ඇයි මෙහෙම වෙන්නෙ????
+5
Ranga3
Adithya
Jith
සහන්
vasantha
9 posters
Page 2 of 2 • 1, 2
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13716
Member Since : 2013-01-29
Re: ඇයි මෙහෙම වෙන්නෙ????
2014-08-05, 3:04 pm
සුද්දා නීති ගෙනාවෙ උන්ගෙ රටට සමානුපාතිකව මිසක් අපිට ඕන විදියට නෙවෙයි.
නිතීකෙට්ම්පතක් ගැන කතාකරල නෑ.
කතාකරේ චින්තනීය නිදහස.
ඒ නිසා මෝඩ තරක කියන ගොන් කතාව ඉවත් කරගන්න වෙනව.
ඒවගෙම ලෝකේ සමලිංගිකයො ඉන්න 5% ප්‍රතිශතයක්. ලියන්න කියන්න පුලුවන් උගතුන් අතර සමලුංගිකයන් නොහිටියානම් අතිතයෙ සමලිංගිකත්වය නොලියවීම බොහොම සරල සිද්ධාන්තයක්. විශ්ම ලිංගිකයන්ට තමුන්ගේ ගද්‍ය හෝ පද්‍ය නිර්මාණයන්ට සමලිංගිකත්වය හුවා දක්වන්න අවශ්‍යතා මතුවෙන්නෙ නෑ මොකද එය ජන ගහනයෙබ් සුලුප්රතිශතයක් බැවින්.
අපේ රටේ අතීතයේ සමලිංගිකත්වයට ඍනාත්මක ආකල්පයක් තිබුනා කියන්න ඔබට කිසිම සාඩ්ධ්හරන තර්කයක් නෑ.
නමුත් යටත්විජිතවාදයට පෙර සිංහල සමාජය තුල තිබුනු නිදහස් චින්තනය ඔබ කියන සහිත්‍ය කෘති වලම ගම්‍ය වෙනවා.
එහෙම සමාජයක සමලිංගිකත්වය පිලිකුලට ලක්වෙන්නෙ නෑ.

- vasanthaRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 7994
Member Since : 2013-10-06
Re: ඇයි මෙහෙම වෙන්නෙ????
2014-08-22, 10:47 pm
මෙන්න අලුත්ම තත්ත්වය. අපි මේ කියන මහා කුහක සංස්කෘතියට කැළලක්ලු.
[You must be registered and logged in to see this link.]
කපල් එකට ලක්ෂය බැගින් ඇප. ඔන්න ඕකයි පසුගාමී චින්තනය.
[You must be registered and logged in to see this link.]
කපල් එකට ලක්ෂය බැගින් ඇප. ඔන්න ඕකයි පසුගාමී චින්තනය.
Re: ඇයි මෙහෙම වෙන්නෙ????
2014-08-25, 3:55 pm
As completely identified as gay, yah the percentage of them would be around 5%, yet most of the researches conducted recently shows that people are more of a kind on the verge of the levels of bisexuality, thus the entire portfolio of being interested in homosexuality is much more wider..
- Ranga3Regular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 90
GetReal Gold : 7612
Member Since : 2014-03-24
Re: ඇයි මෙහෙම වෙන්නෙ????
2014-11-21, 1:51 am
මේ දවස්වල නිවාඩු නිසා තියෙන කාලයෙන් මට අතපසුවුණු මාතෘකාවක් සමබන්ධයෙන් අදහස් දක්වන්න හිතුවා..මේකට පිළිතුරක් ලියන්න තවමත් ප්‍රමාද නැහැ'යි කියලා හිතනවා...
සුද්දා උන්ගේ නීති ගෙනාවේ උන්ගේ රටට සමානුපාතිකව බවත් අපිට ඕන විදිහට නොවන බවත් අපි හැමෝම දන්නවා. ඒත් එවුන් තමන්ගේ රටවල තිබ්බ ඒ නීති වෙනස් කරගත්තත් අපිට තාම එහෙම කරගන්න බැරි වුණේ අපේ ගතානුගතික චින්තනය නිසයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මම දණ්ඩ නීති සංග්‍රහය ගැන කතා කළේ සහන් කියපු විදිහට සමලිංගිකත්වය සම්බන්ධයෙන් චින්තනමය බලපෑමක් සුද්දා නිසා අපිට වුණේ නැහැ කියලා පෙන්නලා දෙන්නයි. එහෙම බලපෑමක් වුණානම් වුණු එකම දේ තමයි සමලිංගික ක්‍රියා තහනම් කරමින් පනවපු නීතිය. සමලිංගිකත්වය ගැන අපේ සමාජය තුළ පවතින වත්මන් ආකල්පය සුද්දගේ ඒ නීති නිසා ඇති වෙච්ච දෙයක් කියලා කියනවනම් එකේ කිසිම පදනමක් නැහැ. අපේ සංස්කෘතියේ එහෙම ආකල්පයක් නිතැතින්ම තිබුණා කියලයි මං කියන්නේ.
මේ ලෝකේ සමලිංගික අයගේ ප්‍රතිශතය හරියටම කොච්චරද කියලා කියන්න කව්රුත්ම දන්නේ නැහැ. එක එක පර්යේෂණ වාර්තා(research) විවිධ සංඛ්‍යාලේඛන(උදා. 1%,2%,5% හා 10%) ඉදිරිපත් කරනවා. ඒත් පිළිගත් පොදු මතය අනුව සම්පුර්ණයෙන්ම සමලිංගික හෝ විෂමලිංගික(exclusively homo/heterosexual) අය ඉන්නේ ජනගහණයෙන් සුළු පිරිසක්. වැඩිදෙනා ද්විලිංගිකයි(bi), ගැහැණු පිරිමි දෙකටම ආකර්ෂණය වන අයයි. ඒත් සමාජයෙන් සංස්කෘතියෙන් මූලික වශයෙන්ම අනුමත කරන්නේ/ promote කරන්නේ විෂමලිංගික සම්බන්ධතා නිසා ගොඩක් දෙනා පෙළඹෙන්නේ ඒකටයි. මේ වගේ තත්වයක් තුළ ලියන්න කියන්න පුළුවන් උගතුන් අතර සමලිංගික අය සිටියේ නැහැ කියන එක හාස්‍යයට කරුණක්. එදා මෙදාතුර ලෝක ඉතිහාසයේ සමලිංගික/ ද්විලිංගික පුද්ගලයන් බොහෝමයක් කලාව, විද්‍යාව, දේශපාලනය, ආගම, දර්ශනය ආදි බොහෝ ක්ෂේත්‍ර වල හිටියා කියන කරුණ සහන් නොදැනීම කණගාටුවට කරුණක්. ඒ වගේම ඔවුන් තමන්ගේ නිර්මාණ වල ඒවා අඩංගු කළා. ග්‍රීක දාර්ශනික ප්ලේටෝ, මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා, බොහෝමයක් රෝම අධිරාජ්‍යවරු, ලියනාඩෝ ඩාවින්චි, මයිකල්ආන්ජලෝ, ඒබ්‍රහම් ලින්කන්, නාට්‍යවේදී ඔස්කාර් වයිල්ඩ් ඒ අයගෙන් අතලොස්සක් විතරයි.
ඒ ඒ සමාජවල පැවති සමලිංගික සංස්කෘතිය පිළිබඳව බොහෝ තොරතුරු අපිට වෙනත් රටවලින් හමුවෙනවා. ප්‍රංශයේ හා ස්පාඤ්ඤය වගේ රටවල නම් ප්රාග්එයිතිහාසික ගුහාවල පවා එවැනි චාරිත්‍රවල සිතුවම් හමුවෙනවා. ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර ගත්තොත් ඔවුන්ට සමලිංගික සංස්කෘතියක් තිබුණා විතරක් නෙමෙයි, එය සමාජයේ සාමාන්‍යය දෙයක් කියලයි පිළිගැනුණේ. පැරණි ග්‍රීක සමාජය තුළ වැඩිහිටි විවාහක පිරිමියෙක් විවාහයේ සිටියදීම කුඩා පිරිමි ළමයෙක්ට අනුග්‍රහය දීලා තමන් යටතේ තබාගෙන තරුණවියට පත්වෙන තුරු ඔහු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම එකල පිළිගත් චාරිත්‍රයක්(pederasty). ඔවුන්ගේ කලාව, සාහිත්‍යය, ආගම මේ හැම එකකින්ම සමකාලීනව පැවති නිදහස් සමලිංගික ආකල්ප ප්‍රකාශ කරනවා. කොටින්ම Lesbian(සමලිංගික කාන්තා) කියන වචනය පවා උපත ලද්දේ ග්‍රීසියේ ලෙස්බෝස්(Lesbos) කියන දූපතේ හිටපු කාන්තාවන්ට ක්‍රි.පූ.6 වැනි සියවසේදී විසූ කිවිඳියක් වූ Sappho විසින් වර්ණනාත්මක පෙම් කවි ලියපු නිසයි. තීබීස් හි පුජනීය සේනාංකය(The Sacred Band of Thebes) නමින් පුරාණයේදී සමලිංගික ජෝඩු ම 150කින් සැදුම්ලත් වෙනම හමුදාවක් ක්‍රි.පූ.3 වැනි සියවසේදී ග්‍රීසියේ හිටියා. රෝම ශිෂ්ටාචාරය ගත්තත් එහෙමයි. බොහෝමයක් රෝම අධිරාජ්යවරුන්ට පිරිමි පෙම්වතුන් හෝ ලිංගික කාර්යයට පිරිමින් හිටියා. ග්ලැඩියේටර්වරු හා වහල් කොලුවන් ගත්තත් ඔවුන් බොහෝදෙනා යොදාගත්තේ ප්රභූන්ගේ ලිංගික අවශ්‍යතා සඳහායි. රෝම ජල තටාංගණ සමලිංගික තරුණයන් හා වැඩිහිටියන් සම්මුඛ වන ස්ථාන බවට පත්ව තිබුණා. සමලිංගික/ විෂමලිංගික හෝ ද්වීලිංගික මේ හැමෝටම තම ලිංගික කටයුතු කරගන්න වෙනම ස්ථාන(ගණිකා නිවාස වලට සමාන brothels) තිබුණා. පොම්පේ ඇතුළු තවත් බොහෝ රෝම නගරවල නටඹුන් වලින් මේ සම්බන්ධ සිතුවම් ඇතුළු තවත් සාධක රැසක් හමු වෙනවා. මිසරය, චීනය ගත්තත් එහෙමයි. බොහෝ සමලිංගික අධිරාජ්‍යවරු හා පාරාවරු ඉස්සර ඉඳලා තියෙනවා. බොහෝ රටවල රාජ සභාවල තත්වය ගත්තත් මෙහෙමයි.
අපේ අල්ලපු රට වන ඉන්දියාවේ විසූ වේද ඍෂිවරයෙකු වූ වාත්ස්යයනගේ කාම සුත්රයේත් නපුංසකයෙකු සමඟ මුඛ මාර්ගික ලිංගික සංසර්ගයේ 'සාර්ථකව' නියැලෙන්නේ කොහොමද කියලා උපදෙස් දක්වලා තියෙනවා. ඒ වගේම කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේත් සමලිංගික ක්‍රියාවන් ගැන සඳහන් වෙනවා. ඉන්දියාවේ කජ්හරාහෝ හි දේවාලය වගේ තැන්වල ඒ වගේ කැටයම් දකින්නට පුළුවන්. ඒ වගේම අතීතයේ විසූ මෝඝල් අධිරාජ්‍යවරු ද්විලිංගික රමණයේ නිරතවන ආකාරයත් තම පිරිමි පෙම්වතුන් සමඟ ප්‍රේමයෙන් වෙලී සිටින ආකාරයත් දැක්වෙන සිතුවම්වලිනුත් අඩුවක් නැහැ. කොටින්ම ජපානයේ පවා ග්‍රීක ක්‍රමයට සමානව, සෙන් හා ෂින්ටෝ බෞද්ධ ආරාමවල සිටි භික්ෂූන් වහන්සේලා කුඩා පිරිමි ළමයෙකුට අනුග්‍රහය දක්වා තරුණවියට පැමිණෙන තෙක් තම ආවාසයෙහි තබාගෙන පෞද්ගලිකව ලිංගික සබදතා පැවැත්වීම චාරිත්‍රයක්(Nanshoku) පැවතුණා. සමුරායිවරු අතරෙත් මෙවැනිම සම්ප්රදායක් පැවතුණා.
ඉතින් මේ වගේ ඉහත කියපු හැම උදාහරණයකින්ම පැහැදිලි වෙන්නේ ගොඩක් පෙරදිග/ අපරදිග රටවල පිළිගත් සමලිංගික සංස්කෘතියක් පැහැදිලිව අතීතයේ පටන් තිබුණා කියලයි. ඒත් අපේ රටේ එහෙම සංස්කෘතියක් තිබිලා නැහැ. තිබුණානම් අනිවාර්යෙන්ම වෙනත් රටවල වගේ කලාව හා සාහිත්‍යය වගේ දේවල් වලින් ඒවා පිළිබිඹු වෙන්න ඕනේ. එහෙමනම් අපේ රටේ අතීතයේ පැවති සමාජ රටාව පිළිබඳව වාර්තා කරන රොබට් නොක්ස් වගේ වාර්තාකරුවන් ඒ කාලේ පවුලේ මිතුරෙකු ගෙදරකට නවාතැන් ගන්න ආපුවහම පවුලේ සිය දියණිය සමඟ යහන්ගත වෙන්න ඉඩ සලස්වන සිරිතක් සිංහලයින් අතර පැවතියා කියලා වාර්තා කරද්දී, සමලිංගික සබඳතා ගැන වාර්තා නොකර සිටියි කියලා හිතන්න අමාරුයි. අපේ රටේ අතීතයේ දී සමලිංගිකත්වය සම්බන්ධයෙන් ධනාත්මක හරි ඍනාත්මක හරි ආකල්පයක් තිබුණද නැද්ද කියලා පැහැදිලි කරගන්නවත් කිසිම සාක්ෂියක් හමුවෙන්නේ නැහැ. හැබැයි ධනාත්මක ආකල්පයක් තිබුණානම් එය අනිවාර්යයෙන්ම අනිත් රටවල වගේ සාහිත්‍යය හෝ කලාව තුලින් විද්‍යමාන වෙලා තියෙන්න ඕනේ. විෂමලිංගික සබඳතා වලට අදාළව ඕනෑතරම් ගද්‍ය/පද්‍ය සාහිත්‍ය හා කලාකෘති හමුවෙන අපේ රටේ(කොටින්ම අඹුසැමි ලිංගික දර්ශන දැක්වෙන පන්සල් චිත්‍ර පවා උදා. මුල්ගිරිගල පාතමළු විහාරය) සමලිංගිකත්වයට අදාළව මොකුත් හම්බවෙන්නේ නැහැ කියන එකෙන්ම ඔප්පු වෙනවා අපේ රටේ අතීතයේ පටන්ම සමාජය ඒ වගේ දෙයක් අනුමත කළේ නැහැ'යි කියලා. සුද්දා හින්දා ආයේ අමුතුවෙන් වෙනසක් වුණේ නැහැ. සමලිංගික චර්යාවන් ආදි සිංහල සමාජයට ආගන්තුක වූ බවයි සී. ඒ. ප්‍රේමචන්ද්‍ර වැනි උගතුන් කියන්නේ. ඒකයි අපේ රටේ එදා ඉඳන්ම සමලිංගිකත්වය කෙරෙහි නිදහස් ආකල්පයක් අපේ මිනිස්සු අතර තිබ්බේ නැහැ කියලා මම කියන්නේ. මම මෙතනදී කතාකරන්නේ සමලිංගිකත්වයට අදාළව අපේ රටේ චින්තනය ගැන මිසක් වෙන වෙන පැතිකඩවලට අදාළ නිදහස් චින්තනයක් ගැන නොවන බවත් නැවත නැවතත් මතක තබාගන්න...

- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12453
Member Since : 2013-05-31
Re: ඇයි මෙහෙම වෙන්නෙ????
2014-11-23, 12:40 am
"අපේ රටේ අතීතයේ පැවති සමාජ රටාව පිළිබඳව වාර්තා කරන රොබට් නොක්ස් වගේ වාර්තාකරුවන් ඒ කාලේ පවුලේ මිතුරෙකු ගෙදරකට නවාතැන් ගන්න ආපුවහම පවුලේ සිය දියණිය සමඟ යහන්ගත වෙන්න ඉඩ සලස්වන සිරිතක් සිංහලයින් අතර පැවතියා "
ඔයා කොහෙන්ද මේක ඇහුවේ ! කරුණාකරලා නොදන්නා දේවල් දන්නවා වගේ මේ විදිහට ඉදිරිපත් කරන්න එපා ! සිංහල සමාජය තම දු වරුන් ගණිකාවන් ලෙස ගෙදරට එන මිනිස්සුන්ට සංග්‍රහ කරන්න යොදා ගත්තේ නෑ. මට තේරෙන්නේ නැ ඔය මේ මොකක් කියන්න හදනවද කියල !
හරිම කණගාටුයි !
ඔයා කොහෙන්ද මේක ඇහුවේ ! කරුණාකරලා නොදන්නා දේවල් දන්නවා වගේ මේ විදිහට ඉදිරිපත් කරන්න එපා ! සිංහල සමාජය තම දු වරුන් ගණිකාවන් ලෙස ගෙදරට එන මිනිස්සුන්ට සංග්‍රහ කරන්න යොදා ගත්තේ නෑ. මට තේරෙන්නේ නැ ඔය මේ මොකක් කියන්න හදනවද කියල !
හරිම කණගාටුයි !
- Ranga3Regular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 90
GetReal Gold : 7612
Member Since : 2014-03-24
Re: ඇයි මෙහෙම වෙන්නෙ????
2014-11-23, 2:40 am
@Kasun :-මේක මම කියන දෙයක් නෙමෙයි අයියේ, රොබට් නොක්ස් එයාගේ An Historical Relation of the Island of Ceylon('එදා හෙළදිව') කියන පොතේ වාර්තා කරන දෙයක්. ඒකට චිත්ත සංතාප වෙන්න අවශ්‍යය නැහැ. ඔහු එය වාර්තා කරන්නේ මෙහෙමයි;
අපි ඉතිහාසය තේරුම් ගන්න ඕනේ වර්තමාන දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි, අතීතයේ ඒ දේවල් ඒ යුගයේ හිටපු මිනිස්සු දැකපු විදිහටයි දකින්න ඕන වෙන්නේ. ඉතින් එතකොට අතීතයේ තිබ්බ සමහර දේවල් සියවස් කිහිපයකට මෙහා වර්තමානයේ සිටින අපි අනුමත නොකරන්න පුළුවන්, අපිට අදහා ගන්න බැරිවෙන්න පුළුවන්. ඒත් විවෘත මනසක් තිබ්බොත් ඒවා මහලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මම මෙතැනදී එදා සිංහල කාන්තාව ගණිකාවක් ලෙස හංවඩු ගහන්න හෝ ඒක ගැන කිසිම සදාචාරාත්මක විනිශ්යයක් දෙන්නවත් කිසිවිටෙකත් උත්සහ කළේ නැහැ. එදා සමාජයේ සිටි ගණිකාවන් ගැනත් නොක්ස් වෙනම වාර්තා කරනවා. මගේ අරමුණ ඒවා ගැන විස්තර සපයන ඒක නෙමෙයි. ඒ නිසා මාව වරදවා වටහාගන්න එපා කියලා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
අපේ රටේ වංශකතාවල අතීතයේ දේශපාලනය, ආගම හා ආර්ථික තොරතුරු හැර සාමාන්‍ය පොදු ජනතාවගේ එදිනෙදා තොරතුරු ගැන කිසිවක් අඩංගු නැහැ. ඒ අඩුව බොහෝවිට පිරිමැහෙන්නේ පිටරටින් පැමිණ මෙරට ගැන වාර්තා කරන දේෂගවේෂකයින් අතින්. රොබට් නොක්ස් ඒ අයගෙන් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. එදා අපේ රටේ සාමාන්‍ය සමාජය ගැන; ඇඳුම් පැළදුම්, භාෂා ව්‍යවහාරය, සිරිත් විරිත් ඇතුළු බොහෝ පැතිකඩ ගැන ඔහු වාර්තා කරනවා. ඒක හින්දා ඒ කාලේ හිටපු මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු රැසක් ඔහුගේ වාර්තාවලින් අපිට හමුවෙනවා. ඔහු වාර්තා කරන අර වගේ කරුණු වලින් අපිට එදා හිටපු මිනිස්සුන්ගේ ලිංගික ජීවිතය හා චර්යා ගැනත් හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඉතින් මගේ තර්කය වුණේ සාමාන්‍ය ජනයාගේ පෞද්ගලික ජීවිතය ගැන පවා මේ තරම් විස්තරාත්මක තොරතුරු සපයන නොක්ස් වගේ වාර්තාකරුවන් අපේ රටේ එදා පිළිගත් සමලිංගික චාරිත්‍ර විධි හෝ ආකල්ප තිබ්බා නම් ඒවා වාර්තා නොකර ඉන්න කිසිම හේතුවක් නැහැ කියන එකයි. එහෙනම් ඒකෙනුත් ඔප්පු වෙන්නේ අපේ රටේ එදා ඉදන්ම සමලිංගිකත්වය පිළිබඳ එහෙම පැහැදිලි චින්තනයක් හෝ එය පිළිඹිබු වෙනත් කිසිවක් තිබිලා නැහැ කියන එක...
"ඉතා හිතමිතුරන් හෝ දිසාපතීන් ආදී අධිපතියන් යම් නිවසක නවාතැන් ගත් කල්හි, ඔවුන් හට කරනා ගෞරවයක් වශයෙන් ඔවුන් හා සමඟ රාත්‍රී විහරණය කරන්නට ගෙහිමියා සිය බිරියට හෝ දියණිවරුන් හට අවසර දෙන්නේ ය."
පි.270 (25 වැනි පරිච්ඡේදය: චරිතය-විවාහය-දරුපරපුර)
'එදා හෙළදිව': ඩේවිඩ් කරුණාරත්න(සිංහල අනුවාදය)
අපි ඉතිහාසය තේරුම් ගන්න ඕනේ වර්තමාන දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි, අතීතයේ ඒ දේවල් ඒ යුගයේ හිටපු මිනිස්සු දැකපු විදිහටයි දකින්න ඕන වෙන්නේ. ඉතින් එතකොට අතීතයේ තිබ්බ සමහර දේවල් සියවස් කිහිපයකට මෙහා වර්තමානයේ සිටින අපි අනුමත නොකරන්න පුළුවන්, අපිට අදහා ගන්න බැරිවෙන්න පුළුවන්. ඒත් විවෘත මනසක් තිබ්බොත් ඒවා මහලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මම මෙතැනදී එදා සිංහල කාන්තාව ගණිකාවක් ලෙස හංවඩු ගහන්න හෝ ඒක ගැන කිසිම සදාචාරාත්මක විනිශ්යයක් දෙන්නවත් කිසිවිටෙකත් උත්සහ කළේ නැහැ. එදා සමාජයේ සිටි ගණිකාවන් ගැනත් නොක්ස් වෙනම වාර්තා කරනවා. මගේ අරමුණ ඒවා ගැන විස්තර සපයන ඒක නෙමෙයි. ඒ නිසා මාව වරදවා වටහාගන්න එපා කියලා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
අපේ රටේ වංශකතාවල අතීතයේ දේශපාලනය, ආගම හා ආර්ථික තොරතුරු හැර සාමාන්‍ය පොදු ජනතාවගේ එදිනෙදා තොරතුරු ගැන කිසිවක් අඩංගු නැහැ. ඒ අඩුව බොහෝවිට පිරිමැහෙන්නේ පිටරටින් පැමිණ මෙරට ගැන වාර්තා කරන දේෂගවේෂකයින් අතින්. රොබට් නොක්ස් ඒ අයගෙන් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. එදා අපේ රටේ සාමාන්‍ය සමාජය ගැන; ඇඳුම් පැළදුම්, භාෂා ව්‍යවහාරය, සිරිත් විරිත් ඇතුළු බොහෝ පැතිකඩ ගැන ඔහු වාර්තා කරනවා. ඒක හින්දා ඒ කාලේ හිටපු මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු රැසක් ඔහුගේ වාර්තාවලින් අපිට හමුවෙනවා. ඔහු වාර්තා කරන අර වගේ කරුණු වලින් අපිට එදා හිටපු මිනිස්සුන්ගේ ලිංගික ජීවිතය හා චර්යා ගැනත් හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඉතින් මගේ තර්කය වුණේ සාමාන්‍ය ජනයාගේ පෞද්ගලික ජීවිතය ගැන පවා මේ තරම් විස්තරාත්මක තොරතුරු සපයන නොක්ස් වගේ වාර්තාකරුවන් අපේ රටේ එදා පිළිගත් සමලිංගික චාරිත්‍ර විධි හෝ ආකල්ප තිබ්බා නම් ඒවා වාර්තා නොකර ඉන්න කිසිම හේතුවක් නැහැ කියන එකයි. එහෙනම් ඒකෙනුත් ඔප්පු වෙන්නේ අපේ රටේ එදා ඉදන්ම සමලිංගිකත්වය පිළිබඳ එහෙම පැහැදිලි චින්තනයක් හෝ එය පිළිඹිබු වෙනත් කිසිවක් තිබිලා නැහැ කියන එක...
- prabashRegular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 8357
Member Since : 2013-06-01
Re: ඇයි මෙහෙම වෙන්නෙ????
2014-11-23, 9:13 pm
පුවත්පත් වාර්තාවෙන් උළුප්පන්න හදලා තියෙන්නෙ සමලිංගික හැසිරීමක් සමාජය දකින්න ඕන මොන විදියටද කියන අර්පණය පාඨකයාට ලබා දෙමින්. කොහොමත් වර්තමානයේ මාධ්‍ය කලාව අවභාවිතාව හඳුනාගන්න තියෙන හොදම උදාහරණයක් තමයි "සමලිංගික චර්යාවන්, සමලිංගික සම්බන්ධතා " පිළිබඳව "බැලුම්ගල" වැනි වැඩසටහන් වලින් සිදුවුණ දායකත්වය.
මේ විදියට තම තමන්ගේ අදහස් දක්වන එක ගොඩක් හොඳ දෙයක්. එක පැත්තකින් අදහස් හුමවාරු වෙනවා වගේම හැඟීම් පිළිබඳ සිදුකරන යම් යම් තෝරාගැනීම් පිළිබඳ නැවත හිතන්න අවස්ථාව ලැබෙනවා. ලාංකේය සමාජයට සමලිංගිකත්වය මතවාදයක් විදියට අලුත් දෙයක් වෙන්න පුළුවන්. හැමදේටම ඊනියා සංස්කෘතිය පෙරමුණට දමාගන්න සමාජ ක්‍රමයක් අපිට උරුම වුණේ කොතනින්ද කියන එක නැවත හිතන්නම වෙනවා. සමලිංගිකත්වය මතවාදයක් විදියට නෙවෙයි සලකා බැලිය යුත්තේ චර්යාවක් විදියට.
සමලිංගික හැසිරීම් චර්යාමය දෙයක් වුනත් සමලිංගික සම්බන්ධතා මානසිකයි කියන එක ගොඩක් වැදගත් කාරණයක්. පුද්ගලයාගෙ ලිංගික දිශානතිය තීරණය වීම කෙරෙහි බලපාන සාධක අතරින් මානසික සාධකය වැදගත් වෙන්නේ චර්යාව පිළිබද අවශ්‍ය තීන්දු තීරණ ගන්නෙ මානසික ක්‍රියාවලිය මගින් නිසා. ලාංකේය සමාජයේ අකුරු ලිවීම කියවීම ප්‍රචලිත වෙන්නෙ 11 වෙනි සියවසේ දඹදෙනි යුගයෙදි. වනරතන හාමුදුරුවෝ "සිඳත් සඟරාව" පවා ලියන්නෙ "දුහුනන්ගෙ" දැනුම වර්ධනය කරන්න. ඒත් ලංකාවේ අකුරු ලිවීමේ කියවීමේ කලාවට වඩා ප්‍රචලිත වුණේ කටවහර කලාව.
Robert Redfield කියන මානව විද්‍යාඥයා ඔහුගේ සුප්‍රසිද්ධ " peasant society and culture" කෘතියෙදී ඕනෑම ජනවර්ගයක ලේඛන, සංස්කෘතිකමය, ජනකලාත්මක යනාදී විවිධ හැදෑරිම් ගොඩ නැගෙන ආකාරය අනුව කොටස් තුනකට බෙදනවා.
1 Grate Tradition - මහා සම්ප්රදාය
2 Little Tradition - චූල සම්ප්රදාය
3 Popular Tradition - ජනප්‍රිය සම්ප්රදාය.
Redfield ගෙ සමාජ වර්ගීකරණය පිළිබඳ සාකච්ඡා කරන "ගනණාත් ඔබේසේකර" Gananath Obeyesekere
The Journal of Asian Studies
Vol. 22, No. 2 (Feb., 1963), pp. 139-153 ලිපියක් සපයමින් ශ්‍රී ලාංකේය පූර්ව යටත් විජිත සමාජ ක්‍රමය වර්ගීකරණය කරන්නෙ මහා සම්ප්රදාය මගින් බලපෑම් කරන්නාවූත්, චූල සම්ප්රදාය ජනශෘති ආදී ප්‍රාදේශීය ව්‍යවහාරයන්ගෙන් ක්‍රියාත්මක වන්නාවූත් දෙයක් විදියට.
ඔබේසේකරගේ අදහස පූර්ණ කිරීම සඳහා එමිරේට්ස් මහාචාර්ය එච්. එල් . සෙනෙවිරත්න ගෙ
මම මේ උපුටාගැනීම් දෙක යොදාගත්තෙ පූර්ව යටත්විජිත සමාජ ක්‍රමය පිළිබඳ තර්ක කරන කෙනෙකුට ශ්‍රි ලාංකේය සමාජ ක්‍රමය තේරුම් ගන්න රුකුලක් සපයන නිසා. දෙවන පැරකුම් රජුගේ සිට 1505 දක්වා කාලසීමාව තුල ලියැවුණු දේශීය රචනා, කෘති පිළිබඳ පැහැදිලිව විමසා බැලීමේදී පැහැදිලි වන්නේ මහා සම්ප්රදාය මගින් අනුග්‍රහය ලැබූ, සංස්කෘතිකමය හෝ සුසික්ෂිතකරණය වූ, එසේත් නැතහොත් පුරුෂාධිපත්‍යය පෝෂණය කරන්නාවූ රචනා සම්ප්රදායක් අපිට පවතින බව. මෙම රචනා සම්ප්රදාය මගින් පුරුෂාධිපත්‍යය බල රහිත කරන්නාවූ 'සමරිසිභාවය" සංකල්පයක් ලෙස හෝ යොදා නොගැනීම විමතියක් නොවෙයි. එහෙත් එමගින් ඔප්පුවෙන්නේ නැහැ "සමරිසි" සම්බන්ධතා හෝ ලිංගිකත්වය මත පදනම් වූ සමරිසි භාවිතයක් ලාංකේය සමාජයේ නොතිබුණු බව. "සමරිසි " භාවය සංකල්පයක් හෝ මතවාදයක් ලෙස තේරුම් ගන්නාක් තාක් මේ අවුල ලිහාගන්න ලැබෙන්නෙ නැහැ. සමරිසිභාවය පිළිබද තර්ක කිරීමට සිදුවන්නේ ප්‍රායෝගික භාවිතාවක් ලෙස අර්ථකථනය කරමින්. පුරුෂයෙක් තවත් පුරුෂයෙක්ට ආකර්ශනයවීම මනෝවිද්‍යාත්මකයි. එය පූර්ව යටත් විජිත යුගයේදී නොතිබූ දෙයක්,දැන් පවතින දෙයක් ලෙස අර්ථකථනය කිරීම අප විසින් අපවම මුළා කරගැනීමක්. මෙහිදී "සහන්" ගේ තර්කය වැදගත් වන්නේ වර්ථමානයේදී මානුෂීය චින්තනයට වැට බදින ආකාරයේ සමාජ පරිසරයක් අපිට උරුම කරලා දුන්නෙ "යටත් විජිතකරණයෙන් " නිසා. "රංග" ගේ අදහස් ඉතිහාසය සොයා යාමට පුද්ගල අභිප්‍රේරණයක් කරන නමුත් ඔහු සාධක හා නිදසුන් ඉදිරිපත් කරන ග්‍රීක, රෝම, ඉන්දු නිම්න ශිෂ්ඨාචාර හෝ මධ්‍යධරණී කලාප වල පුද්ගල , ලේඛන, කලා හෝ ජනශෘති ආශ්රිත සමාජයට වඩා පූර්ව යටත්විජිත ලාංකේය සමාජ ක්‍රමය වෙනස්ය යන අදහස මර්දනය කිරීමට හේතු වෙනවා.
ලිංගිකත්වය විවෘතව ප්රකාශනය වුණ ඉතිහාසයක් අපට තිබුන බව "රසවාහිනිය", සංදේශ කාව්‍යවල එන දියකෙළි වැනුම්, ශෘංගාරාත්මක වර්ණනා යනාදියෙන් පැහැදිලි වෙනවා. මෙහි කූටප්‍රාප්තිය "ගජමන් නෝනා' කිවිදියගේ රසලෝලි ශෘංගාර කවි මගින් ඉදිරිපත් වෙනවා. එහිදී ඇය සමාජ සුසික්ෂිතභාවයට වඩා සැලකුවේ නිදහස් චින්තනය බව පැහැදිලියි. අපගේ සංස්කෘතිය ලිංගික චර්යාවන්වලට බාධාවන් යොදා තිබුනේ නැහැ. එහෙත් ඒවා මතුපිටට පෙනෙන චර්යාමය ප්‍රකාශන ලෙස අශ්ලීල ආකාරයෙන් ඉදිරිපත් වීම වැලැක්වෙන ආකාරයේ සංස්කෘතික හැදියාවන් සමාජය විසින්ම ගොඩ නැගී තිබුණා. යටත් විජිතකරණය මගින් සිදු වුණේ මෙම හැඳියාව සුජාතකරණය කිරීම සඳහා අවශ්‍ය වික්ටෝරියානු හැඩගැස්වීමක් ප්‍රභූ පන්තිය තුළ ගොඩනැගීම. කුටුම්බ සංරක්ෂනයේ සුවිශේෂී සංසිද්ධියක් වූ 'එක ගෙයි කෑම" වැනි චර්යාවන් වෙනස්වීම් වලට ලක්වුණේ, නිදහස් පුද්ගල අදහස්වලට යුත්ත නොයුත්ත ලෙස මතවාද ගොඩනැගුණේ විජිතකරණයත් සමඟ. "කුමාරි ජයවර්ධන" ඇයගේ No bodies to somebodies" කෘතිය මගි'න් මෙම සුජාතකරණය ගොඬ නැගෙන ආකාරය කදිමට විස්තර කරනවා.
රොබර්ට් නොක්ස්ගේ සුප්‍රසිද්ධ කෘතියට පාදක වුණු උඩරට සිංහල සමාජය පිළිබඳ "රංග " ඉදිරිපත් කර තිබූ අදහසට එකඟ වෙන්න අමාරුයි. නොක්ස් සටහන් එකතු කරන්නේ මනෝමූලිකව. ඒවායේ තියෙන බොහෝ කරුණු සමාජය තුළ ඔහු අත්දැකපු ඒවාට වඩා ගම් ප්‍රධානීන්, වෙල් විදානේ වැනි අයගෙන් ලබාගත් සාකච්ඡා වලින් පිරී තියෙනවා. නොක්ස් දකින හෙළදිව උඩරට සමාජය නියම සිංහල සමාජයක් නොව වැඩවසම්වාදී ලක්ෂණ ඇති , බලය බේරාගැනීමට දත කන ප්‍රභූන් හා ඒ පරයා අරගල කරන හෝ නිහඬව සිටින ගොවි ප්රමුඛ කුලහීන ජනයාගෙන් සමන්විත වූවක්. තම දියණිය හෝ භාර්යාව කුලවතෙකු සමඟ නිදිවැද්දවීම යන්න නොක්ස් යොදාගන්නේ සුවිශේෂී වකවානුවක සුවිශේෂී සමාජ ප්‍රජාවක බල අරගලයක් කරන කුලවතුන් පිරි ක්‍රමයක් මතය යන්න මතක තබා ගත යුතුයි. රැල්ෆ් පීරිස් ගේ 'සිංහල සමාජ සංවිධානය" කෘතිය නොක්ස්ට වඩා විශ්වසනීය වන්නේ පීරිස් නොක්ස්, ගයිගර්, බතූතා, ඩේවි වැනි අයගේ මෙන්ම මාතර "වික්‍රමසිංහ මුදලි" වැනි අයගේ රචනා ද හේතුපාඨ බවට පත් කරගන්නා නිසා.
බොහෝවිට කිසියම් සමාජ කරුණක් දෙස අප දකින්නට රිසි වන්නේ අපගේම දෘෂ්ටිකෝණයකින් වීම පවා අපට ඉගැන්නුවේ කවුරුන්ද යන්න සිතා බැලිය යුත්තකි. "සමරිසිභාවය" පිළිබඳ සිදුකරන ඕනෑම සාකච්ඡාවකදී මතවාදය පමණක් නොව අත්‍යන්තයෙන්ම වැදගත්වන චර්යාව , එහි ප්‍රකාශන යනාදිය සලකා බැලිය යුතු බව මාගේ අදහසයි.

[You must be registered and logged in to see this link.] කෘතිය සහ ඔහුගේම [You must be registered and logged in to see this link.] කෘතිවලින් ලැබෙන ආදර්ශය වැදගත්.

2014-11-23, 9:52 pm
අයියේ ඔය මතු කරන දේට මාත් එකඟයි !
- Ranga3Regular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 90
GetReal Gold : 7612
Member Since : 2014-03-24
Re: ඇයි මෙහෙම වෙන්නෙ????
2014-12-30, 10:02 pm
[You must be registered and logged in to see this link.] :- සමලිංගිකත්වය යනු හුදු සංකල්පයක් හෝ මතවාදයක් නොව මිනිසෙකු තුළ ස්වභාවිකව හටගන්නා වූ ප්‍රේමාන්විත, ශෘංගාරාත්මක, භාවාත්මක හා චර්යාත්මක ලිංගික ප්රපංචයකි. එයට ජීව විද්‍යාත්මක පදනමක් ඇති බැවින් එදා මෙදාතුර ඕනෑම රටක, සමාජයක සමලිංගික පුද්ගලයින් සිටින්නට ඇති. එයට ජාතිය, ආගම, දේශය, කුලය කියන සීමා නැහැ. ඒක ලංකාවටත් පොදුයි. හැබැයි මේ මුළු discussion එක පුරාවටම ඉස්මතු වුනු කාරණාව තමයි සමලිංගිකත්වය පිළිගන්න, ඒකට ඉඩක් ලැබෙන, එය ස්ථාපිත වූ සමාජ සන්දර්භයක් හෝ සංස්කෘතියක් මෙරට යටත්විජිතකරණයට පෙර සිටම පැවතුනාද කියන ගැටලුවයි. එහෙම තිබුණා නම් ඒක යටත්විජිතකරණයෙන් පසුව වෙනස් වුණා ද කියන එකයි.
රොබට් රෙඩ්ෆීල්ඩ් නැමැති විද්වතාගේ වර්ගීකරණයකට අනුව යමින් II වන පැරකුම්බා රජ සමයේ සිට ක්‍රි. ව. 1505 දී පෘතුගීසි ආගමනය දක්වා වූ කාලය තුළ බිහි වූ දේශීය කෘති පුරුෂාධිපත්‍යය සහිතව මහා සම්ප්‍රදායට අනුව ගොඩනැගුනු ඒවා ලෙස ඔබ පවසනවා. එය එසේ නම් ඉන් පෙර යුගයේත්, ඉන් පසු යුගයේත් මෙරට සමරිසිභාවය පිළිබඳව කරුණු මහා සම්ප්රදාය තුළ වේවා චූල සම්ප්රදාය තුළ හෝ ජනප්‍රිය සම්ප්රදාය තුළ හෝ වේවා හමු නොවන්නේ ඇයිද කියන එක ගැටලුවක්? අනික වෙනත් රටවල ද අප මෙන්ම පුරුෂාධිපත්‍යයක් පැවති නමුත් තම තමන්ගේ මහා සම්ප්‍රදායන් තුළ පවා සමරිසිභාවය රිසිසේ ප්‍රකාශ විනි. උදාහරණයක් ලෙස සුප්‍රකට Achilles සහ Patroclus යන ග්‍රීක මිතුරන් දෙදෙනාගේ සමරිසි පුරාවෘත්තය සඳහන් හෝමර්ගේ ඉලියඩ් වීර කාව්‍යය ඔබ ඔය කියනා මහා සම්ප්රදාය තුළ ලියැවුණකි. රෝම ශිෂ්ටාචාරය තුළ ද සමරිසිභාවය පුරුෂාධිපත්‍යය සමඟ වුව ප්‍රකාශ වූ බවට කදිම නිදසුනක් වන්නේ එකල නිදහස් පිරිමි රෝම පුරවැසියෙකුට එම තත්වයේම වෙනත් පිරිමියෙකු හා රමණය තහනම් වුව ද තමන්ට වඩා සමාජ තත්වයෙන් පහත් දාසයන් හෝ වහල් කොලුවන් සමඟ රමණයට කිසිඳු බාධාවක් නොතිබීමයි. එකල එම සමාජයේදී ද පිරිමියෙකු ඒ හා සමාන තවත් පිරිමියෙකු අතින් දූෂ්‍යයට ලක්වීම අපකීර්තියකි. ඒ අනුව පැහැදිලි වන්නේ පුරුෂාධිපත්‍යය(“පිරිමිකම”) නැමැති සංකල්පය මුළු ලොවටම පොදු බවත් එය හා සමරිසිභාවය එකක් නොව දෙකක් බවත් ය.
වර්තමානයේ දී මානුෂීය චින්තනයට වැට බඳින සමාජයක් අපිට ඇති බවත් එය හුදු යටත්විජිතකරණයේ ප්‍රතිඵලයක් බවත් කෙනෙකු කී පමණින් අපට පිළිගන්නට බැහැ. එවන් නිගමනයකට පැමිණෙනවා නම්, එය සාධක සහිතව ඔප්පු කළයුතු බවයි මාගේ හැඟීම. පෙර කොමෙන්ටුවෙන් මා ප්රාග්එතිහාසික යුගයේ පටන් සියවසක් දෙකක් මෙපිට යුගය දක්වා වූ විශාල කාල පරාසයක් තුළ වෙනත් රටවල විවිධ නිදසුන් දැක්වූයේ මෙරටට සාපේක්ෂව වෙනත් සමාජයන්හි තත්වය තේරුම් ගැනීමට ය. ඔබ ඔය කියනා යටත්විජිතකරණයට ලක්වූයේ අප රට පමණක් නොවේ. වෙනත් බොහෝ රටවලටද එය පොදු විය. උදාහරණයක් ලෙස අපව යටත් කරගත් බටහිර ජාතියේම තවත් යටත්විජිතයක් වූ අපේ සමීපතම රට වන ඉන්දියාව ගනිමු. ඔබ ඔය කියනා මානුෂීය චින්තනයට වැට බැඳීමක් මෙරට තුළ සිදුවූවා නම් අනිවාර්යයෙන්ම එය භාරතීය සමාජය තුළ ද සිදුවිය යුතුව තිබුණා. නමුත් අප සැවොම දන්නා පරිදි අදටත් මෙරට සමලිංගික, ද්වීලිංගික හා අන්තර්ලිංගික(LGBT) ප්‍රජාවට වඩා නිදහසක් හා සමාජීය පිළිගැනීමක්(නීතිමය වශයෙන් නොවේ) ඉන්දියාවේ ජීවත්වන එම ප්‍රජාව භුක්තිවිඳියි. මා මින් ඉහතදීත් පෙන්වාදුන් පරිදි අප සමාජය තුළ හමුනොවන සමරිසි සංස්කෘතියක් එරට යටත්විජිතකරණයට පෙරත් පසුවත් හමුවෙයි. සමරිසිභාවය පිළිබඳ වත්මන් සමාජ ආකල්පය හුදු යටත්විජිතකරණයේ ප්‍රතිඵලයක් නම් එය මෙරට තුළ දී එක් ආකාරයකිනුත් එරට තුළ වෙනත් ආකාරයකිනුත් මුල්බැස ගැනීමට හැකියාවක් නැහැ. එසේනම් එයිනුත් පැහැදිලි වන්නේ ඒ සඳහා යටත්විජිතකරණයට වඩා ආරම්භයේ පටන් යම් සමාජයක් හැඩගැසුණු ආකාරය බලපාන බවයි.
සාහිත්‍යය ඇතුළු කලා කෘතීන් හරහා ලිංගිකත්වය විවෘතව ප්‍රකාශ වූ ඉතිහාසයක් අපට උරුමව තිබූ බව අවිවාදාත්මකයි. මා මින් පෙරත් නිදසුන් සහිතව සඳහන් කළේ එයමයි. නමුත් ඒ සියල්ලම විෂමලිංගික සබඳතා අරඹයා ය. සමලිංගිකත්වය ගැන කිසිවක් මෙතෙක් හමුවී නැත. නමුත් අපට සමගාමීව වෙනත් රටවලින් සමරිසිබව සම්බන්ධව බොහෝ සාක්ෂි හමුවෙයි. මේ තුළින් අපට නිගමනය කළ හැක්කේ කුමක්ද? එයයි මගේ තර්කය වුණේ. එයට හේතුව ලෙස Prabash දක්වන පුරුෂාධිපත්‍යය නැමැති කාරණාව පිළිගත නොහැකි බව මා කීවේ සමරිසිභාවය පිළිබඳ මා නිදසුන් ගෙනහැර දැක්වූ සමකාලීන වෙනත් සංස්කෘතීන්වල ද ඔහු ඔය කියනා පුරුෂාධිපත්‍යය මුල් බැසගෙන තිබීම නිසයි. සමාජ සාධක සමාන තත්වයක තිබියදී යටකී සමාජයන් තුළ සමරිසිභාවය ප්‍රකාශ වීමටත් අප සමාජය තුළ එසේ නොවීමටත් හේතුව එය වියැ’යි උපකල්පනය කිරීම සදොස් ය. එසේනම් හේතුව වෙනකකි. අපට ඒ සඳහා එළඹිය හැකි සාධාරණතම හා තාර්කිකතම නිගමනය නම් සමලිංගිකත්වය වූ කල්හි අප සමාජය තුළ අද මෙන්ම එදත් අනුමත කළ දෙයක් නොවන බව ය. සමලිංගික චර්යාවන් අප ආදී සිංහල සමාජයට ආගන්තුක වූ බව ‘කොළ පාට සමාජය’ නැමැති පොත රචනා කළ සී. ඒ. ප්‍රේමචන්ද්‍ර වැනි උගතුන් ද සඳහන් කරයි. රොබට් නොක්ස් ද සිය කෘතියේ දෙවන රාජසිංහ රජුගේ රාජසභාව ගැන කරනා විස්තරයේ දි එහි රූපශ්රීයැති බොහෝ පිරිමි ළමුන් හා තරුණයින් සේවය කරනා බව පැවසුව ද රජු සමරිසි චර්යාවන්ට (Sodomy) අළලා කිසිවක් නොඇසූ බව සඳහන් කරයි.
මෙහිදී අප රොබට් නොක්ස් වාර්තා කරනා දේවල විශ්වසනීයත්වය(credibility) ප්‍රශ්න කිරීම නුවණට හුරු නොවන බවයි මාගේ හැඟීම. අපේ රටේ ඉතිහාසය හදාරන බොහෝ උගතුන් හා විද්‍යාර්ථයින් අතර පවතින දුර්වලතාවයක් නම් තමන් කැමති, ඇසීමට ප්‍රිය කරන දෑ පමණක් පිළිගැනීම හා තමන් ඇසීමට අකමැති දෑ ප්‍රතික්ෂේප කිරීම. නොක්ස්ගේ කෘතියේ විශ්වසනීයත්වය ගැන ප්‍රශ්න කරනවානම් අපිට අපේ මහාර්ඝ ඉතිහාස ග්‍රන්ථය වන මහාවංශයේ පටන් එදා මෙදා තුර සෑම ඉතිහාස කෘතියකම විශ්වාසනීයත්වය ගැන සැක මතු කරන්නට වෙනවා. එහෙමනම් කෙනෙකුට මහාවංශය වූ කලී හුදෙක් දුටුගැමුණු කුමරුන්ව පරම විරුවා කරන්නට භික්ෂුවක් ගත් උත්සහයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. තමන්වහන්සේගේ දේශපාලන හා ආගමික අදහස් වලට එකඟ දෑ පමණක් අඩංගු කර ඊට පටහැනි දෑ වාර්තා නොකරයි, නැතිනම් ඒ පිළිබඳව ඉතා අල්පව ලියති. ඉතිහාසය රචනා කරන ඕනෑම පුද්ගලයෙකුට තම තමන්ගේ පෞද්ගලික අරමුණු හෝ මතවාදයන් හෝ තිබිය හැක. එහෙත් අපට මෙහිදී වැදගත් වන්නේ ඔවුන් වාර්තා කරනා එතිහාසික කරුණු මිස අන් යමක් නොවේ. රොබට් නොක්ස් වාර්තා කරන්නේ අවුරුදු 20ක් පමණ දීර්ඝ කාලයක් මෙරට සමාජය තුළ ජීවත් වීමෙන් අත්දකින්නාවූ දෑ බව අප අමතක නොකළ යුතුයි. එය යම් රටක් සමාජයක් ගැන ඉතා හොඳ අවබෝධයක් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් කාලයකි. රොබට් නොක්ස් විසින් මීට වසර 300කට පෙර නිර්මාණය කළ ලංකා සිතියම පවා නූතන යුගයේ චන්ද්‍රිකා ඡායාරුප ඇසුරින් සකස් කළ සිතියම් සමඟ සැසඳීමේදී 90%ටත් වඩා නිරවද්‍යතාවයක් සහිතයි. නොක්ස් දකින හෙළදිව උඩරට සමාජය නියම සිංහල සමාජයක් නොවන බව පවසන්නට නම් ප්‍රථමයෙන් එම යුගයේ නියම උඩරට සිංහල සමාජය විස්තර කරන අංගසම්පූර්ණ ඉතිහාස වාර්තාවක් තිබිය යුතු වෙයි. එවිට නොක්ස්ගේ සිංහල සමාජය නියමද අනියමද කියා අපිට විනිශ්චය කළ හැක. අවාසනාවට එවැන්නක් නොමැති බැවින් අපට අතීතයේ එදිනෙදා සමාන්‍ය ජනතාවගේ සමාජය ගැන තොරතුරු පාදා ගන්නට ඔහුගේ ඒ මහාර්ඝ ග්‍රන්ථයේ පිහිට පැතීමට සිදුවෙයි. රැල්ෆ් පීරිස් මහතා ඉතා මෑත යුගයේ ජීවත් වූ සමාජ විද්‍යාඥයකු නිසා ඉතිහාසය විශ්ලේෂණය කිරීමක් මිස අතීතයේ ජීවත් වූ ඉතිහාස රචකයින් මෙන් ඉතිහාසය වාර්තා කිරීමක් සිදුකර නොමැත. එබැවින් 1956 වසරේදී රචිත එතුමාගේ කෘතිය ඉතිහාස මුලාශ්‍රයක් වශයෙන් ගත නොහැක. ඇරත්, නූතන යුගයේ විසූ ඔහුත් Prabash ඉහතින් මතුකළ වික්ටෝරියානු සුචරිතවාදයේ කණ්නාඩි වලින් ඉතිහාසය දෙස බලන්නෙකු විය හැක!
අවසාන වශයෙන් කිව හැක්කේ අපි සියල්ලෝම “සමරිසිභාවය” ගැන පමණක් නොව වෙනත් ඕනෑම කරුණක් දෙස සැමවිටම දකින්නේ අපගේ මතවාදයට අනුකූලවම ය. මන්දයත් සැමවිටම සත්‍යය වූ කලී කෙනෙකුට අනුව එක් දෙයකි, වෙනකෙකුට තවත් දෙයකි. අප සැවොම කරනුයේ ප්‍රවාද ගෙතීම ය. එහෙයින් සත්‍යය ද සාපේක්ෂ ය. නිරපේක්ෂ කිසිවක් නැත. එබැවින් ඉතිහාසය ගවේෂණය අරබයා ද අපට ෙඑතිහාසික මුලාශ්‍ර මත ගොඩනැංවූ උපකල්පනයන් යොදා ගැනීමට සිදුවන නමුත් ඒවා කෙනෙකුගේ හුදු හිතළු හෝ මනෝරාජික සංකල්ප නොවිය යුතුයි. මා ඉහත කී නිගමනයට එළඹි අයුරු සාධක සහිතව පැහැදිලිව පෙන්වා දුනි. එහෙත් මෙම සංවාදයේදී මා හට ප්රතිමල්ලව අදහස් දැක්වූ බොහෝ දෙනා සාක්ෂි සහිත කරුණු(facts) මත කරනා විග්රහයන්ට වඩා හුදෙක් තමන් හැදී වැඩුණු වත්මන් සංස්කෘතික රාමුව තුළ සිරවී හිඳ ඊට අනුකූලව සිය කරුණු ඉදිරිපත් කළ බව පෙනේ. යම් තැනකදී මා එදා සිංහල සමාජය තුළ වූ ‘බුලත් හිරය’(නිවසේ නවාතැන් ගැනීමට පැමිණෙන කුලවතුන්ට සිය දියණිය හෝ බිරිඳ සමඟ සයනය කිරීමට ඉඩ සලස්වා දීම) වැනි චර්යාවන් තිබූ බවට රොබට් නොක්ස් වාර්තා කළ බව පවසද්දී ඇතැමකු තුළ කම්පනයක් ඇති වන්නේ ද එම ඊනියා සුචරිතවාදී සංකල්ප නිසාවෙනි. එබැවින් ඉතිහාසය සොයා යෑමේ දී මෙයට වඩා තුලනාත්මකව හා විවෘතව ඒ දෙස බලන්නේ නම් වඩා වැඩදායක බව කිව යුතුමය.

2015-01-02, 1:47 pm
මට නම් මෙව දකිනකොට සංදුවක් මතක් වෙන්නෙ
me sinduwe gay gana kiyawenne nathi unat, me samaje jiwat wena minissu gana hodata kiyanawa. dawal porawan inna redda rata galawana minissu thiruhan wenawa. gay aya atharat, kechcharawat hoda widiyata kagahana udawiyage thulanthaya apata penne naha.

- Vikasitha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8690
Member Since : 2013-09-01
Re: ඇයි මෙහෙම වෙන්නෙ????
2015-01-08, 10:39 pm
මට මේ දේවල් වලින් කාටවත් කිසි දෙයක් ඔප්පු කරන්න යන්න ඕනේ නැහැ. නමුත් මන් කියන්නේ මට හිතෙන දේ සහ මට තේරෙන දේ. මෙහෙමයි රංග කියන එක හරි කියමුකෝ . නමුත් මට තියෙන ප්රශ්නය ඇයි රොබට් නොක්ස්ටවත් , මෙච්චර කාලෙකට අපිටවත් පශ්නයක් නොවුන දෙයකට වාද කරන්නේ. ඒ කාලේ එහෙම වෙන්න ඇති නමුත් දැන් එක එලි පිට සිද්ද වෙනවනේ. ඒ කාලේ එක සාමන්‍ය දෙයක් වෙන්න පුළුවන්. මෙහෙමයි ඔය අපේ රට යටත් කර ගත් කවුරුත් අපිට ආදරේ කරේ නැහැනේ . ඉතින් සමහර විට ඒ කාලේ නීතියක් දාන්න ඇති. සුද්දගේ අසහනය නැති කරගන්න මෙහෙම දේවල් කරපල්ලා කියාලා. අනික මොන මිනිහද කැමති තමන්ගේ බිරිදව කොහෙවත් ඉන්න පිට එකෙකුට රැයක් ගත කරන්න දෙන්න. අර වගේ නීතියක් දාලා තිබුනානම් රාජ උදහසට ලක් වේවි කියන බයෙන් ගැමියෝ ඔය දේවල් කරන්න ඇති. අනික අපි සළු පිලි ඇදන් ජිවත් උනේ, සිගිරිය වැනි විශාල නිර්මාණ බිහි උනේ . ඔය රංග කියන සුද්දා වැද්දා කාලේ. මම කියන්නේ නැහැ මම පිරිසිදු සිංහලයෙක් කියලා . මොකද අපි අපේ ආදිතම පරම්පාරාව ගැන දන්නේ නැහැනේ.
අපිට කොහොමද වාසගම ලැබුනේ එකත් සුද්දාගෙන්නේ ලැබුනේ. නමුත් මන් දන්න දේ අපි ඉපදිලා ඉන්නේ ශ්‍රී ලංකාවේ අතීතයේ ඉදන්ම සිංහල රටක නමුත් එක සිංහල රට කියලා අනෙක් මිනිසුන්ට ගරහුවේ නැහැ. සුද්දට ආවැඩූවෙත් නැහැ. අපි මොන ආගමේ ජාතියේ උනත් අපිට යුතුකමක් තියෙනවා. ඒ රටේ ඉතිහාසය, ආඩම්බරය පෙන්නවන්න. එහෙම නැතුව මේ කොහෙවත් නැති දෙයකට අපි වාද කරලා වැඩක් නැහැ. ඔය කියපු රොබට් නොක්ස්ම තමයි කියුවේ සිංහලයා ආගන්තුක සත්කාරවලට බොහොම ප්‍රියමනාප , භාෂාව පවා කතා කරන විට මිහිරි සැහැල්ලුවෙන් ජිවත් වෙන පිරිසක් බව. මිනිසුන් කරපු හොද 99% තිබියදී වැරදුනු 1% ගැන ලොකුවට වාද කරන්න යන්න එපා.

Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|