Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8447
Member Since : 2013-05-03

අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද? Empty අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද?

2013-05-08, 10:43 am
Message reputation : 100% (5 votes)
අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි
කොතරම් වාසනාවන්තද? ඒත් ඒක එහෙම නොවෙන බව අපිට කියල දෙන්නෙ ජීවිතය... අපි
පහු වෙනව... බලා ඉන්නව... පරක්කු වෙනව... දුක් වෙනව.... හිනහ වෙනව.. ආයෙත්
අඬනව.... ඒත්කවම කවදාවත් වෙනස් කරනන් බැරි ඇත්ත ... අපිට අපි හිමි නැති
බව..!


මුලු
ලෝකයම කියාවි මම මහ පවු කාරයෙක් කියල... ලෝකයටම පෙනෙන්නෙ මේක
'අසම්මත'දෙයක් හැටියට... මම කවදාවත් ඔබ වෙන කෙනෙකුට හිමිය කියන ඇත්තට එරෙහි
උනේ නෑ... ඒත් මේ ආදරය , මගෙ හදවත ඇතුලෙ ඇති වෙන සිතුවිල්ලට වැට බඳින්න
පුලුවනිද... එහෙනම් මම පවු කාරයෙක් තමයි...ඔව්..


ඇස්
දිහා බලං ඉන්නවත් මේ රුදුරු ලෝකය අපිට ඉඩ දෙන්නෙ නෑ. ඒ ඇස් අපි දිහාවෙ
‍රැඳිලමයි තිබෙන්නෙ. ඒ නිසා මේ හිතේ උපදින දහසක් සිතිවිලි හිතේම
මියැදුනාවෙ... මම ඉවසන් ඉන්නම් සදහටම.. සමහර විට මියෙන තුරුම...


මට
අත්ත‍ටු ලැබුනත්, ඔබට අත්ත‍ටු ලැබුනත්, අපිට හැකි වේවිද මේ විසල් නිල්
අහසෙ හැගෙන්න තැනක් හොයා ගන්න.? බැහැ නේද? ඒ නිසාවෙන් අපි හැම දාම මේ වගේ
ඈතින් ඉඳ අඩුම ගානෙ හිනහ වත් වෙමු.. එයින් සැනසෙන්න මිස එටින් එහා දෙයක්
අපිට හිමිද? නැහැ නේද ?


හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගෙ බොලඳ වෙලා
අන් සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා...


කියා ගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනි වී
හමු වන්නට බෑ උකුසු වෙසින් ඇත
ඇස් දහසක් අපවෙත යොමු වී...


කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්ත‍ටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමු වන්නට
ඈතින් හිඳ හිනැහෙනු මැනවී...


පැනඩෝල් වෙලාව දහය පසු විනාඩි හතලිස් තුනයි...

එහෙනම් මේ වෙලාවෙ සංකල්පනා බලන හැමෝමවත් එකතු කරන්...
අපි අහමු ගීතය... ;)
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද? Empty Re: අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද?

2013-05-08, 4:21 pm
Message reputation : 100% (1 vote)
ela ela cheers
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9071
Member Since : 2013-05-05

අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද? Empty Re: අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද?

2013-05-08, 9:44 pm
Message reputation : 100% (2 votes)
මුලු ලෝකයක් ඉදිරිපිට ම ඔබව ඇයට හිමි වී ඇත. ඔබගේ සකල භෞතික හිමිකාරීත්වය ඇයගේය. එනමුදු ඔබගේ ආධ්‍යාත්මය මාගේය. ඔබගේ හදවත මාගේය. සිහිවන වාරයක් පාසා නෙත කඳුළින් පිරීයන තරමට මට ඔබව අගනේය. සෑමදාට ම ඔබ මගේය. මගේමය. ඉතින් තවත් ලතවෙනු කුමට ද?

නිරුදක කතරක් බඳු මසිතට ඔබ ජල ධාරාවකි. සීතල ජල ධාරාවකි. ඒ ජල ධාරාවට ම දැන් ඇය හිමිකම් කියයි. එනමුත් ඒ ජලයේ සිසිලස මගේය. ඒ සිසිලස විඳිනුයේ මා පමණි. මා වාසනාවන්ත නොවන්නේ ද?

මා සිත නිවා සනසාලන ඒ මියුරු තත්සර වයන මිණි වීණාව ඔබය. ඔබ අසමසම කොකනද මිණි වීණාවකි. දන් ඒ වීණාවේ ම හිමිකාරිය ඇයය. එනමුත් ඔබ ඒ වීණාව වයනුයේ මා උදෙසා පමණි. ඒ මියුරු වෙණ නද මගේම පමණි. මා තවත් දුක්විය යුතු ද?

දිවි ඇතිතුරු එක්ව සිටින්නට පැතුව ද සමාජ සම්මතය අභිමුව ඔබේත් ඇයගේත් දෑඟිලි බැඳී ඇත.

ගතින් එක්විය නුහුන ද සිතින් අප එකට බැඳී ඇත.

පැතූ භෞතික තෘප්තියට වඩා හිමි වූ ආධ්‍යාත්මික තෘප්තිය මට වටී...



ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය

ඔබ මට ජල ධාරාවක් වගේය
සීතල ජල ධාරාවක් වගේය
ඒ ජල ධාරාවම දැන් ඇගේය...
එනමුත් ජලයේ සිසිලස මගේය...
ජලයේ සිසිලස මගේය...

ඔබ මට මිණි වීණාවක් වගේය
කොකණද මිණි වීණාවක් වගේය
ඒ මිණි වීණාවම දැන් ඇගේය...
එනමුත් වීණා නාදය මගේය...
වීණා නාදය මගේය..
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9598
Member Since : 2013-01-26

අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද? Empty Re: අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද?

2013-05-08, 9:53 pm
Message reputation : 100% (1 vote)


මම හිතන්නේ මම සින්දුව හොයාගත්තා




භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9071
Member Since : 2013-05-05

අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද? Empty Re: අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද?

2013-05-08, 9:55 pm
Message reputation : 100% (2 votes)
මං ලියපුව නම් ඔයගෙ සංකල්පනා තරම් ලස්සන නෑ සිතුම් අයියෙ.. ඒත් ඔයා ලියපු ඒ මාතෘකාවත් ගීත රසාස්වාදයත් දැක්කම මටත් ලියන්න හිතුන.. අද තමයි මම මේ සයිට් එකට මුලින්ම පෝස්ට් එකක් දැම්මෙ.. ඔයාගෙ මාතෘකාව මම සවුත්තු කළා කියල හිතෙනව නම් සමාව භජනය කෙරේවා.. Neutral
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8447
Member Since : 2013-05-03

අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද? Empty Re: අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද?

2013-05-08, 10:49 pm
Message reputation : 100% (1 vote)
ඔයාගෙ post1 ගොඩක් හොදයි මගෙ බ්‍රොදර් banuka.... දිගටම ඉන්න අපිත් එක්ක..... සුබපතනවා ඔයාට...

@zezta ඔයටත් thanks හොදෙ
Sponsored content

අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද? Empty Re: අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද?

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum