Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2244 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share
Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6912
Member Since : 2013-08-11

කඳුලක් ඇවිදින්

on 2014-07-11, 11:17 pm
Message reputation : 100% (4 votes)
කඳුලක් ඇවිදින් සුසුමක් සමඟින්
පිටවී යන්නට හැදුවත් නෙතකින්
පිවිතුරු පෙමකින් ඉපදුණු දුකකින්
වෙන්වී යන්නට හැකිදෝ මතකින්..

නෙතකින් නෙතකට පැවසූ රහසක
ගොළුවී තිබුණා දෙසිතක සෙනෙහස
ලොව ගොළු වූදා හද දොඩමලු වී
ලොවකට හඬගා පවසනු කෙලෙසක..

දෙතොලක් කොපුලන තැවරූ සුවඳට
යළිත් ඉඩක් නැත තුරුලට එන්නට
සුළඟේ දස අත පාවී ගියදෙන්
ලොවකට බෑ ඒ සුවඳ නසන්නට...
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2368
GetReal Gold : 9849
Member Since : 2013-01-29

Re: කඳුලක් ඇවිදින්

on 2014-07-12, 4:29 pm
Message reputation : 100% (2 votes)
පෙම්බර සිත මත
සුන්දර සිතුවිලි,
ඉකිබිද හැඩුවා
වියැකුනදා. . .

නෙත් අග රහසින් 
තෙපලූ දෙබසින්
අද මා ගොලුවී
ලොව දෙඩුවා. . .

දෙතොලක උනුසුම
කෙලෙස විදින්නද
සුවඳත් නුඹ
ගෙන ගිය හන්දා. . .
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 8404
Member Since : 2013-07-29

Re: කඳුලක් ඇවිදින්

on 2014-07-12, 9:47 pm
pride  pride  pride  pride  pride
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6912
Member Since : 2013-08-11

Re: කඳුලක් ඇවිදින්

on 2014-07-12, 11:08 pm
Message reputation : 100% (1 vote)
ලස්සන උත්තරයක් සහන්...
J.rishan
J.rishan
Regular Member
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 39
GetReal Gold : 720
Member Since : 2018-05-13

Re: කඳුලක් ඇවිදින්

on 2018-06-04, 12:05 am
සිනහව බෙදමින් සතුට පුරවමින්
හිමින් හිමින් ඔබ ලං වූයේ
හිතම රිදවමින් කදුලු පුරවමින්
කෙලෙසද ඔබ මා හැරදාගියේ...
සොයනෙමි ඔබ රුව දෙනෙතින් සැමතැන
වැලපෙයි දෙසවන් අසනට ඔය හඩ
ලය හිරිවට්ටන ඔය මුතු සිනහව
පෙන්වා යන්නට යලි ඔබ එනවද....
ඉන්නා තැනකින් නැවතත් එන්නකෝ
පතනෙමි මා ඔබ යලි දකිනු අරා
ඔබ නැති ලෝකයේ පාලුව රජයයි
ඔබගේ මල්ලියා තනිවීලා...


I miss you soo much ayye,,,,ඇයි නොකියාම යන්න ගියේ,ඔයාව ගොඩාක් මතක් වෙනවා...හරි පාලුයි ඔයා නැතුව මගෙ අයියේ...
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 194
GetReal Gold : 2312
Member Since : 2016-06-30

Re: කඳුලක් ඇවිදින්

on 2018-06-04, 9:45 am
සිනා සුනත් ඔබ ,හදින් හඩන්න ඇති
කදුලු වලින් නෙතු හොරෙන් තෙමන්න ඇති
අපිට උරුම මේ ලෝකය තුල අප, දහස් වරක් මැරි මැරි ඉපදෙන්න ඇති
මෙතේබුදුන් දැක නිවන් දකින්නට
පතමින් මම දුක, නිවනු ඇති


IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 498
GetReal Gold : 2700
Member Since : 2016-07-07

Re: කඳුලක් ඇවිදින්

on 2018-06-05, 7:59 pm
Oshada aiyata anthimata dapu msg eka send wela witharai. Eka kawadawath seen wenneth nathi wei.  cry cry
Sponsored content

Re: කඳුලක් ඇවිදින්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum