Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

+12
Malintha
owen fernando
Siyapath
Sanketh
nuran
azores
eboys
kasunx
kumaratarat
Esala
සහන්
භානුක
16 posters
Go down
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9061
Member Since : 2013-05-05

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty තනිකම තනියට....

2013-05-12, 11:45 pm
Message reputation : 100% (9 votes)
වසන්තයේ දඟ කරනා
මල් සුවඳක් වත් නොදැනී
මල් පිරිච්ච වන වදුලක
මං කොච්චර තනි වෙලා ද..

අනෝරාවෙ මහ වැස්සේ
එක දිය බිඳුවක් නොලැබී
තෙතක් නොමැති මරු කතරක
මං කොච්චර තනි වෙලා ද..

සතු‍ටු සිනා නාද නගා
දෙනෝදහක් හිනැහෙද්දී
අනන්ත වූ මහ පොළවේ
මං කොච්චර තනි වෙලා ද..

ගහ කොළ මල් දිය සපිරුණු
මගෙ ලෝකය නුඹ වෙද්දී
නුඹ වෙන්වී ගිය ලෝකෙක
මං කොච්චර තනි වෙලා ද..
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9061
Member Since : 2013-05-05

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty සඳ නුඹ ද? නුඹ සඳ ද?

2013-05-24, 11:33 am
Message reputation : 100% (4 votes)
මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... 2Q==

නබෝ ගැබ තරු සිදුරු අවුරා
‍රැයේ බියකරු අඳුර දුරු කොට
සිහිල් සොමිකැන් දියත සතපන
සඳත් හරියට නුඹ වගෙයි...

තනිය රජයන මසිත් අහසේ
පැතුම් තරු මල් රටා අතුරා
හිත පුරා මුදු එළිය පතුරන
නුඹත් හරියට සඳ වගෙයි...
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-05-24, 11:56 am
Message reputation : 100% (4 votes)
නුබකුස පුරහඳ හිනැහෙනු වාගේ
අමවකට ආ රන්සඳ වගේ
හිත සරසා යලි හිනැහෙන මාගේ
නුඹත් හරියට සඳ වගේ. . .
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9061
Member Since : 2013-05-05

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-05-24, 12:12 pm
Message reputation : 100% (3 votes)
නිශාවේ රන් තාරුකා ළඟ
අඳුරු සීතල තනිය දුරලන
බිළිඳු සිත් පොඩි නිවා සනහන
සඳත් හරියට නුඹ වගෙයි...
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9061
Member Since : 2013-05-05

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty වරද මගෙ ආදරය නම්..

2013-05-25, 10:30 pm
Message reputation : 100% (5 votes)
මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... 2Q==

එදා මතකයෙ
සිහින සිතුවිලි මගේ
හිත රිද්දන
තරම්..

නැගුන හස‍රැලි
විසිර පාවී කඳුළු
බර වැඩි වන
තරම්..

දෛවයත් කිම
මට ම සරදම්
දුක ම දීලා
හෙමි හෙමින්..

මං ඔබට
ආදරේ තරමට
වේදනා ඇයි
මේ තරම්..

සමා වුව මැන
මගේ හිතවත
වරද මගෙ
ආදරය නම්..

යළි නොයෙන්න ම
දුරක යන්නම්
ආදරෙයි මං
ඒ තරම්...

Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9550
Member Since : 2013-03-28

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-05-25, 10:32 pm
Message reputation : 100% (1 vote)
ලස්සනයි ගොඩාක්
Anonymous
Guest
Guest

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-05-25, 10:39 pm
wow niyamai mara lasanai machooo.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-05-26, 2:07 am
Message reputation : 100% (1 vote)
ලස්සනයි භානුක
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9061
Member Since : 2013-05-05

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty මට ම විතරයි.. මගෙ ම විතරයි..

2013-05-31, 10:27 pm
Message reputation : 100% (8 votes)
මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Images?q=tbn:ANd9GcRI1NN8A0YR0u_SxCG32ZjweTSRB2UBQ6v5zQ0Cw2P4OqPr2Cvq

නුඹ අහස වාගෙමයි
කියන්නට මා කැමති නෑ
සැරින් සැරයට වෙනස්වන
ඒ අහස් ගතියට ආස නෑ...

මගේ ලෝකෙට පායනා හඳ
නුඹ කියන්නට කැමති නෑ
නුඹේ සෙනෙහස ලොවේ හැමටම
බෙදනවට මම ආස නෑ...

මගේ ලෝකෙට සිසිල දුන්නට
නුඹ වැස්ස මට කියනු බෑ
වහින විටදී වැස්ස ගෙනෙනා
අඳුරු ගතියට ආස නෑ...

ලොවේ ඇති යම් කිසිම දෙයකට
මට ඔබව සම කරනු බෑ
මටම විතරයි මගෙම විතරයි
අනේ මට ඔබ නැතුව බෑ...


kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9087
Member Since : 2013-01-27

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-08-06, 12:44 pm
Message reputation : 100% (2 votes)
ohhhhhhhhhhhhhhhhhhh.....marai ne  ban ....hiks.....athtama  aththa  neda  .....thamnge  handa  hamotama  eliya  denawata  kawda  kamathi  ..hiks ...:D
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9087
Member Since : 2013-01-27

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-08-06, 12:47 pm
Message reputation : 100% (1 vote)
godak  lassanai  machn .....:D
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9087
Member Since : 2013-01-27

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-08-06, 12:54 pm
ohhhhhhhhhhhhhhh...bilidu  sitha  niwana  handak  nem  ban dan one  yowun  sith  niwana  eakak ..hiks ....:D
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9061
Member Since : 2013-05-05

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...

2013-10-22, 9:02 pm
Message reputation : 100% (7 votes)
මම එදාත් සුපුරුදු විදිහට ලෙක්චර්ස් ඉවරවෙලා බම්බලපිටිය පැත්තට ඇවිදගෙන ගියා. රජ බොජුන් එක පහු කරගෙන යනකොට ඉබේටම ඒ පැත්ත බැලුනේ ඔයා ඉඳියි කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඉස්සර අපි දෙන්නා කාටවත් නොපෙනී පැය ගාණක් කතා කරන්න ඕනේ වුනාම එන තැන නිසා පුරුද්දට වගේ බැලුණා. ඒත් හිතපු නැති විදිහට ඔයා මගේ ඉස්සරහා හිටගෙන. ඔයාත් මාව දැක්කා කියලා මම දැක්කා. හිනා වෙන්නද නැත්නම් අහක බලාගෙන යන්නද කියලා මට තේරුනේ නැ. මම එතන එහෙම්ම ම ගල් වුණා වගේ බලන් හිටියා. ඒත් ඔයාට එහා පැත්තෙන් තවත් කෙනෙක් ඉන්නවා කියල දැක්කාම මම නතර නොවුණා නම් කියලා හිතුනා.

ලා කහ පාට ඉරි වැටුණු අත් දිග කමිසේ වැලමිට ගාවට නමලා.. කලිසමට උඩින් දාලා.. මතකද ඔය කමිසේ ගන්න ගිය වෙලේ හරියන එකක් වත් හොයාගන්න බැරි වුනාම අපි වෙන කඩේකට යන්න හදද්දිම තමා මගේ අත වැදිලා රැක් එකක තිබුනු කමිස ඔක්කෝම ටික පෙරළුනේ.. ඒ කමිස එකින් එක අහුලන කොට තමා ඔය කමිසේ ඔයා අතට අරන් මේක හොඳයි නේ කියලා මගෙන් ඇහුව්වේ.. අපෝ.. එදා නම් මම කමිසේ හොඳ ද නරකද කියන්න නෙවේයි ඒක කමිසයක්ද නැද්ද කියලා වත් කියන්න බැරි තරමට බය වෙලා හිටියේ.. වට්ටපු කමිස ඔක්කෝම අපිට ගන්න වෙයි කියලා.. කොහොම වුනත් එදා ඔයා කමිසෙත් අරන් එළියට අවේ සුදු හැමදේම වෙන්නේ හොඳට නේ කියාගෙන.. හැමදේම වෙන්නේ හොඳට නම් අද ඔයා මාත් එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක ඉන්නේත් හොඳටද විදූශ අයියේ?

ඔයා මාව දැක්ක නොදැක්ක ගාණට කාර් එකට නැග්ගා. ආහ්.. ඔයා දැන් කාර් එකකුත් අරන්නේ.. නැත්නම් ඕකත් දෑවැද්දට හම්බු වෙච්ච එකක්ද? අනේ කමක් නැ.. ඔයා සතුටින් වෙන්නැති නේ..
__________________________________________________ __
බීප්..බීප්... බීප්..බීප්..
one message received.
Vidhusha


මේ මොකද මේ වෙන්න යන්නේ? විදූශගෙන් මැසෙජ් එකක්.. මට පුදුමත් හිතුනා ඒක දැක්කාම. අද මූණටම හම්බු වෙලත් මාව දැක්කේ නැ වගේ කාර් එකට නැගලා ගිය මනුස්සයාගෙන් මැසෙජ් එකක්? කියන්න දෙයක් තිබුනා නම් කටින් කියන්න තිබුනානේ...

"සුදූ.. ඔයාට කොහොමද? ඔයා මාත් එක්ක තරහින්ද? අද මම ඔයාව දැක්කා. ඒත් ඒ වෙලේ කතා කරන්න ගියා නම් නතාශාටත් ඔයාව introduce කරන්න වෙනවා. එහෙම වුනා නම් එයාට ඕනෙ වෙනවා ඔයාවත් අපි එක්ක කාර් එකේ දාගෙන යන්න. ඒ එයාගෙ හැටි. මගේ යාලුවෝ එයාගෙත් යාලුවෝ කියල තමා එයා කියන්නේ. එහෙම වුනානම් ඔයාටත් අමාරුයි නේ.. ඒකයි මම කතා නොකර ගියේ.. මාත් එක්ක තරහ වෙන්න එපා සුදූ.. මම අසරණයි. take care. බුදු සරණයි.."

ඔයාගේ යාළුවෝ? මට එහෙම අහලා මැසේජ් එකක් යවන්න හිතුනත් බැඳපු ඔයාගේ ජීවිතේට දැන් මම පරණ යාළුවෙක් විතරයි කියන එක මට පිළිගන්න වෙනවා. කමක් නැ විදූශ මම තරහා නැ. ඔයා මාත් එක්ක කතා නොකර ගියපු එකටවත්, මාව දාලා ගිය එකටවත්, මට දීපු පොරොන්දු කවදාවත් ඉටු නොකරපු එකටවත් මම තරහා නැ. ඒත් ඔයා අසරණ වෙලා නැ විදූශ.. ඔයා නෙමෙයි මමයි අසරණ. ඔයාව අමතක කරන්න බැරුව දුක් විඳින මමයි අසරණ.

අහම්බෙන් මුණගැහුනු අපි අපේ ජිවිත බෙදාගන්න තරම් ලංවුනේ කොහොමද කියන එක මට අදටත් හීනයක්.. කවදාවත් කොල්ලෙක්ට ආදරේ කරන්න තියා කොල්ලෙක් දිහා වෙනස් විදියකින් නොබලපු මම ඔයාට ආදරේ කරන්න ගත්තෙ පිස්සුවෙන් වගේ. ඒ දවස් වල මේ පිස්සා කරපු අනන්තවත් පිස්සු වැඩ වලට කේන්ති නොගෙන "මං ඔයාට ආදරෙයි මගෙ සුද්දෝ..." කියල මගෙන් හාද්දක් උදුරගෙන මහ සද්දෙන් හිනාවුනේ ඔයා. ඉස්සර මං ඔය ලස්සන ඇස් දිහා බලාගෙන ඉන්න කොච්චර නම් ආස කළාද..? කවදාවත් මගේ ඇස් මග ඇරලා කතාකරන්න මං ඔයාට ඉඩදීල නෑ.. ඒත් එදා මගේ ඇස් දෙකට ඔය ලස්සන ඇස් එකම එක පාරක්වත් අල්ලගන්න ඔයා මට ඉඩක් දුන්නෙ නෑ... කිරියි පැණියි වගේ උන්නු අපි දෙන්නට මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියල අපේ යාළුවො අහද්දී ඒකට දෙන්න උත්තරයක් ඔයා මට කියල දීල ගියෙත් නෑ විදූශ අයියේ...

"සුදූ මට අපේ අම්මලට පිටින් යන්න බැ.. මට නතාශාව බඳින්න වෙනවා. මට සමාවෙන්න. මම ඔයාට හැමදාම ආදරෙයි සුදූ..ඒත් අම්මලා ඉල්ලන එකම දේ නොදී ඉන්න මට බැ සුදූ.."

එතකොට මගේ අම්මලා මගෙන් බලාපොරොත්තු වෙන දේවල්? ඒවා ගැන ඔයාට ගාණක් නැද්ද විදූශ?

ඔයා දැන් රින්ග් කට් දුන්නට ඔයා එවපු මැසෙජ් එකට එවන්න රිප්ලයි එකක් මා ලඟ නැ. ඒත් ආයෙත් ඔයාව දැක්කොත් එදාටත් මම ගල් ගැහිලා නතර වෙලා බලගෙන ඉඳියි. කියන්න දේවල් කොච්චර තිබුණත් ඒ හැමදේකින් ම වෙන්නේ ආයේ ආයේත් තුවාල පෑරෙන එක.. ඒ නිසාම ඔයා කතා නොකර යන එක හොඳයි විදූශ.

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹ පෙනී
නැවති බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී



ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා



සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි....


Last edited by භානුක on 2013-11-08, 10:35 pm; edited 1 time in total
Anonymous
Guest
Guest

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re:මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...

2013-10-22, 9:39 pm
pride pride
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12469
Member Since : 2013-05-31

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-10-22, 10:44 pm
මොනවගේ දෙයක් කියන්නද කියල හිතා ගන්න බැ .........................මල්ලි මේක ඔයාගේ සත්‍ය අත්දැකීමක්ද ?
Sponsored content

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum