Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7263
Member Since : 2016-03-31

දුක්බර කතාවක් Empty දුක්බර කතාවක්

2018-04-04, 1:16 pm
ලොවම අසම්මතයැ'යි කියන ප්‍රේමයක දුක්බර කතාවක්


තංගල්ල ප්‍රාදේශිය කොට්ඨාසයට අයත් රන්න අඳුපැලෑන ගම ඉතා දුෂ්කර ගමක්.

බොහෝ දෙනාගේ ආදායම් මාර්ගය ගොවිතැන හා කුලී වැඩවල නිරත වීමයි.

කේ. එල් .සිතිජ ගොවිතැනින් ජීවත් වූ පවුලක උපන් අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලටද උනන්දුවක් දැක්වූ තලුන්න මහා විද්‍යාලයේ සිසුවෙක්.

සිජිතගේ හුරුබුහුටි බවට බොහෝ දෙනා ඇල්මක් දැක්වූ අතර ඒ අතරින් විශේෂ පුද්ගලයෙකු වූයේ 24 හැවිරිදි ඉඳුනිල් සඳරුවන් නැමති තරුණයායි.

දිනෙන් දින ලියලා වැඩුණු ඔවුන්ගේ බැඳියාව එකිනෙකා නොදැක සිටිය නොහැකි තරමටම දුරදිග ගොස් තිබූ අතර දුරකථන ඇමතුම් ලබා දීමෙන් නොනැවතී සිතිජගේ නිවසට යාම දක්වාම මෙම සම්බන්ධය දුරදිග ගොස් තිබුණා.

මෙම අස්වාභාවික සම්බන්ධයත් සමඟ මේ පිළිබඳ සිතිජගේ දෙමව්පියන්ට ද බියක් දැනෙන්නට වූ අතර නිවසේ වැඩවලට සිතිජගෙන් ලැබෙන උදව් මෙන්ම අධ්‍යාපන කටයුතු වලට සිතිජ යොමුකළ අවධානය ද අඩු වෙමින් තිබුණා.

සිතිජගේ පියා මේ නිසා සිතිජට පැවසුවේ ඉඳුනිල් සමඟ පවත්වන සම්බන්ධය නතර කර දමන ලෙසයි.

මේ පිළිබඳ බොහෝ කල්පනා කොට අවසානයේ සිතිජ මේ බව ඉඳුනිල්ට පවසා සිටියා.

මෙය ඉඳුනිල්ට දරා ගත නොහැකි තරමේ වේදනාවක් වූ අතර ඔහු සිතිජ ළඟ වැඳ වැටෙමින් පවසා සිටියේ තමන්ගෙන් ඈත් නොවන ලෙසයි.

කෙසේ වෙතත් තම දෙමව්පියන්ගේ කීමට පිටු පෑමට නොහැකි වූ සිතිජ ඉඳුනිල්ගෙන් ඈත් වන්නට තීරණය කළා.

මෙම වෙන්වීම ඉඳුනිල් තුළ සිතිජ කෙරෙහි වෛරයක් ඇති කිරීමට සමත් වුණා.

වේදනාවත් දුකත් නිසා ඇතිවුණ වෛරය හේතුවෙන් තීරණයක් ගත් ඉඳුනිල් මන්නා පිහියක් රැගෙන හොඳින් මුහුණු ආවරණය වූ හෙල්මටයක් ද පැළඳ යතුරු පැදියෙන් සිතිජ සොයා ගියේ සිතිජගෙන් පළිගැනීමේ අරමුණ සහිතවයි.

අතරමගදී සිතිජ හමුවුණු අතර ඉඳුනිල් ඔහුට කඩයකට යාමට කළ ආරාධනය සිතිජ පිළිගත්තේ තම පණ හා සම මිතුරාගේ අරමුණ පිළිබඳ කිසිවක් නොදැන සිටි නිසයි.

තලුස්ස වෙල්යාය අසළට සිතිජ කැඳවාගෙන ගිය ඉදුනිල් තම ඉණේ සඟවාගෙන තිබූ පිහිය ගෙන සිතිජට පහර දෙන්නට පටන් ගත්තා.

මරණයෙන් ගැලවීම සඳහා දිවගිය සිතිජ පේෂලා සෙව්වන්දිගේ නිවස ඉදිරිපිට මිදුලේ ඇද වැටුණේ ජීවිතය අයදිමිනුයි.


බුදු අම්මෝ මාව බේර ගන්න කවුරුත් නැද්දෝ? මෙන්න මාව මරන්න හදනවෝ කියා කෑ ගසමින් පැමිණි වයස අවුරුදු 14 ක් 15 ක් පමණ වන කොල්ලෙක් පේෂලා සෙව්වන්දිගේ නිවස අසළ ඇද වැටුණි. ඒ තවත් ඛේදවාචකයක අවසානය සනිටුහන් කරමිනුයි.


පසුපස හඹා ආ ඉඳුනිල් සිතිජට තවත් පිහිපහර කිහිපයක් එල්ල කළා.

අනතුරුව යතුරුපැදියට නැග ඉඳුනිල් පළාගිය අතර ප්‍රදේශවාසින් එක්ව සිතිජ රන්න රෝහලට රැගෙන ගියත් තත්ත්වය බරපතළ වූ බැවින් තංගල්ල රෝහලට ඔහුව රැගෙන යාමට කටයුතු කළ නමුත් අතරමගදී සිතිජ මෙලොවින් සමුගත්තා.

ඉන්පසුව ප්‍රධාන මාර්ගයට සිය යතුරු පැදිය ධාවනය කළ ඉඳුනිල් මාතර සිට මොණරාගල දක්වා ගමන් කරමින් තිබූ බස් රථයකට පැන තම දිවි ද නසා ගෙන තිබුණා..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

දුක්බර කතාවක් Empty Re: දුක්බර කතාවක්

2018-04-05, 8:26 pm
මේ සිද්ධිය මාත් කියෙව්වා සජි. හරිම දුකයි. අපි වගෙ අයගෙ හැඟිම් සමාජය තේරුම් නොගන්න එක කණගාටුදායකයි.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7263
Member Since : 2016-03-31

දුක්බර කතාවක් Empty Re: දුක්බර කතාවක්

2018-04-07, 9:31 am
Hitha Honda Kolla wrote:මේ සිද්ධිය මාත් කියෙව්වා සජි. හරිම දුකයි. අපි වගෙ අයගෙ හැඟිම් සමාජය තේරුම් නොගන්න එක කණගාටුදායකයි.
සමාජය අපිව තේරුම් ගන්න කලින් අපි සමාජය තේරුම් ගන්න ඕන කොල්ලෝ. මොනවා උනත් ඉඳුනිල්ට තව ඉවසන්න තිබුණා. අනික සිතිජ කියන්නේ අවුරුදු 15ක පොඩි කොල්ලෙක්. මෙතන තනිකරම වැරද්ද ඉඳුනිල්ගේ.
Sponsored content

දුක්බර කතාවක් Empty Re: දුක්බර කතාවක්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum