Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4081 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
vasantha
vasantha
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 7952
Member Since : 2013-10-06

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty ඇයි මෙහෙම වෙන්නෙ????

2014-07-27, 11:22 pm
ගේ කපල් එකක් නිදහසේ තමන්ගේ සතුට විඳින එක වරදක්ද. පොලිසියට අල්ලලා දෙන්න තරම්?? ලංකාව මෙච්චර පසුගාමී චින්තනයක් තියෙන රටක්ද?
[You must be registered and logged in to see this link.]
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-07-28, 7:06 am
Message reputation : 100% (6 votes)
මේ අද්‍යාපනය ක්‍රමයත් එක්ක ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය පසුගාමු කරවල තියනවා.
ඒත් මිනිස්සු දැන් සමලිංගිකත්වය ගැන දැනුවත් වෙමින් ඉන්නවා.

අනික් දේ තමයි ප්‍රවුර්තිය පලවෙලා තියන විදියෙන් පේන්නේ මේ දෙන්නා ලිංහික ක්‍රියා ප්‍රසිද්දියේ සමහරු දැකපු බව.

සමලිංගික සේවනය නීතියෙන් තහනම් රටක ඒ වගේ මෝඩ විදියට හැසිරීම ගැන කනගාටුවෙන්න ඕන.

අපි මොනව කරත් රටේ නීතිය ඒක.
ඒත් ඕක ලෙස්බියන්ලට ක්‍රියත්මක වෙන්නෙ අඩුවෙන්.
ලෙස්බියන්ලා ගැන, ඔවුන් එකට ජීවත් වෙන හැටි ගැන මම පත්තරේ ආර්ටිකල් කියවල තියනවා

රටේ උන් හදන්න කලින් අපි හැදෙන්න ඕනනේ.
මිනිස්සුන්ට මේ අයගේ චර්‍යාවන් එපා වෙන්නත් ඔවුන්ගේම වරදින්, අපිලංකාවේ නිසා ඇමරිකාවේ විදියට ජීවත් වෙන්න යන්න හොදනෑ.
  ඔවුන්ගෙ ලික්ගික එක්විම් ගැන ඡයාරූප තිබිමත් ලොකු ප්‍රශ්නයක්නේ.
අපේ අරක්ශාව ගැන අපි හිතන්න ඔන.

මොනව උනත් උන් දෙන්නා ගැන කනගාටුයි ගොඩක්.

සමලිංගිකත්වය ගැන මහලොකුවට කියවන කොන්ඩම් බෙද බෙදා යන් අමන ngo පරයෝ මේවට කතාකරන්නෙ නෑ.
උන් වැඩ කරන්නෙ සල්ලි වලට නිසා.

අපිට උන් වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව ඒත්, අපිටත් තාම ඒ හැටි හයියක් නෑනේ.
vasantha
vasantha
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 7952
Member Since : 2013-10-06

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-07-28, 7:58 am
Message reputation : 100% (3 votes)
ඒත් මේකෙ ප්‍රසිද්ධව ලිංගිකව හැසිරුණා කියලා දාලා නැහැනෙ. එච්චර මෝඩයො වෙන්න විදිහක් නැහැ. මටනම් හිතෙන්නෙ මුන් දෙන්නා පාළු තැනක එකට ඉද්දි kiss කරද්දි වගේ, හොරෙන් photo ගහලා කියලයි. සමලිංගික සේවනයේ යෙදෙන ඡායාරූප කියන්නේ ඕවා වෙන්නැති. නැතිනම් ඕකට ඇයි අවුරුදු 5ක් බලන් හිටියෙ.
Anonymous
Guest
Guest

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-07-28, 5:28 pm
ගේ කපල් එකක් නිදහසේ තමන්ගේ සතුට විඳින එක වරදක්ද. පොලිසියට අල්ලලා දෙන්න තරම්??  නැහැ 




ලංකාව මෙච්චර පසුගාමී චින්තනයක් තියෙන රටක්ද? ..........  මේකට උත්තරය මන් දෙන්නම් ... මන් අහන දේට උත්තරක් දෙන්න .... 




ඔයාගෙ ඉස්සර කවුරු හරි කැරපොත්තෙක්,තණකොළ පෙත්තෙක්,අඩුම ගානෙ ඔයා කල නැති , ඔයාට අප්පිරිය මොනවම හරි කනවා දැක්කොත් ඔයාට මක්ක හිතෙවිද ....


ඊයා මූ මොන තිරිසෙනෙක් දා .. මට හිතෙන සරලම උත්තරේ....


මන් දකින විදියට ලංකාව පසුඟමි නැහැ... හැම සරල මනුස්සයෙක්ම හිතන ක්‍රමයක් තියෙනවා .. එ සිතුවිල්ලට මුලික වෙච්ච කරුණු කිහිපයක්ම තියෙනවා..මුලිකම දේ තමන්ගේ ආගම... ලංකාවේ විතරක් නෙවෙයි ලොකෙ කොහෙ උනත්,තව පරිසරය මේ කියන ප්‍රධාන කරණා දෙක ඔස්සේ මිනිස්සු දෙවල් දකින්නේ අමුතුම විදියකට ... එකට අඩු ගානේ එ මනුස්සයට ඇගිල්ල දික් කරලවත් වැඩක් නැහැ.


මෙතනට සමලිංගිකත්වය ගාව ගන්න එපා.. හිතන්න පොය දවසට මස් උයන්න හොද නැහැ හැබැයි හාල්මැස්සො තෙල් දාලා කන්න හොදයි.මළු කන්න හොදයි.. 


වැඩිය ඔනි නැහැ අපේ සමහර අයියාලට .. සුද්දො,කලු සුද්දෝ කරන අහවල් එක විඩියෝ එකක් විදියට බලන්න හොදයි.......
හැබැයී අපේම කොල්ලෙක් එක්ක ඔන් ලයින් සකයිප් සෙක්ස් කැතයි අජුතයි .. එ මොකද ... එහෙම වෙන්න හෙතුව.. ස්කයිප් එකෙන් සෙක්ස් හොද නැහැ හැබැයි එ කොල්ලත් එක්ක එකට සෙක්ස් කරන්න හොදයි.(දැන් ඉතින් සමහරු කෑ ගහන්න එපා හොදේ .. කෑ ගහනවා නම් එවා වල වෙනසත් පොඩ්ක් කියලම කෑ ගහන්න)


කොක වෙතත් මට කියන්න ඔනි උනේ .. මේ හැමදෙයක්ම කියන්නේ අපේ වාසියට මිසක පසුගාමිත්වයට නම් නෙවෙයි.. මම සමලිංගිකයෙක් නිසා එකේ මන් වරදක් දකින්නේ නැහැ හැබැයි කැරපොත්තො , තණකොල පෙත්තෝ කන මිනිස්සු දිහා මන් බලන්නේ ටිකක් අප්පිරියාවේන් .. එ මොකද කියලා කියන්න ඔනි නැහැ නේ . එකක් මන් එවා කන්නේ නැහැ අනික එ පිළිබද මගේ තියෙන අප්‍රසන්නබාවය ...... ඉතින් එ අපි හැමොම එකයි මන් දකින විදියට.එක කාගේ වැරැද්දක්ද කියලා නම් දන්නේ නැහැ
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8803
Member Since : 2013-10-18

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-07-28, 8:11 pm
Message reputation : 100% (4 votes)
මෙතනදී...................................මට නම් මුකුත් කියන්න අමාරුයි. එක දෘෂ්ටි කෝණයකින් බලනකොට වසන්ත අයියා හරි. අනික් එකෙන් බලනකොට සහන් අයියා හරි.

මෙතනදි වෙලා තියෙන්නෙ මොකක්ද?? වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් සරල උපකල්පන දෙකයි.

මිනිස්සුන්ට වදයක් වෙලා තියෙනවා නම්,

1. එක්කො ඒ දෙන්නා අර කියලා තියෙන විදිහට අමෙරිකන්කාරයො වගේ හැසිරෙන්න ඕනෙ හැම තැනම. හොඳයි අපි කියමු එතකොට ළමයින්ට ඒක නරක ආදර්ශයක් කියලා. (සමලිංගිකත්වය විතරක් නෙවෙයි. ඒ විදිහට හැසිරීම විෂම ලිංගිකයො අතින් වෙන්නත් පුළුවන්.)

2. මේ දෙන්නගෙ පුද්ගලික ජීවිතේට අහල පහළ උන් හොඳටම ඇඟිලි ගහලා. (මම කාලයක් ජීවත් වුණේ තරමක් නාගරීකරණයට ලක් වෙමින් පැවතුණු පැත්තක. මම හොඳින්ම දන්නවා ඒ වගේ පැත්තක මිනිස්සුන්ගෙ හැටි. පුද්ගලික ජීවිතයක් ගැන අපිට හිතන්න තරමක් අමාරුයි. මම මේ දැන් තාත්තගෙන් අහලා බලපු විදිහට අලවතුගොඩත් ඒ වගේලු.)

සරලවම බැලුවොත් වෙන්න පුළුවන් මේ දෙක විතරයි මට හිතෙන විදිහට නම්.

ආර්ටිකල් එකේ මේ දේවල් ගැන කිසිම සඳහනක් නෑහැනෙ. ඉතින් කොහොමද කියවන මිනිහෙක් හරි තීරණේකට එන්නෙ?

වෙලා තියෙන්නෙ පළවෙනී එක නම් මමත් සමලිංගිකයෙක් වුණත් ඒකට විරුද්ධයි. මමත් කියන්නෙ උන් දෙන්නා වැරදියි. ඒත් දෙවෙනි එක නම්??? දෙවෙනි එක නම් වෙලා තියෙන්නෙ, මේ වගේ ආර්ටිකල් එකක් ලිව්වම මිනිස්සු අතරට යන්නෙත් වැරදි ප්‍රවෘත්තියක් නෙ. එතකොට මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ලියපු මිනිහා ගැන නම් මගෙ හිතේ ඒ තරම් නෙවෙයි කොහොමටවත් පැහැදීමක් නැහැ.

මට නම් පේන්නෙ මෙතන තියෙන්නෙ සත්‍ය හා සාධාරණ තොරතුරු සන්නිවේදනය නොවීමක්.

මම මේ ලියපු ටික දිහා දෙවෙනි පාරටත් පොඩ්ඩක් බැලුවම ම්ම්.................මට මෙහෙමත් හිතෙනවා. ලංකාවෙ සමස්ත මිනිස්සුන්ගෙම අදහස් සහ ආකල්ප දිහා අලවතුගොඩටත් මේ ආර්ටිකල් එක ලියපු එකාටත් ගොනු කරලා ඒක දිහා බලන එක වැරදියි.
vasantha
vasantha
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 7952
Member Since : 2013-10-06

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-07-28, 9:54 pm
Message reputation : 100% (2 votes)
Nill Saliya:

ඔයාගෙ ඉස්සර කවුරු හරි කැරපොත්තෙක්,තණකොළ පෙත්තෙක්,අඩුම ගානෙ ඔයා කල නැති , ඔයාට අප්පිරිය මොනවම හරි කනවා දැක්කොත් ඔයාට මක්ක හිතෙවිද ....

ඔව් ඔයා හරි. එහෙම දැක්කොත් අප්පිරියා හිතෙනවා තමයි. ඒත් එහෙම අපිට අප්පිරියයි කියලා පොලිසියට කිව්වම පොලිසියෙන් අල්ලගන්නේ  නෑනෙ.පොලිසියෙන් උසාවියට යන්නෙ නෑනෙ. එතනයි රටේ වැරැද්ද. රටේ පසුගාමී චින්තනය. මේ කපල් එක හිරේට දැම්මොත් දඩ ගැහුවොත් ඒක අපිට ප්‍රශ්නයක් නෙමේද?
ලංකාව කොහොමත් රුසියාව, මුස්ලිම් රටවල්, චීනය යන පාරේ ඉන්නේ. ළගදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රුසියාව ගෙන ආපු සමලිංගික විරෝදී යෝජනාවට ලංකාවත් සහය පළකරලා.
[You must be registered and logged in to see this link.]
ඒ නිසා රුසියාවෙ වගේ ලංකාවෙ සමලිංගිකයින්ට තත්ත්වයක් ඇතිවුණොත් පුදුම වෙන්න දෙයක් නැහැ.

ලංකාව නීතියක් , ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රටක් නේ. මේ දෙක හරිගිය දාට අපට අපේ නිදහස නිකන්ම ලැබේවි.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-07-28, 10:53 pm
Message reputation : 100% (4 votes)
සිප ගැනීම් උනත් ලංකාවේ අනුමත දෙයක් නෙවෙයි ප්‍රසිද්දියේ සමලිංගික හෝ විශම ලිංගික දෙවිදියට. අපි දැනගන්න ඔන අපේ ආරක්ශාව ගැන.
මමත් ආසයි චූටි එක්ක බීච් එකේ එකලගින් තුරුල්වෙලා මූද දිහා බලන් ඉන්නා.
ආසාව තිබුනට ඒක ප්‍රායොගික නෑ.
අපේ අනාගතේ වෙනුවෙන් හිතලා අපි එහෙම ඉන්නේ වෙන කාටවත් නොපෙනෙන තැනක.
අනුන්ට ඇගිල්ල දික්කරන්නෙ නැතුව අපි හරියට හිටියොත් කාටවතපිට ගැටලු ඇති කරන්න බෑ.


මේ කොල්ලො දෙන්නා ඒ වැරැද්ද නොකරනම් මේ ගැටලුව අවම වෙනවා.
ජිත් කිඋවා වගේම මේදෙන්නගෙ ජීවිතේට ඕනවටත් වඩා ඇගිලිගහල තියනව තමා.
අපිට මිනිස්සු හදන්න බෑ.
මිනිස්සු හරි කැමතියි කාගේ හරි වැරැද්දකින් තමුන්ගේ කුනු වහගන්න.

ඉතිං ඇයි ඒවට ඉඩ දෙන්නෙ.
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9246
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-07-29, 9:45 pm
පළවෙනි එක​....මේක උගෙ මානසික තත්වෙ පෙන්නන්න දාපු ආර්ටිකල් එකක් මිසක් ඔය අලවතුගොඩ මිනිස්සු ගැන ලියපු එකක් නෙමෙ...මේ පරය කපුටු පිහාට්ට කපුටො හත කරල ලියල තියෙන්නෙ...නිව්ස් එකේ සයිස් එක දැක්කමම ඒක පේනවා....මොනා වුනත් මම උට සැලකියයුතු කමෙන්ට් එකක් දැම්ම​.. :)
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9246
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-07-29, 10:05 pm
Hopefully, Britain is waving rainbow..
[You must be registered and logged in to see this link.]
Speaking of which, ma religion stands for...
[You must be registered and logged in to see this link.][/url]
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-07-30, 8:51 pm
pride 
පරිනාමය වෙන්නේ හෙමින්.එකවර වෙන දේට කියන්නෙ විකෘතිය.
අපිත් හෙමිට මේ ගමන යමු. මිනිස්සු වෙනස් කරමු.

යුරෝපයට වඩා නිදහසක් බුක්තිවින්ද අපේ ගමන වෙනස් වුනේ යුරෝපිය යටත් විජිතවාදය නිසා.
අපේ උන් දේශියත්වයටත් යුරෝපයටත් දෙකටන නැති උන් උනා.
ඒකයි මේ වැරැද්ද. සේරම වෙනස් වෙයි.
හැබැයි හෙමීට.
avatar
Ranga3
Regular Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 90
GetReal Gold : 7570
Member Since : 2014-03-24

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-08-01, 6:48 am
Message reputation : 100% (3 votes)
මමත් වසන්ත කියපු දෙයට එකඟයි. ඔය කොල්ලෝ දෙන්න කොහෙහරි මුල්ලකට ගිහිල්ලා තමන්ගේ පාඩුවේ kiss එකක් එහෙම දෙන්න ඇති. දෙන්නා නිතරම එකට ගමන් යන නිසා අනිත් අයට ගොඩක් note වෙන්න ඇති. ඒවා තමයි ඔය අශෝභන ලෙස, "අස්වාභාවික" ලෙස හැසිරෙනවා කියලා තියෙන්නේ මම හිතන්නේ. මෙතනදී ඇත්තටම වෙලා තියෙන සිද්ධිය ගැන හරි අවබෝධයක් ගන්න බැහැ දාලා තියෙන කෙටි විස්තරය අනුව. නමුත් වාර්තාකරුගේ අරමුණ නම් pablicity දිය හැකි හොඳ කටගැස්මකට ගන්න පුළුවන් වෙන news 1ක් දැමීම කියලා නම් පැහැදිලියි. ලංකාවේ බටහිර රටක වගේ නිදහසේ හැසිරෙන්න බැරිබව අපේ අය හොඳාකාරවම දන්නවා. ඒක හරියට බෙල්ලේ වැල දාගන්නවා වගේ වැඩක් කියල. ලංකාවේ gay අය straight අයට වඩා තමුන්ගේ පෞද්ගලිකත්වය, රහස්‍යභාවය ගැන හිතන උදවිය කියලයි මට නම් හිතෙන්නේ. මොකද ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ ලිංගිකව හැසිරෙද්දී ගත්තු videos එගොල්ලොන්ව අදුනගන්න පුළුවන් විදිහට මුහුණුත් එක්ක ඕන තරම් internet එකේ තියෙද්දී ලංකාවේ gay කොල්ලෝ එහෙම හැසිරෙන videos අනන්‍යතාවය දැනගන්න පුළුවන් වෙන විදිහට internet එකේ දාලා තියෙනවා මම නම් දැකලා නැහැ (Indian/South Indianනම් ඕන තරම් තියෙනවා). 




Nil Saliya දාලා තියෙන comment එකේ කියල තියෙන සමහර දේවල් මේ news එකට කෙතරම් දුරකට ඍජුවම අදාළ වෙනවද කියලා මම දන්නේ නැහැ. තමුන්ගේ ඉස්සරහ කව්රුහරි තණකොළපෙත්තෙක් හරි, කරපොත්තෙක් හරි, වෙනත් ඕනම අප්පිරිය හිතෙන දෙයක් හරි කෑවොත් කරන්න තියෙන්නේ ඉතා සරල දෙයයි. එක්කෝ ඒ කෙනාට කියන්න ඕනේ කරුණාකරලා ඒක වෙන තැනකට ගිහින් කන්න කියලා, එහෙමත් නැත්තං තමුන් එතනින් අයින් වෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නේ ඉවරයි!




@Jith ; ලංකාවෙ සමස්ත මිනිස්සුන්ගෙම අදහස් සහ ආකල්ප දිහා අලවතුගොඩටත් මේ ආර්ටිකල් එක ලියපු එකාටත් ගොනු කරලා දකින එකේ කිසිම වැරද්දක් මම නම් දකින්නේ නැහැ. මොකද තලවතුගොඩ මනුස්සයගේත්, මේ artical එක ලියපු මනුස්සයගේත් දැක්ම නිරන්තරයෙන්ම ලංකාවේ බහුතර මතයේ නිසැක පිළිබිඹුවක්.




සහන්ගේ අන්තිම comment එකේ කියල තියෙන දෙයක් එක්කත් මං එකඟ වෙන්නේ නැහැ. යුරෝපයට වඩා වැඩි නිදහසක් අපි වින්දා හෝ නොවින්දා, යුරෝපීය යටත්විජිතකරණය නිසා අපේ රටේ ගොඩක් සංස්කෘතික, සාමාජයීය හා ආගමික බලපෑම් ඇති උනත් සමලිංගිකත්වය පිලිබඳව අපේ තිබුණු ආකල්පයේ ආයේ අමුතුවෙන් කිසිම වෙනසක් උනේ නැහැ කියලයි මම නම් කියන්නේ. අතීතයේත්, වර්තමානයේත් ලංකාවේ සමලිංගිකත්වය ගැන සුභවාදී ආකල්පයක් නෙමෙයි තිබිල තියෙන්නේ. ලංකාවේ ඉතිහාසයේ හෝ සාහිත්‍යය තුල හෝ සමරිසිකත්වය පිලිබඳ තොරතුරු පවා නොලැබෙන තරම්. ඒක නිසා අපේ තිබෙන සම්ප්‍රදායික ගතානුගතික දුර්මත වෙනස් කරනවා වෙනුවට වෙන වෙන අයට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ. එකත් හරියට අපේ රටේ ජාතික ප්‍රශ්නයට සුද්දට බැන බැන ඉන්නවා වගේ වැඩක්? අපේම සිංහල දෙමළ මිනිස්සු කරපු වැරදි වහගන්න තුන්වෙනි පාර්ශවයකට වැරැද්ද පටවනවා. ඒහෙම කරන එක ෂෝයි, පොඩි ආතල් එකකුත් හම්බෙනවා. හැබැයි අපි අපිම කරපු වැරදි පිළිගෙන ආවර්ජනයක යෙදිලා අවංකවම එකිනෙකාගෙන් සමාව ගන්නේ නැතිතාක් ඒ ප්‍රශ්නෙත් එහෙම්ම ම පවතිවී.




අන්තිමට කියන්න තියෙන්නේ මමත් ඒ artical එකට comment එකක් දැම්මා.  pride


Last edited by Ranga3 on 2014-08-05, 5:23 am; edited 2 times in total
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-08-01, 7:27 am
යුරෝපයට වඩා ඉහලින් තිබුනු අපේ චින්තනිය නිදහස නැතිකරේ යටත් විජිතවාදය.
ඒක නැතිකරේ නැත්නම්, 
නිදහස් චින්තනයක් තිබුනනම් අදටත් මේගැටලුව ඇදෙන්නේ නෑ.
වැරැද්දකරපුඑකට ඇගිල්ල දික්කරන එක ආතල් ගැනීමක් වෙන්නෙ මොන ක්‍රමයටද?
අනුන්ගෙ වෘඅදි රෙද්ද අස්සෙ දාගන්න අවශ්‍ය නෑ.

සාහිත්‍යයේ මේවගේ දේවල් ලියවෙන්න කොහෙත්ම විදියක් නෑ. මොකද සිංහල සාහිත්‍යකෘති අති බහුතරය ලිව්වේ හාමුදුරුවරු හා රජවරු. ඔවුන් අතින් සමලිංගිකත්වයක් කොහෙත්ම ලියවෙන්නේ නෑ.

ඒත් ගැමිගෙදර ජනකවි කියන පැරනි ජනකවි පොතේ සියුම්ව මේගැන ලියවෙන කවි තිබුනා වගේ මතකයි.
ඒක කියෙව්වෙ ගොඩකාලෙකට කලින් ගෙදරගියාම කියවල කීපයක් දාන්නම්.
Anonymous
Guest
Guest

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-08-01, 4:36 pm
මන් උත්තර බැන්දේ නිව්ස් එකට නෙවෙයි වසන්ත අහලා තියෙන ප්‍රශ්ණ දෙකට ....


මෙහෙමයි රංග මන් ඔතන සමහර කරුණු ඉදිරිපත් කලේ සමලිංගික අපි අතරෙම පොඩි පොඩි හිතිමේ ගැටලු තියෙනවා ... සහ ලංකාවේ මිනිස්සුන්ගෙ හිතිමේ පොඩි අවුලක් තියෙනවා. එක පෙන්වලා දෙන්නයි හැදුවේ ... එ හිතිම තුළයි මොන වගෙද සහ එ හිතිම තුළ එ මිනිස්සු වැරදි නැහැ කියලයි කියන්න ට්යි කලේ .. ඔයාම කිව්වනේ රංග 






"එක්කෝ ඒ කෙනාට කියන්න ඕනේ කරුණාකරලා ඒක වෙන තැනකට ගිහින් කන්න කියලා"   මේක මේ නිව්ස් එකට සම්බන්ද කලොත් .. ඔයා හිතනවාද එ කොල්ලො දෙන්නට යන්න කිව්වට උන් යාවි කියලා ... එහෙම බැරි නිසායි .. එ මිනිස්සු පොලිසියට යන්නේ ....


"එහෙමත් නැත්තං තමුන් එතනින් අයින් වෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නේ ඉවරයි!"  මෙක වෙන්නෙත් නැහැ එ ජොඩුව හින්දා . මුළු ගමම්ක්ම එතනින් යන්නෙ නැහැ නේ ....


ලංකාවේ පහත් මධ්‍යා නිසා නිව්ස් යන්නෙ හරි විදියට නෙවෙ යන්නේ එකත් වෙන්නෙ මේ කතා මන්  කතා කරපු චින්තන මට්ටම උඩ.......  
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9246
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-08-01, 8:35 pm
අනිවා...මම එකගයි සහන් කියන දේට​.... නිදහස් චින්තනය නැත්තටම නැති කලේ යුරෝපයෙන් තමයි....ඒ නීතිය හින්ද​ තමයි අදටත් අපේ නීති පොත්වල සමලිංගිකත්වය අපරාදයක් තරමට හංවඩු ගැහිල තියෙන්නෙ.
සිංහල දෙමළ ගැටළුවෙදි වුනත් සුද්දට බනින්නෙ වෙන මොකවත් හින්ද​ නෙමෙයි.,අර කතාවක් තියෙනවනෙ "ළිඳ මගේ නම්, මම ළිඳේ නම්, කාට කුමටද වේදනා කියල​", ඒකට අදාල නොවෙනකොට නම් ඉතින් සක්කරයටත් කේන්ති යනවනෙ බන්!
avatar
Ranga3
Regular Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 90
GetReal Gold : 7570
Member Since : 2014-03-24

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

2014-08-05, 7:11 am
අපේ රට සුද්දට යටත් වෙන්න කලින් ඉදන්ම අපේ සමාජය තුල සමලිංගිකත්වය කෙරෙහි නිදහස්, විවෘත හෝ සුබවාදී ආකල්පයක් තිබුනේ නැති බව ඉතිහාසය විමසන ඕනම කෙනෙක් දන්න කාරණයක්. සුද්දා නිසා අපේ රටේ සංස්කෘතිය, ආගම, භාෂාව ඇතුළු බොහෝ දේවල් වෙනස් උනාට සමලිංගිකත්වය කෙරෙහි අපේ රටේ කොහොමත් ඍණාත්මක ආකල්පයක් තිබුණු නිසා එකේ ආයේ අමුතුවෙන් කියලා වෙනස් වීමක් උනේ නැහැ. සුද්දා මේ සම්බන්ධව කරපු එකම බලපෑම තමයි අපේ දණ්ඩ නීතී සංග්‍රහයට සමලිංගික ක්‍රියාවන්(උදා:- ගුද මාර්ගික ලිංගික ක්‍රියාවන්) තහනම් කරමින් නීතී වගන්ති 2ක්(305,306) ඇතුලත් කරපු එක. එත් ඒ නීතී කෙටුම්පත නිසා එතෙක් අපේ රටේ සංස්කෘතිය තුල සමලිංගිකත්වය කෙරෙහි තිබුණු ධනාත්මක හා නිදහස් චින්තනයක් නැති වුනාය කියලා කීම කොච්චර නම් මෝඩ තර්කයක්ද?? අනික අපේ රටේ ඉතිහාසය තුල සමලිංගිකත්වය ගැන සදහන් නොවුනට අපි වගේම සංස්කෘතික උරුමයක් තියෙන ඉන්දියාවේ ඉතිහාස, සාහිත්‍ය හා ආගමික කෘතීන්වලත් කලා කෘතීන්වලත් සමලිංගිකත්වය, අන්තර්ලිංගිකත්වය(transexualism) වගේ කරුණු ගැන විස්තර සඳහන් වෙලා තියෙනවා පමණක් නෙමයි ඒවා එදා සමාජය තුල සාමන්‍ය දෙයක් ලෙස සලකනු ලැබුවා. අපේ රටේ ඉතිහාසය හා සාහිත්‍ය කෘතීන් වැඩි ගණනක් හාමුදුරුවරු ලිව්වට ඒ හා සමානම ප්‍රමාණයක් උගත් ගිහි පඬිවරුන් හා විදේශිකයන් විසින් ලියනු ලැබුවා. ඒවායේ වත් අපේ රටේ සමලිංගිකත්වය ගැන තොරතුරු හම්බවෙන්නේ නැති එකෙන්ම තේරෙනවා අපේ රටේ සමලිංගිකත්වය ගැන ඔය කියන නිදහස් චින්තනයක් තිබුනේ නැති විත්තිය. අනික අතීතයේ හිමිවරුන් විසින් බොහෝ විෂමලිංගික ප්‍රේමකතා හා රාගය වඩවනසුළු අතිශයෝක්ති වර්ණනා සහිතව ඉතිහාස හා ගද්‍ය/පද්‍ය සාහිත්‍ය කෘති රචනා වෙද්දී සමලිංගිකත්වය කෙරෙහි අපේ සංස්කෘතියේ පිළිගැනීමක් තිබුනානම් එවැනි කතා ගැන ලියන්නට උන්වහන්සේට අකැප ව තිබුනා විය නොහැකියි.


[You must be registered and logged in to see this link.] : අපේ රටේ සිංහල දෙමළ ප්‍රශ්නෙදී අපේ මිනිස්සු සුද්දට බනින්නේ ඒගොල්ලෝ අපිව බෙදා වෙන්කර පාලනය කරපු නිසයි අද තියෙන ජාතික ප්‍රශ්නේ ඇති වුනේ කියලා. එත් ඇත්තටම සුද්දා එහෙම කලේ ඒගොල්ලොන්ගේ පරිපාලනමය පහසුව නිසයි. ඔය විදියටම තමයි ඔවුන් ගොඩක් රටවල් පාලනය කලේ. හොදම උදාහරණය අපේ අල්ලපු රට ඉන්දියාව. ඉන්දියානුවන්ව බෙදා වෙන්කරලා නෙමෙයි, ඇත්තටම කිව්වොත් කෑලි කෑලි වලට කඩලා දීලයි සුද්දා ඉන්දියාව පාලනය කලේ. ඒ ඒ පළාත්වලට මහරාජාවරු යටතේ ස්වාධීන ප්‍රාදේශීය රාජ්‍යයන්. ඔය කියන තර්කය නිවැරදි නම් එහෙනම් අද වෙද්දී ඉන්දියානු අර්ධද්වීපය ඇතුලේ රටවල් 500 ගණනක් විතර තියෙන්න ඕනේ! යුද්ධ කෝලහලවලින් රට ගිනිබත් වෙන්න ඕනේ? එත් ඒගොල්ලෝ වෙන වෙන එවුන්ට බැන බැන ඉන්නේ නැතුව තමන්ගේ වැරදි හදාගෙන රටේ ජාතික සමගිය, ජාතීන් අතර, භාෂා අතර සමගිය ගොඩනගලා තියෙනවා. තමන්ගේ ජනවර්ගය, කතාකරන භාෂාව නොතකා හැමෝම ඉන්දියානුවන් ලෙස හදුන්වා ගන්නවා. එත් අපි?? තාම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා බෙදීගෙන, සුද්දටත් බැන බැන, තව තවත් වලපල්ලට යනවා...!!!


@Nil Saliya : ඔයා අර වගේ සංකීර්ණ කාරණාවක් කැරපොත්තාගේ හා තණකොළපෙත්තාගේ කතාවකට ලඝු කරලා කතාකරලා තිබුනු නිසයි මමත් අර වගේ සරල උත්තරයක් දුන්නේ. මං කියපු කතාව මේ news එකටම සම්බන්ධ කලොත්, මම හිතන්නේ නැහැ කවදාවත් ඒ කොල්ලෝ දෙන්නා ප්‍රසිද්ධියේ අනිත් අයට කරදරයක් වෙන විදිහට අශෝභනව හැසිරුණා කියලා. ඒ වගේම තමයි ඒ වගේ දෙයක් බැරි වෙලාවත් වුනානම්, ඒ ජෝඩුවට "අනේ කරුණාකරලා වෙන තැනකට ගිහිල්ලා ඕක කරගන්නවද මල්ලිලා" කියලා කියන්න තරම් තමන්ට දිරවන්නේ නැති දේවල් ඉවසං ඉන්න ජාතියේ මිනිස්සු ටිකක් කියල හිතනවද මේ අපේ මිනිස්සු?? ඔහොම දෙයක් ප්‍රසිද්ධියේ වුනානම් පොලිසියට දැනුම් දීම කෙසේ වෙතත් ඔය කොල්ලෝ දෙන්නගේ හතර හන්දි කඩල තමයි අපේ මිනිස්සු පස්ස බලන්නේ!


Last edited by Ranga3 on 2015-01-26, 1:34 am; edited 1 time in total
Sponsored content

ඇයි මෙහෙම වෙන්නෙ???? Empty Re: ඇයි මෙහෙම වෙන්නෙ????

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum