Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2334 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2376
GetReal Gold : 10038
Member Since : 2013-01-29

කනගාටුවෙන් ලියමි. Empty කනගාටුවෙන් ලියමි.

on 2014-06-02, 12:06 pm
Message reputation : 100% (7 votes)
පහුගිය සති කීපයෙම එකවගේ සිදුවුනු සිදුවීම් කීපයක් නිසා අපේ උන් විතරක් ඉන්න තැනක වචන කීපයක් ලියන්න හිතුවා.

අපි සමරිසි. දන්න විදියටම කිව්වොත් gay.

ඒක වැරැද්දක් ලැජ්ජවක් නෙවෙයි, ඒත් සිංහල සමාජයේ බහුතරය තාම පිලිගන්නෙ නෑ.

ඒනිසා අපිටත් සැලකිලිමත් වෙන්නවෙනවා සමාජයේ හැසිරීමෙදි.
අපේ ආදරයට ලිංගිකත්වයට බාදා තියන නිසා.

ඒවගේම අපි කවුරුත් සුලුවෙන් හටි උත්සාහ කරන දෙයක් තමයි අපේ ඇත්ත තත්වය සමාජයට ඒත්තු ගන්නන්න. සමරිසි කියනදේ මොකක්ද කියල මිනිස්සුන්ට තේරුම් කරන ඒක.

ඒක ලේසි නෑ. සමජ මත්වාදයක් දවසින් හොඩ නගන්න බෑ.

ඒත් 

අපේම සමහරු එලිපිටම මූනුපොත හරහා සමරිසි නොවන උන් සමගින් ලිංගික ක්‍රියවන්ට ආරාදනය කිරීම ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.

විශම ලිංගිකයන් ඒ හරහා සමස්ත සමරිසි ප්‍රජාවම අපහාසයට ලක් කිරීම සිදුවෙනවා.

පසුගිය දින කීපයේම මගේ මිතුරන් ඔවුන්ට සිදුවූ අත් දැකීම කිව්වා.අයෙක් පොස්ටරයක් සාදා අමුනා තිබුනා.
ඔවුන් මා සමරිසි බව නොදාන්න නමුත්,
මට මා ගැනත් මිනිඩුන් මේ අයුරින් සිතනවා නේද යන හැගීම ඇතිවුනා.

ඇත්තටම අපි කස්ටත් ලිංගික ආශවන් තියනවා.
ඒත් මීටවඩා සාදාරන ලස්සන විදියකට සබදතා ගොඩනගා ගන්න පුලුවන් නේද?

සමාජයේ කීපදෙන්කු කරන ක්‍රියා නිසා සමරිසි සියල්ලන් නපුන්සකයන්, ලොල්ලන් හා කොලුකාරයන් යන අමන ආකරයේ අපහාස විදීම සාදාරනද?

මම කිසිවිටක සමරිසි සොයුරෙකුට අපහාස කිරීම හෝ ඊට ඉඩදීමට අවස්තාවක් නොද්‍ර්මි.

එහෙත් මෙවනි දේ සිදුකිරීමෙන් අපි අපගේ සමාජයීය පිලිගැනීම තවත් වනසා ගන්නවා නොවේද?

කිවයුතු බොහෝදේ ඇතත් ගලපා ගැනීමට අපහසුයි.

මේ දේවල් මේ අයුරින් නොවෙනවා නම් ගොඩ්ඩාක් හොදයි නේද?

මා පවසුවේ facebook වලට අදාලව මගේ මිතුරන් මාහා කල සංවාද කීපයක ඇත්දෑකීමෙන්.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 10156
Member Since : 2013-01-26

කනගාටුවෙන් ලියමි. Empty Re: කනගාටුවෙන් ලියමි.

on 2014-06-04, 7:32 am
Message reputation : 100% (1 vote)
Damn true
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 8584
Member Since : 2013-07-29

කනගාටුවෙන් ලියමි. Empty Re: කනගාටුවෙන් ලියමි.

on 2014-06-05, 10:55 am
Message reputation : 100% (1 vote)
100% eththa
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 410
GetReal Gold : 5644
Member Since : 2013-08-09

කනගාටුවෙන් ලියමි. Empty Re: කනගාටුවෙන් ලියමි.

on 2014-06-07, 5:39 pm
Message reputation : 100% (5 votes)
සහන් කියන කතාව හරියටම හරි. ඔය හැසිරීම තමයි සියල්ලම වගේ කරල තියෙන ලොකුම වැරැදද්ද ගේ හෝ බයි කෙනෙක් එක්ක ලිංගික සඹදතා පැවැත් වීමට කොතෙකුත් ක්‍රම තියෙද්දිත් එසේ නොවන අයට කරන එවැනි යොජනා සමාජය තුල විවධ අප්‍රසන්න, අපහාසාත්මක සිදුවීම් හා අත්දැකීම් කරා අපව පොළඹවන්න හේතු වෙන බවට මටත් අත්දැකීම් තිබෙනවා. ඒ වගේම මම නිතරම යෝජනා කරන දෙයක් තමයි තමන්ගෙ යථා ස්වභාවය හැකිතාක් අවට සමාජයට දැනගන්නට සැලැස්වීම ඉතාම සුදුසු දෙයක් බව. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක අපහාසය ඉල්ලගෙන කෑමක් කියල. නමුත් අනිත් අයට තේරුම් ගන්න අවස්ථාවක් නොදී එවැනි පූර්ව නිගමන වල සිටිම්න් තමන් පිලිබදව නිවැරදි චිත්‍රයක් සමාජයට නොදීම ඔස්සේ සිදුවන්නේ ඔබේ සැබෑව මතුපිටට පැමිනි යම්කිසි අවස්ථාවක එවැනි, විටෙක ඊටත් වඩා බරපතල අපහාසයන්ට අනිවාර්යෙන් ගොදුරුවීමටයි. අනිත් අතට අවට සමාජයට මේ තත්වය සාමාන්‍ය කරනයක් බවට පත් කලහැකි වන්නේත් එය සගවාගෙන සිටීමෙන් නම් නොවෙයි.

කොහොම වුනත් අපේ වල අපිම කපාගන්න බවක් තමයි මේ වගේ කාරණා නිසා පෙනී යන්න‍ෙ. ඉවරයක් නැතිව වටේ යෑමත් ඇත්තටම ගේ අයගෙ වැඩියි. මට ඉන්න සමලිංගික සහ එසේ නොවන සමකාලීන මිතුරන් සියල්ලම අතරින් සමලිංගික මිතුරන් 4 දෙනාම වයස අවුරුදු 18 වෙද්දි ලබල තියෙන ලිංගික අත්දැකීම් ප්‍රමාණය අනිත් සියලුම දෙනාට වැඩිය ඉතාම ඉහළයි. (මම පවා) වයස 21 වෙද්දි මම ලිංගිකව එකතු වෙච්ච පිරිමි ගණන 86ක්. ඒ කියන්නෙ අර ගොඩට මමත් අයිතියි. අැත්තටම ඔබ විශ්වාස කරනවද ඒ වයයස වෙද්දි වෙනත් පිරිමි ළමයෙක් ඒ තරම් ගැහැනු ළමයි පිරිසක් සමග ලිංගිකව එකතු වෙලා ඇති කියල. ඒ අතින් ගත්තම අපි ගැන සමාජයේ තිබෙන චිත්‍රය අපිම ඇදපු එකක් කියල කිව්වත් වරදක් නැහැ. (දැන් ඉතින් සමහරු කියාවි උඹ අසූ ගානක් එක්ක කොටු පැන්නට අපි නම් එහෙම නෑ කියල. ඉතින් එහෙම වෙන්නත් පුලුවන්).

මේ පිණිවිඩය සමාජයට ගෙනියන්න හොදම මාර්ගයක් තමයි ෆේස් බුක්. කොල්ලෙක් හොයා ගන්න ඒක පාවිච්චි කරනවා වගේම යම් යම් වැරද නිවැරදි කරගන්නත් මෙවැනි පණිවුඩ සමාජ ගත කරන්නත් ෆේස් බුක් යොදාගන්න පුලුවන්.
Sponsored content

කනගාටුවෙන් ලියමි. Empty Re: කනගාටුවෙන් ලියමි.

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum