Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2089 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share

descriptionඅක්ධාරා

more_horiz
සමාජයේ නො දකින පැතිකඩක් වන සමලිංගිකත්වය හා ඒ පිළිබඳ ව සමාජයේ පවතින පරස්පර විරෝධී හා නො දැනුවත්කම හමුවේ, සමලිංගිකයාට සිදු වන අසාධාරණය, නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නො ලැබීම හා ඒ නිසා ඇති වන සමාජ රෝග වලට ගොදුරු වූ තරුණයින් මුහුණ පාන අභියෝග පිළිබඳ ව විග්‍රහ කරනු වස් ‍රැකියාවක් සොයා කොළඹ පැමිණි අහිංසක තරුණයෙකු වටා ගෙතුණු අපූරු කතාවක්. තවමත් මේකෙ පූර්ව ප්‍රචාරක පටය පමණයි ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ... වීඩියෝ එක බලන්නකො. සම්පුර්ණ චිත්‍රපටය ළඟදිම රිලීස් කරයි. 

පේජ් එකට සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් එකක් දාලා මේක හදපු කෙනාට සප් එකක් දෙමු. ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්නෙ.
 


ප්‍රේක්ෂක සටහනක්

අක්ධාරා,
මුදලට විකිණෙන හැඟීම්, ආශ්වාදයන් සොයායාමේ විකෘති ක්‍රියාවන්, ප්‍රසිද්ධියේ කතා කල යුතු නමුත් එසේ නොකරන මාතෘකා, දැනුවත් විය යුතු නමුත් පුහු භීතියක් විසින් වලක්වා සිටින කරුණු, අධ්‍යාපනයේ ඇති සමහර මුග්ධ තීරණ නිසා රටේ තාරුණ්‍ය, අනාගතය වක්‍රාකාරව විනාශ කරන්නාවූ, නොදැනුවත්කම විසින් වසා ඇති ඇති එක් මාතෘකාවක් ගැන තාරුණ්‍ය විසින්ම ඉදිරිපත් කරන නිර්මාණයක්.
බලාපොරොත්තු දහස් ගානක් සමඟ ජීවිතය ජය ගැනීමේ අරමුණ ඇති තරුණයෙක්. ප්‍රචණ්ඩත්වය, නොදැනුවත්කම හා පසුකාලීනව ආශාවන් පසුපස යෑම නිසා තම ජීවිතය විනාශ කරගත් ආකාරය ගැන අතීතාවර්ජනය කරන්නාවූ කඳලු කතාව 
අක්ධාරා........


The Lament.....

The things that are being sent to money, the distortions of search for insight, the public speaking but not the topic that should be taught, but the things that are avoided by a psychotic fear, some topics that have been closed by ignorance, which indirectly ruin the country's youth and the future, because of some idiotic decisions in education. This is something from youth to youth.

A young man who has a purpose to win his life with thousands of hopes; The Stolen Story of How It All Revealed Its Life by Violence, Ignorance, and Later Desires..

සටහන - යශ්
Permissions in this forum:
You cannot reply to topics in this forum