Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Anonymous
Guest
Guest

සිනා තොටක් විය  Empty සිනා තොටක් විය

2016-10-21, 10:05 pm
මේ  අහපන් 


මොකක්ද කියන්න,අහාගෙන ඉන්නේ  ...


දුක නැද්ද ?


මොකටද ?


උබේ ඔය අහංකාර කම පණ්ඩිත කම මාව  රිද්දනවා පොඩ්ඩෝ ....


හිනා යන කතා කියන්න එපා සමීර, කව්ද කාටද රිද්දන්නේ කියලා ඔය නොදන්නවා නෙවෙයි නේ .


අමිල මල්ලි , මට උඔව  දාලා යන්න වුවමනාවක් නැහැ , උඔ එක දන්නවා හොදටම ,


ඉතින් එහෙනම් ඉන්නකෝ .


ඉන්න පුළුවන් නම් ඉන්නවා නේ මහත්තයෝ , 


හ්ම් එහෙනම් ඉතින් යන්න ... කිසිම  බාදාවක්  නැහැ ..


අපේ අම්මා තාත්තා සහෝදරයෝ නෑදෑයෝ මේ සමාජය කවදාවත්  අපිට  ඉන්න දෙන්නේ නැහැ පොඩ්ඩෝ ....  


මගේ ජීවිතේට  ආවෙත් ඔයා .. යන්නෙත් ඔයා මට නවත්තන්න  ඕනි නැහැ ... ඔයා නිදහසේ  යන්න ... 


සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං

බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී
සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී 
ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී 
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී





(දැන් මට ලස්සනට ලියන්න බැහැ  .. ඉස්සරත් එහෙමයි ලියන්න හැකියාවක්  තිබ්බේ නැහැ ... හිතුනා ලිව්වා )
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

සිනා තොටක් විය  Empty Re: සිනා තොටක් විය

2016-10-22, 3:07 am
like like like like like
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum