Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Mihiran
Mihiran
+ 100 Posts
Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 8761
Member Since : 2013-05-11
https://plus.google.com/u/0/115105438493493185846/posts

ආරෝග්‍යා පරමා ලාභා Empty ආරෝග්‍යා පරමා ලාභා

2014-05-28, 10:07 pm
Message reputation : 100% (2 votes)
1

ව්‍යායාම 

ව්‍යායාම යනු කායික වෙහෙසීමෙකි.

එසේ වූවත් හෘද රෝග වැළැක්වීමට හෝ හෘදයාබාධ වැළැඳුණ රෝගීන් පුනරුත්ථාපනය උදෙසා හෝ සියලු ආකාරයේ කායික වෙහෙසවීම් සුදුසු නොවේ.

කායික වෙහෙසවීම් තුන් ආකාරයකින් දැක්විය හැකිය.

ස්වායු ව්‍යායාම
නිර්වායු ව්‍යායාම
හුදු ‍තෙහෙට්ටුව


ස්වායු ව්‍යායාම

මෙම වර්ගයේ ව්‍යායාම, ඔක්සිජන් භාවිතය කාර්යක්ෂම කිරීමට සමත් වෙයි. වඩාත් ප්‍රයෝජනවත් වන්නේ මෙම ගණයේ ව්‍යායාම ය.

(1) පා ඈත් කර තබමින් ඉක්මනින් ඇවිදීම ඉතා උචිත ව්‍යායාමයකි.

මිනිත්තු 20 කදී හෝ ඊට අඩුවෙන් සැතපුම් 1ක දුර ගමන් කරන්නේ නම් කදිමය.

(2) සෑම විටම පඩිපෙළ භාවිතා කරන්න. සෝපානය භාවිතයෙන් වළකින්න.
ඔබේ කාර්යාලයේ පඩිපෙළ ඉක්මනින් නගින්නට හුරුවන්න.
(3) ටෙනිස් ක්‍රීඩා කිරීම
(4) පිහිනුම්
(5) බයිසිකල් පැදීම 

ඔබ කවර ව්‍යායාමයක යෙදුණත් එය සතියකට තුන් වරක් වත් කළ යුතුය. වරකට පැය භාගයක් තරම් කාලයක් යෙදෙන්නේ නම් ප්‍රමාණවත්ය.

මේ ආකාරයේ ව්‍යායාමයන් හි යෙදීම ඔබේ ජීවිතයේ ම අංගයක් කර ගන්න.

ඔබ කාර්යාලයේ ඇති විදුලි සෝපානය භාවිතා නොකර පඩිපෙළ නගින්නට හුරුවන්න.
සා‍ප්පු යාම සඳහා කාර් එකේ යෑමෙන් වැළකී සිටින්න. සාප්පුවක් සාප්පුවක් පාසා ඉක්මන් ගමනින් ඇවිදීමට හුරුවන්න.
කාර්යාලය හෝ වැඩපළ ‍හෝ අසළම ඇති බස් නැවැතුම් පලින් නොබැස බස් ‍හෝල්ට් දෙකක් පමණ ඈතින් බැස ඉතිරි දුර පයින් ඇවිද ගෙන යන්න.
බස් රියෙන් හෝ ‍මෝටර් රථයෙන් ගමන් නොකර පුස්තකාලයට හෝ ක්‍රීඩා සමාජයට හෝ පයින් යෑමට හුරුවන්න.
සවසට නිවෙස කරා ආපසු යෑමේ දී ටික දුරක් හෝ පයින් යෑමට උත්සාහ ගන්න. සැතපුමක් - සැතපුම් එකහමාරක් දුර එසේ යාම විනෝදයක් කර ගන්න.




නිර්වායු ව්‍යායාම

මෙම වර්ගයේ ව්‍යායාම වල යෙදීමෙන් ශරීරයට සිය ඔක්සිජන් භාවිතය වැඩිපුර කාර්යක්ෂම ව කර ගැනීමේ අවස්ථාව නොලැබෙයි. එනිසා ම මෙවැනි ව්‍යායාම වලින් රෝගීන් හට සහනයක් නොසැලැසෙයි.

කෙටි කාලයක් තුළ ඉතා බල සම්පන්න කායික ක්‍රීඩාවන් හි යෙදීම නිර්වායු ව්‍යායාම සඳහා කදිම උදාහරණ වෙයි.

උදාහරණ ලෙස:
ලොරියකින් බඩු බෑම.
මෝටර් රථයක් තල්ලු කිරීම.
බර දෙයක් ඉසිලීම.


හුදු තෙහෙට්ටුව

සෞඛ්‍යදායි ව්‍යායාම වල යෙදීමෙන් පවා ඔබ වෙහෙසට පත්විය හැකි බව සත්‍යයෙකි. එනමුත් කවර ආකාරයක හෝ සෞඛ්‍යදායි ව්‍යායාමයක නොයෙදී වුව ඔබ දැඩි වෙහෙසීමකට පත්වීමට පුළුවන. සුළු සුළු වැඩ රාශියෙක නිරත වුවහොත් දිනය අවසානයේ දී ඔබට වඩාත් වෙහෙසක් දැනෙන්නට හැකිය. ඒ ඔබ ප්‍රයෝජනවත් ව්‍යායාමයක නිරත වූ නිසා දැනෙන වෙහෙසක් ලෙස කිසි විටෙකත් නොසිතන්න. මෙආකාරයෙන් ලබන වෙහෙස සත්‍ය වශයෙන් ම නම් සෞඛ්‍ය යට අහිතකරය.

ස්වායු ව්‍යායාම උදෙසා මාර්ගෝපදේශ කිහිපයක්

ඔබ කරනා ව්‍යායාම ප්‍රමාණය හා ව්‍යායාම සඳහා ගත කරන කාලය ක්‍රම - ක්‍රමයෙන් ඉහළ නැංවිය යුතුය. එක වරම වැඩි වේලාවක් ‍වෙහෙස වෙමින් ව්‍යායාමයක නිරත වීම සුදුසු නොවේ. ව්‍යායාම කිරීමට පවත්නා හැකියාව ක්‍රම - ක්‍රමයෙන් වර්ධනය කර ගත යුත්තෙකි.
ව්‍යායයම කළ යුත්තේ සතියකට දින කිහිපයක් පමණි. දිනපතාම ව්‍යායාමයන් හී නිරත වීම ඉතාම සුදුසු සතියකට දින 3ක් (වරකට පැය ½ - ¾ ක පමණ කාලයක්) ව්‍යායාමයන් හී යෙදිය හැකි නම් ඒ සෑහේ.
කිසියම් ව්‍යායාමයෙක යෙදෙන විට ඉන් සතුටක් විනෝදයක් ලැබෙන්නේ නම්, එහි දිගින් දිගටම නිරත වීම පහසු වනු ඇත. ‍මඟ හැරීමට කැමැති තවත් කාර්යයක් බවට ව්‍යායාම පත් කර ගැනීමෙන් වළකින්න.
බර ආහාර වේලක් ගත් පසුව හෝ අසනීප බවක් හැඟේ නම් හෝ ව්‍යායාම වල නිරත වීමෙන් වැළැකී සිටින්න.
ව්‍යායාමයන් හී යෙදෙන විට සුදුසු පාවහන් සහ නිසි ඇදුම් පැළදුම් වලින් සැරසී සිටීමට මතක තබා ගන්න. මෙ‍හිදී ශරීරය වැසෙන සේ ඇඳුම් ඇඳ සිටීමේ වැදගත් කම නම දහඩිය වාෂ්ප වී යාම නිසා ශරීරය හදිසියේ සිසිල් වීමක් ඇත වීම වළක්වාලීමය. එසේම ව්‍යායාම කිරීමෙන් පසු නෑම‍ට පෙර දහඩිය දැමීම නතර වන තුරු ඉවසා සිටීම අවශ්‍යය ය.
සුළු වශයෙන් හති වැටෙන තුරු ව්‍යායාමයන් හී යෙදෙන්න. කල්යත් ම හති නැතිව ව්‍යායාමයන් හී යෙදිය හැකි කාලය දීර්ඝ වනු ඇත. ව්‍යායාම කිරීම නවතා මිනිත්තු 10 ක කාලයක් තුළ දී ඔබගේ හුස්ම ගැනීම යථා තත්වයට පත් විය යුතුය. මිනිත්තු 10 කට පසුවත් යථා තත්වයට පත් නොවුවහොත් ඔබ ප්‍රමාණය ඉක්මවා ව්‍යායාම කළ බවක් සැලකිය යුතුය.

පහත විස්තර කර ඇති පරිදි මෙම සටහන භාවිතා කිරීම පහසුය.

උදාහරණයක් ලෙස පැයට සැතපුම් 2ක වේගයෙන් ඇවිදීම ගනිමු. සටහන පෙන්වා දෙන කරුණු අනුව
(I) රාත්තල් 90 ක් බර පුද්ගලයෙක් සැතපුම් 2ක වේගයෙන් මිනිත්තුවක් ඇවිද‍්දොත් කැලරි 21 ක් දවාලයි.
(II) එහෙයින් පැය ½ ක කාලයක් ඇවිද්දහොත් ඔහු දවාලන කැලරි ප්‍රමාණය (21x30) 63 කි.
(III) රාත්තල් 90 ට වඩා බර වැඩි පුද්ගලයකු මෙවැනි කාර්යයක නිරත වූවහොත් ඔහු හෝ ඇය දවාලන ශක්ති ප්‍රමාණය එ පරිද්දෙන් ම ඉහළ යයි. (ශරීර බර වැඩි වන සෑම රාත්තල් 9 කටම මිනිත්තුවකට අමතර කැලරි 2 බැගින් දැවී යයි. (පැයට සැ 2ක වේගයෙන් ඇවිදීමේදී)
(IV) එනිසා රාත්තල් 99 ක් බර පුදගලයකු සෑම මිනිත්තුවකදීම දවාලන කැලරි ප්‍රමාණය (21+2) 23 කි. 
(V) රාත්තල් 108 ක් බර පුද්ගලයකු (සම්මත බර රාත්තල් 90 ට වඩා රාත්තල් 18 ක් වැඩි) වැය කරන කැලරි ප්‍රමාණය මිනිත්තුවට (21+2+2) කැලරි 25 කි.

හෘද වස්තුවට ව්‍යායාමයෙන් උපරිම ප්‍රයෝජන සැලැසීමට නම් සෑම ව්‍යායාම වාරයකදීම කැලරි 300ක් දැවී යා යුතු වේ. පහත සඳහන් ව්‍යායාම වල යෙදෙන රාත්තල් 120 ක් බර පුද්ගලයකු ඒ අවශ්‍යතාව සපුරාලීමට ඒ ඒ ව්‍යායාම සඳහා ගතයුතු කාලය මෙසේය.

ව්‍යායාම පිළිබද මිථ්‍යා විශ්වාස

(I) “බර අඩුකර ගැනීම සඳහා ව්‍යායාම ගැනීම ප්‍රමාණවත්ය.”
මෙය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ. ව්‍යායාමය කෙනකුගේ කුස ගිනි වඩවයි. එනිසා ම ව්‍යායාම ගැනීමෙන් පසුව වැඩිපුර ආහාර ගැනීමට පෙළඹිය හැකිය. එනිසා බර අඩු කර ගැනීමට කරන ව්‍යායාම වැඩ සටහනක් හා සමඟ ම ප්‍රමාණවත් ආහාර සීමාවන් පැවතිය යුතුය.

(II) “ව්‍යායාම ගැනීම ‍මගින් කෙ‍‍ාලෙස්ටරෝල් දැවී යයි.”
මෙය සත්‍යයෙන් තොරය. ව්‍යායාම ගැනීම මගින් සිදු වන්නේ ශක්ති දැවී යාම පමණය. ව්‍යායාම ගැනීම කොලෙස්ටරෝලය අඩු කිරීමට උදව් වන නමුත් ඒ සදහා අත්‍යවශ්‍ය වන්නේ ආහාරමය සීම‍ා කිරීම ය.

(III) “ව්‍යායාම අවශ්‍ය වන්නේ පමණය.”
කාන්තාවනටද සැලැකිය යුතු තරම් ව්‍යායාම අවශ්‍යය. ඔසප් නැවතීමත් සමග ම කාන්තාවන්ගේ කොලෙස්‍ටරෝල මට්ටම පිරිමින්ගේ මට්ටම දක්වා ඉහළ යයි. හෘදයාබාධ වැළදීම පිළිබද තර්ජනයද සමඟ ම ඉහළ යයි.

(IV) “ සෙමෙන් සෙමෙන් විවේකීව ඇවිදීම හොද ව‍්‍යායාමයකි.”
එසේ ඇවිදීම ඇත්ත වශයෙන්ම විවේකයක් ලබා දෙන මුත්, ප්‍රයෝජනවත් ව්‍යායාමයක් ලෙස සැලකිය නොහැකිය.
 — at [You must be registered and logged in to see this link.]


[You must be registered and logged in to see this link.]
Mihiran
Mihiran
+ 100 Posts
Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 8761
Member Since : 2013-05-11
https://plus.google.com/u/0/115105438493493185846/posts

ආරෝග්‍යා පරමා ලාභා Empty Re: ආරෝග්‍යා පරමා ලාභා

2014-05-30, 1:11 pm
Message reputation : 100% (3 votes)
නිරෝගී ශරීරයක් සඳහා – 01


තොරතුරු විප්ලවයත් සමග ඇති වූ හැසිරීමේ වෙනස්කම් නිසා මිනිසා මානව ඉතිහාසයේ පෙර නොවූ ආකාරයට එක්තැන් වී සිටින ජීවන රටාවකට හුරු වී සිටි. මේ නිසා පරිණාමයේ කාල මිනුම් දඬු වලට සාපේක්ෂව ඉතාමත් කෙටි කාලයකින් මිනිසාගේ ශරීරය ශක්තිය හැකිතරම් එක්රැස් කර ගන්නා යන්ත්‍රයකින්, ශක්තිය ඉතාමත් ඉක්මනය දහනය කල යුතු යන්ත්‍රයක් බවට පත් වීමට සිදු වී තිබේ. මෙය පරිණාමය වශයෙන් සිදුවිය නොහැකි අතර එම නිසා අප සමාජය මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බවට තරබාරු බව සහ ඊට අදාල සෞඛ්‍යමය සංකූලතා පත් වී ඇත. මේ ඇයි යන්න තේරුම් ගැනීමට අපට ආදී මානවයා වෙත යාමට සිදුවේ.

මානව පරිණාමය හා ශක්ති පාලනය

ගල් යුගයේ සිට කාර්මික විප්ලවයේ මුල් අවධිය වන තෙක් මිනිසා ගත කල ජීවන රටාව ශාරීරිකව ඉතාමත් ක්‍රියාකාරී ජීවන රටවකි. බොහෝමයක් රැකියා ශාරිරික ශක්තිය වැයකොට සිදු කල යුතු විය අතර පෝෂණීය ආහාර සුලබ නොවිය. ගල් යුගයේ හෝ ඊටත් පෙර සමාජ, භාෂා දියුණු නොවූ මානවයන් ආහාර සොයා බොහෝ දුක් විඳිය යුතු වූ අතර ඒ නිසා හැකි තරම් ශක්තිය ගබඩා කර ගත හැකි ලක්ෂණය පරිණාමයේ පරීක්ෂණයෙන් සමත් වූ මානවයන් අතර දක්නට ලැබෙන වාසි සහගත ලක්ෂණයකි.

ආදී මානවයා ජීවත් වූ පරිසරයේ කැලරි (කැලරි යනු ශක්තිය මැනීමේ ඒකකයක් වන අතර මෙම සන්දර්භයේදී ආහාර වලින් ශරීරයට ලබා දෙන ශක්තිය මනින ඒකකයක් ලෙස භාවිතා කරනු ලැබේ) බහුල ආහාර සොයා ගැනීමට අපහසු විය. එම පරිසරයේ බොහෝ විට ශාකමය ආහාර වලින් යැපීමට සිදු වන අතර ප්‍රෝටීන බහුල සත්ව ආහාර සොයා ගැනීමට ආයුධ දියුණු නොකරගත් අපගේ මානව ආදිතම සඟයාට සෑහෙන වෙහෙසක් දැරීමට සිදුවේ. බොහෝ කාලයන් ආහාර නොමැතිව ගත කිරීමට සිදුවන අතර ඒ නිසා ආහාර ලැබුන විගස ඒවායින් ලැබෙන කැලරි ප්‍රමාණය හැකි තරම් ගබඩා කර ගත යුතු වේ. පාරිසරික තර්ජන නිරන්තර වූ අතර මානව ආදිතමයා තමන්ගේ ආහාර වේලට ඇතුලත් කර ගැනීමට ආශා වූ විලෝපිකයින් බොහෝ විය. මේ නිසා හදිසි අවස්ථාවකදී ඇති වන ඇඩ්‍රිනලීන් ක්‍රියාවලියට ඇති තරම් ශක්තිය ලබා දීමට ශරීරය හැකි තරම් හැඩ ගැසී තිබිය යුතුය. නැති නම් [You must be registered and logged in to see this link.] ශක්තිය නොමැතිව ඇද වැටෙන අවසාන මානව ආදිතමයා Homo Sapiens ලෙස පරිණාමය වීමට ඉතුරු වන්නේ නැත.

[You must be registered and logged in to see this image.]

මේ ආකාරයට මිනිසාගේ ශරීරය ජානමය ලෙස හැඩ ගැසී ඇත්තේ ශක්තිය ගබඩා කිරීමට බව තේරුම් ගත හැක. පරිණාමය වශයෙන් මෙය වාසි සහගත වුවත් පරිණාමීය කාල මිනුම් වලට සාපේක්ෂව මිනිසා ලබා ඇති දියුණු තත්වයන් නිසා තව දුරටත් එම පාරිසරික සාධකයන් අදාල නොවන කාලයකදි එම ලක්ෂණ මිනිසාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑමට ආරම්භ වී තිබේ. මෙම සංසිද්ධිය තේරුම් ගැනීමට මිනිසාගේ පෝෂණය පිලිබඳ අධ්‍යයනය කිරීමට සිදුවේ.

පෝෂණයේ කායික ක්‍රියාවලිය

මිනිසාගේ නිසි පෝෂණයට අවශ්‍ය වන පෝෂණ සාධක වර්ග දෙකකට වෙන් කල හැක. සාපේක්ෂව වැඩි ප්‍රමාණයකින් ශරීරයට අවශ්‍ය වන, ශාරිරිකව සිදුවන ශක්ති ක්‍රියාවලියේ ඍජු භූමිකාවක් දරන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය මහා පෝෂ්‍යක (Macro Nutrients) වලට කාණ්ඩ වන අතර ශක්ති ක්‍රියාවලියට ඍජුව දායක නොවී පාලක භූමිකාවක් දරන අනෙකුත් සුලු ක්‍රියාවලින්ට සහභාගී වන නමුත් අත්‍යවශ්‍ය විටමින්, ඛණිජ ලවන ආදීය ක්ෂුද්‍ර පෝෂ්‍යක (Micro Nutrients) වලට කාණ්ඩ වේ.

ශරීරයේ ශක්තිය දහනය වන ප්‍රධාන ක්‍රියාවලිය Metabolism ලෙස හැඳින්වේ. ලේ පොම්ප කිරීමේ සිට අනෙකුත් සියලුම කාර්යයන් සඳහා අවශ්‍ය වන ශක්තිය වැය වීම මෙම ක්‍රියාවලියට අයත් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ මෙය ශරීරය පවත්වා ගැනීම සඳහා වැය කරන ශක්තිය ලෙස හඳුන්වා ගත හැක. මෙලෙස ශක්තිය වැය වන ශීඝ්‍රතාවය Metabolic rate ලෙස හැඳින්වේ. එමෙන්ම පුද්ගලයෙකු නිසලව මධ්‍යස්ථ උෂ්ණත්වයක සිටින විට ඇති Metabolic rate අගය [You must be registered and logged in to see this link.] ලෙස හැඳින්වේ.

මෙම BMR අගය එක් එක් පුද්ගලයාගේ ජානමය සාධක, ජීවන රටාව, ශරිරයේ ප්‍රමාණය හා සංයුතිය (මාංශපේශී හා මේදය අනුපාත) අනුවද වෙනස් විය හැක. සමහර අයගේ Metabolic rate අගය ඉතාමත් ඉහල අගයක් ගන්නා අතර ආහාර කෙතරම් පරිභෝජනය කලත් සිරුර කෙට්ටු ස්වාභාවයක් උසුලයි. තවත් අයට එහි අනෙක් පසය. තමාගේ බර, උස, ලිංගිකත්වය හා වයස අනුව [You must be registered and logged in to see this link.]. මෙම අගය සාමාන්‍ය අගයක් වන අතර නියම අගයක් ගණනය කර ගැනීමට පෝෂණ උපදේශකයෙකුගේ උදව්වෙන් කර ගත හැකි විය යුතුය. ඉතාමත් විශේෂිත අවස්ථා හැර BMR සඳහා සාමාන්‍ය අගයක් ලබා ගැනීම ප්‍රමාණවත් වේ.

[You must be registered and logged in to see this image.]
Source : zuniv.net
පුද්ගලයෙකුගේ Metabolic rate අගය උදය කාලයේදී උපරිම මට්ටමේ පවතින අතර දිනය ගෙවී ගොස් නින්දට යන වෙලාව වන විට අවම මට්ටමට පැමිණේ. මීට අමතරව ආහාර වේලකට පසුව Metabolic rate අගය එකවර වැඩි වීමක් දක්නට ලැබේ (SDA - [You must be registered and logged in to see this link.]). එසේ වන්නේ ආහාර දිරවීම ශක්තිය අවශෝෂණය කර ගන්නා ක්‍රියාවලියක් නිසාවෙනි. දවසේ වේලාව අනුව මෙම වැඩි වීමද ක්‍රම ක්‍රමයෙන් අවම තත්වයට පත්වේ.

ආහාර වේලකට පසුව Metabolic rate අගය වැඩි වීම ගන්නා ලද ආහාර වේලේ සංයුතිය අනුවද වෙනස් වේ. මේ අනුව ප්‍රෝටීන් බහුල ආහාරයකදි, එනම් මස්, මාලු, බිත්තර අඩංගු ආහාරයකදි, මෙම වැඩි වීම උපරිම වන අතර වැඩි වීම පවත්නා කාලයද වැඩි වේ. කාබෝහයිඩ්‍රේට් තවත් කොටස් දෙකකට මේ අනුව වෙන් කල හැක. සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් (Complex carbohydrates) අඩංගු ආහාර, එනම් එලවලු, පලතුරු, රතු බත් හා ඇට වර්ග, ආහාරයට ගත් විට ප්‍රෝටීන වලට වඩා අඩු නමුත් අනෙකුත් වර්ගවලට වඩා වැඩි SDA එකක් දක්නට ලැබිය හැකි අතර සරල කාබෝහයිඩ්‍රේට් (Simple/Starchy Carbohydrates) අඩංගු ආහාර, එනම් පිටි වර්ග, සීනි, සුදු බත් හා කිරි ආහාර ආදිය ඊට වඩා අඩු SDA එකක් නිපදවයි. මේ අනුව සරල කාබෝහයිඩ්‍රේට් ආහාර ඉක්මනින් අවශෝෂණය වන අතර අවශෝෂණය සඳහා ශක්තිය අතින් වැඩි වියදමක් දැරිමට සිදු නොවේ. අවම වැඩි වීම මේදය සහිත ආහාර මගින් නිපදවයි.
[size][color]
[You must be registered and logged in to see this image.]
Source : [You must be registered and logged in to see this link.] at pharmpedia.com
[/color][/size]
ආහාර වේලකට පසුව ආහාරයෙන් ලබා ගත් කැලරි ප්‍රමාණය ශරීරයේ ක්‍රියාවලියට දායක කර ගත යුතුය.  මහා පෝෂ්‍යක (Macro Nutrients) වලට අදාල වන කාබෝහයිඩ්‍රේට්, ග්ලූකෝස් (glucose) ලෙසත්, ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල (Amino Acids) ලෙසත් මේදය Fatty Acids ලෙසත් සරල ආකාර වලට කඩා කුඩා බඩවැලෙන් රුධිර ගමනාගමනයට එකතු කරනු ලැබේ. ග්ලූකෝස් ශරීරයේ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට දායක කර ගන්නා අතර ප්‍රෝටීන් (ඇමයිනෝ අම්ල) මාංශපේශීන් නිපදවීමට, එන්සයිම හා හෝමෝන ආදී ක්‍රියාවලීන්ට සහභාගි වේ. Fatty acids හෙවත් මේදය මේද සෛල විසින් ගබඩා කර ගන්නා අතර ශක්තිය නිපදවීමට රුධිරයේ ග්ලූකෝස් නොමැති අවස්ථාවකදී මේදය යොදා ගැනේ.

(ශරීරයේ ශක්ති ඒකකයක් ලෙසට ATP අණුව හැඳින්විය හැක. සරලව පැවසූ විට හුස්ම ගන්නා විට ලබා ගන්නා ඔක්සිජන්, ආහාර වලින් ලබා ගන්නා ග්ලූකෝස් එක්කොට “දහනය“ කර ATP අණු නිපදවාගන්නා අතර අනෙකුත් ක්‍රියාවලින් සඳහා යොදා ගන්නා ඉන්ධනය මෙම ATP අණුව වේ.)

ශරීරයට අවශ්‍ය කරන (BMR අගය විසින් තීරණය කරනු ලබන) දෛනික කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් ලබා ගත් විට අමතර ග්ලූකෝස් මේදය බවට පත් කර ගෙන මේද සෛල වල ගබඩා කර ගනී. අමතර ප්‍රෝටීන් මේදය ලෙසට ගබඩා කර ගත හැකි ආකාරයකට පත් කර ගන්නා අතර අනෙකුත් ඇමයිනෝ අම්ල අණු කඩා දමා නයිට්‍රජන් යූරියා ලෙස ශරීරයෙන් පිටකරනු ලැබේ. නමුත් ප්‍රෝටීන් වල ලක්ෂණ සහ පිරිසිදු ප්‍රෝටීන් පමණක් ලබා ගැනීමට ඇති දුෂ්කරතාවය නිසා බොහෝ විට අමතර ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගත නොහැකි වේ (ප්‍රෝටීන් උපරිමයෙන් අඩංගු කුකුල් මසේ breast කොටසේ ප්‍රෝටීන් ප්‍රතිශතය[You must be registered and logged in to see this link.]ක් පමණ වේ. 80%කට ආසන්න ප්‍රෝටීන් ප්‍රතිශතයක් ඇති Whey ප්‍රෝටීන් පිටි එතරම් ප්‍රමාණයක් බලෙන් හෝ බීමට නොහැක). බොහෝ විට කැලරි අතිරික්තයක් ඇති වන්නේ කාබෝහයිඩ්‍රේට් හා මේදය වැඩිපුර ආහාරයට ගැනීමෙනි.

නූතන සමාජයේ ආහාර රටාවන්

[You must be registered and logged in to see this link.]විද්‍යාත්මකව ඉදිරිපත් කරන ලද සාධකයකි. මානව ආදිතමයින්ගේ ආහාර රටාවන්, එනම් ආහාර ලැබුන විට හැකි තරම් පරිභෝජනය කිරීමත් ඉන්පසු සැලකිය යුතු කාලයක් යනතුරු ආහාර ලැබීමේ සම්භාවිතාව අඩුවීමත් සාධක කොට ගෙන මෙවැනි පරිණාමීය ලක්ෂණයක් මානවයින් උරුම කරගෙන ඇති බව පිලිගත් මතයයි. ඒ අනුව මේදය වැඩි ආහාර වැඩි රසයක් ගෙන දෙන අතර මේදය ගබඩා කර ගත් පසුව බොහෝ කාලයක් එම ගබඩා කර ගත් මේදයෙන් ශරීරය පවත්වා ගෙන යා හැක.

නමුත් වර්තමානයේදී අතීතයේ මෙන් ආහාර හිඟයක් දක්නට නොලැබෙන තත්වයක (මේ කතා කරන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා අනෙකුත් රටවල දියුණු පෙදෙස් පිලිබඳවය. මාතෘකාව දේශපාලනික නොවන නිසා හැකි තරම් විෂය මූලික ආකාරයට කරුණු දැක්වේ) මෙම ලක්ෂණය වෙනස් ප්‍රතිඵලයක් ගෙන දේ.

අද අප ගන්නා ආහාර කාබෝහයිඩ්‍රේට් හා මේදය අධික වන අතර එලවලු හා පලතුරු ආහාර ලබාගන්නේ අවම ප්‍රමාණයෙනි. ලාංකික ආහාර වේලක සංයුතිය ගතහොත් බොහෝ විට සුදු බත් වැඩි ප්‍රමාණයක්, මස් (කුකුල් මස් නම් කුකුල් කකුලක්), බැදුමක් (බටු මෝජුවක්), පරිප්පු වලින් සමන්විත වන අතර වෙලඳ සැලකින් ලබා ගත් බත් වේලක් නම් තෙල් අධික බව පෙනී යනු ඇත. Fast Food මීටත් වඩා අන්ත තත්වයක පවතී. සීනි, ලුණු, මේදය අධික වන අතර නැවත නැවත බැද ගන්නා ආහාර වල අධික මේද ප්‍රමාණයක් ගබඩා වී තිබේ.

ශාරීරිකව ඉතාමත් ක්‍රියාකාරී රැකියාවක නියුතු අයෙකුට මෙවැනි ආහාර වේලක බලපෑම එතරම් දැනෙන්නේ නැත. තරබාරු මේසන් බාස්ලා, යකඩ කම්කරුවන්, ආදී අය දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. නමුත් එක තැන දවසේ බොහෝ වේලාවක් වාඩි වී අවම ශරීර ක්‍රියාකාරීත්වයකින් කටයුතු කරන අයට මෙම බලපෑම තදින් දැනේ. බාහිර උපද්‍රව වලින් සෑදෙන ලෙඩ රෝග බොහෝමයක් තුරන් කර ඇතත් තරබාරු බව, හෘදයාබාධ, දියවැඩියාව ආදිය ඉතා අඩු වයසෙන් දක්නට ලැබෙන්නේ එම නිසාය.

මීට අමතරව බොහෝ අය උදේ ආහාර වේල අඩුවෙන් ගැනීමටත් රාත්‍රී ආහාර වේල වැඩියෙන් ගැනීමටත් පුරුදු වී ඇත. ඒ අනුව උදේට මාලුපාන් ගෙඩියක් හෝ රොටියක් කා දවස පටන් ගෙන දවාලට පෙට්ටි කඩේකින් තෙල් බත් පැකට් එකක් ගිල දමා රෑට කොත්තුවකින් දවස අවසාන කිරීම සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව ඇත.

Metabolic rate අගය උදෑසනදී උපරිම අගයක් ගැනීමට පරිපූර්ණ ආහාර වේලක් ලබා ගත යුතුය. එලෙසම Metabolic rate අගය අවම රාත්‍රියේදී පිටි අධික ආහාර ගිල දැමීමෙන් සිදු වන්නේ ඒවා අමතර මේදය ලෙස චර්මයට යටින් තැන්පත් වීමයි. මෙය තරබාරු බවට රතු පාවඩ අතුරා ආරාධනා කිරීමකි.

ලේඛකයා යෙදෙන මෘදුකාංග ඉංජිනේරු අංශයේ බඩක් නොමැති අයෙකු සොයා ගැනීම ඉතා අපහසුය. එලෙසම අධික තරබාරු පුද්ගලයින් ආයතනයකට අවම වශයෙන් දෙදෙනෙක‍්වත් සිටී. මෙය බැංකු, රියදුරු, මූල්‍ය ක්ෂේත්‍ර ආදී සියලු පුටු රත් කරන ක්ෂේත්‍රයන්ට පොදු ය. නූතන සමාජ රටාවකට සෙමින් එකතු වෙන ලංකාව ආශ්‍රිතව මෙය සමාජ ගැටළුවක් බවට පත්වීමට වැඩි කල් ගත නොවෙන බව ඉතා පැහැදිලිය. එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් දැනටමත් අධික තරබාරු කම සමාජ ගැටළුවක් ලෙස අර්ථ දක්වා ඒ සඳහා පිලියම් සොයන අදියරට පැමිණ ඇත.


මගේ ලිපියක් නම් නෙමේ. ගත්තෙ මෙතනින්- [You must be registered and logged in to see this link.]
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26

ආරෝග්‍යා පරමා ලාභා Empty Re: ආරෝග්‍යා පරමා ලාභා

2014-06-01, 8:42 am
Message reputation : 100% (1 vote)
thnx for sharing this with us
Sponsored content

ආරෝග්‍යා පරමා ලාභා Empty Re: ආරෝග්‍යා පරමා ලාභා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum