Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


ඉන්ද්‍රකීල

+17
nuwan9
supun
indu
kalana vihanga
samudura
Jith
chathura1122
lakshan lakshan
Esala
භානුක
Siyapath
thavisha
kasunx
Mandaram
සහන්
Harsha
shevan
21 posters
Go down
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8788
Member Since : 2013-02-03

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-26, 4:01 am
Message reputation : 100% (1 vote)
Attatama mata teruna deyak tamai adare nisa ataramn weemK wageda meka, tikak hita ganna amarui siddiya ekai pride
samudura
samudura
+ 250 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 261
GetReal Gold : 9058
Member Since : 2013-09-13

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-26, 4:31 pm
Message reputation : 100% (2 votes)

ඔයා ලියල තියෙන පෙරවදනත් එක්ක බැලුවම මෙ කතාවෙ කෙනෙකුට ගන්න ගොඩාක් දේවල් ලියවිලා තියෙනවයි කියල මට හිතුණා. ඇත්තම කිව්වොත් හිතුණා නෙවෙයි..ඒක හොඳ අවධානයකින් කතාව කියවන ඕනම කෙනෙකුට තේරෙන දෙයක්..
දෙබස්වල තියෙන සරලකම වගේම පැහැදිලි බව මං හිතන්නෙ ඔයා අපි අතරට ගේන්න හැදුව යම් පණිවිඩයක් තියෙනවනම් ඒක ඒ ආකාරයෙන්ම අපට දැනෙන්නට සලස්වන්න ඔයාට ලොකු රුකුලක් දීලා තියෙනවයි කියන එකත් මේ වෙලාවෙ මතක් කරන්නෙ, සාර්ථක වුණ ඔයාගෙ ඒ උත්සාහයට උණුසුම් සුබ පැතුමන් ද එකතු කරන ගමන්...
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09

ඉන්ද්‍රකීල - Page 4 Empty ඉන්ද්‍රකීල - තුන්වන කොටස

2014-01-26, 6:16 pm
Message reputation : 100% (6 votes)

“මුලදි සුරාජ් ගැන උඹට ඒ තරම් හැඟීම්ක් තිබුනෙ නෑලු නේද?‘


“උඹට කවුද එහෙම කිව්වෙ?“


“කිව්වෙද.............කිව්වෙ උඹලගෙ පොඩි නංගි“


“හ්ම්.................එයා විතරයි අපේ පවුලෙන් මං ගැන හරි හැටි වැටහීමක් තිබුන එකම කෙනා“


“ඇත්තටම ඇයි මුලදි සුරාජ්ට ඒතරම් කැමැත්තක් නොතිබුනේ“


“උඹ අහල තියෙනවනේ කතාවක් ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මිනිහ ගැන.............මං ඒ කාලෙ කණා මැදිරියෙක් දැක්කත් බයයි...ඒ නිසා............................. ඒත් පස්සෙ ටික දවසකින් මට සුරාජ්ව දැනෙන් පටන් ගත්තා. මං සුරාජ්ව ගනන් නොගන්න තාක් මගේ ඒ හැසිරීම සුරාජ් මායිම් කලෙත් නෑ. මගේ හිතේ යන්තමින් හරි ඉතුරු වෙලා තිබ්බ ආදරයක් තිබුණනම් ඒක දිනාගන්න එයාට ඕන වුණා.“


“අන්තිමට ඌ ගැන අනුකම්පාවකුත් එක්ක මොකද්දෝ මෙව්ව එකක් උඹේ හිතේ ඇතිවුණා නේහ්?“


“උඹත් හිතපු දුර...........ඒකටත් වඩා අමිලගෙ ප්‍රශ්නෙදි සුරාජ් හැසිරුණු විදිහ මගේ හිත වෙනස් කළා මං හිතන්නෙ“


“අමිලගෙ ප්‍රශ්නෙ? ඒක මන් දන්නෙ නෑනේ“



“උඹ නෙවෙයි බං. ඒක සිද්ද වෙනකං මංවත් දන්නෙ නෑ“


“මොකද්ද අප්පා ඒ කතාවෙ තේරුම?“


“කෙටියෙන් කියන්නම්කො. අමිල මගේ ඔෆිස් එකේ ඒ කාලෙ ඉඳල හොඳම කියල කියන්න පුළුවන් යාළුවෙක්. මීට අවුරුදු දෙකකට විතර කලින් මිනිහ කුරුණෑගල බ්‍රාන්ච් එකට මාරු කරල යැව්වා. සුරාජ්ට කැන්සර් එකක් බව දැනගන්න සතියකට විතර කලින් මේ යකා ආවනේ බෝඩිමට“


“ඒ මොකටද“


“උඹ දන්නවනේ. මං ගේ කෙනෙක් කියල ලේසියෙන් කෙනෙකුට හිතෙන්නෙ නැති බව. ඉතින් අමිලය ඒක දන්නෙත් නෑ. ඒත් අමිල එහෙමයි කියල මං දන්නව. ටික ටික ආශ්‍රය කරද්දි මූ මට හේත්තු වෙන්න එන බව මට තේරුණා. මං අන්තිමේදි තීරණය කලා රස්සාවෙන් අස්වෙන්න. ඒත් ජොබ් එකට ගහපු ඇග්රිමන්ට් එක නිසා ඒ කාලෙ මට ඒක කරන්න විදිහක් තිබුණෙ නෑ. මාරුවක් ගන්න තිබුණ එකම තැන කුරුණෑගල බ්‍රාන්ච් එක විතරයි...“


“ඉතින් උඹ එහේ නොගිහින් අමිලව යැව්වෙ ඇයි?“


ඒකත් ඉතින් උරුලෑව ගියා වගේ තමයි....ස්ටොක් ටේක් කරන්න ඒ බ්‍රාන්ච් එකට ගියපු දවසක ඒකෙ වැඩකරන කොල්ලෙක් එක්ක මං සෙට් වුණා. ඌ ඉන්න නිසා මට යන්න හිත දුන්නෙ නෑ“


“අන්තිමේදි උඹේ පොසිෂන් එකේ බලය පාවිච්චි කරල උඹ අමිලයව එහේ යැවුවා.“


“ම්............ඇත්තම කිව්වොත් ඔව්. ඒත් මං කැත වැඩක් කලේ නෑ. අමිල ඉබ්බාගමුවෙ නිසා මට හිතේ කිසිම චකිතයක් නැතුව මිනිහ ගමටම යවන්න පුළුවන් වුණා.


“අමිල ආපහු ආවෙ උඹට රිටන් එක දීල යන්නද?“


“අපෝ.... නෑ. ඌ මං ගැන දැනගෙන“


“ඒ කොහොමද? ආ....හරිනේ.... අර උඹත් එක්ක සෙල්ලම දාපු එකා එහේ ඉන්නවනේ. එක ජාතියෙ කුරුල්ලොනේ. එක අත්තෙ වහන්න ඇති. ඒ වෙලාවෙ කිචි බිචි ගාද්දි කියවෙන්න ඇති“


“ම්.............කියන්නම්කො ඉතින් ඉස්සරහදි“



“බලාගෙන ගියාම සබ්ජෙක්ට් එකත් මාර සබ්ජෙක්ට් එකක්නේ.........ඉතිං මොකද වුනේ. “


“වෙන මොනව වෙන්නද? ආදරේ කරනව වෙනුවට දුරස් කරන්න තරම් කරපු වරද මොකද්ද කිය කිය අඬනව මිසක්“


“අෆ්ෆා...............උඹටත් පුදුම දේවල් තමයි වෙලා තියෙන්නෙ?“


“සුරාජ් ඒ දවස්වල හොස්පිට්ල් එකේ නිසා මේව දන්නෙ නෑ. ඒත් සතියකට විතර පස්සෙ දැනගෙන. සුරාජ් මං හොස්පිට්ල් එනවට වැඩිය කැමති නැති ගතියක් පෙන්නුවා. මට මාර අප්ෂට්. අනික ලෙඩේ මොකද්ද කියල කියන්නෙත් නෑ. මට තවත් අවුල්. සුරාජ්ගෙ හැසිරීමයි අමිලගෙ කරදරෙයි දෙකම එකට.“


“මට හිතාගන්නත් බෑ උඹ කොහොමද හිටියෙ කියලන්ම්. මං වගේ නම් මොනවයින් මොනව වෙයිද දන් නෑ“


“සුරාජ්ගෙ අක්ක කෙනෙක් කරාපිටිය හොස්පිට්ල් එකට එයාව මාරු කරගෙන ගියා. මට මොනවත් කරගන්න බැරිවුණා. හිත අසසෙ තිබ්බ ආදරේ සුරාජ්ට කියා ගන්නත් බැරි වුණා. පස්සෙ බලද්දි සුරාජ්ට මොලේ කැන්සර් එකක්. එදා ඉඳල මාව දාල යනකං මං සුරාජ් මොහොතක්වත් තනි කලේ නෑ මචං. ඒ හැම මොහොතකම එයා අමිල ගැන කිව්ව. අමිල ගැන හිතන්න කිව්ව. අමිල ගැන පුදුම තරම් හොඳ කිව්වා...........................මට එදා තමයි තේරුණේ මචං ඇත්තම ආදරේ කියන්නෙ අදහන්න බැරි තරම් පරිත්‍යාගයක් වුණත් කරන්න හිත හදාගන්න පුළුවන් වෙන එක කියල. ..................................................................බලාගෙන යද්දි අන්තිමේ තමයි දැන ගත්තෙ අමිලට මැසේජ් යවල ගෙන්න ගෙන තියෙන්නෙ සුරාජ් බව.“


“මොකක්? එතකොට අර කොල්ල නොවෙයිද“



“නෑ..... ඌ නොවෙයි. සුරාජ්ට පිලිකාවක් බව දැනගත්තට පස්සෙ ඒක මගෙන් පුළුවන් තරම් හංගල අමිලව මගේ ජීවිතේට කිට්ටු කරන්නයි සුරාජ්ට ඕන වුණේ“


“යකෝ......මෙච්චර යාළුවො වෙලත් ඔච්චර දෙයක් වෙන කං අපි මුකුත්ම දන්නෙ නෑනේ“


“ඒ ගැන එච්චර හිතන්න එපා බං“


“හරි, දැං ඒ ගැන අපිට නං නොහිත ඉන්න පුළුවන් කියමුකෝ. ඒත් මට පුදුම උඹ ඒ ගැන මොකුත්ම නොහිතෙන ගානට හැසිරෙන එකත අනික මහණ වෙන්න යන්නෙත් ඒ හේතු නිසා නෙවෙයිලු. ඇත්තටම කොහොමද බං උඹ හිත හදාගෙන ඔහොම ඉන්නෙ?“


“අන්න............ උඹ වැදගත්ම ප්‍රශ්නෙ දැනුයි ඇහුවෙ............හිත හදාගන්න විදිහ“


“ඉතිං ඔය ටික කිව්ව වගේ හිත හදාගත්ත විදිහත් මට කියනවද ?“


“අනිවාර්යෙන්ම කියනවා. ඒක කියන්නම තමයි මං යන්න කලින් ආවෙ. එහෙනම් අහ ගනින්කො“



[/size]

[/size]
Anonymous
Guest
Guest

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-26, 6:32 pm
Ane kiyanko hitha hada gaththa widiya
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12076
Member Since : 2013-07-29

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-26, 6:51 pm
Message reputation : 100% (1 vote)
apitath kiyanna hitha hadaganna widiha
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-26, 6:54 pm
Message reputation : 100% (1 vote)
niyamai shevan
kalana vihanga
kalana vihanga
+ 100 Posts
Mood : Childish

City : Mt.Lavinia
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 8126
Member Since : 2013-08-25

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-26, 7:19 pm
Message reputation : 100% (1 vote)
hmmm
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13672
Member Since : 2013-01-29

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-26, 9:29 pm
Message reputation : 100% (1 vote)
නියමයි මල්ලි.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12409
Member Since : 2013-05-31

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-26, 9:46 pm
Message reputation : 100% (1 vote)
wow ................... pride  pride  pride
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9001
Member Since : 2013-05-05

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-26, 10:18 pm
Message reputation : 100% (1 vote)
පට්ට පට පට...  pride  pride  pride 
indu
indu
Regular Member
Country : Sri Lanka
Posts : 36
GetReal Gold : 7465
Member Since : 2014-01-22

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-27, 6:22 am
Message reputation : 100% (1 vote)
niyamai. pride
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8801
Member Since : 2013-10-18

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-27, 10:51 am
Message reputation : 100% (1 vote)
Superb..........................  pride   pride   pride
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09

ඉන්ද්‍රකීල - Page 4 Empty ඉන්ද්‍රකීල - අවසන් කොටස

2014-01-27, 1:01 pm
Message reputation : 100% (6 votes)


“මේක ලස්සනට පිලිවෙලට අහගෙන ඉන්න ඕන කතාවක් වගේ. ඒක නිසා අපි තේකක් එහෙම බීලම කතා කරමු.“


“ම්.......ඒකනම් හොඳ අදහසක්“


*********************************


“හරි එහෙනම් පටන් ගන්නකො“


“මං උඹට මේක කියන්නෙ ඉස්සර ඉඳලම අපේ තිබුණු හිතවත් කම නිසා. ඒ වගේම උඹට හොඳට කල්පනා කරන්න තරම් මොළයක් තියෙන නිසා. මේ කතාව අතර මගදි හරස් ප්‍රශ්න අහන්න එපා. මොකද මං කියන දේ ඉවර වුණාම උඹේ ප්‍රශ්න ඔක්කොටම නැතත් අතර මගදි අහන්න හිතෙන ගොඩක් ඒවට ඉබේම උත්තර හම්බවෙන නිසා. තේරැණා නේ?“


“තේරුණා .....හොඳට තේරැණා“


“එහෙනම් හරි..............ඉස්සෙල්ල ම කියන්න ඕන මං ගේ කෙනෙක් වීම ගැන අද වෙද්දි මට තියෙන්නෙ ලොකු සතුටක්. හැබැයි ඒක ආඩම්බර වෙන්න හේතුවක් නෙවේ. ඒක සතුටට කාරණාවක් කියල කිව්වෙ මට තිබුණු ඇම්මෙ හැටියට මං ගෑනුන්ට කැමති මිනිහෙක් වුණා නම් මේ වෙද්දි මට රට පුරාම ළමයි ඉන්න තිබුණා. හත් අට වතාවක්වත් කසා බැඳල වෙන්නත් තිබුණා. ඒත් ලිංගික කැමැත්ත පිරිමින්ට විතරක්ම නිසා මං මීටත් වඩා ලොකු අවුල් ජාලාවක පැටලෙන්න මහ ලොකු ඉඩක් තිබුණා. ඒක නිසා මට තියෙන්නෙ ඒ ගැන ලොකු සතුටක්. මං විශ්වාස කරන්නේ ගේ කෙනෙක් වීම දෛවය මට දීපු හොඳම තෑග්ගක් විදිහට. දැන් මං මීට කලින් උඹට නොකියපු සිද්ධි කීපයට අමතරව පොඩි පොඩි සිද්දී ගොඩක් පහුගිය කාලෙ සිද්ධ වුණා. ඒව ඒතරම්ම වැදගත් නැති වුණත් අවැදගත් කියලම කියන්නත් බෑ. මොකද ලොකු ලොකු දේවල් දැන ගන්න අතරේ පොඩි පොඩි දේවල් ඉගෙන ගන්න ඒක ලොකු පිටු වහලක් වුනා..............................

..........................................සමහර හමු වීම් තාවකාලිකව මහ සැපක් විදිහට දැණුනත් ඒ හැම හමුවීමකම අවසානෙ තිබුනේ අර සතුට අල්පමාත්‍ර විදිහටවත් ඉතුරු නොකර විනාශ කරපු අසාමාන්‍ය කඩා වැටීමක්. සරලව කිව්වොත් මහා දුකක්. අන්තිමේදි මොකද්දෝ වාසනාවකට මං මේ කියන්න යන  හිත හදා ගත්ත විදිහ දැනගන්න කලින් සියදිවි නසා ගන්න විතරක් මට මගේ හිත අනුබල දුන්නෙම නෑ. ඒත් වෙන කොනෙක් නම් ඒ තීරණය ගන්න බව මට විශ්වාසයි. පොඩ් කලෙ ඉඳලම මං මේ හිතත් එක්ක මොකද්දෝ අනිත් මිනිස්සුන්ට නැති ගනුදෙනුවක් තිබුණා. ඇත්තම කිව්වොත් හැමෝම හිතට කියන විදිහට වැඩ කලත් මගේ හිත වැඩ කිලේ මට ඔන විදිහට. ඒකෙ අන්තිම ප්‍රතිපලේ වුණේ දැන් මං මට මගේ හිත මට ඔන විදිහට පාලනය කරන එක...................“



“සොරි මචං.............මට උඹ කියන දේවල් තේරෙනවා. ඒත් තාමත් උඹ හිතහදාගත්ත විදිහ විතරක් කිව්වෙ නෑ නේ“


“ඉවසල ඉන්න ඉතින්. ගමරාළ කුඹුරට බහින්නෙ හෙලිකොප්ටරෙන් නෙවෙයිනේ. ඇළ අද්දරින් ගිහින් නියරට බැහැල පිළිවෙලකටනේ............“


“ඒකත් ඇත්ත..........හරි කියන්කො“


“මහණ වෙන්න යනව කිව්වට මං ඒක තාම ස්ථිර කරගත්ත අදහසක් නෙවෙයි. මගේ වුවමනාව මහන වෙන්න යන එක නොවෙයි. තේරුම් ගත්ත ඇත්ත තවදුරටත් ප්‍රත්‍යක්ෂ කරගන්න එක විතරයි අරමුණ. මහණකම ඒකට උපකාර වෙනව නම් මං යනවා. නැත්නම් ඒකට උදව්වෙන වෙන ක්‍රමයක් හොයාගන්නවා. ඒත් මං මේ ටික කියන්න ආයෙත් කොහොමටවත් කවුරුවත් ළගට නම් යන්නෙ නෑ. මට මුණගැහුණ මගේ යාලුවෙක් වලස්මුල්ල පැත්තෙ. හිතේ තිබිච්ච අවුල් ගතිය නිසා මට ඌ කතා කලා ටික දවසකට එහේ යන්න. මං දන්නව උඹට අහන්න හිතෙන දේ.....මිනිහ ගේ නෙවෙයි. එත් මං ගැන දන්නව. එය අතරෙදි කොළඹ ඉදල ආපු කෙනෙක් මිනිහගෙ කිට්ටුව ගෙදරකට ආවා කණ්ඩායමක් එක්ක සාකච්චාවකට කියල. අර හාදයත් එක්කෙනෙක්. මට කතා කලේ නම් නෑ. ඒත් මං ගෙදර ඉන්න කම්මැලි කමට ගියා. ඒදා තමයි ජීවිතේ ප්‍රථම වතාවට මං අහපු වෙනස්ම අලුත්ම කොහෙත්ම බොරු කියල කියන්න බැරි මේ දේ දැනගත්තෙ.........“


“කොහොමද? ඉතින් ඒක බොරුවක් නෙවෙයි කියල කියන්නෙ“


“........මං කලින් කිව්වනේ අතුරු ප්‍රශ්න එපා. අන්තිමට අහන්න කියල“


“ඔවුනෙ .......හරි කියන්කො“


“මං දන්නව උඹ පහුගිය කාලෙ එක්ස් ගෘප් එකේ රැස්වීම් වලටත් ගියා කියල. ඒත් උඹ ටික දවසකින් ඒකෙන් අයින් වුණා කියලත් මං දන්නව. ඒක් නිසයි උඹට මේක කියන්නම ඕන කියල මං හිතා ගත්තෙත්. හැම දේම භෞතික වාදයට විතරක් ගොනු කරන මිනිහෙක්ගෙන් ඔය තියන භෞතික සිදධාන්ත වලින් පමණයි මේ ලෝකය සැකසිල තියෙන්නෙ කියල ඔයාට දැනුනෙ කොහොමද කියල ඇහුවොත් එයා දෙන උත්තරේ මොකද්ද?“


“කල්පනා කරද්දි හිතුණා කියයි“


“කල්පනා කරන්න උපකාර වුණේ මොකද්ද කියල අහුවොත්?“



“හිත කියල කියයි“


“හොඳයි හිත හරි සිතිවිල හරි භෞතිකද කියල ඇහුවොත්?“


“හරි මට තේරුණා. හැදේම භෞතික වාදයට ගොනු කරන අයට සිතිවිලි පහළවෙන හිත ගැන ඇහුවම නිරුත්තර වෙන්න වෙනවා.“


“හරියටම හරි.......ඒක නිසා උඹ මේ සත්‍යය තේරුම් ගන්න ඕන ඇහැට පේන ලොකෙන් ඔබ්බට ගියපු සිද්ධාන්තත් ලෝකෙ තියෙන බව පිළිගෙනයි. එහෙම නැතුව මේක තේරෙුමු ගන්න බෑ නේ“


“ඒක ඇත්ත මට තේරෙනවා. උඹ පළමු වතාවට මාව මගෙ ආත්මෙ ඇතුලෙම නිරුත්තර කලා“


“හරි මං මේ කියන කතාව බුදු දහමේ තියෙන දෙයක්. උඹ භෞතික වාදය පැත්තකින් තිබ්බත් මේක විශ්වාස කරන්නවත් තේරුම් ගන්නවත් බෞද්ධයෙක් වෙන්න වුවමනා නැහැ. මට වුනු හැම සිදු වීමකම අවසානෙ තිබුනෙ දුකක් විතරයි. ඒ කියන්නෙ සැපක් කියල එකක් නැද්ද කියලත් කෙනෙකුට හිතෙයි. හොඳට හිතල බලපන් සැපයි කියල හිතපු දේවල්වලත් හැම අවසානෙකම තිබ්බෙ දුක නෙවෙයි ද කියල. .....................


...................තමන් කැමති විදිහටම හැම දේම සිද්ධ වෙන්න ඕන කියල හිතන පුරුද්දක් අපිට තියෙනවා. මං අර වගේ කොල්ලෙකුට කැමතියි. ඒ කොල්ලට මේ වගේ ගති ගුණ තියෙනවනම් ෂෝක්. අපිට හැමදාම කුරුළු ජෝඩුවක් වගේ ඉන්න තියෙනවනම් ඊටත් වඩා ෂෝක්. එත් ඒක හැමදාම එහෙම වෙන්නෙ නෑ. වෙන් වෙන්න සිද්ද නොවෙන්න පුලුවන්. ඒත් අපි අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික ඒ විදිහටම ලැබෙන්නෙ නෑ. ඒක එහෙම නොවෙන, නොලැබෙන හැම වෙලාවකම අපිට මොකද්දෝ කණගාටුවක් දැනෙනවනේ. ඇයි එහෙම හිතුනෙ. අපි හිතනවා හැමදේම මං කැමති විදිහට සිද්ධ වුනා නම් හරි ෂෝක්නේ කියල. ඒ වගේම අනිත් පැත්තට අරක අරම නොවුනම් හොඳයි, අර පුද්ගලය මුණ නොගැසුනනම් හොඳයි කියලත් හිතෙවනේ......“



“ඒක හරි. ඒ කියන්නෙ මෙහෙම වුණා නම් හොඳයි හරි මෙහෙම නොවුණනම් හොඳයි කියල හරි හිතේ යම් කිසි කැමැති අදහසක් තියෙනවා.“


“අන්න හරි ඒ කියන්නෙ යමක් සිදුවෙනවට ඇති කැමැත්ත නැත්තනම් සිදු නොවෙනවට ඇති කැමැත්ත......මොන විදිහට ගත්තත් කැමැත්තක්...ඒත් අර අපි සිදු නොවෙනවනම් කැමති දේවලුත් සිද්ධ වෙනවනේ....ඉතින් අපි කැමති ලෙස නෑ කියල දැනුන ගමන් අපිට දුක හිතෙනවා. දුක හිතුනෙ මොකද අපි කැමති ලෙස පවතින්නෙ නැති දේකට අපි කැමැත්තෙන් බැඳුණු නිසා. ඒකට බුද්ධ දර්ශනේ කියන්නෙ අනිච්ච දුක්ක අනත්ත කියල.



අනිච්ච - කැමතිලෙස පවතින්නෙ නෑ
දුක්ක - කැමති ලෙස පවතින්නෙ නැති නිසා දුකයි
අනත්ත - අර්ථයක් නැති ස්වභාවය


“ඕක නේද ත්‍රිලක්ෂනේ කියල උගන්නන්නෙ. ඒත් මං දන්න විදිහ වෙනස්. ඒකෙ කියන්නෙ අනිත්‍ය දුක්ක අනාත්ම කියලනේ“


“ඒ කොහොමද?“



අනිත්‍ය - නිත්‍ය නෑ, ඒ කියන්නෙ නිතර වෙනස්වෙන සුළුයි

දුක්ක - නිත්‍ය නැති නිසා දුකයි
අනාත්ම - මම මගේ කියල ආත්ම වශයෙන් ගන්න බෑ.


“උඹ හරි. ඒක එහෙම තමයි මමත් දැනගෙන හිටියෙ. උඹ විතරක් නෙවෙයි කවුරුත් දන්නෙ ඔහොම තමයි. ඒත් ඔතන තියෙන අර්ථ කථනයේ යන්තම් හරි නිවැරදි අනාත්මයි කියන එක විතරයි. බුදු දහමෙ හැටියට ඔය කියන ත්‍රිලක්ෂනේ අවබෝධ නොකර නිර්වාන විමුක්තිය ලබන්න බැහැ. එත් දන්න එකත් වැරදිනම් කොහෙත්ම ඒක වෙන්නෙ නැහැ.“


“ඉතින් මොකද මේ වෙනස“


“ඔන්න බලන්න ඔය කියන විදිහට වෙනස් වීම දුකක් නම්............


ඔයාගේ කෙස් හැලීම වෙනස් වීමක් නෙවෙයිද?“


“වෙනස් වීමක් තමයි“


“එකකොට දුකයිද?“


“අනිවාර්යෙන්ම දුකයි“


“එතකොට බෙහෙතක් ටිකක් ගාල කෙස් වැවුනොත්“

“ඒකත් වෙනස් වීමක් තමයි“



“එතකොට අවස්තා දෙකේදිම සිද්දධ වෙලා තියෙන්නෙ නිත්‍ය නැති කමක්, වෙනස් වීමක්. මට කියන්න කෙස් වැවීමත් වෙනස් වීමක් නම් එතකොටත් කාටහරි දුක හිතෙනවද?“


“ම්............ඒකත් මාර කේස් එකක් තමයි. බලාගෙන ගියාම නිත්‍ය නෑ කියන්නෙ සමුපූර්ණයෙන්ම දුක හිතෙන හේතුවක් නෙවෙයිනේ. ඉතින් කොහොමද ඔච්චර ලොකු වැරදීමක් වුනේ.“


“වැරදීම වුනේ අනිච්ච කියන වචනේ අනිත්‍යයි කියල වරද්ද ගත්ත තැනදි.“


“අනිච්චයි කියන්නෙ අනිත්‍ය කියන එකටම නෙවෙයිද“


“නෑ අනිච්චයි කියන්නෙ කැමති ලෙස පවත්ව ගන්න බෑ කියන එකට. අනි+ඉච්ඡ. ඉච්ඡ කියන්නෙ කැමැත්ත. අනිච්ඡානුග ක්‍රියා, ඉච්ඡා භංගත්වය අහල ඇතිනේ. ඉතින් අනිච්ඡයි කියන්නෙ කැමති ලෙස පවත්වන්න බෑ කියන එකට. දැන් මට කියන්න හැමදේම කැමති ලෙස පවත්වන්න පුලුවන්ද“


“ඇත්තටම බෑනෙ“


“ඉතින් දුක හිතෙන්නෙ එතකොට නෙවෙයිද“


“ඒක නම් තේරුණා. ඒත් අනාත්මයි කියන එක.................“


“අනාත්මයි නෙවෙයි. අනත්ථයි. ඒ කියන්නෙ අර්ථයක් නෑ කියන එක. අර්ථයක් නැති දේවල් වලට රාග සිතින් හරි ද්වේෂ සිතින් හරි බැදුනම ඒ කියන්නෙ මේක මෙහෙම වෙනවනම් හොඳයි කියල හරි නොවෙනව නම් හොඳයි කියල හරි හිතක් ඇති කරගත්තම ඒක බලාපොරොත්තු නැතිවිදිහට සිද්ධ නොවෙන ලෝක ස්වභාවය නිසා අපිට දුක හිතෙනවා.“


“බලාගෙන ගියාම මේක බොහොම පැහැදිලි දෙයක්නේ. හරි මට දැන් තේරුණා. උඹ පහුගිය කාලෙ සිදුවීම් ඔක්කොම කැමැතිලෙස පවත්තවන් බැරි ස්වභාවයට අයිති අනර්ථ දේවල් වලට ඇති කරගත්ත බැදීම් නිසා ආපු දුක් ස්වභාවයක් නේද කියල තේරුම් ගත්ත.........නේද“


හරියටම හරි. කිසිම ආගමක් නොඅදහන උඹ වගේ භෞතික වාදියෙකුටක් ඔය ටික තේරණා නම් අනිත් මිනිස්සුන්ට ඕක නොතේරෙන්න විදිහක් නෑනේ. ඕක දැනගෙන හැම මොහොතෙම ලැබෙන හැම අත් දැකීමකටම කැමතිලෙස පවතින්නෙ නැති අර්ථවත් නොවෙන දේකට බැදෙන නිසානෙ මේ දුක කියල මතක් කරගත්තම ඇලීම් නැති ගැටීම් නැති වැටීම් නැති සැලීම් නැති ඉන්ද්‍රකීලයක් වගේ වෙන්න පුළුවන් “






shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-27, 1:22 pm
Message reputation : 100% (4 votes)
මේක ඔයාල බලාපොරොත්තු වෙච්ච ලස්සනම ලස්සන කතාවක් නෙවෙයි වෙන්න ඇති. ඒත් මං දන්න ඇත්ත ඔයාලටත් කියන්න ඕන කියල හිතුවා. මේ කතාව අරමුණ ඒකයි. මීටත් වඩා සමහර තැන් විස්තර කරන්න හිතුණත් කියවන්න කැමති ටිකත් නොකියවයි කියන හැඟීම හිතට ආවා. ඒ වගේම වෙනත් ආගම් වල අයත් මේක කියවනවනේ. ඒකත් එක්තරා සීමාවක් වුණා. කොහොම වුණත් මේ කතාවෙන් පස්සෙ මාව ආගම් වාදියෙක් විදිහට හරි බෞද්ධ විරොදියෙක් විදිහට හරි හංවඩු ගහන්න නම් එපා. කවුරු කොහොම තර්ක කලත් මේක තමයි ඇත්ත. හදවතට එකඟ ඇත්ත. මං ඒක හදවතට එකඟව ලිව්වා එච්චරයි.
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8801
Member Since : 2013-10-18

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-27, 2:28 pm
Message reputation : 100% (1 vote)
කවුද කිව්වෙ මේක අපි බලාපොරොත්තු වුණ ලස්සන කතාවක් නෙමෙයි කියලා........................................... ඇත්තටම ලොකු තේරුමක් තියෙන කතාවක්.................................. නියමයි..........
Sponsored content

ඉන්ද්‍රකීල - Page 4 Empty Re: ඉන්ද්‍රකීල

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum