Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2486 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share
Go down
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 5317
Member Since : 2014-02-16

ඒඩ්ස් අවසන්.... Empty ඒඩ්ස් අවසන්....

on 2014-03-24, 10:13 am
Message reputation : 100% (2 votes)
[You must be registered and logged in to see this image.]


ජර්මනියේ ඩෙ‍්‍රස්ඩන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ජෛව වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් ඒඞ්ස් වෛරසය ආසාදිත ෙසෙලවලින් ඉවත් කළ හැකි ක‍්‍රමයක් සාර්ථකව අත්හදා බලා ඇතැයි වාර්තා වේ. අණුක කතුරක් ලෙස හැඳින්වෙන මෙම ක‍්‍රමයේදී ආසාදිත ෙසෙලයේ ඞී.එන්.ඒ වලින් වෛරසය ඉවත් කිරීම සිදුකෙරේ. එන්සයිමය හැසිරවීමේ හැකියාව අත්පත් කරගැනීම මගින් මෙලෙස වර්ණදේහයේ කොටසක් හඳුනාගෙන එය ඉවත් කිරීමට හැකිවී ඇති අතර මෙම ක‍්‍රමයෙන් මානව ප‍්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් ඒඞ්ස් හඳුනාගැනීම සඳහා 90%ක පමණ කාර්යක්ෂමතාවයක් පවතින බව පැවසේ. ඩෙ‍්‍රස්ඩන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිවෛරස උපක‍්‍රම අංශයේ ප‍්‍රධානි ජෝකිම් හවුබර් පවසන්නේ වෛරස ඉවත් කිරීමේ විවිධ ක‍්‍රම සහ සමාන ප‍්‍රවේශයන් පැවතියද ආසාදිත ෙසෙලයකින් වෛරසය ඉවත් කිරීමේ උපක‍්‍රමය සුවිශේෂී වන බවයි. රෝගියකුගේ ෙසෙල වල ජාන නැවත සකස් කර ශරීරයට ඇතුළු කිරීමේ සැත්කමක් ලෙස අණුක කතුරු උපක‍්‍රමය තවත් වසර 10ක් ගතවන විට සිදුකළ හැකි වනු ඇතැයි පැවසේ. ජාන සකසන ලද නිරෝගී ෙසෙල ව්‍යාප්ත වෙමින් ආසාදිත ෙසෙලයන්ගේ ෙරෙසය කපා ඉවත් කරමින් ඒවා නිරෝගී තත්වයට පත්කරනු ඇතැයි විද්‍යාඥයන් බලාපොරොත්තු වේ. මීයන් සඳහා මෙම අත්හදාබැලීම සාර්ථක වී ඇති අතර හවුබර් පවසන්නේ රුධිරයේ හඳුනාගත නොහැකි මට්ටමටම වෛරසය පාලනය වූ බවයි. මෙම ප‍්‍රතිකාරය මිනිසුන් සඳහා සාර්ථක වේදැයි පරීක්ෂා කර බැලිය යුතු වන අතර ඒ සඳහා ඉදිරිපත්වන සායනික රෝගීන් සමග එය සිදුකළ හැකි බව ඔහුගේ අදහසයි. ඒඞ්ස් ප‍්‍රතිකාරයක් සඳහා ඖෂධ නිෂ්පාදන සමාගම් වල උනන්දුව අඩු වීමද මෙවැනි පර්යේෂණ සඳහා බලපා ඇති ගැටළුවක් බව පැවසේ.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 10460
Member Since : 2013-01-26

ඒඩ්ස් අවසන්.... Empty Re: ඒඩ්ස් අවසන්....

on 2014-03-25, 6:54 am
api balamu issarahata mokada wenne kiyala
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 5317
Member Since : 2014-02-16

ඒඩ්ස් අවසන්.... Empty Re: ඒඩ්ස් අවසන්....

on 2014-03-25, 1:12 pm
ඒකත් ඉවරයක් උනොත් හොඳා...  wedding 
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2401
GetReal Gold : 10371
Member Since : 2013-01-29

ඒඩ්ස් අවසන්.... Empty Re: ඒඩ්ස් අවසන්....

on 2014-03-26, 4:40 pm
ඒඩ්ස් වලට ආයුර්වේද ප්‍රතිකාරයකුත් හොයාගෙන තියනවා. කියන විදියට ඒකත් සාර්තකයි.
Sponsored content

ඒඩ්ස් අවසන්.... Empty Re: ඒඩ්ස් අවසන්....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum