Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

පියෙකුගේ හැඟීම් Empty පියෙකුගේ හැඟීම්

2017-01-07, 11:19 pm
Message reputation : 100% (3 votes)
ආදරණීය පොඩි පුතා,

ඔයාගෙ අම්මයි තාත්තයි අපි නොවුනත්, පුංචි කාලෙ ඉඳන් ඔයාව හදාවඩා ගත්තෙ අපි. පුංචි කාලෙ ඉඳන් අපි දෙන්නට අංකල් ඇන්ටි කිව්වත්, ඔයාගෙ දෙමවුපියන්ට වගේම අපිටත් ඔයා ආදරේ කලා කියන්න අපි දන්නවා. මගේ පුතාට වගේම අපේ නොවුනත් අපේ වුන ඔයාටත් ඔයාගේ හොඳම යාළුවා වුන මගේ පුතාටත් අපි දෙන්නම බෙදුවෙ එකම හැන්දෙන්. ඒක එදාට වගේම අදටත් හෙටටත් වලංගුයි.

ඔයා අපේ ළඟට එනකොට හිටිය කායික සහ මානසික තත්වය ගැන අද් මට කතා කරන්න අවශ්‍ය නැතත් අපි බලාපොරොත්තු උනාට වඩා ඔයා අද ගොඩක් ඉස්සරහයින් ඉන්නවා දැක්කම මට ගොඩක් සතු‍ටුයි. මම ආඩම්බර වෙනවා ඒ ගැන.  ඒ වගේම පුංචි කාලෙ ඉඳන් මම ඔයාගෙන් දැක්ක සමහර දේවල් සමහර හැසිරීම් සාමාන්‍යය පිරිමි ළමයෙකුගෙන් බලාපොරොත්තු නොවෙන දේවල් බව මම තේරුම් ගත්තා. ඔයා වයසින් වැඩිමල් වෙනකොට ඒ හැසිරීම් යටපත් කරගන්න උත්සහා කරගන්න බවත් මම දැක්කා. එදා මම ඒ හැමදෙයක් ගැනම උපේක්ෂාවෙන් බලාගෙන හිටියෙ ඇයි කියලා අද මට හිතාගන්න බෑ.

පොඩි පුතා, අද වෙනකොට මම මේ ලෝකයේ බහුතරයක් අයත් වෙන විෂම ලිංගිකයෙක් උනත්, අවුරුදු ගානකට කලින් මම මගෙ යාළුවෙකුට ආදරේ කලා. ඔව් පුදුම වෙන්න එපා, එයා පිරිමි යාළුවෙක්. අදටත් එයා දන්නෙ නෑ එයාගෙ හොඳම යාළුවෙක් එයාට ආදරේ කළ බව. ඉතින් පොඩි පුතේ, තවත් මට හංගන්න දෙයක් නෑ. ඔයා සමලිංගිකයෙක් බව මම දැනගෙන ගොඩක් කල්. මට ඔයාගෙ හැඟීම් තේරෙනවා. ඔයාගෙ හිත තේරුම් ගන්න මට පුළුවන්. ඒත්

පොඩි පුතේ, ඔයා අද ආදරේ කරන්නෙ මගෙ ලෙයින් හැදුන මගෙ පුතාට, ඔයාගෙ හොඳම යාළුවා වෙච්ච මගෙ පුතා අද වෙනකල් එයාගෙ තාත්තගෙන් කිසිම දෙයක් හංගලා නෑ, ඒත් එයා සමලිංගිකයෙක් බව මම දැනගෙන හිටියෙ නෑ. මගේ පරම්පරාව මගෙන් පස්සෙ උරුම කරගත්ත, මගේ දේපල, මගේ ව්‍යාපාර හැමදෙයක්ම උරුම කරගත්ත මගේ පුතාට තව ටික කාලෙකින් ලස්සන උගත් දුවක් කසාද බන්දලා දීලා ඒ දෙන්නගෙ දරුවො හුරතල් කර කර නිදහසේ සතුටින් ඉන්න මමයි අම්මයි හීන දැක්කා. ඒත්, ඔයාලා දෙන්නා මගේ ළඟට ඇවිත්, " ඔව් තාත්තා, මම කවිඳුට ආදරේ කරනවා, ඔව් තාත්තා, මම රනූට ආදරේ කරනවා" කියලා කියනකොට මගෙ පුතේ මේ තාත්තාගේ හීන මාළිගා සේරම කැඩිලා බිඳිලා ගියා.

පොඩි පුතේ, මම දන්නෙ නෑ අම්මා කොහොම මේ දේවල් අහගෙන ඉඳීද කියන්න. එයා ඔයාලා දෙන්නව කොයි විදිහට බාරගනීද කියන්නත් මම දන්නෙ නෑ. මම එයාට තේරුම් කරන්නම්, මේ අපේ කාලය නොවෙන බව, අපේ කාලය තරම් ලෝකය පුංචි නොවෙන බව. අම්මා මට ඇහුම්කම් දේවි. ඒත් අම්මා ඔයාලා දෙන්නව බාරගන්න දවස වෙනකන් ඉවසන්න. ජීවිතේ ඉගෙනගන්න පොඩි පුතේ, මේ ලෝකය හිතන තරම් අහිංසක නොවෙන බවත්, තවත් කෙනෙක් වෙනුවෙන් සංවේදී නොවෙන බවත් තේරුම් ගන්න, තනියම ජීවිතය ගොඩනගාගෙන ආත්ම විශ්වාසයෙන් අනාගතය සාර්ථක කරගන්න කැපවෙන්න.

ඔයාගෙ තාත්තා නොවුනත්, මම මගෙ පොඩි පුතාගෙන් ඉල්ලන්නෙ මෙච්චරයි, මගෙ පුතේ, මගෙ පුතාව බලාගන්න.


තාත්තා
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6481
Member Since : 2016-07-07

පියෙකුගේ හැඟීම් Empty Re: පියෙකුගේ හැඟීම්

2017-01-08, 1:34 am
හරිම ලස්සනයි...මටත් හීනයක් තියනව අපේ අප්පච්චිත් දවසක මට මෙහෙම කියයි කියල  smile
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

පියෙකුගේ හැඟීම් Empty Re: පියෙකුගේ හැඟීම්

2017-01-08, 4:39 am
ලස්සනයි. ඒත් මේ විදිහට අපෙ දෙමව්පියන් හිතන්න තව කල් යයි.
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

පියෙකුගේ හැඟීම් Empty Re: පියෙකුගේ හැඟීම්

2017-01-08, 7:46 am
හිතන තරම් ලේසි නෑ දෙනෙත් අයියා, බලපොරොත්තු අතෑරගන්න එපා.

නැහැ හිත හොඳ අයියේ, එහෙම හිතන අයත් ඉන්නවා. පුදුම වෙන්න එපා. මේ වගේ තාත්තලා ලැබන්න පින් කරන්න ඕන. මගේ ගැන ඔයා ගොඩක් දේවල් දන්නවනේ. ඉතින් මම මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ගොඩක් වාසනාවන්තයි නේද?
Sponsored content

පියෙකුගේ හැඟීම් Empty Re: පියෙකුගේ හැඟීම්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum