Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4129 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9628
Member Since : 2013-01-26

සමලිංගික ඇසුර මානසික රෝගයක්ද? Empty සමලිංගික ඇසුර මානසික රෝගයක්ද?

2013-12-21, 11:30 pm
Message reputation : 100% (2 votes)
පේ‍්‍රමය, රාගය ආදී සිතුවිලි බොහෝ විට සම්බන්ධව පවතින්නේ පුද්ගලයාගේ ආශාවන් සමඟය. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට ආදරය දැක්වුවද රාගයක් ඇති වන්නේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් අතරය. ඒ බොහෝ දෙනෙක් ලොව පිළිගත් සම්මතයයි. එසේ වුවත් ලොව මේ වන විට සමලිංගිකත්වය පිළිබඳ බහුල වශයෙන් කතා බහට ලක්වන්නේ අතීතයේ සිට ගොඩ නැගුණු රීති සම්ප්‍රදායන් බිඳ දමමිනි. එසේ වුවත් අතීතයේදී එතරම් කතාබහට ලක් වී නොමැති වුවත් සමලිංගිකයන් ජීවත් වී සිටියා විය හැකියි.

නමුත් මේ ගැටලුව නිසා බොහෝ විට සමාජයේ විවිධ පුද්ගලයන්ට ඇතිවන විවිධාකාර ගැටලු නිසාත් මේ තුළින් සමාජයේ අලුතින් ගොඩනැගෙන විවිධාකර කණ්ඩායම් නිසාත් සමලිංගිකත්වය පිළිබඳව මනෝ වෛද්‍ය විද්‍යානුකූලව යම් පැහැදිලි කිරීමක් ලබා ගැනීමට අපි කල්පනා කළා.ඒ සඳහා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ මේ සම්බන්ධයෙන් අපට තම අදහස් ඉදිරිපත් කළා.

පුද්ගලයෙක් සමලිංගික වීමට හේතුවන කරුණු කාරණා කුමන ආකාරද?

මේ සඳහා විවිධ හේතු බලපැවැත්විය හැකියි. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් සමාජ සම්ප්‍රදායට,සංස්කෘතියට අනුව ජීවත් වුවද ජීවිතයේ විවිධ කාල වකවානු තුළදී විවිධාකර විපර්යාස වලට බඳුන් වීමට ඉඩ තිබෙනවා. ඒ අනුව ඕනෑම අයෙක් ඕනෑම අවස්ථාවක සමලිංගික සේවනයට ඇබ්බැහි වීමට ඉඩක් තිබෙනවා. විශේෂයෙන් අප රට පිළිබඳ කතා බහ කරනවිට රටේ සංස්කෘතියට අනුකූලව ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් නිදහසේ හමු වීමට , ලිංගිකව ඇසුරු කිරීමට පවතින අඩු ඉඩකඩ නිසාත් මේ වැනි ඇබ්බැහිකම් වලට බොහෝ විට පුද්ගලයා යොමු වීමට ඉඩ තිබෙනවා. නමුත් ස්ත්‍රි‍්‍රයක් නම් තවත් ස්ත්‍රියක් ආශ්‍රයට හෝ පුරුෂයෙක් නම් තවත් පුරුෂයෙක් ආශ්‍රය කිරීමට කිසිදු තහනමක් සමාජයෙන් ඇත්තේ නෑ. ඒ නිසා කාන්තාවන් කාන්තාවන් සමඟ ආශ්‍රය කිරීම හෝ පුරුෂයෙකුට පුරුෂයෙක් සමඟ ඇසුරු කිරීම එතරම් ප්‍රශ්නයක් නොවේ. ඒ වගේම නව යොවුන් වියේ සිටින අයට අත්දැකීම් ලැබීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ නිසා ඔවුන් තුළ පවතින කුතුහලය සහ ආශාව නිසාත් ප්‍රතිවිරුද්ධ ලිංගික ඇසුරට ඉඩ අඩු නිසාත් සමලිංගිකව ආශ්‍රය ලබාගෙන තමාගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට ඔවුන් බොහෝ දුරට උත්සාහ කරනවා. එවිට ඔවුන්ගේ මනසට ඇතිවන පීඩනය ඔවුන් එම අවස්්ථාව ලැබීම මඟින් මඟහැරී යනවා.තවත් සමහර පිරිසක් මුදල් ගෙවා තමාගේ ලිංගික අවශ්‍යතා ප්‍රතිවිරුද්ධ ලිංගිකයාගෙන් ඉටු කර ගැනීමට පෙළඹෙනවා. එවැනි අවස්ථාවකදී තමාගේ මුල්ම අත්දැකීම නිසා නිසි ආකාරව එය ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් ලැජ්ජාවට පත් වුවොත් නැවත ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙක් සමඟ සම්බන්ධ වීමට බියක් දක්වනවා. ඒ නිසා තම අවශ්‍යතාව තමාගේ සමීපතමයෙක් ගෙන් ඉටු කර ගන්නවා. අතීතයේදී මෙය යම් මානසික රෝග තත්ත්වයක් ලෙසින් සැලකූවද මේ වන විට ඇතැම් රටවල් නීති මඟින් සම්මතයක් බවට පත් කරගෙන යනවා. එසේ වුවත් ඇතැම් රටවල තවමත් මේ තත්ත්වය රෝගයක් හැටියටම සැලකෙනවා.

මෙහි විවිධ අවස්ථා මොනවාද?


සමහර අය කුඩා කාලයේ සිට තමා වැරදි ශරීරයක හිරවූ ආත්මයක් හැටියට කල්පනා කරනවා. මෙය උපතත් සමඟ සිදුවන තත්ත්වයක්. මෙය මනෝ වෛද්‍ය විද්‍යානුකූලව ට්ඥදඤඥප ධ්ඤඥදබඪබර ච්ඪඵධපඤඥප ලෙසින් හැඳින්වෙනවා. එවැනි පුද්ගලයන් තමාගේ ආත්මය වැරදි ශරීරයක හිර වී ඇති බව සිතන නිසා තමාගේ ඉන්ද්‍රියයන් දෙස බලන්නේ පිළිකුලෙන්. ඊට අනුකූලව උදාහරණයක් ලෙස යම් අයෙක් පිරිමි ශරීරයක් ඇතිව ඉපදුනද තමා සිතින් කාන්තාවක් යැයි සිතා සිටින නිසා වැඩි ආකර්ශනයක් දක්වන්නේ පිරිමි අයට. ඒ නිසාත් සමාන ලිංගිකයන් අතර සම්බන්ධතා ගොඩ නැගෙනවා. මෙවැනි තැනැත්තන් ඉතා දැඩි මානසික අර්බුදයකට මේ නිසා මුහුණපානවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ ලිංගික අවයව වෙනස් කර ගැනීමට වෛද්‍ය අනුමැතිය පවා හිමිවෙන අවස්ථා තිබෙනවා. ඒ අනුව ශල්‍යකර්ම මඟින් මෙරටදී හෝ වෙනත් රටකදී තමාගේ අවශ්‍යතාව අනුව ලිංගික ඉන්ද්‍රියය වෙනස් කරගෙන ජීවත් වෙනව තවත් පිරිසක් කුඩා කාලයේ තමාගේ ශරීරයට අනන්‍ය වූ ආකාරයෙන් හැසිරී කාලයක් ගත වූ පසු තමා වෙනත් ලිංගිකයෙක් කියා සිතන්න ගන්නවා. මේ සිදුවීම මානසික වශයෙන් යම් රෝග තත්ත්වයක් නිසා සිදුවන දෙයක්. ඔවුන් පසුකාලීනව ස්ත්‍රීයක් නම් පුරුෂයෙක් ලෙසත් පුරුෂයෙක් නම් ස්ත්‍රීයක් ලෙසත් හැසිරීමට උත්සාහ කරනවා. නමුත් මනෝ වෛද්‍ය උපදේශනයෙන් ඒ මානසිකත්වය මඟ හැරීමට හැකියි. මේ නිසාත් සමලිංගික හැසිරීමට ඉඩ තිබෙනවා.

තවද තමා නිවැරදිව තමා කුමන ලිංගිකයෙක්ද කියා දැනගත්තද ඔවුන්ගේ ආකර්ශනය ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ට වඩා සමලිංගිකයන් කෙරෙහි ඇදී යනවා. මෙය බොහෝවිට හෝමෝනවල යම් බලපෑමක් නිසාත්, ජානමය හේතු නිසාත් බොහෝ විට ඇති වීමේ ඉඩ කඩක් තිබෙනවා. මේ වැනි අවස්ථාවකදී එවැනි අයෙක් බොහෝ දුරට විවාහ වුණත් ඒ තැනැත්තාගේ සම ලිංගික ඇසුර නිසා විවාහ ජීවිතය අසාර්ථක වෙනවා.

මෙවැනි තත්ත්වයකදී ප්‍රායෝගිකව ඔවුන්ට මුහුණ දීමට සිදුවන ගැටලු මොනවාද?


කෙසේ වෙතත් මෙවැනි සම්බන්ධතාවකදී සමලිංගිකයන් වුවන් එහි සක්‍රීය සහ අක්‍රීය පාර්ශවයක් සිටිනවා. එහිදී සක්‍රීය පාර්ශවය බොහෝ දුරට සම ලිංගිකව වගේම ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සමඟද හැසිරෙනවා.මේ නිසා මෙවැනි සබඳතා බොහෝ විට ඔවුන් දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නෑ.මේ නිසා එම සමලිංගිකයන්ගේ දෙවැනි තැනැත්තා යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙනවා. ඊට හේතුව ඔහුට ප්‍රතිවිරුද්ධ දෙවැනි පාර්ශවයක් සමඟ නැවත් සම්බන්ධ වීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා දැඩි මානසික පීඩනයකට ලක් වී අවසානයේ විශාදය වැනි දරුණු රෝග අවස්ථාවන්ට පවා මුහුණ දීමේ ඉඩකඩක් පවතිනවා. ඒ නිසාම මොවුන් අවසානයේ සියදිවි පවා හානි කර ගැනීමට පෙළෙඔනවා.

ඉහත අවස්ථාවන්ට අමතරව සමහර අයට විශේෂයෙන් පිරිමි ළමයින්ට ඉහත සඳහන් කිසිදු ගැටලුවක් නොමැතිව ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් ආකර්ශණය කර ගැනීමේ නොහැකියාව නිසා සම ලිංගික ආශ්‍රයට යොමු වෙනවා.ඔවුන් දැඩි ලැජ්ජාව සහ බය නිසා ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ට තම අදහස් සංනිවේදනය නොකරනවා. එ වුණත් දැඩි අවශ්‍යතාව නිසා තමාගේ සමලිංගිකයන්ට එය සංනිවේදනය කිරීමට ඔවුන් උත්සාහ කරනවා. මේ නිසාද බොහෝ විට සමලිංගික බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.




ඉහත ලිපිය දිනමිණ ආරෝග්‍යා අතිරේකයේ පළවූ ලිපියකි. මුල් ලිපිය [You must be registered and logged in to see this link.]

Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26

සමලිංගික ඇසුර මානසික රෝගයක්ද? Empty Re: සමලිංගික ඇසුර මානසික රෝගයක්ද?

2013-12-22, 7:44 am
කෙනෙක් උපතින්ම සමලිංගිකයෙක් වෙන්නේ කොහොමද කියන එක​, ඔය කියන කිසිම අඩුපාඩුවක් නැතිව ගැහැණු ලමයි එක්ක පව සබඳතා තියාගත්තු, නමුත් කිසිම ලිංගික සබඳතාවක් පිරිමි කෙනෙක් එක්ක කවදාවත් නොතියපු කොල්ලෙක් තමන් සමලිංගිකයෙක් ලෙස හඳුනාගන්නේ කොහොමද කියන එක මෙතන සාකච්ඡාවෙලා නැද්ද​? නැත්නම් පළකරලා නැද්ද​?
කෙනෙක් උපතින්ම සමලිංගිකයෙක් වෙන්න බැහැ කියන එකද මෙයා කියන්න හදන්නේ?
එහෙම නැත්නම් ලංකාවෙ අයට හරියන විදියට තමන් ගේ ජාමෙ බේරගෙනද​?

"
තවද තමා නිවැරදිව තමා කුමන ලිංගිකයෙක්ද කියා දැනගත්තද ඔවුන්ගේ ආකර්ශනය ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ට වඩා සමලිංගිකයන් කෙරෙහි ඇදී යනවා. මෙය බොහෝවිට හෝමෝනවල යම් බලපෑමක් නිසාත්, ජානමය හේතු නිසාත් බොහෝ විට ඇති වීමේ ඉඩ කඩක් තිබෙනවා. මේ වැනි අවස්ථාවකදී එවැනි අයෙක් බොහෝ දුරට විවාහ වුණත් ඒ තැනැත්තාගේ සම ලිංගික ඇසුර නිසා විවාහ ජීවිතය අසාර්ථක වෙනවා."
කියල පුංචි වාක්‍යක් නම් තියනවා. නමුත් එක තමයි වෙන්න පුළුවන් අඩුම සම්භාවිතාව සහිත සිද්ධිය කියලද මෙතන කියන්නෙ?
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29

සමලිංගික ඇසුර මානසික රෝගයක්ද? Empty Re: සමලිංගික ඇසුර මානසික රෝගයක්ද?

2013-12-22, 4:47 pm
affraid  affraid  affraid  affraid  affraid  affraid
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12509
Member Since : 2013-05-31

සමලිංගික ඇසුර මානසික රෝගයක්ද? Empty Re: සමලිංගික ඇසුර මානසික රෝගයක්ද?

2013-12-22, 10:11 pm
hmmmm......................  :shock:
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11175
Member Since : 2013-02-06

සමලිංගික ඇසුර මානසික රෝගයක්ද? Empty Re: සමලිංගික ඇසුර මානසික රෝගයක්ද?

2013-12-24, 8:21 am
Message reputation : 100% (1 vote)
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා.

"........සමලිංගිකත්වය අපට කිසිම විටක රෝගයක් ලෙස සලකන්න බැහැ. ජානමය බලපෑම් ලිංගික චර්යාමය තත්ත්වයන් නිසයි මෙය සිදුවන්නේ......"
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11175
Member Since : 2013-02-06

සමලිංගික ඇසුර මානසික රෝගයක්ද? Empty Re: සමලිංගික ඇසුර මානසික රෝගයක්ද?

2013-12-24, 9:45 am
Message reputation : 100% (1 vote)
වෛද්‍ය දායනාත් රණතුංග
(UNAIDS)

කාන්තාවන්ට ආකර්ෂණය වන පුරුෂයන් මෙන්ම පුරුෂයන්ට ආකර්ෂණය වන පුරුෂයන් සිටිනවා. පුරුෂයන්ට ආකර්ෂණය වන කාන්තවන් මෙන්ම කාන්තාවන්ට ආකර්ෂණය වන කාන්තාවනුත් සිටිනවා. මෙම සංසිද්ධිය අපි සමලිංගිකත්වය ලෙස හඳුන්වනවා.
මෙම සමලිංගිකත්වය කියන සංකල්පය රෝම ශිෂ්ථාචාරයේ සිට ඉන්දියන් ශිෂ්ථාචාරය දක්වාමත් පැවති බව දැක්වෙනවා.
මෙම සමලිංගිකත්වය කියන සංකල්පය කාලාන්තරයක් තිස්සේ කොන් කිරීම් වලට හා වෙනස්කම් වලට ලක්වුණා.මේ නිසා මෙම පුද්ගලයෝ තමන්ගේ අනන්‍යතාවය හෙළි කරන්න බය වෙනවා.එමගින් ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම්, අවශ්‍යය සේවා ලබාගැනීම් ආදියේ අයිතීන් මගහැරී යනවා.
ඇමෙරිකාවේ ඇමෙරිකන් සයිකොලොජිකල් ඇසෝසියෙෂන් නමින් ආයතනයක් පවතිනවා.ඒ හරහා ඇතිවුණ දීර්ඝ සංවාද හා පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට 1980 වර්ෂයේ අගභාගයේ සිට සමලිංගිකත්වය තවදුරටත් රෝගයක් නොවන බව ඒ අය හදුන්වාදී තිබෙනවා.
sudumadu
sudumadu
+ 100 Posts
Mood : Lonely

City : Colombo
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 8144
Member Since : 2013-11-21

සමලිංගික ඇසුර මානසික රෝගයක්ද? Empty Re: සමලිංගික ඇසුර මානසික රෝගයක්ද?

2014-01-08, 3:53 pm
Sama lingikathwaya kiyanne oiy kathakarana tharam mahaloku vishesha deyak nemei. Virudda lingikayanta akarashanayak athiwenne yam seda a akarayenma sama lingikaye wethada akarshanaya wemak .. ahema nathuwa oka mahalokuwata kathakaranna ona siddhanthayak nemei.
Sponsored content

සමලිංගික ඇසුර මානසික රෝගයක්ද? Empty Re: සමලිංගික ඇසුර මානසික රෝගයක්ද?

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum