Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
avatar
Suwahas
Regular Member
Mood : Hurt

City : somewhere under the same sky
Country : Sri Lanka
Posts : 26
GetReal Gold : 5699
Member Since : 2016-09-16

මට හිමි වූ..මුල් දිනයේ... Empty මට හිමි වූ..මුල් දිනයේ...

2016-09-25, 10:13 pm
මා සෙව්වා මුළු සංසාරේ
දැකගන්නට ඔය නෙතු ආයේ
මගෙ පණ සේ සියොළග යාවූ
හැඟුමක් වාගෙයි පෙම දැනුනේ
නිම් හිම් නැති හිතක සෙනේහේ
උතුරා මුව කමල තෙමේවී
එක පැතුමක් වේ හද පතුලේ
ඒ ඔබ පමණයි මිහිරාණේ......

පෙම වෑහෙන නෙත් උපුල්
සිත යාවුන රත් කොපුල්
මට හිමිවූ...මුල් දිනයේ...
ගොළු වී සිටි ඒ දෙතොල්.....

සවනේ සැතපී ඉදන්
රහසේ මුමුණයි වදන්
කොයි වේදෝ...මුළු ලෝකේ...
සතුටක් මට ඔබ තරම්....

එකමෙකම වතාවක්..
හමුවන්නට නාවත්..
මා ආදරෙයි ඒ වාගේ..
මිහිරියේ.....

කොයි රෑකදි ආවත්..
සනහා මා නිවනා..
මගෙ හීන දෙව්වන්තයේ..
ආදරෙයී....

දඬුවම් දී මට නිහඩව ඉන්නට
ඔය හිත නපුරු වෙලා..
මගෙ හිත තව තව ඔබ ගැන
උමතූ වෙලා...

ගොළු වී සිටිනා මුවින්..
නොකියූ සෙනෙහේ වදන්..
සිත පිරිලා..ගොඩ ගලනා..
ආදර ගඟ කොයි තරම්...

මගෙ පණ තුරුලට අරන්..
තවරා සැනසුම් සුසුම්..
සනසන්නම් මුළු දිවියේ..
ළං කරගෙන පෙම් හදින්...

ඉද හිට හිත පාරා..
රළු වී දොස් පවරා..
මා සැර වුනේ පියෙකු සේ
ආදරෙන්....
අමනාපව උන්නත්
මගෙ පණ හැමදාමත්
මා ආදරෙයි මුළු හදින්..
එක සිතින්..

දඬුවම් දී මට නිහඩව ඉන්නට
ඔය හිත නපුරු වෙලා...
මගෙ හිත තව ඔබ ගැන
උමතූ වෙලා....

පෙම වෑහෙන නෙත් උපුල්
සිත යාවුන රත් කොපුල්
මට හිමි වූ..මුල් දිනයේ..
ගොළු වී සිටි ඒ දෙතොල්..
සවනේ සැතපී ඉදන්
රහසේ මුමුණයි වදන්
කොයි වේදෝ..මුළු දිවියේ..
සතුටක් මට ඔබ තරම්....
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum