අලුත් මතකයක්...
+5
shevan
Harsha
jay.rishan
Hitha Honda Kolla
Jith
9 posters
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8845
Member Since : 2013-10-18
අලුත් මතකයක්...
2016-05-11, 2:20 pm
සෙනඟ එක දිගට මතු වෙනවා. ඒත් මම හොයන්නෙ ඔයාගෙ මූණ. තාමත් හොයා ගන්න බැරි වුණා. මොනවා කරන්නද ඉතින්. ඇත්තටම වෙනදා වගේම අදත් පරක්කුයි මම. ඔයා ඇත්තටම හිතනවා ඇති මට ඔයාව වැදගත් නැහැ කියලා නේද? නැහැ මැට්ටො, මම දන්නවා. ඔයා එහෙම හිතයි කියලා හිතන්නෙ මම. ඔයා කවදාවත් එහෙම හිතන්නෙ නැහැ.
ඔයා දැන් වෙනස් වෙලත් ඇති සමහරවිට. රැවුලක් වවලා. කොණ්ඩෙ වෙනස් කරලා. මහත් වෙලාද දන්නෙත් නැහැ. ඔව් ඒක ගැන ඇත්තටම මම දන්නෙ නැහැ. කොහොමද ඔයා ළඟ නැතුව ඔයාව දැකලා විතරක් මම ඉන්නෙ? මේ කාලෙටම ඇහුවෙ ඔයාගෙ කටහඬ විතරමයි.
අවුරුදු දෙකක්! අවුරුදු දෙකකට පස්සෙ අදයි මම ඔයාව ආයෙත් දකින්නෙ. අවුරුදු දෙකයි මාස තුනයි දවස් පහළොවක් හරියටම කිව්වොත්. එච්චර කාලයක් හරි ඉක්මණට ගියා කියලා නම් ඉතින් මම කියන්නෙ නැහැ. ඒ කාලෙ අවුරුදු විස්සකටත් එහා වගේ. සමහරවිට ඒක හරියට නිකන්, ඔයා පළවෙනි ලෝක යුද්දෙයි දෙවෙනි ලෝක යුද්දෙයි දෙකම ඉවර කරලා ගෙදර එනවා වගේ කාලයක් කියලයි මට හිතුණෙ.
"සමහර වැඩ තනියම කරගන්න අමාරුයි."
සේලයින් බෝතලේ එක්ක නටද්දි මම කිව්වෙ එහෙම. ඔයා ඒකට හිනා වුණා විතරයි.
"මම උදව් කරන්නද?"
"හරි. ප්‍රශ්නයක් නෙවේ නම්."
ඔයා එහෙම කිව්වෙ හිනා වෙන ගමන්මයි. ඒ වෙලාවෙ ඔයාගෙ මූණ ආයෙමත් මට මැවිලා පෙනුනා. ඔයා ඇඳේ ඉන්න හැටි.. මම හොරෙන් බල බල හිටපු හැටි.. නැඟිටින්න හැඟිටින්න ඇඳට වැටිච්ච හැටි.. අදක ඊයෙක වගේ. ඒත් එක්කම කවුද මගෙ ඇඟේ හැප්පිලා ගිය නිසා ඒ දේවල් අතුරුදහන් වුණා.
"සොරි."
මම එහෙම කිව්වද කොහෙද. ඒත් ඒ මනුස්සයා මොනවා කිව්වද කියලවත් මගෙ ඔළුවට වැටුණෙ නැහැ. මගෙ ඉස්සරහින් මතු වෙන නාඳුනන මූණු අතරෙ මම හෙව්වෙ ආයෙමත් ඔයාගෙ මූණ. ඔයාගෙ ඇස්.
"අනේ තව දවසක්වත් ඉන්න බැහැ මට නම්."
කවුදෝ මන්දා කෑ ගහලා කියනවා. හිත වෙන්න ඇති. ඔව්. තව එක පැයක්වත් ඉන්න බැහැ. ඒත්?? ඒත් ඔයා අද එන්නෙවත් නැද්ද කියලා මට හිතෙනවා.
අත් දෙකත් බැඳගෙන ඇඟිලි වලින් ඉස්සි ඉස්සි නටන කොල්ලෙක් වගේ මාව හැමෝටම පේන්න ඇති. ළඟින් ගියපු කෙල්ලෙකුත් ලාවට හිනා වේගන ගියෙ ඒක හින්දා වෙන්න ඕනෙ. ඔව් ඉතින්, වෙන ලස්සනකුත් නැහැනෙ. මට ආයෙමත් හිනා වෙන්න උවමනාවකුත් තිබුණෙ නැහැ.
සපත්තුවෙ ලේස් එකත් ලෙහිලා නිසා ගැට ගහගන්න මම නැමුනා. ඉස්සර නම් කොහෙ හරි යන්න හදනකොට ගැටේ ලෙහලා ඔයා ආයෙමත් ගැට ගහනවා. මොකද මගෙ ගැට ගැන දන්න නිසා. ඒක තද කරලා එහෙමම බිම ඉඳන් ඔයා මගෙ දිහා බලලා හිනා වෙනවා.
"දැන් හරි."
ඔයා කියන එක මම මටම කියා ගත්තා. අපි දෙන්නටත් ඒ කතාව හරි යනවා එක වෙලාවකට. ගහගත්තු ගැටේ මගෙ අතින් ලිහිල් වෙන හැම වෙලේකම ආයෙමත් තද කළේ ඔයා. ආයෙමත් ගැලවෙන්නෙ නැති වෙන්නම. ඊට පස්සෙ හැමදේම ඇත්තටම හරි ගියා.
හැමදෙයක්ම මට මතක් වෙන්න යන්න ඇත්තෙ තත්පර පහක් හරි හයක් හරි. ඒත් තවමත් මම කලින් විදිහමයි. එයාගෙ හැඩරුව මිනිස්සු අතරෙන් හොයන්න මහන්සි වෙනවා.
"බෝඩ් එකක් එල්ලන් ඉන්න තිබුණෙ මටත්. කෝළන්."
දැන් මම මටම බැන ගන්නත් පටන් අරන්. ඇස් වලට කඳුළු පිරෙනවත් වගේ කියලා මට හිතුණා. ඒ අස්සෙන් මට තරහයි. අද ආවෙ නැහැයි කියලා ඔයා අම්මට කියලා ආන්ටි මට කෝල් කරයිද? බැහැ ඒක අසාධාරණයි. එහෙනම් මම අද ගෙදර යන්නෙ නැහැ. කවදා හරි එනකම් මෙතනටම වෙලා ඉන්නවා.
කවුරුත් දැන් එන්නෙම නැති තරම්. එක්කෙනෙක් දෙන්නෙක් එන්නෙත් ඉඳහිට.
"කමක් නැහැ. අන්තිමට හරි එනවා වෙන්න පුළුවන්."
මම තවත් තද කරලා අත් දෙක බැඳ ගත්තා. ඇස් දෙක කොහෙටවත් කරන්නෙ නැතුව එතනම බලන් ඉන්න මම පුළුවන් තරම් උත්සාහ කරන්න ඇති.
"දැන් එයි. දැන් එයි. දැන් එයි."
ඒ ගෙවිච්ච හැම තත්පරයක් ගානෙම මට ඇහුනෙ ඒ ටික විතරයි. ඒත් කවුරුත්ම ආයෙමත් එතනින් එන පාටක් මට පෙනුනෙ නැහැ. ඇස් දෙක ලාවට බොඳ වේගෙන එනවා කියලයි මට හිතුණෙ. මම ඔහේ ඒ දිහා බලාගෙන හිටියා.
එතකොටයි එතනින් මතු වෙන තවත් රූපයක් මගෙ ඇස් දෙකට අහුවුණේ. නැහැ. ඒ ඔයා නෙවෙයි. කවුරු හරි ගෑණු කෙනෙක්. වයසක ගෑණු කෙනෙක්. සමහරවිට ඒ ෆ්ලයිට් එකේ කෙනෙක් වෙන්න ඇති. මම පුළුවන් විදිහට ඉක්මණින් ඒ ගෑණු කෙනා ලඟට ගියා.
"Excuse me"
මම කිව්වා සද්ද වැඩි නැද්ද? කොහොමද කිව්වෙ? අඩුම තරමෙ මොකක්ද කිව්වෙ කියන එකවත් ගැන මට තේරුමක් නැති වෙන්න ඇති. ඒ ගෑණු කෙනා මගෙ දිහා බැලුවා. ඇයි මම මෙයාවම තෝර ගත්තෙ? සමහරවිට හොඳ කෙනෙක් වගේ පෙනුන නිසා වෙන්න ඇති. නැහැ... මට ඉතුරු වෙච්ච අන්තිම කෙනා නිසා නේද? ඔව්. වෙන්න ඇති.
ඒ ගෑණු කෙනා මගෙත් එක්ක හිමින් හිනා වුණා.
"Yes"
"මිස් මට... මට කියන්න පුළුවන්ද......"
හැමදේම පැටළුණා වගේ වුණා. ඒක නෙවෙයි ප්‍රශ්නෙ වුණේ. ඒ ගෑණු කෙනාගෙ මූණෙ ප්‍රශ්නාර්ථයක්.
"I am sorry. මිස් ආවෙ සිඩ්නි ඉඳන් ආපු ෆ්ලයිට් එකේද?"
ඔව්. මම හිතන්නෙ මම ඇහුවෙ ඒක තමයි. ඒ ගෑණු කෙනා ආයෙමත් හිමින් මගෙත් එක්ක හිනා වුණා.
"ඔව් පුතා."
"අනේ ආන්ටි. ආන්ටි මගෙ හිරණ්‍ය අයියව දැක්කද? හිරණ්‍ය අයියා ආවද?"
මට ඒක ඇහුණෙ එක පාරටමයි. මම කලින් කිව්වෙ මිස් කියලා නේද? ඒත් දැන් කිව්වෙ මොකක්ද? අනික මේ මනුස්සයා හිරණ්‍ය අයියව දන්නෙ කොහොමද? ඒත් මම ඒක අහලා ඉවරයි.
ඒ ගෑණු කෙනාගෙ මූණෙ තිබුණ ලා හිනාව තවමත් එහෙමමයි. එතනින් මට පෙනුනෙ හරිම කරුණාවන්ත පෙනුමක්.
"I am terribly sorry.. මම කලබල වුණා. කරදර කළාටත් සොරි මිස්."
ඒක මම කිව්වෙ හිමින්. එයා පිටිපස්ස හැරිලා බලලා ආයෙමත් මගෙ දිහා බැලුවා.
"පුතාගෙ අයියද?"
මම හිමින් ඔළුව වැනුවෙ බිම බලාගෙන.
"So sorry පුතා. මම හිතන්නෙ අන්තිමටම ආව passenger මම වෙන්න ඕනි."
ඒ වචන ටික ඇහෙද්දි පුදුමාකාර බරක් හිතේ ඇති වුණා වගේ දැනුණා. කෑ ගහලා අඬන්න පුලුවන් නම්? බැහැ...... ඒත් බැහැ. මම එයා දිහා බලලා හිමින් හිනා වෙන්න උත්සාහ කළා.
"Thank you aunty. Thank you very much."
මම ඒ ගෑණු කෙනාගෙ පාරෙන් පැත්තකට වුණා. එයා මගෙ ඉස්සරහට ඇවිත් නැවතිලා මගෙ උරහිස්සට අතක් තිබ්බෙ මෘදු විදිහට.
"ඔයාගෙ ම්ම්...... හිරණ්‍ය අයියා නේද? එයා ඉක්මණටම එයි පුතා. දුක් වෙන්න එපා. God bless you!"
මම අන්තිම වතාවට එයත් එක්ක හිනා වුණා. එයා මාවත් පහු කරගෙන ඉස්සරහට ගියෙ හිමින්.
එතන තිබ්බ පුටුවක මම එහෙමම වාඩි වුණා. එකට එකතු වුණ මගේම අත් දෙක දිහා බලාගෙන හිටියා. දැන් නම් ඇස් දෙකේ කඳුළු හොඳටම. ඒත් මට අඬන්න බැහැ. මම අත් දෙක මූණට තද කරගෙන හිටියෙ කාටවත් මාව නොපෙනෙයි කියලා හිතාගෙන වගේ. සමහරවිට කඳුළු අත් දෙකෙන් නවත්ත ගන්න හදන්න ඇති.
"අනේ හිරණ්‍ය අයියෙ එන්නකො. ඔයා අද එනවා කියලා මට කිව්වනෙ."
මම හිමින් සැරේ මටම කියාගත්තා.
"කොහෙ හිටියත් ඔයා කතා කරන වෙලාවට මම එනව සුදූ. පොරොන්දු වෙනවා මම."
එදා යන්න කළින් මාව තුරුලු කරගෙන ඔයා කියපු විදිහ ඇත්තටම වගේ මට ඇහුණා. ආයෙ ආයෙමත්. ඒත් ඒ ඇත්තටම නෙවෙයි කියන එක මට තේරුණේ නැහැ. මම ඔහෙ එතනට වෙලා ඒ විදිහටම හිටියා.
හැම සද්දයක්ම අමතක වෙලා යන්න ඇති මට. මම මගේම මතකයන් වල අතරමං වෙන්න උත්සාහ කළා.
"ඒයි.... ලුසිෆර්!!!"
ඒ කටහඩ ඇහුණෙ මගෙ ඉස්සරහින්. මතකයන් වල අතරමං වෙන එක පොඩ්ඩකට නතර කරලා මම එහෙමම හිටියා ගල් ගැහුණා වගේ. ඔව්. ඔව් ඔව්.. ඒ ඔයාගෙ කටහඬ!! ඒ ඔයාම තමයි!!!"
ඔළුව උස්සලා බලන්න මම කොච්චර වෙලාවක් ගත්තද කියලා මට විශ්වාස නැහැ. මම ඒක කරන්න ඇත්තෙ සමහරවිට හරිම හිමින්. පුදුම හිමින් වෙන්න ඇති. ඒත් මම ඒක කළා. ඉවරම කළා. ඒ වෙලාවෙ මම එයා දිහා බලන් ඉන්න ඇති. ගොඩක් වෙලා බලන් ඉන්න ඇති. පුදුමෙන් වගේ.
අවුරුදු දෙකක් කාලෙ යන්න ඇති. අවුරුදු දෙකක් තිස්සෙ මම දකින්නත් නැතුව ඇති. ඒත් අඩුම තරමෙ පොඩ්ඩක් වත් එයා වෙනස් වෙලා තිබුණෙ නැහැ. මුකුත්ම වෙනස් වෙලා නැද්ද මන්දා. එදා ඉස්කෝලෙ කොරිඩෝ එකේ මගේ ඉස්සරහා හිටගෙන හිටපු කෙනාම ආයෙමත් මගෙ ඉස්සරහ හිටගෙන ඉන්නවා, අවුරුදු ගාණකට පස්සෙත් ඒ විදිහටම. මගේ හිරණ්‍ය අයියා! මගේම හිරණ්‍ය අයියා!!
එයා මගෙ ඉස්සරහට ඇවිදගෙන ආවෙ හිමින්, මගෙ ඇස් දෙක දිහාම බලාගෙන. ඒ ඇස් දෙක කියවන්න මට අමාරු වුණේ නැහැ කවදාවත්. අදත් එහෙමමයි. ඔයා කරපු දේ ගැන දුක් වෙනවා කියලා ලොකු කතාවක් ඒ ඇස් මට කිව්වා. මම දන්නවා අයියෙ. ඒ විදිහටම ඔයා මාවත් කියවනවා ඇති, වෙනදා වගේම. තවත් ටික වෙලාවකින් අපි දෙන්නා අතරෙ තිබුනෙ අඩියක විතර දුරක් විතරයි. එයා වෙන පැත්තක් බලන් කතා කරන්න පටන් ගත්තා.
"ඇයි ඔහොම බලාගෙන ඉන්නෙ? ඒක ඔයාගෙ වැරැද්ද. හැමදාම වගේ සෙල්‍ෆිශ්. ඇයි ස්කයිප් ආවෙ නැත්තෙ? මම කොච්චර ආසාවෙන්ද හිටියෙ ඔයාව දකින්න. හැමදාම ඔයා..................."
මම ඉස්සරහට පැනලා හිරණ්‍ය අයියව බදා ගත්තා. මට පුළුවන් තරම් තද කරලා. හිර කරගෙන හිටිය කඳුළු ඔක්කොම පනින්න ඇති. කමක් නැහැ. දැන් ඒවා මට ඕනෙත් නැහැ. මිනිස්සු බලාගෙන ඉන්න ඇති ඒකට මට කමකුත් නැහැ. මට කරන්න ඕනෙ වුණ එකම දේත් ඒක විතරයි. එච්චරමයි මට ඕනෙ වුණේ.
හිරණ්‍ය අයියා මාව තවත් තද කරගත්ත විදිහ මට දැනුණා. ඉස්සර වගේම එයා මගෙ ඔළුව අත ගෑවෙ හිමින්. තාමත් ඒ සුවඳ, රස්නෙ ඒ විදිහමයි.
"ඒ ආදරෙත් එහෙමමයි නේද හිරණ්‍ය අයියෙ?"
මම හිමින් ඇහුවම එයා මගෙ මූණ දිහා හිමින් බැලුවා.
"ඔව් ජිත්. ඒක කවදාවත්ම වෙනස් වෙන්නෙ නැහැ. කවදාවත්."
ඔයත් කඳුළුත් එක්ක ඇස් වලින්ම හිනා වෙනවා. කමක් නැහැ. මිනිස්සු ඕනෙ දෙයක් බලපු දෙන්. දැන් ඔයා මගෙ ළඟ. එච්චරයි මට වටින්නෙ. ගොඩක් වටින්නෙ.
"මෝඩයා. ඇයි රට ගියෙ? අනික මාව මෙතන ඇඬෙව්වා. කොච්චර දුක හිතුනද කියලා හිතුවද?"
ඔයා ඔළුව ඇල කරලා මගෙ දිහා බලාගෙන හිනා වුණා. ඒක ආයෙමත් දකින එක කොච්චර සතුටක්ද කියල මට කියන්න තේරුනේ නැහැ. ඉස්සර වගෙම ඔයා ඇස් වලින්ම කතා කරන්න පටන් ගත්තෙ මගෙ උරහිසෙ අතක් තියාගෙන.
"මට ආදරෙයිද?"
"හ්ම්."
"එහෙම නෙවෙයි. මැජික් වචනෙ කියන්න."
එයා පොඩි එකා වගේ කට උල් කරගෙන කිව්වා. මම ලොකු හුස්මක් අරන් එයාගෙ අත උඩින් මගෙ අත තිබ්බා.
"ගොඩාක් ආදරෙයි හිරණ්‍ය අයියෙ. ගොඩාක් ආදරෙයි මම ඔයාට. සත්තයි."
ඇස් දෙක දිහාම බලන් ආයෙමත් එයා ඇස් දෙකෙන්ම කතා කළා. එදා වගේම ආදරෙන්.
"මමත් ගොඩාක් ආදරෙයි ජිත්. හැමදාටම ඔයා මගේම වෙන්න ඕනෙ."
එයා තවත් වතාවක් මාව එයාට තද කර ගත්තා. මටත් ඒකෙන් ගැලවෙන්න ඕනෙ කමක් තිබුනෙ නැහැ. ඔව්. ඇත්තටම ගැලවෙන්නෙ මොකටද, ඔයත් මගෙ නම් මාත් ඔයාගෙ නම්.
නිමි.

- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03
Re: අලුත් මතකයක්...
2016-05-12, 4:10 am
lassanai jith malliyo. harima hegum barai.
ah. thawa parana paule samajeekeyek ayeth karaliyata ewilla. welcome back.

- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7201
Member Since : 2015-09-05
Re: අලුත් මතකයක්...
2016-05-15, 11:25 pm
Marama lassanai ayye,attamai tawath diga una nm hondai wage.superb,excellent,no words
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9798
Member Since : 2015-05-03
Re: අලුත් මතකයක්...
2016-05-16, 3:00 am
o yes. thawa tikak kathawa dik una nam shoi.
- Harsha+ 500 Posts
- Mood :
City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8852
Member Since : 2013-06-02
Re: අලුත් මතකයක්...
2016-05-17, 12:58 am
lassanai..
- shevan+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9212
Member Since : 2013-08-09
Re: අලුත් මතකයක්...
2016-05-17, 1:52 am
මාරයි
මාරම මාරයි
චිත්‍රපටියක් වගේ.
මමත් ගොඩාක් ආදරෙයි ජිත්. හැමදාටම ඔයා මගේම වෙන්න ඕනෙ
(හිරණ්‍ය මල්ලි දැන් දීපන්කො මේවට උත්තර)
මාරම මාරයි
චිත්‍රපටියක් වගේ.
මමත් ගොඩාක් ආදරෙයි ජිත්. හැමදාටම ඔයා මගේම වෙන්න ඕනෙ
(හිරණ්‍ය මල්ලි දැන් දීපන්කො මේවට උත්තර)
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8845
Member Since : 2013-10-18
Re: අලුත් මතකයක්...
2016-05-17, 11:54 am
Hitha Honda Kolla and jay.rishan, තෑන්ක්ස් ඉතින් කියෙව්වට.. අවුරුදු එකහමාරකට විතර පස්සෙ ආයෙත් ලියනකොට කම්මැලියි ඉතින්. ඔළුවෙ තිබ්බ story line එක ඕක. දිගට ලියන්න මටත් ඕනි කමක් තිබුණා. ඒත් තව දික් කළා නම් පොඩ්ඩක් නෙවෙයි ගොඩක් අවුල් වෙන්න තිබුණා.
Harsha , Thanks for reading.
ශෙවී බබා.. ඔයාට කියන්න ඕනි ටික මම පස්සෙ ගලපලා හිමින් කියන්නම්. මෙතන කියන්න බැහැනෙ ඒවා.

- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7307
Member Since : 2016-03-31
Re: අලුත් මතකයක්...
2016-05-17, 1:37 pm
ඔයාගෙ ආදරේ ආයෙත්නම් ඔයාගෙන් ඈත් වෙන්න දෙන්න එපා ජිත්. කඳුළු බිබී ජීවත් වෙන්න ඕනද හැමදාම අපි.
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12453
Member Since : 2013-05-31
Re: අලුත් මතකයක්...
2016-06-09, 8:51 am
lassnayi malli !
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8845
Member Since : 2013-10-18
Re: අලුත් මතකයක්...
2016-06-15, 8:12 pm
ඔව් ඒ කතාව සහතික ඇත්ත. තෑන්ක්ස් Sajith කියෙව්වට..
Thank you Kasun අයියේ.....
Thank you Kasun අයියේ.....
- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9534
Member Since : 2013-03-28
Re: අලුත් මතකයක්...
2016-06-19, 3:37 pm
adow sira lassanayi jith
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13716
Member Since : 2013-01-29
Re: අලුත් මතකයක්...
2016-06-19, 3:51 pm
ජිත්,
මතක විදියට, ලියපු හැම පරිච්ඡේදයක්ම ගොඩක් දිගට ලියපු කොල්ලා.
කතාව කෙටි වුනාට හරිම ලස්සනයි.
සුපිරි.
මතක විදියට, ලියපු හැම පරිච්ඡේදයක්ම ගොඩක් දිගට ලියපු කොල්ලා.
කතාව කෙටි වුනාට හරිම ලස්සනයි.
සුපිරි.
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8845
Member Since : 2013-10-18
Re: අලුත් මතකයක්...
2016-06-21, 9:47 am
අහ් Esala... කාලෙකින් දැක්කෙ... (මෙතන) කොඩි.. පේළිය... Thanks ඇසළ මල.
අහ් The Return Of The King. කාලෙකින් දැක්කෙ. Thanks සහන් අයියා.. (Aragorn)

Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|