- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11
පාළුව
Mon 14 Mar - 19:12
නුඹෙ කටහඬ ඇහුනෙ නැතුවම
නුඹෙ රුව ඇස ගැටුනෙ නැතුවම
ආදරේ නුඹෙ දැනුණෙ නැතුවම
ඉන්නෙ කොහොමද හිත හදන් මම
මුළු ලොවම අඳුරින් වෙලාගෙන
රජකරයි සියොළඟම තනිකම
මට මෙන්ම නුඹටත් දැනෙනවද
දුරස් වී සිත දවන පාළුව
මතක් කර කර නුඹෙ සුවඳම
සොයන්නේ සිත නුඹෙ උණුසුම
තවත් නම් එපා මට විරසක
බිඳක්වත් සනසන්න මගෙ හිත
නුඹෙ රුව ඇස ගැටුනෙ නැතුවම
ආදරේ නුඹෙ දැනුණෙ නැතුවම
ඉන්නෙ කොහොමද හිත හදන් මම
මුළු ලොවම අඳුරින් වෙලාගෙන
රජකරයි සියොළඟම තනිකම
මට මෙන්ම නුඹටත් දැනෙනවද
දුරස් වී සිත දවන පාළුව
මතක් කර කර නුඹෙ සුවඳම
සොයන්නේ සිත නුඹෙ උණුසුම
තවත් නම් එපා මට විරසක
බිඳක්වත් සනසන්න මගෙ හිත
- amal123+ 100 Posts
- Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8064
Member Since : 2013-09-26
Re: පාළුව
Tue 15 Mar - 11:56
සඳේ සිසිලස විඳින නිසල රෑයක
යන්න බෝ මලුවට දවස පසලොස්වක
ඉදගන්න පහන් ආලොකය පමනක් ඈති අසලක
දෙනෙත් පියාගෙන විදින්න දම් සුවඳ සිතේ පෙර මතක
ඈසෙයි බෝ පත් වල සිලිසිලිය
එතකොට ඈසෙයි සියොලඟ මගේ කටහඬ
බුදුන් පිදු ඒ මල්සුවදින් නුඹ සෑනසෙන විට
දෑනෙයි මා ලඟ සිටින සේ මගෙ ගත සුවද මතක
දෑන් අහන්න හිමින් හදවතින්
මගෙ ආදරෙ කොච්චර දෑනෙනවද කියල
ඔබේ හදවත කියයි ඔබහට මා විරසක නෑ කියා
ඔබට කෙතරම් අදරෙද කියා......
යන්න බෝ මලුවට දවස පසලොස්වක
ඉදගන්න පහන් ආලොකය පමනක් ඈති අසලක
දෙනෙත් පියාගෙන විදින්න දම් සුවඳ සිතේ පෙර මතක
ඈසෙයි බෝ පත් වල සිලිසිලිය
එතකොට ඈසෙයි සියොලඟ මගේ කටහඬ
බුදුන් පිදු ඒ මල්සුවදින් නුඹ සෑනසෙන විට
දෑනෙයි මා ලඟ සිටින සේ මගෙ ගත සුවද මතක
දෑන් අහන්න හිමින් හදවතින්
මගෙ ආදරෙ කොච්චර දෑනෙනවද කියල
ඔබේ හදවත කියයි ඔබහට මා විරසක නෑ කියා
ඔබට කෙතරම් අදරෙද කියා......
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11
Re: පාළුව
Tue 15 Mar - 19:09
පෙම් කෙරුව මගෙ හිතට
කඳුළු බිඳු ඉතිරි කොට
ළං වෙන්න හිතනු ඇයි
ළඟදි හමු වුණ ඔහුට
ආදරය නොදුන්නෙද
මං නුඹට ඇති වෙන්න
නොමැතිනම් හේතු කිම
මගෙන් දුරකට යන්න
රෑ පුරා නිදි නැතිව
දැක්ක රන් සිහිනයට
අඳුර මුහු කලේ ඇයි
මේ තරම් ඉක්මනට...
කඳුළු බිඳු ඉතිරි කොට
ළං වෙන්න හිතනු ඇයි
ළඟදි හමු වුණ ඔහුට
ආදරය නොදුන්නෙද
මං නුඹට ඇති වෙන්න
නොමැතිනම් හේතු කිම
මගෙන් දුරකට යන්න
රෑ පුරා නිදි නැතිව
දැක්ක රන් සිහිනයට
අඳුර මුහු කලේ ඇයි
මේ තරම් ඉක්මනට...
- amal123+ 100 Posts
- Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8064
Member Since : 2013-09-26
Re: පාළුව
Wed 16 Mar - 12:36
ඈයි
මෙ විරහව..
අනුන්
කියු බස්
නොගෙන
ඔය හිතට
ඉන්න හෑමදාම
මගෙ ලඟ
මටත් දෑනෙනවා
මේ වෙනස
හෑසිරීම
නෑ සිනහ
නෑ කතා
මමත් ඉන්නෙ
හරි දුකෙන්
සනසන්න
ගත් විරිය
තවම නෑ
වී පලක්......
මෙ විරහව..
අනුන්
කියු බස්
නොගෙන
ඔය හිතට
ඉන්න හෑමදාම
මගෙ ලඟ
මටත් දෑනෙනවා
මේ වෙනස
හෑසිරීම
නෑ සිනහ
නෑ කතා
මමත් ඉන්නෙ
හරි දුකෙන්
සනසන්න
ගත් විරිය
තවම නෑ
වී පලක්......
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11
Re: පාළුව
Wed 16 Mar - 19:24
උඹ අනිත් කොල්ලො වගේ
කඩවසම් නැති උනත්
අනිත් කොල්ලොන්ට වඩා
උඹේ හදවත ගොඩාක් ලස්සනයි
අනිත් උන් ඉස්සරහා බොරු මායම් දාන
කෝටියක් කොල්ලො අතරේ
හැමදාම මං ඉදිරියේ උඹ
හිටියේ හැබෑ ස්වරූපයෙන්
හැම කොල්ලම අනිත් උන් ඉදිරියේ පොශ් වෙද්දි
උඹට ඕන උනේ මං ඉදිරියේ
අව්‍යාජව හිනා වෙලා ආදරෙන්
මගේ දුක සැප හොයලා බලන්නයි
මම ටිකක් වස උනාට සැර උනාට
මම උඹට හුඟාක් ආදරෙයි කියලා උඹ දන්නවා
ඇත්තටම උඹ මගේ ජීවිතේ කොටසක් වෙලා
ඉවරයි මගේ කොල්ලෝ...
කඩවසම් නැති උනත්
අනිත් කොල්ලොන්ට වඩා
උඹේ හදවත ගොඩාක් ලස්සනයි
අනිත් උන් ඉස්සරහා බොරු මායම් දාන
කෝටියක් කොල්ලො අතරේ
හැමදාම මං ඉදිරියේ උඹ
හිටියේ හැබෑ ස්වරූපයෙන්
හැම කොල්ලම අනිත් උන් ඉදිරියේ පොශ් වෙද්දි
උඹට ඕන උනේ මං ඉදිරියේ
අව්‍යාජව හිනා වෙලා ආදරෙන්
මගේ දුක සැප හොයලා බලන්නයි
මම ටිකක් වස උනාට සැර උනාට
මම උඹට හුඟාක් ආදරෙයි කියලා උඹ දන්නවා
ඇත්තටම උඹ මගේ ජීවිතේ කොටසක් වෙලා
ඉවරයි මගේ කොල්ලෝ...
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7363
Member Since : 2016-03-31
පෙම් කෙරුව මගෙ හිතට
Sun 8 May - 16:49
කඳුළු බිඳු නොම ගෙනෙමි පෙම් කෙරුව ඔය හිතට
කිසිම දින ලං නොවෙමි වෙනත් කිසිවෙකු වෙතට
කෙදිනවත් නොසිතුවෙමි නුඹෙන් දුරකට යන්න
ඔබේ රුදු නිහඬ බව කෙසේ මම ඉවසම්ද?
කිසිම දින ලං නොවෙමි වෙනත් කිසිවෙකු වෙතට
කෙදිනවත් නොසිතුවෙමි නුඹෙන් දුරකට යන්න
ඔබේ රුදු නිහඬ බව කෙසේ මම ඉවසම්ද?
රැය පුරා නිඳි නොලැබ මැවූ පෙම් සිහිනයට
හද පුරා නුඹ ගෙනා ලොව්තුරා ආලයට
පෙම් කළෙමි පෙම් කරමි මම සදා කාලයට
සිනා සෙනු මැන ඉතින් පෙර පුරුදු තාලයට
හද පුරා නුඹ ගෙනා ලොව්තුරා ආලයට
පෙම් කළෙමි පෙම් කරමි මම සදා කාලයට
සිනා සෙනු මැන ඉතින් පෙර පුරුදු තාලයට
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|