Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4102 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


කළුවර ඉරගල..

+12
shevan
weera1
amal123
ranveer
Ranga3
kasunx
roxram
manu1978m
Hitha Honda Kolla
Rashmika
Isura
Tharuka Sithum
16 posters
Go down
niroshd121@gmail.com
niroshd121@gmail.com
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 5861
Member Since : 2016-04-11

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-04-11, 10:16 pm
Lassanai...eth ...ko kathawa
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-04-16, 8:07 pm
kochchara bennath log una hetiye awith balanne mo modaya update karalada kiyalai. e wena hethuwak hinda nemei. man aasama kathawak hindai.
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8549
Member Since : 2014-02-16

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-04-18, 9:02 pm
Message reputation : 100% (3 votes)
වෙනදාට තමා සමඟ පමණක් දඩ කෙළියට යන ඔහු, අද වන විට දඩ කෙළියට යන්නට පනහක් වූ අසරුවන් අවශ්‍ය බව කියා සිටිද්දී ත් ටිකිරා සියල්ල නිහඬව අසා සිටියේය.
හිස නමා සියල්ල අසා සිටි ටිකිරා සිය මහපටැඟිල්ලේ කෙළවර දෙස බලා හුන්නේය...

ඔහු යළිත් යන්නට හැරුණේය.. .
කුටියේ දොර අසල සිටගෙන සිටි පොඩි බණ්ඩාර දෙපැත්තට ගාම්භීර ලෙස පැද්දේන ටිකිරාගේ පුරුෂ ශරීරය දෙස බලා සිටියේය. එහි යම් හුරු පුරුදු සරාගීත්වයක් ගැබ්ව ඇතැයි පොඩි බණ්ඩාර කල්පනා කළේය.. තව දුරටත් පොඩි බණ්ඩාරගේ සිතුවිලි දාමය ඇදෙන්නට ඉඩ නොදී ටිකිරා අතරමැද වූ ආලින්දයකින් හැරී, නොපෙනී ගියේ ය..

****
නාදනීගේ ව්‍යාජජ අහිංසකත්වය විසින් ඈට බොහෝ දේ ළඟා කරදෙන ලදී... අගේ ගැබ් ගැනීමේ රංගනය සාධාරණීකරණය කළ ඈ, තමා තුල වූ කම්පනය නිසා තමන් ගැබ් ගෙන ඇතැයි යන හැඟීමක් තමා තුල ඇති වූ වග කීවාය. බොහෝ දෙනා ඈට අනුකම්පා කළ ද කන්‍යා භාවය අහිමි කරගත් එකියක ලෙස වපරැසින් ඈ දෙස බැලූවෝ ද රාජකීයයන් අතර අඩු නොවීය..
රනා ඇගේ සයනයේ හති ලන විට ද ඈ සිහසුන ගැන සිහින දැක්කාය..
******
ටිකිරාට සමාව ලැබුණ ද බොහෝ තැන් වලදී ඔහු ප්‍රතික්ෂේප විය. ඔහුග්ගේ සෙන්පති උසස්වීම අහෝසි කෙරිණි. සටන් බිමේ ගුරුවරුද ඔහුට විනයක් නැතැයි කියා ඔහු ගැන දක්වන සැලකිල්ල අඩු කළහ.. මහ වෙදනා පමණක් නව අත්හදා බැලීම් කරන්නට ඔහු වෙදහල වෙත ගෙන්වාගත්තේය....
****
පොඩි බණ්ඩාර සම්පූර්ණ සුවය ලබා නොතිබිණ. සෑම සතියකම හෝරා කිහිපයක් ඔහුව බෙහෙත් වතුරින් තවන ලදී.. එය සිදු කළේ ටිකිරා ය.

කලින් දින වල පැය ගණන් තම කුටියේ තුරුල් වී එකිනෙකාගේ නිරුවත් සිරුරු වල දැවටී පෙම් බස් තෙපළමින් හුන් මේ තරුණයෝ , අද කුමාර අංගනයේ කුටියක නාඳුනන මිනිසුන් දෙදෙනෙකු මෙන් බෙහෙත් කිරීම් වල යෙදීමට නියමිත ව හුන් හ.
එකිනෙකා හා දුක සතුට බෙදාගත් ඔවුන් අතර එදා පැවති අසම්මත ප්‍රේමය වෙනුවට රාජකීය තානාන්තර වල බලපුළුවන්කාරකම විසින් ඔවුන් අතර පෙර නොවූ විරූ පරතරයක් ගොඩ නගා තිබුණි.
එහෙත් මේ යෞවනයන්ගේ සිත් තුල කැකෑරුණු සිතිවිලි, විශේෂයෙන් ටිකිරාගේ ඇතුලාන්ත හඬා වැලපීම මහවැලියේ ගංවතුරටත් වඩා බියකරු බව දැන හුන්නේ නිදි නැති රාත්‍රීන් වල ඔහුගේ සයනය තෙත් කළ කඳුලුම පමණක් විය.
අංගනයේ රැඳී හුන් පොඩි බණ්ඩාර ටිකිරාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියේය. ටිකිරා එහි පැමිණියේ සේවකයෙක් සමඟ ය.. සේවකයා බෙහෙත් පිරවූ විශාල බඳුන් කිහිපයක් රැගෙන ආ අතර පොඩි බණ්ඩාර සිටි කුටියේ ඔහුට වැතිරීම සඳහා විශාල බෙහෙත් ඔරුවක් විය..
"අවසර"
ටිකිරා දොර අසල සිටගෙන සෙමෙන් කතා කළේය..

"මේ සාත්තුව උඹට තනිවම කරන්ට බැරි වෙයි ද?"
පොඩි බණ්ඩාර ඇසීය..

"එහෙමයි. මට ඇහැකි කුමරුණි"
"එසේ නම් සේවකයා යවන්ට"
"එහෙමයි"
සේවකයා පිට විය. ටිකිරා කලමනා සූදානම් කළේය..
පොඩි බණ්ඩාර දිගින් දිගටම ටිකිරාගේ ශරීරය දෙස බලා සිටියේය. එහි යම් හුරු පුරුදු බවක් ඇතැයි ය යන සිතිවිල්ල ඔහුට වද දුන්නේය.. ඔහුට ටිකිරා සමඟ කතා කරන්නට අවශ්ය වුවද වචනයෙන් විස්තර කළ නොහැකි පැටලිලි සහගත සිතුවිලි සමුදායක් විසින් කතාව පටන් ගන්නට අවස්ථාවක් ඔහුට අහිමි කර තිබිණි..
"සළු ගලවා ඔරුවේ වැතිරෙන්ට කුමරුනි"
ටිකිරා යටහත් පහත්ව කීවේය..

"මට උඹේ කට හඬ අසා පුරුදු යි"
"ඔබ අසනීප වන්නට පෙර මා ඔබ ළඟින්ම සිටියා කුමරුනි. එබැවින් ඔබට ඒ වගක් මතක ඇති. "
ටිකිරා ඉන් එහා කතා කළේ නැත . නාඳුනන්නෙකු මෙන් පොඩි බණ්ඩාරගේ හුස්ම වැටෙන මානයේ ඉන්නට ඔහුට අනවශ්‍ය විය. ඔහු සිටියේ කෙතරම් අපහසුවෙන්ද යත් වෙනදා ඔහුගේ මුහුණේ පවතින සරාගී බව මුසු ආඩම්බරය කොහේ හෝ අඩු වී ඇතැයි සියල්ලන්ට පෙණින.
"ළඟින් සිටියා කීවේ මොකද්ද උඹ? උඹ ගැන විතරක් මට මතක නැති වෙන්ට හේතුව මඅක්කැයි?"
පොඩි බණ්ඩාර අමාරුවෙන් වචන එකතු කළ වගක් දිස් විය..

"මා එය කියන්ට දන්නේ නෑ කුමරුනි. බෙහෙත් නිවෙන්නට පෙර ඔබ ඔරුවට ගොඩ විය යුතුයි කුමරුනි. "ටිකිරා කතාව වෙන අතකට හැරවූ බව පොඩි බණ්ඩාරට ද වැටහුණි...
කෙටි අමුඩයක් පණක් ඉතිරි වන සේ සියළු ඇඳුම් ඉවත් කළ ඔහු බෙහෙත් ඔරුවට ගොඩ විය...
ටිකිරා ඔහු සම්බාහනය කලේය. පොඩි බණ්ඩාරගේ සෑම මාංශ පේශියකම විදුලි කොටනු ඔහුට දැනින. දරාගත නොහැකි තරමේ රාගයකින් ඔහු පිරී ගියේ තමාට උණුහුම දැනෙන මානයේ වූ ටිකිරාගේ මස් පිඬු දැකීමෙනි. මේ සිදු වන්නේ කුමක්දැයි යන වග ඔහුට සිතාගත නොහැකි විය.. ශරීරයේ ප්‍රාණවත් විය හැකි සියලු අංගෝපාංග ප්‍රාණවත්ව තිබිණි... වෙනත් කිසිවෙකු අරභ්යා ම්වේන් අපූර්ව හැන්ගීමක් ඇති වූ අවස්ථාවක් ඔරුවේ දිගා වී සිටි මේ කඩවසම් පුරුෂයාට සිහියට නගා ගත හැකි නොවීය.
ටිකිරා නිහඬව සිය කාර්යයේ නිරත වූයේ පොඩි බණ්ඩාරගේ වෙනස ඉතා හොඳින් දුටු නමුත් කිසිඳු වෙනසක් නො පෙන්වමිනි.


එක්වරම නැගී සිටි පොඩි බණ්ඩාර ටිකිරාගේ දෙ උරෙන් අල්ලා ගත්තේය..
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8549
Member Since : 2014-02-16

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-04-18, 9:04 pm
Message reputation : 100% (3 votes)
පොඩි බණ්ඩාර ටිකිරා වෙත සිය මුහුණ ළං කළේය.
ටිකිරා පොඩි බණ්ඩාරගේ ඇස් දෙස බැලුවේය. සුපුරුදු ආදරය එහි ගැබ්ව නැති බව ඔහු දැනගත්තේය. ටිකිරා පොඩි බණ්ඩාරගේ ඇස් තුළ හඳුනා ගත්තේ රාගය ම පමණි. ඒ බව හඳුනා ගන්නට ටිකිරාට අපහසු නොවූයේ අන් කවරෙක්ටත් වඩා ඔහු ඒ ඇස් වල භාෂාව උගෙන හුන් නිසා ය.


"ඉවසන්ට" ටිකිරා කීවේ එපමණකි. ඔහු පොඩි බණ්ඩාර ව තල්ලු කර දමා සම්බාහනය වේගවත් කළේය..

පොඩි බණ්ඩාර අපැහැදිලි මතකයන් ගොන්නක සැරිසැරුවේය. ටිකිරා ඉතා හුරු පුරුදු බවත් ඒ පුරුද්දට තරම් සමීපත්වයක් මේ හේවායා සහ තමා අතර ඇති වූයේ කෙසේද යන්නත් ඔහු දිගින් දිගගට ම කල්පනා කළේය.

"අහවරයි. මට යන්ට අවසර
නැගිට සළු පැළඳ ගන්ට කුමරුනි" අහක බලාගෙන ම කී ටිකිරා කුමරුන්ගේ අවසර නොලබාම ඉක්මනින් පිටව ගියේය.


ඒ වන විට මාළිගාවට එපිට කඳු පන්ති අතරින් ගොම්මන් කලුවර ගලා එමින් පැවතුණේය. ඒ කලුවර, ටිකිරාගේ කඳුළු වල සීතල පොඩි බණ්ඩාරගේ පැටළුණු සිතිවිලි දාමයන්ට ජීවය දුන්නේය. කුමාර අංගනයත්, හේවා අංගනයත් අතර තිබූ එකම සම්බන්ධය ඒ සුළඟ පමණකි.. ටිකිරාගේ මැටි භාණ්ඩ වල දුහුවිලි බැඳී තිබුණේ ඔහු කලකින් ඒවාට අත නොතැබූ හෙයිනි.

ටිකිරා කල්පනා කලේය. පොඩි බණ්ඩාර තුළ තමා පිළිබඳ ඇත්තේ ආදරයක් නොවන වගක් ඔහුට දැනුණු අතර, එය තමා වෙනුවෙන් ඇතිවන රාගයකැයි ඔහු සිතුවේය. එහෙත් තව දුරටත් ඔහු මුලු ජීවිතයෙන් ම ඔහු පොඩි බණ්ඩාරට පෙරටත් වඩා ආදරය කරමින් සිටියේය.

ආලය වූ කලී මෙබන්දකි. යමෙකුට, තමන් ගැන නොසොයන, තමා නොවැදගත් යැයි සිතන තවත් මනුශ්‍ය ආත්මයක් කෙරෙහි ඇතිවන අරාගික මානව සිතු දැහැන, සයන මත්තේ එකිනෙකාගේ මනු කයේ රස සොයනවාට වඩා සොඳුරු හා ප්‍රබල වන්නේය.

පොර පිටිය තුළදී ද පොඩි බණ්ඩාරට පෙනෙන්නට ටිකිරා ආවේ නැත..

ඔහුට ඉඳ හිට දවසක ටිකිරා දක්නට ලැබුනේ හේවා රාජකාරි වලදී හෝ වෙදහලේ හදිසි අවස්ථාවක පමණි. ඒ සෑම වරකම ඔහු පිළිබඳ අපැහදිලි මතකයන් සිත වටා රවුම් ගැසුවද ටිකිරා ඉක්මනින් අතුරුදන් විය. පොඩි බණ්ඩාරට මෙය තේරුම් ගන්නට අපහසු විය.

පළමු බෙහෙත් සාත්තුවෙන් පසු සෑම සතියක ම ටිකිරා පමණක් පොඩි බණ්ඩාරට සාත්තු කරන්නට ආ අතර ඒ කිසිඳු අවස්ථාවක ඔවුන් අතර කිසිඳු වචන හුවමාරුවක් සිදු නොවීය.. ටිකිරා ඒ සෑම දිනක ම ඉක්මනින් වැඩ අවසන් කර කිසිත් නොකියා යන්නට ගියේය.. පොඩි බණ්ඩාරට ටිකිරා සමඟ කතා කරන්නට අවශ්‍ය වුවත් ඒ සඳහා ඔහු සතුව ආත්ම විශ්වාසයක් නොවුණු අතර ඔහු ටිකිරා දෙස ඔහේ බලා හුන්නේය..

***

මේ අතර වාරයේ ලොකු බණ්ඩාර නාදනීගේ විවාහය සැලසුම් කළේය...

"මලනුවන්ට නාදනීගේ අතගන්ට පුලුවන් නෙව. මා සිතනවා රාජ්‍යය ගැන සිතා ඔබ මේ තීරණයට කැමති වෙයි කියලා.."
ලොකු බණ්ඩාර පුද්ගලිකව පොඩි බණ්ඩාර හමුවට පැමිණ කියා සිටියේය.
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8852
Member Since : 2013-06-02

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-04-19, 12:02 am
sathutui kaalekata passe updates dekak dekaganna hamba una ekata..sthuthiyyyy.. digatama liyanna.. rocksss rocksss rocksss rocksss
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6485
Member Since : 2015-10-14

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-04-19, 1:05 am
hmm kalekin awit liyala lassanai......ikmanin liyanda ayet.....
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-04-19, 5:42 am
kalekata passe man aasama kathawa update karala. ekata bohoma sthuthii. eth ei me wena namakin? issella meka liuwe sithumne.
monawa unath kauru hari kamak nehe digatama liyanna. man me kathawata washi wela inne.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-04-27, 4:15 am
oya. ayeth nawathwala. ane liyannako......
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-05-04, 5:07 am
mekath nawathinna yana kathawak wage penne.
asanpathi
asanpathi
Regular Member
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 49
GetReal Gold : 7515
Member Since : 2014-02-05

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-05-05, 2:59 am
asawen kiyawapu kathawak. 
aparade atharamaga nawathunoth.....
thumbdown thumbdown thumbdown thumbdown thumbdown thumbdown thumbdown thumbdown thumbdown thumbdown
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-05-05, 5:20 am
maath me duwagena awe update karala kiyala hithagena. eth wedak nehe.
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8549
Member Since : 2014-02-16

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-05-15, 10:37 pm
Message reputation : 100% (4 votes)
"මට අයියණ්ඩි එක්ක වැදගත් දෙයක් කතිකා කොරන්ට තියෙනව. කියන්ට මට ඇත්ත ම. මගේ අසනීපය ගැනත් අනතුර ගැනත් මට දැනගන්ට ඕන. "
"මේ අහන්ට පොඩි බණ්ඩාර, උඹ ඒදා රාත්‍රියෙ හේවා අංගනයෙදි අනතුරට ලක් වුණා. ඉන් මත්තෙදි උඹ සනීප වුණා නෙව. තමුන්ගෙ පුද්ගලික වගතුග නොවෙයි, මේ රාජ්‍යය ගැන හිතන්ට. නුඹ නාදනීව විවාහ කර ගන්ට ඕනෙ. මා බලා සිටියා නුඹට ඈ ගැන හිතක් ඇති වන තෙක්. එහෙත් මා සිතනවා විවාහයෙන් පසු හෝ නුඹලා එකිනෙකා තේරුම් ගනිවි කියා.."
ලොකු බණ්ඩාර එසේ කීවේ, ඒ වන විටත් ඔහු නාදනීගෙන් මේ ගැන විමසා ඇගේ කැමැත්ත ලබා ගත් පසුව, සුදුසු නැකැත්ද සොයා බලන්නට උපදෙස් දුන් පසු ය.

"අයියණ්ඩි කියා හිටින්නෙ කිසිවක් නොදන්න ගෑණියෙක්ව මට කරකාර බඳින්ට කියල ද? "
"තව මොනවාද ඈ ගැන දැන ගන්නට තියෙන්නෙ? ඈ උගත් නැණවත් ඒ වගේම මේ රාජ්‍ය්යටම සිටිනා සුරූපීම තරුණියක්. ඇගේ සිත ඔබට ආලය කරනවා මහ මෙර තරම්. ඔබ නොදන්නව වුණත්. අනෙක් අතට ඈ අපේ රාජ්‍ය පෙළපතට ගැලපෙනව නෙව හැම අතින් ම"
දෙ සොහොයුරෝ කතා කරමින්ම සඳලු තලයකට පැමිණියහ. එහි ඉහළින් බැලූ විට පහළින් පෙනෙන උද්‍යානයේ තැනක ටිකිරා තම සගයින්ට සටන් ක්‍රම උගන්වමින් හුන්නේය.. පොඩි බණ්ඩාර එක එල්ලේ බලා හුන්නේ ටිකිරා දෙස ය.. ඒ සටන් ක්‍රම දැක ඔහු මවිත විය..
ලොකු බණ්ඩාර තවදුරටත් කතා කළේ ය..
"අද සන්ධ්‍යාවේ හොස් ඈ හමු වන්ට.. මා ඔබට නැවතත් කියා හිටින්නේ රට ගැන හිතන්ටය කියල. අනෙක් අතට ඇගේ කවර අඩුවක්ද කියල හිතන්ට... "

"අයියණ්ඩි" පොඩි බණ්ඩාර ටිකිරා දෙස බලාගෙන ම කීවේය..
"අර මට සාත්තු කොරන හේවායා.. ඔහු හා මා අතර පැවැති සම්බන්ධය ගැන මට මතක නැහැ නෙව. එය කෙබඳක් ද?"

"ඔහු වෙදකම උගත් හේවායෙක්. අපරාධකරුවෙක්. ඔහු හා ඔබ අතර කවර සම්බන්ධතාවයක් වත් නැහැ. කරුණාකර මේ විවාහය ගැන තීරණයක් ගන්ට.. "
ලොකු බණ්ඩාර යන්නට ගිය අතර පොඩි බණ්ඩාර ටිකිරා දෙස නැවත බලන විට ඔහු අතුරුදන්ව උන්නේය.
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8549
Member Since : 2014-02-16

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-05-15, 10:37 pm
Message reputation : 100% (4 votes)
"කුමරුන් මා සමඟ වැඩි කතා නැත්තේ ඇයි?"
නාදනී අසුන් ගනිමින් ඇසුවාය...
ඇගේ ප්‍රමාදයෙන් අපහසුවට පත් වෙමින් පොඩි බණ්ඩාර මණ්ඩපයේ හිඳගෙන උන්නේය... උද්‍යානය ඔස්සේ වැටී තිබූ මාවතින් නාදනී තනිව ම පැමිණියාය...
පොඩි බණ්ඩාර තුල හැඟීම් අවුස්සන්නට මෙන් ඈ දුහුල් සළු හැඳ වෙනදාටත් වඩා උකුල සොලවමින් ද අඳුනින් ඇස් සරසාගෙන ද පැමිණ සිටි නමුත් එය පොඩි බණ්ඩාරට විකාරයක් මෙන් පෙණින.. ඒ වෙනුවට පොඩි බණ්ඩාර ඈතින් පෙනෙන රාජ පුරුෂයන් දෙස බලා උන්නේය..

"මා කුමක් කතා කරන්ටද.. රාජ්‍යය ගැන සිතා ඔබ සරණ පාවා ගන්නටැයි ලොකු බණ්ඩාරත් පිය රජ්ජුරුවොත් මට නිතර කියා හිටිනවා.. " හුනස්නෙන් නැගිට මණ්ඩපයේ මල් වැලක් එතුණු කණුවක් වෙත යමින් පොඩි බණ්ඩාර කියා සිටියේය..
තමා දෙස නෙත් කොණින්වත් නොබලන මේ තරුණ කුමාරයා පිළිබඳ පුදුම වෙමින් නාදනී සිය ස්වරය ඒඩාත් කෝමල කළාය...
"රුහුණේ පාලනය ඔබට පවරන්ට ඔවුන් සිතා සිටිනවා. ඒ සඳහා ඔබ අනිවාර්යයෙන් විවාහ විය යුතුයි කුමරුනි. රාජ්‍ය නීති රීති ගැන මට වඩා ඔබ දන්නවා අති නෙව."
"නාදනී මට රුහුණක් ඕනෙ නෑ"
"සියලු කුමාර වරු ඔය අයුරුන් කතා කරන්ට ගත්තොත් රටට කවර කලක් යාවිද.. මා ඔබ ඉදිරියේ වැඳ වැටෙන්නට උත්සාහ කරන්නේ නෑ එය ඔබේ කැමැත්ත..."
"ටිකිරා.." පොඩි බණ්ඩාර ටිකිරා ගැන කතාවක් පටන් ගන්නට නාදනී වෙත හැරුණාය. එහෙත් එය වළකමින් නැගී සිටි ඈ එක් වරම දුක්බර ව කතා කරන්නට පටන් ගත්තාය...
"ඔබ කියන්ට හදන්නේ මා නැති කර ගත් කන්‍යා භාවය ගැන නම්, එය නම් ඔබට ඇති ගැටලුව, කරුණා කර දැනගන්ට ඒ නිසා මා අතිශයින් කම්පනයට පත්ව ඇති වග. මට අවශ්‍ය නෑ කෙලෙසින්වත් ඔබ ඉදිරියේ පහත් ගෑණියක් වන්නට. තවමත් ළාබාල වියේ පසුවන මා උසුලන දුක් කන්දරාව බොහොම වැඩියි නෙව. තව දුක් දරන්ට ඕනෙ නෑ මට...."
පොඩි බණ්ඩාරගේ සිත උණු විය.. සමරිස්සෝ තරුණියන් අරභයා ආල ගැඟුම් ඇති කර නොගත්තද ලිංග භේදයකින් තොර ව මිනිසුන්ගේ හදවත් උණු කරන්නට ගැහැණුන්ගේ කඳුලු සතු ශක්තිය අපමණය...
"ඉන්ට නාදනී මට ගැටළුවක් නෑ එය. නමුත් අප අතර විවාහයක් සිදුවන්ට තරම් ගැලපීමක් මට පෙනෙන්නට නෑ.. එසේ වුවත් පිය රජුගේ බලවත් ඇවිටිල්ල මත මා මෙයට කැමති වෙන්නම්. මට කාලය දෙන්ට හැඩ ගැහෙන්ට... විවාහය ඉක්මනින් සිදු වුවත් ඉන් පසුත් කාලය අවශ්‍යයි මට.."
පොඩි බණ්ඩාර මණ්ඩපයෙන් පිට වන දොරටුවට යමින් කීවේය.. හදිසියේම යමක් අමතක වූ කලෙක මෙන් යළි හැරී ආවේය...
"නාදනී රුහුණ ගැන වද නොවෙන්ට.. කුමරෙකු ලෙස යමක් ඉටු කළ යුතු නම් මා එය කරන්නම්. නමුත් නැවත මා සමඟ රුහුණ ගැන කතිකා කොරන්ට එපා.. අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවට සිදුවේවි..."
පොඩි බණ්ඩාර යන්නට ගියේය..

"හැඩ ගැහෙන්ට කාලයක් ඔබට නැති වේවි කුමරුනි... ඊට පෙර නුඹ පරලොව ඉඳීවි.. "
නාදනී මණ්ඩපය කෙළවර වූ රෝස යායකින් නෙළාගත් මලක සුවඳ බලමින් තනිව මිමිණුවාය..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-05-16, 3:14 am
hithak papuwak nethi mayam kaara geheniyak meki. pau podi bandara.
thank you goda dawasakata passe hari update karata.
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8852
Member Since : 2013-06-02

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

2016-05-17, 12:48 am
kaalekin..
Sponsored content

කළුවර ඉරගල.. - Page 7 Empty Re: කළුවර ඉරගල..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum