- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10676
Member Since : 2013-08-11
සොයමි පැතුමක්
2016-06-29, 8:02 pm
නුඹ නොමැති කවියක්
ලියන්නට තැනුවත්
එයට නැත සවියක්
ඔබව මතු වෙයි කවියෙ අගවත්
මතක ලෙස නුඹවිත්
රිදුම වෙයි මොහොතක්
ඒ මොහොත කොහොමත්
තියෙයි හිත මත බොහෝ දවසක්
සති මාස ගෙවුණත්
නැත කිසිම වෙනසක්
නුඹ නැතිව අඩුවක්
කඳුළු මිරිකා සොයමි පැතුමක්
උණුසුම්ම සුසුමක්
සමග හිත රිදුමක්
නෙතට විත් කඳුළක්
කියනවා දුක පිරුණු කවියක්
ලියන්නට තැනුවත්
එයට නැත සවියක්
ඔබව මතු වෙයි කවියෙ අගවත්
මතක ලෙස නුඹවිත්
රිදුම වෙයි මොහොතක්
ඒ මොහොත කොහොමත්
තියෙයි හිත මත බොහෝ දවසක්
සති මාස ගෙවුණත්
නැත කිසිම වෙනසක්
නුඹ නැතිව අඩුවක්
කඳුළු මිරිකා සොයමි පැතුමක්
උණුසුම්ම සුසුමක්
සමග හිත රිදුමක්
නෙතට විත් කඳුළක්
කියනවා දුක පිරුණු කවියක්
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|