Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11

පැතුම Empty පැතුම

2016-03-19, 8:04 pm
Message reputation : 100% (2 votes)
බිදෙන සිතුවිලි අතර 
නුබ සඳක් වී ඉන්න 
ගලන කදුලක් අතර 
නොවැටීම ලග ඉන්න

මුමුණනා දෙතොල මත
සුසුමන්ව නොරැදෙන්න 
හැමදාම කවක් වී 
හිතත් හදලා යන්න

දුර හිදන් කොහේ හො
නුබේ සුවද මට දෙන්න
පවනක්ව නැවතිලා
දුක තුනී කර දෙන්න

සිහින මාලිගා තනා 
එපා සඳ දුර යන්න 
සදාකල් මගේ ලොවට 
පුර සදක් සේ ඉන්න...
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8026
Member Since : 2013-09-26

පැතුම Empty Re: පැතුම

2016-03-20, 4:32 pm
Message reputation : 100% (4 votes)
සුසුමන් නෑගෙන විට සුලඟට කියන්න
දුකක් පෑමිනි විට සුලඟට කියන්න  
විඳි දුක් හමාරයි කියලා සිතන්න
සතුටින් සිනා සී පුරසඳ බලන්න

හමනා සුලඟ මට ඔබ ගෑන පවසාවී
සුව දුක් කෙසේ දෑයි මා හට පවසාවී
ඒ දේ නිති පතා නිතරම සිදු වේවි
ඔබගෙත් මගෙත් මෙ මිත්දම බෑබලේවී

නොදුටු සබඳ මිතුදම් හඳුනා ගත්ත
ඔබ මගෙ හදේ සින්නක්කර ලෑගගත්ත
වීරිය කරමි ඔබෙ  ඔය සිත සනසන්න
සහතික කරමි සෑමදා මේ ලෙස ඉන්න............
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11

පැතුම Empty Re: පැතුම

2016-03-20, 8:47 pm
Message reputation : 100% (3 votes)
සුසුමන් නැගෙන විට සුළඟට කියන්නට
දුකක් පැමිණි විට සුළඟට කියන්නට
විඳි දුක් හමාරයි කියලා කියන්නට
කවුරුත් නෑනෙ මගෙ තනි රකින්නට

හමනා සුළඟ නුඹ හට කිම පැවසූවත්
දුක මිස සුවක් දැනුණේ නෑ කවදාවත්
බලමින් සිටින්නේ ඔහු එන මග හැමදාමත්
සුසුමක් මිසක් නැත මදහස කවදාවත්

නොදු‍ටු සබඳ ඇති කරගත් සොයුරු පෙම
ආසයි ඉන්න හැමදාමත් මේ ලෙසම
සින්නක්කරම ලද නුඹෙ මේ මිතුරු කම
මට ඉඩ නැතිද තව අඩියක් තියන්නම....
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8026
Member Since : 2013-09-26

පැතුම Empty Re: පැතුම

2016-03-24, 5:38 pm
Message reputation : 100% (4 votes)
නිසන්සලයි තුරුලිය පිරි වන මෑද්ද
  ගනඳුර ගලා ඈවිදින් ඈත හෑම පෑත්ත
    සඳ නෑග ඈවිත් සිඳලා වන ඝන අඳුර 
       පුන්චි දොල පාර පිරිලා සඳ වතුර


           පාලු සිතට තනිකම නෑ හද පිරිලා

              සඳ දිය ගලන නාදෙට මා සම වෑදිලා
                 සුන්දර දසුන් මා සිත තුල ඈත මෑවිලා
                    සුදු ඔය මූන මෑවෙනව මගෙ හද සනසවලා 


                        සීතල සුලඟ හමනව සිලි සිලි ගලා
                           තුරුල් වෙන්න හිතෙනව ඔය උනුහුම හොයලා
                               මේ ගල් තලාවෙ අද නම් මා තනි වීලා
                                   ඉන්නව මග බලා දවසක මා බලන්න එයි කියල
Sponsored content

පැතුම Empty Re: පැතුම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum