Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2186 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share

descriptionසමරිසිබව, සමාජය හා පවුල් සම්බන්ධතා.

more_horiz
නොදුරු දිනකදී මා හට තමන් සමරිසි බව අවබෝධ කරගත් හා එනිසාම ගැහැණියක් සමග විවාහ වීම ප්‍රතික්ෂේප කරන සොයුරෙකු සමග සංවාදයක යෙදීමට අවස්ථාව ලැබුණි. පුද්ගලිකව මා මෙම තත්ත්වය අගය කරන්නේ ජීවිතයේ මට වැරදුනු යම් තැනක් ඔහු හඳුනාගෙන තේරුම්ගෙන සිටින නිසාවෙනි. ගැහැණු ලමයින් ගණනාවක් සමග මෙන්ම පිරිමි ළමයින් දෙදෙනෙකු සමගද සම්බන්ධතා පැවත්වූ මම මාගෙ වැඩි රුචියක් ඇත්තේ පිරිමි ලමුන් සමග් බව තේරුම් ගත්තේ පමාවීය. පිරිමි ළමුන් සමග ආදර සම්බන්ධතා පවත්වද්දීත් කෙදිනක හෝ ගැහැණියක් සමග විවාහවීමට සිදුවීම පිලිබඳ ඇති අනියත බියත්, සමාජය, දෙමව්පියන් පිළිබඳව ඇති ආකල්පත් සියල්ල් මගින් සිදුකරන්නේ සමරිසිභාවය සමගම අරගල කරමින් ගැහැණියක් සමග ජීවත්වේමය. බොහෝ සමරිසි අය ගැහැණියක් සමග විවාහ වීම පිළිබද බිය හා ඒ පිළිබඳ සිදුවන් සමාජ සාකච්චවන්වලට මුහුණ දෙන්නේ කාරණා කීපයක්  පදනම් කරගනිමිනි.


1 ලිංගික වශයෙන් ගැහැණියක සතුටු කිරීමට නොහැකි වේය යන බිය.
2 දෙමාපියන්, සහොදරයන්, මිතුරන් හා  සමාජය අහිමිවේය, සමාජය ඉදිරියෙ වැරදිකරුවන් වේය යන බිය.
3 සමරිසිකාමීන් විසින්ම ඇතිකරනු ලබන ( පාවාදීම්, සම්බන්ධතා කඩාකප්පල් කිරිම්, තර්ජනය කිරීම්  )
4 විවාහ වූවාට පසුව පිරිමින් කෙරෙහි වන ආකර්ශනය වලක්වා ගන්නේ කෙසේද  යන උභතෝකෝටිකය.
5 සමරිසිභාවය රෝගයක්, සාපයක්, පිළිකුල් කළ යුතු දෙයක් ලෙස සමාජයෙන් එල්ල වන චෝදනා.


තරුණයෙකු වශයෙන් ජීවිතයෙ කවදාම හෝ දිනක විවාහය නැමැති සංධිස්ථානයට   මුහුන දීමේ අවස්ථාව සමාජය මගින්ම ඇතිකර තිබේ. බොහෝ සමරිසිකාමීන් විවිධාකාරයේ බොරු කියමින් විවාහය කල් දමමින් සිටියද, දෙමාපියන්, සමාජයෙන් එල්ලවන පීඩනය හමුවේ තවදුරටත් මග හැර සිටිය නොහැකි දවසක්  උදාවනු ඇත. මා විසින් පසුගියි වර්ෂයේදී මෙම තත්ත්වයට මුහුණ දුන් අතර තවමත් ජීවිතය පිළිබඳව පිළිතුරු සොයමින් සිටිමි. ගැටළුව වන්නේ මා සමරිසි ද? ද්විලිංගිකද යන්න නිවරැදිව අවබෝධ කරගනීමට  ජීවිතයෙ  වසර 29ක්ම ගෙවා  තිබීමයි.
මඳකට සිතා බලන්න . අපේ සමරිසිබව අවබෝද කර නොගන්නා දෙමවුපියන්ට අප වැරදි පැවසීම හෝ දොස්නැගීම සාධාරණද? වසර ගනණාවක් පුරා අප වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ඔවුන්ගේ අවසාන බලපොරොත්තුව අප විවාහ වීම හා දරුවන් තැනීමයි. අප පමණක් නොව අපේ දරුවන්ගේ ලෝකය එළි කිරීමද දෙමාපියන්ගේ අපේක්ෂාව  වෙයි. සමරසිකාමීන්ගේ අපේක්ෂාවන් හා දෙමාපියන්ගේ අපේක්ෂාවන් අතර නොගැලපීම ඇතිවන්නේ මෙහිදීය. සමරිසිකාමීන්ට සමජයෙන් එල්ලවන්නේ  අනුමත නොකළ චර්‍යාවක් වෙනුවෙන් සිදුකරන අපහාසකිරීමක් , කොන් කිරීමක් සහ සමරිසිබව රෝගයක් ලෙස තේරුම් අරගෙන කෙසේ හෝ ගැහණියක් විවාහ කරගැනීම පිළිබඳව වන තත්ත්වයකි. දෙමාපියන්ගේ පැතිකඩ මීට වඩා වෙනස් වෙන්නෙ දරුවන් වෙනුවෙන් සිදුකළ අනවරත මහන්සිය , මෙන්ම සමාජය මගින් ඇතිකරන  සමාජ බලාපොරොත්තු සමග ඔවුන් නිරන්තරව ගැටෙන නිසාය. ඔබ අප දන්නා පරිදි මෙම බලාපොරොත්තු ඇතිවන්නේ ශිෂ්‍යත්ව  විභාගයත් සමගය . සමරිසිබව සමාජයෙන් අනුමත නොකළ චර්‍යාවක් වන අතරම විවාහය සමාජය මගින් අනුමත් කරන චර්‍යාවකි.

පසුගිය වසරේදී මම කොළඹ සිට ගමේ ගිය විටදී මා සමහ සාමන්‍ය පෙළ කළ මිතුරෙකු මුණගැසුණි . ඔහු විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වී සිටි අතර ඔහු මගෙන් ඇසුවේ බැන්දා නේද යනුවෙනි . මම විවාහ වී නොමැති බව පැවසූවිට ඔහු කිව්වේ අපෝ වැඩක් නැහනේ යනුවෙනි. මා උපාධියක් ගැනීම හෝ රැකියාවක් , ගෙයක් දොරක් හදාගෙනම විවාහ වන බව හෝ ඔහුට වැඩක් නැත. එවැනි තත්වයකදී සමරිසිබව පැවසූව නම් ඔහු කලන්තේ දමනව නිසැකය. මා මේ නිදසුන පැවසූයේ විවාහය , දරුවන් සැදීම පිළිබඳ සමාජයේ ඇති තහවුරු කිරීම් දැක්වීමටය .

පසුගිය වසර මා හට සංකීර්ණ සහ බැරෑරුම් වසරක් වූ අතර ජීවිතයේ වඩා වැදගත්ම තීරණ ගත් වසරක්ද විය. ආදරණීය වූ සමරිසි තරුණයෙකුගේ පෙම්වතෙකු වූ මම සහ ඔහු කෙදිනක හෝ ගැහැණියක් සමග විවාහ වීමටද , ඉන් පසුව අපගේ ජීවිත සකසා ගන්නා  අයුරුද , අප දෙදෙනාගේ සම්බන්ධය ඉදිරියටම පවත්වාගෙන යන ආකාරයද සාකච්චා කර තිබුණි . වසර දෙකක් පමණ මේරූ ආදර සම්බන්ධතාවක්ද තියාගෙන දෙදෙනාම ගැහණු ළමයින් දෙදෙනෙකු සමග සම්බන්ධතා පවත්වා ගති. සම්බන්ධතා  නිවෙස්වලටද පැවසූ අතර නිවෙස් වලින් එකිනෙක  නිවෙස් වෙත යාම් ඊම් ද සිදුවිය . සියල්ල යහපත් ආකාරයට සිදුවන අතර තුරදී විවාහයට වන සූදානම් ගැනද සාකච්චා විය . එහෙත් ඔහුට මා ද , මා හට ඔහුද අහිමිවීම කොතරම් නම් වේදනාවක්ද යන්න වටහා  ගැනීම ඔබට බාර කරමි . ඔහුත් ඔහුගේ පෙම්වතියත් , මාත් මාගේ පෙම්වතියත් හතරදෙනාම එක් එක් තැන්වල ඇවිදිද්දී හිතටත් හොරා අපේ අතැගිලි පැටලුනේ ගැහැණු ළමයින් දෙදෙනා සමග නොවේ. ගැහැණු ලමයින්ගේ අතැගිලිවල එල්ලී ඔවුන්ගේ කිචි බිචිය විදින අපි මුලු ලොවටම හොරා අප දෙදෙනාගෙම් හිත් වලින් ලෝචනයක යෙදෙමින් සිටියෙමි . වසර දෙකක් වූ අපේ ආදර කතාවේ  දින ගනන් සංචාර මෙන්ම , සුළු හමුවීම් ද තිබුණි . එහෙත් අප දෙදෙනා ගමන් කළ , අප දෙදෙනා ආදරය කළ , අවස්ථාවලදී දැනුණු මිහිරියාව , හිතට දැණුන සංහිඳියාව ගැහැණු ළමයින් සමග සිටියදී නොදනීම තරම් සමරිසි ප්‍රේමයක  අරුමය පැවසීමට මට නොහැක . දිගු සාකච්චා , වාදකිරීම් වලින් පසුව අප දෙදෙනා අපටම අවංක වූයේ ජීවිතයේ දිගු වන්දනාව අප දෙදෙනාගේම ජීවිතය බවට් පත් කර ගැනීමට තීරනය කිරීමෙනි .

සියළු තත්වයන් නිවෙස්වලට පැවසූ පසු ගිනිකෙළි සංදර්ශන , අපහාස කිරිම් , වෛර කිරීම් සියල්ලම ඇරඹුණි . අදටද මාගේ පෙම්වතාගේ මව මට වෛර කරන්නේ ඇයගේ ජීවිතය බඳු දරුවා උඳුරා ගත් සතුරා  මා වූ නිසාවෙනි . එහෙත් අපගේ තීරණය ආපසු හැරවීමට කිසිවෙකුට නොහැකි විය . නෑදෑයන්ගෙන් , මිතුරන්ගෙන් එල්ල වූ අවවාද කිරීම් , තර්ජනය කිරීම් පමණක් නොව අපහාසවලටද මුහුණ දීමට අපට සිදුවිය . වත්මනෙහි අපි  අපගේ ජීවිත සොයාගෙන විදෙස් ගත් වීමට සූදානමින් සිටින්නෙමු .

සබඳ දැන් ඔබට සිතෙන්නේ කුමක්ද ? අප ඉතා හොඳ නිර්භීත තීරනයක් ගත් බව පවසන සමහර  දෙනා අතර ඔබේ  පරාසය අපට එරෙහි වන එකක් වනු ඇත . අනේ අසරන දෙමවුපියෝ , උන්ගේ බලපොරොත්තු , මහන්සිය මේ සියල්ල පිළිබඳව ඔබට සිතෙනු ඇත . අදටද අපද හිත්වලින් හඬා වැලපෙන්නේ ඔවුන් දකින්න බලාගෙන සිටි ලෝකය  ඔවුන්ට දැකීමට , විඳීමට ඉඩ නොතැබීම පිළිබඳව දුකිනි . අප දෙදෙනාම දුක්වන්නේ අප අද ගත් තීරනය මීට වසර ගණනාවකට පෙර ගන්න තිබුනා නේද යනුවෙන් සිතමිනි . එසේවුණා නම් අපගේ විවාහය පිළිබඳව, අපේ අනාගතය ගැන බොහෝ බලාපොරොත්තු ඔවුන් තබා නොගැනීමට ඉඩ තිබුණි .

දැන් යලිත් මාගේ ඇරඹුමට යමු . ම පැවසූ සොයුරා සිටින්නේ මා මගෙ සමරිසි බව තේරුම් අරගෙන නිවෙස්වලට ම ගැන පැවසිය යුතුව තිබුණා නේද යනුවෙන් සිතමින් දැන් පසුතැවිලි වන වයසේය . ඔහු ඔහුගෙ සමරිසි බව තේරුම් අරගෙන ඇත . ඔහු කිසි දිනෙක් ගැහැණියක සමග විවාහ නොවන බවද පවසයි . ඉන් පසු මා පැවසූයෙ තමන්ගෙ කැමැත්ත පිළිබද වැඩිහිටියන් දැනුවත් කරන ලෙසයි. එහෙත් ඔහු එයට මැලිකමක් දක්වන්නේ බය , ඔහුගෙ ඉරණම් පිළිබඳව ඇති අවිනිශ්චිතභාවය නිසාවෙනි . දෙමාපියන්ගෙන් යැපෙන දරුවෙකුට තමන්ගේ සමරිසි බව දෙමාපියන්ට පැවසීම බොහෝ අනතුරුදායක වන බව ඔහු සිතන නිසාවෙනි , ඔහුගේ අදහස විවාහය පිළිබඳ නිවෙසින් බල කරන කාලයක එය දෙමවුපියන්ට පැවසීමයි . දැන් අප සාකච්චාවේ මුලටම පැමිණ ඇත . තව වසර 10 කින් පමණ ඔහු මා සිටින් තැනටම පැමිණෙනු ඇත . එදිනයේදී ,


අද දිනට වඩා තම දරුවා  ගැන දෙමාපියන් බලාලාපොරොත්තු තබාගෙන සිටිනු ඇත .

අද දිනට වඩා අත්දැකීම් බහුල පරිණත සමරිසි තරුණයෙකු එදිනට ජීවිතයේ කඩ ඉමකට  මුහුණ දෙනු ඇත .


ඔහු ගන්නා තීරණය හරහා සදටම ඔහු ජයගනු හැකි වන අතරම සමහර විට  . ඔහුගේ  ජය දෙමාපියන් හැඬවීම , ඔවුන්ගේ අපේක්ෂා බිඳ දැමීමක් ද වනු ඇත . එහෙත් දෙමාපියන් ඔහුව විවාහ කර දුනහොත් මුලු ජීවිත කාලයක් පුරා  ඔහු මෙන්ම ඔහු විවාහ වන ගැහැණිය ද විඳවනු ඇත . මෙම විඳවීම සම්බන්ධ වන්නෙ ලිංගික කාර්‍යන් සම්බන්ධයෙන්ම පමණක් නොවේ . ලිංගිකව දෙදෙනා සම්භෝගයට පත් වූවද මනසින් , හදවතින්  , ශරීරයෙන් පිරිමියෙකු ඉල්ලා හඬාවැටෙන පිරිමියෙකුගේ විඳවීමක් ද වනු ඇත . එම පිරිමියා තුළ සගවාගෙන සිටින හඬාවැටීම තේරුම් ගත නොහැකිව ළතැවෙන ගැහැණියකගේ විඳවීමක්ද වනුඇත . එම් විඳවීම් සියල්ල බලාගෙන දිනයක දෙමාපියන්ට සතුටු විය හැකිද ?.

       එසේ නම් සමරිසි භාවය , සමාජ සම්බන්ධතා හා පවුල සමග දෝලනය වන මෙම ගැටළුව විසදා ගත යුත්තේ කෙසේදැයි ඔබම තීරනය කරන්න .

descriptionRe: සමරිසිබව, සමාජය හා පවුල් සම්බන්ධතා.

more_horiz
[You must be registered and logged in to see this link.]

ගොඩක් වැදගත් ලිපියක් යාළු. මම ඔන්න ඔය ඉහල ලින්ක් එක දැම්මෙත් පොඩි ඇමුණුමක් විදියට​.
අපි මේ ගැන මීට වඩා සාකච්ඡාකල යුතු දෙයක් සහ මීට වඩා අවධානය යොමුකලයුතු දෙයක් කියන එක නම් හොඳටම දැනුණා

descriptionRe: සමරිසිබව, සමාජය හා පවුල් සම්බන්ධතා.

more_horiz
pride  pride  pride

descriptionRe: සමරිසිබව, සමාජය හා පවුල් සම්බන්ධතා.

more_horiz
කතාව ඇත්ත....
ඒත් අම්මගේ මූණ බලාගෙන මේවා කියන්නනේ කොහොම ද?
අපිට අපෙ සතුටත් ඕනි....ගෙදර අයගෙ සතුටත් වටිනවා.....
එත්...........
????????

descriptionRe: සමරිසිබව, සමාජය හා පවුල් සම්බන්ධතා.

more_horiz
සම්පූර්ණ ඇත්ත කතාව​..හොඳ ලිපියක්..ඒත් දෙයියනේ මෙහෙම දෙයක් කතාකරන්න situation එකක් හදගන්නෙ කොහොමද​..හදාගත්තත් ඒ දෙන්නගෙ මූනු බලාගෙන අපේ සතුට වෙනුවෙන් අවුරුදු ගානක් ඒ ගොල්ලන්ගෙ හිත් වල තිබ්බ බලාපොරොත්තු එක ක්‍ෂණයකින් බිඳල දාන්නෙ කොහොමද​....අනේ මන්ද මොනව කරන්නද​...ගෙදර හිටියත් තමන්ගෙ ආදරවන්තය එක්ක අනාගතේ කොහොම ගෙවන්න වෙයිද කියල හිතෙනකොටත් පිස්සු වගේ අප්පා....... :x  :x  :x  :x  :x  :x  :x  :x  :x  :x  :x  :x 

descriptionRe: සමරිසිබව, සමාජය හා පවුල් සම්බන්ධතා.

more_horiz
ගෙදර අයට කියන්නේ කොහොමද කියන ප්‍රශ්නය තමයි ගොඩාක් අපේ යාළුවන්ට තියෙන්නේ. මේ නිසාම සමහර අය මම කවදාවත් බඳින්නේ නෑ, මගෙන් ඒ ගැන අහන්න එපා කියල ගෙදර අයට කියනවා. ඒත් ඒක උත්තරයක් නෙවෙයි. කොච්චර කිව්වත් ගෙදර අයගෙ උත්සාහය නවතින්න් නැහැ. උත්සාහයත් එක්ක එයාලගේ බලාපොරොත්තුත් වැඩි වෙනවා කියන එක තේරුම් ගන්න ඕන. අපේ සමාජය වෙනස් වෙනවනම් දරුවෙක් ඉපදෙන්න ඉද්දිම මේ ළමයා සමරිසි වෙන්නත් පුළුවන්, ඒකට සූදානම් වෙන මනසක් දෙමවුපියන්ට හැදෙනවනම් මේ ගැටළුව විසදෙනවා. මගේ නම් අදහස අපි සමරිසි වෙන්න තරම් ලොකු අවදානමක් ලංකාවෙ සමාජය ඇතුළතදී ගත්තා නම් කවදා හරි සමරිසි සහකරුවෙකුත් එක්ක ජීවත් වෙන්න තරම් සංකීර්ණ තීරනයක් ගත්තානම් දෙමවුපියන්ට කියලා තේරුම් කරලා දෙන අවදානමත් අපිටම ගන්න වෙනවා. ඒක අද දවසේ ලොකු වේදනාවක් වුණත් අදට වඩා එදාට අම්මලා අඬනවා. සමහරවිට අද අරගලය හෙට ආයෝජනයක් වෙන්න පුළුවන්.

descriptionRe: සමරිසිබව, සමාජය හා පවුල් සම්බන්ධතා.

more_horiz
Aththenma katha kalayuthuma hoda topic akak..agena mulinma Prabash oyata Thank karanawa man....me wage discussion walata mesite aka hoda thothennak karaganna one api..site akata log wenne anunge walpal..neththam umma didi ada ada inna nam akin loku advantage akak ne..

Lankawe gay rights kiya kiya kata wachaneta kattiya katha kalath AWIN WENNETH GODAK DURATA KATTIYA SET WEN FUN AKAK GANNA AKA WITHARAI. Mage adahasanam api + wela samajeye gay kiyana consept akata hoda watinakamak denna one.Gay kiwwama onema kenek thula chiththarupa mewenne kanata thodu dagena  girl kenek wage adum adina nalo nalo katha karana nelawi nelawi yana kenekwa. Api a de nethi karawanna try karanna one.

Aka karanna api + wenna one. akata thamange personality aka thaman hada gena hodata egena gena neththam samjayata watinakamak denna puluwan kenek wenna one.

Athokota samaje a pudgalaya GAY unath samajaya ohu gena katha karanne watinakamak dila. "A malli GAY unata harima creative...hari hodai..hemotama udaw karanawa...dekkama ahema kiyala hithanna wath be..harima wedagath widihatai inne,gedara dore aya genath hariyata hoyala balanawa" wage adahasui.Gay Cuples genath ahema anagathe katha karana widihatai api adarshamath viya yuththe....

Rights gena kiya kiya wada karanawata wada Gays lage athma gawrawaya araksha karagena thamange adaraya reka gaththoth samajayen 100% nounath 40% wath apiwa anumatha karawi....

Edata apita ape gewal walata"amme man GAY kiyala kiyanna puluwan wei.

descriptionRe: සමරිසිබව, සමාජය හා පවුල් සම්බන්ධතා.

more_horiz
මම ගේද කියල කියන්න මම හරියටම දන්නෙ නෑ...ඒත් මම දන්න එකම දේ මත ගැහැනියක් බැඳලා සතුටෙන් නම් ඉන්න බෑ කියන එක විතරයි...ශාරීරිකව වගේම මානසිකවත් ඒක පාපයක් වගෙයි මට පේන්නෙ...
අම්මල මම ගැන තිබ්බ බලාපොරොත්තු උසස්පෙළින් හරියටම ඉටු කරන්ඩ මට බැරි වුනා...අතිරේක වියදමක් එක්ක ඒගොල්ලොන්ට මාව පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යවන්න වුනා...එගොල්ලො ඒගැන අදටත් කියද්දි මට මන් ගැනම එන්නෙ සියුම් තරහක් වගේම​, යුතුකම් පහැරහැරීමක් වගේ වේදනාවක්...මට තවත් එගොල්ලොඞෙ බලාපොරොත්තු නැති කරන්නත් බෑ, ඒගොල්ලො සමාජය ඉස්සරහ අසරන කරන්නත් බෑ...මම අම්මට ඒ දවස්වල කසාද ගැනනම් කියන්නෙපා කියල පොරොන්දු කරගෙන තිබ්බෙ...අම්ම ඉස්සර ඒකට හා කිව්වට දැන් දැන් ඒ දෙන්නම ඒ ගැන කනින් කොනින් කියවන්න පටන් අරන්...මගෙ ඔලුවත් එක්ක ගිනිගන්නව ඒ වෙලාවට​..මාව අම්ම අනිව රට යවනව වැඩිදුර අධ්‍යාපනයට​...මෙතනින් ගැලවීමක් නොතිබුනොත් මම කවදාවත් ලන්කාවට එන එකක් නෑ..මට මේ රට දාල යන්න බෑ එක හිතින් කවදාවත්ම​...ඒත් මේ පෝස්ට් එක දැම්මම මට මන් ගැන බයක් වගේම හරි දුකකුත් දැනෙනව​, මාත් එක්ක එකට හිටපු යාලුවො ජීවිතේ විඳිනකොට මට ජීවිතෙන් පැනල යන්න වෙන එක ගැන මට හරි කේන්තියි වගේම ටිකක් ඉරිසියයි...මැරෙන්ඩ හිතෙන්නෙ මේ වෙලාවට තමයි noidea

descriptionRe: සමරිසිබව, සමාජය හා පවුල් සම්බන්ධතා.

more_horiz
attama katawak ath ape kematta ta ayala ida denawa nam hodai neda nettam ammalawa satutu karanna bendata passe tamaii prashna wala arambaya mama hitanne aka kalin ma kiyala ayala denuwat kara nam hodaii mama hitanne mage gedarin nam akata prashnayak ne

descriptionRe: සමරිසිබව, සමාජය හා පවුල් සම්බන්ධතා.

more_horiz
වැදගත් දෙයක්. පුදුමයි මම මේක දැක්කෙ අද.

මටත් අවුරුදු 20යි. මට නම් කසාදය ගැන ලොකුම අවුල තියෙන්නෙ ගෙදරින් නෙවෙයි. කෙල්ලොන්ගෙන්. මොකද කීප දෙනෙක්ම යාළු වෙන්න ඇවිත් තියෙන නිසා.

මගේ පවුලෙ නම් ගොඩක් අය දන්නවා මාම් කසාද බඳින්න නම් තියෙන්නෙ පුදුමාකාර අකමැත්තක් කියලා. එයාල හිතනව ඇති ආදරේ කරන්නත් එහෙම වෙන්න ඇති කියලා. ඒත් එයාල හිතන්නෙ කෙල්ලෙක් ගැන, මම හිතන්නෙ කොල්ලෙක් ගැන.

කොහොමවුණත් මට නම් සහෝදරයො කීප දෙනෙක් ඉන්නවා. ඒත් මම gay කියලා කියන්න තරම් මට විශ්වාස කරන්න පුළුවන් එක්කෙනයි. ඒත් මට හිතා ගන්න බැහැ ඒ මනුස්සයාගෙ තීරණේ වුණත් කොහොම වෙයිද කියලා. ඒත් මගේම කියලා තීරණයක් ගන්න මම බය නැහැ. මම කැමති නැහැ මගේ ඇත්ත තත්ත්වය කියලා මගේ පවුලේ කාවවත් අපහසුතාවයට පත් කරන්න. ඒ නිසා මට තියෙන හොඳම දේ නම් ඉගෙන ගෙන රස්සාවක් හොයාගෙන ස්ථාවර වෙලා මගේ පවුලෙන් අයින් වෙලා නමුත් මගෙ අම්මට තාත්තට සලකන එක. බඳිනවා කියලා අනික් අය කරන්නෙත් ඒකයි කියලා මට හිතෙනවා.

කසාදය ගැන නම් මමත් අම්මත් කීප වතාවක්ම කතා වෙලා තියෙනවා. මම කවදාකවත් දෙපාරක් හිතලා නැහැ, මම කසාද බඳින්නෙ නැහැ කියලා  අම්මට කියන්න. අම්මගෙ ඒකට අකමැත්තක් තිබුණෙ නැහැ. එයා නම් කිව්වෙ තීරණය ඔයාගෙ කියලා විතරයි. ඒත් එයා මගෙන් ඇහුවා එතකොට වයසට ගියහම බලා ගන්නෙ කවුද කියලා. එතන්දි මම එයාට කිව්වෙ ළමයෙක් අරන් හදා ගන්නවා කියන එක. එයා අහිංසක විදිහට හිනා වෙලා එතනින් ගියා.

මගේ අම්මත් තාත්තත් මහා ලොකු සල්ලි කාරයො නෙවෙයි. මට විතරක් නෙවෙයි. පිරිමි ළමයින්ම කීප දෙනෙකුට උගන්නන්න එයාලා වින්ද අමාරුකම් මම හොඳින් දන්නවා. ඒත් එයාලා ඒකට ගාස්තුව විදිහට අපෙන් ඉල්ලුවෙ ලොකු රස්සාවක් කරලා ලස්සන ලේලියක් ගෙනත් ළමයි හදන එක නෙවෙයි. උගත්කමයි හැදියාවයි තියාගෙන හොඳ රස්සාවක් කරලා හොඳ තැනකට එන එක. අම්මා කිව්වෙ නම් එහෙමයි.

අගය කරන්න ඕනෙ දෙයක් තමයි, අම්මා තාත්තා කවදාකවත් අපිට කිසිම දේකදි බල කරලා නැහැ මේ දේ කරන්න කියලා. මගෙ ලොකු අයියා කසාද බඳිනකොට වුණත් ඒක එයාගෙ කැමැත්තට කරගන්න එයාලා ඉඩ දුන්නා. දැන් වුණත් කසාදයක්, වෙන දෙයක් ගැන අපේ ඔළුවලට දාලා ඒක ගැන පීඩනයක් ඇති කරන්න නම් එයාල කටයුතු කරන්නෙ නැහැ. විශේෂයෙන්ම පරම්පරාව ඉස්සරහට ගෙනියන්න ඕනෙ කියන ගොන් අදහස නම් ඇත්තෙන්ම එයාලා ළඟ නැහැ කියන එක ගැන නම් මට සතු‍ටුයි.

තරහා ගිය වෙලාවට යකා වුණාට ඇත්තෙන්ම මගෙ අම්මා අහිංසකයි. තාත්තා වුණත් හරිම වස වුණත් එයත් එහෙමයි කියලා මට හිතෙනවා. සමලිංගිකත්වය වගේ දෙයක් ගැන එයාල නම් කීයටවත් හිතලවත් නැතුව ඇති.

කසාදයට මගේ අකමැත්තක් නම් ඇති වුණේ මට ගැහැණු ළමයි ගැන තියෙන අකමැත්තක් නිසා නෙවෙයි. මම ඒකෙන් අදහස් කළේ මම ඒ ගොල්ලො කෙරෙහි ලිංගිකව ආකර්ශණය වෙනවා කියන එක නෙවෙයි. ඇත්තටම මේ තාක් කාලයකට එහෙම වෙලා නැහැ. මට බොහොම හොඳ ගැහැණු යහළුවන් කිහිප දෙනෙක් ඉන්නවා. නමුත් ඇත්තෙන්ම ඒ අය ගැන ආදරයක් හිතන්න නම් මට පුළුවන් කමක් ලැබුණේ නැහැ. අර උඩින් කියලා තිබුණා වගේ, මටත් ඕන වුණේ නැහැ මගෙ හිතේ නොතිබෙන ආදරයක් බොරුවට පෙන්නලා මගේ ජීවිතේ බෙදාගන්න මගෙත් එක්ක මුළු හදවතින්ම එකතු වෙන ඒ කාන්තා ජීවිතය විනාශ කරන්න. අන්තිමේදි එතනින් තවත් ජීවිතයක් නාස්ති වෙනවා. ඒ මගේ දරුවා.

කොහොමහරි මේ වෙනකොටත් මම නම් මගේ නිදහස් අදහස ප්‍රකාශ කරලා ඉවරයි රස්සාවක් හම්බවුණහම මම නම් වෙනම ගෙදරක් හදාගෙන ජීවත් වෙනවා කියන එක ගැන. ඇයි කියලා කියන්න මම දන්නෙ නැහැ. අම්මා නම් ඒක උඩින්ම අගය කළා. මම යනවා කියන එකෙන් අදහස් කළේ අම්මා ගැන තාත්තා ගැන මගෙ තියෙන වගකීම් යුතුකම් අත අරිනවා කියන එක නම් නෙවෙයි.

ඉගෙන ගන්න අතින් මට නම් කිසිම දුකක් නැහැ ආපහු හැරිලා බලනකොට. O/L, A/L පාස් වෙන්න පුළුවන් උපරිම විදිහට පාස් වුණා. ඒ අතින් නම් මට ගොඩක් සතු‍ටුයි.

ඒත් අද වෙනකනුත් මම දුක් වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි මට මගේ පාසල් ජීවිතය මේකයි කියලා කියන්න කිසිම මතකයක් නැහැ. ගහගෙන නැහැ. ෆුට් බෝඩ් ගිහින් නැහැ. ඉස්කෝලෙන් පැනලා නැහැ. කෙල්ලෙක් එක්කවත් කොල්ලෙක් එක්කවත් යාළු වෙලා බූට් කාලා ඉගෙනීම කඩා ගෙන නැහැ. කැලෑ වල පැනලා නැහැ ඒ හැමදාම ඉස්කෝලෙ යන්න කලින් අම්මා මගෙන් ඒ දේවල් ඉල්ලන නිසා. ඒ මගේම හොඳට කියලා හිතනකොටත් මට සමහර වෙලාවට නම් සතු‍ටුයි.

නමුත් මට නම් ලොකු විශ්වාසයක් තියෙනවා, මගේ සතුට කියලා කිය කිය එයාලගෙ අරමුණු ඉ‍ටු කර ගන්න කවදාවත් බඳින්න කියලා නම් මගේ දෙමවුපියො මගෙන් ඉල්ලන්නෙ නැහැ කියලා. සමලිංගිකත්වය ගැන තේරුම් ගත්තෙ නැති වුණත් අපේ අනිත් හැඟීම් ගැන නම් මගෙ අම්මයි තාත්තයි නම් තේරුම් අරගෙන තියෙනවා.

මම මේ කිව්වෙ මගේ පසුබිම. අවුරුදු 20යි, පොඩි  එකෙක්නෙ කියලා මේ දේ ප්‍රතික්ෂේප කරනවද කියන එක නම් කියවන පුද්ගලයාට බාරයි. ( මම මේ අදහස කිව්වෙ චැට් එකේදි එක පුද්ගලයෙක් මම කියපු දෙයක් මගෙ වයස් තරාතිරම මත නොපිළිගත් නිසා.) මම කළේ මේ සමාජයේම තියෙන එක් පවුල් පසුබිමක තත්ත්වයක් ගෙන හැර පෑමක් විතරයි.

මගේ ඇත්තම තත්ත්වය කියන්න පුළුවන් සහෝදරයෙක් වගේ හොඳම යාළුවෙක් නම් මට ඉන්නවා. ඒත් මගෙ යාළුවො බහුතරයගෙ අදහස සමලිංගිකත්වය ගැන මේකයි. මේ ඊයෙ රෑ මගෙත් මගේ එක්තරා ගැහැණු යහළුවෙකුත් අතර කෙටි පණිවුඩ හරහා ඇති වුණු සංවාදයක්. නිල් පාටින් මමත් රතු පාටින් එයාවත් දක්වන්නම්.

"මම ප්‍රශ්නයක් අහන්නද?"

"අහන්න."

"ඔයා බයෝ කරන නිසාමයි මම මේක අහන්නෙ. මම එක ආටිකල් එකක් කියෙව්වා. සමලිංගිකත්වය ගැන ඔයාගෙ නිදහස් අදහස මට කියන්න."

"අපෝ................. ඊක්කා. බ්ලෑක්කා... මට පෙන්නන්නම බැරි දේ. අනේ නවත්තගන්න."

"ඇයි ඔයා එහෙම කියන්නෙ. හේතු?"

"ඇයි අහන්නෙ? ඒක සදාචාර විරෝධී දෙයක්. අනික ඒක මානසික රෝගයක්. චිකේ."

"ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න නේද හදන්නෙ. අනිද්දා A/L ලියනවා නේද? හැමෝම මේ වෙනකොට පිළි අරන් ඉවරයි ඒක මානසික ලෙඩක් නෙවෙයි කියලා. අනික ඔයා සදාචාර විරෝධි කියන්නෙ මොකක්ද? කෙල්ලෙක්ට කොල්ලෙක් ඕනෙ නැති දේවල් කිරීමත් සදාචාර විරෝධියි නෙ."


"අනේ මන්දා. ඔයාට පිස්සු. මම නම් දන්නෙ නැහැ ඔය ගැන. මොකද මම ඔය ගැන එච්චර හොයලා නැහැ."

"ඒත් මට දැන ගන්න ඕනෙ. ඔයා ඇත්තටම මෙහෙම කියනවා නම් සමලිංගිකත්වය කියලා ඔයා හඳුන්වන්නෙ මොකක්ද?"


"මම දන්නෙ නැහැ. මට ඔයාට කියන පුළුවන් සීමාව ඔච්චරයි. ඔයා කෙල්ලෙක් වුණා නම් ඔයිට වඩා දේවල් අපිට කතා කරන්න තිබුණා."


මේ තියෙන්නෙ එයාගෙම වචන. මේ ඉන්නෙ අපේ ශ්‍රී ලංකාවෙ අනාගත වෛද්‍යවරියක් වෙන්න ඉන්න කෙනෙක්. තව ඉස්සරහදි මම එයාගෙ නොදැනුවත්කම පෙන්නලා දෙනකොට එයා ලස්සනට ලිස්සලා ගියෙ එහෙමයි. මට ඕනම උදව්වක් කරලා දෙන්නම් කියපු මගේ මේ යාළුවා මම සමලිංගිකයෙක් කියලා දැනගත්තොත් මොනවා වෙයිද?

මේ තියෙන්නෙ මීට අවුරුදු එකහමාරකට පමණ කළින් මමත් මේ මම ඉහතින් කිව්ව කෙනාගෙ හොඳම මිතුරියත් අතර වුණු සංවාදයක්. පෙර පරිදිම මම නිල් පාටින් දක්වන්නම්.

"මාර වැඩේනෙ වුණේ?"

"ඇයි?"

"මගෙ FB එකට රික්වෙස්ට් එකක් ආවා කෙල්ලෙක්ගෙන්. අමෙරිකාවල පදිංචි කෙනෙක්. මගෙ cousin අයියා ගෙ යාළුවෙක්ගෙ යාළුවෙක්. ඒ කෙල්ලට මගෙත් එක්ක අෆෙයාර් එකක් ගෙනියන්න ඕනෙලු."

"සොරි. මට පැහැදිලි මදි."

"එයාට මාත් එක්ක යාළු වෙන්න ඕනෙලු අනේ. තේරෙන්නෙ නැද්ද
මම කියන දේ."

"අහා.. ඉතින්?"

"මම එයාව බ්ලොක් කළා ඒත් මහ වධයක් වෙලා තියෙන්නෙ දැන්. මම කැමති නැහැනෙ."

"ඉතින් ඕකෙ වැ‍රැද්දක් නැහැනෙ. එයා ඉල්ලනෙත් ආදරයක්නෙ. ඔයා අකමැති නම් ඒක කියන්න. බලෙන් මුකුත් කරන්න බැහැනෙ."


"ඔව්. මම එයාට කියනවා. එයා ඉන්නෙ අමෙරිකාවෙනෙ. ඒ නිසා අවුලක් නැහැ. එහෙනම් ඕක නෝමල්."


බලන්න එයා කියපු කතාව. එයා නම් පිළිගත්තා මේ ගැන යම් තාක් දුරකට හරි. හොඳම යාළුවො වුණත් කෙල්ලො දෙන්නා එකිනෙකාට කතා නොකරන දේවල් මාත් එක්ක මෙසේජ් කරලා කියනවා. දෙන්නම දන්නෙ නැහැ මේ දේවල් ගැන දෙන්නා හිතන්නෙ මොන විදිහකටද කියලා.

මගේ එක්තරා කාලයක් හොඳම යාළුවා වෙලා හිටපු පුද්ගලගෙන් මේක අහන්න හදනකොටම,

"මේ මේ. අනේ ඔය බම්බුව නවත්තගනින්. වෙන ඕන දෙයක්."

කතාව එතනින් ඉවරයි.

මගේ දැන් හොඳම යාළුවා ගැන කියනවා නම් මම ඌ ගැන ටෙස්ට් කළේ වෙනම විදිහකට. මම සමලිංගිකත්වයට බනිනකොට ඌ මට බැන්නා. ඌ සමලිංගිකයෙක් නෙවෙයි කියලා නම් මට හොඳටම පැහැදිලියි. මොකද ඊයෙ රෑත් ඌ මට කතා කළා කෙල්ලෙක් පස්සෙන් යනවා කියන්න. කොහොමහරි ඌ අන්තිමට කිව්වෙ සමලිංගිකත්වය ගැන අපි කතා කරනකොට නම්,

"උඹ දන්න මගුල. gay එවුන් ඕන තරම් ඔය ගෙවල් හදන් එකට ඉන්නෙ"  කියලා.

මම මේ කොටසත් එකතු කළේ මතක් වුණ නිසා. නොගැලපීමක් තිබුණොත් සමාවෙන්න.

මට කියන්න ඕන වුණේ අපි සමහර වෙලේට දෙයක් දිහා අනික් අය බලයි  කියල හිතන විදිහටම එයාල ඒ දේ දිහා බලන්නෙ නැහැ කියන එක කියන්න. මම ඇත්තෙන්ම හිතුවා බයෝ කරන නිසා මගෙ යාළුවා සමලිංගිකත්වය ගැන හොඳ සාධාරණ විදිහකට බලයි කියලා. ඒත් ඒක වුණේ නැහැ. මම හිතුවා මගෙ හොඳම යාළුවා කෙල්ලො පිස්සෙක් නිසා එයා සමලිංගිකත්වයට අකමැතියි කියලා. ඒත් ඒක එහෙම වුණේ නැහැ. සමලිංගිකත්වය නෙවෙයි විෂමලිගිකත්වය ගැනත් මගෙත් එක්ක බොහොම අඩුවෙන් කතා කරලා තිබුණු මගෙ යාළුවා අමෙරිකන් අකල්පය ගැන තරමක් සාධාරණ විදිහට බැලුවා. සමහරවිට අපේ දෙමව්පියොත් එහෙම බලන්න බැරිද? අපේ තාත්තගෙ කෙසේ වෙතත් අම්මාගෙ හැසිරීම ගැන හිතනකොට නම් මට එහෙම හිතෙනවා. සමහරවිට මට තියෙන ආදරේට මගේ යහපත වෙනුවෙන් මාව පිළිගන්න එයා උත්සාහ දරාවි. නමුත් හොඳම දේ නම් මේ දේ හංඟන එක කියලා මට හිතෙනවා.



මේ වගේ දෙයක් අපිත් එක්ක සාකච්ඡා කළාට ප්‍රභාශ් අයියාට ගොඩාක් ස්තූතියි.

descriptionRe: සමරිසිබව, සමාජය හා පවුල් සම්බන්ධතා.

more_horiz
ජිත් ගේ කථාවට මමත් පොඩ්ඩක් ඇඩ් කරන්නම්.
ඒ මම මගේ කැම්පස් එකේ හොඳම යාළුවෝ දෙන්නට මම සමලිංගිකයි කියල කීව විදිය.  මම කලේ ටිකින් ටික සමහර සීරියස් ටොපික් මැද්දේ සමලිංගිකත්වය ගැන සාකච්ඡාකල එක. කාලයක් ගියාට පස්සෙ මම සමලිංගිකයෙක් කියන එක උන්ට කියන්න මට පුළුවන් වුණා. ඒත් ඒකෙන් අපේ සහෝදරකම් නැති උනේ නැහැ. මට මතකයි හැමදාම උදේට හවසට මාව හග් කරන මගේ යාළුවා, මම සමලිංගික බව දැන ගත්තට පස්සේ මම ඌව හග් කලේ නැහැ.  එදා මට ඌ හොඳටම බැන්නා. මම සමලිංගික කියන දේ උට ප්‍රශ්නයක් නොවෙන බව කියලා.
මගේ පොඩි කාලෙ ඉඳන් හොඳම යාළුවා සමලිංගික භීතිකාවෙන් පෙළුන කෙනෙක්. එයාට මම සමලිංගිකත්වය සාමන්‍ය දෙයක් බව තේරුම් කරල දුන්නේ කතන්දර වලින්. කොහොම හරි ඩයල් එකත් දැන් නෝර්මල්.

descriptionRe: සමරිසිබව, සමාජය හා පවුල් සම්බන්ධතා.

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum