Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11075
Member Since : 2013-02-06

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග Empty ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග

2014-07-11, 1:19 pm
Message reputation : 100% (6 votes)
"අනාරක්ෂිත ලිංගික ඇසුරක් මගින් ආසදිතයෙකුගෙන් නිරෝගී කෙනෙකුට බෝවන රෝග ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයි"




ලිංගාශ්‍රිත රෝග වල බලපෑම
1.වද භාවයට පත් වීම- සුදු බිංදුම, ක්ලැමිඩියාව
2.හෘදය, මොළය හා ස්නායු පද්ධතිය ආශ්‍රිත බලපෑම- උපදංශය
3.රෝග ලක්ෂණ නැවත නැවත මතුවීම- ලිංගික ඉන්නන්
4.ගර්භණී කාලයේ මවගෙන් දරුවාට බෝවීම- උපදංශය
5.ප්‍රසූතියේදී මවගෙන් දරුවාට- සුදු බිංදුම



ලිංගාශ්‍රිත රෝග වැලදිමේ අවදානම් ලිංගික චර්යා
1.නිතරම ලිංගික සහකරු/ සහකාරිය මාරු කිරීම
2.ලිංගික වෘත්තිකයන් ඇසුර (ගැහැණු හෝ පිරිමි )



රෝග ලක්ෂණ
[You must be registered and logged in to see this image.]
හර්පීස් රෝග ලක්ෂණ
[You must be registered and logged in to see this image.]
ක්ලැමිඩියා රෝග ලක්ෂණ
[You must be registered and logged in to see this image.]
කැන්ඩිඩා රෝග ලක්ෂණ


රුධිර පරික්ෂාවක් මගින් ඉහත රෝග පහසුවෙන් හදුනා ගත හැක






ප්‍රබලතම ලිංගික සම්ප්‍රේෂණ රෝගයක් වන HIV AIDS
[You must be registered and logged in to see this image.]
HIV වෛරසය ශරීරයේ ප්‍රතිදේහ නිපදවීම අඩාල කරවයි. AIDSයනු  HIVවෛරසය මගින් ප්‍රතිදේහ නිපදවීම අඩාල කිරීම නිසා පහසුවෙන් රෝග වලට ගොදුරුවීමේ රෝගයයි.
පොදුවේ මෙය HIV AIDS ලෙස ව්‍යවාහර කරයි


HIV AIDS බෝවන ආකාර
HIV AIDSආසාදිතයකු සමග අනාරක්ෂිතව ලිංගික සබදතා පැවැත්වීම න්සා ආසාදිතයාගේ රුධිරය, ශුක්‍ර වැනි තරල තමාගේ ශරීරගත වීම මගින් රෝගය බෝවේ.


HIV AIDS වලින් වැළකීමට
නිරතුරුව එක් විශ්වාසවන්ත සහාකරුවෙකු සමග පමණක් ලිංගික සබදතා පැවැත්වීම සහ එසේ නොමැති විටකදී
කොන්ඩම් භාවිතය


HIV AIDS ඔබට වැළදී ඇත්දැයි දැනගන්නේ කෙසේද?
රුධිර පරික්ෂාවක් මගින් රෝගය වැලදී ඇත්දැයි දැනගත හැක. නමුත් වෛරසය ශරීර ගතවී මස තුනක් යන තුරු  රෝගය හදුනාගත නොහැක. මෙය කවුළු සමය ලෙස හැදින්වේ.


රුධිර පරික්ෂාව සිදු කර ගත හැකි ස්ථාන


මධ්‍යම සායනය- ද සේරම් පෙදෙස කොළඹ10
ගම්පහ 033-2234383
රාගම 011-2960224
කලුබෝවිල 011-24200898
මාතර 041-2222261
මහමෝදර 091-2234951
මහනුවර 081- 2203622
අනුරාධපුර 025-2222261
නුවර එළිය 052-2234393
මන්නාරම 023-2250573
යාපනය 021-2222245
රත්නපුර 045-222261

HIVරෝගය නිට්ටාවටම සුව කළ නොහැක ඒ බැවින් ඉන් වැලකීම ගත හැකි හොදම ක්‍රියාමාර්ගයයි



මූලාශ්‍ර: ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන
සටහන: සංකේත් බණ්ඩාර
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum