Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
KosalaPriyanjana
KosalaPriyanjana
Regular Member
Country : Sri Lanka
Posts : 69
GetReal Gold : 7422
Member Since : 2014-10-20

සිතුවිලි Empty සිතුවිලි

2015-11-29, 7:54 pm
Message reputation : 100% (4 votes)
කෙල්ලෙක් විදිහට මං ගොඩක් සතුටු උණේ එදා. මට මහා දෙයක් නොලැබුණත් ඒ චූටි දේට මං ගොඩක් ආස උණා. එයා මං හිතුවෙවත් නැති විදිහට මගේ තොල් වලට බර උණා. එයාගේ ඇස් වල තිබුණෙ පොඩි ළමයෙක් අම්මට හොරෙන් කුස්සියෙ සීනි බෝතලෙන් සීනි හැන්දක් කනකොට වගේ අමුතු බැල්මක්. මං ඒකට ආස කළා. ආදරේ කලා. එයා කොහොමත් වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි. ඒත් එයාගෙ ඇස් මට දාහක් දේවල් කිව්ව. ඒ කිව්ව ඒවගෙ තිබුණෙ ආදරේ විතරයි. එයා හෙමින් ඇස් පියාගත්තේ ඒ සුන්දර හැඟීම තවත් රසට විඳින්න කියල මං දන්නව. මං එයාව තුරුල්කරගත්තේ වෙන කාටවත් එයාව අයිති කරගන්න දෙන්නෙ නෑ කියන දේ වචන වලට හරවන්න තරම් හයියක් නැති නිසා. මම හිතන දේ තේරුම් ගත්ත වගේ එයා මාව එයාගෙ පපුවට තුරුලු කරගත්ත. එයාගෙ හදවත ගැහෙනව මට ඇහුනා. ඒක හරියට සින්දුවක් වගේ. එකම තාලෙකට ඇහුණ. ඒ සින්දුව අපේ ආදරේ ගැන නේද කියල මට එයාගේ පපුවට තුරුල් වෙන හැම වෙලේම හිතෙනව. ඔව්. එහෙම තමයි කියල මම දන්නව. පපුවට ඔලුව තියාගනම මං එයාගෙ පපුවෙ රෝම අතරෙන් හෙමින් ඇඟිලි වලින් පිරිමැද්ද. එයා මගෙ විතරමයි. මම එහෙම හිතුවා. ඒක හැමදාටම එහෙමයි. මං ඒ ලස්සන ඇස් දිහා බැලුවා. එයා හිනා වෙල ඇස් වහගත්තෙ හරියට මගේ ආදරේ එයාට දරගන්න බැරි තරම් විශාලයි කියන්න වගේ. එයා තවත් මාව තුරුලු කරගන හිටිය. ආයෙත් පාරක් මගෙ මූණට එබිල මගෙ තොල් දෙක ආදරෙන් තෙමුව. මට එයාගෙ හදවත කතා කරනව ඇහුනා. 'මේ ලෝකෙ වටිනම වස්තුව ඔයයි...' එයාගෙ හදවත මට කිව්ව. 'මගෙත් මුලු ජීවිතේම ඔයයි' මගෙ හදවත කෑගැහුව.

*****

ජීවිතයේ තවත් කරුමක්කාර මොහොතකට මම මුල පිරුවෙමි. මම හැඟීමකින් තොරව ඇගේ දෙතොල් උඩින් පාත් උණෙමි. පිරිමි දෙතොල් දහසකුත් එකක් අතුරින් ඇගේ සියුමැලි දෙතොල මට අප්‍රසන්න හිරිකිතක් මැවුවා විනා ඉන් එහා යමක් මම නොලදිමි. හිතේ උපන් හිරිකිත ඇස් වලින් එළි බහීදෝ බියෙන් මම දෙනෙත් පියාගතිමි. ඇය මගේ බඳ වටා දෑත යවා මා බදාගත්තාය. මම මගේ දෙතොල් ඇගේ ග්‍රහනයෙන් මුදවාගෙන ඇගේ හිස පපුවට තද කරගතිමි. මම සැනසුම් සුසුමක් හෙලුයෙමි.

ඇගේ එක අතක ඇඟිලිතුඩු මගේ පපුතුර සියුම්ව ඇදීයේ. එයින් මම පිළිකුලක් විනා උත්තේජනයක් නොලදිමි. ඇගේ හුස්ම සෙමෙන් මගේ පපුවේ රෝම කූපයන් අතරින් සෙමින් සැරිසරයි. මම ඇගේ ග්‍රහනයට ගිරයට අසු වූවාක් මෙන් සිරව සිටියෙමි. ඈ මා දෙස බැලුවාය. ඒ දෙනෙත් රාගයෙන් බරවී තිබුණා යැයි කිව හැක. එය මට තවත් පිළිකුලක් දනවයි. ඇයට සියුම් සිනහවක් දක්වා යලි ඇය පපුවට තද කර ගතිමි. ඇය අතැර පලා යාමට තරම් වුවත්, හැඟීම් විරහිත මේ ලෝකය තුල මා හට පලාගොස් සැඟවීමට ඉඩක් නැතිය. මම සුසුමක් හෙලූයෙමි. ඇය යලි මා දෙස බැලුවාය. ඒ බැල්මේ තවමත් රාගය මුසුව තිබිණ. මම දෙනෙත් පියාගතිමි. හැඟීමකින් තොරව ඇගේ දෙතොල් මත දෙතොල් තැබීමි. මහත් සංයමයෙන් ඒ වේදනාකාරී කටුක සන්තර්පනය සිත්සේ විඳෙව්වෙමි. 'ජීවිතය නම් කිමැ යි' මා මගෙන්ම ඇසූ කල 'ඒ නම් දුක මැ පමණි' යි හිත ඇතුලේ කෙනෙක් පැවසනු මට ලාවට කණ වැකුණි.

නිමි
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

සිතුවිලි Empty Re: සිතුවිලි

2015-11-30, 6:45 am
Message reputation : 100% (1 vote)
wooow kollo samalingiyan godak denekuta meka thama anthimata wenne
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

සිතුවිලි Empty Re: සිතුවිලි

2016-01-05, 11:18 am
Message reputation : 100% (1 vote)
නියමයි සහෝ ! සරලයි ! එත් ගැඹුරුයි සිතුවිලි !
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

සිතුවිලි Empty Re: සිතුවිලි

2016-06-26, 10:14 am
Message reputation : 100% (2 votes)
කිසිම දවසක මේ තත්වෙට වැටෙන්න එපා.
දැන දැනම විවාහ වෙලා,
තමන්ගේ, බිරිඳගේ ජීවිතේ සතුට විනාස කරගන්න කරන්න එපා.
ඒවගේම පවුල් වල ජීවිත.

සමාජෙට බයේ ජිවිත ගානක් විනාස කරන්නෙ නැතුව පිරිමියෙක් වගේ යතාර්ථයට මූන දෙන්න.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

සිතුවිලි Empty Re: සිතුවිලි

2016-06-28, 5:13 am
සහන් wrote:කිසිම දවසක මේ තත්වෙට වැටෙන්න එපා.
දැන දැනම විවාහ වෙලා,
තමන්ගේ, බිරිඳගේ ජීවිතේ සතුට විනාස කරගන්න කරන්න එපා.
ඒවගේම පවුල් වල ජීවිත.

සමාජෙට බයේ ජිවිත ගානක් විනාස කරන්නෙ නැතුව පිරිමියෙක් වගේ යතාර්ථයට මූන දෙන්න.

eth sahan, lankawe api hungak denekta me de thama karanna siduwenne. anith ayage bala kirimata, hith sanasanna, samajeta muhuna denna me widihe acting karanna wenawa. europe wala wage ewain penala yanna ape kiyen kidenatada puluwan wenne.
Sponsored content

සිතුවිලි Empty Re: සිතුවිලි

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum