Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Portia de Rossi
Portia de Rossi
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 6699
Member Since : 2015-03-15

සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. Empty සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්.

2015-03-15, 2:24 am
කෙනෙක් සමලිංගික වෙන්නේ හේතු දෙකක් නිසයි. එකක් උපතින්ම ජාන විකෘතිතා නිසා (Klinefelter syndrome වගේ තියෙන අය) නමුත් ඒ ගොල්ලන්ගේ ලිංගය ප්‍රධාන ලිංග දෙකෙන් එකකටවත් අදාළ නෑ මොකද ක්‍රෝමසෝම්වල පිහිටීම XXY නිසා ඉතින් මේ ගොල්ලෝ සමලිංගික හෝ විරුද්ධ ලිංගිකයි. (මේක ගැන තව විස්තර ඕනේ නම් මේ movie එක බලන්න [You must be registered and logged in to see this link.] නමුත් මේ ජාතියේ අය සමාජයේ ගොඩක් දුලබයි. 


අනෙක් හේතුව තමයි වර්ධනයේ වෙච්ච අඩුපාඩුවක්. NARTH (National Association for Research & Therapy of Homosexuality) එකට අනුව සාමාන්‍යය කෙනෙක් සමලිංගික වෙන්නේ වර්ධනය වෙනකොට වෙන අඩුපාඩුවක් නිසයි.


මුලින්ම පිරිමියෙක් ගේ වෙන හැටි මම කියන්නම්.


ළමයෙක් ඉපදිච්ච ගමන් අවුරුදු 1, 2 වගේ වෙනකම් අම්මගේ රැකවරණය යටතේ ඉන්නේ.මේ කාලේ ළමයා සහා අම්මා අතර දැඩි සම්බන්ධයක් තියෙනවා ඒක නිසාම ළමයා තේරුම් ගන්නේ අම්මා කියන්නේ තමන්ගේම කොටසක් කියලා , නමුත් අවුරුදු 2ක පහුවෙන කොට ළමයා ක්‍රමයෙන් තේරුම් ගන්නවා අම්මා සහා තමන් කියන්නේ වෙනස් වස්තූන් දෙකක් කියලා, ඒ කාලේම තමයි ළමයා තමන්ගේ ලිංගය අවබෝධ කරගන්නෙත්. ඕනම පුද්ගලයෙක් වැඩි වියට පත්වෙනකම් යම් පරිශ්‍රමයක් දරනවා තමන්ගේ ලිංගය තේරුම් ගන්න ,සමාජයේ තමන්ට හිමි තැන තේරුම් ගන්න ඊට පස්සේ ළමයා විසින් සමාජය විසින් අදාළ ලිංගයට දීලා තියෙන ගතිගුණ තමන්ට ආරෝපණය කරගන්නවා තමන්ගේ ලිංගය අනුව, පිරිමියෙක් නම් පිරිමි විදියට අදින්න, කතා කරන්න, හැසිරෙන්න , කෙල්ලෙක් නම් කෙල්ලෙක් වගේ, ඒකනේ කොල්ලෝ කාර්වලට ආස පොඩි කාලේ ඉදලම, කෙල්ලෝ බෝන්නිකන්ට ආසා පොඩි කාලේ ඉදලම. මේකට කියන්නේ ආරෝපිත ලිංගය කියලයි. 


අවුරුදු 2 දී ළමයා පිරිමියෙක් නම් , ළමයා ස්භාවිකවම තාත්තගේ හෝ තාත්තා වගේ ඉන්න කෙනෙක්ගේ ආභාෂය ගන්නවා ,ඒකෙන් ළමයා අවබෝධකරගන්නවා පිරිමි ගති ලක්ෂණ සහා තමන්ගේ ලිංගය ගැන, මේ ක්‍රියාව වෙන්නේ යටි සිතෙන් ස්වයංක්‍රිය ලෙසයි. ඊට පස්සේ අවුරුදු 5 දී පමණ ,ලම‍යා ඉස්කෝලේට ගියාම ,අනෙක් පිරිමි ළමයි සමග හැසිරෙන කොට තවත් තේරුම් ගන්නවා තමන්ගේ ලිංගය ගැන, සමාජයේ ඊට තියෙන තැන ගැන, තමන්ගේ භූමිකාව ගැන. ඕනෙම කෙනෙක් කැමතියි නේ තමන්ගේ ලග තියෙන දේ අතපත ගාලා හොදට හාර අවුස්සලා බලන්න, අපි phone එකක් ගත්තම වුනත් අපි කොච්චර නම් ඒකේ තියෙන එවා ඔබලා බලනවද ,ඒ වගේම තමයි පොඩි ළමයිනුත් තමන්ගේ ලිංගය තේරුම් ගන්න, සමාජයේ තමන්ගේ ලිංගයට අදාළය භූමිකාව තේරුම් ගන්න ගොඩක් මහන්සි වෙනවා. මේක හිතාමතාම කරන දෙයක් නෙවෙයි, මේක අපි එකිනෙකා සමග ගැටෙන කොට ,අපේ මනස තේරුම් ගන්න දෙයක්. ඊට පස්සේ වැඩි වියට පත් වෙනකොට ,ළමයා දන්නවා තමන් පිරිමියෙක් , තමන් පිරිමි චරිතයක් සමාජයේ නිරූපනය කරන්න ඕනේ, තමන්ගේ ලිංගය ගැන අවබෝධ කරගත්තට පස්සේ තමයි කෙල්ලොන්ට ආකර්ශණය වෙන්න ගන්නේ, ඒක තමයි ස්භාවධර්මයා විසින් මනුෂ්‍යයෙක්ව වැඩි වියට පත් කරන්නේ අවුරුදු 11-13 දී ,ඒ කාලේ ඇතුලදි එතකොට ළමයාට අවකාශය ලැබෙනවා තමන්ගේ ලිංගය ගැන අවබෝධකරගන්න. මේක තමයි සාමාන්‍යය රටාව ඕනම කෙනෙකුගේ. 


නමුත් සමලිංගික කෙනෙකුට වෙන්නේ, අවුරුදු 2 දී වගේ (අම්මා සහා තමන් කියන්නේ වෙනස් වස්තූන් දෙකක් කියලා තේරුම් ගත්තට පස්සේ)ස්භාවිකම තමන්ට ආශාවක් එනවා පිරිමින් ගැන තේරුම් ගන්න මොකද තමන්ගේ ලිංගයත් පිරිමි නිසා, ඒක ස්භාවිකවම එන ආශාවක් හරියට කුතුහලයක් වගේ නමුත් අවකාශය ලැබෙන්නේ නෑ තමන්ගේ ලිංගය ගැන අවබෝධ කරගන්න ,එක්කෝ තාත්තා නෑ, නැත්නම් තාත්තට බයයි ඒක නිසා අම්මට ගොඩක් සමීප වෙනවා, නැත්නම් ගෙදර සහෝදරියන් ගොඩක් ඉන්නවා, ඒක නිසා තමන්ට ලැබෙන්නේ ස්ත්‍රී ආභාෂයයි, පිරිමි ආභාෂයයි ලැබෙන්නේ නෑ නමුත් පිරිමි ආභාෂය ලබාගන්න දැඩි ආශාවකින් පෙළෙනවා, ඒකෙන් වෙන්නේ ළමයට තේරුම් ගන්න බැරි වෙනවා තමන්ගේ ලිංගය ගැන, එතකොට අවුරුදු 5 දී පමණ ඉස්කෝලේ ගියාම (මිශ්‍ර පාසැලකට නම් යන්නේ) ළමයා කෙල්ලොත් එක්ක ගොඩක් ෂේප් ,කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුලුවන් මොකද ස්ත්‍රී ආභාෂය ලැබුන නිසා, නමුත් කොල්ලොන්ට එනකොට ළමයා ගොඩක් අපහසු වෙනව මොකද කොල්ලෝ ගැන වැඩියේ දන්නේ නැති නිසා. අපි වුනත් එහෙමනේ, අපි සිංහල නම් කෙලින්ම ගිහින් සෙට් වෙන්නෙ සිංහල group එකක් එක්කයි, දෙමළෙක් නම් දෙමළුන් සමගයි. හැමෝම එහෙමයි, තමන්ට පුරුදු, හුරු group එකකට ගිහින් ඇලෙනවා. 


ඊට පස්සේ මේ රටාව අනුව ළමයා කෙල්ලොන්ට තවත් සම්ප වෙලා වැඩි වියට වෙනකම්ම එනවා, ළමයට මේ මුළු කාලය ඇතුලතම කුතුහලය ඇති වෙනවා කොල්ලෝ ගැන. මේ කොල්ලෝ කියන්නේ මොන වගේ ජාතියක්ද, කොල්ලෝ හොදද නරකද වගේ හිතන්න ගන්නවා.ළමයා කොල්ලෙක් නිසා ස්භාවිකවම අවුරුදු 2 ඉදලා යටි සිතේ ආශාවක් තියෙනවා කොල්ලෝ ගැන අදුන ගන්න නමුත් ඒකට අවකාශය ලැබෙන්නේ නෑ ,ඒ වෙනුවට ලැබෙන්නේ ස්ත්‍රී ඇසුරයි, ස්ත්‍රී ආභාෂයයි , විශේෂයෙන්ම අම්මාගේ, සහෝදරියන්ගේ , නෑදෑයන්ගේ (ගෑණූ අය). හැමදාම දකින කුකුළගේ කරමලය සුදුයි වගේ එතකොට මල් වර වුනාම (එතකොටම තමයි ලිංගික ආශාවන් එන්නෙත්) කෙල්ලොන්ට කිසිම ආශාවක් එන්නේ නෑ නමුත් කොල්ලන්ගේ ගැන කුතුහලයක් තියෙනවා, කොල්ලන් සමග ආශ්‍රය කරන්න ආසාවක් තියෙනවා, තමන්ට පොඩි කාලේ පිරිමියෙක්ගේ නොලැබුනු මානසික සම්බන්ධතාව ගොඩනගා ගන්න ආශාවක් එනව, මේක නිසා කොල්ලොන්ට ලං වෙනවා, තමන් දැන් මල් වර වෙලා ඉන්නේ නිසා ලිංගික හැගිමත් තියෙන නිසා එතකොට මේ මානසික සම්බන්ධයේ අවශ්‍යයතාව ලිංගික අවශ්‍යතාවක් විදියට තේරුම් ගන්නවා ,ඊට පස්සේ ඒක relationship එකක් දක්වා යනවා, අද කාලේ LGBT එක එක විකාර නිසා ඊට පස්සේ උන් මේක වැරදි දෙයක්, මේක තමන්ගේ වර්ධනයේ වෙච්ච අඩුපාඩුවක් කියල හිතන්නේ නැතුව, මේක සාමාන්‍යය දෙයක් කියලා හිතන්න ගන්නවා , ඒකෙන් තමයි කොල්ලෙක් සමලිංගික වෙන්නේ ගොඩක් වෙලාවට.


කෙල්ලොන්ගේ වෙන්නෙත් මේකම තමයි නමුත් අනෙක් පැත්තට. ඒ වගේම ගෑණියෙක් lesbian වෙන්න පුලුවන් කොල්ලොන්ට බය වුනාම (rape වුනොත්, යාළුවෙන යාළුවෙන කොල්ලා දාලා ගියොත්, කොල්ලෝ නිතරම පහර දෙනවා නම්) , නැත්නම් තමන් වෙන කෙල්ලෙක් සමග මානසික වශයෙන් යැපෙනවා නම් (emotional dependency ) ,ඒ කියන්නේ තමන් මානසික වශයෙන් ගොඩක්ම වැටිලා නම්, ගොඩක් තනිනම්, ගෙදර කට්ටිය පහර දෙනව නම්, කොන් කරනවා නම් , බැදලා නම් මිනිහා හරියට සලකන්නේ නැත්නම් එතකොට ,කෙල්ල බලනවා තමන්ගේ තනිකම බෙදාගන්න කෙනෙක් හොයන්න, එතකොට වෙන කෙල්ලෙක් සෙට් වුනොත් ඒ වගේම, දෙන්නට දෙන්නා මනසික වශයෙන් බැදෙනවා (ඒක සම්බන්ධ කමක් නෙවෙයි ඒක හරියට තමන්ගේ තනියට කෙනෙක් තියාගන්නවා වගේ තමයි),කෙල්ලෝ කියන්නේ ගොඩක් සංවේදි ජාතියක්, කොල්ලෝ වගේ නෙවෙයි තවත් කෙල්ලෙක් සමග තමන්ගේ හැගීම් ප්‍රකාශ කරනවා, තවත් කෙල්ලෙක්ගෙන් තමන්ගේ හැගීම් වලට ප්‍රතිකාර ගන්න බලනවා නමුත් කොල්ලෙක් හම්බ වෙන්නේ නෑ ඒකට හෝ කොල්ලොන්ට බයයි හෝ දැන් ඉන්න කොල්ලා හරියට සලකන්නේ නෑ ඒ අතර කෙල්ලෙක් ගොඩක් ලං වෙනවා, ඊට පස්සේ මේ දෙන්නා මේ මානසික යැපීම වරදවා වටහාගන්නවා, ඊට පස්සේ හිතනවා ඒක love එකක් කියලා, ඊට පස්සේ ඒක sex එකට වෙනකම්ම යනවා. ඒකෙන් තමයි lesbian ගෑණියෙක් හැදෙන්නේ. මේක කොල්ලෙක්ට වෙන්නත් පුලුවන් තමන් ගොඩක් සංවේදි නම් එතකොට ඒකෙන් වුනත් gay මානසික පසුබිම හැදෙන්න පුලුවන්.


මේ කාරණා අනුව සමලිංගිකත්වය කියන්නේ වැඩිමේදී ඇතිවන අඩුපාඩුවක්, ඒක එතකොට මානසික ලෙඩක්.
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18

සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. Empty Re: සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්.

2015-03-15, 2:05 pm
Message reputation : 100% (6 votes)
පෝෂියා....... මටත් යාළුවෙක් හිටියා ඔහොම නමක් තියෙන. කෙල්ලෙක්.


මම..... අපි, මොනවාහරි දෙයක් ඔප්පු කරන්න ලියනවා නම්, සමාජයේ තියෙන ඔප්පු වෙච්ච දෙයක් තර්කයට භාජනය කරන්න හදනවා නම්, පොදුවේ ඒ දේවල් සඳහා පදනම් කරගත්ත මූලාශ්‍ර ගන්නවා. 


අපි ඕනෙම කෙනෙක්ට ඕනෙ දෙයක් කියන්න පුළුවන් නෙ. ඒක ස්වාධීනත්වය. 


ඒත් මේ වගේ දෙයක් මෙහෙම කියන එක වැරදියි නේද? ඔයා ඔයාගෙ අදහස් ඉදිරිපත් කරන තැන් වලදි "මට හිතෙන්නෙ" කියන වචනය පාවිච්චි කරලම නැහැ. න්‍යායාත්මකව ඉදිරිපත් කරලා තියෙන කරුණු වල ගොඩක් අඩු පාඩු තියෙනවා. ඒත්, මම කැමතියි මේකට මගෙ අදහසක් ඉදිරිපත් කරන්න කලින් දැනගන්න, මේක ඔයාගෙ අදහසක්ද, නැත්නම් උපුටා ගැනීමක්ද කියලා. උපුටා ගැනීමක් නම් කරුණාකරලා මූලාශ්‍රයක් දෙන්න සමහර දේවල් වලට. ඔයාගෙ අදහසක් නම් පොඩ්ඩක් කියන්න.


හරි. ඔයාගෙ මේ ආටිකල් එක කියෙව්වම මටත් මං ගැනම චූටි ප්‍රශ්න ටිකක් ආවා. උත්තරයක් දෙන්නකො.


1. මම පිරිමි ළමයි කිහිප දෙනෙකුගෙන් (සාමාන්‍ය පවුලකට වඩා ටිකක් වැඩියි) අන්තිම දරුවා. සහෝදරත්වය සහ තාත්තගෙන් ලැබෙන්න ඕනෙ ආදරය නො අඩුව ලැබුණු කෙනෙක්. මගෙ පවුලෙ ගෑණු කෙනෙක්ට ඉන්නෙ අම්මා විතරයි. පදිංචි වෙලා ඉන්නෙ තාත්තගෙ පැත්තෙ කට්ටියත් එක්ක. ඒ හැමෝගෙමත් දරුවො පුදුමෙකට වගේ ඔක්කොම කොල්ලො. උන් කීප දෙනෙකුගෙ දකින්න ඕනෙ දේවල් දැකලා ක්‍රියාත්මක වෙන ඒවත් කොහොමද කියලා දන්නවා.
2. පොඩි කාලෙ මම ගියෙ මිශ්‍ර පාසලකට. හිටියෙත් ගොඩක් කොල්ලොත් එක්ක. එතකොට ඔයාගෙ තර්කෙ මම වෙන විදිහකට ආදේශ කළොත්, මම කොල්ලො ගැන දන්න නිසා මම ආකර්ෂණය විය යුත්තේ කෙල්ලොන්ට නේද? මට කුතුහලය තියෙන්න ඕනෙ එයාලගෙ වැහිලා තියෙන දේ ඇතුළෙ තියෙන්නෙ මොකක්ද කියලා දැන ගන්න නෙවෙයිද? ඇයි මට එහෙම නොහිතුණේ.
3. අයියලම කීප දෙනෙක් නිසා ටිකක් තදින් මං ගැන හොයනකොට, මගෙ වැඩ මටම කරගන්න වෙනකොට, මටත් ඕනෙ වුණා අක්කා කෙනෙක්ගෙ අවශ්‍යතාවයක්. අද වෙනකනුත් මම කෙල්ලෙක් එක්ක යාළු වෙලා නැහැ. ඉතින් එහෙනම් ඇයි මම මගෙ ඒ අවශ්‍යතාව ඉ‍ටු කරගන්න කෙල්ලෙක් එක්ක යාළු නොවුණෙ?
4. අයියලා කීප දෙනෙක්ම හිටියත් මට පොඩි කාලෙ (4 වසරෙදි වගේ) ඉඳන් මට තේරුණා ඉස්කෝලෙ වෙනත් අයියලට ටිකක් වෙනස් විදිහකට මගේ අයියලගෙන් බලාපොරොත්තු වෙන දේට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවදෝ කියලා. කරුණු නොදැනීම සහ වයසෙ බාලකම නිසා ඒ ඇයි කියන එක තේරුම් ගන්න මට අමාරු වුණා.
5 අහා තව එකක්. නායකත්ව පුහුණුවට ගියහම මම හිටියෙ නම් සිංහල අයටත් වඩා ටිකක් දෙමළ අයත් එක්ක. මම හිතන්නෙ අපි එහෙම එකතු වෙන්නෙ අපිට අදහස් හුවමාරු කර ගැනීමේ පහසු පිරිස් එක්ක. එතනදි වුණේ සිංහල දන්න දෙමළ අයත් ඉංග්‍රීසි දන්න දෙමළ අයත් හිටපු එක. තරහා වෙන්න එපා මම මෙහෙම අහනවට. අර එතකොට සමහරු කියනවා වගේ මම එතකොට අපේ රට ඊළමට පාවා දෙන එකෙක්ද? ("කවුද දන්නෙ? වෙන්නත් බැරි නැහැ" කියන්න නම් එපා හොඳේ?)


දැන් ඊළඟ ටික.


එතකොට පොඩි කාලෙ ඉඳන් පිරිමි පාසල් වල ඉන්න අය ගැන මොකෝ හිතන්නෙ. කෙල්ලො ගැන ලොකුම අසහනකාරයො උන් ටික තමයි කියලා මම හොඳටම දන්නවා. මොකද උසස් පෙළට මම ඉගෙන ගත්තෙ එහෙම තැනක. ඒත්, නව යොවුන් අවධියේ ලිංගික අවශ්‍යතාවන් සඳහා ලොකුම පෙළඹවීම තියෙන්නෙ අවුරුදු 13-15 කාල සීමාවෙ. ලිංගිකත්වය ගැන හොයන්න තියෙන්නෙ පුදුම පෙළඹීමක්. පිරිමි පාසල්වල කොල්ලො ඒ පාඩම් කොල්ලොත් එක්ක හොඳට ඉගෙන ගන්නවා. එතනදි ඇතැම් අය සමලිංගික කටයුතු වල නැඹුරු වීමක් දක්නට ලැබෙනවා. මතක තියා ගන්න. මම කිව්වෙ සමලිංගිකත්වය නෙවෙයි, සමලිංගික කටයුතු කියලා. ඒ දේවල් වලට යොමු වූ පමණින් ඒ කෙනෙක් සමලිංගිකයෙක් වෙන්නෙ නැහැ තමන්ගෙ ජීවිත කාලයටම. හැබැයි සමහරු ඒ දේට ගොඩක් කැමති වෙලා ඒ දේවල් කරන්න පෙළඹෙනවා. නමුත් ආදරයක් සඳහා නෙවෙයි. ලිංගික ආශාවන් සඳහා පමණයි. නමුත් එතනදිත් කට්ටියක් සමලිංගිකයො විදිහට ඉස්සරහට යනවා. මේකට සමහර විට වෙනත් සාධකත් බලපාන්න පුළුවන්.


අහා දැන් කියවන කෙනාට හිතෙනවා ඇති මූ විද්දා නේද කියලා. මම මේ උදාහරණෙ ගත්තෙ පෝෂියාගෙ කතාවෙ අන්තර්ගතය ගැන මගෙ අදහසක් ඉදිරිපත් කරන්න. පෝෂියා කියන දේ ඇතැම් අවස්ථාවල හරි. නමුත් ඇතැම් අවස්ථාවල වැරදියි. එක ගහක් අඹ වුණු සැණින් ලෝකෙ හැම ගහක්ම අඹ වෙන්නෙත් නැහැ, යම් කිසි ගහක් අඹ නොවුණු සැණින් ලෝකෙ අඹ ගස් නැති වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි නියැදියක් ගත යුතු තැන් තියෙනවා. ඒ තැන් වලදි ඒ අනුව උපකල්පන වලට එළඹෙනවා. ඒත් සමහර කාරණා නියැදියක් ඇසුරෙන් ප්‍රකාශ කරන එක අමාරුයි. මොකද ඒවා පුද්ගල බද්ධ නිසා.


පෝෂියා මේ බවත් කියන්න ඕනෙ. සමලිංගිකත්වය වැරදි නෑ කියලා මම කියන එක වැරදියි, මම සමලිංගිකයෙක් නිසා. වෙන දෙයක් නිසා නෙවෙයි මොකද මේක එතකොට එක පැත්තකට පක්ෂ ප්‍රකාශයක් වෙන නිසා. ඒත් හිතන්න පොඩ්ඩක්. මම අර උඩින් කියපු කාරණා නිසා කොල්ලෙක් සමලිංගික ක්‍රියා වලට නැඹුරු වෙනවා. ඊට පස්සෙ එයා කරුණු හොයලා බලනකොට එයාට හම්බවෙනවා LGBT ගැන විස්තර. එතකොට එයා හිතනවා, මමත් එහෙනම් සමලිංගිකයි. මමත් මේක අනුව යන්න ඕනෙ කියලා. එයා නැඹුරු වුණේ ක්‍රියා වලට විතරයි. ඉදිරි කාලයේදි එයාගෙ ඇත්තම ලිංගික හැඩ ගැසීම විදිහට විෂම ලිංගික ආකර්ෂණය මතු වෙන්න පුළුවන්. එතකොට එයාට ඒ සඳහාත් කැමැත්තක් ඇති වෙනවා. මේ දේ නේද සමහර වෙලාවට බහුලව වෙන්නෙ. මම ඒකට කියන්නෙ මානසික ආබාධයක් කියන එක නෙවෙයි. කරුණු සොයා නොබැලීම සහ ලිංගිකත්වය පිළිබඳ සාකච්ඡා විවෘත නොවීම. ලංකාව වගේ රටක මේ තත්ත්වය බහුලයි. මේ නිසා වැඩිම කරදරේකට වගේම දුකට වැටෙන්නෙ සමලිංගිකයො. මොකද ආදරේ අහිමි වීම නිසා.  


මට මේ දේ පොඩ්ඩක් හිතා ගන්න අමාරුයි. කෙල්ලෙක් දූෂණය වුණා, කොල්ලෙක්ගෙ ‍රැවටීමට ලක් වුණා කියලා එයා කොල්ලන්ගෙන් හැම වෙලේම ඈත් වෙයිද? ඇත්ත, එයා ළං වෙන්න උත්සාහ කරන්නෙ දෙමව්පියන්ට සහෝදරයන්ට වඩා තමන්ගෙ ළඟම යාළුවට. මේ වගේ තත්ත්වයක් හේතු කරගෙන කොල්ලො ජාතියම පෙන්නන්න බැරි වෙන කෙල්ලොත් ඉන්නවා. ඒක ඇත්ත. අන්න ඒක නම් එයාගෙ මානසික තත්ත්වයට ඇති වුණු බලපෑමක් කියන එක මමත් පිළිගන්නවා. ඒ වගේම ඔයා නොදන්න තවත් දෙයක් තමයි ලිංගිකත්වය ගැන ගොඩක් ඕපන් වුණාම කෙල්ලො තමන් අතරෙනුත් හංඟන දේවල් කොල්ලොන්ට කියනවා. ඒක අත්දැකීමක්.


තව කියන්න කාරණා ගොඩයි. මෙහෙම ඉවර කරමුද? ත්‍රිකෝණයක පාද දෙකක් සම වෙලා, ඉතිරි පාදෙ දිහා බලන්නෙ නැතුව අපිට කියන්න බැහැනෙ "අහා මේක ටක්කෙටම සම ද්වීපාද ත්‍රිකෝණයක්" කියලා. තෙවෙනි පාදෙත් සම වුණොත් තර්කෙ වැරදියි නේද? ඒ නිසා දෙයක් කියන කොට, ඒ ගැන ඔයාට තියෙන්නෙ විවේඡනාත්මක අදහසක් වුණත් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන කරුණක් නිසා වගේම හුවමාරු කරගන්නා කාරණයක් නිසා ඔයාගෙ විවේඡනාත්මක තර්කය පොඩ්ඩක් හිතේ තියාගෙන අනික් දේවල් වලටත් විවෘත වෙන්න. ඒ වගේම රාමුව බිඳලා එළිය දකින්න.


ජිත්.


ප.ලි.


උපුටා ගැනීම - මොළය  pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. Empty Re: සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්.

2015-03-15, 5:03 pm
Message reputation : 100% (3 votes)
මූලාශ්‍රයක් වත් සැපයීමකින් තොරව මේක වුණාම මේකයි වෙන්නේ විදියට සිද්ධියක් සඳහා පැවතිය හැකි එකම සම්භාවිතාවක් ආදී ලෙස ගෙන කරුණු දක්වා ඇති බැවින් පිළිනොගනිමි සමාවන්න​.
එබැවින් විවේචනය කිරීම​, කරුණු ඉදිරිපත් කිරීම ආදී කිසිදෙයක් කිරීමට කාලය ගත නොකරමි.
හැකිනම් සමලිංගිකත්වය පිළිබඳව කෙරී ඇති නූතන විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා කියවා බලන්න​.
එපමණයි
Anonymous
Guest
Guest

සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. Empty Re: සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්.

2015-03-15, 8:10 pm
උත්තර නොදි ඉන්නවද කියලා කල්පනා කල .. එහෙත් ... පොඩි දෙයක් මාත් කියන්නම් ..... 





ඕනම පුද්ගලයෙක් වැඩි වියට පත්වෙනකම් යම් පරිශ්‍රමයක් දරනවා තමන්ගේ ලිංගය තේරුම් ගන්න ,සමාජයේ තමන්ට හිමි තැන තේරුම් ගන්න ඊට පස්සේ ළමයා විසින් සමාජය විසින් අදාළ ලිංගයට දීලා තියෙන ගතිගුණ තමන්ට ආරෝපණය කරගන්නවා තමන්ගේ ලිංගය අනුව, පිරිමියෙක් නම් පිරිමි විදියට අදින්න, කතා කරන්න, හැසිරෙන්න , කෙල්ලෙක් නම් කෙල්ලෙක් වගේ, ඒකනේ කොල්ලෝ කාර්වලට ආස පොඩි කාලේ ඉදලම, කෙල්ලෝ බෝන්නිකන්ට ආසා පොඩි කාලේ ඉදලම. මේකට කියන්නේ ආරෝපිත ලිංගය කියලයි. 

එ කියන්නේ විශම ලිංගයත් ඔබ කියන විදියට සාමජය විසින් දැනට දිලා තියෙන දේ අනුවයි හැඩ ගැහැන්නේ...ළමය පොඩි කලෙම ඔළුවට වැටෙන්නෙ ඌ කොල්ලෙක් නම් උබට තියෙන්නේ ලිගුවක් එක නිසා උඔ කාර් වලට ආස වෙන්න ඔනි ... කලිසම් අදින්න ඔනි කොල්ලෙක් නම් කෙල්ලොන්ට ආස වෙන්න ඔනි... අනන් මනන් ... එකි කෙල්ලෙක් නම් .. උඔ ගවුම් ඇදපන් .. බොනික්කො සෙල්ලම් කරපන්... කොල්ලොන්ට ආස වෙයන් ... බ්ලා බ්ලා බ්ලා ..... එ කියන්නෙ විශම ලිංගය කියන්නේ සාමජය විසින් බලෙන්ම ඔළුවට දාපු කාරණයක් ,... මිසක ලිංගික හැඩ ගැස්මක් නෙවෙයි ...(ඔබේ තර්කයට අනුව)ඔබත් අසමන්යයි ඔබත් ඔබේ ලිංගය තොරා ගත් එකක් සමාජයට ඔනි විදියට ....


lmao lmao 



ජිතය කියපු කරණාකට මාත් එකගයි // කෙල්ලොත් එක්ක ලිංගිකත්වය විවුර්තව කතා කොලොත් ...  උනුත් එහෙමයි ... අපේ ඔෆිස් එකෙ බාලම එකා මම ...  helloලගදි  බැදපු අපේ එක මිස් අක්කියෙකුට ලිංගිකත්වය ගැන මෙලො හසරක දැනුමක් නැහැ .... කොහොමද මනුස්පයව හැඩල් කරන්නෙ කියලා දුන්නේ මන් ....  rocksssrocksss rocksss rocksss(කොල්ලෙක් ගැන මන් තරම් දන්න එකෙක් ඉන්නවද lmao lmao lmao ) 


ඉන්න අක්කිලා දෙන්නම ලිංගික ගැටලුවකදි නොබියව මාගෙන් අහනවා .... 


ලිංගිකත්වය කියන්නේ කාටත් වුවාමනවට තොර ගන්න දෙයක් නෙවෙයි අප්පා.... 


... තව මන් කියන්න යන්නෙ නැහැ ඔයාට ප්‍රශ්න තියෙ නම් අහන්න මස්සිනා .... යන්නං... 
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. Empty Re: සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්.

2015-03-16, 1:42 pm
Message reputation : 100% (1 vote)
සුපිරියි ජිත්  smile smile smile smile smile smile smile smile pride pride pride pride pride pride pride pride
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. Empty Re: සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්.

2015-03-16, 10:00 pm
Message reputation : 100% (2 votes)
මම මුකුත් නොකිය ඉන්නම් ! කට්ටිය මේකට උත්තර දීල තියනවනේ ! මම ඒවාට එකඟයි ! ජිත්ට මල් මිටක් මගෙන්  flower
gkumarachandana
gkumarachandana
Regular Member
Mood : Relaxed

City : Kandy
Country : Sri Lanka
Posts : 33
GetReal Gold : 8295
Member Since : 2013-02-07
https://twitter.com/Chandan Kumara ~ චන්දන කුමාර ~

සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. Empty Re: සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්.

2015-03-20, 4:49 pm
lipi karuwa idiripat kara ati karana gana sahimakata patwenna amarui. mokada mema karunu idiripatkirima sarwa sampurna na. memagin meya kiyawannata waradi watahimak ha andara demalayak se watahei.

yamak gana karunu idiripat kirimedi adure ata pata gamakin torawa widwat katikawakta maga padamin vidyatmaka karunu samaga idiripat karanawanam bohoma wati.

darknoon
darknoon
+ 100 Posts
City : colombo
Country : Sri Lanka
Posts : 109
GetReal Gold : 8775
Member Since : 2015-08-06

සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. Empty Homosexuality - A mental diesease

2015-08-06, 8:02 pm
Message reputation : 100% (1 vote)
This is a replay to Potia article on above subject.

Although i disagree with his facts and logic, i appreciate him taking time to post such article. We should be able to tolerate everyone's opinions no matter how distasteful they are. 

One of the main faults i found in his article was use of 'rigid' structure to identify someone's sexuality. Human sexuality is complex as human mind. So to use a simple events (i.e: his article talks about childhood experiences, growth issues) to define it will not produce same results every time. 

He uses movies and some 'research' topics to justify his position. The same can be used to counter his position as well. If its mental disease as he point out, countries like UK, USA, Canada, Argentina,Scandinavian countries and many more would not allow gay marriages to take place. They would open medical clinics to treat 'gay' people instead.
suk love
suk love
+ 100 Posts
City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 6689
Member Since : 2015-08-18

සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. Empty Re: සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්.

2015-08-18, 11:32 am
ෙමක ලියපු ෙකනා තමන් ලියන්ෙන් ෙමානවද කියල ෙහාදට හිතල පෑන අතට ගත්ෙතාත් ෙහදයි
rayya1
rayya1
Regular Member
Mood : Fine

City : colombo
Country : Sri Lanka
Posts : 56
GetReal Gold : 7561
Member Since : 2014-02-10

සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. Empty Re: සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්.

2015-10-15, 10:58 am
monawa hari deyakata api comment karanawa nam eka depend wiya yutte article eke nature eka anuwa. Most academic articles widiyata penna tiyena ewa gena api comment karana welawata ewaye tibena includes gena mita wada hoyalabalana eka hoday. mokada samahara web sites scientific basis wage penna updates demmata ettatama bageta hoya gatta dewal, ehema netnam patta pal boru update karanawa.

so.................think twice before update something on academical. help
Sponsored content

සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. Empty Re: සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්.

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum