Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


කළුවර ඉරගල..

+12
shevan
weera1
amal123
ranveer
Ranga3
kasunx
roxram
manu1978m
Hitha Honda Kolla
Rashmika
Isura
Tharuka Sithum
16 posters
Go down
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6165
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 2 Empty හයවන දිගහැරුම..

2016-01-03, 10:49 pm
Message reputation : 100% (2 votes)
රනා වාසල මිදුලේ ආරක්ෂක කටයුතු අධීක්ෂණය කරමින් සිටියේ ය. හදිසියේ වාසල ආරක්ෂක සීනු නාද වූයේ නැගෙනහිර අංගනයේ කුටියක් දෙසින් නැගී ආ කලු දුමාරයත් සමඟ ය.
"නාදනී කුමරියගේ කුටියේ ගින්නක්" සේවිකාවක් කෑ ගැසුවාය...
ගත වූයේ නිමේෂයකි. නාදනී කුමරියගේ කුටිය අසල බුර බුරා නැගෙන ගිනි දැල් මැද උස මහත පුරුෂයෙකු සිටගෙන සිටියේ ය. බිම් මහලේ සිටියවුන් තුෂ්ණිම්භූත ව බලා සිටියදී ඒ පුරුෂයා කුටියට ඇතුළු වූයේ ය. ටික වේලාවකින් නාදනී කුමරිය වඩාගෙන ඔහු පිටතට පැමිණියේ ය.

කුමරිය අඩ සිහියෙන් යුතුව සිටි අතර ඈ වහාම රජ වාසල වෙද මැදුර වෙත ගෙන යනු ලැබිණි. ගින්න මැඩ පැවත්විණි.
"කවුද ඔහු? "
නාදනී තමා ඔසවාගෙන යන සේවිකාවන්ගෙන් විමසුවේ ඈව බේරාගත් තරුණයා ගැන ය.

"රනා කියල අලුත් හේවායෙක්" එකියක සෙමෙන් කීවාය.
නාදිනී ඒ හැඩි දැඩි කාල වර්ණ පුරුෂ ශරීරය දෙස සරාගී කෑදර බැල්මක් හෙළුවාය.

******
ලොකු බණ්ඩාර කෝප වී සිටියේ ය. තම මලණුවන් ආරක්ෂකයින් නොමැතිව මාලිගයෙන් පිට වූ බව දැන ගත් වහාම ඔහුට නාදනීගේ කුටියේ ගින්න ගැන ද දැනගන්නට ලැබිණි. වහා සියලු ආරක්ෂක ප්‍රධානින් කැඳවූ ඔහු, ඔවුන්ට තරයේ බැණ වැදුනේය.
"දැනගන්ට දළදා හාමුදුරුවන්ගෙත් ල්ංකාදීපෙත් අනාගතේ තීරණේ කොරන්ට පුළුවන් තැනක් මේ රජ වාසල. ඒකෙ ඉන්න රාජකීය එව්වො ගැන උඹල හිතන්ට හොයන්ට ඕනෙ මීට වඩා. නාදනී කුමරියට මුකුත් වුණොත් හෙම මං..."
ලොකු බණ්ඩාරට අඩි හප්පා තවත් කෑ ගසන්නට ඉඩක් නොලැබුණේ සියල්ලෝ ම එක වර මන්ත්‍රණ සභාවේ මැදුම් දොර වෙත නෙත් යොමූ බැවින් ය.

ඒ නාදිනී ය. ඈ උදාර ලීලාවෙන් මන්ත්‍රණ සභාවට පිය මැන්නා ය. ඈ දුටු වහාම අනෙක් සියල්ලන්ට පිටව යන ලෙස ලොකු බණ්ඩාර නියම කළේ ය.
"අසුන් ගන්ට කුමරිය. ඔබ තව ම කම්පනයෙන් වගේ"
නාදනී සිටියේ කම්පනයෙන් නොවේ. එහෙත් ඈ බොරු අසනීප ගතියක් මවා ගත්තාය.
"මොනවද මේ සිදුවන විකාර?"
ඈ සිය සුදු පැහැ දිගු වස්ත්‍රය අසුනෙන් පිටතට හෙළමින් අසුන් ගන්නා ගමන් නොසන්සුන් ව ඇසුවා ය.
" කිසිඳු හේතුවක් නැතිව පොඩි බණ්ඩාර කුමරු වාසලෙන් පිටව ගොස්. ආරක්ෂක අංශ දැනුවත් නෑ ඒ පිළිබඳ. මගේ කුටිය ගිනි ගත්තේ කෙසේ ද. එය මා විනාශ කිරීමට කළ කුමන්ත්‍රණයක් විය හැකියි. ආරක්ෂාව ගැන කිසිම අදහසක් නැතිද ඔබ ට?"

"සන්සුන් වන්න කුමරිය, පරීක්ෂන කටයුතු ආරම්භ කර අවසානයි"
"පරීක්ෂණ කටයුතු පිළිබඳ වගකීම ඔබ අත ඇත්තේ. ඔබේ ආරක්ෂකයින් ඔහේ බලා සිටියදී සාමන්‍ය නවක හේවායෙක් මා බේර ගන්ට ඉදිපත් වුණා . ඔහු හමු වී ස්තූති කරන්නට අවශ්‍යයි. ඒ සඳහා කටයුතු සූදානම් කරන්ට. "
කුමරිය නැගිට යන්නට ගියාය.
ගින්න ඇති වූයේ ආරක්ෂක නිලධාරීන් විශේෂ රැස්වීමකට කැඳවූ අවස්ථාවේ ය. ඒ නිසා කුමරිය බේරා ගැනීමට රනා ඉදිරිපත් විය. මේ කිසිත් නොදැන සිටි ලොකු බණ්ඩාර ආරක්ෂක අංශ වෙත තවත් දොස් පැවරුවේ ය.
****..
"වහින්ට වගෙයි" පොඩි බණ්ඩාර ටිකිරා දෙස බලා කීවේ ය...
"එහෙමයි කුමරුනි" ටිකිරා අහස දෙස බලා එසේ කීවද වහින්නට එන වගක් ඔහුට දැනුනේ නැත.
" ආයෙමත් මට කුමරුනි කුමරුනි කියන්ට එපා. බණ්ඩාර කියල කතා කරන්ට. "
ටිකිරා පුදුම විය.
"අපොයි හාන්දුරුවනේ මට බෑ එම කරන්ට. උබවහන්සෙ කවුද මම කවුද.?"

"ඒක තමා මාත් මේ කල්පනා කොලේ උඹ කවුද කියල. ඒවයින් කාරි නෑ..ආයෙමත් මට ඕව කියන්ට තනන්න එපා. මම බණ්ඩාර , උඹ ටිකිර.. තීන්දුයි..." පොඩි බණ්ඩාර කීවේය.
ටිකිරා සිනාසුණේය. " බණ්ඩාර" ඔහු මිමිණුවේ ය..
"ආන්න හරි. බණ්ඩාර තමා" පොඩි බණ්ඩාර සිනා සෙමින් කීවේ ය...
"ටිකිරා උඹට පුලුවනි මගෙ ආරක්ෂක ලේකම් වෙන්ට."
"ඔබතුමා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒක ද?" ටිකිරා ඇසීය.
" මං උඹෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියන්ට මම දන්නෙ නෑ ටිකිරෝ" ඉතා හැඟුම් බරව පොඩි බණ්ඩාර කීවේ ය. ඔහු මෙතරම් සෞමම්‍ය ලෙස කතා කරනු ඇසීම ම පුදුමයක් විය.

"යන්ට හොඳයි" යළිත් රාජකීය ස්වරූපයට බට පොඩි බණ්ඩාර ගල් තලාව මත්තෙන් නැගිට අසු වෙතට ගියේ ය.
ටිකිරා ඔහු අනුගමනය කලේ ය. අසු ළඟින් හිටගත් පොඩි බණ්ඩාර එක්වරම ටිකිරා වෙත හැරුණේ ය.
"ටිකිරා උඹට ඉන්නවද හාද වෙච්චි කෙල්ලක්?"

ටිකිරා ඇඟට පතට නොදැනී නැතැයි කියන්නට හිස සෙලවීය.
"පුදුමයි නෙව. උඹ වගේ එකෙකුට කෙල්ලක් කැමත්ත දෙන්ට මැලි වෙන්නෙ අහවල් කාරණාවකටද?"
ටිකිරා කිසිත් නොකීවේය. තමාට ආල හැඟුම් උපදින්නේ පිරිමින් අරභයා යැයි කීමට ශක්තියක් ඔහුට නොවීය.

අසුන් දෙදෙනා යළිත් රජ වාසලට යන්නට පටන් ගත්තේ ඔවුන් පැමිණියාටත් වඩා වැඩි වේගයකිනි. එහෙත් මෙවර ඔවුහු එකිනෙකාට වඩාත් ළංව සිටියහ.
****

මන්ත්‍රණ සභාවට යාබදව වූ මණ්ඩපයක් රනා සහ නාදනී කුමරියගේ හමුවට සූදානම් කරන්නට ලොකු බණ්ඩාර නියම කළද ඒ සියල්ල වෙනස් කරනු ලැබුණේ තම නව කුටියෙන් පිටතට එන්නට තමා අකමැති බව හා තවමත් කම්පනයෙන් සිටින බවත්, කුටිය තුළදී රනාට සුබ පැතීමට තමුන් කැමති බවත් නාදනී විසින් දැන්වනු ලැබීමෙන් අනතුරුව ය.
රනාව කුටිය වෙත කැඳවාගෙන ආ අතර නාදනීගේ නියමය අනුව සේවිකාවන් පිටත් කර හැරිණි.
රනා මණ්ඩපය මැද වාඩි වී කුමරියගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි අතර නාදනී ලැසි ගමනින් තනිවම එහෙ ආවාය. නාදනී දැක රනා නැගී සිටියද ඔහුට හිඳ ගන්නටවත් නාදනී ඉඩ දුන්නේ නැත. ඈ ඔහුට තම යහන වෙත යන්නට අණ කළාය.

"උඹ මට මනාප දැ " යි ඈ අසූ විට රණා එවැන්නක බලාපොරොත්තු වූවාක් මෙන් කිසිත් නොකියා බිම බලාගත්තේ ය. එතනින් එහා වචනයක් වත් ඈ කතා කලේ නැත. ඒ වෙනුවට ඈ සිතූ සේ රනාගේ දෙතොල් උරා බීවාය. කාම ධේනුවක වූ ඈ සිහින් හඬින් කෙඳිරි ගාමින් සිය නිය රනාගේ පිට සහ පපුව පුරා යැව්වාය. රණා ගිනියම් වූ යකඩයකට වඩා උණුසුම් ව දඟලන්නට විය. ඔහු කුමරියගේ සළු ඉරා දැමුවේය. ඒ සියල්ලෙන් ම තෘප්තිමත් වූ නාදනීව සයනය මත පෙරළාගත් රනා ඇගේ සිරුරේ රහස් තැන් වල ජීවය සෙව්වේය. ඔවුන්ගේ නිරුවත් සිරුරු සයනය මත උඩ පහත යන්නට විය. එය කෙතරම් වේගයෙන් සිදු වීද යත් සයනය දෙපළු වී ඔවුන් දෙදෙනා බුමුතුරුණ මත ඇද වැටුණහ. රාගයෙන් උපරිමයට මත්ව සිටි ඒ යුවල තවදුරටත් ඉතා තදින් එකිනෙකා වැළඳගෙන රමණය කරන්නට විය.
හතිලන රනාගේ උත්තුංග ශරීරය මතින් නැගී සිටි නාදනී කවුළුව අසලට ගියාය. වාසල දොරටු විවර වී පොඩි බණ්ඩාර ටිකිරා සමඟ ඇතුළු වනු ඈ දුටුවාය. තම කන්‍යා භාවය ආරක්ෂා කර ගන්නට ඈ සමත් විය. එහෙත් රනා තව හෝරා දෙකක් එක දිගට රමණය කරන්නට තරම් ශක්තියකින් පිරී සිටියේ ය. ඔහු නැවතත් කුමරිය පෙරළාගත්තේ ය. ඈ කෙඳිරි ගෑවාය ය. ඔහු තප්පුලන හරකෙකු මෙන් දඟලන්නට විය..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 2 Empty Re: කළුවර ඉරගල..

2016-01-04, 4:30 pm
niyamai tharuka. digatama liyanna.
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6165
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 2 Empty Re: කළුවර ඉරගල..

2016-01-04, 10:42 pm
Message reputation : 100% (3 votes)
ටිකිරා කවුලුව අසලට වී මහවැලියට ඉහලින් පායා ඇති පුර සඳ දෙස බලා හුන්නේය. ඔහු පොඩි බණ්ඩාර කුමරුන්ට ආදරය කරන්නට පටන් ගෙන ඇත. එහෙත් ඔහු උගත් කිසිඳු පත පොතක පිරිමියෙකු තවත් පිරිමියෙකුට පෙම් බඳිනු ඔහු අසා නොතිබුණේ ය. පොඩි බණ්ඩාර ටිකිරාගේ වයසේ ම විය. පොඩි බණ්ඩාරගේ සිහින් උඩු රැවුල, ප්‍රතාපවත් පෙනුම සහ සරාගී නෙත් යුග ඔහුට සිහි විය.කඩවසම් බවින් අනූන ඔහු, රජ කුමරියක සමඟ විවාහ විය යුතුය. නෑඹුල් තරුණයෙකු වූ තමාට පොඩි බණ්ඩාර අමතක කළ නොහැකි වන්නට තරම් තම් බොළඳ වූයේ කෙසේ දැයි ටිකිරා කල්පනා කලේය. පොඩි බණ්ඩාරගේ කුමාර උදාරත්වය යට හැංගී ඇති හුරතලය කෙබඳු දැයි ටිකිරා දැන උන්නේය.
එක ම පුර සඳ, කුමාර අංගනයට ඉහළින් ද පායා තිබුණේ ය. ලොකු බණ්ඩාර තමා හමුවට එන ලෙස නියම කර තිබුණද අයියණ්ඩියගේ නියෝගය නොසලකා හැරි පොඩි බණ්ඩාර තමා ඉදිරිපිට සිටින කඩවසම් තරුණයා මවා ගැනීමට උත්සාහ කළේ ය. ඔහුගේ නිල් ඇස් වලින් පෙනුනු තම ඡායාව මෙනෙහි කළේ ය. ටිකිරා ඇවිදින විට එකිනෙකට තෙරපෙන ඔහුගේ තට්ටම් අමතක කරන්නට පොඩි බණ්ඩාරට බැරි විය. මෙය කාමය දැයි හෙතෙම කල්පනා කළේ ය. නැත. එසේ විය නොහැක. සරාගී කඩවසම් චර පුරුෂයෝ ඇති තරම් මාළිගයේ සිටිති. ඉන් එකෙකු දෙන්නෙකු රන් කාසියකට රවටා ගැනීම පොඩි බණ්ඩාරට පහසුවෙන් කළ හැකිය. එහෙත් ටිකිරා දුටු දා සිට චිත්ත සන්තානයේ උපදින සිතිවිලි දමනය කරන්නට ක්‍රමයක් නැත.
දේශපාලනික වශයෙන් රට අස්ථාවර වීගෙන එන බව දැනෙන්නට වූයෙන් බොහෝ විට වෙනත් ප්‍රාදේශීය පාලකයින් සමඟ පවා මන්ත්‍රණ සභාවේ රැස්වීම් පැවැත්විණි. එය පාලුවට යන්නේ රාත්‍රී කාලයේ ය. එහෙත් මේ වන විට ඊට යාබද කොටසක රනාගේ තුරුලේ නාදනී හිඳගෙන සිටියා ය. ඔවුහු ආදරය ලෙස හඳුන්වාගත් බැඳීමකින් බැඳී සිටියහ. නාදනී රනාට විස පෙව්වාය. එනම්, තමා ලබා ගන්නට නම් පොඩි බණ්ඩාර මැරිය යුතු යැයි ඈ කීවාය.
කලකට ඉහත පොඩි බණ්ඩාරගේ සිරුරට යට වී තැලී පොඩි වෙන්නට බලා සිටි මේ යුවතිය ඒ සියල්ල අතහැර රනා සමග පෙමින් බැඳුනාය. ඈට අවශ්ය වූයේ පොඩි බණ්ඩාරවද ඉන්පසු ලොකු බණ්ඩාරවද ඉවත් කර රජ පුටුවේ රනාව හිඳුවන්නට ය. ඉන් පසු කන්ද උඩරට අග බිසව් කිරුලේ බර දරන්නටය. ඈ නුවණත්තියක වූවාය. එමෙන් ම දැඩි තීරණ ගන්නා එකියක වූ අතර ඇගේ සැලසුම් ඉතා ඉක්මනින් නිර්මාණය වන්නාක් මෙන් ම බොහෝදුරට සත්‍ය වශයෙන් ම ක්‍රියාත්මක වන සැලසුම් විය.
රනා සල්ලාල තරුණයෙකු විය. ඔහුට අවශ්‍ය වූයේ නාදනී සමග රාගයේ උණුසුමේ වෙලෙන්නට ය. එහෙත්, නාදනීගේ සැලසුම් වල ඇති වාසි සහගත බව අමතක කරන්නට තරම් රනා මෝඩයෙකු නොවීය.

පුර සඳ මහවැලියට ඉහළින් බබළන්නට විය. ටිකිරාත් පොඩි බණ්ඩාරත් මුරකාවල් වල සිටි සෙබළුත් හැරෙන්නට මුළු කන්ද උඩරට ම නිදාගත් වගක් පෙනෙන්නට තිබුණු නමුත් එය එසේ නොවීය. කවුඩුලුගම මහ විදානේ ගේ දුව වූ දෝන එමලිනා ද කලකට ඉහත තම කලවා දෙස ඇහිපිය නොහෙලා බලා සිටි ටිකිරා ගැන සිහි කළ ටිකිරාගේ ගම්වැසි මිතුරා ද තවමත් අවදියෙන් හුන් හ..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 2 Empty Re: කළුවර ඉරගල..

2016-01-05, 3:51 am
athi yantham liyala. eth poddai.
roxram
roxram
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 3
GetReal Gold : 6017
Member Since : 2016-01-04

කළුවර ඉරගල.. - Page 2 Empty Re: කළුවර ඉරගල..

2016-01-05, 7:28 am
Message reputation : 100% (1 vote)
raja kaale apuru kathawak nowe meka
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12409
Member Since : 2013-05-31

කළුවර ඉරගල.. - Page 2 Empty Re: කළුවර ඉරගල..

2016-01-05, 10:50 am
Message reputation : 100% (1 vote)
මාරම ගති ! කියවන්න පටන් ගනිද්දි මම හිතුවේ නැ මෙච්චර ලස්සන කතාවක් කියල ! හරිම ලස්සනයි සහො!
avatar
Ranga3
Regular Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 90
GetReal Gold : 7568
Member Since : 2014-03-24

කළුවර ඉරගල.. - Page 2 Empty Re: කළුවර ඉරගල..

2016-01-05, 5:34 pm
Message reputation : 100% (1 vote)
ආරම්භයේ තිබ්බ ලස්සන අවසානය තෙක් තියෙයිද දන්නේ නැහැ..ඒ මොනවා උනත් දිගටම ලියන්න සුභ පතනවා..අමුතු කතාවක්...ජය වේවා! smile
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6165
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 2 Empty අටවන දිගහැරුම..

2016-01-05, 7:20 pm
Message reputation : 100% (3 votes)
රනාට උසස්වීමක් ලැබුනේ කුමරියගේ දිවි බේරා ගැනීම නිසාය. එය සැබෑ ලෙසම නාදනීගේ බලවත් ඇවිටිලි කිරීම හා හැට හතරක් වූ මායම් නිසා පියරජු විසින් ලබා දුන් උසස් කිරීමක් වග දත උත්තෝ දැන සිටියහ..
පොඩි බණ්ඩාර පොර පිටියට යන දින ගණන වැඩි විය. ටිකිරා සමඟ පොර බදන්නට ඔහු කැමැත්තෙන් ම ඉදිරිපත් විය. එහෙත් කිසි දිනක ටිකිරා පරාජය කරන්නට ඔහුට නොහැකි වුවද පොර පිටියෙන් පිට වන සෑම දිනක ම දෙදෙනා ම සිනා මුසු මුහුණින් සිටියහ.

රනා සෙන්පතියෙක් වූ බැවින් ටිකිරා තම කුටියේ තනි වූයේ ය. ඔහු විවේකය ගත කළේ පිළිම නෙළන්නට ය. ටිකිරා මැටි පිළිම නෙළීමේ දක්ෂයෙකු වූ අතර තම කුටිය තුළට වී මැටි පිළිම නෙළන ගමන් පොඩි බණ්ඩාර මතක් කොට ඔහුට සිතින් හාදු දුන්නේ ය.

දිනක් රාත්‍රී කාලයේ ටිකිරාගේ කුටියේ දොරගුලු සෙලවිණි.
අමුඩ කෙටිය පිටින් නිදා සිටි ඔහු රනා පැමිණි යේ යැයි සිතා දොර හැරියේ ය. දොර ඇරගෙන කුටියට ආවේ පොඩි බණ්ඩාරය. වහා අසල තිබූ සලුවක් ගත දවටාගත් ටිකිරා කුමරුන්ට අසුනක් සෙව්වේ ය. කුටියේ වූ එක ම අසුන ඔහු මැටි වැඩ සඳහා යොදාගෙන තිබිණි. කිසිත් මායිම් නොකළ කුමරු රනාගේ අත්හැර දැමූ සයනයේ හිඳ ගත්තේය...
ටිකිරා ලාම්පුවේ දැල්ල වැඩි කළේ ය.
ටිකිරා බිම වාඩි වන්නට තනන විට පොඩි බණ්ඩාර කතා කළේ ය.
"බිම වාඩි වෙන්ට ඕනෙ නෑ"
ටිකිරා හිටගෙන සිටියේය.
"උඹ හිටගෙන හිටියට තව උස යන්නෙ නෑ. මෙහෙන් වාඩි ගන්ට"
කුමරා පහත් හඬින් කතා කළේය ය.
වාසල නීති රීති වලට අනුව නම් මේ මද්දහන් රාත්‍රියේ කුමරු පිටතට ඒම තහනම් ය. එහෙත් ඒ නීති කඩ කර පොඩි බණ්ඩාර තරුණයා හේවායෙකුගේ කුටියක සාමන්‍ය සයනයක් මත අපුලක් නැතිව වාඩි වී සිටියේ ය.
"අවසර, හදිසියෙම මේ ඉසව්වෙ ? කාරණාව මොක වුණත් මේ ගමන නීතියට පටහැණියි නෙව" ටිකිරා දැන් බය නැතිව කුමරා සමඟ කතා කිරීම ගැන පොඩි බණ්ඩාර සතුටු විය.
"එන්ට හිතුනා උඹ බලන්ට." ඔහු කීවේය.

"හදිසියෙම?"
"හදිස්සියක් නෑ. මාළිගාවෙ තත්වෙ ඒ තරම් හොඳ නෑ ටිකිරො. මට ඉවෙන් තේරෙනව ආන්තරාවක් අත ළඟයි වගක්"
"අපේ බණ්ඩාර කුමාරයා යක්කු දාහකටවත් බය නෑ නෙව. " ටිකිරා කීවේ ආඩම්බරයෙනි.
"බයයි. යකෙක්ට නෙමෙයි යකෙක් නැතිකොරගන්ට බයයි. " පොඩි බණ්ඩාර දිලිසෙන ඇස් ලාම්පුවට එල්ල කර කීවේ ය.
ටිකිරා කතාවක් පටන් ගත්තේය. ඔවුහු සම්භාව්‍ය සාහිත්‍ය ගැන කතා කළහ. හේවායෙකු වුවද ටිකිරාගේ පොත පත දැනුම පොඩි බණ්ඩාර පැරදවීය. හෙතෙම මහාවංසය කට පාටමින් කීය. ඕනෑම දත්තයක් වරක් ඇසූ සැණින් මතක තිබෙන අපූරු මතකයක් ටිකිරා සතු විය. පාන්දර වනතෙක් ඔවුහු කාව්ය විචාරය කළහ. කතාව කෙළවර වූයේ පොඩි බණ්ඩාරට තමා කුමාර අංගනයේ සිටිය යුතු වග සිහි වූ පසු ය. ඔහු නැගිට යන්නට සැරසුණේය. ටිකිරා කුටියේ දොර හැරියේය.
පොඩි බණ්ඩාර අඩාඳුරේ ඇති ටිකිරාගේ පිරිපුන් මුහුණ දෙස බැලුවේ ය. අවුල් වූ කෙස් වැටිය ඔහුට උඩඟු බවක් එක් කල බවක් පෙණිනි.
"යන්ට හෝරාව ඇවිත්" කුමරු මිමිණීය.
"පරෙස්සම් වෙන්ට" ටිකිරාට කියවුණි. තමා නොගැලපෙන දෙයක් කීවේදැයි ටිකිරා කල්පනා කලේ පොඩි
බණ්ඩාර හිස ගස්සා නැවතත් ටිකිරා දෙස බැලූ විටය.
කිරි බොන අවධියේ සිටම බණ්ඩාර හේවායන් දැක ඇත. කිසිවෙක් ඔහුට පරෙස්සම් වෙන්ටැයි කියා නැත. අනෙක් අතට කුමරුන් පරෙස්සම් කරන්නට හේවායන් අවශ්‍ය නැත. එහෙත් පොඩි බණ්ඩාර " හොඳයි" යැයි කීවේ ය.

කුමරු පිට වන්නට යත් ම ටිකිරා යමක් කියන්නට ගොස් ගිලගත්තේය. ඒ වග වැටහුණු කුමරු "බය වෙන්ට කාරි නෑ. කියන්ට" යැයි අහක බලාගෙන කීවේය.
"මට වෙදකම ඉගෙන ගන්ට මනාපයි. " ටිකිරා බිම බලාගෙන කීවේය.
කුමරා සිනාසුණේය. පොඩි එකෙකු තම පියාගෙන් සෙල්ලම් බඩු ඉල්ලන්නාක් මෙන් ටිකිරා එය ඇසූ ආකාරය පොඩි බණ්ඩාරගේ හිනාවට කරුණක් විය. "කොටහළු වෙච්චි ළමිස්සියක් වගේ ඇඹරෙන්ට ඕනැයි ඕක කියන්ට? " කුමරා ටිකිරාගේ හිසකේ අවුල් කර යන්නට ගියේය. හේවායෙකු රජ කුමරෙකුගෙන් මෙවන් උදව්වක් ඉල්ලූ පළමු වතාව මෙය විය හැකිය.

ටිකිරා වෙද හල වෙත යොමු කරන්නට ඊළඟ උදයේ පියවර ගැණුනි. උදෑසන යුධ පුහුණුව ලබන ඔහු සවස් යාමයේ වෙදකම උගත්තේය.
පෝය දෙකක් ගත වූ තැන සියලු පළපුරුදු වෙදුන් පුදුමයට පත් කරමින් සියලු ඔසු වට්ටෝරු කට පාඩමින් කියන්නටත් ඉතා අසීරු ගණයේ රෝග නිශ්චය කරන්නටත් ටිකිරා ට හැකි විය . ඔහුගේ දියුණුව දැක වඩාත්ම සතුටු වූයේ පොඩි බණ්ඩාර කුමරු ය.
ටිකිරා ඉතා දුර බැහැර සිට එන ලෙඩුන්ට වෙදකම් කලේ මාස කීපයක පළපුරුද්දෙනි. සියල්ලටම වඩා ඔහුගේ ඇතම් නව වට්ටෝරු පළපුරුදු රාජකීය වෙදැදුරන්ගේ විස්මයට හේතු විය. එහෙත් ඔහු තනතුරු බාර නොගත්තේය. . කෙතෙක් උගත්තද ටිකිරාගේ මනසේ වැඩි ඉඩක සිටියේ පොඩි බණ්ඩාර ය.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9754
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 2 Empty Re: කළුවර ඉරගල..

2016-01-06, 4:11 am
Message reputation : 100% (1 vote)
tharuka malla, adath kiyanna wachana nehe. lassanai. digatama liyanna maga balan innawa.
ranveer
ranveer
Regular Member
Mood : Proud

Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6111
Member Since : 2016-01-07

කළුවර ඉරගල.. - Page 2 Empty Re: කළුවර ඉරගල..

2016-01-07, 9:18 am
niyama kathawak
mama godak poth kiyawana kenek eth me wage wenas script ekak kiyawana first time
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6165
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 2 Empty නවවන දිගහැරුම...

2016-01-11, 9:15 pm
Message reputation : 100% (3 votes)
නාමලාට දිගින් දිගට ම ටිකිරා සිහිනෙන් පෙනෙන්නට විය. ඔහු, ටිකිරා සතුව බලවත් අද්භූත ශක්තියක් ඇතැයි විශ්වාස කළ ගම්මුන් අතර ඉදිරියෙන් ම සිටියේ ය. සිහින තුන් මසක් පමණ පෙණුනු පසු ඔහුට දිවා කාලයේද ටිකිරා මැවී පෙනෙන්නට විය. ඔහුගේ පෙම්වතියද නාමලාගේ අමුතු හැසිරීම ගැන පුදුමයට පත් විය. එක් වරම ඔහු කියා සිටියේ රජ වාසලේ රැකියාවක් සොයාගෙන යා යුතු බව ය. එහෙත් නාමලාගේ පෙම්වතිය ඊට බලවත් ලෙස විරෝධය පළ කළාය. ඔහුගෙන් ඈත්ව සිටින්නට ඈට උවමනා නොවීය.
දින කීපයක් නාමලා පෙනෙන්නට සිටියේ නැත. ගම්මු ඔහු කැලෑ වැදී ඇතයි සිතෑ ගම අවට මහ වනය පීරුවද ඔහු සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ ගමේ සිටි අඟුරු කෑල්ලකටත් වඩා කාල වර්ණ පුරුෂයා අතුරුදන් වී ඇති බව ගම්මු ඇදහූහ. ඔවුහු ඔහු යළි ගෙන්වා ගැනීමට ශාන්තිකර්මයක් කරන්නට උත්සාහ කළද එය ඉටු වූයේ නැත.
අඩ අඳුර සමඟ මුසු වූ අමුතු සීතලක් ගත දැවටෙන සැන්දෑවක නාමලා රජ වාසල පේන මානයට පැමිණ සිටියේය.
*****

"පොඩි බණ්ඩාර ඉන්නෙ මුරකාවල් ඇතුව. ඌ මරා දමන එක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. " නාදනීගේ කෙහෙරැලි අතරින් අතැඟිලි යවමින් රනා කීවේය.
"කහවණු වියදම් කරන්ට වෙනව දෙයියො.... රාජ පුරුෂයො කියන එවුන් කහවණු වලට ඕනෙ දහදුරා වැඩක් කොරන ජාතියක්." නාදනී කෙඳිරුවාය.
"හැබෑව. උඹලටයි මටයි කරදර වෙන්න බැරි නෑ නෙව වාසල මහ එවුන්ට ඉව වැටුණොත්..." රනා බිය වී සිටියේ ය. සැබැවින්ම රජ ගෙයි දඬුවම් ඒ තරම් බිහිසුණු විය. ...
"ඊළඟ පෝය වෙද්දි මැරෙන්නෙ ටිකිරා."
නාදනී දැඩිව කියා සිටියා ය.

රනා පුදුම විය.
"ටිකිරා මොන වරදක් කොරාටද ඒකව මරන්ට තනන්නෙ?"

"මහ වෙද්දු කියා හිටිනව නෙව ටිකිරා වෙදකමේ හපනෙක් වෙලාය කියල. පණ අදින ඕනෙ එකෙක් ගොඩ ගන්ට පුළුවන්ලු. ටිකිරගෙ ඇයි හොඳැයිය වැඩියි පොඩි බණ්ඩාර එක්කලා. උපාය ගැස්සිලා පොඩි බණ්ඩාරට යාන්තම් පණ ඉතුරු වුණොත් සනීප කොරන්ට ඉන්න එකම වෙදා ටිකිරා. මුලින් පරලොව යන්ට ඕනෙ ටිකිරා. "
රාජභාණ්ඩාගාරයේ රන්කාසි පිරවූ මල්ලක් නාදනී සොරාගත්තාය. පොඩි බණ්ඩාර යන එන තැන් විපරම් කරන්නට ඈ චර පුරුෂයන් යෙදෙව්වාය. ඒ අනුව බොහෝ රාත්‍රීන් වල පොඩි බණ්ඩාර ටිකිරා හමු වන්නට යන බව ඈ දැන ගත්තාය. මාළිගයේ හමුදාවන් අලුත් කෙරෙමින් පැවැති ඒ කාලයේ නවක දුනුවායන්ගෙන් අඩුවක් නොවීය. ඈ එකෙකු තෝරා ගත්තාය.
*****
බොහෝ රාත්‍රීන් වල ටිකිරාගේ කුටිය වෙත යන්නට පොඩි බණ්ඩාර සමත් විය. කිසිවෙකුත් ඔහු ගැන සැක නොසිතූහ. එම රාත්‍රීන් ඉතා දිගු බව ඔවුන්ට දැනුනි. කුඩා විශ්වවිද්‍යාලයක් බඳු වූ ඒ කුටිය තුල බුදු දහම, දර්ශනය, වෙදකම හා සාහිත්‍ය වැනි බොහෝ විෂයන් සාකච්ඡා කෙරිණ. ඒ සියල්ලටමත් වඩා කියාගත නොගැකි වූ අසම්මත ආදරය ඔවුන් දෙදෙනා තුළම, එකිනෙකාට නොදෙවෙනි වේගයෙන් දලු ලා වැඩෙමින් තිබුණේය.
****
එක් සන්ධ්‍යාවක සුවඳ දියේ නාන්නට අවශ්‍ය බව පොඩි බණ්ඩාර දන්වා සිටියේය. හෙට දිනයේ දඩ කෙළි ගමනක් යෙදී ඇටති වග අතවැස්සෝ තේරුම් ගත් නමුත් කිසිවෙකුටත් ඒ ගැන නොපවසන ලෙස පොඩි බණ්ඩාර සේවකයින්ට උපදෙස් දුන්නේය.

ිමිදිරි පාන්දර කුටියේ දොරට තඩි බානු ඇසී ටිකිරා අවදි විය. දඩ කෙළියේ යන්නට ඔහුට ඇරයුම ලැබුණේය. ටිකිරා සතුටින් සූදානම් විය. මුල් දිනයට වඩා වැඩි වෙනසකට තිබුණේ ඔහු උඩුකය වැසූ හැට්ටය මෙවර අතහැර උර ඇලයට යෙදූ පටිය පමණක් පැළඳ සිටීමය.
වාසල දොරටු වැසුණේය. මෙවර පොඩි බණ්ඩාර ප්‍රධාන දොරටුව මගහැර වෙනත් අප්‍රකට දොරටුවක් තෝරාගෙන තිබුණි. අසුන් දෙදෙනා ළහිරු කිරණ නැග එන විට ම පිම්මේ දිව ගියහ.

සුපුරුදු ගල් තලාව අසබඩ නතර වූ ඔවුහු අසු පිටින් බැස්සෝය.
එකෙණෙහි ම අහස ගුගුරා වහින්නට විය. එය අරුම පුදුම වැස්සක් විය. ළහිරු කිරණ වැටී මිනිත්තු පහළොවක් ගත වූ තැන ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව විනාශයක පෙරනිමිත්තක් වග ටිකිරාට හිත කීවේ ය. පුළුල් පරාසයක විහිදුණු තණ බිම් සානුවක් හා ගල් තලාවක් වූ එහි
පෙනෙන තෙක් මානයක ගස් සෙවණකට වූයේ කුඹුක් ගසක් පමණි. තරුණයින් දෙනෙනා ගස් සෙවණට දිව ගියහ.

කිසිසේත් ඇදහිය නොහැකි සිදුවීම ඇරඹුනේ ඉන් අනතුරුව ය. එක් වරම ඇති වූ දෙදරුම් හඬ අහස ගොරවන හඬක් නොවන වග තේරුම් ගිය විගස තරුණයින් දෙදෙනා මුහුණට මුහුණ බලා ගත්තෝ ය.
avatar
Ranga3
Regular Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 90
GetReal Gold : 7568
Member Since : 2014-03-24

කළුවර ඉරගල.. - Page 2 Empty Re: කළුවර ඉරගල..

2016-01-12, 12:51 am
ලස්සනයි..ඉතුරු ටිකත් update කරන්න සහෝ... pride
ranveer
ranveer
Regular Member
Mood : Proud

Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6111
Member Since : 2016-01-07

කළුවර ඉරගල.. - Page 2 Empty Re: කළුවර ඉරගල..

2016-01-12, 7:36 am
Message reputation : 100% (1 vote)
wow wow lassanai sundarai premaneeyai
hehehehe kiyanna wachanan nehe i love this story
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 7964
Member Since : 2013-09-26

කළුවර ඉරගල.. - Page 2 Empty Re: කළුවර ඉරගල..

2016-01-12, 8:18 am
Message reputation : 100% (1 vote)
meeka ikmanata update karanna maye deyyoooo...........
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6165
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 2 Empty දසවන දිගහැරුම..

2016-01-12, 9:37 pm
Message reputation : 100% (3 votes)
වැසි බිඳු අතරින් කලු පැහැ ගුලියක් මෙන් මතු වී ආවේ කුළු හරක් රංචුවක් බව ඈතදී ම පෙනෙන්නට විය. පවනට බඳු වේගයෙන් උන් ඉදිරියට ඇදෙමින් සිටියහ. කන්ද උඩරට හමුදාවේ සිටි ජව සම්පන්නම තරුණයන් දෙදෙනා කුඹුක් ගසක් යට තියුණු නිර්භීත නෙත් දල්වා බලා සිටියහ.
කිසිවෙකුත් කිසිත් නොකී අතර දෙදෙනා ම එකවර ඉදිරියට පැන්නෝ ය. ගිනි දලු මෙන් දැල්වෙමින් තිබූ කුලු හරකුන්ගේ ඇස් උන්ගේ රුදුරු බව තවත් වැඩි කළේය.
මහා වරුසාව නිසා මඩ වී තිබූ තණ බිම වෙනස් ආකාරයේ පොර පිටියක් විය.

එක් කුළු හරකෙකුගේ අං වලින් අල්ලාගත් පොඩි බණ්ඩාර ඌ පසු පසට තල්ලු කලේය. උගේ ඇස්, පොඩි බණ්ඩාරගේ ඇස් වලට සමාන්තරව පැවති අතර ඒ අතරින් වැටුණු වැහි බින්දු හැර අනෙක් සියල්ල ඉතා පැහැදිලි විය. 
ටිකිරා එක් වර ම කුළු හරකුන් දෙදෙනෙකු ඉහළට ඔසවා කරකවන්නට විය. ඔහු කෙතරම් වේගවත් වීදයත් කුලු හරකුන් දෙතුන් දෙනෙකු අහසේ මැවී පෙණින. ගල් තලාව මතට විසි කළ හරකුන් දෙදෙනා ඇද වැටුණේ ඇසට නොපෙනෙන මානයේ දුරකිනි. හාත් පස වැහි අන්ධකාරය විසින් වෙලාගෙන තිබුණේය. ටිකිරාගේ වේගය හා ශක්තිය තමා සිතා සිටියට වඩා ඉතා ඉහළ බව පොඩි බණ්ඩාර තෙරුම් ගත්තේය.
පොඩි බණ්ඩාරද සිය උතුරා යන ජවය හමුවේ ඒ මුර්ගයින් හා හරි හරියට පොර බදිමින් සිටියේය.

සටන පුරා හෝරාවක් පැවතුණි. වරින් වර මහා හඬින් අකුණු ගසන්නට විය. කවරෙකුත් පරාජය බාර ගන්න සෙයක් නොපෙනුණි.
තවත් වැඩුණු හරකුන් දෙදෙනෙකු එකවර ටිකිරාට හසු විය. ඔවුන් සිය හිස වටා කරකවමින් අහසට නැගි හෙතෙම මහ හඬින් කෑ ගැසුවේය. ඒ කෑගැසීම මිනිසෙකුට දරා ගත නොහැකි තරම් විය. පොඩි බණ්ඩාර සටන නවතා දෑතින් ම සවන් වසාගත්තේ ය. ඉතිරි වී සිටි කුලු හරක් පසු නොබලා පැන දිවූහ.අවසන් කුලු හරක් දෙදෙනාද ඈතට වීසි කල ඔහු උදාර ලීලාවෙන් නැගී සිටියේය.
පොළව දෙදරුම් දෙමින් ගැසූ අකුණු එන්න එන්නට ම වැඩි විය. සටන් බිමේ මඩ බිඳු විසුරුවමින් නොනවත්වාම මහා වැහි බිඳු ඇද වැටුණි. සළු ගැලවී විසි වී ටිකිරා අමුඩය පමණක් ඇතිව මඩ තවරාගෙන නැගී සිටියේය. ඔහුගේ මස් ගොබ තවමත් කෝපයෙන් නලියනු දැකිය හැකි විය.
පොඩි බණ්ඩාරගේ මුහුනේ කිසිඳු වෙහෙසකර බවක් නොවීය. ඔහු අඩියක් පිටුපසට තබා මිට මොලවාගත් දෑත් මැණික් කටුව අසලින් තවත් තද කරමින් සිටියේය. උකුස්සේකුගේ මෙන් තියුණු ඇස් ඇති ඔහුගේ බැල්ම ඉතා ඈතට යොමු වී තිබිණි.
මඩින් ද වැහිදියෙන් ද පෙඟී සිටි තරුණයින්ගේ ටීව්‍ර දෙනුවන් කියා පෑවේ උතුරා යන යෞවන ජව සම්පන්න බව හා වේග ය යි.
මිනිත්තු කිහිපයක් ඔවුහු එතැන ම සිටගෙන සිටිය හ. අනතුරුව ඔවුහු එකිනෙකා දෙස බැලූහ. වැහි දිය පමණක් ඔවුන් දෙදෙනා අතර පැවැති පරතරය පිරවූයේය. තත්පර කීපයක් එකිනෙකාගේ උස් පහත් වන පපුව දෙස බලා සිටි ඔවුහු එක්වර ම ළං වූහ.
ඉස්සර වූයේ කවුදැයි කාටවත් සිතාගත නොහැකි විය. ඔවුහු එකිනෙකාගේ තොල් පෙති තදින් රස වින්දෝ ය. අනෙකාගේ උණුසුම් සුසුම් වල ශබ්දය සවන් පතුලට ම වන්නට තැන්පත් වූයේය. ටිකිරාගේ හැඩි දැඩි දෑත් පොඩි බණ්ඩාරගේ ගෙල වටා යැවිණි. පොඩි බණ්ඩාර ගේ ග්‍රහණයට නතු වූ ටිකිරා මොහොතකටවත් සිය තොල්පෙති වලට විවේකයක් නුදුන්නේය.
ටිකිරාව තව තවත් තදින් වැළඳගත් පොඩි බණ්ඩාර ටිකිරාගේ සළු ගලවා දැමුවේය. ටිකිරාද එයට නොදෙවෙනි ලෙස පොඩි බණ්ඩාර නිරුවත් කළේ ය.
කුඹුක් ගස් සෙවනට මදක් ඈතින් මඩ පෙරාගත් තරුණයින් දෙදෙනෙක් උනුන් වැළඳගෙන ආදරයෙන් උමතුව සිටියහ. ඔවුන්ගේ නිරුවත් ශරීර ඉතා හැඩි දැඩි මස් ගොබ වලින් ගැවසී තිබුණේ ය.
මේ කන්ද උඩරටටම සිටි ශක්තිමත් ම තරුණ ගැටවරයින් දෙදෙනා ය. අකුණු ගසන මහා වැහි අඳුරේ ඔවුහු උනුන් හා වෙලී හුන්හ. මෙතෙක් සිය ඇතුළාන්තයේ සිර වී සිටි අසම්මත පෙම්වතුන්ගේ හඬ ශබ්දය නිහඬව ම උනුන් වෙත ගලා යාමට ඉඩ දුන්හ. සිතින් ඒකාත්මිකව සිටි ඔවුහු එකිනෙකාගේ නිරුවත් සිරුරු ඉතා තදින් වැළඳගෙන උන්හ. එකෙකුට අනෙකා දෙවැනි නොවූ කාය ශක්තිය විසින් වර්ධනය කරන ලද සරාගීත්වය උන් මත් කරමින් තිබුණි.
වැස්ස තව තවත් චණ්ඩ වූ අතර අකුණු හා විදුලිය ද වැඩි මිස අඩු නොවීය. ටිකිරා කුමරු සමඟ බිම පෙරළුණේය. ඉන් ඇතිවූ මඩ බිඳිති යොදුන් ගාණක් ඈතට විසි විය.


වැස්ස නොනැවතිණි. එය නතර විය යුතු නැතැයි සිතන්නක් මෙන් ගල් තලාව අසල ගැට ගසා තිබූ අසුන් දෙදෙනා ඉවත බලා ගත්හ.
Sponsored content

කළුවර ඉරගල.. - Page 2 Empty Re: කළුවර ඉරගල..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum