මගෙම වෙන්න මතු දවසක
+16
azores
මල් මල් රුවන්
Isura
Shan Sahan
Esala
chathura1122
Sithija
Hasun
sandaru799
Mandaram
Jith
සහන්
thavisha
kasunx
Siyapath
shevan
20 posters
Page 2 of 4 • 1, 2, 3, 4
- Hasun+ 100 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8464
Member Since : 2013-07-22
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-14, 8:03 pm
ela ela.... niyamai
- Sithija+ 100 Posts
- Mood :
City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8343
Member Since : 2013-09-03
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-15, 10:19 am
සුපර්.....දිගටම යමු
:D :D :D :D :D
:D :D :D :D :D
- shevan+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-16, 11:21 pm
ප්‍රතිචාර දක්වපු කතාව කියවපු, රසවිඳපු හැමෝටම ස්තුතියි
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12076
Member Since : 2013-07-29
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-17, 12:39 am
ko ithin kathawa
- shevan+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-17, 12:44 am
දෙවෙනි කොටස
කෝකටත් කියල මං පහුවෙනිදම ගෙවල් පැත්තෙ ගිහින් දවස් දෙක තුනක් ඉඳල එන්න තීරණය කලා. මල්ලි කිව්වත් වගේ අම්මත් ඉඳල තියෙන්නෙ හිත්වේදනාවෙන් තමයි.
“කොහෙද අප්පේ උඹ මෙච්චර දවසක් හිටියෙ. එන්න නිවාඩුවක් නැත්තං ලියුං කෑල්ලක්වත් එවන්නෙපැයි බං. මං හිතේ විස්සෝපෙන් පොඩි එකාට කී වංගියක් කියෙව්වද උඹව හොයාගෙන ගිහින් බලාපන්ය කියල....“
ආපු වෙලාවෙ ඉඳලම අම්මගෙ දොස් පැවරිල්ල පැය කීපෙකටවත් නැවැත්තුනේ නෑ.
“.........ආපහු බෝඩිමට යන්නත් මේක වෙලාව නෙවෙයි. කමලුත් මං යනව කිව්වම ගෙදර ගියා. එක්කො ඕන් නෑ. හිතේ අමාරුවට ඔය කියෙව්වට හෙට වෙද්දි නවතියි. කොහොම දොස් කිව්වත් ඒකෙ වරදක් කියන්න බෑ.“
මං තනියම කල්පනා කලා. ඒත් අහගෙන ඉන්න බැරිම තැන, හරි හමන් අරමුණක් නැති මගේ ජීවිතේ ගැන හිතනවට වැඩිය කෙළවරක් නැති අහස දිහාවත් බලාගෙන ඉන්න එක හොඳයි කියල හිතුණු නිසා මං කුඹුර පැත්තට යන්න හිතාගත්ත.
“මං හිතුව උඹ මෙතන ඇතියි කියල. ආං අම්ම කන්න උයල උඹව හොයනවා“
අප්පච්චි ළගටම එනකල් මං දන්නෙක් නෑ. පැය දෙකකටත් වැඩියි මං හිතන්නෙ මං මෙතෙන්ට ඇවිල්ල.
“අප්පච්චි යන්න. මං එන්නං“
“එහෙනම් මේ බැටරිය අල්ලගෙන පරිස්සමෙන් වරෙන්. නියර දිගේටම සත්තු සරුපයි ඉන්නවා“
එහෙම කියල අප්පච්චිගෙ අතේ තිබුණු විදුලි පන්දම මගේ දිහාට දික්කෙරුවා. කොහොම අමතක කරල දාල ඉන්න හැදුවත් දෙමවුපියන්ගෙ සෙනෙහස ඉස්සරහ මගේ හැගීම් පරාදවෙන බවක් ජීවිතේ ප්‍රථම වතාවට මට දැනෙන් පටන් අරගත්තා. මාව නොදැක ඉන්න බැරිම තැන මල්ලිගෙ අතේ පණිවිඩ එවපු, ගෙදරට ආපු වෙලාවෙ ඉඳල ඒ හිතේ වේදනාවෙන්ම කඳුළු වක්කරගෙන අඬාපු අම්මත්, පෙකනි වැලෙන් ගැට ගැහිල හිටියෙ නැතත් ඉපදිලා විසිපස් අවුරුද්දක් ගිහිනුත් මොකද්දෝ හේතුවකින් මං ඉන්න තැන ගැන එක සැරේටම නිගමනය කරන්න පුළුවන් විදිහෙ මහා ඉවක් තියෙන, නියරෙදි මට සතා සර්පයගෙන් කරදරයක් වේවි කියල අතේ තිබ්බ එලිය පන්දම පවා මගේ අතට දීපු අප්පච්චිත් නිසා තක්සේරු කරන්න බැරිතරමේ මහා හැඟීමක් ආපහු මගේ හිතට ඇතුළු වෙලා.
මං ගෙදර යද්දි මල්ලිත් ගෙදර ඇවිත් හිටිය. එත් වෙනද තරංවත් මගෙ මූණ දිහාවෙ බැලුවෙ නෑ. ආපු ආරංචියට අක්කත් ඇවිත් හිටිය. ගොඩක් කාලෙකට පස්සෙ අපි හැමෝම එකම කෑම මේසෙක. කෑම මේසෙ මගුල් මේසෙකට දෙවෙනි නෑ කියලයි මට හිතුණෙ.
“උඹ ආසම නිසා මං කිරි අගුණ කොල දෙහි ඇඹුලකුත් හැදුව මයි පුතේ. බෝඩිං කෑම කාල එපාවෙලා ඇති නෙව“
ඒ වචන කිහිපය ඉස්සර ආයෙත් වතාවක් මං ඉස්සරහපිටම මාව අතරමං වුණා වගේ දැණුනා.
“කී ගමනක් කිව්වද මේ තාත්ටයි පුතාටයි......උඹ ඉන්න තැන ඇඩ්රස් එකට ගිහින් බලන්නෙයි කියල. කොහෙද මං කිව්වට එක වචනයක් මායිං කරන් නෑ.................ඈ ලොකු පුතේ අර කමල්සිරි ළමයව එහෙම ළගකදිවත් හම්බුනැයි?“
“න්.....නෑ..නෑ......ආ ඔව් ඔව් හම්බුනා හම්බුනා අම්මෙ“
ඒ එක්කමයි මං දැක්කෙ මේසෙ අනිත් කෙලවරේ කෑම කකා උන්නු මල්ලි උත්තර දෙකක් අතරෙ හිරවෙච්ච මගෙ දිහා එක එල්ලෙ බලාගෙන ඉන්න විදිහ.
**** **** **** **** ****
ෆයිනල් එක්සෑම් ඉවරවෙන්න තම මාස තුනක් විතරයි ඉතුරුවෙලා තිබුනෙ. ආයෙත් ගෙදර එන්නෙ විභාගෙ ඉවර වුණාම කියලයි මං ආපහු බෝඩිමට එන්න ආවෙ. කමල්සිරිටත් අන්තිම විභාගෙට තිබුණෙ තව සති කිහිපයක් විතරයි. හැම දේම තීරණය වෙන්න තිබුණෙ කමල්ගෙ අතේ. කොහොම හරි තව අවුරුද්දක් යන්න කලියෙන් මේ රටෙන් එපිට තැනක එක්තැන් වෙන්නයි කමල්ගෙ හීනෙ. එත් ඒක හැබෑ වෙනකල් ඒක හීනයක් විදිහටම හිතේ තියාගන්න මං උත්සාහ කලේ එහෙම හීන හැබෑ වෙච්ච කිසිම කෙනෙක් හැබෑ ලෝකෙදි මට මුනගැහිල නොතිබුණ නිසා.
“ජගත් පුතා හරි වැඩේනෙ ඊයෙ වුනේ“
“ඇයි ඇන්ටි. මොකක් හරි කරදරයක්වත්ද“
“අපිට නෙමෙයි දරුවෝ ඔයාලට කමයි කරදරේ“
“අපිට?“
“ඔව් ජගත්. ඊයෙ හැන්දෑවෙ මූනු බැඳගත්තු පිරිමි තුන් දෙනෙක් අපේ ගෙදරට ආවනේ.“
“ඉතින්“
“උන් කියනවා ඔයාවයි කමල්සිරි ළමයවයි මෙහේ තියාගන්න එපාලු“
“මොකක්“
“අනේ ඔව් පුතා. කිව්වෙ එච්චරයි. නොයැව්වොත් පස්සෙ බලාගන්නම් කිව්වා“
“මේක කමල් දන්නවද“
“ඔව් පුතා. එයා අද උදෙන්මයි ආවෙ. මං විස්තරේ කිව්ව. එයා ආපහු ගියා. ජගත්ට මෙන්න මේ ලියුම දෙන්න කිව්ව.“
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-17, 7:25 am
ela ela Shevan
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13672
Member Since : 2013-01-29
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-17, 10:52 am
නියමයි ශෙවාන්
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12076
Member Since : 2013-07-29
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-17, 4:08 pm
ohhhh moko me wenna yanne
- Hasun+ 100 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8464
Member Since : 2013-07-22
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-18, 7:15 pm
නියමයි...
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12409
Member Since : 2013-05-31
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-18, 11:53 pm
නියමයි shevan !
- chathura1122+ 250 Posts
- Mood :
City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8788
Member Since : 2013-02-03
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-19, 3:03 am
Ooopss me moko wenne...
Niyamai saho!!!
Niyamai saho!!!
- shevan+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-25, 2:03 am
3වැනි කොටස
ජගත්,
මේ ආපු මිනිස්සු කවුද කියල මං දන්නවා. ඒ අපේ තාත්තගෙ මිනිස්සු. උන් හිතුවෙ උඹ ඊයෙ ඒවි කියල. ඒත් හොඳ වෙලාවට ඒක එහෙම නොවුනෙ. කොහොම වෙතත් දැන් මේක අපේ ගෙදරින් දන්නවා. මං මුකුත් නොවුණු ගානට ගෙදර යනවා. උඹ මාව මුණගැහෙන්න උත්සාහ කරන්න එපා. ලියුම් ලියන්නත් එපා. වත්තට ටැලි ෆෝන් කරන්නත් එපා. ඒක භයානකයි. සති දෙකකින් මට එක්සෑම් ඉවරයි. මේ මාසෙ ඉවර වෙද්දි මං එංග්ලන්ඩ් යනවා. ගිහින් ලියුමක් එවන්නම්. ඊට පස්සෙ මං කියපු විදිහටම හැම දේම සිද්ද වේවි. දවසක උඹ මගේම කරගන්නවා ජගත්. එතකන් ඉවසපන්.
ආදරෙන්
කමල්
තාවකාලිකව වුණත් අනපේක්ෂිතව සිදුවුණු සමුගැනීම මගේ ඇස්දෙක කදුළු වලින් බොඳකරල නැවතුන එක ගැන අදටත් පුදුමයි. ඒත් පැහැදිලි අතීත සැමරුම් සියල්ල තත්පර ගානක් යන්නට කලින් මගේ හිත ඇතුලෙම අපේ ආදරේ යාවජීව කලා. සත්තයි කමල්, උඹ වගේම මමත් ප්‍රාර්ථනා කරන්නෙ උඹ මගෙම වෙන්න කියලම තමයි.
මං මොහොතක්වත් ප්‍රමාද නොවී අතට අහුවෙච්ච දේවල් ටිකත් අරගෙන බොඩිමෙන් පිට වුණා. ඒත් මං කොහෙද යන්නෙ? ඇත්තටම මං කොහෙද යන්නෙ. මට තිබුණු හොඳම සහ පහසුම විකල්පය වුණේ ගෙදරම යන එක. මං ගෙදර ගියා. තෝරාගැනීම පහසුම එක වුනත් []ගෙදර ඉන්න එක අපහසුම දේ වුණා.ඒත් මං ඉවසගෙන ඉන්න හිත හදාගත්තා. තව මාස දෙකකින් එක්සෑම්. ඒකට පාඩම් නොකලොත් අපේ හීනෙ හැබෑ කරගන්න ලේසි වෙන්නෙ නෑ. මං ඒ ගැන හිතල තව දුරටත් හිත එකලස් කරගත්තා.
කමල් පොරොන්දු වුණ විදිහට නම් මේ වෙද්දි මට ලියුමක් එවන්න ඕන. ඒත් මාස හතරක් ගතවෙලත් තාමත් නැහැ. කමල්ට මොනව හරි කරදරයක්වත්ද? අනේ එහෙමනම් වෙන්නඑපා. කමල් වෙනස් වෙලාවත්ද? ඒක නම් කීයටවත් වෙන්න බැහැ. ඒත් ලියුමක් නැත්තෙ ඇයි? ඉවසල ඉඳපන්. ඉක්මනටම ඒවි. මගේ හිත කිව්ව. හිත කියන දේ අහගෙන මං තව මාසයක් ඉවසුවා. දැන් ඇති. මැරුම් කෑවත් කමක් නෑ. රක්වානෙ වත්තට යන්න මං හිත හදාගත්තා. ඒ වත්තෙ මං අදුනන කෙනෙකුට හිටියෙ විතානගේ විතරයි. රක්වානෙ වත්තෙ පළවෙනි ගේට්ටුවෙ මුරට හිටියෙ විතානගේ. විතානගේ බැඳල හිටියෙ දෙමල කෙල්ලෙක්. හිටයෙ ලැයිමක. යන්තමට මතක තිබුණු පාරෙන් මං ගේ හොයාගත්තා. විතානගේ ගෙදර හිටියෙ නෑ. පවුල විතරයි. ඒත් මං විස්තර අහන්න පටන්ගත්තා.
“ආ ලොකු බේබි මහත්තයද? ඒ මාත්තිය දැන් මාෂෙකට කලින් එංගලන්තෙ ගියානේ“
“ඔවු මං දන්නව. ඒත් එංගලන්තෙ යන්න තිබුනෙ මීට මාස තුනකට කලින්නේ“
“අනේ අපිල දන්නේ මාත්තිය. බේබි මාත්තිය බැඳපු ගමන් නෝන මාත්තියත් එක්ක තමා රට ගියේ.“
“මොකක්? බැන්ඳා?“

2014-02-25, 2:22 am
කතාව අලුතෙන් හිතන්න වුණා. ඒකට ටිකක් කල් ගියා. ප්‍රමාදය ගැන කණගාටුයි. ප්‍රතිචාර වලට, කතාව කියෙව්වට හැමෝටම ස්තුතියි
- Hasun+ 100 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8464
Member Since : 2013-07-22
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-25, 10:50 am
ela....
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12076
Member Since : 2013-07-29
Re: මගෙම වෙන්න මතු දවසක
2014-02-26, 1:02 am
ela ela pls continue
Page 2 of 4 • 1, 2, 3, 4
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|