Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4081 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සමනල පාලම

+19
Sithija
A. Kasun
Sanketh
tharindu_d
kelum123
sandaru799
kasunx
Esala
pahan
thavisha
amal123
සහන්
Harsha
භානුක
Vikasitha
Malintha
Siyapath
chathura1122
shevan
23 posters
Go down
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9492
Member Since : 2013-03-28

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-14, 6:05 pm
Message reputation : 100% (1 vote)
නියමයි අයියේ කතාව..........
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8648
Member Since : 2013-09-01

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-14, 10:13 pm
Message reputation : 100% (1 vote)
marama kathawak eka niyamai ayiye.
 pride
Anonymous
Guest
Guest

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-14, 11:34 pm
aluth wenasata magen mulma comment1 niyamai aiye ela.mewage wenasakata mama godak kamathi. pride  pride  pride
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9170
Member Since : 2013-08-09

සමනල පාලම - Page 6 Empty සමනල පාලම - The Dirty Underwear අවසාන කොටස

2014-01-15, 3:40 am
Message reputation : 100% (3 votes)

“අර දෙන්නව ගෙදරටම පිටත්කර හැරියද වොට්සන්.“

“ඔව් හොම්ස්, කරත්ත කරුට මුදලුත් ගෙවලයි පිටත් කලේ.“

“ඒක හොඳයි, වොට්සන්ට විශාල ගැටළුවක් නේද මම එක වරම අර අතුරුදහන් වුණු තරුණයව සොයාගත්තු එක?“

“ඇත්තටම හෝම්ස් ඔබ පුදුම මිනිසෙක්. මම විතරක් නොවෙයි, නිසැකවම ඔබ ගුප්ත ශාස්ත්‍ර කරුවෙක් ලෙස සලකාවි මේ සිදුවීම දැන ගන්න හැම කෙනාම.“

“වොට්සන්, මම පුදුම වෙන්න තරම් කිසිම දෙයක් කළේ නැහැ. ඔබට පවා පුළුවන්කම තිබුනා ඔහු නිසැකවම නොටින්ග්හැම් දුම්රියස්ථානයේ සිටින බව නිගමනය කරන්නට.“

මම? මටත් නිගමනය කරන්න තිබුණා?“

“වෛද්‍යවරයෙක් වුනත් බ්‍රිතාන්‍ය රාජකීය වෛද්‍ය සංගමය පවා මානසික රොගයක් නොවන බවට තර්ක කරන සමලිංගිකත්වය රෝගයක් ලෙසයි ඔබ තවමත් දකින්නෙ. ඒ නිසාම වොට්සන් ඔබේ මනස සමලිංගික හැඟීම් තියෙන පුද්ගලයන් දෙස පිලිකුල් සහගත හැඟීමකින් බලන්නයි ඔබවම පොළඹවන්නෙ .................................... මං කියන්න ගියේ මේකයි. මං කියපු ඒ හේතු නිසා ඔබ ඒ තරුණයගේ කතාවට සම්පූර්ණයෙන්ම ඇහුම්කන් දුන් බවක් ඔබටම මතක නෑ නේද?

“ඉතිං ඕක තේරුම්ගන්න ඔය තරම්ම සරල දෙයක් නම් අර අබ්බගාත තරැණයා මොන එහෙකටද මෙහෙ දුවගෙන ආවෙ පෙම්වතා අතුරුදහන් වූ බව කියන්න. ඔහුටත් නිගමනය කරන්න තිබුණනේ නොටින්ග්හැම් වලට යන්න.“

වොට්සන්ගේ වචන තුළ නෝක්කාඩුවකටත් වඩා ගැබ්ව තිබුණේ චෝදනාත්මක බවකි. 

“ඔබ ඇතැම් වෙලාවකදි රහස්පරීක්ෂකයෙකුගෙ සහකරුවෙකුටක් වඩා වෛද්‍යවරයෙකු ලෙසත් අසාර්ථක වෙන තැන් කිබෙනවා වොට්සන්.“

“මොනවද එහෙම තැන්.?“

“වැඩි දුර යන්න එපා වොට්සන්. මේ දැන් අහපු දේ තුළ පෙන්නුම් කරන්නෙත් එයමයි.“

“මොනවද ඔබ කියන්න සූදානම් වෙන්නෙ හෝම්ස්.“

“හිතන්න වොට්සන්, ඒ තරුණයා ඉන්න මානසික තත්වය තර්කයකින් පෙම්වතා සිටින තැන නිගමනය කරන්න තරම් පුමාණවත් වෙන්න විදිහක් නැහැනේ.“

“හොඳයි, ඔබේ තර්කය පිළිබඳව මම පසුව කතා කරන්නම්. දැන් කරුණාකරල මාව නිරවුල් කර සිටින්න හොම්ස්.“

“හොඳයි. තරුණයා කියපු තොරතුරු අනුව තමන්ගෙ දෙමව්පියන් විරුද්ධයි මෙවැනි සම්බන්ධයක් අර තරුණයත් එක්ක පවත්වනවට.........ඒ නිසා ඔහු පසුගිය අවුරුදු තුනටම දෙමවුපියන් බලන්න ඔහුගෙ ගම්පලාත, ඒ කියන්නෙ බර්මින්ග්හැම් වලට ගිහින් නැහැ. දැනට මාස දෙකකට කලින් තමයි කිසිම හේතුවක් නැතිව ඔහුගෙ කකුල් අප්‍රාණික වෙලා තියෙන්නෙ. ඔහු කිව්ව විදිහට නම් කිසිම වෛද්‍යවරයෙකුට මේකට හේතුව සොයාගන්න අපහසුයි. ඒත් ඔහුට කුඩාම කාලෙ මෙවැනි තත්වයක් මතුවෙලා ඒ පුදේශයේ වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරල තිබෙනවා සහ එයින් ඔහු සුවය ලබලත් තිබෙනවා. සොයල බලද්දි මේ වෛද්‍යවරයා ලොක යුද්ධයේදි මියගිහින්. වෛද්‍යවරු කිහිප දෙනෙක්ම පවසල තිබෙනවා පැරණි වෛද්‍යවාර්තා තිබුනොත් සුවකල හැකිබව.“

“මට තේරෙනව හෝම්ස් දැන්, එතනොට අර තරුණයා බර්මින්ග්හැම් බලා පිටත් වුනා තමන්ගෙ පෙම්වතාගෙ නිවසින් පැරණි වෛද්‍ය වාර්තා ගේන්න.“

“ඔව්, ඔබ නිවැරදියි වොට්සන්. සැබෑම ප්‍රේමවන්තයින් එවැනි කැපකිරීම් කරන්න මොහොතක්වත් පමා වෙන්න කැමති නැහැ ඇත්තටම.“

“එත් මට තිබෙන ගැටළුව බර්මින්ග්හැම් ගිය කෙනාව හොයන්න ඔබ නිශ්චිතවම නොටින්ග්හැම් ගියේ ඇයි කියන එක“

“ඒක ඉතාම සරල දෙයක් මගේ මිත්‍රයා. වසර විසි දෙකකට පසුවයි සමස්ත බ්‍රිතාන්‍යයටම මෙවැනි අධික හිමපතනයක් සිදුවුණේ. අර තරුණයා භූ විෂමතා අධයනය සම්බන්ධ විශේෂවේදී උපාධියක හිමිකරැවෙක්.“

“උපාධියත් නොටින්ග්හැම් ගමනත් අතර සම්බන්ධය මොකද්ද හෝම්ස්?“

“වැඩිය හිතන්න එපා වොට්සන්. බර්මින්ග්හැම්වලට වඩා අගනුවර පාලකයන්ට වඩාත් වැදගත් වෙන්නෙ හිම නිසා අඩාලවුණු නොට්න්ග්හැම් වෙත ගමනා ගමනය සහ සන්නිවේදනය යළි ඉක්මණින් ස්ථාපිත කරන එක. විශේෂයෙන්ම දුම්රි සේවය. රටේ භෞතික පිහිටීම පිළිබඳව අධ්‍යයනය කරපු කෙනෙක් නිසා ඔහු දන්නවා ඉන්මණින් නැවත පැමිනෙන්නම් පොදු පුවාහනය සිදු නොවන මේ මොහොතේ බර්මින්ග්හැම් වල ඉඳන් දකුණේ තිබෙන ලන්ඩන් එනවට වඩා එහි සිට උතුරට ආසන්නව තිබෙන නොටින්ග්හැම් වෙත යෑම වඩාත් වාසිදායක බව. ඒ නිසයි ඔහු නොටන්ග්හැම් බලා පිටත් වුනේ. ඕනම සැබෑ ප්‍රේමවන්තයෙකුගේ අරමුණ හැම මොහොතෙම තමන්ගෙ ආදරය දැකගන්න එක. නමුත් කරන්නම දෙයක් නැති තැන අවසර පතන්න ගියොත් රෝගී පෙම්වතා ඔහුගෙ නිවසට යනවට අකමැතිවෙන නිසා ඔහු තනිවම බර්මින්ග්හැම් බලා පිටත් වුණා. එක රැයක් පසුකරන්න විතරක් බලාපොරොත්තු වුණත් අධික හිමපතනය නිසා දින හයක්පුරා ඔහුට ආපසු එන්න බැරිවුණා. ඒ වාගේම සන්නිවේදනය ඇණහිට ඇති නිසා පණිවුඩයක් එවන්නත් බැරිවුණා. නොකියා ගිය නිසා අබාධිත තරුණයා දන්නෙ නැහැ තමන්ගෙ පෙම්වතාට එකපාරටම සිදුවුණේ මොකද්ද කියල“

“හොඳයි හෝම්ස් මට දැන් පැහැදිලියි. ඒත් ඔබ කියපු එක වචනයක් මා තවදුරටත් නිරවුල් කරගත යුතුයි.“
වොට්සන් පැවසුවේ අමුතුම උද්දීපනයකිනි.

“අහන්න මගේ මිත්‍රයා ඕනෑම දෙයක් අහන්න.“

“ඔබදැන් කතාකල අවස්තා දෙකකදීම ඔවුන් සැබෑම ප්‍රෙමවන්තයින් බව පැවසුවා. ඔබ කොහොමද ඒක නිශ්චිත වශයෙන්ම කියන්නෙ?“

“මට ඒකට සරල උත්තරයක් දෙන්නත් පුළුවන්, සංකීර්ණ සාධකයක් තිබෙන උත්තරයක් දෙන්නත් පුළුවන්. හොඳයි මං ඒ දෙකම ඔබට කියන්නම්. සරලව කියනවනම් පෙම්වතා අකමැති බව දන්න නිසා අවසර නොගෙනම පෙම්වතාගෙ නිවසට ගියපු ගමන එක්තරා අවධානම් ගමනක්. ඒක නිසා ඔහුතුළ ඇති ආදරය පැහැදිලියි. ඒත් මං ඔහුට සැබෑම පෙම්වතෙක් බව කිව්වෙ වෙනත් හේතුවක් නිසයි. ඔබ වගේම මමත් ඔහුගෙන් ඇහුවා දින හයක් අතුරුදහන් වී සිටින පෙම්වතා නැවතත් ඔබ වෙත එන බව විශ්වාස කරන්න තරම් ඔහු තුළ ඔබ කෙරෙහි අප්‍රමාණ ආදරයක් තිබෙනවද කියල. තරුණයා මට දීපු පිළිතුර නිසා තමයි ඔහු සැබෑම පෙම්වතෙක් බව මමත් නිගමනය කලේ.“

“ඒ මොකද්ද හෝම්ස්?“

“තරුණයගෙ කතාව ඇතුළෙ කියවුණු එක්තරා සිදධියක් මේක. ඒ තරුණය දවසක් ඇඳපු යට ඇඳුම ඊට පහුවෙනිදා අඳින එක අර තරුණයගෙ පුරුද්දක්.“

“ඉතින්?“

“මේ තරුණයා කකුල් පණ නැතිවෙලා ඉන්න දවස්වල එකම ඉරියව්වෙන් ඉඳපු නිසා තට්ටම් දෙකත් තුනටියත් ඇගේ රස්නෙටම තැම්බිලා තුවාල වෙලා.“

“මොනවා, ඉතින්?“

“ඒ බව දැක දැකත් අර තරණයා ඔහුගෙ ආදරණිය පෙම්වතාගෙ සැරව ගෑවුණු යට ඇඳුම ආශාවෙන් අඳින එක කවදාවත් නවත්තල නෑ.  ඉතින් වොට්සන් තමන්ගෙ පෙම්වතාගෙ Dirty Underwear එක කිසිම හිරිකිතයක් නැතිව අඳන්න තරම් හිතක් තියෙන කොල්ලගේ ආදරයෙ තරම හිතාගන්න මට තවත් සාක්ෂි ඕන වුනේ නෑ.“

----------------------------------   නිමි   ------------------------------------------------------





Last edited by shevan on 2014-01-15, 4:19 am; edited 4 times in total
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9170
Member Since : 2013-08-09

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-15, 3:52 am
Message reputation : 100% (4 votes)
සමනල පාලම කෙටිකතා කිහියක එකතුවක්.
[You must be registered and logged in to see this link.]
මේක තමයි පළවෙනි එක. හෝම්ස්ගෙයි වොට්සන්ගෙයි දෙබස් වලින් විතරක් පිරුණු මේ කතාවෙ ආදරය පිරිල නැතුව ඇති. ඒත් ඒකට ආදරය පුරවන්න මං හැකිතරම් උත්සාහ කලා.ඒ ආදරේ ඔබට දැණුන නම් ඔබට දැණුන හැඟීම අමතක නොකර මෙහි ලියන්න කියල මං ඉල්ලා සිටිනවා. දික තතාවක් ලියන්න හිතහදාගන්න අමාරුවෙලා ඉද්දි භානුක ලියපු මගේ ආදර කතාව කියන ලස්සන කෙටිකතාව තමයි මේවගේ කෙටි කතා ලියන තැනට මාව පෙළඹුවේ.

ඉතින් මෙයින් ඔබට යම් වින්දනයක් ලැබුණනම් ඒක තමයි මගෙත් සතුට. ඔබේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි. තවත් කතාවත් බලාපොරොත්තුවෙන් ඉන්න.

ජය වේවා!


Last edited by shevan on 2014-01-15, 1:14 pm; edited 1 time in total
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13654
Member Since : 2013-01-26

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-15, 9:36 am
Message reputation : 100% (1 vote)
nice Story shevan bro! thnx a lot
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9492
Member Since : 2013-03-28

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-15, 10:37 am
Message reputation : 100% (1 vote)
නියමයි අයියේ කතාව................. :) :) :)
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12078
Member Since : 2013-07-29

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-15, 1:49 pm
Message reputation : 100% (1 vote)
ela ela niyamai bro good work
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8810
Member Since : 2013-06-02

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-15, 4:07 pm
Message reputation : 100% (1 vote)
ha ha niyamaiiiii... sthuthiy saho..
Anonymous
Guest
Guest

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-15, 4:59 pm
හැම කතාවකම අදරය තියෙන්නෙ ඔනි නැහැ කතාව ලස්සන වෙන්න .. අදරය මුලික කරගෙන කතා ලියන්න පුලුවන් .. ඇත්තමයි කතාව රසවින්දා ,,, ඊළග කතාවෙන් හමුවෙමු
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9003
Member Since : 2013-05-05

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-15, 8:53 pm
Message reputation : 100% (1 vote)
සිරාවටම වොට්සන් කෑම උයනවා කියල දාල තියෙද්දීම මං බලාපොරොත්තු වුනේ හෝම්ස් වොට්සන් දෙන්න කපල් එකක් කියල අන්තිමට කියවන්න..  lol!  lol!  


කතාව පට්ට ලස්සනයි සහෝ. රහස් පරීක්ෂක කතා වල තියෙන කුතුහලය කියන දේ ඉහළින්ම රඳවාගෙන තියෙනවා. ඒ වගේම ඔයා බලාපොරොත්තු වෙලා තියෙන විදියටම ආදරය කියන දේත් මං මේ කතාව ඇතුලෙ දැක්කා. ආදරය තේමා කරගන්නෙ නැතුව ආදරේ ගැන කතාවක් ලියපු එක ඔයාගෙ දක්ෂකම..  pride  pride   pride 


අනිත් කතාව දානකන් බලාගෙන ඉන්නවෝ...  bounce  bounce  bounce 
Anonymous
Guest
Guest

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-16, 9:18 pm
ela ela niyamai aiye.adu kotas ganakin godak lassanata godak loku kathawak kiuwa.athatama lasanai. pride  pride  pride
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8648
Member Since : 2013-09-01

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-16, 10:05 pm
Message reputation : 100% (1 vote)
මම කවදත් ශ්‍ර්ලොක්ගේ කතාවලට කැමති. නියමයි. pride  pride
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12411
Member Since : 2013-05-31

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-19, 12:08 am
Message reputation : 100% (1 vote)
නියමයි මචන් ! pride  pride  pride
A. Kasun
A. Kasun
Regular Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 28
GetReal Gold : 8254
Member Since : 2013-01-29

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

2014-01-19, 3:37 am
Message reputation : 100% (1 vote)
මේ මම GetReal එකේ කියවන 1වෙනි රහස් පරීක්ෂක කතාව.... මේ වගේ කතාවක් ලියන්න හිතුව එක ගැන ස්තුති කරනවා..... ඊළඟ කතා/කොටස් වලදි තව ටිකක් details වැඩි කරල, ඒ ඒ අවස්ථා තව ටිකක් විස්තර කළොත්, ඒ ඉදිරි කොටස් තවත් ලස්සන වෙයි නේද අය්යෙ? අනික මේක රහස් පරීක්ෂක කතාවක් නිසා කියවන අයව තව චුට්ටක් වටේ යැව්වට කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ......
Sponsored content

සමනල පාලම - Page 6 Empty Re: සමනල පාලම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum