Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11

හිතට හෙමිහිට දැනෙනවා Empty හිතට හෙමිහිට දැනෙනවා

Sun 26 Jun - 19:13
බිඳෙන් බිඳ මා අතහැරෙන හැටි
හිතට හෙමිහිට දැනෙනවා
දුරින් දුරකට ඈත යන බව
මගේ දෑසට පෙනෙනවා
දැන් නැතත් මතු තනිව ඉන්නට
වන බවක් සිත කියනවා
ඒ වුණත් තව තවත් නොඅඩුව 
ආදරේ නම් තියෙනවා

ඈත දිනයක ඔබට මතකද 
හමුවුණා අප දෑස් සිත්සේ
එදා සිට අප පැතුම් පැතුවා 
අපේ වෙන්නට අපට රිසිසේ 
කොහෙන්දෝ හා හීන පොදියක් 
මතු වෙලා ඔය දෑස් අස්සේ 
කඳුළු දෝතක් අරන් හෙමිහිට 
කිමද මල් පෙති මතට ඉස්සේ

කොහේ හෝ යන්නට ද නුඹ මේ
දෑස් මගේ මග හරින්නේ
මගෙන් ඈතට දුරක ගියොතින්
කොහොමදෝ මා සිනාසෙන්නේ
නුහුරු හීනය හැර දමා දුර
ඔයා මාගේ ළඟින් ඉන්නේ
ඒ ලෙසයි අපෙ ආදරේ තව
මියෙන තුරු දුර අරන් යන්නේ.
suk love
suk love
+ 100 Posts
City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 6719
Member Since : 2015-08-18

හිතට හෙමිහිට දැනෙනවා Empty Re: හිතට හෙමිහිට දැනෙනවා

Sun 26 Jun - 20:24
ආදරේ දුක ඒ   තරමටම හිතට දැනිල වගේ ඔයාට
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7363
Member Since : 2016-03-31

හිතට හෙමිහිට දැනෙනවා Empty Re: හිතට හෙමිහිට දැනෙනවා

Mon 27 Jun - 1:56
බිඳක්වත් දුර ඈත යන්නට මගේ හිත නෑ ඉඩක් දෙන්නේ

මොහොතකට වත් තනි කරන්නට සිහිනෙනුත් නෑ සිතන්නේ

ගව් ගනන් දුර ඈත සිටියත් ලග බවයි මට දැනෙන්නේ

එදා තිබුනාටත් වඩා තව ආදරෙන් සිත පිරෙන්නේ

 

ඔබට වාගෙම මටත් මතකයි දෑස් හමු වූ මුල් දිනේ

එදා සිට අප පැතූ පතුමන් හදවතින් නෑ මැකී යන්නේ

හදේ පොපියන එකම හීනය ඔබම වේ මා කුමරුවන්නේ

කඳුළු නෑ යලි සිනහ පමණයි ඔබේ දෙතොලට මා ගෙනෙන්නේ
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11

හිතට හෙමිහිට දැනෙනවා Empty Re: හිතට හෙමිහිට දැනෙනවා

Mon 27 Jun - 20:38
ආදරේ කරලා දුක් විඳිනවට වඩා ආදරේ හිතේ තියාගෙන දුක් විඳින එක ලේසියි
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9854
Member Since : 2015-05-03

හිතට හෙමිහිට දැනෙනවා Empty Re: හිතට හෙමිහිට දැනෙනවා

Tue 28 Jun - 5:25
Oshada wrote:ආදරේ කරලා දුක් විඳිනවට වඩා ආදරේ හිතේ තියාගෙන දුක් විඳින එක ලේසියි

ekanam eththa mallo.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7363
Member Since : 2016-03-31

හිතට හෙමිහිට දැනෙනවා Empty Re: හිතට හෙමිහිට දැනෙනවා

Tue 28 Jun - 17:29
මගේ කදුලින් ඔබේ මුව මත

සිනා මල් පෙති පුබුදු වේ නම්

කඳුළු දෝතක් නොවේ වැස්සක්

උනත් ඔබ වෙනුවෙන් හෙලන්නම්

 

නුහුරු සිහිනය තුරුළු කරගෙන

නිබඳ මා ඔබ ලඟම ඉන්නම්

මේ ලෙසම මගෙ ආදරේ තව

සදා ඔබ වෙත පුද කරන්නම්
Sponsored content

හිතට හෙමිහිට දැනෙනවා Empty Re: හිතට හෙමිහිට දැනෙනවා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum