Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


තිත්ත කනේරු

+8
ishan
Jith
virmadu
thavisha
සහන්
Hasun
Esala
Keneth
12 posters
Go down
Keneth
Keneth
Regular Member
Mood : In love

City : Kabdy and Kurunegala
Country : Sri Lanka
Posts : 46
GetReal Gold : 7328
Member Since : 2014-08-18

තිත්ත කනේරු Empty තිත්ත කනේරු

2014-09-21, 12:22 am
Message reputation : 100% (7 votes)
වෙනදා මෙන්ම අරලිය ගස් මල් බරව තිබිණි. අඩුවකට තිබුනේ නුඹේ දෙනෙත්ය. අද අරලිය ගස් පාමුල බංකුව මත මා පමණි. අරලිය සුවඳ තව තවත් මාව පෑරවීම යත්න දරනු සේ දැනෙන්නේ අරලිය සුවඳ සහ අපේ ආදර කතාව අතර අප දෙදෙනාම නොදැනුවත්ව වුවද තිබූ අමුතු ආලිංගන නිසාවෙන් විය යුතුය. මගේ දෙනෙත් තවමත් තෙත් ය.

සැබැවින්ම ඔබ මාව අත් හලේද, නොහොත් මා නුඹව අත් හලේද යන උභතෝකෝටිකයට මම මැදි වීමි.

"කේතකී, මම කවදාවත් මේ අත් දෙක අත අරින්නේ නෑ... දන්නවද" දිවට නුහුරු පෙම් බස් අස්විදගේ මුවගින් තෙපලුණු සැටි තවම මතකය. ඒ මා දැන් තනිව හිඳ සිටින බංකුව මතම දීය. ඒ පෙම් වදන් සමගම මගේ මුහුණට එබුණු අස්විදගේ දෑස් තුලින් මම ලොවක් දුටිමි. ඒ සුරන්ගනා ලෝකෙට මා රැවටිනි ද? අස්විද සැබැවින්ම මට ආදරේ කළේය. එය මට නො රහසකි. 

"කේතකී... කේ... ත... කී... කේතකී..." ඔහු මගේ නම අකුරින් අකුර කියවයි.

"මොකද අනේ. නම කට පාඩම් කරනවද..."

"නෑ ඒක ඇත්තටම ලස්සන නමක්. මම කලින් අහල නෑ."

"කේතකී කියල නුවරක් තිබිල තියනවා. ඉස්සර. දඹදිව වෙන්න ඇති."

"ඒක අහල තියනවා. මම කිව්වෙ කේතකී කියල නමක් තියනව අහල නෑ"

අස්විද මා හා පිළිසඳරේ යෙදුන පළමු දිනය එදාය. ඒ විශ්ව විද්‍යාල ප්‍රධාන පුස්තකාලයේදීය. 

"අස්විද හැමදාම එනවද?"

"කොහෙද?"

"ලයිබ්‍රි අනේ..."

"ආහ්:... ඇයි... නෑ... එහෙමම මත් නෑ"

අපේ ආදරය... අපේ? නැත. මගේ ආදරය. මගේ ආදරය වර්ධනය කිරීමෙහි ලා පුස්තකාලය සහ ඒ දරා සිටි පොත් කන්දරාව සිමෙන්තියෙන් අඩි තාලමක් දැමීය. ඒ අඩි තාලමට අස්විදත් මමත් නිතොර වෙහෙසී කලු ගල් සැපයීමු. මුත්, ඒ අඩි තාලමකට පමණක් සීමා වීය. මිතුදමට මුල් ගල් තිවූ ඒ පුස්තකාලයම ඔහුත් මාත් නාමිකව ඇරැඹි පෙම් පුවතටද මුල් ගල් තැබීය. කෙතරම් ස්ථාවර අඩි තාලමක් වුවත් ගඩොල් වරි දෙක තුනකට එහා බිත්ති බැඳීමට තරම් වත් කමක් අප අතර නොවීය.

අස්විද තාමත් මට ආදරේ ඇති. ඒත් මම ඇයි ආදරේ කරන්නේ...

මම මා තුලින් විසඳුම් සෙවීමි. කටුක අතීතය, මා විසඳුම් වලින් දුරස් කරන්නේ නොවෙද? අතීතය හිත තුලින් අතුගා වළලා දැමිය යුතුය. තවමත් මා අරලිය සෙවනෙමය. ඔහු කුමක් කරනවා ඇත්ද?

"කේතකී, ඔයා අපේ වෙඩින් එකේ ගොයින් අවේ එකට ෆ්‍රොක් එකක් අඳින්න ඕනේ."

"පිස්සුද අස්විද. මොන ගොයින් අවේ ද. අපි පොඩියට වෙඩින් එක ගමු අනේ."

"එහෙම කොහොමද?"

"මට සල්ලි නෑ ඔහොම ලොකුවට මගුල් ගෙවල් ගන්න..." ඒ මගේ හුදෙක් වදන් පමණක්ම විය. කිසිවකු නොදුටු නොවිරු විවාහ උත්සවයක් ගනිමුයි මා සිත තුල බීජය පැළ කලේද නුඹමය. දැන් නුඹ මා ළඟ නැත. සැබැවින්ම... මම දැන් නුඹ අසල නැත. 

මට ආදරේ බෙදා ගන්න ඕනේ නෑ. මම මෝඩ කෙල්ලෙක් නෙවේ අස්විද.

අනුවණ කම වනාහි ජාන වලින් එන දෙයක් හෝ උපතින් ලද දෙයක් හෝ නොවේ. ඒ වනාහි අවස්ථානු කූලව මිනිසා විසින්ම යොදා ගන්නා විප්‍රයෝග කාරි ක්‍රියාවකි. මා අස්විද අතහැරීම අනුවණ කමද?

අස්විදගෙ මොනවද අඩු? ලස්සන අඩුද? උගත් කමින් අඩුද? වැදගත් කමින් අඩුද? මොනවා තිබ්බත් දෙයියනේ තමුන්ගෙ කෙල්ලට ආදරේ නැත්තම්... ආදරේ නෑ. කවුද කියන්නේ?

අස්විද ආදරේ කළේය. බාග දා, තවමත් කරන්නේ විය යුතුය. වසරකුත් නව මසක් අස්විද කේතකී නම් ආදර කළලය හිත දරා සිටියෙමි. ඒ කළලය හිතට ආ අලුත ම මම පණ සේ ඊට ආදරේ කළෙමි. අස්විද ද එසේ කළා විය යුතුය. ඒත් පසු කාලිනව එසේ කළ බවක් පෙනෙන්නටවත් නොතිබිණි.

මම කොහොමද මගේ කතාව කියන්නේ? අඩු ගානෙ යාලුවෙක්ටවත්? අස්විද වෙන කෙල්ලො එක්ක බුදියලද? කුඩු ගහලද? ගංජ ගහලද... මිනියක් මරල ද... දෙයියනේ එහෙනම් හොඳයි. මේ කුණුහරප කොහොමද මම කටක් ඇරල කාටවත් කියන්නේ?

"මේ බලන්න කේතකි මම ඔයාට ගෙනාව දේ...?"

"ශා... ඔයාට හොඳ තේරිමක් තියනවනෙ මම හිතුවට වඩා..."

"ඔව් එක දෙයක් ඇරුනම හැම දේම ගැලපෙන්න තෝරගන්න පුලුවන් උනා අද වෙනකල්."

"අනේ මේ අස්විද... නිකන් ඉන්න..."

මගේ අත් ඉබේම බෙල්ලට රූටා ගියේය. අස්විද එදා පැළැඳි මාලය තවමත් ගෙලෙහිමය. රිදී පාර චේන් පොටේ එල්ලෙන බිත්තර හැඩැති පෙන්ඩනය...

ඔයිට වඩා හොඳයි තමුසෙ එදා මට වහ කුප්පියක් ගෙනත් දුන්න නම්...

තවම මා ලත් ආදර කළල ගබ්සා කොට වරුවක් ගත වී නොමැත. තවමත් මා බංකුව මතමයි. පශ්චාත් නූතන වාදය පිළිබඳ නුඹ මට විග්‍රහ කරන කල මම නුඹේ කල්ක්‍රියා මේසේ වන් යැයි සිහිනෙනුඳු නොසිතීමි. නුඹෙන් මගේ ආදරයට, ඔව්. මගේ ආදරයට. මම නුඹට දුන්නු ආදරයට නිගරු නොසැළකිලි ලත් විට, ඒ නුඹේ හැටි යැයි සිතා මාවම අස්වසා ගතිමි.

"පරට්ට බල්ල... තමුසෙ මේ මට ආදරේ කරපු හැටිද? තමුසෙ මගේ දෑහැට පේන්න එන්න එපා..."

"කේතකි... ප්ලීස්... තේරුම් ගන්න..."

"අවලමා... තේරුම් ගත්ත... හොදට තේරුම් ගත්ත, තමුසෙ බල්ලෙක්..."
"ඔහොම කතා කරන්න එපා කේතකි. මම ඔයාට ආදරෙයි... ඇයි මේ..."

කේන්තිය, දුක, වෛරය සියල්ල හිත තුල කුණාටු කරලීය. අස්විද ගේ අවසන් වාක්‍ය මා තව තවත් කැලැඹීය. මම අත දිග හැර අස්විදට පහරක් ගැසීමි. 

"ඉන්න තරමක් අවලම් බල්ලොත් එක්ක ලැගල මට ආදරේ කරන්නත් එනවද... බැල්ලිගෙ පුතා. ආදරෙයි කිව්ව කට උලා ගන්නව ගලක.. මම මළත්, නාවට කමක් නෑ."

මා කඳුලු පුරවාගත් දෙනෙතින් යුතුව ආපසු හැරුනේ ඔහුගේ දෑසවත් නොබලාමය. ඒ ඔහුගේ 'කතා කරන ඇස්' මා නවතාවි යැයි බියෙන්දෝ කියා දැන් මට සිතෙයි. මනස් ගාත.

මගේ වදන් මටම අරුමයක් විය. මටම අදහා ගත නොහීය. මේ මම මද? ආඅදරය පටන් ගත් දා පටන්, අඩු පාඩු පිරි මසා ආදරය කළා විනා අඩු පාඩු ගැන අස්විද කෙරේ දොස් නොකීමි. වෛර නොබැන්දෙමි. නමුත් ඒ සියල්ල, වතුර වාෂ්ප වූ කර දියක සේ ස්ඵටික වශයෙන් හිතේ තැන්පත්ව, පුපුරා යන අවස්තාවේ අති ඩරුනු වදන් ලෙස පිටව ගියා විය යුතුය. හිතට සැහැල්ලුවක්ද දැනේ. ආදරයට තිත තැබුවා යැයි සිතා සිටින නිසාද, නැතහොත් දරා සිටි වේදනා සියල්ල වචන වලින් අස්විදගේ මුහුණටම සෘජුවම පහ කොට ගත හකි වූ නිසාදැයි නොදනිමි.
මම මෙහෙම හිත හිත ඉඳල හරියනවද? මම මෝඩියක් නෙවෙයි. ඒත් අනේ මන්ද. මම බැන්න සැර වැඩියි. දෙයියනේ, තමුගෙ කොල්ල, පණ වගේ මම ආදරේ කරපු මේක, වෙන  කොල්ලෙක් එක්ක? චික්. දෙයියනේ ගනිකාවක් එක්ක බුදියල අහු උනා නම් ඉවසිහැකි. කොල්ලෙක්?
හිත තර්ක විතර්කයේ යෙදෙයි. මම මාව සොයමි. අස්විද සමලිංගිකයෙක්. අස්විදගේ වරද ඔහු සමලින්ගිකයෙකු වීමද? නැත. ඔහු මගේ ආදර පැතුවේය. මගේ ඔඩොක්කුවේ හිස තියාන, මා පිරිමදින විට කුඩා දරුවෙකු සේ මා දෙස බලා සිනා සුනේය. ඒ අස්විදම වෙන කොල්ලෙක් එක්ක? 

පුස්තකාලයම අපේ ආදරයේ මේ තරම් සන්දිස්ථාන රැසකට මුල් වේ යැයි මා කිසි කලක නොසිතුවෙමි.

"අස්විද..."

"කේතකී...!!!" බිරාන්ත මුහුන කළබලයෙන් වටපිට බැලීය. 

"මොකද මේ... අස්විද... " මම හැඬීමි. පුස්තකාලයේ අඳුරු කෙළවරේ පොත් රාක්ක අස්සෙන්, අස්විද සමග තුරුල්ව සිටි අනෙකා මා පැමිණි වහා මා දෙසත් අස්විද දෙසත් කිහිප වරක් මාරුවෙන් මාරුවට බලා කිසිත් නොවුනා සේ එතැනින් ඉවත්ව ගියේය. මා කිසිත් නොදැක්කා යැයි, මා මුල සිට සියල්ල බලා නොසිටියා යැයි හේ සිතන්නට ඇත.

ඒක ආදරයක්ද? රාගයක්ද? මොකද්ද මගෙ අඩුව? කෙල්ලෙක්ගෙන් විතරක් පිරිමැහෙන්න බැරිද අස්විද ඔයාට... ඔයා හොඳයි... මම නොදන්නවා නෙවෙයි. ඒත් අස්විද අනේ මන්ද. මේ ලංකාව. තේරුම් ගන්න.

ඔහුට පුදන්නට තරම් ආදරයක් හිත තුල ඉතිරිව ඇත්ද? මම තවමත් අරලිය ගස් සෙවනේම හිඳ සිටිමි. අරලිය සුවඳ හිත පාරවයි. මම දකුණත දෙස බැලීමි. ඇඟිලි වලට ලේ පුරලාය. 

"අස්විදට රිදෙන්න ඇති..." මම මටම මිමිණීමි.
"කම්මුලට වඩා හිතට රිදෙන්න ඇති."

ඔහු තවමත් පුස්තකාලය තුලම විය යුතුය. අස්විද කේතකී පෙම් පුවත ගැන කිසිදු හැඟිමක් හිත තුල නොවීය. මා කොතරම් වෙලා අරලිය සෙවනේ සිටියාදැයි මටම නිනව්වක් නැත. අරලිය සෙවනෙන් මම ඉවත් වීමි. නැවතත් පුස්තකාලය දෙසට පිය නැගිමි. අස්විද පුස්තකාල ඉදිරිපිට බිම හිඳ, හිස දනිස් අතර රුවා සිටින්නේය. හැඟීමකින් තොරව මම ඔහු අසලට ගියෙමි.

"අස්විද..."

ඔහු නිහඬය.
"අස්විද... තරහද..."

තවමත් නිහඬය. මම උරහිසෙන් අත තැබිමි.
පුපුරු ගහන අතට අයිස් මෙන් සීතලක් දැනුනි. සමබර තාවයෙන් ගිලිහුනු අස්විදගේ අප්‍රාණික සිරුර පුස්තකාලය ඉදිරිපිට පෙරැළුණි. සෙම පෙරාගත් මුඛයත් විවර වූ දෙනෙතුත් දුටු මා කෑ ගැසීමි.

"අනේ අස්විද.....!!!"
.
.
.
.
නිමි.


Last edited by Keneth on 2014-09-21, 1:01 am; edited 4 times in total
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

2014-09-21, 12:37 am
Message reputation : 100% (2 votes)
හිතට වදින කතාවක්.....තව දේවල් කියන්න හිතෙනවා...ඒත් මේ ඇති යාලුවා......
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8534
Member Since : 2013-07-22

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

2014-09-21, 8:44 am
Message reputation : 100% (1 vote)
කවුද හරි... කවුද වැරදි... අනේ මන්දා...
වෙනස් උත්සාහයක්... 
ලස්සනයි.

hasun001
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

2014-09-21, 12:45 pm
Message reputation : 100% (1 vote)
හ්ම්ම්ම්ම්ම්
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

2014-09-21, 4:53 pm
Message reputation : 100% (1 vote)
awesome
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7588
Member Since : 2014-07-29

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

2014-09-22, 6:07 am
Message reputation : 100% (1 vote)
Ape atta tatwaya loketa vivara karanna darapu veyamak vidihatai mata nam denenne.eth...me atta samajaya kawada terum ganeewida.......?hitanna deyak ituru karala ....katawa iwara wela...hoda veyamak.satutui.
suba patanawa.
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

2014-09-28, 5:50 pm
Message reputation : 100% (1 vote)
ෆෝරම් එකට කාලෙකින් ආවත් හරි පළවෙනියට ඇස් දෙකට අහු වුණ කතාව.

තිත්ත කනේරු.

ගැඹුරු අර්ථයක් තියෙන කතාවක්. සරලව ලියලා තිබුණත් උත්සාහය සරල එකක් නම් නෙවෙයි කියලා මට නම් හිතෙනවා.

ලස්සනයි කිව්වොත් හිතට හරි මදි. ඉහළින්ම අගය කරන්න ඕනෙ කෙටි කතාවක්. නියමයි කෙනෙත්. ගොඩාක් ලස්සනයි.
kiss   kiss   kiss
ishan
ishan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7706
Member Since : 2014-03-10

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

2014-10-12, 2:47 pm
Message reputation : 100% (1 vote)
attamai malli godak hegim barai me atta terum aran api attata muna dunna nam hari me mata nam be kollekta adare karala kellak wa beda ganna atta terum aran jiwat wenna hoda katawak yaalu
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

2014-11-09, 1:42 pm
Message reputation : 100% (2 votes)
මම ගොඩක් කාලෙකට පස්සේ කෙටි කතාවක් කියවන්නේ මේ site එකේ ! කෙටි කතාව හරිම ප්‍රභලයි ! ඒ මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියන මායාවන්ට අභියෝග කරන නිසා ! මට මේක මිට වැඩ පැහැදිලි කරන්න තේරෙන්නේ නැ. 

වාහනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේක විශ්ෂ්ඨ කතාවක් !

ජය වේවා !
KosalaPriyanjana
KosalaPriyanjana
Regular Member
Country : Sri Lanka
Posts : 69
GetReal Gold : 7430
Member Since : 2014-10-20

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

2014-11-28, 4:48 pm
Message reputation : 100% (1 vote)
Superb.... one of the most heart touching stories i'v ever heard. wenasma maanayakin balala thiyanawa. no words bro... oyaa ithaama hodai....!!!
Keneth
Keneth
Regular Member
Mood : In love

City : Kabdy and Kurunegala
Country : Sri Lanka
Posts : 46
GetReal Gold : 7328
Member Since : 2014-08-18

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

2015-10-21, 2:00 am
Sthuthiyi hamotama godaak. mama godak kaalekin meheta aawe. :D kament kiyewwama godak sathutu hithunaa.
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6511
Member Since : 2015-10-14

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

2015-11-12, 1:50 am
attatama  atta tittai.......titta kaneru     ape sbalokayata honda paniwidayak man dakinne ehemai.........
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

2016-07-30, 10:45 pm
Message reputation : 100% (1 vote)
නිකම් හිතුනා පරන කතා බලන්න​. යටින්ම තිබුනේ මේක​. එක පිටුවයි. ඒත් දෙන පණිවිඩය​.....දෙපාරක් හිතලා බලන්න අවශ්‍යයි අපි ගැන​. කේතකීද අස්විද වැරදි? අස්විද තමන්ගේ ලිංගිකත්වය නොතේරුම් ගත්ත එකද එහෙම නැත්නම් ඔහු ද්විලිංගික හින්දාද​, එහෙම නැත්නම් කේතකී අස්විදගේ ලිංගිකත්වය වරදවා වටහා ගත්තද​?
Sponsored content

තිත්ත කනේරු Empty Re: තිත්ත කනේරු

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum