Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4081 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


නැවතත්...............

+26
Thisara
tharindu_d
Isura
Shan Sahan
මල් මල් රුවන්
Harsha
supun
amal123
Hasun
kalana vihanga
Anjana Nuwan
pahan
Esala
azores
indu
chathura1122
kapilab
kelum123
suranga
sandaru799
kasunx
Siyapath
shevan
thavisha
සහන්
Jith
30 posters
Go down
kapilab
kapilab
+ 100 Posts
City : near to kaduwela
Country : Sri Lanka
Posts : 169
GetReal Gold : 8085
Member Since : 2013-08-22

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-30, 2:25 pm
Message reputation : 100% (1 vote)
wow, niyamai jith.
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12078
Member Since : 2013-07-29

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-30, 2:32 pm
Message reputation : 100% (1 vote)
hondama hariyen kathawa nawaththala
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13654
Member Since : 2013-01-26

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-30, 8:49 pm
Message reputation : 100% (1 vote)
niyamai malli
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12411
Member Since : 2013-05-31

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-30, 9:30 pm
Message reputation : 100% (1 vote)
අඩේ........නියමයි නියමයි කියල වැඩක් නැ ! pride  pride  pride  pride  pride
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8790
Member Since : 2013-02-03

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-31, 4:44 am
Message reputation : 100% (1 vote)
Niyamai saho alut katawak...
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8803
Member Since : 2013-10-18

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-31, 9:27 am
Message reputation : 100% (6 votes)

එල්ම් ගහ පිටිපස්සෙන් මගෙ පැත්තට දුවගෙන ආවෙ තරුණයෙක්. ඒ තරම් කඩවසම් කෙනෙක් මගෙ මුළු ජීවිත කාලයටම මම දැකලා තිබුනේ නැහැ. ඔහුගෙ හිසකෙස් අවුල් වෙලා තිබුනා. ඒ ලා නිල් පාට ඇස් දෙක ලොකු කරගෙන ඔහු මගෙ දිහා බලාගෙන හිටියෙ හැම බලාපොරොත්තුවක්ම නැති වුන පුද්ගලයෙක් තවත් කෙනෙක් දිහා බලාගෙන ඉන්න විදිහට. මම දැක්කෙ ඔහුගෙ අතේ තිබුන පොදියක්. ඔහු එතනම දණගහගත්තා නෙවෙයි වැටුනා කිව්වොත් වඩාත්ම හරි. ඒත් එක්කම අතේ තිබුන ඒ පොදිය ලිහුනා. බිම වැටුන පාන් ගෙඩි කීපයක් මම දැක්කෙ එතකොටයි..



මම ඒ හැමදෙයක්ම දිහා බලාගෙන හිටියෙ තේරුම් ගන්න බැරි විදිහට. මම අතරමං වුනා වගේ හැඟීමක් මට දැනුනා. ඒත් මම ආයෙමත් පාරක් ගැස්සුනේ තවත් කෙනෙක් අශ්වයන්ට කෑ ගහන සද්දයකින්. ඒ කටහඬ අඳුරගනිද්දි හැම දේම තේරුම් ගන්න මට අමාරු වුනේ නැහැ. රිවෝල්වරය ආයෙමත් ඇතුල් කබා සාක්කුවට දාගෙන මම දිව්වේ ඒ තරුණයා ළඟට.


"නැගිටින්න......."


මම ඔහුගෙ අතින් අල්ලගනිද්දි ඔහු ආයෙමත් මගෙ දිහා බැලුවෙ පුදුම වෙලා.


"කිව්වහම නැගිටිනවා මිනිහො....."


මම හිමින් වුනත් කිව්වෙ තදින්. ඒකට අවනත වෙන්න ඔහුට වැඩි වෙලා ගියෙ නැහැ. ඒත් එක්කම අශ්වයන්ගෙ කුර ගැටෙන සද්දය ළඟ ළඟින්ම ඇහුනා.


"අශ්වයා පිටට නැගලා හිටගන්නවා. ඉක්මණට.."


ඒත් ඔහු මගෙ දිහා බලාගෙන හිටියෙ පුදුම විදිහෙ බයකින්.


"දැන්ම."


මගෙ කෑගැහිල්ලට ඔහු ඒ දේ කලේ ඇහි පිය ගහන වේගෙන්.


"ගහේ අතන හැංගෙන්න පුළුවන්. එතන පේන්නෙ නැහැ. ඉක්මනට යනවා. මම කියනකන් එන්න එපා. පණට ආදරයක් තියෙනවා නම් දෙවියන්ගෙ නාමෙන් ඉක්මනට කරපන් මිනිහො."


එල්ම් ගහ නැග ගන්න බැරි තරම් ලොකු නොවුනත්, හැංගෙන්න පුළුවන් තරමෙ අතු තියෙන එකක් වුනා. ඒ අතු අතරෙ ඔහු අතුරුදහන් වෙද්දි මම හැරුනෙ ආයෙමත් විල ළඟට යන්න. පාන් ගෙඩි තිබුනු පොදිය මම දැක්කෙ එතකොටයි. මම පිට කබාය ගලවලා එතනින් දැම්මෙ ඒක හංගන්න. ඒත් එක්කම එතනට ආවෙ වේගවත් අසරුවෙක්.  සත්තකින්ම......... ඒ වෙලාවෙ මගෙ සිහියට මුලින්ම ආවෙ බයිබලයෙ මම කියවලා තිබුන අසරුවො හතර දෙනාගෙන් කෙනෙක්.. මරණය....


"සුබ උදෑසනක් සහෝදරයා........."


සුබ පැතීමක් වුනත් ඒ කටහඬේ තිබුනෙ යක්ෂයාගෙ දරුණුකම කියලයි මට හිතුනෙ. 


"උඹව දකින කිසිම උදෑසනක් මට සුබ නැහැ රිච්මන්ඩ්." 


මම කිව්වෙ රිවෝල්වරය තිබුන සාක්කුවට අත දාගෙන ඒ පැත්ත බලාගෙනමයි. රිවෝල්වරය තිබුන එක මට පුදුම සැනසීමක් වුනා. රිච්මන්ඩ්ගෙ මුහුණෙ මම දැක්කෙ මහා දරුණු හිනාවක්.


"එහෙම වෙනවා නම් ඒක මට ලොකු සතුටක්.."


"අපායට පලයන් රිච්මන්ඩ්.. මොකද උඹ මෙතන කරන්නෙ?? මේ ලෝකෙ සැනසිල්ලෙන් ඉන්න මට පුළුවන් එකම තැන මෙතන විතරයි. උඹේ ඔය අශ්වයා ගැන මට දුකත් හිතෙනවා. උඹ වගේ එකෙක්ව පිටේ තියාගෙන දුවනකොට අහිංසකයාගෙ කොන්ද කැඩෙයි කියලා මට තියෙන්නෙ පුදුම බයක්."


"වහගනින් උඹේ ඔය ජරා කට............."


රිච්මන්ඩ් අතේ තිබුන රයිෆලය දික් කලේ මගෙ පැත්තට ඉලක්කය අරගෙන. මමත් ඒ ඉක්මනින් රිවෝල්වරය ඇදලා ඉලක්කය ගත්තෙ රිච්මන්ඩ්ට.


"මට වෙඩිතියන්න උඹව සාදරයෙන් පිළිගන්නවා. ඒත් අමතක කරන්න එපා රිච්මන්ඩ්, උඹට ගෝනෙක්ට වැදෙන්න වෙඩි තියන්නත් උණ්ඩ 4ක් ඕනෙ කියලා." 


මගේම සහෝදරයා වුනත් වෙඩි තියන්න අවස්ථාවක් ලැබුනොත් ඒක ගැන දෙපාරක් හිතන්න තරම් මම පසුබට වුනේ නැහැ. ඒ තරමටම රිච්මන්ඩ් ගැන මගේ හිතේ අංශුවකවත් අනුකම්පාවක් තිබුනෙ නැහැ. 


රිච්මන්ඩ් ආයෙමත් රයිෆලය උරිස්සෙන් තියා ගත්තෙ මහ හයියෙන් හිනා වෙන ගමන්.


"බල්ලෙක් මරන්න නාස්ති කලත් මම කැමති නැහැ මගෙ උණ්ඩ උඹ වෙනුවෙන් නාස්ති කරන්න. කටවහගෙන කියපන් දැන්.. උඹ දැක්කද මෙතනින් හොරෙක් දුවනවා?? ඌ මගෙ පාන් ගෙඩි හොරකම් කරගත්තා. ඕකව අහු වුනොත් මම, උගෙ අතුයි කකුලුයි අශ්වයන්ගෙ බැඳලා උන්ව හතර පැත්තකට දුවවනවා."


රිච්මන්ඩ් මට කිව්වත් ඒ ඇස් දෙක නම් දිව්වෙ වටපිටාවම පීරගෙන.


"මට හිතාගන්න බැහැ කට වහගෙන කියන්න විදිහක්... උඹ මෝඩයෙක් නෙවෙයිනෙ රිච්මන්ඩ්... අඩුම තරමෙ මම එහෙම හිතනවා. මෙහෙට දුවගෙන ආවා නම් ඒ මිනිහා මේ විලට පනින්න ඕනෙ. එහෙම වුනා නම් තවමත් පීනනවා උඹට පේන්න එපැයි.. මෙහෙමත් හිතන්න පුළුවන්.. තටු දෙකක් ඇවිල්ලා ඉගිලුනාද දන්නෙ නැහැ... මොකද උඹ හිතන්නෙ????"


"වහපන් බල්ලෝ කට....."


"නිකන් බුරන්නෙ නැතුව පලයන් රිච්මන්ඩ්.. උඹ හොයන්නෙ වැරදි තැන. ඌ සමහරවිට පරණ ඕක් ගහ ළඟින් තියෙන අඩි පාර දිගේ පල්ලිය පැත්තට දුවන්න ඇති..."


ඒ වෙලාවෙ රිච්මන්ඩ් අශ්වයා හරවගත්තෙ දත්මිටි කන ගමන්..


"උඹේ වාසනාවට මට තව වැඩ තියෙනවා. අපි පස්සෙ බලාගමු......."


රිච්මන්ඩ් එතනින් යනකොට මගෙ හිතට දැනුනෙ ලොකු සැනසිල්ලක්. මම ආයෙමත් එල්ම් ගහ ළඟට ගියෙ එතන හිටපු අමුත්තාව හමු වෙන්න.

Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13654
Member Since : 2013-01-26

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-31, 10:16 am
Message reputation : 100% (1 vote)
niyamai Jith
indu
indu
Regular Member
Country : Sri Lanka
Posts : 36
GetReal Gold : 7467
Member Since : 2014-01-22

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-31, 12:00 pm
Message reputation : 100% (1 vote)
meka english novel ekaka parivarthanayakda? kathawnam lassanai wage. lol!
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9170
Member Since : 2013-08-09

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-31, 12:09 pm
Message reputation : 100% (1 vote)
ෂෝක් අනේ..................
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12078
Member Since : 2013-07-29

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-31, 12:13 pm
Message reputation : 100% (1 vote)
pattama patta kathawa kolloa
kapilab
kapilab
+ 100 Posts
City : near to kaduwela
Country : Sri Lanka
Posts : 169
GetReal Gold : 8085
Member Since : 2013-08-22

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-31, 2:26 pm
Message reputation : 100% (1 vote)
lassanai kollo
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8790
Member Since : 2013-02-03

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-31, 4:19 pm
Message reputation : 100% (1 vote)
Niyamai Jith,
Jaya wewa!! pride  pride
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12411
Member Since : 2013-05-31

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-31, 5:48 pm
Message reputation : 100% (1 vote)
පට්ට පට්ට ! pride  pride  pride
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8803
Member Since : 2013-10-18

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-31, 8:52 pm
Message reputation : 100% (7 votes)

"ඔහේට දැන් බහින්න පුළුවන්.."



තවත් ටික වෙලාවකින් එල්ම් අතු අස්සෙන් ඔහු බිමට පැන්නා. මම ආයෙමත් බැලුවෙ ඒ මූණ දිහා. බොහොම කැළඹිලි සහගත බවක් දකින්න තිබුනත් ඒ නිසා ඒ කඩවසම් බවේ නම් කිසිම අඩුවක් තිබුනෙ නැහැ. ආයෙමත් හැම දේම අමතක වෙලා මම බලන් හිටියෙ ඒ ඇස් දෙක දිහා.


"අනේ පුංචි මහත්තයා මට අනුකම්පා කරන්න. මගෙ අම්මා අසනීපෙන් ඉන්නෙ. මම පොඩි කාලෙ හිටියෙ මෙහෙ වුනත් මෙච්චර කාලයක් හිටියෙ ලන්ඩන් වල. පෙරේදයි ආවෙ. අම්මා හුඟක් බඩගින්නෙ. අනේ මට ඉන්නෙ අම්මා විතරයි.. මට අනුකම්පා කරන්න."


ඔහු කිව්වෙ මගෙ ඉස්සරහ දණ ගහගෙන. මට ඒ වෙලාවෙ දැනුනෙ පුදුම විදිහෙ දුකක්. මම ඔහුගෙ උරිස් දෙකෙන් අල්ලලා ඔහුව නැගිට්ටවද්දි ආයෙමත් ඔහු බැලුවෙ පුදුමෙකින්.


"ඔයාගෙ ඇඳුමෙ හැම තැනම මඩ.. යමු මම ඔයාව එක්ක යන්නම්.."


"එපා පුංචි මහත්තයා.. ලොකු මහත්තයා දැක්කොත් මහත්තයත් අමාරුවෙ වැටෙනවා."


ඒ දේ ඇහුනෙ නැහැ වගේ මම බූට් සපත්තු දා ගත්තෙ අශ්වයා ළඟට යන්න. කබාය යටින් තිබුන පොදිය දෙනකොට ඔහු ඒක අතට ගත්තෙ තාත්තා කෙනෙක් දරුවෙක් වඩා ගන්නවා වගේ පරිස්සමින්. මම අශ්වයා පිටට නැගලා අත දික් කලේ ඔහුට නගින්න උදව් වෙන්න.


"යමු......."


"ඒත් මහත්තයා..........."


"කිව්වහම අහලා නගිනවා මනුස්සයො.."


මගෙ ගෙරවිල්ලට ඔහු නැවතුනෙ කෙලින්ම අශ්වයාගෙ පිට උඩ. ඒකට මම හිනා වුනේ හිතින්. මොකද ඔහු ඒකෙන් අපහසුතාවකට පත් වෙයි කියලා මට හිතුනා.


"නම මොකක්ද???"


මම ඇහුවෙ එන අතරතුරෙදි.


"බොයිඩ්, ජේකොබ්......."


ඔහු පාර පෙන්නුවෙ බැටලුවන්ගෙ තණ බිම් ළඟ තිබුනු තනි නිවසකට. තිබුනෙ පාලු පෙනුමක් වුනත්, මිනිස් වාසයක් තියෙන බවට සලකුණු මට දැකගන්න පුළුවන් වුනා. අශ්වයාගෙ පිටින් බැහැගත් ඉක්මනින්ම ජේකොබ් දිව්වෙ නිවස ඇතුලට. මම හිමින් ඔහුව අනුගමනය කලා.


නිවස ඇතුලෙ තිබුනෙ ඒ තරම් සතුටුදායක තත්වයක් නෙවෙයි. සාලයෙ කෙලවරක තිබුනු ඇඳක හිටපු කාන්තාවක් මම දැක්කෙ ඒ වෙලාවෙදියි. ජේකොබ් ඒ කන්තාව ළඟින් දණ ගහගන්නවා මම දැක්කා... මම එතනින් අයින් වෙන්න තීරණය කලේ ඒකෙන් මගෙ හිතේ ලොකු දුකක් ඇති වුන නිසා. ඒ නිසාම මම ආයෙමත් මගෙ අශ්වයා ළගට එන්න සූදානම් වුනේ එළියට බැහැලා..


"මහත්තයා........"


මට ආයෙමත් ඇහුනෙ ජේකොබ්ගෙ කටහඬ. 


"මහත්තයාට ඉඳගන්න කියන්න අපේ ගෙදර පුටුවක්වත් නැහැ.. ඒකට සමාවෙන්න..."


ඒ ලා නිල් පාට ඇස් දෙක මගෙ දිහා බලාගෙන හිටියෙ පුදුම අසරණකමකින්. මම ඔහුගෙ උරිස්සකින් අත තිබ්බා.


"ඒකට කමක් නැහැ... ඇයි අද හොරකම් කලේ???"


"අපි දවස් 3කින් කාලා නැහැ. මට නම් කොහොම හරි ඉන්න පුළුවන්.. ඒත් අම්මා දුක් විඳිනවා බලාගෙන ඉන්න මට පුළුවන් කමක් තිබුනෙ නැහැ...."


මම ජේකොබ්ගෙ ඇස් දෙක දිහාම බලාගෙන හිටියත් එතනින් කිසිම බොරුවක් මට දැක ගන්න හම්බවුනේ නැහැ. 


"ආයෙ හොරකම් කරන්න ඕනෙ නැහැ. මම උදව් කරන්නම්.."


මම ජේකොබ්ට උදව් කරන්න තීරණය කලා. ඒත් ඒ වෙනදට අසරණ මිනිස්සු ඉස්සරහදි මගෙ හිත උණුවෙන නිසාම නෙවෙයි. වෙන මොකක් හරි අමුතු හැඟීමක් නිසා.


"ඒත් මහත්තයා මම කොහොමද නිකන් මහත්තයාගෙන් උදව් ගන්නෙ???"


ඒ ප්‍රශ්නයට පිළිතුරක් නොදී මම අශ්වයාගෙ පිටට නැග්ගා. ඒත් ජේකොබ් මගෙ දිහා බලාගෙන හිටියෙ පුදුමය වගේම බය මිශ්‍ර වුන බැල්මකින්.


"මම කිව්වෙ නැහැනෙ නිකන් කියලා. මගෙ අශ්ව ගාලෙ වැඩ කරන්න පුළුවන්. සුබ දවසක් මගෙ මිත්‍රයා. ආයෙමත් හමුවෙමු."


ජේකොබ්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා මම එතනින් ආවෙ පුදුම වේගෙකින්. ඒ අඩුම තරමෙ ජේකොබ්ගෙ පිළිතුර දැන ගන්නවත් මොහොතක්වත් රැඳෙන්නෙ නැතුව. ඒ ඇයිද කියලා මම දන්නෙ නැහැ. ඒත් පුදුමාකාර සතුටකින් මගෙ හිත පිරී ගිහින් තිබුනා.

kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12411
Member Since : 2013-05-31

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

2014-01-31, 9:08 pm
Message reputation : 100% (1 vote)
නියමයි මල්ලි කියල වැඩක් නැ ! ජය වේවා ! pride  pride  pride  pride
Sponsored content

නැවතත්............... - Page 2 Empty Re: නැවතත්...............

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum