Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4128 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10680
Member Since : 2013-08-11

මතකද නුඹට Empty මතකද නුඹට

2015-05-27, 7:45 pm
Message reputation : 100% (2 votes)
මතකද නුඹට
නුවර හංදියේ මැද
පෙට්ටි සිල්ලර කඩය 
වඩේ සහ ප්ලේන්ටිය 
එකට කෑ බිව්ව හැටි 
ඉඳහිටක තවම හිත 
සුරනවා විටින් විට 
මල් වැහි වහින 
මන්දාරමේ 
රොබරෝසියා ගහට 
මුවා වී 
මතකද සෙවූ හැටි 
දඟකරන නුඹේ රුව 
මගේ දෙනෙත් තුළ 
අකුණු බිඳෙනා හඬට 
ගැස්සුනත් හදවතම 
බියක් තනියක් දැනුණේ නෑ 
මට නුඹේ සෙවණ යට 
උරතලේ එල්ලිලා 
පිය නැගූ අතීතයේ 
මං ලකුණු තවම ඇත 
මුළු නුවර දනී එය 
හිස් පසුම්බිය රැගෙන 
පෙන්වලා හොරෙන් මට 
සිනා සෙමින් හෙමින් 
ඇවිද ගිය මතක තව 
කිති කවමින් 
පියඹනවා හිත ඇතුළේ 
පුංචි ලිහිනියක් ලෙසින්

අතරමගදි මුණ ගැසුණු 
තුං මං හන්දියෙන් 
අපි අපිට මඟහැරුණු
අතීතයේ වේදනා 
කැටි ගැසී මිදී ඇත 
ඉඳහිටක පිපි 
සැණෙකින් පරව යයි 
නුඹේ මගේ 
සුවඳ පිරී 
සොඳුරු අතීතය
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12172
Member Since : 2013-07-29

මතකද නුඹට Empty Re: මතකද නුඹට

2015-05-28, 12:20 pm
ela ela kaalekata passe meye ewith inne 

mathakai mata mathakai mata
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum