Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2151 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


නැවතත්...............

Share

descriptionනැවතත්...............

more_horiz
සිහිනයක් ඇසුරෙන්....................................

descriptionRe: නැවතත්...............

more_horiz

"මගෙ අත අල්ලගන්න......................................"


"මට යන්න දෙන්න ............. මේක තමයි අවසානය..."


"අනේ අත අරින්න එපා... මගෙ අත අල්ල ගන්න..... කරුණාකරලා......."


මම කෑ ගැහුවෙ ලේ ගලන මගෙ අත පහළට දික් කරගෙන. ඒත් ඔහු මට ආයෙත් අත දුන්නෙ නැහැ. ඒ මුහුණෙ ඒ මොහොතෙත් මම දැක්කෙ වෙනදට මම දකින ලස්සනම හිනාව.


"දෙවියන්ගෙ නාමෙන් ජේක්.... මගෙ අත අල්ලගන්නව මනුස්සයො...." 


ඔහු ඔළුව දෙපැත්තට වනන්නෙ ඇයි කියලා මට හිතා ගන්න බැරි වුනා. මගෙ ඇස් දෙකෙන් කඳුළු ආවෙ හැමදේම බොඳ කරගෙන. මම තව තවත් ඔහු ඉස්සරහ බැගෑපත් වුනා.


"මං වෙනුවෙන්.................අපි වෙනුවෙන්....... අපේ ආදරේ වෙනුවෙන්............ අනේ ජේක් කරුණාකරල............"


ඒ මුහුණෙ මම දැක්කා යන්තමින් බලාපොරොත්තුවක හැඟීමක් මතු වෙනවා. ඔහු ඒ වෙලාවෙ උත්සාහ කලේ පහළට දික් වෙලා තිබුන මගෙ අත අල්ලගන්න.


"මට බැහැ.. මට බැහැ.. මට සමාවෙන්න...."


මම ඒ වෙලාවෙ දැක්කෙ ඒ අත හිමින් ලිහිල් වෙන හැටි.


"නැහැ නැහැ... එපා........"


"සුබ ගමන් මගෙ යාළුවා.. මම හැමදාමත් ඔයාට ආදරෙයි.. අදත් හෙටත් හැමදාටමත්....මම හැමදාමත් ඔයා එක්කයි. අපි ඇත්තටම ආදරේ කලා නම් මේක තාවකාලික වෙන්වීමක් විතරක් වෙයි.."


ඒ ඇස් වල කඳුළු තිබුනත් මගෙත් එක්ක හිනා වුනේ පුදුම ආදරේකින්.. වෙනද වගේම... ඒ වෙලාවෙ ඔහුගෙ අතේ තිබුනු මුළු ශක්තියම නැති වෙලා ගියා..


"ජේක්................................................................"


මම කෑ ගැහුවෙ මට පුළුවන් තරම් උපරිම හයියෙන්.. ඒත් ඒ වෙනකොටත් ඔහු ඒ ගැඹුරු ආගාදයේ නොපෙනී ගිහින් තිබුනා.

descriptionRe: නැවතත්...............

more_horiz
pride

descriptionRe: නැවතත්...............

more_horiz
hmmmm erabumama kandulak wela

descriptionRe: නැවතත්...............

more_horiz
අප්පට සිරි කිව්වලු. මේන් තව කෙටිකතාවක්. හරිම සන්තෝසයි. නියමයි ජිත්.

descriptionRe: නැවතත්...............

more_horiz
mm ela ela Jith

descriptionRe: නැවතත්...............

more_horiz

එළියෙන් ඇහුන ගෙරවිලි සද්දෙත් එක්කම මම ඇහැරුනේ පුදුම වේගෙකින්. මගෙ මුළු ඇඟම දාඩියෙන් පෙඟිලා තිබුනා. මම ටිකක් වෙලා ඇඳේ ඉඳගෙන හිටියෙ ගල් ගැහිලා වගේ. මගෙ හදවත වේගයෙන් ගැහෙන සද්දේ මටම ඇහුනෙ පුදුම සද්දෙකින්. මගෙ හුස්මත් හිර වෙනව වගේ මට දැනුනා. ළඟ තිබුන වතුර වීදුරුව ගත්ත ගමන්ම මම හිස් කළේ ඇහි පිල්ලමක් ගහනවටත් වඩා වේගෙන්. තවත් ටික වෙලාවක් ඇඳ උඩට වෙලා හිටපු මම, මගෙ පුටුවට, මේසෙට බර දීලා ගියෙ නාන කාමරේට. මම හිට ගත්තෙ එතන තිබුන කණ්ණාඩිය ඉස්සරහා. මූණ හෝදගෙන ටිකක් වෙලා බලාගෙන හිටියෙ කණ්ණාඩියෙන් පෙනුන මගේම ප්‍රතිබිම්භය දිහා. ඒ හීනය දැකපු හැම වෙලාවකම මගෙ දකුණු උරහිස්ස ගෙනත් දුන්නෙ පුදුම විදිහෙ වේදනාවක්... මම එතන තද කරලා අල්ල ගත්තා.



"මොකක්ද මේකෙ තේරුම????"
 
හැම රෑකම කරන විදිහට මම එදත් මගෙන්ම අහ ගත්තා. හැම රෑකම වෙන විදිහට එදත් ඒකට උත්තරයක් මට හමුවුනේ නැහැ.


ඒ හීනය මගෙ හිතේ හොල්මන් කරන්න පටන් අරගෙන තිබුනෙ අදක ඊයෙක ඉඳන් නෙවෙයි. හැම රෑකම ඇස් දෙක පියාගන්නකොට මගෙ ඉස්සරහට ආවෙ ඒ රූප ටිකමයි. ඒ විදිහටම.............  කිසිම වෙනසක් නැතුව. ඒ හීනය දකින හැම වෙලාවකටම පස්සෙ නින්ද මගෙ අහලකටවත් ආවෙ නැහැ. මම හැම රැයකම අන්තිම හෝරා කීපය ගත කලේ නිදි නැතුව. මුල් කාලෙදි නම් මේ දේට ඒ තරම් දරුණු විදිහට මගෙ ජීවිතේට බලපෑම් කරන්න අවස්ථාවක් ලබුනෙ නැහැ. ඒ කාලෙදි නිතරම දකින එක්තරා හිනයකට විතරක් ඒක සීමා වුනා. ඒත් පහුගිය මාස කීපයේ ඉඳන් ඒක මගෙ ජීවිතයට බලපෑම් කලේ හරිම දරුණු විදිහකට. 


මම ආයෙමත් ගිහින් මගෙ ඇඳේ හාන්සි වුනා. මම කල්පනා කලේ ඒ හීනෙ ගැනමයි. ඒක හීනයක් වුනත් ඒ හීනෙදි මට හැම හැඟීමක්ම හොඳට දැනුනා. දුක, තරහා, ආදරය, වේදනාව මට හොඳට දනුනා. හරියට ඇත්ත ජීවිතේදි මට දැනෙන විදිහටම. මට ආයෙත් මතක් වුනේ ඒ ලස්සන කඩවසම් මුහුණ. 


"ජේක්........................... කවුද ඒ???"


මම කවමදාකවත් එහෙම කෙනෙක්ව දැකලා තිබුනෙවත් දැනගෙන හිටියෙවත් නැහැ කියලා මට හොද විශ්වාසයක් තිබුනා. ඒත් මම ආදරෙයි කියලා කියපු ඒ කෙනා ගැන මට හිතා ගන්න බැරි වුනා.


"සමහරවිට .......... සමහරවිට.......... ඒ මගෙ අනාගතයද???"


මම එක පාරම ගැස්සුනේ ඒ දේ ගැන මතක් වෙලා. තමන්ගෙ අනාගතය පෙනෙන මිනිස්සු ගැන මම අහලා තිබුනත් ඒ හැම වෙලාවකම ඒ දේවල් පැත්තකට විසි කලේ ඒ මිනිස්සුන්ට හිනා වෙලා. හිතින් බැණ බැණ. ඒත් අන්තිමට මට ඒ වගේම අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ද වෙලා කියලා මට හිතුනා. ඒ දෙවියන් වහන්සේ මට දුන්න දඬුවම වෙන්න ඇති.


මම ඇඳෙන් බැහැලා ඇඳෙන් අත් දෙක තියා ගෙන දණ ගහගත්තෙ යාච්ඥා කරන්න. මට තිබුන එකම සැනසීම වුනේ ඒක විතරයි. ජනේලෙට වැටෙන වැහි බින්ඳු දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා මම ඇස් දෙක වහගත්තෙ මගෙ එකම සැනසීම හොයාගන්න. මට ඒ විදිහටම නින්ද ගිහින් තිබුනා.


මම ආයෙමත් ඇහැරුනේ වටෙන් ඇහුන කලබලකාරී සද්දත් එක්කයි. මම නිදාගෙන හිටියත්, මුළු නගරෙම ඒ වෙනකොට අවදි වෙලා තිබුනා. මම ඒ වෙනකොට නිදාගෙන හිටියෙ ඇඳෙන් බිම. ඊයෙ රෑ වුන දේවල් මතකෙට එන්න මගෙ ඔළුවට තරමක වෙලාවක් ගියෙ රෑ හරි විදිහෙ නින්දක් තිබුනෙ නැති නිසා. ඔළුව පැලෙන තරමෙ වේදනාවක් මට ඒ වෙලාවෙ දැනුනා. මම ඇඳ අල්ලගෙන නැගිට්ටෙ වැඩට යන්න හිතාගෙන. ඒත් ඒ වෙනකොට උදේ 10ත් පහු වෙලා තිබුන නිසා පහුගිය දවස් කීපයෙම කලා වගෙ මම එදත් කලේ නිවාඩුවක් අරගෙන ගෙදර නැවතුන එක. ඒත් මේ දේ දිගටම කරන්න ගියොත් රස්සාවෙන් එළියට දාන බව මම හොඳින්ම දැනගෙන හිටියා. ඒ නිසා මට වුවමනා වුනා, හොඳින් හරි නරකින් හරි මේකෙ අවසානයක් දකින්න.


මම කෑම මේසෙන් ඉඳ ගද්දි, අම්මා හිටියෙ එතන තිබුන පුටුවකට වෙලා ජනේලෙකින් එළිය බලාගෙන. මම පුටුව අදින සද්දෙන් ඇය මගෙ දිහා හැරිලා බලුවා.


"පුතා.. අදත් නිවාඩුද??"


අම්මා මගෙන් ඇහුවෙ නිතරම ඇස් දෙකේ රැඳිලා තිබුනු උපැස් යුවල යන්තම් පහළට කරලා මගෙ දිහා බලන ගමන්. මම ඔළුව හෙල්ලෙව්ව මිසක වෙන දෙයක් කියන්න කිසිම උත්සාහයක් ගත්තෙ නැහැ. කෑම සීතල වෙලා තිබුනත් මට ඕන වුනේ බඩ පුරවගන්න එක කරගන්න විතරයි. අම්මාත් කෑම මේසෙන් ඇවිත් ඉඳ ගත්තෙ අතේ තිබුන පත්තරය මේසෙ උඩින් තියලා.


"ඇයි පුතා ඒ??? මම හිතුවා මේ වෙනකොට ගොඩක් වැඩ ඇති කියලා. මුකුත් ප්‍රශ්නයක්ද???"


"නැහැ අම්මා.. එහෙම දෙයක් නෙවෙයි. වැඩ නම් ඕන තරම් තියෙනවා. ඒත් මට මේ ටිකේ ඇඟට හරි නැහැ වගේ.. එක පාරම හොඳකරගෙන වැඩට යන්න කියලා බැලුවෙ."


මම අම්මාට ඒ වෙලාවෙ ඇත්ත තත්වය කිව්වෙ නැහැ. එහෙම වුනා  නම් අම්මා වුවමනාවටත් වඩා බය වෙන්න තිබුනා. හැම වෙලාවකම මම කලේ වුවමනාවෙන්ම මේ දේ අම්මගෙන් හංගපු එක. අම්මගෙන් විතරක් නෙවෙයි. මම ඒක මුළු ලෝකෙන්ම හංග ගත්තා. ඒ වගේම ඒ දේ තනියම විඳගෙන දුක් වින්දා.


අම්මා මගේ දිහා බැලුවේ මේසෙන් නැගිටින අතරතුරේදි.


"පුතාගෙ කැමැත්තක්." 


ඇය එතනින් ගියෙ මගෙ උරිස්ස අත ගාලා. මම සද්දයක් නැතුවම කෑම ටික ගිලලා දම්මෙ හපන්න තරම්වත් වෙලාවක් ගන්නෙ නැතුව. මට ඕන වුනේ මේ ඔක්කොම අමතක වෙන්නත් එක්ක ටිකක් ඇවිදින්න යන්න. මම ඒ ගමන්ම ඇස් දෙක හැරෙව්වෙ මේසෙ උඩ තිබුන පත්තරේ දිහාවට. ඒ තිබුන හැම දෙයක්ම මම මට පුළුවන් වේගෙන් කියවගෙන ගියා. ඒත් මගෙ ඇස් දෙක වගේම හිතත් මනසත් එක පාරම නැවතුනේ  මම අහම්බෙන් දැකපු එක විස්තරයක් ළඟ විතරයි. මගෙ හිතේ බලාපොරොත්තු එකින් එක ඇති වෙන්න පටන් ගත්තෙ ඒ දේත් එක්කයි.


"සමහරවිට ..............සමහරවිට මෙතනින් මට උදව්වක් ගන්න පුළුවන් වෙයි."


මම කෑම ගන්න එකත් පැත්තක දාලා දිව්වෙ මගෙ කබාය ළඟට.  මේසෙ උඩ තිබුන පත්තරේ නවලා කබා සාක්කුවට දාගෙන මම ගෙදරින් එළියට බැස්සෙ අම්මාට කියන්නවත් වෙලාවක් ගන්නෙ නැතුව. මේ ලැබුන අවස්ථාව මග ඇරගන්න මගෙ හිතේ තිබුනෙ පුදුම අකමැත්තක්. පුළුවන් තරම් ඉක්මනින් ඒ තැනට යන්න මට වුවමනා වුනා. පැනලා දුවන්නෙ නැහැයි කියලා දැනගත්තත් එතනට යන ගමන මිනින්ත්තුවකින් හරි පරක්කු කරන්න මට ඕන කමක් තිබුනෙ නැහැ. ඒ නිසා මම ඒත් එක්කම ආපු කුලී රථයකට අත දැම්මා. 


"ඉක්මනට යමු. මෙන්න මෙතනට."


තරමක් වයසක ඒ රියදුරාට මම පත්තරය පෙන්නුවේ කබා සාක්කුවෙන් ඇදලා. මගෙ තිබුන හදිස්සිය දැකලද මන්ද, ඔහුත් බොහොම ඉක්මනින් වගේම වේගෙන් ඒ තැන හොයාගෙන මාව අරගෙන ගියා..


මිනිත්තු 20 කට විතර පස්සෙ මම හිටියෙ පත්තරේ තිබුන ඒ ලිපිනය අයිති තැනමයි. මම ආයෙමත් පත්තරේ දිහා බැලුවෙ මම ඇවිත් තියෙන්නෙ හරිම තැනටද කියලා සහතික කරගන්න. පත්තරේ තිබුන ලිපිනයත් ඒ ලිපිනයත් එකිනෙක හොඳට ගැලපුනා. වත්තට ඇතුල් වුන මම කළු පැහැයෙන් තිබුන ඒ දොර ඉදිරියෙන් හිට ගත්තෙ බලාපොරොත්තු කන්දරාවක් හිතේ තියාගෙන. තවත් ලොකු හුස්මක් ගත්ත මම අන්තිමේදි ඒ දොරට තට්ටු කලේ මේ හැම දේකම අවසානයේ ආරම්භය දකින්න.....

descriptionRe: නැවතත්...............

more_horiz
mm lassanai

descriptionRe: නැවතත්...............

more_horiz
ela ela jith kuthuhalayen kathawa edila yanawa gud work

descriptionRe: නැවතත්...............

more_horiz
හ්ම්ම් ..................තවත් දක්ෂ ලේඛකයෙක්! නියමයි ! .................... pride  pride  pride  pride

descriptionRe: නැවතත්...............

more_horiz
නැවතත්................... කියන්න තියෙන්නේ අප්පට සිරි කියලම තමයි

descriptionRe: නැවතත්...............

more_horiz
ela mekath negala yai wage... gd luck jith... a wagema oyage patakayo wenuwen mahansi wenawata godaaaak sthuthi...

descriptionRe: නැවතත්...............

more_horiz
"me site eke thiyana wadagathma de thamai daksha kollo tikak asuru karanna labunu eka"

Kaurun ho kothanaka di ho pawasu deyak mage mathakayata nage....

Eya sak sudak se sathyak bawa nawathath pasak viya....

Hithadara suba pathum...!

descriptionRe: නැවතත්...............

more_horiz
nice work... superb!!!

descriptionRe: නැවතත්...............

more_horiz


"මගේ නම විලියම් තර්ස්ටන්.. වයස අවුරුදු විසි එකයි....... අවුරුද්ද 1882."


තර්ස්ටන් පවුලෙ අන්තිම දරුවා වුනේ මම. අපි සරේ ප්‍රාන්තයේ හිටපු ධනවත්ම රදළ පරම්පරා වලින් එකක්. මගෙ තාත්තා ජෝන් තර්ස්ටන්. අම්මා කැතරීන් මෝස්ටන්. මගෙ පවුලේ හිටියෙ මමයි අයියයි විතරයි. ඒ රිච්මන්ඩ් තර්ස්ටන්. 


අපි ජීවත් වුනේ සරේ වල තිබුන ලස්සන ගමක. ගමේ එක පැත්තකින් ලස්සන පුංචි කඳු ගැටයක් තිබුනා. ඒකට පහළින් තිබුනෙ හරිම ලස්සන තැනිතලාවක්. වසන්ත කාලෙට මල් පිපුණහම ඒ තැනි තලාවෙම තිබුනෙ කියන්න බැරි තරම් ලස්සනක්. තවත් කෙළවරකින් ලස්සන විලක් තිබුනා. ශීත කාලෙට හිම මිදුනහම ඒ විලේ තිබුනෙ අමුතුම ලස්සනක්. ඊටත් වඩා ශීත කාලෙට කලින් බර්ච් ගස් වල පාට පාට කොළ විලට වැටුනහම ඒකෙත් තිබුනෙ පුදුමාකර විදිහෙ ලස්සනක්. මගෙ පොඩි කාලෙ මම ගොඩක්ම ගත කලේ ඒ වගේ දේවල් එක්ක. වගා බිම්, බැටලුවො හිටපු තණ බිම් නිසා අපේ ගම තව තවත් ලස්සන වුනා. 


ගමේ ඉඩම් හැම එකක්ම වගේ අයිති වෙලා තිබුනෙ තාත්තාගෙ පරම්පරාවට. පවුලෙ එකම දරුවා වුන නිසා ඒ හැම එකකම තනි උරුමක්කාරයා වුනේ තාත්තා. 


හැම රදළයෙක්ටම වගේ උරුම වෙලා තිබුන ඒ දායදය අපේ තාත්තටත් කිසිම අඩුවක් නැතුව ඒ විදිහටම ලැබිලා තිබුනා. ඒ කෑදරකම, ඊර්ෂ්‍යාව වගේම සැර පරුෂකම. සුළු වැරැද්දකට හරි තාත්තට අහු වුන මනුස්සයෙක්ගෙ ඉරණම නම් ඒ තරම් හොඳ එකක් වුනේ නැහැ. අශ්වයන්ට ගහන කසයෙන් තාත්තා ඒ මනුස්සයාට ගැහුවෙ කිසිම අනුකම්පාවක් නැතුව. දඬුවම ඒකෙන් නැවතුනේ නැහැ. එහෙම වුනා නම්, ඒ පුදුමාකර විදිහෙ වාසනාවන්තයෙක්. කරත්තයක බැඳගෙන ගම වටේ ඒ අසරණයව ඇදගෙන ගියෙ හරිම අමානුෂික විදිහකට. තාත්තාගෙ දඬුවම් වල ලිහිල් ගතියක් නම් මම කවදාකවත් දැකලා තිබුනේ නැහැ.. ගමේ සිද්ද වුන හොරකම් වලින් ගොඩක්ම වුනේ මිනිස්සුන්ට බඩගින්න දරාගන්නම බැරි නිසා. ඒක හොරකමක් වුනත්, මම ඒ හොරකමේ වරදක් නම් කිසිම වෙලාවක දැක්කෙ නැහැ. මොකද ඒ තත්වෙට වුනත් වගකිව යුතුව තිබුනෙ මගෙ තාත්තා. 


මිනිස්සුන්ගෙ ඉඩම් වංචාවෙන් ලබා ගන්න තාත්තාට තිබුනෙ පුදුම හැකියාවක්. තර්ස්ටන් පවුලෙන් තාත්තාට උරුම වුනා කියලා ඔහු හැම වෙලාවකම කියන වටිනම දේ ඒක වෙන්න ඇති කියලයි මට හැම වෙලාවකම හිතුනේ. පොඩි කාලෙ ඉඳන්ම මේ කිසිම දේකට මගේ නම් කිසිම කැමැත්තක් තිබුනෙ නැහැ. ඒත් තාත්තාට තිබුන බය නිසා ඒ කිසිම දේකට ඔහුට විරුද්දව කිසිම දෙයක් කියන්න කාටවත්ම පුළුවන්කමක් තිබුනෙත් නැහැ. අම්මටත් ඒක පොදු දෙයක් වුනා.


අම්මා වුනත් තාත්තාට පෙන්නුවෙ පුදුමාකාර විදිහෙ බයක්. ඒ දේ අම්මා ලෝකෙටම පෙන්නුවෙ තාත්තාට දක්වන ගෞරවය විදිහට. ඒත් ඇස් දෙකක්, හිතක් වගේම මොළයක් තියෙන ඕනම මිනිහෙකුට ඒක එහෙම නෙවෙයි කියන එක තේරුම් ගන්න ඒ තරම් අමාරු වුනේ නැහැ. අම්මා කලේ ඒ හැම දෙයක්ම දිහා හරිම සාමන්‍ය විදිහට බලාගෙන ඉන්නවා වගේ පෙන්නපු එක විතරයි.


රිච්මන්ඩ් හැම වෙලාවකම තාත්තාගෙම පුතා වුනා. ලැබිලා තිබුනෙ තාත්තාගෙ ඒ ගතිගුණමයි. තාත්තාගෙ හැම වැඩකදිම රිච්මන්ඩ්ගෙ උදව් ලැබුනා. ඒක නම් ඇත්තෙන්ම හරිම අවාසනාවක්.


පොඩි කාලෙ ඉඳලම අපි වෙනස්ම චරිත දෙකක් වුනා. පොඩි කාලෙදි වුනත් අපි එකතු වෙලා වැඩ කලේ නැති තරම්. ඒ කාලෙ ඉඳලම තාත්තාගෙත් රිච්මන්ඩ්ගෙත් වැඩ මම පිළිකුල් කලා. ඒත් මට කරන්න තිබුනෙ ඒ හැම දෙයක්ම හිතේ තියාගෙන, හිතින් ආපු තරහව කාමරේ බඩු මුට්ටු වලින් යවන්න. ඒ හැර කිසිම දෙයක් මට ඉතුරු වෙලා තිබුනෙ නැහැ.


මම ඒ විදිහෙ වෙනස් කෙනෙක් වුනේ ඇයිද කියලා කියන්න මට තේරුමක් තිබුනෙ නැහැ. ඒත් පල්ලියට ගිය හැම වාරයකදිම මම දහස් වාරයකට වඩා දෙවියන් වහන්සේට ඒ ගැන ස්තූතිවන්ත වෙන්න ඇති. මට ඕන වුනේ ඒ පව්කාර ජීවිතෙන් මිදිලා පුළුවන් තරම් ඈතට යන්න. පුළුවන් තරම්............ හරියට කුරුල්ලෙක් වගේ. මම කරපු වැරදි නොවුනත් තාත්තාගෙත් රිච්මන්ඩ්ගෙත් වැරදි මගේ ඇඟෙත් ගෑවිලා තියෙනවා කියලා මට හැම වෙලාවකම හිතුනා. ඒත්, හැම දෙයක්ම දාලා යන්න ඕනෙ කියන හැඟීම මම පොඩි වෙලාවකට හරි අමතක කලේ අම්මා නිසා. මම එහෙම කලොත් මගෙ වෙන් වීමේ දුක වගේම මේ හැම දෙයක්මත් තනියම විඳගන්න අම්මාට වෙයි කියලා මට හිතුනා.


රිච්මන්ඩ්ටත් තාත්තාටත් ගමේ හැම දෙනෙක්ම බය වුනා. ඒ තිබුන දරුණුකම නිසා. අම්මාට ගමේ හැම දෙනෙක්ම අනුකම්පා කලා. ඒ අම්මා මුහුණ දුන්න තත්වය ගැන හිතලා. ඒත් මට ගමේ හැම දෙනෙක්ම ආදරේ කලා. ඒ මම ගමේ හැම කෙනෙක් ගැනම හොයලා බලපු නිසා.


කිසිම වෙලාවක මම ඉන්න තැනක, ගමේ කිසිම කෙනෙකුට අපහසුතාවයකට පත් වෙන්න මම ඉඩ දුන්නෙ නැහැ. මම හැමවෙලාවකම මට පුළුවන් තරමෙන් ඒ හැම දෙනෙක්වම බේරගන්න උත්සාහ කලා. ඒ නිසා තාත්තගෙන් මමත් කස පාර කාපු වාර ගණන අනන්තවත් වුනා. ඒ දේවල් වලට මැදිහත් වෙන්න එපා කියලා අම්මා මගෙ ඉස්සරහා කොයි තරම් බැගෑපත් වුනාද කියලා මට මතක නැහැ. ඒත් ටිකෙන් ටික තරුණ වෙනකොට ඒ දේවල් එහෙම වෙන්න දීලා බලාගෙන ඉන්න මට පුළුවන් කමක් තිබුනෙ නැහැ. 


අපේ ජීවිත ගෙවුනෙ ඒ විදිහට. අවුරුදු ගණනනාවක්ම. මම කොහොම හිටියත් මටත් ඒ තරම් ලොකු පෙරළියක් ඇති කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. මම මොන හිතුවක්කාරකම කලත් තාත්තා මගේ ගැන ආඩම්බර වුනු එක දෙයක් තිබුනා.


තාත්තා හැම වෙලාවකම කිව්වෙ සීයගෙ තරුණ කාලෙ තිබුන කඩවසම් පෙනුම මට ඒ විදිහටම තිබුනා කියලා. තද නිල් ඇස්, චෙස්ට්නට් පාට හිස කෙස්, ඒ උස, ඒ විදිහටම මට තිබුනා කියලා තාත්තා හැම දෙනෙකුටම වගේ කියනවා මට ඇහිලා තිබුනා. ඒත්, මගේම පවුලෙ තිබුන මහා නින්දා සහගත වැඩ නිසා මගෙ පෙනුම කොච්චර කඩවසම් වුනත් මම හැම වෙලාවකම ඒක දැක්කෙ ඒක මට ලැබුන ශාපයක් විදිහට. 


හැම උදේකම අශ්වයා පිටේ කඳු ගැටේ ළඟ තියන තැනිතලාවට යන්න මම පුරුදු වෙලා හිටියා. ඒ ටික වෙලාවකට හරි තර්ස්ටන් මන්දිරයේ තිබුන නපුරුකම් වලින් බේරිලා ඉන්න. මම ඒ යන අතරතුරේ විල ළඟට යන්නත් අමතක කලේ නැහැ. ගල් කැට වලින් වතුර කපාගෙන යන විදිහට ගහන්න පොඩි කාලෙ ඉඳන් මගෙ තිබුනේ ලොකු ආසාවක්. හැම දවසකම ඒක මගේ දින චර්යාවෙ කොටසක් වුනා. 


මම එදත් එතනට ගියේ ළඟ තිබුන එල්ම් ගහේ මගෙ අශ්වයා බැඳලා. එතන තිබුන ගල් එකින් එක අහුලගෙන මම විල ළඟට ගියේ මගෙ බූට් සපත්තු පැත්තකින් ගලවලා තියලා. මම පටන් ගත්තෙ ගල් එකින් එක විල පැත්තට ගහන්න. කලින් දවසෙ රිච්මන්ඩ් කරපු වැඩ මතක් වෙලා මගෙ හිතට ආවෙ පුදුම තරහක්. වෙනදා වගේ සැහැල්ලුවෙන් හිටියෙ නැති නිසා මම ගල් හැම එකක්ම විලට දමලා ගැහුවෙ පුදුම කේන්තියකින්.


"මෝඩයා.......... මෝඩයා................. මෝඩ ඌරා........................"


මම ඒ හැම ගලක්ම ගහන වාරයක් වාරයක් ගානෙ රිච්මන්ඩ්ට ශාප කලේ හිතේ තිබුන තරහ නැති කරගන්න. ඒ විදිහට එතන මම ගොඩ වෙලාවක් ඉන්න ඇති. ඒ රිච්මන්ඩ්ට වගේම තාත්තාටත් බනින්න ගොඩක් දේවල් මගෙ හිතේ තිබුන නිසා.


හැම දෙයකින්ම මිදිලා මම ආයෙමත් පියවි ලෝකෙට ආවෙ වෙඩි සද්දෙකින්. ඒත් එක්කම මට ඇහුනේ කවුරුහරි මගේ පැත්තට දුවගෙන එන සද්දයක්. මම මගේ රිවෝල්වරය අතට ගත්තෙ ඒ සද්දෙ ඇහුන පැත්ත දිහා බලාගෙනමයි. ඒ වේගවත් අඩි සද්දය මගෙ පැත්තට තව තවත් ළං වෙනකොට මම රිවෝල්වරය ඒ පැත්තට දික් කලේ ඕනම දේකට ලෑස්ති වෙලා. අඩි සද්දය ඇහුනත් මට ඒ පුද්ගලයව පෙනුනෙ නැත්තෙ එතන තිබුන එල්ම් ගහ නිසා. එක පාරම මම ලෑස්ති වෙලා හිටපු ඒ අවස්ථාව උදා වුනා.

descriptionRe: නැවතත්...............

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum