අංක 999
+11
Sithija
ishan
kapilab
Isura
Esala
thavisha
Thisara
shevan
kasunx
සහන්
Jith
15 posters
Page 2 of 5 • 1, 2, 3, 4, 5
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12078
Member Since : 2013-07-29
Re: අංක 999
2014-06-08, 9:48 pm
awesome story bro
- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9492
Member Since : 2013-03-28
Re: අංක 999
2014-06-09, 1:56 pm
- Isura+ 100 Posts
- Mood :
City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8507
Member Since : 2014-02-16
Re: අංක 999
2014-06-09, 7:55 pm
අහා...තවත් කොනන් ඩොයිල් කෙනෙක් වැඩ අල්ලල වගේ... 8) 8) 8) 8)
පට්ටයි ජිතෝ...
සුපිරියි...
පට්ටයි ජිතෝ...
සුපිරියි...
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8803
Member Since : 2013-10-18
Re: අංක 999
2014-07-03, 1:43 pm
ඔහු අපිව කැඳවගෙන ගියෙ ඒ බරාඳයෙ තිබුණු එක කාමරයකට. ඒක තරමක් විශාල බොහොම සුවපහසු එකක් වුණා. සිලිං හතකුත් පැන්ස පහකට ඒ කාමරය ඕනවටත් වඩා හොඳ වැඩියි. තානායමේ අයිතිකරු කාමරය හරහා ගිහින් කෙළවරක එල්ලලා තිබුණු ගෑස් පහන දැල්වුවා.
"මෙහෙට ඒ තරම් අමුත්තෝ එන්නෙ නැහැ. ඔබ වගේ අය එන්නෙම නැති තරම්. නමුත් ඒ වගේ යුවලක් පිළිගන්න මම ඕනෙම වෙලාවක ඉන්නෙ සූදානමින්."
ඔහු ඒ වචන ටික කිව්වෙ කලින් තිබුණු ගුප්ත සිනහවම රඳවගෙන. ඔහු මගෙ දිහා එක එල්ලේ බලාගෙන හිටපු විදිහ මම දැක්කා. ඒක මට ගෙනත් දුන්නෙ තරමක අපහසුතාවක්.
"ගිනි උඳුන ළඟ දර තියෙනවා මහත්මයා. ඒක දල්වා ගන්න. සීතල බොහෝ දුරට අඩු වෙයි. ඔබට කෑමට මුකුත්................................."
"නැහැ නැහැ. අවශ්‍ය නැහැ. ගොඩාක් මහන්සියි. හෙට පුළුවන් ඉක්මණින් යන්න ඕනෙ. ඒ නිසා නිදාගන්න තියෙනවා නම් ඒක ලොකු දෙයක්. "
මගේ කැමැත්තත් දන්න නිසා ජේසන් එහෙම කියනකොට ඔහු නැවතත් හුස්මක් පහළට හෙළුවෙ ලොකු තෘප්තියකින් වගේ.
"ඒක සෑහෙන්න සැනසීමක්. වෙනදට කෑම හදන්න එන මනුස්සයා අද ඇවිත් නැහැ. ඒ ගෑණිට සනීප නැතිලු. ඇරත්........................ මගෙ කටයුතුත් ඒකෙන් ඉක්මන් වේවි. සුභ රාත්‍රියක් මහත්මයා."
ඔහු ලන්තෑරුමත් අරගෙන කාමරය හරහා ඇවිත් දොර අසලට ගියා. ආයෙමත් හැරිලා ඔහු අපි දෙන්නා දිහා බලාගෙන හිටියෙ හරිම අමුතු විදිහට. ඉන් පස්සෙ ඔහු දොර වහගෙන පිටවෙලා ගියා.
මම ඇඳෙන් ඉඳගත්තෙ තරමක මහන්සියක් දැනුණු නිසා. එතකොට ජේසන් මගෙ උකුලෙන් ඔළුව තියා ගත්තා.
"මම කිව්වනෙ ඔයාට බය වෙන්න දෙයක් නැහැ කියලා."
"ඒත් අර මනුස්සයා හරි අමුතුයි. ඔයා දැක්කද අපි දෙන්නා දිහා බලාගෙන හිටපු හැටි. හරියට නිකන්....................."
"ඒ ඔයාගෙ හිත ටොම්. ඒ ඔයා දකින විදිහ. ඔයා කලබල වෙලා."
ජේසන් කිව්වෙ මගෙ කම්මුලට අතක් තියාගෙන. එක පාරම මහා හයියෙන් අකුණක් ගහලා ගොරවන්න පටන් ගත්තා. මම හිතන්නෙ ඒ වෙලාවෙ නම් ළඟ කොහෙම හරි තැනකට අකුණු පහරක් වැදුණා. ඒත් එක්කම මට ඇහුණෙ අශ්වයන් බය වෙලා කෑ ගහන හඬ.
"අශ්වයො කලබල වෙලා. උන්ව කරත්තෙන් ලිහලා ගාල් කරන්න වෙයි."
මම සූදානම් වුණේ ඇඳෙන් නැගිටලා ඒ කටයුත්ත සඳහා යන්න.
"ඔයාට ගොඩාක් මහන්සියි ටොම්. ඔයා ටිකක් කලබලත් වෙලානෙ. මේ විදිහට ඔයාව එළියට යවන්න මම කැමති නැහැ. මම ගිහින් ඒක කරලා එන්නම්. ඔයා ටිකක් විවේක ගන්න. මම ඇඳුම් ටිකත් අරගෙන එන්නම්."
ජේසන් මාව නවත්තලා කාමරෙන් එළියට ගියෙ දොරත් වහගෙන. ඉන් පස්සෙ මම කාමරේ තනි වුණා.
ඇඳට වෙලා ටිකක් හාන්සි වෙලා ඉන්න ඕනෙකමක් තිබුණත් මට ඒකට හිතක් තිබුණෙ නැහැ. ඒ නිසා ජේසන් එනකම් මම කළේ කාමරයෙ තිබුණු සිතුවම් දිහා බලාගෙන හිටපු එක. ඒ සිතුවම් ඇත්තෙන්ම බොහොම අලංකාර ඒවා. එතන තිබුණු එක සිතුවමක් ළඟ මම නතර වුණා.
ඒක නිරුවත් තරුණයින් දෙදෙනෙකුගෙ සිතුවමක්. ඔවුන් දෙදෙනා හිටියෙ එකිනෙකාව වැළඳගෙන. බොහොම ආදරයෙන්. ඒක ඇත්තෙන්ම බොහොම සුන්දර දසුනක්. ඒත්............. ඒ සිතුවමේ වටපිටාව හරිම අසාමාන්‍ය වුණා. බොහොම අඳුරු ගතියක් ඒකෙ දකින්න තිබුණෙ. ඒ වගේම ඒ සිතුවමේ තැන් තැන් වල හිටියෙ සර්පයො. උන් ගස් වල එතිලා හැංඟිලා හිටියෙ ඒ තරුණයන් දිහා බලාගෙන. හරියට ගොදුරක් දැක්කහම වගේ. නමුත් ඔවුන් දෙන්නා, ඒ කිසිම දෙයක් නොදැන ආදරයෙන් වැළඳගෙන හිටියා. සිතුවම බොහොම අනර්ඝ එකක් වුණත්, ඇත්තෙන්ම මට ඒ චිත්‍ර ශිල්පියා ගැන පුදුම තරහක් හිතට ආවෙ ඒ සිතුවමේ තිබුණු ලස්සන නැති කරලා තිබුණට. නමුත් හැම සිතුවමකින්ම වගේ ඒකෙනුත් මොනවා හරි කියවෙනවා ඇති කියලා මට හිතුණා. මහත්මයා ඔබ මම කියන දේ අහගෙනද ඉන්නෙ?"
ඔහු එක්වරම මගෙන් විමසූයේ මා එක්තරා මතකයක අතරමං වූ බැවිනි. එය මාගේ මුහුණෙන් පිළිඹිබු වන්නට ඇත.
"ඔහ්.... සමාවෙන්න. මම ඔබේ කතාව අහගෙන ඉන්නෙ. කරුණාකරලා පටන් ගන්න මහත්මයා."
හිස සෙලවූ ඔහු නැවතත් කතාව ඇරඹීය.
මම ඒ සිතුවම දිහා බලාගෙන හිටියෙ ඒ දේවල් ගැන කල්පනා කර කර. එකවරම බරාඳයෙන් ඇහුණු අඩි ශබ්දයක් නිසා මම ඒ දේවල් වලින් මිදුණා. මම ඉක්මණින් ගිහින් දොර ඇරියෙ ජේසන් ඇඳුම් මලුත් අරගෙන එන නිසා. නමුත් මම දොර අරිනකොටම එතන හිටියේ ජේසන් නෙවෙයි. තානායමේ අයිතිකාරයා! ඔහුගෙ සුදුමැලි මුහුණ දකිනකොට මම ආයෙමත් වතාවක් ගැස්සුණා. ඔහු ආයෙමත් මට සංග්‍රහ කළේ අර ගුප්ත සිනහවෙන්මයි.
"සමාවෙන්න මහත්මයා....... ඔබව බය කළා නම්."
ඔහු කිව්වෙ කිසිම ගණනක් නැතුව. ඒ වෙලෙත් ඔහුගෙ ඇස් දිලිසෙන හැටි මම හොඳින් දැක්කා.
"ඔහ්.. නැහැ නැහැ. එහෙම දෙයක් නෙවෙයි. මම හිතුවෙ ජේසන් වෙන්න ඇති කියලා. ඔබට මුකුත් හදිස්සියක්ද මහත්මයා?"
"හදිස්සියක්? නැහැ නැහැ. ඒත්..................................... අද විශේෂ දවසක්නෙ. ගොඩාක් කාලෙකට පස්සෙ එළඹුණු විශේෂ දවසක්. ඇත්තෙන්ම, කලබල වෙලා නැත්තෙත් නැහැ."
ඔහු කියවගෙන ගියෙ හරිම අමුතු විදිහකට. ඒක ඒ තරම් මගෙ හිතට ඇල්ලුවෙ නැහැ. මම සූදානම් වුණේ ආයෙමත් කාමරය ඇතුළට යන්න.
"සමාවෙන්න මහත්මයා. මට ගොඩාක් මහන්සියි. මම ඇතුළට යන්නම්. සුභ රාත්‍රියක් ඔබට."
මම එහෙම කිව්වත් ඔහු ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙ නැහැ. ඔහු මගේ දිහාම බලාගෙන හිටියා. ඒක මට ගෙනත් දුන්නෙ පුදුම අපහසුතාවයක්. ඒ වගේම පුදුම තරහක්. මම ආපහු හැරුණෙ කාමරයට ඇතුළු වෙන්න.
ඒත් එක්කම පිටිපස්සෙන් ආපු අතකින් මගෙ නහයට තද වුණේ ලේන්සුවක්. බොහොම සැර ගන්ධයක් මට දැනුණා. මම ඒකෙන් ගැලවෙන්න කොයි තරම් උත්සාහ කළත් මට ඒක කරන්න පුළුවන් වුණේ නැහැ. මට දැනුණෙ මගෙ මුළු ඇඟම යකඩ අඬුවකට හිර වුණා වගේ. වටපිටාව හෙමින් බොඳ වෙනවා වගේ මට දැනුණා. මට අන්තිමට ඇහුණෙ බොහොම හයියෙන් ගොරවන හඬක් විතරයි."

- kapilab+ 100 Posts
- City : near to kaduwela
Country : Sri Lanka
Posts : 169
GetReal Gold : 8085
Member Since : 2013-08-22
Re: අංක 999
2014-07-03, 2:33 pm
wow jith jith jith jit
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12078
Member Since : 2013-07-29
Re: අංක 999
2014-07-03, 6:49 pm
wooow woow ayeth kathawa kiyawaana lebuna eka gena godak santho sai
- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9492
Member Since : 2013-03-28
Re: අංක 999
2014-07-04, 6:29 pm
siraa niyamayi Jith....
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29
Re: අංක 999
2014-07-07, 12:33 pm
- Isura+ 100 Posts
- Mood :
City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8507
Member Since : 2014-02-16
Re: අංක 999
2014-07-07, 2:32 pm
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13674
Member Since : 2013-01-29
Re: අංක 999
2014-07-09, 3:32 pm
අදත් නැද්ද?
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8803
Member Since : 2013-10-18
Re: අංක 999
2014-07-09, 9:20 pm
ඔහු මා දෙස බලා සිටියේ තරමක් තැති ගත් අයුරකිනි. ඒ වන විට ඔහුගේ ඒ අපූර්ව කතාව මගේ කුතුහලය තව දුරටත් වැඩි කිරීමට සමත් වී තිබිණි.
"ඉතින්? ඊට පස්සෙ? කරුණාකරලා දිගටම කියන්න."
මා පවසනවාත් සමඟම ඔහු පුටුවේ පිටුපසට බර විය. ඔහු නැවත කතාව ආරම්භ කළේ තම දෑස් පියාගනිමිනි.
"මට ආයෙමත් යන්තමින් සිහිය ආවා. සිහි නැති වෙලා හිටපු වෙලාව කොයි තරම්ද කියන්න නම් මම දන්නෙ නැහැ. එක් වරම මගෙ ඇස් දෙකට අහු වුණේ ගෑස් ලාම්පුවක තද එළියක්. ඒ ආලෝකයට හුරු වෙන්න මට තරමක වෙලාවක් ගියා. මම නැඟිටින්න උත්සාහ කළත් මට ඒකට පුළුවන් කමක් ලැබුණෙ නැහැ. අතුයි කකුලුයි තද කරලා මාව බැඳලා තිබුණෙ පුටුවකට.
මම වටපිට බලනකොට මම හිටියෙ වෙනමම තැනක. ඒක හරියට විද්‍යාගාරයක් වගේ. හරියටම කිව්වොත් පරීක්ෂණ කරන්න සැලසුම් කරලා තිබුණු පර්යේෂණාගාරයක් වගේ. මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුණා. ඒ වෙලාවෙ මම පුදුමාකාර විදිහට බය වෙලයි හිටියෙ. වුණ දේවල් ගැන මට හිතා ගන්න බැරි වුණා. මට එක පාරටම මතක් වුනේ ජේසන්ව. ඔහුට මොනවා වෙලා ඇතිද කියලා මට හිතුණා.
මගෙ ඇඟට පණ එනකොට මම ජේසන්ගෙ නම කියලා කෑ ගැහුවා. උදවු ඉල්ලලා කෑ ගැහුවා. ඒකෙන් කිසිම වැඩක් වුණේ නැහැ. ඒත් එතකොටයි මම දැක්කෙ ඒ කාමරේ දොර හෙමින් ඇරෙන විදිහ. මට හිතුණෙ මගෙ හඬ ඇහිලා ජේසන් එනවා කියලා.
ඒත්......ඒත්....එතනින් ආවෙ ජේසන් නෙවෙයි. එතනින් ආවෙ අර මිනිහා. තානායමේ අයිතිකාරයා! ඔහු ඇඳගෙන හිටියෙ සුදු පැහැති දිගු ඇඳුමක්. හරියට ශල්‍යාගාර වෛද්‍යවරු අඳින විදිහෙ එකක්. ඔහුව දැකලා මම ආයෙමත් වතාවක් ගල් ගැහුණා. ඔහු මගෙ හිතට ගෙනත් දුන්නෙ පුදුමාකාර තැති ගැනීමක්. මගෙ දිහා බලලා හරිම අමුතු විදිහට හිනා වුණ ඔහු දොර හෙමින් අඩවල් කළා.
"කොහෙද ජේසන්? කියපන් බල්ලෝ කොහෙද ජේසන්?"
"ජේසන්? ඕහ්...................ජේසන්. අවාසනාවට ඔහු මේ වෙලාවෙ මේ හරියෙ නැහැ. ඒත්, බය වෙන්න එපා. ඔහුත් ඉක්මණටම ඔබත් සමඟ සම්බන්ධ වේවි."
ඔහු කිව්වෙ පුදුමාකාර ගුප්ත විදිහකට. ඒ දේවල් කියන ගමන්ම ඔහු මගෙ ළඟට ඇවිදගෙන ආවෙ බොහොම හෙමින්.
"තමුසෙ...........තමුසෙ මොනවද අපිට කරන්න හදන්නෙ? මොනවද තමුසෙට ඕනෙ? තමුසෙ හදන්නෙ කප්පම් ගන්නද? කියනවා තමුසෙට ඕනෙ මොනවද?"
මම කෑ ගැහුවෙ මට පුළුවන් උපරිම සද්දෙන්. නමුත් ඒ කිසිම දේකට ඔහු කලබල වුණේ නැහැ. ඔහු මගෙ දිහා බලාගෙන හිටියෙ ලොකු කලකිරීමකින් වගේ. ඊට පස්සෙ ඒ මිනිහා කිව්වෙ මහා පුදුමාකාර කතාවක්.
"ඔහේ හිතන්නෙ මට මේකෙන් මොනවත් ලැබෙනවා කියලද? තේරුම් ගන්නවා මනුස්සයෝ. මම හදන්නෙ ඔහෙලාට උදව් කරන්න."
ඔහු කිව්වෙ මගෙ උරහිසකින් අල්ලගෙන මගෙ මූණට එබිලා. මගෙ ඇස් දෙක දිහාම එක එල්ලෙ බලාගෙන ඉන්නකොට ඒ දුඹුරු පාට ඇස් මට ගෙනත් දුන්නෙ මහා පිළිකුළක්. මම පුළුවන් තරම් දැඟලුවා. ඒත් මට හෙලවෙන්නවත් පුළුවන් වුණේ නැහැ.
"මිනිස්සුන්ව හිරකරගෙන? තමුසෙ කොහොමද මිනිහො අපිට එහෙම උදව් කරන්නෙ? කියපන් උඹ මොනවද අපිට කරන්න හදන්නෙ?"
මම එහෙම අහනකොට ඔහු කළේ අත් දෙක බැඳගෙන පිටිපස්සට වුණ එක. ඇස් දෙක වහගෙන ඔහු තරමක් වෙලා හිටියා.
"මම හදන්නෙ ඔහේලාව අනාගතේට අරගෙන යන්න."

- GuestGuest
Re: අංක 999
2014-07-09, 10:22 pm
"මම හදන්නෙ ඔහේලාව අනාගතේට අරගෙන යන්න."
ha ha feeling hopeful
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12078
Member Since : 2013-07-29
Re: අංක 999
2014-07-10, 4:07 pm
- shevan+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9170
Member Since : 2013-08-09
Re: අංක 999
2014-07-10, 11:20 pm
බැලු බැල්මට මේකත් ඇඩ්වටීස්මන්ට් එකක් තමයි. වෙනසකට තියෙන්නෙ විනාඩියක් විතර දිගයි.
Page 2 of 5 • 1, 2, 3, 4, 5
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|