Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11

කෙදිනක හෝ නැවතත් එන්නම් Empty කෙදිනක හෝ නැවතත් එන්නම්

2016-06-18, 10:39 pm
සිහිනෙන් ආවේ
පෙර සේ නුඹමයි
කිසි වෙනසක් නෑ
හැර යන්නට 
කලියෙන් වාගේ

පොළවට පස් වී
ගෙවුනත් සය වසක්
නුඹ නික්මී
තාමත් සුවඳයි
පෙර සේ නුඹෙ මතකේ

පංසල ගාවින්
ඉරිදට යද්දී
තාමත් මතකෙට 
එන්නේ ඔය රුවනේ
වෙනදා වාගේ
තාමත් ඉන්නේ
හිනැහී මා එනතුරු
වැවු කණ්ඩිය අයිනේ

ඉස්සර වාගේ
කථාව නෑනේ
මුව ගොළු වී 
ඇස් පමණක් දිලිසෙන්නේ

වෙනදා වාගේ
අත් පටලනු බෑනේ
ඔබෙ රුව පමණයි 
මා හා හිනහෙන්නේ
නුඹ හා හිනැහී
යන්නම් ගමනේ

කෙදිනක හෝ
නැවතත් එන්නම්
නුඹ සමගින්
අත් පටලා
කෙළවරටම සංසාරේ...
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

කෙදිනක හෝ නැවතත් එන්නම් Empty Re: කෙදිනක හෝ නැවතත් එන්නම්

2016-06-19, 12:51 pm
Message reputation : 100% (1 vote)
ඉස්සර වගේ
තාමත් . . .
හිතැරැදුනු නුඹේ රුව
හැමදාම. . .
සොයන හිත

පිලිගන්නෙ නෑ
තාමත් . . .
නෙත රැදෙන්නැති බව
ඉස්සරවාගේම. . .
ඇස් ඉද්දර
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum