Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4102 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13716
Member Since : 2013-01-29

සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය Empty සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය

2013-08-03, 1:34 am
Message reputation : 100% (8 votes)
සමලිංගිකත්වය මේයට වසර කිහිපයකට පෙර කතාකිරීමට පවා ඉදිරිපත් නොවූ යුගයක සිට මේ වනවිට ලෝකයේ යම් පිලිගැනීමක් ඇතිවෙමින් පවතින මානුශීය හැගීමක්. ලෝකේ කොයි වකවානුවක කොයි ආකාරයට මිනිස් ජීවිතවලට සමලිංගිකත්වය එක් වූවාදැයි නිශ්චිත අදහසක් නොමැති උනත් ඒක වසර දහස් ගනනක් පුරා පැතීරී පැවතියක්.

අතීතයේ ඉතා රහසිගතව පැවති සමලිංගික සබදතා සම්බන්දයෙන් වර්තමාන ලෝකයේ සමහර රටවල පූර්න නෛතික රැකවරනයක්ද, සමහර රටවල ඒ සදහා නිදහසද ඇති අතර නීතියට පටහැනි උවත්, එය බරපතල ලෙස බලපෑමට ලක් නොවූවත් සමාජයේ පැහදීමකට තවමත් ලක්නොවූ ලංකාව වැනි රටවල් හා සම්පූර්නයෙන්ම තහනම් හා මරන දඩුවම පමුනුවන මට්ටමේ අරාබි රටවල් යන සියල්ලේම අඩුවැඩි වශයෙන් සමලිංගික සබද්තා පවතී. එය සාමන්‍ය මානසික කාරනාවක් බැවින් නීති මගින් සීමා පැනවීමෙන් හා පාලනය කිරීමට තැත් කිරීමෙන් ප්‍රතිපල විරලවන හා ප්‍රායොගික නොවන කාරනයකි.

සමලිංගිකත්වය පිලිබදව පිලිබදව අප රටේ මිනිසුන් ගෙන් 90% වඩා පිරිසකට පැහැදිලි චිත්‍රයක් නොමැති අතරම, ඔව්න්ගේ දැක්ම අනුව එය හුදෙක් පිරිමින් දෙදෙනකු හෝ ගැහනුන් දෙදෙනෙකු අතර පවත්නා අසම්මත අශෝබන ලිංගික කටයුත්තක් පමනි. නමුත් වාසනවකට හෝ සමලිංගිකත්වය යනු සාමන්‍ය මානසික තත්වයක් හා එය හුදෙක් අසාමාන්‍ය ලිංගික කටයුත්තක් නොවන බවට සලකන සුලු පිරිසක්ද ලංකාවේ ජීවත් වෙයි. 

සමලිංගිකත්වය කෙරෙහි සමාජයේ පහත් හැගීමක් ඇතිවීමට ප්‍රධන හේතු ලෙස ලාංකීය සමාජයේ පව්ල් ඒකක කෙරෙහිවූ සාමජික බැදීම හා සංචාරක් වියාපාරය හරහා ඇතිවුන හා තදින් බැදීපවතින සමලිංගික ගනිකා ව්‍යාපරය කෙරෙහිජනතාව තුල ඇති පිලිකුලද, මෙය මානසික රෝගීතත්වයක් යන ආකල්පය සමාජයේ මුල්බැස තිබීමද හේතුවේ. ඔවුන් සමස්ත සමලිංගික ප්‍රජාවම එම ගනිකාවන් හා සම මට්ටමේ සැලකීමට පුරුදුවී ඇත. සමලිංගික ආදරයක් පිලිබදව සමාජයේ කිසිදු පිලිගැනීමක් නොමැති අතරම එය බරපතල මානසික ගැටලුවක් ලෙස ගැනීමට ඔවුන් සූදානම්වා සේම, ඔවුන් දකින්නේආදරයේ සොදුරු හැගීම හා වටවුනු ආරක්ශාවද, රැකවරනයද නෝවේ. ඔවුන් දකින්නේද දකින්න සූදනම් වන්නේද ලිංගික කාර්‍යම පමනි.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13716
Member Since : 2013-01-29

සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය Empty Re: සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය

2013-08-03, 1:41 am
Message reputation : 100% (8 votes)
සමලිංගික ආදරය යනු අරුමයක්ද? එය කිසිම අරුමපුදුම සිතිවිල්ලක් හෝ හැගීමක් නොවේ.එයද විශම ලිංගික ආදරයක ඇති සුන්දර හා ආකර්ශ්නීය බවද, ආරක්ශාව හා රැකවරනයද අඩු නොමැතිවම එක්වුනු බැදීමකි. සමලිංගික ආදරය, විශම ලිංගික ආදරයට කිසිසේත්ම දෙවෙනි නොවූවත් සම ලිංගික ආදරයට පැවත්මක් නොමති බවට මිත්‍යාවක් ඇත.
ආදරය බිදවටීමට හෝ බිදවට්ටව ගැනීමට හේතුවන කරුනු කිහිපයක් පහතින් කතා කරමු, එයට පෙර පැවත්මක් ඇතයි කියන්නවූ විශම ලිංගික ආදරයන් කීයක් නම් බිදවැටී ඇත්ද, ඔවුන් කීදෙනෙක් සමග ආදර සබදතා පවත්වා ඇත්ද, ආදරයෙන් එක්ව විවාහවී පසුව දික්කසාද වූවන් මෙන්ම විවාහයට හොරෙන් අන් අඹු සැමි සැප සොයන කීදෙනෙක් නම් සිටිනවාද, ආදරයෙන්විවාහවී සම්මතයට කොටුවීම නිසා විවහය රකිමින් ජීවිතයම අපායක් කරගත් කී දාහක් මේ රටේ සිටිනවාද. එසේනම් සමලිංගිකයන්ට පමනක් පොදුවු පැවැත්මක් නැති ආදරයක් ඇතැයි පැවසීම මුලාවකි. විශම හා සම දෙකොටසේම ඉතා ආදරයෙන් ජීවත්වන්නන් මා දැක ඇත. ඉතා දිගු කලක් ආදරයෙන් එකට ජීවත් වන මාගෙ මිතුරන්ද වෙයි. විවාහයෙන් කෙලවර වන ආදරයක් අපිට උරුම නොවුවත් ඉතා ආදරයෙන් හා සතුටින් ජීවත්වන සමලිංගික පව්ල් අද ලංකාවෙ සිටිනබව ඔබටද රහසක් නොවන බව මම දනිමි.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13716
Member Since : 2013-01-29

සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය Empty Re: සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය

2013-08-03, 1:51 am
Message reputation : 100% (7 votes)
පෞරුශය යනු කුමක්ද? භෞතික පෞරුශය හා මානසික පෞරුශය වශයෙන් ප්‍රධනව කොටස් 2 බෙදන්න පුලුවන්. පිරිමින්ගේ බෞතික පෞරුශය සම්මතික ලෙස දෙතිස්මහා පුරුශ ලක්ශන වලින් දක්වයි. මේ සියල්ලම එකවර පිහිටන්නේ බුද්ධත්වයට පත්වන භවයේ බෝධිසත්වයකුට පමනයි. පින් පව් අනුව අනෙක් පුද්ගලයන්ට අඩුවැඩි වශයෙන් පිහිටනවා.
මානසික පෞර්ශය තම බුද්ධියෙන් ගොඩ නගාගන්න පෞරුශයයි. එයටද හොදම උදාහරනය බුදුරජානන් වහන්සේයි.
භෞතික පෞරුශයෙන් අඩු උවත් මස්නසික පෞරුශයෙන් ඉහලනම් ඔවුන් ජයග්‍රාහි වේ. ලෙනින් එවැනි මිනිසෙකි කුඩා ශරීරයක් හිමි උසස් මානසික පෞරුශයක් හිමි ඒ මිනිසා අදටත් සමාජවාදී ලෝකයේ පිලිගැනීම වේ. භෞතික පෞරුශයක් පමනක් ඇති මිනිසුන්ද ඇත. පෙනුමෙන් ආකර්ශනීයවේ නමුත් ඔවුනට සමජයේ හා ජීවිතයේ ජයගැනීම වෙනුවෙන් පෞරුශයක් නොමැති පරජිතයන්ය. වෙනස් කිරීමට අපහසු භෞතික දේ ගැන නොසිතා වෙනස් කල හැකි මානසික පෞරුශය ගොඩනගා ගැනීමට අපි කව්රුත් උනන්දු වියයුතුයි. පරාජිත මානසිකත්වයකින් කිසිවක් ලබාගත් නොහැකිවා සේම ඇතිදේ රැකගැනීමටද නොහැක. ජයග්‍රාහි මනසිකත්වයකින් සිටීනම් අපිට අපගේ අරමුනු කරායාමට එය ලොකු පිටුවහලක්.

අපරටේ සමලිංගික ආදරය බිදවැටීමට ප්‍රධනම හේතුව වන්නේ සමාජයීය ප්‍රශ්න වලට මුහුන දීමට පෞරුශයක් නොමැතිවීමයි. ආදරය කෙලවර ඇතිවන විවාහය අප අතර ඇතිවෙන්නෙ සම්මත සමාජයේ මෙන් අත්සනකින් සපත කල ගිවිසුමකින් නොවේ. එය හදවත් දෙක අතර ඇතිකරගන්නා ගිවිසුමක්,සාක්කි කාරයන් අත්සන් නොකරන බුදුන් දෙවියන් ඉදිරියේ වෙන ගිවිසුමක්. සමාජ සම්මතය වෙනුවෙන් ආදරය හා ජීවිතය විනාශකරගන්න බහුතරයක් අප අතර ඉන්නව. සටනකින් තොරවම පරාජය බාරගෙන විනාසවෙන ජීවිත ඕනතරම් තියනවා. සමලිංගික හැගීම් එක්ක විශමලිගික විවාහයක් කරා යන අය ඔවුන්ගේ පවුල් දිවිය සතුටින් ගෙවන්නෙ කොහොමද? එතන ඇතිවන්නෙ නොගැලපීම හා දුක විතරයි. එකිනේකාට හොරෙන් ජිවිතයේ සතුට සොයමින් ජීවිතයම කාලකන්නි කර ගන්නව.ඔහු විතරක් නෙවෙයි, බිරිද දරුවන් දෙමව්පියන් මේ සියල්ලටම ඒ දුක උරුම කරනව. සමාජයට බියෙන් තීරන ගෙන කී දෙනෙක්ගේ ජීවිත විනාශ කරනවද? තමුන්ටවත් ලොවටවත් වැඩක් නැති සියලන්ටම සතුටක් සැනසීමක් නැති කල්පිත සම්මතයක් වෙනුවෙන් ඔබේ ආදරය ජීවිතය බිලිකිරීමට ඔබත් බලාපොරොත්තුවෙනවද, නැත්නම් ජයග්‍රහනය හා ජීවිතය වෙනුවෙන් උඩුගම් බලා පීනනවාද? ඒ වෙනුවෙන් ඔබ ශක්තිමත්ද, ඔබේ හා සියල්ලන්ගේ සතුට වෙනුවෙන් කැපවීමට පෞරුශයක් ඔබට තියෙනවාද?

ජීවිතයේ ප්‍රශ්න සදහා තමා සම්මතයේ සිට පිලිතුරු සෙවියයුතුයි. සිද්ධර්ත ගෞතමයන්ද අන්යන්ගේ කැමත්තට පිටුපා නිර්වානය සෙවීමට නොගියානම් විරුද්දවූ කිසිවෙකුටද සැනසීමක් නොලැබෙනු නියතයි නේද? පිරිමියෙකු ලෙස ජීවිතේ ප්‍රශ්න වලට මුහුනදිය හැකිවිය යුතුයි. සමාජයේ හෝ තම පවුලේ බලපෑම මත, සියල්ලන්ම ද දුකට හා ප්‍රශ්න රැසකට මැදිකර තමනුත් දුක් විදිනවාට වඩා නිවැරදි තීරනයක් ගෙන සතුටින් දිවි ගෙවිමට අපිට හැකිවිය යුතුයි. මේ ජීවිතය අහම්බෙන් ලැබුනක් නොවේ, සසරේ මිනිස් දිවියක් ලැබීම අසිරිමත් දෙයකි. එය දෙලොවට වැඩදායක ලෙස විදීම විනා විදවීමෙන් පලක් නැත. පරජයවීම ආඩම්බරයක් කියා සිතන දුර්වලයන්ට, ආදරයේ ජයග්‍රහනය මත ලබන ජීවිතයේ වටිනාකම හා එයින් තමන්ට අන් අයට ලැබෙන සැනසීම පැහැදිලිකර දීම කාගෙත් යුතුකමකි. නැතිනම් ඔවුන්ගේ පරජය පරිත්‍යාගය කියන බොරුවෙන් වසා තවකෙනෙකු මුලා කරනු ඇත.එසේම ඔවුන් පරිත්‍යාගය කියා වනසන්නේ තමන් ආදරයකල හා තමාට පනමෙන් ආදරය කල අයකුගේ මුලු ජීවිතයයි.

ආදරය කරන්නේ දිනන්න මිස පරදින්න නොවේ.අපිට ආදරය ගැන හා ජීවිතය ගැන බොහෝදෙනා උපදෙස් දුන්නද ඔව්න් ජීවිතය දකින්නේ ඔවුන්ගේ මිම්මෙන් මිස අපට සාදාරන ලෙස නොවේ. එනිසා නිවැරදි තීරනය අපට සාදාරන ලෙස ගැනීමට අපගේ පෞරුශය වැදගත් වේ.
පරාජිත මානසික මට්ටමකින් දිනිය හැකි දෙයක් නැති බැවින් අපි හැමවිටම බේදා දිය යුත්තේ හාගොඩ නැගිය යුත්තේ ජයග්‍රාහී මානසිකත්වයකි.දෙමංසලක අතරමංවූ අයකුට නිසිමග සොයාගැනීමට එය සියුම් උත්තේජනයක් වනු ඇත. අප සමාජයේ එකට ජීවත්වූවත් අපගේ ප්‍රශ්න විසදීමට සිදුවන්නේ පුද්ගල වශයෙනි. එබැවින් තීරන ගැනීමට පෙර තමන් තම ආදරය, අනාගතය හා මතුවන ප්‍රශ්න සියල්ල ගැන හොදින් සිතා තීරන ගන්න.
එය ඔබේ මෙන්ම ඔබේ ආදරයේ, ආදරවන්තයාගේ, ඔබේ පවුලේ සියල්ලන්ගේම දීර්ගකාලීන සතුටට හේතුවනු ඇත.

ආදරය හා ජීවිතය අරමුනු වෙනුවෙන් ජීවත්වන්න.ආදරය රැකගෙන ජීවත් වන්න.සියල්ල ඔබට සහයොගය නොදෙනු ඇත නමුත් ඔබවෙනුවෙන් එක් අයකු හෝ සිටිනබව ඔබට හොදින්ම වැටහේවි. ඔබ නිවැරදි බව වැටහුනු කල සියල්ලොම ඔබට සහය වේවි. නමුත් ඔබට එය කිරීමට හැකිවන්නේ ඔබ සතුව ඇති පෞරුශයේ ප්‍රමානය අනුවයි.
ජීවිතය හා ආදරය කෙසේ හෝ ජයගන්න. පරදින්න එපා, එය මිනිසෙකුගේ අභිමානයට කැලලක් බැවින්.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13696
Member Since : 2013-01-26

සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය Empty Re: සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය

2013-08-03, 7:42 am
Message reputation : 100% (4 votes)
නියමයි අයියා. වටින කියන අදහස් ගොන්නක්. ඔය පෞරුෂ සීන් එකට නම් ටෝටලි ඇග්‍රී.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12453
Member Since : 2013-05-31

සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය Empty Re: සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය

2013-08-04, 1:31 am
Message reputation : 100% (6 votes)
"අපරටේ සමලිංගික ආදරය බිදවැටීමට ප්‍රධනම හේතුව වන්නේ සමාජයීය ප්‍රශ්න වලට මුහුන දීමට පෞරුශයක් නොමැතිවීමයි."

 සහන අය්යේ මම ඔයාට මගේ අදහසත් කියන්න කැමතියි !

මේවගේ කාරණාවලදී මිනිස්සු(gay people) කියන්න බැරි තරම් අසරණ වෙනවා ,දන්නවනේ අපේ රටේ පවුලක බැදීම කොයිතරම්ද කියල , තමන්ගේ දරුවා මේ වගේ කෙනෙක් කියල විශ්වාස කරන්න දෙමව්පියෝ කොහොමත් කැමති නැ !
ඒ වගේම මේ දේ තේරුම් කරලා දුන්නත් ඒවා පිලගන්න සුදානම් වෙඉද කියන එකත් ලොකු ගැටළුවක් ! 

බටහිර රටක වගේ තමන්ගේ පව්ලේ උදවිය එකතුවෙන වෙලාවක ......

"මට ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියනවා ....මේක අහල කලබල වෙන්න එපා !........
මම gay !.........එක නිසා මට ගෑනු හොයන්න එපා " 

මෙහෙම කියන්න පුළුවන් වෙයි ද ?

මෙහෙම කියන්න පුලුවන්නම් කොඉතරම් දෙයක්ද ......එත් අවාසනාවකට ...අපේ රටේ විවෘත මනසකින් ගැටළු දිහා බලන්නේ නැ .......................එක නිසා මේ ප්‍රශ්නේ හරිම සංකීරණ ගැටළුවක් ...........

ලංකාවේ මිනිස්සු එක රාමුවකට කොටු වෙලා ප්‍රශ්න වලට උත්තර හොයන්නේ ,රාමුවෙන් පිට පැනල උත්තර හොයන මිනිස්සු හරිම අඩුයි !

එත් මම කියන්නේ නැ හැමදාම මේ වගේ ඉන්න වෙන්නේ කියල ,
ටික ටික අපේ සමාජය වෙනස් වෙන බව දැනෙනවා ......එත් ඉක්මන් වෙනසක් දකින්න බැරි වෙයි !...........එකට දවස් සති මාස  අවුරුදු නෙමෙයි දශකයක් වත් ඉවසන්න වෙයි ..........


මම අධර්යයට පත් වෙන්න නෙමෙයි මේක කියන්නේ ....................... !

අපිට තියෙන්නේ බුද්ධිය පාවිච්චි කරලා ....ඉවසීමෙන් ..අපේ දේවල් කරගෙන යන්න .......ඒ අතරේ අපේ දැන් පරම්පරාවට තියෙන්නේ අනාගතයේදී මේ ප්‍රශ්නෙට මුහුණ දෙන අය වෙනුවෙන් ...ටික ටික සමාජ ආකල්ප වෙනස් කරන්න උත්සහ කරන එක ......................................

මේ මට දැනෙන හැගෙන හැටි .......!
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13716
Member Since : 2013-01-29

සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය Empty Re: සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය

2013-08-04, 2:15 am
Message reputation : 100% (7 votes)
කසුන් මල්ලී, අපි ගේ කියල දෙමව්පියන්ට කියන්න බැරිනිසා කසාද බදිනව එහෙමද?
ඊට පස්සේ  එන ප්‍රශ්නවලට දෙමව්පියො විසදුම් දෙනවද හැගීම් පාලනය කරන්න දෙමව්පියන්ට පුලුවන්ද?
ඒ ප්‍රශ්න මම කථ කරපු නිසා අයේ කියන්න යන්නෙ නෑ.
ඒ ප්‍රශ්නෙට මූන් දෙන්න තමයි පෞරුශය හදාගන්න ඕන. කෙලින් කියන්න බැරිනම් ව්‍යංගයෙන් කියන්න පුලුවන් ඒකත් බැරිනම් ඒ ගැන කියාන්නම ඕන නෑ. ප්‍රතික්ශේප කරන්න වෙන හේතු තියනව.  සම්‍යක් ප්‍රයෝග කියන්නේ ඒවට.
ඒ කට පිරිමිකම නැත්නම් පෞරුශය තියෙන්න ඕන.
මගේ යාලුවෝ කීප දෙනෙක්  ඔයවගේ  කසාද බැන්දා. එකෙක් සතියකින් ඩිවොස්, අනික්  උන් ගෑනීට හොරෙන් කොටු පනිනවා.
මේකද වෙන්න ඕන.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12453
Member Since : 2013-05-31

සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය Empty Re: සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය

2013-08-04, 11:35 am
Message reputation : 100% (6 votes)
ඔයා කියන එක හරි අයියේ 

එහෙම වෙන්න ඕනේ නැ ! 

මට හිතෙන්නේ ඒ වගේ දේවල් වලින් තමයි ..සමාජයට අපිව එපා වෙන්නේ ....

කෙලින් කියන්න බැරි නම් ව්‍යංගයෙන් කියන එක ,සම්‍යක් ප්‍රයෝග භාවිතය ....මම එකග වෙනවා 100%

හැබැයි මේ හැම දේකටම පිරිමිකම නැත්නම් පෞරුශය තියෙන්න ඕන ...........එහෙම නේද ?

මම හිතන්නේ මම කලින් අදහස ඉදිරිපත් කලේ ..ටිකක් පටු විදිහට හිතල ................!

හරි අවබෝධයකට එන්න තියන හොදම මාර්ගය ......සංවාදය යි .

සහන් අය්යේ ,ගොඩක් ස්තුතියි !
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9808
Member Since : 2013-07-06

සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය Empty Re: සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය

2013-08-06, 4:34 pm
Message reputation : 100% (1 vote)
niyamayi sahan,aththenma bohoma vatina pahadili kireemak.
Anonymous
Guest
Guest

සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය Empty නියමයි අයියෙ

2014-04-16, 2:19 am
ඔව් අයියේ..අපි දෙන්නත් පුදුම තරම් මහන්සි වෙන්නෙ ඔය ප්‍රශ්නෙට හොද විසදුමක් හොයන්න.ඔයා ඉදිරිපත් කරපු විසදුම් සැහෙන දුරටම practical අයියෙ..මේ Get Real එකේම ඉන්න කීපදෙනෙකුටත් මේ post එක කිහිපවතාවක්වත් කියවන්න දෙන්න වටිනව.
 pride  cheers
midika janak
midika janak
Regular Member
Country : Sri Lanka
Posts : 11
GetReal Gold : 7547
Member Since : 2014-01-28

සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය Empty sama lingikathwaya ,adaraya ha parusathwaya..

2014-04-16, 8:58 am
Message reputation : 100% (1 vote)
sahan  ha kasun depalagema adahas watinawa.lankawe samajaya thula dan dan samarisiyan gana buddimath widiyata balana pirisak bihiwela thiyanawa kiyana adahasata, mamada akanga wemi.sanwadayakata agana mathru kawak lesada salakami......... pride midika..
Sponsored content

සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය Empty Re: සමලිංගිකත්වය ආදරය හා පෞර්ශත්වය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum