒත්, ඒක වෙන්න නම් බැහැ.
 
"ඊයෙ පිපිලා තිබ්බා නම් රෑ එනකොට මමත් දකින්න ඕනෙනෙ."
 
අම්මා මොනවද කියන්නෙ කියලා මට තේරුම් ගන්න බැරි වුණා. ඒක වෙන්නෙ කොහොමද? ඒත් මට ඒ දේ ආයෙමත් හාරවුස්සන්න ඕනෙ වුණේ නැහැ. මම ඉක්මණටම ගියෙ කඩුපුල් ගහ ළඟට.
 
නැහැ. ඒ දේ නම්, කීයටවත් වෙන්න බැහැ. පරවුණ කඩුපුල් මලක් ගහේ දකින්න තිබුණෙ නැහැ. මම ගහේ හැම තැනම බැලුවා. සමහර විට මට තිබුණ තැන වැරදෙන්න ඇති. ඒත් ඒ කිසිම තැනක කඩුපුල් මලක් තිබුණෙ නැහැ. මම බිමත් බැලුවෙ සමහර විට බිමට වැටිලවත් ඇතිද කියලා හිතා ගන්න බැරුව. මට හිතා ගන්නවත් බැරි වුණා. හරියට කඩුපුල් මලක් පිපුණෙ නැහැ වගේ. ඒත් ඒක වෙන්නෙ කොහොමද? ඊයෙ වුණ දේ බොරුවක් වෙන්න බැහැ. මම මගෙ අත අල්ලලා බැලුවා. මුද්ද තවමත් මගෙ අතේ. ඒ දේ ඇත්ත. මේ දේ හීනයක් වෙන්නත් බැහැ.
 
“අනික? දෙවියනේ! මේ මුද්දම නේද මගෙ හීනෙත් තිබුණෙ? මොනවද මේ වෙන්නෙ?”
 


**********************************************




 
කාලය මහ දවස් ගණන් වලින් ගෙවිලා ගියෙ නැහැ. ඒත් ගෙවුණු හැම දවසක්ම මට දැනුණෙ අවුරුද්දක් තරම් දිග එකක් වගේ. ඒ වගේ දවස් වලින් මාසයක් ගත වෙන්න ඇති. ඒ කාලය ගෙවෙනකොට මට දැනුණෙ මම අවුරුදු ගාණක් ගත කරපු තරමෙ මහන්සියක්.
 
ඔහු මට කිව්වෙ තව එක වතාවකට මාව හම්බවෙන්න එනවා කියලා නෙවේද? ඒත් මේ වෙනකම් ඇයි ඔහු මාව හම්බවෙන්න ආවෙ නැත්තෙ? ඒ ප්‍රශ්නය මගෙ හිතට ගෙනාවෙ ලොකුම වේදනාවක්. ඒත් ඒ හැම කාලෙකටම ඔහුගෙ මුදුව මගෙ ළඟ තිබුණෙ ඔහුගෙ මතකය අලුත් කරන්න.
 
පළවෙනි දවසෙ මම දැකපු හීනය ඒ මාසය පුරාවටම මම දැක්කෙ එක වතාවක් දෙකක් නෙවේ. කිසිම අඩු වැඩි වීමක් නැතුව ඒ විදිහෙන්ම මම ඒ හීනය ආයෙ ආයෙමත් දැක්කා.  ඒ හීනෙ තිබුනු විශේෂත්වය වුණේ කිසිම විදිහකින් ඒ හීනෙ වෙනස් නොවුණ එක. ඒක හරියට නිකන්, මගෙ අත්දැකීමක් ආයෙ ආයෙමත් මගෙ මතකයට එනවා වගේ කියලයි මට හිතුණෙ.
 
ඒ මාසෙ පුරාවටම මම ඉන්න ඇත්තෙ ලොකුම හිත් වේදනාවකින්. කිසිම වැඩකට හරියට අවධානයක් දෙන්න මට බැරි වුණා. මගෙ හිත නැවතිලා තිබුණෙ මගෙ ළඟම උත්තර තිබුණා වගේ මට දැනුණු ප්‍රශ්න ගොඩක් ළඟ.  අගක් මුලක් නොතේරෙන, අඩුම තරමෙ උත්තරයක්වත් නොදන්න දේවල් වල හැමදෙයක්ම තේරෙනවා නෙවේද කියලා හිත කියන්නෙ ඇයි කියලා මට හිතා ගන්න බැරි වුණා. සමහර විට ඒකෙ තේරුම හොයන්න ගිහින් වෙන්න ඇති මම වැඩි පුරම මහන්සි වෙන්න ඇත්තෙ.
 
හැම රෑකම නිදා ගද්දි ඒ මුදුව අතට අරගෙන මම කල්පනා කළා. කාටවත් පෙනෙයි කියලා ඒ වෙනකොට මම ඒක මගෙ මාලෙට අමුණගෙනයි තිබුණෙ. එහෙම වුණොත් හැම වෙලාවකම ඔහු මගෙ ළඟ ඉඳී කියලා මට හිතුණා.
 
මම මුද්ද ආයෙමත් අතට ගත්තෙ පහුගිය දේවල් කල්පනා කරන ගමන්. මාසයක් ගිහින් තිබුණත් එදා රෑ මතකයන් තාමත් මගෙ හිතේ රැඳිලා තිබුණෙ කිසිම අඩුවක් නැතුව. හඳ එළිය කාමරේ ජනෙල් අතරෙන් මගෙ කාමරේට වැටුණා. ඒ එළියෙන් මුදුව දිලිසෙන විදිහ මම බලාගෙන හිටියා. හෝරස් ගෙ ඇස දිහා මම බලාගෙන හිටියෙ මොනවා හරි දෙයක් මගෙ මතකයට ආපු නිසා.
 
"සූතෙන් සේ රා. මොකක්ද ඒකෙ තේරුම?" ඒ දේ අහඹුවක් වෙන්න කොහොමටවත් බැහැ. මගෙ හීනෙදි වගේම එදා ඔහුත් කිව්වෙ ඒ දේම නෙවේද?
 
මුද්දෙ තිබුණ රූපාක්ෂර දිහා බලාගෙන මම අන්තිමට කල්පනා කළේ ඒ දේ.


Last edited by Jith on 2018-04-06, 3:41 pm; edited 1 time in total

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
Hithata maha athbutha hangimak ekka kuthuhalayak awa. Aththatama oya lassanata liyala thiyanawa. Ithuru tikath ikmanata danna.

descriptionRe: මතකයේ කතාවක්...

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum