Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4122 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Santush
Santush
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 7
GetReal Gold : 7869
Member Since : 2013-08-29
http://forbiddendtree.blogspot.com/

තීරණාත්මක තිහ සහ​ විවාහ​ උභතෝකෝටිකය​...​​  Empty තීරණාත්මක තිහ සහ​ විවාහ​ උභතෝකෝටිකය​...​​

2015-05-16, 4:51 pm
සමරිසින් ගේ ජීවිතේ උපරිම සොඳුරු කාලය වයස අවුරුදු 18 - 30 කිව්වොත් කව්‍රුත් විරුද්ධ වෙන එකක් නෑ.

ඒ කාලෙදී උපරිම නිදහසක් කාටත් ලැබුනත් අපේ වගේ රටක උපරිම ලිංගික නිදහසක් ලැබෙන්නේ සමරිසින්ටයි.තාරුණ්‍යයේ ලස්සන, මූල්‍ය ස්වාධීනත්වය, සමාජයීය නිදහස වගේම ජීවීතේ ප්‍රථම හා හුඟක් සමරිසි අයට අවසාන වතාවට ලැබෙන ලිංගික නිදහසත් ඒ කාලයේ භුක්ති විඳින්න පුළුවන්.


ඒ කාලෙන් පස්සෙ වයස අවුරුදු 30 ට ලං වෙනකොට හුඟක් කොල්ලො කෙල්ලො තමන් හොයා ගත්තු පෙම්වතියක් පෙම්වතෙක් නැත්තම් ගෙදරින් හොයල දුන්නු කෙල්ලෙක් කොල්ලෙක් එක්ක විවාහ ජීවිතය පටන් ගන්නවා.

මෙන්න මේ වයස අවුරුදු 30 ට ලංවෙන කාලෙදි තමයි සමරිසි ලෙස ඉපදුනු කොල්ලන්ට කෙල්ලන්ට තමන් ගෙ ජීවිතය තවදුරටත් සමාජ යෙන් නිදහස් න​ෑ කියලා තේරෙන්න පටන් ගන්නෙ.


මේ වෙන කොට තමයි දකින දකින න​ෑයොයි යාළුවොයි office එකේ උනුයි ඉවරයක් නැතිව ප්‍රේමවන්තියො ගැන අහන්නයි, කසාදෙ ගැන අහන්නයි, මඟුල් යෝජනා ගේන්නයි පටන් ගන්නෙ.ඒත් එක්කම කොණ්ඩ ගස් එක දෙක ඉදෙන්නත්, ටික ටික කොණ්ඩෙ යන්නත්, ටික ටික බඩ එන්නත්, හැමෝටම ඒක පේන්නත් පටන් ගන්නෙ මේ කාලෙ ඉවර වෙනකොටම තමයි.


මෙච්චර කල් නොගැළපෙන කෙල්ලෙක් යාළු නොවුන එක ගැන සතුටු වෙවී හිටපු ගෙදර උදවියත් තනිකඩ කම ගැන දුක්වෙන්නත්, දරු මුණුබුරන්ට අසා වෙන්නත්, පරපුර ගෙනයාම ගැන හිතන්නත්, විවිධාකාර මංගල යෝජනා ගේන්නත් පටන් ගන්නෙ මේ කාලෙදි තමයි.

යාළුවන් ගේ wedding පෝලිමෙන් පස්සෙ තමන්ට වඩා බාල උන්ගෙ weddings වලට යන්න උනාම තමා මේ පීඩනය දෙගුණ වෙලා එන්නෙ.

තමන්ට පෙම්වතෙක් හිටියනම් ඌටත් මේ පීඩනයම අදාළ කාලෙදි උගේ පැත්තෙනුත් එන්න පටන් ගන්නවා.


මේක කියවන සමරිසි ඔබත් මේ තීරණාත්මක අවදිය පහු කරළා ඇති නැත්තම් පහු කරමින් ඇති නැත්තම් ඒ ගැන දැන්ම නොහිතුවත් ලඟදිම හරි පහුවට හරි මුහුණ දෙන්න සිදුවෙනවා ඇති.

ඉතින් ජීවිත ය ගැන තීරණයක් ගන්නම වෙනවා.විකල්ප කීපයක් තියෙනවා.එකෙන් එක ඇරන් බලමු.හැම එකේම හොඳ හා නරක පැති තියෙනවා.හොඳ නරක අඩු වැඩි වෙන එක තමා වෙනස​.


කොහොම උනත් හොඳට හිතල බලලා තමන්ට ඉන් එක තීරණයක් ගන්නම වෙනවා.හැබැයි තමන් ගෙ මුළු ජීවිත කාලෙම සතුට රැඳිලා තියෙන්නෙ ඔය ගන්න තීරණය මතයි.පස්සෙ තීරණය වෙනස් කරන්න පරක්කු වැඩි වෙන්න පුළුවන් හින්ද හොඳට හිතල බලන්නම වෙනවා.


1.) අකැමැති අනවශ්‍ය විවාහයකට ඇතුළත් නොවී ඉඳීම


පළවෙනි විකල්පය තමයි කව්‍ රු මොනව කිව්වත් තමන් තමන්ට අවංක වෙලා අහක ඉන්න කෙල්ලෙක් අමාරුවේ නොදා තමන් අකැමැති අනවශ්‍ය විවාහයකට ඇතුළත් නොවී ඉඳීම​.

මේක තමන්ට හොඳ පෙම්වතෙක් ඉන්නව නම් දෙන්නත් එක්ක හොඳට කතා කරල දෙන්නම එකට තීරණය කළොත් ලේසියි.ඕනෙ නම් සුදුසුකම් තියෙනවනම් දෙන්නට කතා කරගෙන පිට රටකට ගිහින් නිදහසේ කැමති විදියකට​ ඉන්නත් පුළුවන්.

හැබැයි සමරිසි අංශෙ හොඳ දිගුකාලීන පෙම්වත්තු ටිකක් අඩුයි.හැබැයි නැත්තෙමත් න​ෑ ඉතින්.

දියුණු බටහිර රටවල නම් හුඟක් සමරිසි අය ගන්නෙ මේ තීරණය​.උන්ට ඕනෙ නම් කසාද බඳින්නත් පුළුවන්නෙ.

හැබැයි ඉතින් මේ විකල්පයේ ප්‍රශ්න නැතුවා නෙවෙයි.
පවුලේ එකම පුතානම් පරපුරේ නම ගෙනියන්නත් අම්මා තාත්තා ආච්චි සීයා කෙනෙක් කරවන්න මුණුබුරෙක් හදන්නත් එපැයි.තමන්ට උවමනා නොවුනත් දෙමව්පියන්ට ඒක උවමනා වෙනවනෙ.
ඒ වගේම අද තියෙන පුංචි පවුල් එක්ක වයසක දෙමව්පි යො තනියම දාල රට යන්න බ​ෑනෙ.
ලංකාවෙ අවිවාහකව හිටියොත් හැමෝගෙන්ම ප්‍රශ්න කෝටියයි ඇයි බඳින්නෙ නැත්තෙ කියලා.කව්‍ රු මග​ෑරියත් කොහොම උනත් දෙමව්පියන්ට වත් ඒකට උත්තරයක් දෙන්න වෙනවා ඇයි මෙච්චර හොඳ මංගල යෝජනා ඇවිල්ලත් බඳින්නෙ නැත්තෙ කියලා.ඉතින් මොකක්ද කියන්න යන්නෙ?
ඊට පස්සෙ ඉතින් වටේ පිටේ ඉන්න ලංකාවෙ උදවිය ඉතින් ඔය ගැන එක එක කතා හදන්න පටන් ගන්නව වෙන වැඩක් නැති එකේ.

ඒ වගේම තමන්ටම කියාලා හොඳ පෙම්වතෙක් මේ සමරිසි අංශෙ ලැබෙන්නෙ කලාතුරකින්.ඒකට වාසනාවක් තිබ්බොත් විතරයි.එහෙම උනාම වයසට ගියාම දෙමව්පියො නැති වෙලා තනි උනාම කොහොමද ජීවිතේට මුහුණ දෙන්නෙ කියන ප්‍රශ්නෙ එනවා.
හරියටම මේ උපන් දිනය (http://forbiddendtree.blogspot.com/2011/12/k.html)
කෙටි කතාවෙ කියවෙනවා වගේ.(ඒක කතාව​ අනිවාර් යයෙන් කියවන්න​.කියවලා තනියම දිගටම ඉන්න හිතනවනම් ඒදේ තමන් ට නොවෙන්න නම් කරන්න ඕනෙ දේ දැන්ම ඉඳන්ම කර ගන්න​.)

ඔන්න ඔහොමයි පළවෙනි විකල්පෙ වාසි සහ අවාසි.

2.) ඕනෙ දෙයක් කියලා කෙල්ලෙක් බැඳ ගැනීම​.

දෙවෙනි විකල්පය තමයි ඕනෙ දෙයක් වෙච්චාවෙ කියලා කෙල්ලෙක් බැඳ ගැනීම​.
ඔන්න දැන් දෙමව්පියන්ට යි න​ෑයින්ට යි හරි සතුටුයි.
ටික කාලෙකින් ළමයෙක් හම් බ උනොත් හැමෝටම වඩාත් සතුටුයි. ලෝකෙටම පේන්න ලස්සන​ සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙනියනවා.දෙන්නත් එක්ක ජෝඩු දාලා මළ ගෙවල්,මගුල් ගෙවල්,දානෙ ගෙවල්, parties වලට යනවා.වයසට ගියාමත් ඉතින් ළමයෙක් හරි බලා ගනීවි නේ.


හැබැයි හිතලා බලන්න ඔක්කොම සතුටු උනාට තමන් අස තුටෙන් ද කියලා.
ඔයා ද්විලිංගිකයෙක්(Bisexual) නම් බිරිඳක් එක්ක විවාහ ජීවිතයක් ගෙනියන එක ප්‍රශ්නයක් න​ෑ.ඒත් ඔයා සම්පූර්ණ සමරිසියෙක්(Gay) නම් ලිංගික ආකර්ශනයක් ඇති නොවන කාන්තාවක් එක්ක ජීවිත කාලයටම විවාහ ජීවිතයක් ගෙවන්න පුළුවන් ද​?
එහෙමනම් ඇයත් එක්ක නිදා ගන්න හැමවිටම තමන්වම තමන් දූෂණයට ලක් කර ගන්නවා කියලා තමන්ටම හිතෙයි.ඕනෙනම් ඉතින් විදේශ රැකියාවකට වගේ ගිහින් පොඩ්ඩක් නිදහස් වෙන්න පුළුවන්.එතකොට එයත් එක්ක ඉන්න වෙන්නෙ ලංකාවට එන ටික කාලෙදි විතරනෙ.
ලංකාවෙ කාන්තාවන් ප්‍රසිද්ධියේ ලිංගික අවශ්‍යතා වැඩිපුර කතා නොකරන බව ඇත්ත.ඒත් ඇගේ තරුණ කාලයේදීවත් ඇගේ ලිංගික අවශ්‍යතා ඔබට සපුරා ලන්න වෙනවා.නැත්තං ඒක ඇයට කරන අසාධාරණයක් වගේම සමහර විට ඇය ඒ උදෙසාම වෙන පිරිමියෙකුට ලං වෙන්නත් බැරි න​ෑ.


ඒ ඇගේ.එතකොට ඔබේ ලිංගික අවශ්‍යතා.ඔබ සතුටු වෙන්නෙ පිරිමියෙක්ගෙන් විතර යි නම් ඔබ පවුලට හොරෙන් කොල්ලො හොය හොයා යනවද​?
එහෙම ගිහින් පවුලට අහු උනොත් මොනවා වෙයිද​?ජීවිත කාලෙදි උන ලොකුම ලැජ්ජාව විඳලා ප්‍රසිද්ධියේ දික්කසාද වෙන්න වෙයි.
හරියටම මේ ආදරණීය නිමාලි වෙතටයි කතාවෙ වගේ.
(http://forbiddendtree.blogspot.com/2011/12/blog-post.html)
(ඒ කතාව​ අනිවාර් යයෙන් කියවන්න​.කියවලා කෙල්ලෙක් කසාද බඳින්න හිතනව නම් ඒදේ තමන් ට නොවෙයිද කියලා හිතල බලන්න​​.)

3.)ලැවෙන්ඩර් විවාහ

තුන්වෙනි විකල්පය තමයි නාමික ලැවෙන්ඩර් විවාහ(Lavender Marriages).ඒ කියන්නෙ සමරිසි කොල්ලෙක් සමරිසි කෙල්ලෙක් බඳිනවා.බැඳලා දෙන්නා තම තමන් ගෙ වැඩ ටික කරගෙන නිදහසේ යාළුවො වගේ ජීවත් වෙනවා.දෙන්නට කතා බහ කරල කැමති නම් ළමයි හදන්නත් පුළුවන්.අද ෛවද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක දෙන්නට කායික සම්බන්ධතාවයක් නැතුව උනත් ළමයි හදන්න පුළුවන්නේ.(Queer as Folks කතාවේ gay කොල්ලෙකුයි lesbian කෙල්ලෙකුයි එකතු වෙලා ළමයි හැදුවා මතකද​?)
මේ ලැවෙන්ඩර් විවාහ තමයි බටහිර රටවල සමරිසි බව නීති ගත වෙන්න කළින් හුඟක් ප්‍රසිද්ධ සල්ලිකාර සමරිසින් භාවිතා කළේ.මේ ලැවෙන්ඩර් විවාහ(Lavender Marriages) කියන නමත් ඒ කාලෙයි පාවිච්චියට ආවෙ.(Google කරල බලන්න​.)
කෙල්ලෙක් කසාද බැඳලා හින්දා කව්රුවත් ප්‍රශ්න අහන්නවත් බලෙන් බන්දන්නවත් කතා හදන්න වත් එන්නෙ නෑ.දෙන්නම දෙන්න ගැන දන්න හින් ද අකැමැත්තෙන් ලිංගිකව එක්වෙන්නවත් බොරු රඟ ප​ෑම් කරන්නවත් ඕනෙ වෙන්නෙ නෑ.දෙන්නටම අවශ්‍ය දේවල් කර ගන්න කතා බහ කරල නිදහස තියෙනවා.
(රනිල් ගෙයි ඔහුගේ බිරිඳ ෛමත්‍රී ගෙයි විවාහය මේ වගේ එකක් කියලා සමහරු කියනවා.)


හැබැයි ඉතින් මේකෙ ප්‍රශ්නෙ තමයි සමරිසි කෙල්ලෙක් හොයා ගැනීම​.
විද්‍යාත්මක සමීක්‍ෂණ වලට අනුව නම් සමරිසි කොල්ලො ගානට ලං වෙන්න සමරිසි කෙල්ලොත් ඉන්න ඕනෙ.
ඒත් ලංකාවෙ සමරිසි කෙල්ලො සමරිසි කොල්ලො වගේ internet එකේ වත් FB එකේ වත් වැඩිපුර එළියට එන්නෙ න​ෑ.(සමහර විට ඒ straight කොල්ලන් ගෙන් බේරෙන්න බැරි හින් ද වෙන්න ඇති.)
කොහොමත් කෙල්ලො වැඩිය කොල්ලො තරම් sex හොය හොයා යන්නෙ න​ෑනෙ.ඒ වගේම​ සමරිසි කෙල්ලොත් හුඟක් වෙලාවට තමන් ගෙ partner කෙල්ලත් එක්ක පැත්තකට වෙලා ඉන්නවළු.
ඉතින් ඒ හින් ද සමරිසි කෙල්ලෙක් බඳින්න හොයා ගන්න ලේසි වෙන එකක් න​ෑ.
කව්රු හරි හම්බ උනත් සාම්ප්‍රදායික ජාති ,ආගම්,කුල මල වගේ සාම්ප්‍රදායික​ විවාහ ප්‍රශ්නත් ගෙවල් වලින් එන්න පුළුවන්.
ඒ වගේම ලිංගිකව නොඋනත් හැමදාම එකට ඉන්න වෙන හින් ද යාළුවෙක් වගේ fit කෙනෙක් වෙන්නත් ඕනෙ.

ඔන්න ඔහොමයි තත්වය​.
ඔය විකල්ප තුනෙන් තමන්ට ගැළපෙන්නෙ මොකක්ද කියල තීරණය කරන්න වෙන්නෙ තමන්ටමයි.ඒක එක එක්කෙනා තමන් ගෙ ජීවිතේ වඩා අගය කරන්නෙ මොකක්ද කියන එක මත තීරණය වෙනවා.
මේ කාරණය සමරිසි හැමෝටම කවදහරි මූන දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය​.
ඒක හින් ද හැමෝම තම තමන් ගෙ අදහස් අත්දැකීම් දක්වන්න​.
ඒක අපි වගේම තවත් කෙනෙකුගේ ජීවිතය ලස්සනට ගොඩ නගා ගන්න උදව් වෙයි.

සන්තුෂ් Santush

Original Link
[You must be registered and logged in to see this link.]


විවාහය කියන දේ ගැන ඔයාලගේ අදහස මොකක්ද​?
ඒකට හරි උත්තරයක් කාට වත්ම නැති වෙන්න පුළුවන්.ඒත් ඒ ගැන අපේ අදහස් හුවමාරු කර ගන්න එක හැමෝටම වැදගත් වෙයි.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum