- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10670
Member Since : 2013-08-11
එකම එක පැතුමක් නුඹේ නමින්
2014-11-17, 6:00 pm
සඳකැන් උතුරන නිහඬ වූ
රාත්‍රියක
උමතු වී සීතලෙන් තුරුළු වී
නුඹේ ළයට
මීදුමෙන් වැසී ගිය පිණි බිඳක්
හා එක්ව
පුරමි පෙරුමන් තවම
නුඹේ තුරුලේ සැතපෙන්න
මද නළට මුසුව එන මල් සුවඳ
හා එක්ව
පාව එන මල් රේණු විසිරවූ
යහන මත
උමතුවෙන් තුරුළු වෙමි නුඹේ
සුවඳට මත්ව
ආදරෙන් තෙමාලනු දැවෙන
මා මුළු ගතම
නුඹේ සෙනෙහස් ගඟුලේ කිමිදෙමින්
මුළු රැයම
විඩාබර සුසුම් පොදි පා කරමි
නිහඬවම
සඳ තරුත් සැඟව යති සුදු
වලාකුළු අතර
දැක අපේ නොවිසුම් වූ
ආදරයේ රහස
නැගෙන හිරු පමා වී එනු මැනේ
හෙට දවස
පුරමි පෙරුමන් මගේ
ජීවිතය පුරාවට
රැයක් නොව හැම භවයේ
නුඹේම වන්නට
රාත්‍රියක
උමතු වී සීතලෙන් තුරුළු වී
නුඹේ ළයට
මීදුමෙන් වැසී ගිය පිණි බිඳක්
හා එක්ව
පුරමි පෙරුමන් තවම
නුඹේ තුරුලේ සැතපෙන්න
මද නළට මුසුව එන මල් සුවඳ
හා එක්ව
පාව එන මල් රේණු විසිරවූ
යහන මත
උමතුවෙන් තුරුළු වෙමි නුඹේ
සුවඳට මත්ව
ආදරෙන් තෙමාලනු දැවෙන
මා මුළු ගතම
නුඹේ සෙනෙහස් ගඟුලේ කිමිදෙමින්
මුළු රැයම
විඩාබර සුසුම් පොදි පා කරමි
නිහඬවම
සඳ තරුත් සැඟව යති සුදු
වලාකුළු අතර
දැක අපේ නොවිසුම් වූ
ආදරයේ රහස
නැගෙන හිරු පමා වී එනු මැනේ
හෙට දවස
පුරමි පෙරුමන් මගේ
ජීවිතය පුරාවට
රැයක් නොව හැම භවයේ
නුඹේම වන්නට
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12162
Member Since : 2013-07-29
Re: එකම එක පැතුමක් නුඹේ නමින්
2014-11-17, 8:01 pm
aaawww full romantic mood eke inne wage
- virmadu+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7604
Member Since : 2014-07-29
Re: එකම එක පැතුමක් නුඹේ නමින්
2014-11-20, 5:49 am
මිමිමි...කාලෙකට පස්සේ ආදරණීය පද ගැලපුමක්
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|