- භානුකTeam Member
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9087
Member Since : 2013-05-05
එන්න මා සොයා...
2015-03-08, 10:20 pm
“අඳුනගන්න බැරි තරමට ම මම වෙනස් වෙලාද..?”
හදවත ඇතුළෙන් හැමදාමත් දෝංකාර දුන්නු හඬ ළඟින්ම ඇහෙද්දී මම ගැස්සිලා හැරිලා බැලුවෙ බස් එකේ මගේ ළඟින් වාඩි වෙලා උන්නු කෙනා දිහා. ඉස්සර වගේම මගේ මූණට එබිලා ඔයා හිනා වුනා. ඒත් ඒ වෙලාවෙ මගේ මූණෙන් මොන වගේ හැඟීමක් පෙනුනද කියල මට හිතාගන්න බැහැ. සමහරවිට පුදුමයක් වෙන්න ඇති. ඒකනෙ ඔයාගෙ හිනාවෙ වෙනසක් උනේ නැත්තෙ...
“මං මෙතනින් වාඩි වෙලා හුඟක් වෙලා. දැන් බලයි, දැන් බලයි කියල බලාගෙන උන්නෙ. කොහෙද ඉතිං... පරණ ආඩම්බරකාරයා තාමත් එහෙමමයි නේද..?”
ඔයා කතා කරනවා. කොහොමද ඔයා මෙහෙම කතා කරන්නෙ..? හරි... මට අමතක වුනා. හැමදාමත් ඔයා මෙහෙමනෙ කතා කළේ. ඔයා අහපු දේට මං මොනවා කියන්නද..? එක පාරක් ළඟින් වාඩි වුණු කෙනා දිහා බලලා මං මගේ දුප්පත් ජීවිතේම වෙනස් කරගත්තා. ආයෙත් එහෙම වැරද්දක් වෙනවට නෙමෙයි... ඒත් දැන් මං වෙනස් වෙලා. පරණ දේවල් ගොඩක් මගේ ලෝකෙන් අයින් කරලා ඉවරයි..
”කන්න වගේ මගේ දිහා බලං ඉන්න එපා තිසා... ඔහොම ඉද්දි බය හිතෙනවා..”
තවමත් විහිළු කරනවා නේද ඔයා..? ඔය කටකාරකම මාව රෑ කීයක්නම් නිදි නැතුව තිබ්බද කියලා ඔයා දන්නෙ නැහැ. ඔයාගෙන් මං මොනවද අහන්නේ...? හිතේ තෙරපුණු හැම ප්‍රශ්නයක්ම යට කරගෙන එළියට ආවෙ එක ප්‍රශ්නයයි.
“මෙහේ මොනවද කරන්නෙ..?”
හෙලවුනු මගේ අත් දිහා බලපු ඔයා කිසි උත්තරයක් නොදී ඇයි ඔහොම මගේ මූණ දිහා බලන් ඉන්නෙ..? ඇත්තටම මම මොන මෝඩයෙක්ද..? මෙච්චර කාලෙකට පස්සෙත් ඔයාට මතකයි කියල හිතන්න තරම්... ප්‍රශ්නෙ ටයිප් කරලා පෙන්නන්න ෆෝන් එක අතට ගත්තත් ඔයා ඒක නැවැත්තුවා.
“මේ තරම් කාලෙකින් දැකපු මගෙන් ඔයාට අහන්න තියෙන එකම ප්‍රශ්නෙ ඕකද බබා..? අනික ටයිප් කරලා පෙන්නන්න ඔයා හිතනවද ඔයා එක්ක කතා කරන විදියත් මට අමතක වෙලා කියලා..?”
“මං එහෙම හිතුවා නෙමෙයි..”
“නෑ ඔයා එහෙම හිතුවා.. ඒකනෙ ෆෝන් එක අතට ගත්තෙ..”
හැමදාමත් වගේ ඔයා ඉස්සරහ මං නිරුත්තරයි.
“ඔයා ඔහොම අත් වලින් කතා කරනවා බලං ඉද්දි ආදරේ හිතෙනවා මල්ලි.. ඒත් ඔයා එක්ක කතා කරද්දී ඔය මූණ දිහා බලං ඉන්න බැරි වෙන නිසා තමයි දුක..”
ඉස්සරම දවසක ඔයා එහෙම කිව්වා මතකයි. ඒත් ඒ ඉස්සර... ඒ දේවල් ආයෙ වෙන්නෙ නෑ. එහෙම නොවෙන්න හේතුවෙන කාරණා කාරණා ගොඩක් සිද්දවෙලා ඉවරයි..
“ඇත්තටම ඔයා මෙහේ මොකද කරන්නෙ...”
උත්තරයක් නැති තැන මං ආයෙත් කලින් ප්‍රශ්නෙම ඇහුවා.
“අද සකුණිට මෙහේ හෙඩ් ඔෆිස් එකේ ට්‍රේනින් එකක්. ඉවර වෙද්දී රෑ වෙයි කිව්වා. එයාව එක්කං යන්නයි මෙහාට ආවෙ. ඒ ගමන්ම ඔයාවත් බලන්න හිතුනා. මං දන්නවනෙ මේ වෙලාවට බස් එකේ යනවා කියලා..”
එහෙනම් මේ මං වෙනුවෙන් ආපු ගමනක් නෙවෙයි. ඇත්ත... මේ ගොළු හෝන්තුව බලන්න වෙනමම මොන එහෙකට එනවද..? සකුණි ඕෆ් වෙන්නත් තව වෙලා තියෙනවනේ.. එතකං ඔයාට කරන්න දෙයක් තියෙන්නත් එපැයි. පහසුම විසඳුම මම.. එහෙම නේද..? ඒත් මේකෙන් මං තවත් පිච්චෙනවා. ඔයාට නොතේරෙන එකම දේ ඒක.
“දැන් බස් එක යනවා..”
“මෙහෙමම යමු. මං ඔයාව බස්සලා ඊළඟ බස් එකේ ආයෙත් එන්නම්. මට වෙලාව තියෙනවා...”
“ඔයාට මේක ඇති වෙන්නෙම නැද්ද..?”
“මොකද්ද බබා..?”
“මෙහෙම මගින් හැරිලා යන එක...”
“මට තේරුණේ නෑ...”
“ඔයා තේරුම්ගන්නෙ නෑ. දැන් මේක ඇති අයියේ.. ඔයා එන්න ඕන නැහැ. මට මේ ටිකත් තනියම යන්න පුළුවන්. ඔයා දැන් යන්න. කවදාක හරි මාත් එක්ක දිගටම යන්න පුළුවන් කියලා හිතුනොත් ආයෙත් එන්න. කවදා උනත්, කොහොම උනත් එහෙම ආවොත් ඔයාට මම ඉන්නවා අයියේ.. මම මේ විඳින දුක ඔයාටත් කවදහරි විඳින්න වුනොත්.. දෙයියනේ එහෙම වෙන්න නම් එපා... ඒත් එහෙම උනොත් මං ගාවට එන්න දෙපාරක් හිතන්න එපා.. කවුරු ඔයාව තනි කළත් මේ මල්ලි ඔයාට ඉන්නවා කියන එකත් අමතක කරන්න එපා. ඒත් දැන් යන්න අයියේ...”
බස් එකෙන් බැහැලා යන්න කලින් මගේ දිහා බලපු ඔය මූණ තව සෑහෙන කාලෙකට මට සැනසිල්ලෙ නිදාගන්න නම් දෙන්නෙ නැහැ කියලා මං දන්නවා. ඒත් මහත්තයෝ අපි ඇත්ත ලෝකෙ ජිවත් වෙමු. මේ අසරණ ගොළු කොල්ලට ටික කාලෙකට හරි ආදරේ කරපු ඔයා වෙනුවෙන් මැරෙනකල් උනත් මං බලං ඉන්නම්. ඒත් මට මැරි මැරී ඉපදෙන්න නම් බැහැ...
ආදරයේ වේදනාව
හදට දැනුන යම් දවසක
හුදෙකලාව නොතැවී යළි
එන්න මා සොයා... එන්න මා සොයා....
දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා
රැජින පලා ගිය මොහොතක
නොතැවී යළි ඈ සිහිකර
එන්න මා සොයා... එන්න මා සොයා....
ජීවිතයට හිමි ලතැවුල
ඔබෙ තුරුලට ලංවූ දා
නොතැවී හිඳ තනි යහනේ
මතක සුළං රොදක එතී
එන්න මා සොයා... එන්න මා සොයා...

- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9576
Member Since : 2013-03-28
Re: එන්න මා සොයා...
2015-03-09, 9:13 am
niyamayi Bhanu.....
- samithaRegular Member
- City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7186
Member Since : 2015-01-25
Re: එන්න මා සොයා...
2015-03-09, 5:21 pm
ගොඩක් ලස්සනයි මල්ලි... ඔයග්ර් හිතේ තියෙන අදහසක් ද? නැත්නම් ඇත්තටම සිදුවුණ දෙයක් ද?
- භානුකTeam Member
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9087
Member Since : 2013-05-05
Re: එන්න මා සොයා...
2015-03-09, 9:50 pm
-ස්තුති වේවා ඇසල අයියණ්ඩි.. සෑහෙන කාලෙකින් කතා කරන්නත් බැරි උනා. අමතක වෙලා නෑ නේද..?
-ඔයාටත් ගොඩක් ස්තුතියි සමිත අයියේ. ඇත්තටම මේක නම් මං මුහුණදීපු සිදුවීමක් නෙමෙයි. මගේ හොඳම යාළුවගෙන් ඉල්ලීමක් ආවා මේ සිංදුව ගැනත් මොනවා හරි ලියන්න කියලා. ඇත්තටම එයා කියනකල් මං මේ සිංදුව අහල තිබුණෙත් නෑ. ඒත් ඇහුවට පස්සෙ ඒක මගේ බොක්කටම වැදුනා. ඇත්තටම ආදරේ කරපු කවුරු උනත් කවදාක හරි තමුන්ගෙ ආදරේ තමුන් ගාවට එයි කියන බලාපොරොත්තුව හිතේ තියාගෙන ඉන්නෙ. ඒත් කිසි කෙනෙකුට ඒ ආදරේ තාවකාලික වෙන්න ඕන නෑ. අන්න ඒ යතාර්ථය ඇතුළෙ නම් මමත් ජිවත් වෙනවා.

- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12162
Member Since : 2013-07-29
Re: එන්න මා සොයා...
2015-04-06, 2:02 pm
- virmadu+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7604
Member Since : 2014-07-29
Re: එන්න මා සොයා...
2015-04-08, 5:04 pm
රැජින පලා ගිය මොහතේ .....නොතැවී හිද තනි යහනේ....යලි එන්න මා සොයා.....
හ්හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.........මේ අත්දැකීම මම විදිමින් ඉන්නවා වර්ථමානයේ....එත් එයා මම ලගට එයි කියලා තාම ඇස් වල කදුලු පුරෝගෙන................

Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|