Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4081 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


`•°ලෝහිත හාදුව°•´

+8
kasun.lakmal
new nickd
navod-induwara
IceCool
Tylor
Jith
Hitha Honda Kolla
jay.rishan
12 posters
Go down
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6016
Member Since : 2016-06-30

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-06, 8:39 am
ලස්සන කතාව මල්ලි ..දිගටම ලියන්න
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7159
Member Since : 2015-09-05

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-08, 11:21 pm

ලෝහිත හාදුව


06 පරිච්ඡේදය



'උඹට මම ...'එහෙම කියපු කෲස් හම්පටියක් අරන් මට ගහගෙන ගහගෙන ගියා.වේදනාවට මං දෙකට නැවිලා ඇදට වැටුනා.ඊට පස්සෙ කෲසෝ මගේ කෙස් වලින් උස්සලා මගේ මූණ එයාගේ මූනට සමාන්තරව තියාගත්තා. 'මේ ලේවලින්ම මං උඹව මගේ කරගන්නවා.'එහෙම කිය්පු කෲසෝ එයාගේ ලේ එන කටින්ම මාව සිපගත්තා.ඊට පස්සෙ කෲසෝ එයා ඇදන් හිටිය ඇදුම් ගලවලා විසි කරා.කෲසෝගේ දේහදාරී සිරුර මැදින් දිස්වුන ඔහුගෙ ප්‍රාණවත් වූ පුරුෂ ආධිපත්‍ය දැකීමෙන් ඊලග මොහොතේ මගේ ඉරණම මට සක්සුදක් සේ පැහැදිලි වුණා.ඔහු මාව කෙලසන්න කලින් මං ඔහුව විනාශ කල යුතුයි කියන හැගීම මගේ හිතට ආවා.කෲසෝ මගේ පිටුපස කෑදර විදියට් අතගෑවා.ඔහුගේ අත් වල ස්පර්ශය මට කටු පදුරක ස්පර්ශයක් වගෙයි දැනුනේ.මං හෙමින් මෙට්ටෙ අස්සට අත දාලා මෙතෙක් වෙලාවක් මං හංගන් හිටපු පිහිය එලියට ගත්තා.මං පිහිය අරගත්තේ කෲසෝ මට කෑම දීලා අමතක වෙලා පිහිය දාලා ගිය වෙලාවෙයි.දෙවියන් මගේ පලිය ගන්න මට මාර්ගයක් පාදලා දුන්නා.වෙලාව දැන් ඇවිල්ලයි තියෙන්නෙ.මේ සෙල්ලම ඉවරය්ක් කරලා දාන්න ඕන කියලා මං හිතුවා.මෙතෙක් කාලයක් මං දුක් වින්දා ඇති.මෙතෙක් කල් මං බලා ඉදපු හරි වෙලාව ඇවිත්. දෙවරක් නොසිතාම මං කෲසෝගේ හදවත පලුදු වෙන්න පිහියෙන් ඇන්නා.මට කිසිම පසුතැවීමක් ඇති වුනේ නෑ.

'උඹෙ ඉරණම ඕකයි තිරිසණා.මගේ මැලක්ගේ ජීවිතේ උදුරගත්තට,මගේ ජීවිතේ නාස්ති කලාට උඹට ලැබෙන හොදම දඩුවම ඕකයි.දැන් මගේ හිතට සැනසීමක් ලැබෙයි.මටත් දැන් සැනසීමේන් මැලක් ලගට යන්න පුලුවන්.'මං වියරුවෙන් වගේ කෑගැහුවා.කෲසෝ මගේ ඉදිරියේ ලේ විලක වැටී මිය යමින් සිටියා.

'මේ ම..ගේ අවසා.. නය නෙවේ පෙට්,,මං ආයෙ...ත් එනවා.උ...උ..ඹේ සැ...නසීම උදු .ර..ගන්න...වා...'කෲසෝගේ අවසන් වචන කිහිපය වුනේ ඒවයි.ඊටපස්සෙ කෲසෝ මියගියා.

මං මගේ බෙල්ල වටේ ඔතලා තිබ්බ දම්වැල් ගලෝලා දාලා ගෙදරින් එලියට දිව්වා.රාත්‍රිය උදා වෙලා තිබුනා.මුලු පරිසරයේම තිබුනේ කෑලිකපන්න පුලුවන් ඝන අදුරක්.මං පිටිපස්සෙ දොරෙන් ගිහින් කැලේ පැත්තට දිව්වේ මගේ මැලක්ව හොයාගන්න.මං පුලුවන් තරම් වේගයෙන් දිව්වා.නමුත් මං කැලේට අඩිය තියද්දීම මොකක්දෝ මංදා බලවේගෙකින් මාව ගෙදර පැත්තට ඇද්දා.ඊට පස්සෙ මට දැනුනා කවුරුන් හෝ මගේ කොණ්ඩෙන් අදින බව.මගේ කොණ්ඩෙන් අල්ලපු කෙනා මාව ගෙදර දිහාවටම ඇදගෙන ගියා.මං වේදනාවෙන් කෑගැහුවා.ඊටත් වඩා මං බය වෙලයි හිටියේ,මේ අදුශ්‍යමාන බලවේගය මොකක්ද කියලා.මං ගෙදර ඇතුලට යද්දීම මං පහු කරන හැම දොරක්ම වැහිලා ගියා.මගේ හිත ලොකු බයකින් පිරිලා ඉතිරිලා ගිහිනුයි තිබුනේ.අන්තිමට පඩි පෙල දිගේත් මාව ඇදගෙන ගිය බලවේගය කෲසෝගේ සෙල්ලම් කාමරය ඇතුලට ගියා.ඊට පස්සෙ ඒ දොරත් වැහිලා යනකොට මගේ කොණ්ඩෙන් අදින එක නැති වුනා.

මගේ ඉස්සරහා වැටිලා තිබුනේ කෲසෝගේ පණ නැති සිරුර.මං ඒක දිහා බලාගෙන හිටියා.ලේ විලක් මැද්දේ කෲසෝ වැටිලා හිටියා.මට ඒක ගැන කිසිම හැගීමක් දැනුනේ නෑ.නමුත් ඊලග මොහොතේ මගේ ඇගේ හිරිගඩු පිපෙන දෙයක් සිද්ද වුණා.කෲසෝගේ මිනිය ලගින් කලු දුමාරයක් පැතිරුණා.ඒ දුමාරය අතරින් මගේ දර්ශන පථයට ආවේ කෲසෝ.මට අදහගන්න බැරි වුනා.බයට මගේ කට ඇරුනා,ඇස් දෙක ලොකු වුනා.පියවි සිහිය ලැබුන ගමන් මං කලේ දොර ගාවට දුවන එක.ඒක කොච්චර අරින්න උත්සහ කලත් මට ඇරගන්න බැරි වුනා.මං දොරට හේත්තු වෙලා එහෙම්ම රූටලා බිම ඉදගත්තා.මාව හොදටම ගැහෙනවා.බයට.මගේ අතින් විනාශ කරපු කෲසෝ නැවතත් ඇවිල්ලා.කෲසෝගේ අවසන් වචන ටික මගේ සිහියට නැගුනා.

"මේ ම..ගේ අවසා.. නය නෙවේ පෙට්,,මං ආයෙ...ත් එනවා.උ...උ..ඹේ සැ...නසීම උදු .ර..ගන්න...වා..."


ඒක මතක් වෙද්දි මගේ මුලු සියොලගම කිලිපොලා ගියා.මගේ ඉස්සරහා ප්‍රාදූර්භූත වුන කෲසෝගේ රූපය දිහා ඇස් නොහෙලා මං බලාගෙන හිටියා.මේ සිදුවන්නේ කුමක්ද කියලා සිතාගන්න නොහැකිව මං අන්දමන්ද වෙලා හිටියේ.මං කෑගහන්න කට ඇරියත් මගේ කටින් වචන පිට වුණේ නෑ.

"කෲ...කෲ ස්..සෝ..."මං අමාරුවෙන් අකුරු ගොතාගෙන කිව්වා.කෲසෝහේ මූනේ නපුරු කාමුක වියරු හිනාව ඇදිලා ගියා.

"කොහොමඩහ් පෙට්...මං කිව්වා නේහ්..ඔයාට මගෙන් බේරිලා ඉන්න මං ඉඩ තියන්නෙ නෑ.මාව මැරුවයි කියලා මගෙන් ඔයාට බේරුමක් නෑ.මගේ චිත්ත ශක්තිය ඔයාට හිතාගන්නවත් බෑ.මගේ චිත්ත ශක්තිය මරණයත් පැරදුවා.හහ්හාහ්හාහා...."කෲසෝ ,හරියටම කියනවා නම් කෲසෝගේ අවතාරය වියරුවෙන් හිනා වුනා.

ඊලග මොහොතේදී කෲසෝ මගේ ලගට ආවා.මං රූටලා පස්සට යන්න හැදුවත් දොර මාව වැලැක්වූවා.මං බයෙන් ගැහි ගැහී මුලු ගැන්වුනා.කෲසෝ අත දිගු කලා.ඒ අත හරහා පිටුපස කාමරයත් පෙනුනා.කෲසෝගේ අත මගේ මූන හරහා ගියා.නමුත් එය මගේ මුහුනේ ස්පර්ශ වුනේ නැහැ.මං තදින් වසාගෙන හිටිය ඇස් දෙක ඇරලා බැලුවා.කේන්තියෙන් පුපුරන කෲසෝ මගේ ඉස්සරහා හිටියා.කෲසෝට මාව අල්ලන්න බැහැ.බිය අතරින් මට සියුම් සතුටක් දැනුනා.

"තාම මට මුකුත් කරගන්න බැහැ.නමුත් මං ඉක්මනින්ම ඔයාගේ ජීවිතේ අපායක් කරනවා පෙට්.බලාගෙන හිටපන්.මං දැනට යනවා.නමුත් ආයෙත් එනවා."එහෙම කිව්ව කෲසෝගේ ආත්මය වාතයට එකතු වෙලා නැති වී ගියා.

ඊටපස්සෙ මං හෙමිහිට කාමරෙන් එලියට ආවා.මට ඇත්තටම කිසි දෙයක් හිතාගන්න බැරි වුනා.මට කොහොමහරි ඕනෙ වුනා කෲසෝගේ මිනිය විනාශ කරන්න.මොකද මං අහලා තිබුනා මිනියකට ලුණු දාලා ගිනි තියලා විනාශ කලාම ඒ ආත්මයත් විනාශ වෙනවා කියලා.මං කෲසෝගේ මිනියත් අරන් ලුණුයි පෙට්‍රලුත් අරන් කැලේට ගියා.මං කෲසෝගේ මිනියට පෙට්‍රලුත් දාලා ලුණුත් දාලා ගිනි කූර ගැහුවේ ගිනි තියන්නයි.නමුත් එක පාරටම ආපු ලොකු හුලගක් නිසා ගිනි කූර නිවිලා ගියා.මන් ආයෙත් ගිනි කූරක් පත්තු කලා.ඒකත් හුලගකින් නිවිලා ගියා.ඊලග ගිනිකූර පත්තු කරද්දිම කොහේදෝ මංදා ඉදලා ආපු අදුශ්‍යමාන බලවේගයකින් මාව පිටිපස්සට තල්ලුකලා.මට හැමදේම තේරුනා.කෲසෝ මට එයාගෙ මිනිය විනාශ කරන්න ඉඩ දෙන්නෙ නෑ කියලා මට තේරුනා.එක පාර දැනුන බය නිසා මං පිටිපස්ස බලන්නෙ නැතුවම ගෙදර්ට දිව්වා.

කෲසෝ ගැන ඉගියක්වත් නැතුව සති තුනක් විතර ගෙවිලා ගියා.ඒ සති තුන තුල ගත වුන හැම තත්පරයක්ම මං ගත කලේ හිතේ තිබ්බ ලොකු බයකින්.මං මට විදින්න වෙච්ච හැම අත්දැකීමක්ම පල්ලියට කිව්වා.නමුත් එයාලා මගේ කතාව පිලිගන්න කැමති වුනේ නෑ.මොකද මං කෲසෝව මරපු කොටසත් කෲසෝ මැලක්ව මරපු කොටසත් එයාලගෙන් හංගපු නිසා.මගේ පැත්තට පොඩ්ඩක් හරි කතා කලේ සිස්ටර් කැතරින් විතරයි."

"හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න...ඔයා ඔය කියන්නේ මේ ගමේ පල්ලියේ සිස්ටර් කැතරින් ගැනද??"මං තීමස්ගේ කතාව පොඩ්ඩකට නවත්තලා ඇහුවේ එයා කියන සිස්ටර් කැතරින් මං දන්න කෙනාමද කියලා දැනගන්නයි.

"ඔව් එයා තමයි.ඔයා එයාව දන්නවද?"

"ඔව් ,අපිට එයාව පල්ලියෙදි හමුවුනා.මේ ගෙදර ගැන අමුතු කතාවකුත් කිව්වා එයා.හරි හරි ඔයා ඉතුරු ටික කියන්නකෝ.."මං හරිබරි ගැහිලා වාඩි වෙලා තීමස්ගේ කතාවට සවන් දුන්නා.මේ වෙනකොට මං කතා කරන්නේ සුදුමැලි අවතාරයක් එක්ක කියන එකත් මට අමතක වෙලයි තිබුනේ.

"කෲසෝගේ සිද්දිය නිසා මං දිගටම පල්ලි යන්න පටන් ගත්තා.මට දැන් ඉන්නෙ දෙවියන් වහන්සේ විතරයි කියලා මං දැනගෙන උන්නා.මං හැමදාම පල්ලි ගිහින්
යාච්චා කලා කෲසෝගේන් මාව ගලවලා දෙන්නයි කියලා.ඒ වගේ මං පල්ලියෙ අඩ අඩා ඉන්න දවසක තමයි මට ජෝ ව හමුවුනේ.ජෝ හරිම හොද ,ගොඩාක් කඩවසම් තරුණයෙක්.මං අඩ අඩා ඉන්නකොට එයා ඇවිත් මාත් එක්ක කතා කලා.කතා කරනකොට මට තේරුණා ජෝ ගොඩාක් හොද කෙනෙක් කියලා.අපි හැමදාම වගේ පල්ලියෙදි හමුවුනා.ජෝ රස්සාව කලේ අපේ ගමේ.ඉතින් එයා හැමදාම පල්ලි එනවා.නිවාඩු දවස් වලටත් පල්ලි ආවා මාව හමුවෙන්න ඕනෙ නිසා.එයාගේ නම ජෝනාස් ඕ'බ්‍රයන්..නමුත් මං ආදරේට කිව්වේ ජෝ කියලා.මැලක්ට පස්සෙ මට හම්බවුන හොදම කෙනා තමයි ජෝ."

"පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.ඔයා කිව්වේ ජෝනාස් ඕ'බ්‍රයන් කියලා නේද?"

"හ්ම්ම්,ඔව්...ජෝනාස් ඕ'බ්‍රයන්..පැසිෆික් සාගරය වගේ නිල් පාටින් දිලිසෙන ලස්සන ඇස් දෙකක් එයාට තිබුනා.ඔයාගේ වගේම දුඹුරු රන්වන් පාට කෙස් පැත්තකින් නලලට වැටෙන්න දාලා හිටිය එයා ග්‍රීක දෙවි කෙනෙක් වගේ ආකර්ෂණීයයි.ජෝගේ නිල් පාට ඇස් දෙක තුල පැය ගානක් වුනත් ගිලිලා බලන් ඉන්න පුලුවන්.ඒ තරමටම ඒවා ලස්සනයි.මැලක්ගේ නැතිවීමත් කෲසෝගේ ආත්මයේ පලිගැනීමේ බයත් හිතේ තිබුනට ජෝගේ කඩවසම් බව ඉස්සරහා මගේ හදවත දියවුනා.එයා..."




[You must be registered and logged in to see this link.]



"අඩි 6.2 විතර උස,,කොටු මූනක් තියෙන,,ශක්තිමත්,,,හිත හොද,,ඕනෙම කෙනෙක් ආකර්ශනය කරගන්න පුලුවන් ගැඹුරු කටහඩක් තියෙන කෙනෙක් නේද එයා.."මං තීමස්ගෙන් ඇහුවේ මගේ දකුණු ඇහි බැම මදක් ඉහලට ඔසවන ගමන්මයි.යමක් ඉක්මනින්ම දැනගැනීමෙ අවශ්‍යතාවයක් තියෙනකොට මගේ දකුණු ඇහිබැම නිකන්ම එසවෙනවා.


"ඔව්..ඔයා හරි..ඔයා කොහොමද දන්නේ?

තීමස්ගේ දෘ.කෝ



"ජෝනාස් ඕ'බ්‍රයන් කියන්නේ මගේ සහෝදරයා තීමස්."කේට්ලන් එහෙම කියද්දී මගේ ඇස් පුදුමයෙන් ලොකු වුනා.ජෝ කේට්ලන්ගේ සහෝදරයා.මෙය කිනම් සරදමක්ද?

"මොකක්???"මට නිකන්ම කියවුනා.

"ඔව්,,ජෝ කියන්නේ මගේ සහෝදරයා ජෝන්.මං කේට්ලන් ඕ'බ්‍රයන්.මගේ කසාදයෙන් පස්සෙ තමයි මං කේට්ලන් අදෝනිස් වුනේ.ඔයා කියන විදියට මගේ මල්ලි ඔයාගේ පෙම්වතා.එහෙම නේද?"

මට කුමක් කියන්නද කියලා හිතාගන්න බැරි වුනා.මොකද ජෝ මට කියලා තිබුනේ ඔහු සමලිංගිකයෙක් කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ කියලයි.නමුත් දැන් මං නිසා ජෝගේ රහස කේට්ලන්ට හෙලි වුනා.ජෝගේ හිත මං එක පාරකුත් කඩලා දැම්මා,දැන් මං නිසා ඔහුට ඔහුගේ පවුලේ අයවත් නැති වෙන්නයි යන්නේ.මං වගේ කාලකණ්ණියෙක් තවත් නම් නැතිව ඇති.

"ඔ..ඔ..ව්ව්...ජෝ මගේ පෙම්වතා වෙලා හිටියා.මගේ පෙම්වතාටත් වඩා මං එයාගේ පෙම්වතා.මොකද මට වඩා දහස් ගුණයක් ජෝ මට ආදරය කලා.මං මැලක්ගේ මතකයන් වල තනිවෙද්දීත් ජෝගෙන් ඒකට කිසිම බාධාවක් තිබුනේ නෑ.එයා හරිම සංයමයෙන් හැමදේම ඉවසගෙන මාත් එක්ක හිටියා."

"එතකොට මගේ සැකය හරි."කේට්ලන් හෙමින් මිමිනුවත් මට ඒක ඇහුනා.

"මොකක්ද ඔයාගේ සැකය"මං කුතුහලයෙන් යුතුව කේට්ලන් දිහා බලාගෙන හිටියා.

"ජෝන් මටවත් එයා සමලිංගිකයෙක් කියලා තිබුනේ නෑ.නමුත් මං එයාගේ අක්කා තීමස්.මං මගේ මල්ලි ගැන දන්නවා.මං දන්නේ නෑ ඇයි එයා මාව විශ්වාස කලේ නැත්තේ ඇයි කියලා.තවමත් එයා මාව විශ්වාස කරන්නේ නෑ ඒ රහස කියන්න.ඒක ගැන මට ගොඩාක් දුකයි.නමුත් ඒක එයාගේ කැමැත්ත.ඒත් මං එයාගේ හැම තීරණයකටම එයා ගාවින් ඉන්නවා කියලා මං එයාට කියන්න ඕනෙ.මං එයාට ගොඩාක් ආදරෙයි තීමස්."

"ඒක මට තේරෙනවා කේට්ලන්."කේට්ලන් එයාගේ ඇස් කොනින් වෑස්සුන කදුලු බිදුවක් පිස දැමුවා.
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6016
Member Since : 2016-06-30

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-09, 8:33 pm
අදත් කියෙව්වම දුකක් හිතුනා..අපි එක්ක මේ වගෙ කතාවක් ලියලා එකතු වෙන ඔයාට ගොඩක් පින් මල්ලියො..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-09, 8:52 pm
ලස්සනට අද කොටසත් ලියලා. තැන්ක්‍යු මල්ලියා.
new nickd
new nickd
+ 100 Posts
City : colombo
Country : Sri Lanka
Posts : 132
GetReal Gold : 5783
Member Since : 2016-07-09

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-10, 9:26 am
Wooooooow jay pattahhhh hondata kathawa pela gassala thiyenawa. Keep it up my sahoo... good luck
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-13, 4:30 pm
අද හෙටම තව කොටසක් දානවැයි....
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6016
Member Since : 2016-06-30

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-13, 9:43 pm
කෝ මේ..හොල්මන..(තීමස්)
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7159
Member Since : 2015-09-05

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-13, 10:39 pm
තාම ඊලග කොටස ලියාගන්න හම්බවුනේ නෑ අයියේ,,,ක්ලාස් දැන් දිගට හරහට...ඉරිදා වෙන්න කලින් අප්ඩේට් එකක් දාන්න උත්සහ කරන්නම්..
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6016
Member Since : 2016-06-30

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-15, 7:53 am
අව්ලක්ම නැත පැට්ටො..ඔයාගෙ ඉගෙනුම තමයි වැදගත් ..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-16, 11:06 pm
ඕකේ මල්ලා. ඔයා මොනවා කෙරුවත් විභාගෙන් හොඳ ප්‍රථිපල ඕනා. මතකයිනෙ පොරොන්දුව​.
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7159
Member Since : 2015-09-05

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-18, 9:38 am
ඔව් හිත හොද අයියේ,මතකයි..ඒ වගේම නවෝද් අයියේ තෑන්ක්ස්..

මම මේ අවුරුද්දේ A/L කරනවා Maths Stream එකෙන්,,ඒක සමහර අය නම් දන්නවා.ඒ වගේම මට තව දවස් 135 ඉතිරි වෙලා තියෙන්නෙත් මගේ විභාගයට.ඉතින් දැන් කාලය ඇවිත් සම්පූර්ණයෙන්ම මගේ අධ්‍යාපනයට කැප වෙන්න. ඒක ගැන මට එක අයියා කෙනෙක් පුද්ගලිකව තේරුම් කලා,ස්තූතීයි ඒකට අයියේ. තව දවස් 160 යනකම් මේ සයිට් එකට එන එකත්,ලෝහිත හාදුව කෙටි කතාව ලියන එකත් නතර කරන්න හිතුවා.මට සමාවෙන්න ඒකට නමුත් විභාගය අංක 1.ඒක නිසා තව දවස් 160 පසුව නැවතත් ලෝහිත හාදුව එක්ක හමුවෙන්නම්.එතකන් හැමෝම සතුටින් ඉන්න,බුදු සරණයි,ජේසු පිහිටයි....love you all.
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5059
Member Since : 2018-01-24

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-18, 10:16 am
Mamath 4n eka ain kalanum hari appa meka nisa mama wada karanawa adi exam eka pass wenna epai kohoma hari. Ela ela jay all the best budusaranai
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-19, 11:51 pm
Wish you all the very best for your exam and your future Rishan malla. See you after august.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9756
Member Since : 2015-05-03

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-19, 11:57 pm
Tylor wrote:Mamath 4n eka ain kalanum hari appa meka nisa mama wada karanawa adi exam eka pass wenna epai kohoma hari. Ela ela jay all the best budusaranai  
You are very correct malla. Wish you too all the very best for your exam and your future.
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6016
Member Since : 2016-06-30

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

2018-03-22, 8:20 am
See you soon malliyo all the best ..pls you just come and post a comment when you have a free time even if you dont write till you pass your examination
Sponsored content

`•°ලෝහිත හාදුව°•´ - Page 2 Empty Re: `•°ලෝහිත හාදුව°•´

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum