Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4081 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12411
Member Since : 2013-05-31

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  - Page 2 Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-07-08, 1:03 am
Message reputation : 100% (6 votes)
Siyapath wrote:මේ විදියට සමාජයට මුහුණ දීම ඇත්තටම ප්‍රශ්නයක් තමයි.අපි ජීවත් වෙන්න homosexuality accept කල රටක නම් අපට මේ ප්‍රශ්න ගොඩාක් අඩුයි. ඒත් එහෙම රටක නෙවිනේ අපි ජීවත් වෙන්නේ. හැබැයි එහෙම කියලා දුක් වෙන්න ඕනෙත් නැහැ.   අපේ යාළුවො, අසල්වැසියෝ, නෑදැයෝ, රස්සාව කරන තැන අය ඉගෙනගන්න තැන අය, මේ ඔක්කොම අපිව මොන විදියට තක්සේරු කරාවිද කියන ප්‍රශ්නේ අපිට තියනවා. මෙතැනදී මම කැමතියි කරුණු 3ක් ඉස්මතු කරන්න.

1. අපි ලගම ඉන්න අය ඇරුණම මඟ තොටේදී හමුවෙන, බස් එකේ, කෝච්චියේ හමුවෙන අය ගැන නොහිත ඉන්න තරමට හොදයි නේද? අර තාත්තයි, පුතයි, බූරුවා විකුණන්න ගිය කතාව අහල තියනවා නේද? සමාජයට ඕන විදියට ජීවත් වෙන්න ගියොත් අපිට අපේ කියල ජීවිතයක් නැතිව යනවා. එකයි මම හැමදාම කියන්නේ "උන් අපිට කන්න දෙනවද අපිට ජීවත් වෙන හැටි උගන්වන්න?" කියල.

එත් අපි ආශ්‍රය කරන සමහරු ඉන්නවා අපිට එහෙම නොසලකා ඉන්න බැරි. අන්න ඒ නිසා,

2. අපිට සිද්ධ වෙනවා සමහරුන්ගෙන් අපේ අනන්‍යතාවය සඟවන්න. කරන්න දෙයක් නැහැ. තවම මගේ අප්පච්චි දන්නේ නැහැ මම gay කියල. හැබැයි, ඔයාට පුළුවන් ඔයාගේ ලඟම අයට  එක තේරුම් කරලා දෙන්න. වැඩේ ටිකක් අමාරුයි. මේකට ඔය සමලිංගිකත්වය, සදාචාරය, බැඳීම් , මේවා ගෙන ටිකක් දැනුවත් වුණ කෙනෙක් වෙන්න ඕනා.

මම පුංචි උදාහරණයක් දෙන්නම්.
මගේ campus එකේ හොඳම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්. කොල්ල straight . කෙල්ලෙකුත් හිටියා. මට ඕන උනා මම gay කියල ඌට කියන්න. ඉතින් මම කාලයක් තිස්සේ ඉදල හිටලා කියන දේවල් එක්ක homosexuality කියන්නේ සාමාන්‍ය දෙයක් කියල උට තේරුම් කරලා දුන්නා. මාස 5කට විතර පස්සේ මම කිව්වා, "මචං අපි දෙන්න හොදම යාළුවො. ඒ නිසා මම රහස් තියාගන්න කැමති නැහැ. මට දෙයක් කියන්න තියනවා. එත් අපේ යාළුකම නැතිවේවිද මට බයයි කියල". කොල්ල කිව්වා, "කියපන් මචං මම ඕන දෙයක් අහගෙන ඉන්නම් කියල". ඉතින් මම කිව්වා "මම gay" කියල. ඒකා කිව්වා, අය්යෝ මචෝ, එක normal කියල මම දන්නවා. උබයි මමයි හැමදාම සහෝදරයෝ වගේ තමයි ඉස්සරහටත් කියල. ඉතින් මගේ campus එකේ අනිත් බොක්කට මේක කිව්වේ අපි දෙන්නම සෙට් වෙලා ප්ලෑන් කරලා.
මේක එක උදාහරණයක් විතරයි. මගේ ඉස්කෝලේ හොදම යාළුවො පවා මම gay කියන එක දැනගෙන හිටියා. උන්ට ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි මෙතන තව දෙයක් තියනවා, ඔයාගේ යාළුවා මේක අහන්න ok  වෙනවා කියල දැනෙනකල් මේ වැඩේ කරන්න එපා (මගේ පුංචි කාලේ ඉදන් යාළුවො සෙට් එකේ එකෙක් තවම මම gay කියල දන්නේ නැහැ. අනිත් උන් උට කියලත් නැහැ).

3.හොඳ gay යාළුවො සෙට් එකක් හදාගන්න. නමුත් මේක ගොඩාක් පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඔයාගේ යාලුවෙක් ඔයාගේ කොල්ලව අරන් යන්න බැරි නැහැ. ඒ නිසා හොද යාළුවො සෙට් එකක් ආශ්‍රය කරන්න. එයාල එක්ක එකට trip යන්න, shopping කරන්න, දානේ ගෙවල් මළගෙවල් ඕන එකක්. සෙට් එක එකට ඉදීවි. දුකේදී සැපේදී උදව් කරාවි. ඒ වගේම එහෙන සෙට් එකක් එකට ඉන්න තැනක ඔයාට ඔයාගේ නිදහස තියනවා. ඕන දෙයක් කියන්න පුළුවන්. මේ සම්බන්ධ ඕන ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්. එහෙම නේද? හැබැයි මතක ඇතුව ගොඩාක් ලන්කරගන්න කලින් යාළුවො ගැන හොදට දැනුවත් වෙලා ඉන්න වෙනවා :P

අපි තව මේ ගැන ඉස්සරහට කතා කරමු. ඔයාලගේ අදහසුත් කියන්න.

~සියපත්~

 මම මගේ ජීවිතේ ගැන කාටවත් කියල නෑ .ඒ මට එහෙම කියන්න කවුරුත් හිටියේ නැ .මගේ ජීවිතේ දී මාව තේරුම් ගන්න පුළුවන්  හොද යාලුවෙක් කවදාවත් හම්බ වෙලා නැ ,අදටත් නැ . මේ ප්‍රශ්නයදී මම හැම තිස්සෙම තනි උනා . මම gay කියල දැනගතහම(අවූ 16 දී  ) මම අනිත් අයගෙන් ටිකක් ඈත් වෙන්න උත්සහ කලා ,එකෙන් මම තවත් තනි උනා ,මට බය හිතුන  මේක කව්රු හරි දන ගනී කියල ! මම එකෙන් ගොඩක් මානසික පීඩාවට පත් උනා . මම හරිම කැමති මගේම කියල කෙනෙක්ගෙන්  ආදරය ලබන්න ආදරය කරන්න.එත් මම හැමතිස්සෙම කලේ එක පාර්ශවික ආදරයක් ! මම මගේ අනිත් යාලුවෝ ආදරය කරන හැටි බලාගෙන හුල්ලපු හැටි මට තාම මතකය් . එත් මම දැන් ඒවාට හුරු වෙලා !
මට  office එකේදී අනන්තවත් හිතෙන දෙයක් තමය් , මම මේ මොකක්ද කරන රගපෑම කියල ! මම අකමැතිම දෙයක් තමය බොරුවෙන් ජීවත් වෙනවා කියන්නේ ! එත් මට කරන්න වෙලා තියෙන්නෙත් ඒකමඉ .මට මෙහෙම ජීවත් වෙන එක එපා වෙලා තියෙන්නේ ! එත් මට බොලද වැඩ කරන්නත් බෑ .
මගේ මුනේ තියන හිනාව මගේ හදවතේ නැ ,

එක දකින්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලවත් මම දන්නේ නැ !

මම මේ ටික කියන්න කොඉතරම් කාලයක් බලන් හිටියද ? 
අද ඒ ටික කඳුලුත්  එක්කම පිට කළා ,මම හිතුවේ   නැ  මේ ටික ලියද්දි මට මෙහෙහෙම වෙඉ කියල!

මගේ  හිත දැන්  සහල්ලුඉ ! කියන්න තියෙන ඔක්කොම කෙටියෙන්ම කිව්වා !

Zezta,සියපත් ,  ස්තුතිය් මට මේ ටික කියා ගන්න  ඉඩ  හදල දුන්නට !

 
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13654
Member Since : 2013-01-26

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  - Page 2 Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-07-08, 6:56 am
Message reputation : 100% (3 votes)
අපොයි මචන්, 
ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙවි කොල්ලා. ඕක අපේ ගොඩක් දෙනෙක්ට පොදු කාරණයක්. ඒකට කරන්න තියන අනිත් හොඳ දේ තමයි හොඳ gay යාලුවො ටිකක් හදාගන්න එක​.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12411
Member Since : 2013-05-31

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  - Page 2 Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-07-08, 11:26 pm
Message reputation : 100% (2 votes)
Siyapath wrote:අපොයි මචන්, 
ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙවි කොල්ලා. ඕක අපේ ගොඩක් දෙනෙක්ට පොදු කාරණයක්. ඒකට කරන්න තියන අනිත් හොඳ දේ තමයි හොඳ gay යාලුවො ටිකක් හදාගන්න එක​.

 thanks machan!
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9766
Member Since : 2013-07-06

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  - Page 2 Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-08-24, 2:22 pm
Message reputation : 100% (3 votes)
මට තාම අවුරුදු විස්සයි.තව අවුරුදු හතකින් අටකින් මටත් ඔය ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙයි.මන් පුළුවන් තරම් උත්සාහ කරනවා මන් gay බව ගෙදර අයට නොකියා ඉන්න​.වාසනාවට මට හොද සහෝදරයෙක් ඉන්නවා.මම gay බව කවදා හරි කියන්න සිද්ධම වුනොත් මන් ඒක මුලින්ම කියන්නේ මගේ අයියට​.මට ලොකු විශ්වාසයක් තියෙනවා එයා මාව තේරුම් අරන් මට උදව් කරාවී කියලා.මොකද එයාගේ සමහර අදහස් සමාජයේ පොදු මතයට වඩා වෙනස් වෙන වෙලාවල් මන් දැකලා තියෙනවා.සමහරවිට සමලිංගිකත්වය ගැනත් එයාගේ අදහස බහුතර සමාජ මතයට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඒක එහෙම නම් මන් ගොඩක් වාසනාවන්තයි.(balaaporoththuvak thiyaa ganillaa.ara zeztage anti-gay sithiyame kavada hari lankaavath rathu paata weyi :D :D :D :D )
pravin chamara
pravin chamara
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 7738
Member Since : 2013-08-26

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  - Page 2 Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-09-05, 10:36 pm
Siyapath wrote:මේ විදියට සමාජයට මුහුණ දීම ඇත්තටම ප්‍රශ්නයක් තමයි.අපි ජීවත් වෙන්න homosexuality accept කල රටක නම් අපට මේ ප්‍රශ්න ගොඩාක් අඩුයි. ඒත් එහෙම රටක නෙවිනේ අපි ජීවත් වෙන්නේ. හැබැයි එහෙම කියලා දුක් වෙන්න ඕනෙත් නැහැ.   අපේ යාළුවො, අසල්වැසියෝ, නෑදැයෝ, රස්සාව කරන තැන අය ඉගෙනගන්න තැන අය, මේ ඔක්කොම අපිව මොන විදියට තක්සේරු කරාවිද කියන 8) ප්‍රශ්නේ අපිට තියනවා. මෙතැනදී මම කැමතියි කරුණු 3ක් ඉස්මතු කරන්න.

1. අපි ලගම ඉන්න අය ඇරුණම මඟ තොටේදී හමුවෙන, බස් එකේ, කෝච්චියේ හමුවෙන අය ගැන නොහිත ඉන්න තරමට හොදයි නේද? අර තාත්තයි, පුතයි, බූරුවා විකුණන්න ගිය කතාව අහල තියනවා නේද? සමාජයට ඕන විදියට ජීවත් වෙන්න ගියොත් අපිට අපේ කියල ජීවිතයක් නැතිව යනවා. එකයි මම හැමදාම කියන්නේ "උන් අපිට කන්න දෙනවද අපිට ජීවත් වෙන හැටි උගන්වන්න?" කියල.

එත් අපි ආශ්‍රය කරන සමහරු ඉන්නවා අපිට එහෙම නොසලකා ඉන්න බැරි. අන්න ඒ නිසා,


~සියපත්~
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13654
Member Since : 2013-01-26

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  - Page 2 Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-09-05, 11:42 pm
mata me quote kala eka therune naha :shock:
Anonymous
Guest
Guest

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  - Page 2 Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-09-21, 11:36 am
අදටත් හරියටම මගේ යලුවෙක්වත් දන්නේ නැහැ මම සමලිංගිකයෙක් කියලා.මම කියන්න උත්සහා කර මම කව්ද කියලා, එත් මට උනේ මාස දෙක තුනක් යනකම්ම පො**** කොලු**** වගේ වචන අහන්න.උන් දැනට හම්බවුනත් වචනයක් මිස් වුනොත් කියන්නේ උබ ඉතින් කොලු *** කියලා. ඇත්තටම මට හිතෙනවා මට මගේ ජිවිතේට හොද යලුවෙක් හම්බවුනාද කියලා.?


මටත් දවසක් එවි  මම කව්ද කියලා මගේ ගෙදරට කියන්න . එ දවසට මම කෙලින් තිරණයක් ගන්නවා . දෙමව්පියො කොහොම තෙරුම් ගත්තත් මම ඇත්ත කියනවා මම සමලිංගිකයේක් කියලා විතරක් නෙවෙයි මගේ ආසාවන් සිතුම් පැතුම් එක්ක,එ තිරනේ නිසා මට ටික කලයක් හඩන්න වෙවි.එත් ඊට වැඩි කළයක් මට සතුටින් ඉන්න පුලුවන්.




ඔබ ඔබ වෙන්න
ඔබට සතුටින් සිටින්න පුලුවන්pride pride 
Anonymous
Guest
Guest

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  - Page 2 Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-09-21, 12:49 pm
Nil saliya wrote:අදටත් හරියටම මගේ යලුවෙක්වත් දන්නේ නැහැ මම සමලිංගිකයෙක් කියලා.මම කියන්න උත්සහා කර මම කව්ද කියලා, එත් මට උනේ මාස දෙක තුනක් යනකම්ම පො**** කොලු**** වගේ වචන අහන්න.උන් දැනට හම්බවුනත් වචනයක් මිස් වුනොත් කියන්නේ උබ ඉතින් කොලු *** කියලා. ඇත්තටම මට හිතෙනවා මට මගේ ජිවිතේට හොද යලුවෙක් හම්බවුනාද කියලා.?


මටත් දවසක් එවි  මම කව්ද කියලා මගේ ගෙදරට කියන්න . එ දවසට මම කෙලින් තිරණයක් ගන්නවා . දෙමව්පියො කොහොම තෙරුම් ගත්තත් මම ඇත්ත කියනවා මම සමලිංගිකයේක් කියලා විතරක් නෙවෙයි මගේ ආසාවන් සිතුම් පැතුම් එක්ක,එ තිරනේ නිසා මට ටික කලයක් හඩන්න වෙවි.එත් ඊට වැඩි කළයක් මට සතුටින් ඉන්න පුලුවන්.




ඔබ ඔබ වෙන්න
ඔබට සතුටින් සිටින්න පුලුවන්pride pride 
 ඒ කතාව නම් ඇත්ත තමා මල්ලි...:( :(
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13654
Member Since : 2013-01-26

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  - Page 2 Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-12-15, 4:49 pm
be strong, be ur self brothers
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12078
Member Since : 2013-07-29

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  - Page 2 Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-12-15, 9:03 pm
:shock:  :shock:  :shock:
Sponsored content

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  - Page 2 Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum