Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9063
Member Since : 2013-05-05

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-11-16, 10:27 pm
Message reputation : 100% (7 votes)
"ඕක උඹේ අන්තිම තීරණේ ද..?"


"මේක අන්තිම තීරණේ වෙන්න මං වෙන තීරණේක හිටියෙ නැහැනෙ සිතූ..."


"මොකද්ද මේකෙ තේරුම සංදු..?"


"මොකේද..?"


"මෙහෙම කරන එකේ..."


"කොහොම කරන එකේද...?"


"ඇයි මොකුත් තේරෙන්නෙ නෑ වගේ කතාකරන්නෙ..?"


"තේරෙන්නෙ නැති නිසා තමයි සිතූ මං අහන්නෙ... උඹ මොකද්ද දැන් මට කරන්න කියන්නෙ...?"


"මගෙන් පළිගන්න වගේ වැඩ කරන්න එපා සංදු..."


"මං කවදද එහෙම වැඩ කරල තියෙන්නෙ...? අනික උඹෙන් පළිගන්න උඹ මට කරපු වැරැද්ද මොකද්ද...? උඹට හිතෙනවද උඹ මට වැරද්දක් කරල තියෙනව කියල සිතූ..??"


"මේ පළිගන්නවා නෙමෙයිද...? බෙස්ට්මන් වෙන්න කිව්වම ඒක බෑ කිව්වා.. ඒක කමක් නෑ කියමු.. ඒ පාර වෙඩින් එකට එන්නත් බැරිලු. ඇයි සංදු...??? මං මේ රජවෙන්න යනවා නෙමෙයිනේ.. අනික මේ මගේ තනි තීරණයක් නෙමෙයි. උඹ.. උඹ... උඹමයි කිව්වේ... මීට වඩා හොඳයි... ෂිට්..."


"උඹ කියන්නෙ මේ වෙඩින් එක සිද්දවෙන්නෙ මගේ උවමනාව නිසා කියලද සිතූ..?? කසාද බඳින්නෙ උඹ.. මම නෙමෙයි. උඹට බඳින්න කියල ගෙදරින් බල කරනව කිව්වමයි මං කිව්වෙ ආන්යට කැමති වෙයං කියල. හිතනවද... හිතනවද උඹ මං මේ දේවල් දිහා හරි සතුටෙන් බලාගෙන ඉන්නව කියල...??"


"මං නොදන්නවා නෙමෙයි දෙයියනේ... මගේ ඔළුව යකාගෙ කම්මල වගේ වෙලා. ඇයි සංදු...? ඇයි...?? මං අම්මලට මොනවද කියන්නෙ..? බෙස්ට්මන් වෙන්න බෑ කිව්වම මං ඒ ප්‍රශ්නෙ කොහොමහරි විසඳුවා. දැන් වෙඩින් එක හෙට. උඹ කියනවා එන්නෙ නෑලු.. මගේ හොඳම යාළුවා අද වෙනකන් වෙඩින් එකේ හැම වැඩකටම උදව් කරලා වෙඩින් එකට නැති උනාම..."


"උඹේ අම්මල වෙනුවෙන් මට තවත් මගේ පපුව පුච්චගන්න බෑ සිතූ.. මං මගේ ජිවිතේ.. මගේ පණ.. එයාල වෙනුවෙන් වෙන කෙනෙක්ට දෙනවා.. තවත් මොනවද සිතූ..??"


"මට සමාවෙයන් සංදු... මං මහ කාලකන්ණියෙක්..."


"සමාව ඉල්ලන්න ඕන නෑ සිතූ.. උඹවත් මමවත් උඹේ අම්මලවත් ආන්යවත් වැරදි නෑ.. අපි කවුරුත් වැරදි නෑ.."


"මට තේරෙන්නෙ නෑ බං සංදු..."


"තේරුම්ගන්න උත්සාහ කරන්නත් එපා සිතූ.. මේ වෙන දේවල් දිහා මේ විදියට අපි බලාගෙන ඉමු.. ඒත්.. ඒත් දැන් එක දෙයක් කරපං.."


"මොකද්ද සංදු...?? මට මැරෙන්න කියපන්.. මං ඒකත් කරනවා.."


"ප්ලීස්... දැන් උඹ පලයන්..."


"සංදු..???"


"ඔව් සිතූ.. දැන් උඹ පලයන්.. උඹ මගේ කියන හැඟීම හිතේ තියාගෙන ඉන්න මට නිදහස තියෙන්නෙ තව පැය ගානයි.. ඒත් උඹව පෙනි පෙනී මට එහෙම හිතන්න බෑ.. ඒ නිසා දැන් පලයන්.."


"සංදු... මං..."


"මාව අල්ලන්න එපා සිතූ.. ප්ලීස්... අනික මාව අල්ලලා නළවලා පරක්කරන්න මං අඬන්නේ නෑ... බලපන්... බලපන් මගේ ඇස් වල එක කඳුළු බිංදුවක් තියේද කියලා.. මං අඬන්නේ නෑ.. මට අඬන්න ඕනත් නෑ.. මං හිනා වෙනව සිතූ.. හැමදාම හිනා වෙනවා.. මං මගේ පණ ආන්යට දුන්නට හුස්ම ටික මගේ ගාව තියාගන්නවා... ඉතිං මං අඬන්නේ මොකටද..??"


"සංදු.. මට..."


"තව මොකවත් නොකියා මෙතනින් පලයන් සිතූ.. පලයන්.. ප්ලීස් ලීව් මී අලෝන්...."


මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලායන්න
මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න


මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි
හෙට අවපස වී මං එනකොට අඬන්න නරකයි
තව එපා ඉන්න... තව එපා ඉන්න...
ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලි අඳින්න
මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න


සඳ එන අහසක සුදු සීතල සැමදා නුඹටයි
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ළඟමයි
දැන් ඉතිං යන්න... දැන් ඉතිං යන්න...
අතැඟිලි වැදුනම බැරිවෙයි මුදු පළඳවන්න



Last edited by භානුක on 2013-11-17, 12:14 pm; edited 1 time in total
Udesh
Udesh
Regular Member
Mood : In love

City : colombo
Country : Sri Lanka
Posts : 41
GetReal Gold : 7896
Member Since : 2013-11-05

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-11-16, 10:51 pm
Message reputation : 100% (1 vote)
niyamai malli
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-11-16, 10:59 pm
Message reputation : 100% (1 vote)
awesome macho kiyanna wachana nehe im stuck
Anonymous
Guest
Guest

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-11-16, 11:29 pm
කියන්න වචන නැහැ බං ඇත්තමයි...සුපිරි
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9552
Member Since : 2013-03-28

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-11-16, 11:40 pm
Message reputation : 100% (1 vote)
සිරා පට්ටයි බං.............
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-11-17, 2:03 am
Message reputation : 100% (1 vote)
කියන්න දෙයක් නෑ. සුපිරි.
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9264
Member Since : 2013-08-02

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-11-17, 6:22 am
Message reputation : 100% (1 vote)
Wow!!! excellent. Harima hedai..friend. thawa liyanna me wage ewa:arrow:
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

2013-11-17, 11:59 am
Message reputation : 100% (1 vote)
wow. lassanai
Sponsored content

මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න... Empty Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum