Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10654
Member Since : 2013-08-11

ආදරයේ ගීතිකාව Empty ආදරයේ ගීතිකාව

2016-06-27, 8:40 pm
නොසිටියත් නෙත් මානයක,
නොදකිනා නුඹ ගැන මතකයන්
බිඳෙන් බිඳ හදවතේ..
මොහොතින් මොහොත ලියවේ..
යලිත් කිසි දිනෙක
නොමැකෙනා ලෙසින්..
ඉදින්..
කඳුළු ගංඟාවක් ගැලූවත්
දිය වී නොයාවි.
සුසුම් ගිනි ජාලාවකින් වත්
අළු වී නොයාවි...
බැඳ තබා ගනීවි හදවතේ
සියුම් ලේ නහර වලින් පවා
නුඹේ නමින් ලියැවෙන ඒ

ආදරයේ ගීතිකාව.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7333
Member Since : 2016-03-31

ආදරයේ ගීතිකාව Empty Re: ආදරයේ ගීතිකාව

2016-06-28, 6:48 pm
ඉන්නට නැතත් නෙත් මානයක

වඩින හැම රෑ සිහිනයක

කුමරුන් ගැන මතක

බිතුසිතුවමකි සිත් පව්වක

 

ඇයි මේ කඳුළු ගඟුලක

සුසුම් ගිණි ජාලාවක

මකා ඒ අමිහිරි මතක​
වෙලෙමු නව හසරැල්ලක
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum