Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8455
Member Since : 2013-05-03

හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි. Empty හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි.

2013-05-12, 12:00 pm
Message reputation : 100% (3 votes)
හද තියෙන කාලෙට වගා වලට
සත්තු එනවා වැඩියි
. පීදීගෙන එන හේනෙ තියෙන වගාවන් වලට හානි වෙන්න
තියෙන ඉඩ වැඩියි
....ඇයගෙගෙ සැමියා පැල් රකින්න යනව හැමදාම.. . ගෙදර ඉන්න
පුලුවන්කමක් නෑ
එතකොට... එක නිසයි ඇයි මෙ විදියෙන් කියන්නෙ.

පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ..
රන්කෙඳි
සේම රන්වන් ඉරිඟු ඉබිනවද
..
තුන්
යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ

රන්කඳ
තාම පැල් රකිනවාදෝ නිදි නැතිද


නිල් තරු
රෑන ඉඟි බිඟි පාන අහස යට

පිල්කඩ උඩම
ඇලවී ඉන්න හිතයි මට

මී අඹ කන්න
ගිරවුනි එන්න එපා හෙට

මල් පිපුනාට
ගෙඩි නෑ තාම අඹ ගහට

එහෙම ගියාම ගැහැනු හිත වැඩ කරන හැටි. නිල් තරු පායන, හද තියෙන
රාත්‍රියෙ සැමියත් එක්ක පිල උඩට වෙලා ආදරෙන් ඉන්න ආසයි
.
උනුසුම මතක්
කරගෙන සැමියා නැතත් ඇයට එහෙමම ඉන්න හිතෙනවාලු
.
මෙච්චර
ආසාවෙන් ඉන්න ගැහැනු කෙනාට ලමයෙක් ලැබෙන ලකුනු තියෙනවද කියල අහල
සතුටු වෙන්න හිතවතුන්ට, නෑදෑයන්ට, දෙමුපියන්ට
එන්න එපා කියනවා
. මොකද සෘන්ගාත්මක රාත්‍රියක් උනත් ඒ හැගීම් තුරුලු
කරගෙන ගැහැනු කෙනා තනියම
හාන්සිවෙලා ඉන්න නිසා. ලමයෙක් ලැබෙන්න අවශ්ය
හැමදෙම තිබුනත් ලමයෙක්
නැතිවෙන්න හේතුව මිනිහා
නැතිකම
. ඒකයි මල් පිපුනාට ගෙඩි
නෑ තම අඹ ගහට
කියන්නෙ.

රන් කඳ සේම
පින්සර මාගෙ ඇතු නිදන

රන්මල් යාන
හීනෙන් දකින පින පමන

තුන්පත් රෑන
වේදෝ කෝම අප දෙදෙන

රන්කද ඒ කියන්නෙ සැමියා නිදි එත් දැන් පැල් රකින්න ගිහින්....
මෙතන වැදගත්
"පින්සර මාගෙ ඇතු නිදනා" කියන කොටස.... ඒ කියන්නෙ මහාමායා දේවි
දැකපු හිනෙ වගෙ ඇත් පැටවා එන්නෙ නැති එක ගැන
....
සැමියෙක් සහ
ලමයෙක් කියන දෙන්නම නෑ මෙයාට
. ....
දෙන්න
එකතුවෙනව දකින්නෙ හීනෙන් විතරයි
... ඉතින් කවද්ද, කොහොමද මෙ
පවුලට
3 වෙනියෙක් එකතු වෙන්නේ........?? එ ගැන ඇය සිතමින ලතවෙනවා... නමුත් එක ලොකෙට ඇය පෙන්නන්නෙ නැ...
එක ඇය ලස්සනට මෙ විදියෙන් කියනවා....

රන්කැටි
පුතුට ඉඩ මදිවාද මගෙ යහන


මෙ ඔක්කොම
දේවල් ටික ඇත්ත උනත් ඇය කාටවත් දොස් කියන්න නෑ
. සමහරවිට මේ හැමදේම වෙන්නෙ ඇයගෙ
කුසෙ ඉඩමදිවෙලාද දන්නෙ නෑ කියල.. එ අහින්සකව ගෑනු කෙනා දුක් වෙනවා
.

අද සිතුම්ට හෙම්බ හැදිලා ඉන්නෙ... එ මදිවට සිතුම්ගෙ කොන්ඩෙත් යන්න අරන්....
ගොඩක් දුකයි.... ඉයෙ merlin බලන්නත් බැරි උනා. අකිලත් SS5 වලින් ඉවත් උනා.....

ෆස්ට දුකෙන් ඉන්නෙ.... කොන්ඩෙ යන එක නවත්තගන්න මොනහරි තියෙනම් කියන්න. මගෙ ස්කයිප් ID sithumpethum
තැන්ක්යු හැමොටම...
සුබ දවසක්.....!!
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9079
Member Since : 2013-05-05

හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි. Empty Re: හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි.

2013-05-12, 1:41 pm
Message reputation : 100% (5 votes)
හඳ තියෙන කාලෙට වගා වලට සත්තු එනව වැඩියි. ඔව් මේ කියන කාන්තාවගෙ සැමියා යනව පැල් රකින්න. ඉතින් මේ කාන්තාව ගෙදරට වෙලා ඉන්නෙ ලොකු පාලුවකින්..

ඒ පාළුව වගේම තවත් දෙයක් තියෙනව මේ බිරිඳගෙ හිතට කරදර ගේන. ඒක ගොඩ දෙනෙකුට රහසක් උනත් මේ බිරිඳට රහසක් නෙමෙයි. ඇය දන්නව පැල් රකින්න යන තමුන්ගෙ සැමියා ඉන්නෙ තනියම නෙමෙයි කියල.

පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද..


මෙතනදි පද රචකය පුන් සඳ උපමා කරල තියෙන්නෙ කාන්තාවගෙ සැමියට. රන් කෙඳි වැනි ඉරිඟු ඉඹින එක තමයි මේ පැල් රකින්න යන සැමියා කරන්නෙ. කෙලින්ම කාරණය කිව්වොත් මේ සැමියා සමරිසි පුද්ගලයෙක්. ඔහු පැල් රකිද්දි ඔහුගේ සහකරුවත් ඔහුට එකතු වෙනව. ඉතින් හිතාගන්න පුළුවන් නේද මෙතනදි ඉරිඟු උපමා කරල තියෙන්නෙ මොකටද කියල..?

තුන්යම හීන දක දක මොටදැයි ගෙදර ඉඳ..
රන්කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතිද..



තමුන්ගෙ සැමියගෙ රහස දන්න මේ බිරිඳට පැල් රකින තමුන්ගෙ සැමියා ගැන නොයෙකුත් චිත්ත රූප මැවෙනව. එකයි ඇය අහන්නෙ තුන් යම පුරාවටම හීන දැක දැක ගෙදර ඉන්න පුළුවන්ද කියල. රන්කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතිද කියන පදයත් එක්තරා ආකාරයක ව්‍යංගයක්.

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..


මේ පද දෙකෙන් කාන්තාවගෙ හිත තුළ තෙරපෙන අසහනය කියැවෙනව. සාමාන්‍යයෙන් කළුවර පාළු ‍රැයක කාන්තාවක් එළියෙ පිලක් උඩ නිදාගන්න එක ඇයට අනතුරුදායකයි කියල තමයි කියන්නෙ. ඒත් මෙතනදි මේ කාන්තාව එවන් අනතුරක් පිළිබඳව බලාපොරොත්තුවෙන් ඉන්නවදෝ කියලත් හිතෙනව. තමුන්ගෙ සැමියගෙන් තමුන්ට නොලැබෙන දෙයක් අනතුරක් විදියට වත් වෙන කෙනෙකුගෙන් ලැබෙයි කියල ඇය හිතනව වෙන්නත් පුළුවන්.

මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නහැ තාම අඹ ගහට..


මෙතනදි කාන්තාව තමුන්ට සමාජයෙන් එල්ල වෙන ප්‍රශ්නෙකට ව්‍යංගයෙන් පිළිතුරු දෙනව. ඒ තමයි විවාහ වෙලා කාලයක් ගත උනත් ඔවුන්ට දරුවන් නැතිකම. මෙහෙම දේකදි මිනිස්සු කාන්තාවට තමයි අඟිල්ල දිගු කරන්නෙ ඇයගේ අඩුපාඩු කියල. ඒත් මේ කාන්තාව කියනව තමුන්ගෙ කිසිම අඩුවක් නෑ කියල. මල් පිපුනාට ගෙඩි නෑ තාම කියන්නෙ ඒකයි. හබැයි කිසිම අවස්ථාවකදි මේ බිරිඳ තමුන්ගෙ සැමියගෙ වරදක් කියන්නෙ නෑ.

මේ බිරිඳ තම සැමියට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඇය සැමියට අමතන්න යොදාගනිපු වචන වලින්ම ඒක තේරුම්ගන්න පුළුවන්. පුන් සඳ , රන්කඳ වගෙ ආමන්ත්‍රණ එවායින් සමහරක්. ඉතින් ඒ ආදරය නිසාමයි ඇය හම දෙයක්ම දනගෙනත් මේ විවාහ ජීවිතය තුළ ‍රැඳිල ඉන්නෙ.

රන්කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන..
රන්මල් යහන හීනෙන් දකින පින පමණ..


මේ පද දෙකෙන් තේරුම් යනව මේ සැමියත් බිරිඳත් අතර ලිංගික ජීවිතයක් නෑ කියල.කාන්තාව තුළ කොයිතරම් බලාපොරොත්තුවක් ආශාවක් තිබුණත් සැමියගෙන් ඒකට ඉඩක් නෑ. කොටින්ම මේ සැමියා තම බිරිඳ එක්ක එක ඇඳේ නිදාගන්නෙ වත් නෑ.

තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන..
රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන..


බිරිඳගෙ හිත ඇතුළෙ තියෙනව ආශාවක් සාමාන්‍යය පවුල් ජීවිතයක් ගතකරන්න. දරුවෙකුගෙ සුරතල් බලන්න. ඒත් ඒකට ඇයට කිසි ඉඩක් නෑ. ඇයගෙ හිතේ තම සැමියට තියෙන ආදරය කොතරම්ද කියනවනම් එතනදිත් වරද පටවගන්නෙ තමුන් පිටටමයි. රන් කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන කියල ඇය අහන්නෙ මේ සියල්ලක්ම තමුන්ගෙ පව්කාරකමට වෙනවද කියලයි.

ඉතින් සමරිසි පුද්ගලයෙක් සමාජයේ උවමනාවට විවාහ කරගනිපු කාන්තාවක් මුහුණදෙන කරදර කම්කටොළු පිළිබඳව ඉතාමත් සාර්ථකව මේ ගීතයෙන් ඉදිරිපත් කරල තියෙනව. හිතල බලන්න මෙතනදි වැරදිකරු කවුද කියල. බිරිඳද..? සමාජයේ බලපෑම නිසා කාන්තාවක් විවාහ කරගනිපු සැමියද..? එහෙමත් නැත්නම් විවාහ වෙන්නයි කියල ඒ පුද්ගලයට බලපෑම් කරපු සමාජයද..?
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13730
Member Since : 2013-01-26

හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි. Empty Re: හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි.

2013-05-12, 6:17 pm
wow pattai Bhanuka
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9105
Member Since : 2013-01-27

හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි. Empty Re: හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි.

2013-05-12, 6:48 pm
hiks ...... elama thami ...me awrudde sahithya sammane hondama wicharaka sammane umbata denawa ..hiks ..
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9079
Member Since : 2013-05-05

හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි. Empty Re: හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි.

2013-05-12, 10:59 pm
Message reputation : 100% (2 votes)
Thanks මචංලා.. ඒත් ඉතින් සිතුම් කොල්ල නැත්නම් මට ඕක ගැන හාංකවිසියක් මතක්වෙන්නෙ නෑ.. ඒක නිසා ලොකූ thanks එකක් සිතුම් පැතුම්ට..
Sponsored content

හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි. Empty Re: හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි.

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum