Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11

මා සිහි වෙලා කඳුළක් නෙත උනනවද Empty මා සිහි වෙලා කඳුළක් නෙත උනනවද

2016-07-01, 1:34 am
මම ආදරය කෙරුව අයියා මාව දාලා ගියාට පස්සෙ එයාට මෙහෙම හිතෙන්න ඇති...


තවමත් උදෑසන නුඹ පිබිදෙනවාද 
නිදි පැදුරෙන්ම මා උණුසුම සොයනවද 
පුරුදු ලෙසට රස කිරි තේ හදනවද 
මා සිහි වෙලා කඳුළක් නෙත උනනවද


රසකර බතට අඹ මාළුත් උයනවද

සැර මදි කියා මිරිසුත් තව බදිනවද 
උණු උණුවෙන්ම බත් මුල තව බැඳෙනවද
මා සිහි වෙලා කඳුළක් නෙත උනනවද

හැඩ වැඩ දමා කමිසය තව අඳිනවද
කමිසයෙ පාට ටයි එක නුඹ දමනවද
ගැටයත් දමා දෙන්නේ දැන් කවුරුන්ද
නුඹේ ඇඳුම තවමත් මා සොයනවද

මා නැත තනිව බසයට නුඹ දුවනවද
තිරිසන් වන සතුන් මැද අසරණ වෙනවාද
තනිවට නුඹේ අද කවුරුත් නැතිවාද
නුඹටත් වඩා මා සිත කෙතරම් හඬනවද

සවසට ඇවිත් තවමත් මඟ බලනවද
පැණි බූන්දි ගෙනෙනා තෙක් මඟ රකිනවද
ප්‍රමාදයැයි කියමින් හොටු පෙරනවද
මා නැති සයනේ නුඹ ගුලිවී නිදනවද
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7363
Member Since : 2016-03-31

මා සිහි වෙලා කඳුළක් නෙත උනනවද Empty ඔබ මා අතෙරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණී

2016-07-01, 1:30 pm
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum