Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8585
Member Since : 2014-02-16

අසම්මතයේ කවි සිත්තම​... Empty අසම්මතයේ කවි සිත්තම​...

2014-04-18, 12:21 pm
Message reputation : 100% (4 votes)
කුසුම් නොපතන බඹර යුවලට...
තෙරක් නොපෙනෙන නිල් අහස යට...
ඉගිළ යන්නට තැනක් නොමැතිව...
බලා ඉන්නේ කදුළු ගං තෙර...
 
යුග පියාපත් හකුළුවා ගෙන...
තැවුල් සගවා පෙම් සිතුම් යට...
තුඩින් තුඩ ගෙන ලොවට රහසින...
සිනහ කඳුලක් නඟත් නෙතු අග...
 
කුසුම් යායේ බමන බඹරුන්...
අසම්මතයට නඟන ගැරහුම්...
යදම් වී ඒ බඹර පා යුග...
බැඳ දමා ඇත රුදුරු පොළවට...
 
නමුත් පෙම් සිත් යදම් ලන්නට...
නොහැකි බව උන් නොදන්නේ වෙද...
දෙහද බැඳී පෙම උතුම් වන බව...
නොපිළිගන්නේ කිමද උන් අද... 
 
පියා විදහා ඉගිළ යන්නට...
හැකි දිනක් මතු පැමිණෙනා බව...
පතා ඒ පෙම්වත් බිඟුන් යුග...
පෙමින් සැනසෙත් රහස් කුටියක...
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

අසම්මතයේ කවි සිත්තම​... Empty Re: අසම්මතයේ කවි සිත්තම​...

2014-04-19, 1:34 am
pride  pride  pride  lol!  lol!  lol!
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7585
Member Since : 2014-03-19

අසම්මතයේ කවි සිත්තම​... Empty Re: අසම්මතයේ කවි සිත්තම​...

2014-05-02, 4:18 pm
අනෙ අම්මෝ ලස්සන... කියන්න වචන නැහැ ඒ තරමට ලස්සනයි..  flower  flower  flower  flower  flower  flower  flower යි.  like 

බඹරු සලනා ඒ දුක් සුසුම,
කදුලු කැට ලෙස පතිත වේ බිම,
අයාලෙ යන දුක් කදුලු බව,
සිතා සිටි ලොව සිනාසිසී අද...


කුඩා පැළ හෙට රුකක් වන බව,
නොදනවා ඇත මෝඩ උන් හට,
නෙතගින් හෙලු දුක් කඳුලු වල,
වටිනාකම දැන ගනි හෙට..


පෙමින් වෙලි ඒ බඹ්ර හදවත්,
නිදහසේ අත්වැල් එකට ගෙන,
පැතුම් පියාපත් විහිදුවාගෙන,
පියාසරණා දවස දුර නැත..


 kiss  pride  pride  like  cheers  I love you 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

අසම්මතයේ කවි සිත්තම​... Empty Re: අසම්මතයේ කවි සිත්තම​...

2014-05-05, 1:34 am
Message reputation : 100% (1 vote)
pride  pride  pride
Tharaka
Tharaka
Regular Member
Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 7641
Member Since : 2013-12-31

අසම්මතයේ කවි සිත්තම​... Empty Re: අසම්මතයේ කවි සිත්තම​...

2014-05-05, 10:24 am
ඉසුර මල්ලි මං මේ කවි දැකලා ගොඩක් කල් මුහුණු පොතෙ දී. ඇත්තටම මං මේ නිර්මාණයේ රචකයා හොයමින් සිටියේ. මේක ලිව්වේ ඔබ ද? ලස්සන නිර්මාණයක්...
Sponsored content

අසම්මතයේ කවි සිත්තම​... Empty Re: අසම්මතයේ කවි සිත්තම​...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum